ආත්මීය මතකයන්... (කෙටි කතාවක්)
............................................................
කකුල් දෙක රිදෙනවා හොදටම... කිලෝමීටර් 10ක් පයින් යනවා කියන එකත් සෙල්ලම් වැඩක් නෙවේ...
මිනිස්සුන්ගෙන් ටිකක් ඈතට වෙලා තනියම ඉන්න ලස්සන දිය ඇල්ලක් බලන්න ගිහින් දැන් තමා ගෙදරට ආවෙ... වෙලාවත් 8.00යි... කොහොම උනත් ආපු වෙලාවේ ඉදලා කල්පනා ලෝකෙක තනි වෙලා... කවදාවත් මෙහෙම වෙලා නෑ... ඒ රූපෙ මයි මතක් වෙන්නේ... බලන බලන පැත්තෙ එයාවමයි පේන්නේ...
ආ මගේ ගැන කියන්න බැරි උනානේ... මගේ නම අයේෂ් විශ්මිත... මල්ලිලා දෙන්නෙක් ඉන්න මම තමයි ගෙදර ලොකු අයියා... සාමාන්‍ය මධ්‍යම පංතියේ පවුලක් තමයි අපි... තාත්තා මාධ්‍යවේදියෙක්... අම්මා ගුරුවරියක්... තාක්ෂණ විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරලා රිසාල්ට් එනකන් තමා ඔය ඇවිද ඇවිද ඉන්නේ... විභාගේ ලියපු විදිහට නම් කෝමත් කැම්පස් එකට පැනගන්න පුලුවන් කියලා ශුවර් එකක් තියනවා... ඒත් ඉතින් කැමරාවකුත් එල්ලගෙන කැලෑ මැදින් දවස් ගනන් ඇවිද ඇවිද ෆොටෝ ගන්න එක තරම් දෙයක් ආය නෑ... අම්මා අරන් දුන්න කැමරාවටයි බයික් එකටයි පින් සිද්ද වෙන්න මට තනිකමක් නම් නෑ...
මගේ හොදම යාලුවා දනුක... ඌටත් මට දෙවෙනි නැති වෙන්නම ඒ පිස්සුව තියනවා... කෝමත් එක වල්ලේ පොල් එක වගේ කියනවනේ...
"ලොකු පුතා ගිහින් නාලා ඇවිත් කෑම කන්න... ඇවිදලා ඇවිදලා ඇවිත් ගද ගගහා නිදාගන්නද ලෑස්ති ඔය..."
අම්මා කතා කරාට පස්සේ තමයි කල්පනා ලෝකෙන් එලියට ආවෙ...
කෝම හරි ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියේ ඔක්කොම අමතක වෙන්න නා ගන්න කියලා හිතාගෙන... ඒත් මොන අමතක වීමක්ද එයාවමයි පේන්නේ...

"හෙලෝ උබ කොහෙද ඉන්නේ??? මන් ලෑස්ති වෙලා ඉවරයි පාරට එන්නද බන්..."
"ටිකක් හිටපන්... මේ මගුල ස්ටාර්ට් වෙන්නේ නෑනේ... ඇයිද මන්දා... ඊයෙ හවස හොදට තිබ්බනේ බන්... උදේම ලෙඩ දෙනවා... දැන් පැයක විතර ඉදලා ට්‍රයි කරන්නේ..."
"අඩෝ එහෙනම් අද ගමන ගොඩ දාන්න වෙයිද???"
"බෑ බෑ අද කොහොම හරි යන්නම ඕනි... බස් එකක වත් යමන්ද???"
"සෑහෙන්න දුර පයින් යන්න තියනවාලු බන්... අපි ඕක හදාගෙන හෙටම යමන්..."
"නෑ නෑ උබ පාරට වරෙන්කෝ... මන් බස් එකේ එන්නම්... බස් එක මොකකද කියලා මැසේජ් එකක් දෙන්නම්..."
"හරි බන් එහෙනම්... ඉක්මනට වරෙන්... තියනවා"
මේ ගමන අදම යන්න ඕනි උනේ ඇයිද මන්දා... මටත් පිස්සු... පලයන්කෝ දැන් පයින්...
ඉක්මනට යන්න ඕනි නිසා ඉස්සල්ලම ආව බස් එකට නැංගා... මහියංගනේ බස් එකක්... කෝම හරි දැන් බස් එකේ... දනුකයාටත් මැසේජ් එකක් දැම්මා...
ශිට් පලයන්කෝ හිටගෙන... එක සීට් එකක්වත් නෑ...
අඩේ උබටත් මේකටම නගින්න ඕනි උනානේ... බලපන්කෝ හිටගෙනනෙ යන්න වෙන්නේ දැන්...
හරි බන්... ඉක්මනට යන්න ඕනි නිසා නැංගේ... දැන් මොනා කරන්නද ඔහොම යමන්...
මහියංගනේ ටවුන් එකෙන් වතුර බෝතලේකුයි කන්න බොන්නයි අරන් අපි නුවර බස් එකකට නැංගා හසලකට යන්න...
කොහොම හරි හසලකට ඇවිත් යන්න ඕනි තැන බැලුවා... ආ අපි මේ යන්නේ කැලයක් මැද තියන ලස්සන ඇල්ලක් බලන්න... කලින් ගිහිනුත් නෑ තියන තැනක් දන්නෙත් නෑ...
කොහොම හරි ගූගල් මැප් එකේ පිහිටෙන් බාගයක් ආවා... එතනින් එහාට ඒක පෙන්නන්නේ නෑ... එතන ගෙදරක හිටපු ඇන්ටි කෙනෙකුගෙන් පාර අහගෙන අපි ආයෙත් ආවා...
හොදටම මහන්සියි... තව යන්න තියනවා... දොල පාරක් දිගේ අපි ආවේ... ඒකේ අවසානේ තමා අපි හොයන ඇල්ල තියෙන්නේ...
අම්මෝ ලස්සන... දැක්ක ගමන් මහන්සියත් නැති වෙලා ගියා... කවුරුත් නෑ... ආව වෙලාවෙ ඉදලා මෙතන ලොකු හුරුවක් දැනෙනවා... නිකම් මං මේ හැම දෙයක්ම මීට කලින් දන්නවා වගෙයි... අනේ මන්දා පිස්සුද කොහෙද මටත්... අපි දෙන්නා විතරයි මෙතන... අවුලක් නෑ අපි නාලා කාලා එහෙම ලස්සන ෆොටෝ ටිකකුත් අරගෙන යන්න ලෑස්ති උනා... මං එතනින් ආවෙ මොකක්දෝ තනිකමකින්...
