මොහොතක් නතර වෙලා කියවලා යන්න...
කෙටි කතාවක්.
" මනාලියක් වී...."
"අනේ...ගහන්න එපා නැන්දේ ගහන්න එපා..මං මුකුත් කරේ නෑ නැන්දේ...”
නැන්දා මගේ කොණ්ඩෙත් ඇදලා අරන් ගහගෙන ගහගෙන යද්දි මම කෑ ගහලා මර ලතෝනි දෙන්න පටන් ගත්තේ වේදනාව ඉවසන්න බැරුව.
"ගහන්න එපා...ඇයි...? උබේ අම්මගේ අප්පාගේ බූදලේද අහ්... හිතුන හිතන වේලාවට වළං මුට්ටි බිම දාන්නේ ඈ..යකෝ... මහා ගැණි වල පල්ලට ගියා... මහා මිනිහා උබලාගේ බී බී ඇවිදිනවා... එවාට අපි පලි වගේනේ උබ මෙතන හැසිරෙන්නේ..."
නැන්දත් යක්ෂනියක් වගේ කෑගහන්න ගත්තේ මුළු පලාතටම ඇහෙන්නයි…
"අනේ නෑ...නැන්දේ මං මුකුත් කරේ නැ..නංගි මගේ ඇඟේ හැ..ප්....පු..."
වචනේ ඉවර කරන්න හම්බ උනේ නෑ නැන්දා මට තඩි බාගේන බාගේන ගියා.
උබ මගෙන්ම කාලා මගෙන්ම ඇඳලා උබ කවුද බැල්ලි මගේ ළමයාට අනං මනං කියන්න... ඉදපන්... අද මම උබට කන්න දෙන්නේ නෑ බැල්ලි…
නැන්දා එහෙම කියලා යන්න ගියා. නැන්දාගේ දුව කාමරේට ගියෙත් මට ඇද කරගෙන.
මමත් අමාරුවෙන් කාමරේට ආවේ අඩ අඩ.
මම පියුමි.කොළඹ උසස් පාසලක, A/L කරලා results එනකම් නැන්දාගේ ගෙදර වැටිලා ඉන්නවා. තාත්තා විතරයි මට ඉන්නේ. එයාත් බොනවා..බීලා මෙලෝ සිහියක් නෑ රෑට ගෙදර එනවා. ඒකටත් නැන්දාගෙන් එයා හොඳටම බැනුම් අහනවා.මගේ අම්මා නැතිවුනේ මීට අවුරුදු 4කට කලින්.යන්න එන්න තැනක් නැතුව ඒකයි මට මෙහෙට එන්න සිද්ධ උනේ. නැන්දාට ඉන්නවා මට වඩා එක අවුරුද්දක් බාල දුවෙක් එක්ක 4 වසරේ ඉගෙන ගන්න පුතෙක්. නැන්දාගේ මහත්තයා ඇත්තටම ගොඩක් හොඳයි. ඒත් එයා නැන්දාට බයයි. මට ගහද්දී බනිද්දී එයා තමයි හිත හැදෙන්න හරි මට තියෙන එකම සරණ. එදා ඉඳලා නැන්දා මාත් එක්ක තරහායි. පෙනුමෙන් වගේම ඉගෙනීමේනුත් එයාගේ දුවට වඩා මං ඉස්සරාහින් ඉන්න නිසා. ඒක මං කිව්වේ ලොකුකමකට නෙමෙයි. ඒත් ඒකයි එයාලා මට වෙනස්කම් කරන්නේ...ඒත් මං එයාලා එක්ක තරහා නෑ...මට ඕනේ ඉක්මනට මට කියලා දෙයක් කරගන්න. එයාලාටත් සලකන්න.
අතපය හොඳටම මගේ තැලීලා තිබ්බා. හෙමින් මංම අත ගා ගත්තා.
“ ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ...මාවත් අම්මා ගාවට ඉක්මනට ගන්නකෝ දෙයියනේ .. මට මෙහෙම තවත් ඉන්න බෑ අම්මේ...මාවත් ඉක්මනට ඔයා ගාවට ගන්නකෝ.. මෙහෙන ඉන්නවටබ්වඩා නට මැරෙන එක හොඳයි මගේ අම්මේ...”
එවෙලේ මට දැනුනේ මේ ලෝකේ වැඩියෙන්ම අසරණ උන කෙල්ල මං කියලා.
මගේ ජිවිතේ හැමදාම ගුටි කකා බැනුම් අහා අහා ගෙවිලා ගියා. ඔය අතරේ තමයි මගේ A Level Results ආවේ. ඒක බලන්න ස්කෝලේට යන්න ඕනේ කිව්වාම නැන්දා කිව්වේ;
ඕක..බලලා උබ මොනා කරන්නද..? ඇයි උබ කැම්පස් යන්නද...? තව ටික දවසකින් උබව මං කසාද බන්දනවා... මේ කරුම ගෙවන්න බෑ අපිට තවත්... අපෙත් ළමයි ඉන්නවා... උන්ගේ අනාගතේ බලන්න ඕනේ අපි...”
නැන්දාගේ කතාවට මගේ ඇස් උඩ ගියා.
