මේ කියන්න යන්නෙ ආදර කතාවක් නම් නෙමේ..
දුක තුනී කර ගන්න පුංචි කොල්ලෙක් දරන උත්සහයක ප්‍රතිඵලයක්..ඒක ආදර කතාවකට වඩා ගොඩක් වටියි උබට..
මොකද පරක්කු උනේ ??
වැඩ වගයක් තිබුනා පුතේ..කරලා ආවේ..ඒකයි වෙලා ගියේ...
බලන්නකෝ අප්පච්චි මං පැය භාගයක් විතර හිටං හිටියා..
අනේ මේ..නිකන් ඉදපං..පැය ගණන් නටන්න පුලුවන්..පැය භාගයක් හිටන් ඉන්න බෑ උබට...?
අප්පච්චි බඩගිනියි..මොනව හරි කන්න අරන් දෙනවද ??
සල්ලි කොහෙන්ද ඔච්චර කන්න ?? අම්ම ගෙදර බත් උයලා තියනවා..ගිහින් දෙන්නම කමු..මටත් බඩගිනියි..
ඔහු හිතින් තම පියාට බනිමින් යතුරුපැදියේ යන අතරතුර අවට සිරි නැරඹුවේය..සුළු මොහොතකට පසු යතුරු පැදිය නැවතූ පියා තම පුතාව කඩයකට රැගෙන ගියේය..
මල්ලෙ අපිට ආප්ප 5ක් එවන්න..
ආ සර් මෙන්න..
මොනවද බොන්න ඕනෙ උබට ??
ම්ම්ම්ම්...කොකා කෝලා ඕනි..
මල්ලි ප්ලේන්ටි එකයි, කොකා කෝලා එකයි දෙන්න අපිට..කීයද මල්ලි ??
120යි සර්..
ආ මෙන්න සල්ලි..
..........................
දැං බඩ පිරුණද ??
ආයෙත් අහලා ෆුල් ටෑන්ක්..කියමින් පියා සහ පුතා සිනා සෙමින් යතුරු පැදියට නැග්ගහ..
පුතේ අම්මටයි අයියටයි කියන්න එපා කඩෙන් කෑම නෑව කියල..ගෙදර ගිහින් බත් චුට්ටකුත් කමු අහ්..
අනේ මට බෑ..මීට වඩා කන්න නම් බෑ..මගෙ බඩ ෆුල්..
ආ එහෙමද ?? ආයි කඩෙන් කෑම නෑ එහෙනම්..බඩගින්නෙ ගෙදර ඇවිත් බත් කනවා..
අම්මෝ මෙයාගෙ සැර..හරි හරි..විහිලුවක් කලේ..කමු කමු..
..........................
තවත් දිනකදී පුතා පංතිය ඇරී පැයක් පමණ බලා සිටි අතර ඊට මද වේලාවකට පසු පියා පැමිණෙයි..
මොකක්ද අප්පා..අදත් පරක්කුයි..ඇයි හැමදාම පරක්කු වෙන්නේ ??
වැඩ පුතේ වැඩ..ඉවර කරලමයි ආවෙ..
වඩ වැඩ කියලා හරියනවද ?? මට බෑ හැමදාම හිටන් ඉන්න...ඔයාට මාවද වටින්න වැඩ ද වටින්නෙ ??
කිසිවක් නොපැවසූ පියා හිස් ආවරණය ඉහලට ඔසවා තම ඇසින් පිට වූ කදුලු පිසදමා ගත්තේය..
අප්පච්චි අඩනවද ??
නෑ පුතේ මග එද්දි ඇහැට රොඩ්ඩක් ගියා..ඒකයි..හරි හරි..දැං යං..මොනව හරි කන්නත් අරන් දෙන්නම්කො..
"අනේ යන්න ඔයා හොද නෑ"..කියමින් පුතා යතුරුපැදියට නැග්ගේය..
..........................
ටික කලකට පසු තම පියා පුතාට මෙසේ පවසයි..
පුතේ උබට බැරිද බස් එකේ පංති ඇරිලා එන්න ??
ඇයි ඒම ඇහුවේ ?? බයිසිකලේ තියාගෙන බස් වල එන්න ඕනි නෑ නෙ මං ?? ඔයා ඉන්නෙ...