කොහොම කොහොම හරි අපි භාගයක් විතර දුර ආවා... කකුල් රිදෙනවා දෙන්නගෙම හොදටම... වාහනයක් වත් නෑනේ... අරුත් මට බැන බැනම එනවා එක දවසක් ඉවසුවානම් මොකද කියලා...
හෙමීට හෙමීට අපි දෙන්නා හසලක ටවුන් එකට ආවා... දෙන්නටම කෙලින් ඉන්න පන නෑ... තේ එකක් බොන්න යන්න ලෑස්ති වෙනකොටම අනුරාධපුරයේ යන බස් එකක් එනවා... ඉතින් අපි තේ බොන අදහසත් ඇතෑරලා බස් එකට නැංගා...
අදනම් මහ කරුම දවසක්... මොකාව දැක්කද දන්නෑ උදේ පාන්දර... මේ බස් එකෙත් ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ... ඒ තරම් සෙනග... අරූ හොයන්න නෑ... මන් වටපිට බැලුවා... ඌ බස් එක මැදට ගිහිල්ලා... මටත් එක්ක ටිකට් ගත්තා කියලා ඌ කිව්වා... මාත් හා කියලා අද දවස ගැන කල්පනා කර කර ආවා...
මහියංගනෙන් සෙනග අඩුවෙයි කියලා චූටි බලාපොරොත්තුවක් තියාගෙන තමයි මං ආවේ... ඒත් ඒක බලාපොරොත්තුවක් විතරයි... මට පොලොව පලාගෙන යන්න හිතිලා හිටියේ...
"මහ කරුම දවසක්" මට විතරක් ඇහෙන්න කියපු එක ලග හිටපු දෙතුන් දෙනෙක්ටත් ඇහිලා මගේ දිහා බැලුවා... ශිට්... වස චාටර් එක... වැටෙන්නෙම ඔය වගේ තොප්පි තමා...
බස් එක යනවා... මං පිටිපස්සේ දොර ලග හිටගෙන ආවේ... මහියංගනේ පහුකරලා ටිකක් දුර යනකොට ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් බස් එකට නැංගා... මං පොඩි කාලේ ඉදලා කෙල්ලෝ ඇලජික්... ඒත් මං ඒ කෙල්ල දිහා දෙපාරක්ම හැරිලා බැලුවා... මොකක්ද අමුත්තක් තියනවා... කොහෙදි හරි දැකලා තියනවා වගේ මතකයක් තියනවා... මටත් හිතාගන්න බෑ මට මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... කොහොම හරි ඒ කෙල්ල ඇවිත් හිටගත්තේ මගේ ඉස්සරහෙන්මයි...
ලා නිල් පාට සාරියක් ඇදලා... අතේ පිරිත් නූලක් ගැට ගහගෙන රත්තරන් චේන් එකක් දාගෙන වම් අතේ මැද ඇගිල්ලට කලු පාට පබලු වලින් හැදුව රින්ග් එකක් දාලා හිටිය කෙල්ලගේ අහිංසක චාම් ලස්සනක් තිබ්බා...
මට පිටුපාලා හිටපු නිසා බස් එක යනකොට එයාගේ ලස්සනට ගැට ගහලා තිබ්බ කොන්ඩෙ මගේ මූනේ... වෙනදනම් මේ දේවල් වලට කැමති නැති මට අද මේ මොකක්ද වෙලා තියෙන්නේ... මං ඒ කොන්ඩේ ගාලා තිබ්බ තෙල් වලින් එන මිහිරි සුවද කාටවත් නොදැනෙන්න හෙමින් විදගත්තා... හැබැයි මොනා උනත් එයාගේ ඇගේ නොගෑවී ඉන්නනම් සෑහෙන්න දුකක් වින්දෙ මන්... ඔහොම යනකොට එක පාරටම ගහපු බ්‍රේක් පාරකින් එයා වැටෙන්න් ගිහින් මගේ ඇගේ එල්ලිලා තමයි බේරුනේ... අහිංසක විදිහට මගේ දිහා බලලා එයා සොරි කියලා කිව්වා... මන් හිනා උනාද කියලවත් මතක නෑ... ඒ ඇස් දෙකේ ලස්සන... ටිකක් කටකාර කොල්ලෙක් උන මං එයා ලග ගොලු වෙලා... මටත් පිස්සු...
අම්මෝ ඇති යන්තන් දැන්නම් කට්ටිය ගොඩක් අඩුයි... ඒත් තාම හිටගෙන... කකුල් දෙක බිම හරි ඉදගනින් කියලා කෑ ගහනවා... මට ඉස්සරහ සීට් එකේ ඉදගෙන හිටපු එක්කෙනෙක් නැගිට්ටා...
"අයියේ ඔයා ඉදගන්න... ඔයා අමාරුවෙන් වගේ ඉන්නේ..."
"නෑ කමක් නෑ නංගි ඔයා ඉදගන්න..."
මං එහෙම කිව්වට මගේ කකුල් දෙක ඉදගනින් බූරුවෝ කියලා කෑගහනවා... මොනා කරන්නද දැන් යමන්කො හිටගෙන... අරූටත් ඉදගන්න සීට් එකක් හම්බවෙලා... බෑග් එක නම් ඉදගෙන යන කෙනෙක් ලග... ඒත් මගේ ජීවිතේ වගේ කැමරාව මායි දනුකයයි විතරයි අල්ලලා තියෙන්නේ... මං ඒක අරූට දෙන්න යද්දිම අර අහිංසක කටහඩ ආයෙත් ඇහුනා...
"අයියේ කැමරාව දෙන්න... මං තියාගන්නම් ඔයා ඉදගන්නකන්..."
හීනයක් වගේ මං කැමරාව දීලා... මොකක්ද මේ මට වෙලා තියෙන්නේ...
දනුකයත් බැහැලා ගියා... කොහොම කොහොම හරි බහින තැනත් ආවා... එනකන්ම හිටගෙනනේ... කකුල් වෙව්ලනවා... මං බෑග් එකත් අරගත්තා... කැමරාවත් අරගෙන තෑන්ක් යූ කියලා කිව්වා... ඒ සුරංගනාවිත් අහිංසක විදිහට හිනා උනා...