"අනේ..නැන්දේ ටිකක් බලලා විතරක් එන්නම්...යාළුවෝ හැමෝම එනවා..අනේ නැන්දේ..."
මම නැන්දාගේ කකුල් දෙක අල්ලලා කිව්වත් නැන්දාට එච්චර උවමනාවක් තිබ්බේ නැ. මොකද නැන්දා දන්නවා මං පාස් ඇති. මම තව ඉගෙන ගන්නවට නැන්දා කැමති නෑ.
" එක පාරක් මං උබට කිව්වා නේද..? රෑට කඩයප්පන් හදන්න ලැස්ති කරපන් ගිහින් දැන්.."
මම අඬ අඬ කුස්සියට ගියා..මොනවත්ම නොකියා කඩයප්පන් හදන්න දේවල් ලැස්ති කරා.
එතකොටම නැන්දාගේ යාළුවෙක් ගෙදර ආවේ මගේ results අහන්න බලාගෙනමයි. එයාගේ දුවයි මමයි එකම වයසේ, එකම ඉස්කෝල, හරියට යාළුවෝ වගේ....එයා තමයි පවනි...
" තුශාරියෝ...කෝ අපේ පියුමි කෙල්ල...."
තුශාරි කියන්නේ මගේ නැන්දාගේ නම. මගේ ඉහේ මලක් පිපුනා වගේ පවනිගේ අම්මායි පවනියි ඇවිල්ලා ඉන්නවා දැක්කාම. මට results බලන්න පුළුවන් වෙයි දැන් නම් ගිහින් කියලා.
"අහ්.. සමන්ති මේ උබනේ...එන්න එන්න ඇතුලට.."
" නෑ..තුශාරියෝ ... කෙල්ලගේ results ඇවිල්ලානේ... පියුමි එක්ක යන්න ඕනේ කියලා කිව්වා... ඒකයි එක්කන් ආවේ..."
"අ...අහ්..ඔව් අපේ කෙල්ලත් යන්න හැදුවා විතරයි...වැඩ වගයක් ඉවර කරලා යනවා කියලා කිව්වේ... "
නැන්දා පිට මිනිස්සු ඉස්සරහා හොඳ වෙන්න යන එක නැන්දාගේ පුරුද්දක්. මට උනත් හොඳට සලකනවා වගේ කට්ටියටම කියන්නේ... ඒත් මිනිස්සු දන්නවා..,එයාලාට ඇහෙනවානේ... මගේ මර ලතෝනිය... කමක් නෑ මොනා හරි කියලා හරි දැන් මට යන්න දෙනවානේ... ඒ ඇතිනේ... ඉක්මනට කුස්සියේ වැඩේ ඉවර කරගෙන මුණ කට හොඳලා ඇඳුමක් දාගන්නයි මට ඕනේ උනේ...
" පියුමියෝ කෝ ඔයා...."
පවනි මාව හොයාගෙන කුස්සියටම ඇවිල්ලා...
" මං මෙහේ....කෙල්ල..මොකො හිතන්නේ පාස් ඇති නේද..? බයෙත් බෑ..උබට පිං සිද්ධ වෙන්න මට යන්න පුළුවන්...”
මම හිනාවේවී පවනිට කිව්වා.
“නැත්තම් දන්නවානේ අපේ නැන්දා ගැන... ඔයා ඉස්සරහා ඉන්න කෙල්ල මං මේක ඉවර කරලා ඇඳුමක් දාන් එන්නම්...”
"ඔව්ව්...ඒක දන්න නිසා තමයි අම්මාවත් ඇඳගෙන මං මෙහේ ආවේ..ඔයා ලැස්තිවෙලා එන්නකෝ..මං ඉස්සරහාට යන්නම්....”
දෙන්නාම නැන්දාට කියලා දිව්වේ ඉස්කෝලේට. ඇත්තටම results කමියුනිකේශන් එකෙන් බලන්න පුළුවන් ..ඒත් යාළුවෝ සෙට්වෙලා බලනවා වගේ නැහැනේ...පවනි යාළුවන්ට කෝල් කරලා ඉස්කෝලේ දී සෙට් වෙමු කියලා...
යන ගමන් පවනි මගෙන් අමුතු දෙයක් අහන්න ගත්තා…
" උබට තාම සිනෙත් මීට් උනේ නැද්ද බන්...? අඩුම ගානේ Facebook එකේවත්...”
පවනි අහපු දේට මාව ගියේ අතීතේට…
සිනෙත් කියන්නේ මගේ ගෙදර එහා පැත්තේ හිටිය ඇන්ටිගේ පුතා. ඇත්තටම අපි පොඩි කාලේ ඉඳලා එකටමයි හිටියේ. මගේ හැමදේම එයා දන්නවා. එයාලා ලොකු සල්ලිකාරයෝ. ඒත් සල්ලිකාර බොරු සෝබන එයලාට තිබ්බේ නෑ. පොඩි කාලේ ඉඳලා සිනෙත් මට කිව්වෙ මාව බඳින්නේ එයා කියලා. සිනෙත් ගෙදර අයටත් ඔහොම කියනවා මතකයි. අපේ අම්මායි සිනෙත්ගේ අම්මායි ඒ කතාවලට ඉස්සර හිනා උනා. මං 8 වසරට ගියාම සිනෙත්ගේ ගෙදර අය එයාව බණ්ඩාරවෙල සෙන්ට් තෝමස් එකේ එයාව හොස්ටල් කරා එයා හොඳට ඉගෙන ගන්න ඕනේ නිසා. අපි වෙන් උනා.