නෑ..මට වැඩ තියනවනෙ..පුතාට හිටං ඉන්නත් බෑ නෙ..දැං ලොකු ළමයෙක් නෙ ඒවත් පුරුදු වෙන්න ඕනෙ නෙ..
හා ඉතිම් එහෙනම්..මං බස් එකේ එන්නම්..
මෙසේ සතියක් පමණ බසයේ තනිව පංති ගිය පුතා පියාගෙන් මෙසේ ඇසුවේය..
අප්පච්චි ඇයි ඔයා ගෙදර ඉදලත් මාව එක්කන් එන්න එන්නෙ නැත්තෙ ?? මේ ටිකේ වැඩ නෑ නෙ..??
ඇසටත් හොරෙන් ඇසින් නික්ම ආ කදුලක් පිස දමමින් පියා මෙසේ පැවසුවේය..
පුතේ ඒත් සමහර වෙලාවට වැඩ හම්බෙනවා ඒවට යන්න ඕනෙ..අනික පන්සලේ කඨිනෙත් ළග ළගම එනවනෙ..ඒකටත් මන් ඉන්න ඕනෙ නෙ..
ඇයි ඔයා ඉන්න ඕනෙ ??
ඇයි ළමයෝ ඒව පොදු වැඩනෙ අපේ ගමේ..ඉතින් මං ඉන්න ඕනෙ නැද්ද ??
හරි ඉතින්..ඇයි ඔයා අඩන්නෙ ??
ඇඩුවෙ කවුද ??
මං ඇඩුවේ...මගෙ ඇහෙන්නේ කදුලු එන්නෙ..ඔය ඔයානෙ අඩන්නෙ ?? මං අහන්නෙ ඇයි කියලා ??
පිස්සුද ?? ඇහැට මැස්සෙක් ගියා..
අදත් මැස්සෙක් ගියාද ??
ඔව්..නැතුව..?
කෝ ඉන්න මං බලන්න..
නෑ නෑ එපා එපා..ඔයා ගිහින් පාඩම් කරන්න ඒක අමාරු නෑ..
පියා බලෙන්ම තම පුතාව පාඩම් කරන්න යැයි පවසා පිටත් කර හැරියේය..
..........................
පාසල් යාමට සූදානම්ව සිටි පුතා තව පාසම් බෑගය දමා ගනිමින් " අප්පච්චි මං යනවා " යනුවෙන් පවසා නිවසින් පිටත් වීමට සැරසුණේය..
පුතේ පොඩ්ඩක් ඉන්න..මේ හෙට පන්සලේ කඨිනේ..මල් බයිසිකල් යන්න කැමති ද ??
ගත් කටටම " ඔව් ඔව්" කියා පුතා පැවසුවේය..
හරි..අද ඉස්කෝලෙ හිහින් එදෙදි මන් හදලා තියන්නම් ඔයාගෙ බයිසිකලේ ලස්සනට..
හ්ම්ම්..නියමයි..මං යනවා..බායි..
පුතේ.
ඕ ඕ..
කන්න සල්ලි තියනව ද??
සල්ලි ඕනෙ නෑ අප්පච්චි.අම්මා බත් එක දුන්නා..
ම්ම්ම්.. මේ රුපියල් 50න් මොනවහරි කන්න..තම පසුම්බියෙන් රුපියල් 50 කොලයක් තම පුතා දෙසට දිගු කරමින් තම පියා පැවසුවේය..
සා සා සා රුපියල් 50ක්..මං යනවා..තැංකූ ආ..මේ පරක්කු වෙනව...බායි..
හ්ම්ම්..බායි..
.....................
පාසල නිමවී පුතා කඪිනය වෙනුවෙන් කොඩි එල්ලීමෙන් සහ විසිතුරු බල්බ් වැල් එල්ලීමෙන් අලංකෘත වූ අවට පරිසරය දෙස නරඹමින් ද තම මල් බයිසිකලය බැලීමේ අරමුණින් ද ඉක්මනින් තම නිවස වෙත පියනැගුවේය...
ඒ වන විට නිවස ඉදිරිපිට කොඩි එල්ලමින් සහ අවට සුද්ද කරමින් සිටි මිනිසුම් පිරිසක් දුටුවේය..
"අපේ ගේ ගාව කොඩි එල්ලන්නෙ දැං..අපේ ගෙදරටත් කොඩියක් දා ගන්න ඕනෙ මාමා කෙනෙකුට කියලා" කියා තම සිතින් සිතමින් ඉක්මනින් නිවස වෙත පියමං කරන්නට විය..