නාලත් ඉවරයි... මහන්සියනම් අඩුයි දැන්... බත් කන්න කලින් ගත්ත ෆොටෝ ටික බලන්න කියලා හිතාගෙන කැමරාව දාලා තිබ්බ බෑග් එක ඇරියා... කැමරාවට උඩින් චූටි කොලයක්...
ඔයාට මාව මතක නැද්ද රත්තරන්...
මං ඔයාගේ කාව්‍යා... අංක 74, ජයන්ති මාවත, අනුරාධපුරය"
කව්ද මේ කොලේ මේකට දැම්මේ???
මං අන්තිමටම බලනකොට මෙහෙම එකක් තිබ්බේ නෑනේ... අර කෙල්ල වත්ද??? ඔව් එයා වෙන්න ඕනි... එයා ලග විතරයිනේ කැමරාව තිබ්බේ... ඒත් මට මුකුත් හිතාගන්න බෑ... ඔලුව තනිකරම පැටලුන නූල් බෝලයක්... කොලේ අනිත් පැත්තත් හරවලා බැලුවේ ෆෝන් නම්බර් එකක්වත් තියනවද කියලා... ඒත් ඇඩ්‍රස් එකක් විතරයි තියෙන්නේ...
පැයක් විතර කල්පනා කරා කව්ද ඒ කියලා... මොකක්දෝ හුරු පුරුදු ගතියක් දැනුනත් මතකයක් නෑ... මේ චිට් එකේ තියන විදිහට නම් හොදට දන්න කියන කෙනෙකුට වගේ ලියලා තියෙන්නේ... වැරදිලා දාලද දන්නේ නෑ... ඔව් එහෙම වෙන්න ඇති... ඒත් හිතේ මොකක්දෝ චකිතයක් තියනවා...
ට්‍රීං... ට්‍රීං...
අතරමං වෙලා හිටිය කල්පනා ලෝකෙන් එලියට ආවෙ ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා... දනුකයා...
"හෙලෝ... කියපන් බන්..."
"නිකන් ගත්තේ බන්... උබට අවුලක් නෑනේ... මගේ නම් කකුල් දෙක ඉදමිලා බන්... මං මේ නංගිට කියලා බාම් ටිකක් ගාගන්න ගමන්..."
"මගෙත් ටිකක් රිදෙනවා බන්... ඒත් ඉතිම් මට කොහෙද උබට වගේ වාසනාවක්... මට ඉන්නේ පෝරිසාදයෝ වගේ මල්ලිලා දෙන්නෙක්නේ... නංගිගෙන් අහපන් මගෙත් බාම් ටිකක් ගාලා දෙනවද කියලා..."
"අනේ බන් කෙල්ලෙක්ගෙ අතින් අල්ලන්න බය උබද ඔය කියන්නේ බන්... නිකන් හිටපන්... ආ මේ උබ අර ෆොටෝ බැලුවද??? අවුලක් නෑනේ... වින්ද දුකට හරියන්න වැඩක් කරගත්තා බන්... යන්න ඕනි ආය සැරයක්..."
"ආ ඒක නෙවේ බන්... පොඩි සීන් එකක්... හෙට උබ ගෙදරද???"
"ගෙදර ඉන්නේ බන්...ඇයි මොකෝ අවුල..."
"මෙහෙම කියන්න බෑ... මන් හෙට උදේ එන්නම්කො ඔය පැත්තේ..."
""ලොකු පුතූ... බත් කන්නේ නැද්ද???""
""ඉන්න අම්මා එන්නම්""
"අම්මා කන්න කතා කරනවා බන්... මන් යන්නම්... උබත් ඔය කෙල්ලට වද නොදී කාලා නිදාගනින්..."
"හරි හරි බන්... තියනවා එහෙනම්... හෙට වරෙන්... බුදු සරණයි... ගුඩ් නයිට්..."
"හරි බන්... බුදු සරණයි... ගුඩ් නයිට්..."
ඔක්කොමලම කාලා මං විතරයි කන්න ඉන්නේ...
"අම්මා... තාත්තා අද එන්නේ නැද්ද???"
කෑම මේසේ පුටුවක් ඇදගෙන වාඩි වෙන ගමන් මං ඇහුවෙ අද වුන දේවල් ගැන කල්පනා කරකර...
"නෑ පුතේ... අද මාතර යනවා කියලා කෝල් එකක් දුන්නා... හෙට රෑ වෙයි කිව්වා එද්දී..."
"හ්ම්ම්ම්ම්..."
"ඔන්න අද ආසම කෑම හදලා තියෙන්නේ... ඇවිද ඇවිද ඉන්නවා... උදේ ඉදලා හරියට කන්නත් නැතුව ඇති... කාලා ඉන්න දැන්..."
අම්මා ඇවිත් බත් එකක් බෙදලා දීලා සාලෙට යන ගමන් කිව්වා...
පොලොස් ඇඹුලකුයි, පරිප්පුයි හොද්දකුයි, බිම්මල් වෑංජනයකුයි, සැමන් මාලුයි... මගේ කෑම ලිස්ට් එකේ ඉහලම තැන ඉන්න අය... වෙනදට නම් අඩුම බත් පිගන් දෙකක්වත් කනවා... අද කන්න කිසිම පිරියක් නෑ... බත් එක අනනවා විතරයි... ඇග මෙතන උනාට හිත ගොඩක් දුර ගිහින්... අර චිට් එකමයි මතක් වෙන්නේ... ඔලුව හොදටම විකාර වෙලා...
"ඇයි කෑම රස නැද්ද???" අම්මා අහනකොට ගැස්සිලා ගියා...
"ඔය බත් කනවද කල්පනා කරනවද... සීතල වෙයි ඉක්මනට කන්න"
"අම්මා ඇගට හරි නෑ වගේ... අද කෑවා ඇති..."
"ඇයි පුතේ අසනීපයක්ද??? බත් කටවල් පහක්වත් කාලා නෑ... හෙට උදේම ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් එන්න..."
"ඕනි නෑ අම්මා... මහන්සිය නිසා වෙන්න ඇති... නිදාගත්තම හරියයි...
"අනේ අම්මපල්ලා මේ කොල්ලට බෙහෙත් පෙත්තක් පොවාගන්න තියන අමාරුවක්..."