ඒ තමයි මගේ පළවෙනි ආදරේ ...ඉස්සර ඒවා මට තේරෙන්නෙ නෑහැනේ.. අනේ ඒ අතීතේට මට යන්න පුළුවන් නම්....මගේ අම්මා හිටියා නම් මං ගාව... එහෙනම් අපි තාමත් ඒ ගෙදරනේ..මෙහේ එන්න ඕනේ නැහැනේ කියලා අනන්තවත් මට හිතුනා.මට හීල්ලුනේ පවනි ඉන්නවා කියලාත් නොදැන.
" මොනාද බන් කල්පනා කරන්නේ..ප්‍රශ්නයක් ඇහුවේ මං..."
" නෑ බන් facebook යන්නත් මට phone කෝ... එයා හොඳින් ඇති බන්... මාව නම් දැන් අමතක වෙලාත් ඇති....සල්ලිකාර මිනිසුන්ට අපිව පෑහෙන්නෙ නැහැනේ කෙල්ල... අමතක කරමු ඕක...”
කටින් එහෙම කිව්වාට පවනිට මගේ හිතේ ආයෙත් සිනෙත් ගැන හීන අළුත් උනා වගේ කියලා මට නොදැනුනාම නෙවෙයි.
දෙන්නාම ඇවිල්ලා Results බැලුවාම දෙයියනේ මං පාස්....මං කොමර්ස් කරේ..AAB මට තිබ්බා..
පවනි CCS පාස්වෙලා තිබ්බා. අනේ අම්මා හිටියනම් ඇස්වලට කඳුළු ආවා....
“Congratulations පියුමි... උබ ඉඩින්ම පාස්වෙලා අපේ සෙට් එකේ...”
යාළුවෝ ටික පිස්සුවෙන් වගේ මාව වටකරගෙන කෑ ගැහුවාම දැනුන සතුට කියාගන්න බැරි උනා.
අපි දෙන්නාම ගෙදර ගියේ මාරම සතුටෙන්.
"අම්මේ...පියුමි සුපිරියටම පාස්වෙලා කෙල්ලට දැන් හොඳ තැනකට එන්න පුළුවන්…
Congratulations මචෝ..ඔන්න සතුට වැඩිකමට ආයෙත් විශ් කරා මං"
පවනි කිව්වා.
"අනේ...කෙල්ලේ මාරම සතුටුයි අම්මා හිටියා නම් කොච්චර සතුටුවෙයිද..? පවනිගේ අම්මාගේ ඇස්වල අවංක කඳුළු පිරිලා තිබ්බා... ඒ අම්මා කෙනෙක්ගේ හිතේ ඇතිවෙන අවංක ආදරයක් විදියට මට පෙනුනේ…
"අපි ගිහින් එන්නම් කෙල්ලේ .ඔයාට හොඳ අනාගතයක් තියෙනවා... දෙමාපියන් නැතුව මෙහෙම ඉගෙන ගෙන ගෙදර වැඩත් කරගෙන ඉන්න ඔයාලා වගේ ළමයින්ට හරි යනවා... කවදාවත් වරදින්නේ නෑ... ඔයාගේ නැන්දා පුතාට කැම්පස් යන්න වියදම් කරන්නෙ නෑ කියලා මම දන්නවා... ඒ නිසා මොකක් හරි Course එකක් පටන් අරන් හොඳ ජොබ් එකක් කරන්න බලන්න පුතේ...”
මම පවනිගේ අම්මාට දණ ගහාලා වැන්දා.
“දළදා සමිඳු පිහිටයි දුවේ..හැමදාම සතුටින් ඉන්න ඕනේ.."
එහෙම කියද්දි මාරම සතුටක් හිතට ආවේ. තමන්ගේම අය මට සලකන්නේ නැති වෙලාවක පිට මනුස්සයෙක් අඩුම තරමේ වචනෙකින් හරි මං ගැන එහෙම හිතන එක හිතට ලොකු සහනයක්.
නැන්දා නම් කියපු කිසිම දෙයකට පොඩ්ඩක්වත් සතුටු උනේ නෑ. හේතුව තව ඉස්සරහාට මං ඉගෙන ගත්තොත් එයාට සල්ලි වියදම් කරන්න වෙන නිසා.ඔය අතරේ තමයි මාමා ගෙදර ආවේ අද ටිකක් වේලාසනින් වගේ.
"මාමේ...මං විභාගේ පාස්...”
මං මාරම ආසවෙන් එයාට කිව්වා... මාමා විතරයි ඒ ගෙදර අවංකවම මගේ විභාගේ ගැන සතුටු උනේ. මගේ තාත්තාට මං පාස් උනත් එකයි නැතත් එකයි... එයාට බොන්න තිබ්බොත් හොඳට ඇති... මං ගැන එහෙම ගානක් එයාට නෑ...