අංකල් අංකල් ඇයි මේ සුදු කොඩි දාන්නෙ ?? අරෙහෙ එල්ලලා තියන කොඩි බෞද්ධ කොඩියෙ පාටනෙ ?? ඇයි මේ පැත්තට විතරක් සුදු කොඩි දාන්නෙ ?? කොඩි ඉවර වෙලාද ??
ඔ ඔ ඔ ඔ ඔව් පුතේ..
හ්හ්ම්ම් හ්හ්ම්..මේ කෝ අපේ අප්පච්චි ?? මට මල් බයිසිකලේ හදල තියනව කිව්වා...
ආ එහෙමද ?? එ එ එයා වැඩකට ගියා..රෑ එනව කි කි කිව්වෙ..
අනේ යන්න බොරු නොකියා..අද වැඩට යන් නෑ කිව්වා..කෝ අප්පච්චි ??
පු පුතේ තා තාත්තා නැ නැතිඋනා..
කිසිවක් සිතා ගත නොහැකි වූ පුතා " අනේ මේ යන්න විහිලු නොකර..කෝ අප්පච්චි ?? කෝ කෝ මට එයාව බලන්න ඕනෙ..කෝ එයා ?? කෝ දැං ?? තමුසෙ මොනවද මේ කියන්නෙ ?? කෝ මගෙ අප්පච්චි ??
ඔහුව නතර කර ගැනීමට හැකි වූයේ තම මවට පමණි..
අම්මෙ කෝ අප්පච්චි ??
කිසිවක් පැවසීමට හිතේ හයියක් නොතිබූ මව තම පුතාට කිසියම් දෙයක් ලියූ ලියුමක් ලබා දුන්නාය..
" පුතේ මේක තාත්තගෙ මේසෙ උඩ තිබුනේ.."
ඉහි ඉදිරිපස " මගෙ ආදරණීය පුතාට.." ලෙස ලියා තිබුණි...
ලියුම දිගහැර බැලූ පුතා කදුලු පිස දමමින් එය කියවූවේය..එහි මෙසේ සදහන් වී තිබුණි..
" ආදරණීය පුතා වෙත..,
පුතේ මට මෙහෙ කියන්න වෙනවට සමා වෙන්න..මම මේක ඔයාගෙන් හැංගුවටත් මට ගොඩක් සමාවෙන්න..මම කොයි වෙලාවක හරි සදහටම ඔයාව දාලා යනව කියලා දැනං හිටියත් ඒක ඔයාට කියන්න හයියක් තිබුනෙ නෑ..මං ඒක ඔයාට කියන්න කැමති උනෙත් නෑ...මොකද ඒක ඔයා දැනගත්තොත් මං ළගින් හෙලවෙන්නෙවත් නැති හින්දා..එතකොට ඔයාට විභාගෙ හරියට කරගන්න බැරි වෙන හින්දා..මට කැන්සර් එකක් තිබුණා..ඒක දන්නෙ මං විතරයි..
ඔයාව පංති දාලා මම එක්කන් එන්න පරක්කු උනේ මම ඉස්පිරිතාලෙට ගිය හින්දා..ඉස්පිරිතාලෙ ඩොක්ටස්ලා මට එන්න දුන් නෑ මට මහන්සි වෙන්න හොද නෑ කියලා...මගෙ පුතා පංතියෙ හින්දා මං බලෙන්ම ටිකට් කපං ආවේ ඔයාව එක්කන් යන්න...පුතා මට බැන්න..කමක් නෑ මං ඒකට තරහ නෑ..දැං ගෙදර ලොක්කා ඔයා..අම්මව හොදින් බලාගෙන හොදට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා පෙන්නන්න..මං බලං ඉන්නවා..කවදා හරි සසරෙ අපි ආයෙත් හම්බවෙයි..ඊළග ආත්මෙදි වත් මට පුතා එක්ක ගොඩක් කල් ඉන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..ඒකයි මගෙ එකම පැතුම.අපි ආයෙත් හම්බවෙයි මගෙ පුතේ..! අකමැත්තෙන් උනත් මට නවතින්න වෙනවා...මගෙ පුතාට තෙරුවන් සරණයි..."