මං අතත් සෝදගෙන අම්මට හිනාවෙලා කාමරේට ආවෙ නිදාගන්න කියලා... හිතේ ප්‍රශ්න තියෙනකොට නින්ද යන්නෙ නෑ කියලා අහලා තිබ්බට අද තමයි ඒක හරියටම දැනගත්තේ... පාන්දර එකට විතර යන්තම් නින්ද ගියා...
"ලොකු පුතේ..."
"ලොකු පුතේ..."
"ඇයී???"
"නැගිටින්න... මෙන්න සුනිල් මාමා ඇවිත් බයික් එක බලන්න..."
"අපරාදෙනේ මාමට කරදර කරේ... මං බලන්න හිටියේ නැගිටලා... කෝ දැන් මාමා..."
"අන්න ඉස්සරහා තේ බොනවා... ඉක්මනට මූන සෝදගෙන එන්න..."
"හ්ම්ම්ම්ම්ම්..."
"හා ඉලන්දාරියා... කොහොමද???"
"වරදක් නෑ මාමේ... මාමා ගොඩක් වෙලාද ඇවිත්..."
"නෑ දැන් ටිකක් වෙලා... යමුද බයික් එක බලන්න"
"යමු..."
"මේ ස්ටාර්ට් වෙන්නේ හොදට... මුකුත් අවුලක් නෑනේ"
ඊයේ පැයක් විතර ට්‍රයි කරලා ස්ටාර්ට් කරගන්න බැරි උන බයික් එක එක පාරින්ම ස්ටාර්ට් උනා...
"අනේ මන්දා මාමේ... ඊයේ පැයක් විතර බැලුවා ඒත් බැරි උනා ස්ටාර්ට් කරගන්න..."
"එන්ජින් එක කූල් වෙලා තියෙන්න ඇත්තේ... මාත් යන්නම් එහ්ව්නම්..."
"හොදයි මාමා ගිහින් එන්න..."
මාමා යනවිටම මමද කාමරයට දුව ගොස් හැකි ඉක්මනින් ඇදුමක් දාගත්තේ මගේ ප්‍රශ්න වලට උත්තර දනුක් ලගවත් තියනවාද කියා දැනගැනීමට යාමටයි...
කැමරාවත් චිට් එකත් රැගෙන අම්මා ලගට ගිහින් වැන්දා...
"අම්මා මං දනුකලාගේ ගෙදරට ගිහින් එන්නම්..."
ටිකක් ඉන්න පුතේ කියලා අම්මා කුස්සියට ගිහින් පාර්සලයක් අරගෙන ආවා...
"මේක ඇන්ටිට දෙන්න... උදු වලලු හැදුවා ඊයේ..."
"හ්ම්ම්ම්ම්... මං යනවා..."
"පරිස්සමෙන් ගිහින් එන්න... ඉගිලෙන්නේ එහෙම නෑ..."
විනාඩි විස්සකින් වගේ දනුකලාගේ ගෙදරට ගියා මං... දනුකලාගෙ අම්මා ගේ ඉස්සරහා... ඇන්ටිත් මට අම්මා වගේම තමයි... වෙනසක් නෑ...
"ඇන්ටි දනුක ඉන්නවද???" මං හෙල්ම්ට් එක ගලවන ගමන් ඇහුවා...
"මං මේ ඒත් කව්ද කියලා බැලුවේ... මේ අයේෂ් පුතානේ... ඉන්නවා පුතේ... ඔන්න කකුල් දෙක ඉදමිලා කියලා ඇදේ... නංගි බාම් ගානවා වෙන්න ඕනි..."
"ඇයි ඇන්ටි චුට්ටි අද ඉස්කෝලේ ගියේ නැද්ද???"
"නෑ පුතේ අද ගෙදර ඉදලා පාඩම් කරනවා කියලා හිටියේ..."
සනුදි කියන්නේ දනුකගේ නංගි... මේ අවුරුද්දේ තමයි O/L ලියන්නේ...
"ඇන්ටි අම්මා මේක දෙන්න කිව්වා..." ගෙනාව පාර්සලෙත් දීලා කෙලින්ම දනුකගේ කාමරේට ගියේ...
"ආ... ගෙදරට වෙලා ලෙඩ්ඩු බලාගෙන ඉන්නවා... ඉස්කෝලේ යන්න එපා... එතකොට හරියයි..."
දනුකගේ කකුල් දෙකේ බාම් ගගා හිටපු සනුදිගෙ නහය මිරිකන ගමන් තමයි මං එහෙම කිව්වේ...
"ආව් රිදෙනවා මෝඩයෝ... අත තියාගෙන ඉන්න බෑනේ..."
"ඔය ආදරේටනේ චුට්ටි... ඕකා කෙල්ලෙක්ට කියලා ඔහොම හරි වද දෙන්නේ තමුසෙට විතරයිනේ..."
දනුක එහෙම කිව්වෙ හිනාවෙන ගමන්... සනුදිත් හිනාවෙලා බිම බලාගත්තා...
"චුට්ටී... අයේෂ් අයියටයි මටයි සීනි චුට්ටක් දාලා ආදරේ ගොඩාක් දාලා රසම රස තේ එකක් හදාගෙන එන්නකෝ..."
"අන්න අම්මා තේ හදනවා... මාව යවන්න හදන්නේ මොකක් හරි රහස් කුමන්ත්‍රණයක් ඇති දෙන්නගෙ... ඉන්නවකො මං අල්ල ගන්නම්..." බොරු තරහක් මවාගෙන සනුදි යන්න ගියේ අපිට නිදහසේ කතා කරන්න ඉඩ දීලා...
" හරි දැන් කියපන්කෝ මොකෝ උබ අවුලෙන්..."
"මේක බලපන්කෝ"
මං සාක්කුවෙ දාගෙන් හිටපු චිට් එක දනුකට දෙන ගමන් කිව්වා...
"මොකක්ද බන් ඔය..."
"ඉස්සල්ලම ඕක බලලා හිටපන්කෝ..."
"හ්ම්ම්ම්ම්..."
""ඔයාට මාව මතක නැද්ද රත්තරන්... මං ඔයාගේ කාව්‍යා... අංක 74, ජයන්ති මාවත, අනුරාධපුරය""
"මොකක්ද බන් මේක???" දනුකගේ මූණෙ තිබ්බේ ප්‍රශ්නාර්ථයක්...