" මම මේ කට්ටිය යනකම් හිටියේ... උබේ හිතේ තියෙනවා නම් තව ඉගෙන ගන්න... අපිව හුරන් කන්න... ඒක දැන්ම හිතෙන් අතහැරපන්... එක්කෝ උබව අපි බන්දලා දෙනවා... ඌට කියලා උබට ඕනේ දේවල් කරගනින්.මොකද.. මටත් ළමයින් ඉන්නවා... ඔක්කම උබට වියදම් කරන්න අපිට බෑ... ඇයි උබේ තාත්තා අපිටසල්ලි ගෙනත් දෙනවද නෑනේ... උබේ තාත්තාට කියපන් උබට උගන්වන්න කියලා"
නැන්දා පුදුම ඉරිසියාවකින් හිතක් පපුවක් නෑ වගේ කෑ ගහන්න ගත්තා.
මාමා මං දිහා බලලා ඇස්වලින් කිව්වා ඕවා ගනන් ගන්න එපා කියලා.
දුකෙන් මං කාමරේට ගියා...හයියෙන් ඇඩුනා. පවනිට මට වඩා අඩු Results තිබිලත් ඒ අම්මා කොච්චර සතුටු වෙනවාද..? මගේ අම්මා හිටියානම් කොච්චර සතුටුවෙයිද..? අදවත් නැන්දා හිත හැදෙන්න මොනා හරි කිව්වනම් හිත හැදෙනවානේ දෙයියනේ. ඇයි මටම මෙහෙම වෙන්නේ... කෙල්ලෙක්ට අම්මා කෙනෙක් ළඟ ඉන්නම ඕනේ නේද? නැත්තම කොච්චර අසරණ වෙනවාද..?
ඉස්සරහාට මොනාද කරන්නේ කියලා හිතුවා. ජොබ් එකකට යන්නත් ඕනේ...ඉගෙන ගන්නනම්... මැට්ටෙක් වෙන්නත් බෑ. මට ඉන්න එකම සරණ මං විතරයි. මාමාට කතා කරලා බිස්නස් මැනෙජ්මන්ට් කොස් එකක් කරන්න සල්ලි දෙනවාද කියලා ඇහුවා. මං පස්සේ කාලෙක ජොබ් එකක් කරලා ඒ සල්ලි දෙන්නම් කියන පොරොන්දුවත් එක්ක.
මාමා රණ්ඩු වෙලා නැන්දා එක්ක කොහොම හරි මට ඒ චාන්ස් එක අරන් දුන්නා. ඒත් ඒ ණයක් විදියට. මං ජොබ් එකක් කරලා ඒ ණය එයාලාට දෙන්න පොරොන්දු වෙලා හිටියේ. තව කොන්දේසියක් තිබ්බා මට ක්ලාස් යන්න, පාඩම් කරන්න අවස්ථාව දෙන්නේ මං ගෙදර වැඩ ඔක්කොම ඉවර උනාම විතරයි. දුකක් උනත් එදා තමයි මගේ ජිවිතේ සතුටුම දවස කියලා මං හිතාගත්තා. මොකද මං ඉගෙන ගන්න ගොඩක් ආස කෙනෙක්. තැනකට එන්න ගොඩක් ආස කෙනෙක්. මට ගොඩ එන්න තියෙන එකම චාන්ස් එකත් මේක විතරමයි .
කොහොම හරි හැමදේම බැලන්ස් කරගෙන මං ක්ලාස් ගියා... ගෙදර වැඩත් කරා... ඔහොම මාස දෙක තුනක් හතරක් යද්දී හැමදාම ගෙවල් කිට්ටුව පාර ගාව පිරිමි ළමයෙක් මං දිහා බලන් ඉන්නවා. හැමදාම වගේ ඉන්නවා... මල විකාරයක්... එත් මං උවමනාවෙන් කවදාවත් එයා දිහා බැලුවේ නෑ... බලන්න උවමනාවක් තිබ්බෙත් නෑ... මට ඕනේ මට ලැබුන චාන්ස් එකෙන් උපරීම ප්‍රයෝජන ගන්න... කොහොම හරි මේ course එක කරලා ජොබ් එකක් හොයාගෙන මේ අපායෙන් නිදහස් වෙන්න.
කොහොම හරි එන්න එන්න පාඩම් වැඩ වැඩිවුනා. ගෙදර වැඩ වගේම නැන්දාගේ නපුරුකමත් ඊටත් වඩා වැඩිවුනා. ඔක්කොම ඉවරකරලා පාඩම් කරන්න ගත්තාම පැයක් දෙකක් යද්දී කෑගහනවා
"මෙකී අපිට නිදාගන්න දෙන්නෙ නෑ.අපිවම කන්න අපු මූසල කෙල්ලෙක්...” කියලා.