"ඒක තමයි බන් මටත් දැනගන්න ඕනි..."
"කියන මගුලක් තේරෙන්න කියපන්කෝ..."
මං ඊයේ උන හැමදෙයක්ම අකුරක් නෑර දනුකට කිව්වා...
"ඕක වැරදිලා දාන්න ඇත්තේ බන්... උබ ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා... අමතක කරලා දාපන්... ඕවද බන් මිනිස්සුන්ට තියන ප්‍රශ්න..."
ඒ තමයි දනුකගේ උත්තරේ...
"මටත් එහෙම හිතුනා බන්... අමතක කරන්න කොච්චර හැදුවත් ඒක අමතක වෙන්නේ නෑනෙ බන්... එයාම මැවි මැවී පේනවා... ඒ කටහඩම ඇහෙනවා... හොල්මනක්වත්ද දන්නෙ නෑ බන්... උබ දන්නවනේ මං හොල්මන් වලට බය නැති එකා කියලා..."
"ඔව් ඔව් ඒක දන්නෙ නැද්ද මං... බය නැති හින්දනේ හවස 6.00 පහු උනාම සොහොන පැත්තෙන් යන්නේ නැතුව අර කිලෝ මීටර් ගානක් දුර පාරෙන් යන්නේ..."
"හරි හරි ඒක නෙවේ මට කියපන්කෝ බන් මොකද්ද කරන්නේ මේකට"
"අපි බන් ඔය නිවාඩු දවසක් ඒ පැත්තෙ ගිහින් පොඩ්ඩක් සර්ච් පාරක් දාලා එමු... ඒ වැඩේ නැතත් ටිකක් ඇවිදලා හරි එන්න පුලුවන්නේ..."
"උබ කියනකන්ම මට ඒක ගානක් ගියේ නෑනේ... ඉක්මනට ඇදුමක් දාගනින්කෝ..."
"ඒ කොහෙ යන්නද බන්..."
"දැන් උබ කිව්වේ එහෙ යන්න... ඉක්මන් කරපන්..."
"මොකක්... ඇත්තටම පිස්සුද බන් උබට... මං කිව්වේ වෙන දවසක යමන් කියලනේ බන්... හරි උබට ඔච්චරම හදිස්සියි නම් හෙට යමන්කෝ..."
"පිස්සු තමයි බන්... ඒ පිස්සුව අදම හොද කරගන්න ඕනි... උබට බැරිනම් හිටපන්... මං ගිහින් එන්නම්..."
එහෙම කියලා මං හෙල්මට් එකත් අරගෙන යන්න හිතාගෙන සාලෙට ආවා... එතකොටම සනුදි තේ අරන් ආවා...
"මොකෝ මේ නැට්ට පාගගෙන දුවන්න හදන්නේ... මං දුක් මහන්සියෙන් හදපු තේ එකත් නොබීම..."
"හරියට මේකි හැදුවා වගේනෙ කියන්නේ..."
එහෙම කියලා සනුදි අතේ තිබ්බ තේ එක අරන් ඉක්මනට බොන්න ගත්තා...
"ඕක හෙමීට බොනවා... උදුරගෙන යන්න නෑ කව්රුත්..."
"අනේ අම්මාපල්ලා මේ කෙල්ලගෙ කටනම්" ඒ දනුකගේ අම්මා...
මං තේ එක බීලා ඉවර වෙනකොටම දනුකත් ඇදුමක් ඇදගෙන හෙල්මට් එකකුත් අරන් එලියට ආවා...
"ආ දනුක මහත්තයා... කොහෙද මේ යන්න ලෑස්ති... කකුල් අමාරුව කිය කිය නේද හිටියේ..."
"මොනා කරන්නද චුට්ටි... මාලුවා නහින්නේ කට හින්දා කියනවනේ... අද මටත් උනේ ඒ ටිකම තමයි..."
"උබට අමාරුනම් උබ හිටපන්... මං ගිහින් එන්නම් බන්..."
"නෑ නෑ මට අවුලක් නෑ... යමන්කෝ ඕක ඉවරයක් කරගෙන එන්න..."
"හ්ම්ම්ම්ම්ම්ම්..."
"අම්මේ... අම්මේ..."
"ඇයි චූටි පුතා..."
"මං අයේෂ් එක්ක අනුරාධපුරේට ගිහින් එන්නම්..."
"ඒ මොකටද ඒ"
"ඒක ගොඩාක් දිග කතාවක්... ගිහින් ඇවිත්ම කියන්නම්කෝ..."
"යන තැනක ගිහින් පරිස්සමට එන්න ඕනි..."
"හා අම්මේ... අපි යනවා..." දනුකයි මායි දනුකලාගෙ අම්මට වැන්දා...
"තුනුරුවන්ගේ සරණයි... පරිස්සමෙන් පුතේ..."
"චුට්ටී අපි යනවා"
"යනවා නෙවේ ගිහින් එන්නම් කියන්න අයියේ... දෙන්නම පරිස්සමෙන් ගිහින් එන්න..."
බයික් එකට නැගපු අපි දෙන්නා පැය දෙකකින් වගේ අනුරාධපුරේට ආවා...
වට ගහලා ගහලා සිය දෙනෙක්ගෙන් විතර පාර අහගෙන කොහොම හරි ඇඩ්‍රස් එකේ තිබ්බ ගෙදරට ආවා... තැඹිලි පාට තීන්ත ගාලා තියන ලස්සන චාම් ගෙදරක්... බයික් එක පාරේ අයිනකින් නතර කරලා අපි දෙන්නා ගෙදර මිදුලට ගියා...
"කාව්‍යා... කාව්‍යා..."
මං එහෙම කතා කරා... අවුරුදු 25ක වගේ ගෑනු කෙනෙක් ගෙදරින් එලියට ආවා... එයාගේ මූනෙ ගොඩක් කලබලෙන් ඉන්න ගතියක් පේන්න තිබ්බා...
"අක්කේ සමාවෙන්න කරදර කරාට මේ කාව්‍යාලගෙ ගෙදරද???"
"කව්ද ඔයාලා???"
මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් නොදී එයා අපෙන් ඇහුවා...
"අක්කේ මං අයේෂ්... මේ මගේ යාලුවා දනුක... මේ කාව්‍යාලගෙ ගෙදරද???"
"ඒත්... ඔව් මේ එහෙ තමයි..."
"කාව්‍යා ගෙදර ඉන්නවාද??? ඇයි ඒත් කියලා නැවැත්තවේ???"
"නංගි පන්සලට ගියා... තව ටිකකින් එයි... ඔයාලා කොහොමද ඒ නම දන්නේ???"
මායි දනුකයි මූනෙන් මූන බලාගත්තා...
"ඒ කිව්වේ අක්කේ???"
"හරි එන්නකෝ ඉස්සල්ලම ගේ ඇතුලට..."
දනුකයි මායි ගේ ඇතුලට ගියා...
දැන් කියන්න කොහොමද නංගිව දන්නේ??? ඇයි මෙහෙ ආවේ???"
මං අර කොලෙත් එයාට දීලා මුල ඉදලා උන හැම දෙයක්ම කිව්වා...
"හ්ම්ම්ම්ම්... මල්ලි වැරදියට හිතන්න එපා... අපේ නංගිට මානසික අසනීපයක් තියනවා පොඩි කාලේ ඉදලම... එයාගේ නම පහන්දි... එයාට අවුරුදු පහේදි වගේ ඉදලා තමයි එහෙම උනේ... එයා කියන්නේ එයාගෙ නම දැහැමි කියලා... දැහැමි කාව්‍යා... අපි ගොඩක් තැන් වලින් බෙහෙත් අරන් බැලුවා... ඒත් එයා ගොඩක් විකාර දේවල් කියවනවා... තනියම බලාගත්තු අතේ බලාගෙන කල්පනා කරනවා... වතුරට ගොඩාක් බයයි... හීනෙන් බයවෙලා කෑ ගහනවා... පන්සලේ හාමුදුරුවෝ කිව්වා පුලුවන් හැම වෙලාවකම පන්සලට එන්න කියලා... ඔය දැනුත් අම්මත් එක්ක පන්සලට ගිහිල්ලා..."
"අනේ මගේ දහම් අයියේ ඔයා ආවද මාව හොයාගෙන..." එහෙම කියාගෙන ආව කෙල්ල මගේ කකුල් දෙක බදාගෙන අඩන්න ගත්තා...
කනට ගැහුවා වගේ මොකක්ද මේ උනේ... මට දනුකගෙ මූන බැලුනෙ ඉබේටම වගේ...
"චූටි දුව නැගිටින්න... මොකක්ද ඔය කරන විකාර වැඩේ..." එහෙම කියලා පහන්දිගේ අම්මා එයාව බලෙන්ම පුටුවක ඉද ගැස්සුවා...
"අනේ සමාවෙන්න පුතේ... මගේ චූටි දුව මේ... මගේ දුවට පොඩි අසනීපයක් තියනවා... ඒත් කවදාවත් කවදාවත් මෙහෙම හැසිරිලා නෑ..."
"අනේ අම්මේ මට පිස්සු නෑ... මේ ඉන්නේ මගේ දහම් අයියා... ඔයාට මාව මතක නැද්ද අයියේ..."
අඩ අඩම පහන්දි එහෙම කිව්වා...
අපි කාටවත්ම මුකුත්ම හිතාගන්න බැරුව ඉන්නකොට පහන්දි ආයෙත් කතා කරන්න පටන් ගත්තා...
"මට ඔයාව ගිය ආත්මෙත් නැති උනා අයියේ... මේ ආත්මෙදිනම් මං ඒක වෙන්න දෙන්නේ නෑ..."
මොකක්ද මේ වෙන්න යන්නේ... දැන්නම් ටිකක් බයත් හිතෙනවා... ඇගේ ලේත් රත් වෙනවා වගේ... මං ඔය වගේ කතා පොඩි කාලේ ඉදලම විශ්වාස කරේ නෑ... ඒත් දැන් මට මේක දැනගන්න ලොකු උවමනාවක් තියනවා...
"ඔව් අයියේ... මං කියන්නේ ඇත්ත... ඔයාට ඒවා අමතක වෙලා ඇත්තේ... ඒත් මටනම් හොදට මතකයි..."
"අම්මේ... මං ඔයාලට මේ මුකුත් කිව්වේ නැත්තේ ඔයාලා ඒ කතාව විශ්වාස කරන්නේ නැති නිසා... මට පිස්සු කියලා හිතාගෙන ඉන්න නිසා... ඒත් දෙයියනේ මට පිස්සු නෑ..."
" ඔයා ඒ කතාව දැනගන්න කැමතිද දහම් අයියේ..."
එහෙම කිව්වේ මානෙල් මල් දෙකක් වගේ ලස්සන අහිංසක ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන... ඒ ඇස්වල දුක අතරින් එලියට ආව අහිංසක සතුටකුත් පේන්න තිබ්බා...
"ඔව් කියන්න... මං කැමතියි ඒක දැනගන්න..."
"ඔයාලා මාව විශ්වාස කරත් නොකලත් මං දන්නවා මගේ දහම් අයියා මාව විශ්වාස කරනවා කියලා..."
එහෙම කියලා පහන්දි කතාව කියන්න පටන් ගත්තා...

මගේ නම දැහැමි... දැහැමි කාව්‍යා... අයියලා දෙන්නෙක් ඉන්න ගෙදර මම තමයි බඩපිස්සි උනේ... ඒ නිසාම ගෙදර අය මට ගොඩක් ආදරේ කරා... එතකොට මට වයස අවුරුදු 16... සාමාන්‍ය පෙල ලියලා රිසාල්ට් එනකල් නොයිද අම්මගේ වදේටම උසස් පෙල විද්‍යා විෂයන් වලට නුවර ක්ලාස් යනවා... අම්මගේ වදේට මැත්ස් කරත් මට ආසාව තිබ්බේ ඉතිහාසය කරලා පුරාවිද්‍යාඥවරියක් වෙන්න...
මගේ තාත්තා සාමාන්‍ය පාසලක විදුහල්පතිවරයෙක්... අම්මා නම් ජොබ් එකක් කරේ නෑ... ලොකු අයියා ජ'පුර විශ්වවිද්‍යාලයේ 4 වෙනි අවුරුද්දේ... පොඩි අයියා නම් මැත්ස් කරලා මේ අවුරුද්දේ තමයි මොරටුව විශ්වවිද්‍යාලයට තේරුනේ... ඒ නිසා තමයි අම්මට මාවත් පොඩි අයියගේ අඩි පාරේ යවන්න ඕනි උනේ... මගේ ගම උනේ දෙහිඅත්තකණ්ඩිය... ඔය වගේ පවුල් පසුබිමක තමයි මං හැදුනේ වැඩුනේ...