ඊටපස්සේ මගේ මැරුන අම්මාටයි මගේ අසරණ තාත්තාටයි පළු යන්න බනිනවා. කියාගන්න බැරි දුකක් හිතේ තදකරගෙන මම මං ගැනම හිතලා හිත හදාගත්තා. එන්න එන්නම නැන්දා මට කරන්න දෙන වැඩ වැඩිවුනා. රෑ වෙලා පාඩම් කරන්න ගත්තාම ලයිට් ඔෆ් කරන්න ගත්තා. මං ඉටිපන්දමක් අරන් පාඩම් කරන්න ගත්තා... උදේම නැඟිටලා ගෙදර වැඩත් කරා... නිදාගත්තේ මං අඩු කාලයක්.ඔය අතරේ මාමාට සල්ලි ප්‍රශ්නයක් වෙලා මගේ ක්ලාස් ෆීස් දෙන්න බැරිවුනා. ක්ලාස් යන එක නතර කරන්න සිද්ධවුනේ එතකොටයි.
මාසයක් දෙකක් තුනක් වෙන්නත් ආවා... මට ක්ලාස් යන්න බැරි උනා. නැන්දා මාව ජොබ් එකකට යවන්න ආස උනේ නැ. මං සල්ලි හොයලා හොඳ තැනකට එයි කියලා හිතුවා. එයාට ඕනේ උනේ මාව දුප්පත් කොල්ලෙක්ට බන්දලා දීලා නිදහස්වෙන්න. එතකම් එයාගේ අතේ පයේ වැඩ ටික කරවගන්න. දැන් මං ගෙදර වැඩකාර තත්වයටම වැටිලා ඉවරයි. හැමදාම නැන්දාගේ ගුටි බැට එක්ක ජිවත් උනා.
ඔය අතරේ මහා පුදුම වැඩක් උනා. අර මං ක්ලාස් යනකොට පාරේ හිටිය කොල්ලා proposal එකක් අරන් ගෙදර අය එක්ක මාව බලන්න ඇවිල්ලා. නැන්දා හිතුවේ මං කලින් යාළුවෙලා ඉඳලා කියලා. පස්සේ ඒ කොල්ලා එක්ක ආපු කවුද ඇන්ටි කෙනෙක් කිව්වා
“ නෑ නෑ... මගේ පුතා මේ දුවව දැකලා ඒකයි අපි කතා කරගන්න ආවේ..”
ඒ මිනිස්සු එද්දීත් මං කිලුටු පෙරාගෙන හිටියේ. එත් මට කොල්ලෙක් ඕනේ නෑ... මට කසාඳ බදින්නත් කිසිම උවමනාවක් නෑ... ඒත් මට මේවට මුකුත් කියන්නත් බෑ. මං මාරම අසරණ උනා.නැන්දා කිව්වා ඇඳුමක් දාගෙන තේ ටිකක් හදාගෙන වරෙන් ඉස්සරහාට කියලා.
තිබ්බ හොඳම ඇඳුම ඇදන් මං එතනට ආවා.
නැන්දා එයාගේ බොරු වර්ණාව පටන් ගත්තා. පේන්න හිනාවෙන්න බැරි උනත් හිත යටින් මං හිනා උනා..
ඒ කොල්ලාගේ අම්මයි තාත්තායි ගැන මුකුත් කිව්වේ නෑ. තේ ඇල්ලුවාම මුණ පොඩ්ඩක් බැලුවාම හිතට හුරුබවක් දැනුනා... නම මිගාරලු. එත්.. ඒ හැඟීම් ඒ වේලාවේම මං ඒක නැති කරගත්තා. ලොකු දේවල් තියෙන කෙනෙක් නෙමෙයි. ඇඳගෙන ආව ඇඳුමෙන් පැලඳුමමෙන් එහෙමයි තේරුනේ. එයා ඉන්නෙත් ආච්චියි නැන්දායි ගාව කියලා තමයි කිව්වේ.ලොකු සල්ලිකාරයෙක් ගාව ඩ්‍රායිවින් ජොබ් එකක් කරන්නෙ කිව්වා.
එහෙම කියද්දි ගොඩක්ම සතුටු උනේ අපේ නැන්දා. මොකද මාව ඉක්මනට කාට හරි දෙන්න එයාට ඕනේ උනේ. මේ වගේ යමක් කමක් නැති කෙනෙක්ට. මට එවා ඕනේ නෑ... නැන්දා හිතපු දේ මං කිව්වේ. නැන්දා මාමාටත් කෝල් එකක් දීලා එන්න කිව්වා. මගෙන් අහන්නෙත් නැතුව එයාලා මඟුලට කැමති උනා.එත් ඒ කොල්ලා කිව්වා මගෙන් අහන්න කියලා එත් නැන්දා කිව්වා;
“අපේ කෙල්ල හොඳ එකී... එහෙම අපි කියන එවා වලින් පිට යන්නේ නෑ ..” කියලා.
ඒත් මාමා නැන්දාට කොනකට අඩගහලා කිව්වා අපි ඒ කොල්ලා ගැන හොයන්න ඕනේ නේද..? කියලා. ඒ වේලාවේ නැන්දා මාමාට ලොකු බොරුවක් කිව්වා. එයා ඒගොල්ලන්ව කලින් ඉඳලාම දන්නවා කියලා.
එයාලා ගියාම අම්මාගේ ෆෝටෝ එක දිහා බලලා මං මාරම විදියට ඇඩුනා. මං ගැනම මට හරියට දුක හිතුනා. නොදන්න මිනිහෙක් කසාඳ බඳින්නේ කොහොමද කියලා. සතියක් දෙකක් ගියාම ඒ කොල්ලා අපේ ගෙදර ආවා ගියා. කට්ටිය ඉන්න තැන තමයි මාත් එක්ක කතා කරේ. මට ෆොන් එකක් පාවා අර දුන්නා. මං ලොකුවට මැසේජ් කරන්න ගියේ නෑ. මට වෙන වෙනස්කම් පාවා මං කියන්න ගියේ නෑ. මගේ ජිවිතේ නැන්දාලාට ඕනේ විදියට ලියවිලා ඉවරයි. එයාලාට මේ මඟුල ඉක්මනට කරන්න ඕනේ උනා. අපේ හදහන් පවා බැලුවා ඒවා නම් හොඳට ගැලපුනා. එත්...හදහන් ගැලපුනාට....හිත් ගැලපුනේ නැහැනේ කියලා මම හැම තිස්සේම හිතුවා.
ලබන මාසේ වෙඩින් එක. හැමදේම නොහිතපු විදියට වෙන්නේ. ඊට වඩා හොඳයි නොබැඳ මේ ගෙදර වැඩකාරකම් කරන්න තිබ්බානම් කියලා අනන්තවත් මං හිතුවා. මේ කිසිදෙයක් මං මිගාරට කිව්වේ නෑ. එයා මට හරියට ආදරෙන් කතා කරා.ආදරෙන් සලකනවා. එත් මට එයාට ආදරේ කරන්නවත් වේලාවක් ලැබුනේ නෑ. හැමදේම උනේ හරි ඉක්මනින් නිසා. එයා නම් මට ආදරේ කරලා තියෙන්නෙ ගොඩක් කල් නිසා. එත් දෙයියනේ මං පව්නේ....එහෙම කසඳ බඳින්නේ කොහොමද කෙනෙක්ව...? එහෙම හිතුන වාර නම් අනන්තයි.
වෙඩින් එක ළඟ ළඟම නිසා නැන්දා බැන බැන ඒවා කරන්න ගත්තේ. මාව යවන්නත් ඕනේ ඒත් සල්ලි යන නිසා හරියට කෑගහනවා. මගේ තාත්තා එක්කත් රණ්ඩු හැමවෙලේම. ඔය අතරේ හදිස්සියේම මිගාර ගෙදර ආවා.
"නැන්දේ...පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද .?
“අහ් ..මේ මිගාර පුතානේ ඉඳගන්න..පියුමි තේ ටිකක් ලැස්ති කරන්න."
"ඕනේ නෑ නැන්දේ ඔයායි මාමායි දෙන්නම ඉඳගන්නකෝ.. කෝ.. පියුමි එයාටත් එන්න කියන්න... අහ්...පියුමිගේ තාත්තාත් ඉන්නේ..ඉඳගන්නකෝ හැමෝම..."
"ඔන්න අපි ආවා.. ඉතිං කියන්නකෝ පුතේ..."
මාමා කිව්වා. මං ඇත්තටම බයවුනා. මගේ දෛවයේ හැටියට අවුලක් වෙන්න වගේ යන්නේ. එච්චරටම හොඳයිනේ මගේ වාසනාව ඉපදුන දවසේ ඉඳලාම. මෙයා බඳින්න බෑ කියන්නද ආවේ...? ඒක නම් කමක් නෑ... දැන් හැමෝම දන්නවානේ. හිත දෙගිඩියාවෙන් පිරිලා තිබ්බා.
"බයවෙන්න එපා, මගේ අර වැඩ කරන බොස් ඉන්නේ. එයා කිව්වා එයා ගානේ මගේ වෙඩින් එක කරන්නම් කියලා. මං එයාගේ අවංක සේවකයානේ.. ඉතිං එයාට ළමයි නෑ. මට එයාලා ළමයෙකුට වගේ සලකන්නේ... ඒ හින්දා වෙඩින් එකේ වියදම් ගැන බයවෙන්න එපා කියන්නයි මං ආවේ. අද මං හොල් බුක් කරා. ගෝල්ෆේස් හොටෙල් එකේ බොස්ගේ දන්න කවුද ඉන්නවා කියලා මට යන්න කිව්වා. අපේ වෙඩින් එක තියෙන්නේ ඒකේ..."
මිගාර එහෙම කියද්දි මගේ හිත අමුතු සතුටක් ආවා. කැමත්තක් ආසාවක් නෙමෙයි. අඩුම ගානේ මගේ වෙඩින් එකේ බර දරන්න නැන්දාට වෙන්නෙ නැති එකට මට මිගාර ගැන ලොකු ගෞරවයක් හිතට ආවා.