දවසක් මම ක්ලාස් ගිහින් එනකොව O/L පන්තියේ හිටපු යාලුවෙක් හම්බවුනා... එයත් ක්ලාස් එකකට ගිහින් එන ගමන් මහියංගනේ... එයාගෙන් මං ගැන ඔයා අහලා තිබුනා... එයා තමයි මට ඔයා ගැන කිව්වේ... කොහොම හරි ගෙදරට යන්න කලින් ඔයා ගැන මොකක්දො කැමැත්තක් මට ඇති කරවලා තමයි එයා යන්න ගියේ... ඒ ආදරේද කියලනම් මට එදා හිතාගන්න බැරි උනා... ඔහොම ඔහොම දවස් තුන හතරක්ම ඔයා ගැන මට යාලුවා කිව්වා... මටත් හොරාම මං ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන... එතකොටත් මං ඔයාව දැකලා තිබුනේ නෑ...
එක දවසක් ඔයාගෙ ෆෝන් නම්බර් එක අරගෙන මං ඔයාට මැසේජ් එකක් දැම්මා... ඔයා ඔයාගෙ හිතේ තියන හැමදෙයක්ම කියලා මට දිග මැසේජ් එකක් දැම්මා... ඔයා හිටියේ අපේ ගමට එහාපැත්තේ ගමේ... මං ඔයාට කිව්වා ඔයාව බලන්න ඕනි හෙට එන්න කියලා... එදා ඔයා තව යාලුවෙකුත් එක්ක තමා ආවෙ... මං ඔයාට කිව්වා මට පොරොන්දු තුනක් වෙන්න පුලුවන්නම් මං ඔයාට කමති වෙන්නම් කියලා... ඒවා තමයි... කවදාවත් බොන්න බෑ... යාලුවොත් එක්ක රවුම් ගහන්න බෑ... වෙන කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්න බෑ කියලා... ඔයා එතකොටත් එතනින් දෙකක් රකිනවා කියලා මං දැනගෙන හිටියේ... ඔයා කිව්වා මං ඕකෙන් දෙවෙනි වැරැද්ද කරනවා... මං ඒකත් හදාගන්නම් කියලා... මාර්තු 18... අද දවස එහෙම අමතක කරනවකො බලන්න කියලා මං ඔයාට තර්ජනය කරලා තමයි එතනින් ගියේ... ඔතනින් පටන් ගත්ත අපේ ආදරේ කවදාවත් අඩු උනේ නෑ...හැමදාම වැඩි උනා විතරයි... ඒත් ඔයාට ඒ දෙවනි වැරැද්ද නම් කවදාවත් හදාගන්න බැරි උනා... ඒ තරමට ඔයාට යාලුවෝ හිටියා...
ඒත් මාස 06කට පස්සේ අපිට ප්‍රශ්න එන්න පටන් ගත්තා... ඒ අපේ ගෙදරට අපි ගැන ආරන්චිවුන දවසේ ඉදලා... පොඩි අයියා වැස්ස දවසක මට එලියේ දාගෙන තුවාල වෙනකල්ම ගැහුවා... ඒ තුවාල දැක්කට පස්සෙ ඔයාටත් නොදැනිම ඔයාගෙ ඇස් දෙකෙන් කදුලු පේලි දෙකක් ගලාගෙන ගිය හැටි මට තාමත් මතකයි... මොන ප්‍රශ්න ආවත් අපේ ආදරේ වැඩි උනා මිසක් අඩු උනේ නෑ...
එතකොට මං ආර්ට් කරේ... කොහොම හරි අම්මව ඒකට කැමති කරගෙන හිටියේ... අපි ක්ලාස් ගියේ එකට... ඒ මහියංගනේ... ඔයා ක්ලාස් ඉවරවෙලා මං එනකල් බලාගෙන ඉන්නවා පැය ගානක්...
ඔහොම ක්ලාස් යන දවසක ඔයා මගෙන් ඇහුවා හැංගිලා තියන ලස්සන දිය ඇල්ලක් තියනවා බලන්න යමුද කියලා... මම ටිකක් බයෙන් උනත් ඒකට කැමති උනා.... මොකද මට ඒ තරමටම ඔයාව විශ්වාසයි... ඔයා කවදාවත් මට නරකක් වෙන්න දෙන්නේ නෑ කියලා මං දැනගෙන හිටියා... අපි දෙන්නා දිය ඇල්ල බලන්න ගියා... අපි ගොඩක් දුර ඇවිද්දා... ඒත් මහන්සියක්නම් නෑ... ඔයාගෙ අතේ එල්ලිලා පිස්සු කතා කියව කියව අපි ගියා...
අපි ඇල්ල ලගටම ගියා... කව්රුත් එහෙ හිටියේ නෑ... අපි දෙන්නා එතන හැම තැනකම ඇවිද්දා... ටිකක් කැලේට වෙන්න කාටවත් පේන්නෙ නැති ගල් ගුහාවක් තියනවා ඔයා දැක්කා... අපි එතනට ගියා... ඒකෙ අයිනෙන් ලස්සන දියපාරක් ගලාගෙන යනවා... දිය ඇල්ලත් එතනට තරම් ලස්සනට වෙන කොහෙටවත් පේන්නේ නෑ... අපි එතන ඉදගත්තා...
මං ඔයාගෙන් එදා හාදුවක් දෙන්න කියලා කොච්චර නම් ඉල්ලුවද... ඒත් ඔයා කිව්වේ ඒවා ඔයා මගේ උනාට පස්සේ තමයි සුදු අම්මි කියලා... ඔහොම පැය දෙකක් විතර අපි එතන ඉදලා ආය ගෙදර ආවා... ඔහොම ඔහොම අපි මාසෙකට දෙපාරක් වගේ එතනට ගියා එතන නිදහසට අපි ගොඩක් කැමතියි... එතන අපේ ගෙදර වගේ වෙලා තිබුනේ අපිට...
ආයෙත් අපිට ප්‍රශ්න එන්න පටන්ගත්තා... ඒ ඔයාලගෙ ගෙදරට අපි ගැන ආරංචි උන දවස... ඔයා අම්මට කවදාවත් බොරු කියන්නේ නෑ... අම්මට ඔයා එදා අපේ සම්බන්දේ නවත්තනවා කියලා පොරොන්දු වෙලා... ඔයාගෙ තාත්තා ගොවිතැන් කරේ... ඒත් ඔයාලට සල්ලි වලින්නම් අඩුවක් තිබ්බේ නෑ...