නැන්දා හිනාවෙන්න හැඳුවත් හිත යටින් ඒකට අකැමති උනා. ඉරිසියා කලා. එයාලට කවදාවත් එයාගේ දුවගේ වෙඩින් එක ඒ වගේ තැනක් ගන්න බෑනේ. වෙඩින් එකට එය්අලගේ අතින් සල්ලි යන්නේ නැති සතුටට වඩා නැන්දා ඉරිසියාවෙන් පැලෙන්න ගත්තා . ඒත් මගේ මාමා නම් අවංකව සතුටු උනා.
"පියුමියෝ...පොඩ්ඩක් මෙහේ එන්නකෝ.
මිගාර එහෙම අඩගහද්දී අමුතුම හැඟීමක් මට ආවේ... ඒ පළවෙනි පාරට.
"කියන්න මිගාර... ඊට කලින් ගොඩක් පිං ඔයාට අපේ වෙඩින් එකට මෙහෙම මහන්සි වෙනවාට... මට එහෙම මහන්සි වෙන්න වත්කමකුත් නෑ...මගේ.....
මට කියලා ඉවර කරන්න මිගාර දුන්නේ නෑ;
" පිස්සුද ළමයෝ... මේක අපේ වෙඩින් එක. ඔයා හෙට අනිද්දා මගේ වයිෆ් ... ඉතින්.... ඔයාට සල්ලි නැති නිසා මං මෙහෙම කරනවා නෙමෙයි... වෙන කෙනෙක් හිටියත් මං මෙහෙම තමයි... ඔයා දන්නෙත් නැ මං ඔයාට කවදා ඉඳලාද ආදරේ කරන්නේ කියලා. ඒ නිසා ඕවා හිතන්න එපා... මේ ගැන හිතන්න... මේවා පොඩි දේවල්. බය වෙන්න එපා. හැමදේම හොඳින් වෙයි..."
බය වෙන්න එපා කිව්වත් මගෙ ඇස් වල තිබුන බය එයා දැක්කා.
"දැන් මුකුත් හිතන්නේ නැතුව හිනාවෙලා ඉන්න...”
මිගාර හිනාවෙලා ගෙදර අයට කියලා යන්න ගියා...
ඔක්කොම වැඩ ඉවර කරලත් දහ අතේ කල්පනා කරනවා මොකක්ද මෙයා කරන්නේ කියලා... කොහොම හරි කාලේ ගෙව්නා. මගෙ වෙඩින් එකේ හැමදේම කරන්න සල්ලි මිගාර මට දුන්නා. මාව සැලොන් වලට එක්කන් ගියා. ඒකට නැන්දා ඉරිසියාවෙන් පැලුනා. වෙඩින් එක දවසත් ආවා. ලොකුම ලොකු බයක් තිබ්බා. මිගාර හොඳයි තමයි. ආදරයකට වඩා මට තිබ්බේ එයා ගැන ගෞරවයක්. එයා ගැන ලොකු දේවල් මං දන්නේ නෑ. ආදරයක් නැතුව කසාද බැඳලා කොහොම ඉන්නද කියලා හිතාගන්න බෑ. ඒත් අම්මා මං ළඟ නම්... මට අපහු අම්මාව මතක් උනා... වැඩි දෙයක් හිතන්න ලැබුනේ නෑ;
" අම්මේ...මගේ කෙල්ලගේ ලස්සන අද...ඇස් වහක් කටවහක් නම් වඳින්න එපා" ඒ පවනි…
" යනවා යන්න...පිස්සු නොකියා...”
මටත් මාව දැක්කම ලස්සනක් දැනුනා. ඒත් ඒක පෙන්නන්න ගියේ නෑ.
වේලාව ආවා එලියට බහින්න.
හෝටෙල් එකටත් ආවා....දෙයියනේ මේ මගේ වෙඩින් එකද..? හීනයක් තිබ්බාට.....කවුද හිතුවේ මං හිතපු විදියමයි කියලා...ගෙදර ඔක්කොම බයවෙලා. මෙච්චර ලස්සනට තියෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ කවුරුත් ...
ඇතුලට එද්දී හිතාගන්න බැරි දෙයක් උනේ...අර මං කිව්වේ..හිතින් ආදරේ කරපු සිනෙත්ගේ අම්මා ඇවිල්ලා මාව බදාගත්තා. මුකුත් හිතාගන්න බැරි උනා. හැමොම බයවෙලා බලනවා. එතකොට සිනෙත්ගේ තාත්තාත් ආවා.
මං “ඇන්ටි...” කියලා විතරයි කිව්වේ.
දුවේ...එන්නකෝ ඔහොම...ඔයාගේ දෙයක් පෙන්නන්න...”
මං නිකන් හීන ලෝකෙකට ආවා වගේ. පවනිත් මං ළඟට ඇවිල්ලා ඇහුවා මොකක්ද බන් මේ වෙන්නේ..” කියලා.
අපි ඔක්කොම හෝටෙල් එකේ ඇතුලටම ගියා.
දෙයියනේ... මිගාර කියලා ඇවිල්ලා තියෙන්නෙ මගේ සිනෙත් නේ.... මට මුකුත් හිතාගන්න බෑ... සිනෙත්ගෙ අම්මා කිව්වේ මේ මගේ පුතා... මතකද..? පොඩිකාලේ...මගේ ඇස් වලට කඳුළු ආවත් සිනෙත් වැටෙන්න දුන්නේ නෑ. මාව බදාගත්තා. ඔක්කොටම පුදුමයි... පළවෙනි පාර මෙහෙම කතාවක් මිනිස්සු දකින්නේ අහන්නේ කියලා මට හිතුනා.