තව දෙයක්... ඔයාගෙ අම්මයි තාත්තයි අපේ තාත්තගෙන් ඉගෙනගත්ත අය... ඒක තමයි අපේ ආදරේ බාරගන්න බැරිවෙන්න එයාලට තිබ්බ එකම හේතුව...
ඔයා අම්මට උන පොරොන්දුව මගේ හිත රිදෙන නිසා කඩලා දැම්මා... ඒත් ඔයා ඒකට හිතින් දුක් උනා... ඔහොම අපි කාටත් හොරෙන්ම තව මාස දෙකක් විතර සතුටින් හිටියා... ඒත් වැඩිය හම්බවුනේනම් නෑ... එහෙමත් දවසක තමයි අපි ඇල්ල ලගට ගියේ...
ඒත් දවසක අපේ ආදරේට කනකොකා ඇඩුවා... ඒ ඔයාගෙ යාලුවාගෙ ගෑණු ළමයා අපේ අම්මට අපි ගැන කේලමක් කියලා තිබ්බ දවස... එදා මට හොදටම ගැහුවා... කවදාවත් මට අතක් උස්සලා නැති තාත්තත් ගැහුවා... ගහලා ගහලා ඔයා මට උපන්දින වලට දීලා තිබ්බ තෑගි ගැන එහෙමත් දැනගත්තා... ඊට පහුවෙනිදා උදේම තාත්තා ඒ තෑගි ටිකත් අරගෙන ඔයාලගෙ ගෙදරට ගියා... ඔයාලගෙ අම්මටත් හොදටම බැනලා තමයි තාත්තා ඇවිත් තියෙන්නේ... එදා රෑම මං ඔයාට දීපු තෑගි ටිකත් අරගෙන ඔයාලගෙ තාත්තා අපේ ගෙදර ආවා...
"සමාවෙන්න සර්... මගේ පුතාගෙන් ආය කරදරයක් වෙන්නේ නෑ..." ඔයාගෙ තාත්තා එහෙම කියද්දි මට හොදටම ඇඩුනා... එහෙම කියලා ඔයාගෙ තාත්තා යන්න ගියා...මං එදා රෑ එලිවෙනකල්ම ඇඩුවා...
පහුවදා ඔයා කොහොම හරි අපේ ගෙදර කවුරුත් නැති වෙලාවක ඇවිත් මට මෙහෙම කිව්වා... "සුදු අම්මි අපිට කවදාවත් එකතු වෙන්න වෙන්නේ නෑ... අම්මා මට කිව්වා ඔයාව හරි අම්මව හරි තෝරගන්න කියලා... ඔයාව තෝරගන්නවානම් අම්මා මැරෙනවා කියලා කිව්වා... මට අම්මා මැරෙනවා බලන්න තරම් ශක්තියක් නෑ... මට සමාවෙන්න පන... මොන දේ උනත් ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න..." එහෙම කියලා ඔයා යන්න හැරෙද්දි මං ඔයාගෙ අතෙන් අල්ලලා කිව්වා හෙටට විතරක් හරියටම 1.00 වෙද්දි ඇල්ල ලගට ඇවිත් ඉන්න කියලා... එහෙම කියලා මං ඔයාට යන්න දුන්නා... ඔයා හැරෙන්නෙවත් නැතුව ගියේ ඔයාගෙ ඇස්වල කදුලු මට පෙනෙයි කියලා...
මං එදා දවසම ඇඩුවා... රෑ එලිවෙනකමුත් ඇඩුවා...
පහුවෙනිදා 12.00ට විතර මං හැමෝටම හොරෙන් ඇල්ලට ගියා... එතනට ගිහිනුත් හොදටම ඇඩුවා... 12.30ට විතර ඇති...
"අවසානෙට මට ඔයාව කොහොමත් නැතිවෙනවා කියලා මං දන්නවා මගේ රත්තරන් අයියේ... මට සමාවෙන්න..."
එහෙම හයියෙන් කෑගහලා කියලා මං දිය ඇල්ලෙන් පහලට පැන්නා... මගේ අයියත් එනගමන් ඉදලා තියෙන්නේ... මං කෑගහන සද්දේ ඇහිලා දුවගෙන ඇවිත් මොනාද උනේ කියලා ඔයා බැලුවා... "ඇයි වස්තුව මෙහෙම කරගත්තේ" මට එච්චරයි ඇහුනේ... ඔයා මාව බේරගන්න හිතාගෙන ඇල්ලට පැන්නා...
කොහොමහරි ඔයා මාව අල්ලගත්තත් අපිට බේරෙන්න බැරිබව අපිට තේරුනා...
"මට සමාවෙන්න මගේ අයියේ... මං ඔයාගේ ජීවිතෙත් නැතිකරා"
"මේ ආත්මෙදි අපිට එකතුවෙන්න බැරි උනාට ලබන ආත්මෙදි ඔයාව මගේම කරගන්නවා..."
ඒ තමයි ඔයාගෙයි මගෙයි අන්තිම වචන ටික...

පහන්දි ඒ වචන ටික කියලා ඉවර කරේ ඉකි ගගහා අඩමින්... පහන්දිගේ අක්කා, අම්මා,දනුක ඒ හැමෝගෙම ඇස් වල කදුලු පිරිලා...
මගේ ඇස් දෙකෙමුත් ඉවරයක් නැතුව කදුලු කැට කඩා වැටෙනවා...
මං ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටිලා ගිහින් පහන්දිව හයියෙන් බදාගත්තා... මුලු මූනම සිප ගත්තා...
"මේ ආත්මේ විතරක් නෙවේ මතු උපදින හැම ආත්මෙකම ඔයා මගේ විතරයි... මගේම විතරයි... ආදරෙයි ගොඩාක් "
...හැමෝගෙම දුක්මුසු කදුලු සතුටු කදුලු බවට පත් උනේ නිමේශයකින්...
නිමි.
----------------------
ටජ් මහල් සෑදීමට නොහැක...
ආදරයේ විරහව නැතිකරගැනීමට
කල අහිංසක වෑයමකි...
අවසරයි...

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.