දුප්පත් මිනිහෙක් වගේ රඟපාලා තියෙන්නේ මගේ සිනෙත්නේ. පවනිගේ ඇස්වලත් කඳුළු. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ.
එතකොට මාව බදාගෙන සිනෙත් කතාව කිව්වේ. එයා ඉගෙන ඉවර වෙලා එද්දී අපේ ගෙදර උන දේවල් ඔක්කොම දැනගෙන. එයාට දුකයි මගේ අම්මාගේ මරණේටවත් එන්න බැරි උන එකට. ඊට පස්සේ එයා මාව හොයලා තියෙනවා. හැම තැනම ...පස්සේ කවුද මං ගැන කියලා ඉන්නේ නැන්දා ගාව කියලා. නැන්දාගේ හැටිත් කියලා... ඒවා අහද්දී නැන්දාටම නැන්දා ගැන ලැජ්ජාවක් එන්න ඇති කියලා මට හිතුනා.
කොහොම හරි මං කඩේ යනවා. මං ගෙදර ඉන්නේ කොහොමද ඒ ඔක්කොම හොයලා බලලා. මං ක්ලාස් යද්දී එයා බස් හෝල්ට් එකේ ඉඳලා තියෙන්නේ ඒක මට කියන්න. ඒත් බැරිවෙලා. මං ක්ලාස් යන එක නතර උනානේ ඒ නිසයි. එයාගේ අම්මව තාත්තාව නැතුව ආච්චි කියලායි නැන්දා කියලායි දෙන්නෙක්ව එවලා තියෙන්නේ... මං දැක්කොත් එයාලාව අඳුරගන්නවා.එතකොට මගේ ගෙදර අයත් දැනගන්න නිසායි.මේ ටික කියද්දි මටත් තාම හීනයක් වගේ... හිතට මාරම සතුටක් ආවේ... දෙයියෝ බැලුවා වගේ...කෙල්ලෙක්ට තව මොනාද ඕනේ.. ආදරණිය පවුලක්, ආදරණිය සැමියෙක්... එයාට තමන් හිතන පතන දේවල් තේරුම් ගන්න පුළුවන් නම් තව වෙන මොනද කියලා මට හිතුනා...ඇත්තටම අද සිනෙත් ලොකු සල්ලිකාරයෙක්. බොස් දුන්න ගිෆ්ට් එකක් නෙමෙයි . මේ එයාගේම සල්ලි...
"හැමෝම අඩලා දොඩලා ඉවර නම් අපි චාරිත්‍ර පටන් ගමුද..?”
සිනෙත්ගේ තාත්තා කිව්වා.
සිනෙත් මගේ මූණ එයාගේ අත් දෙකට ගත්තේ හැමෝම බලන් ඉද්දි.
"මතකද මං ඔයාට පොඩි කාලේ කිව්වා ඔයාගේ අම්මාට මං බඳින්නේ ඔයාව විතරයි කියලා... ඒ පොරොන්දුව ඔන්න මං ඉශ්ඨ කරා පියු... දැන් ඔයාට සතුටුයි නේද..?
හැමදාම ඔයා ගැන හිතුවා. පොඩි කාලේ ඉදලා අපේ බැඳීමක් තිබ්බා....ඒ බැඳීම තවත් ශක්තිමත් වෙන්න යන්නේ පියු...”
එහෙම කියද්දී මගේ හිතට ආපු හැඟීම වචනෙයෙන් කියාගන්න බෑ.
"සිනෙත්....මේ තමයි මගේ ජිවිතේ සුන්දරම දවස....කවදාවත් අමතක නොවෙන....දවස...
හැමදාමත් ආදරේ කරා ඔයාට හිතෙන්... අන්තිමට ඔයා මගේම උනා... අපි අපේ උනා... හීනයක් වගේ මට තාමත්... මගේ ජිවිතේ මෙච්චර ඉක්මනට වෙනස්වෙයි කියලා කවදාවත් මං හිතුවේ නෑ.. ඒකට ගොඩක් පිං සිනෙත්... ගොඩක් පිං...උපදින කිසිම ආත්මේක මේ ණය ඔයාට ගෙවන්න බැරිවෙයි."
එහෙම කියලා මං එයාගේ උරහිසට බරවුනා.
" මේ මොනාද කියන්නේ....මං පණටත් වඩා ඔයාට ආදරෙයි පියු.."
සිනෙත් මගේ ඔළුව අතගෑවා.
"මං දන්නවා මගේ රත්තරන් අම්මා උඩ ඉඳලා මං දිහා බලන් ඉන්නවා කියලා... ඔයා හින්දා තමයි මට මේ හැමදේම ලැබෙන්න ඇත්තේ... ආදරෙයි මගේ අම්මේ...හැම ආත්මයකම මගෙම අම්මා වෙන්න.....අම්මේ..."
හිතින් මං හිතුවා…
-නිමි-

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.