කෙටි කතාව
*************
**දික්කසාදය**
------------
උසාවියෙන් එළියට එද්දී හසල මගේ ඉස්සරහට හම්බ වුනා..හිස් බැල්මකින් යුතුව මං එයාගේ දිහා බැලුවා.. එයාගේ මුහුණේ තිබ්බේ කරදරයකින් නිදහස් වෙච්චි සතුටක්.. එයාගේ සතුට තරම් මට වටින දෙයක් එදා වගේම අදත් තිබ්බේ නැහැ කියලා මට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ..
"හොඳින් ඉන්න"
මං එහෙම කියද්දි හසල බැලුවේ මගේ ඇස් දෙක දිහා.. මං හදවතින්ම එයා එක්ක හිනහා වුනා.. සමාව දෙන තැන, වෛරක් නැති තැන හිත නිවෙනවා කියලා දැනන් හිටියට ඒක හරියටම මොන වගේ හැඟීමක් ද කියලා මට දැනුනේ දැන්.. ඒත් එක්කම මගේ අත නැවතුනේ මගේ කුස යන්තමින් පිරිමදිමින්..
"හසල හොඳින් තමයි.. අද ඉඳන්.. ඉස්සරටත් වඩා.."
නර්මදා... හසලගේ වර්තමානේ.. එයා එහෙම කිව්වේ හසලගේ ඇඟට බරවෙමින්.. මං මුකුත් නොකියා පුරුදු හිනහාවෙන්ම ආපහු හැරුණා..
"ඔයාට මං විතරක් ඇති නේද මගේ පුතේ"
මං එහෙම අහන ගමන් පාරට ඇවිදන් ආවා.. ගෙදර යන්න හිතක් නැහැ. අම්මලා කොහොමත් හසල ගැන පැහැදිමකින් හිටියේ නැහැ.. අඩුම ගානේ හසලගේ අම්මලාවත් එයා ගැන පැහැදිමකින් හිටියේ නැහැ. ඒත් මං හසලට ආදරේ කලා.. දෙපැත්තෙම ආශිර්වාදයෙන් මං එයාව කසාද බැන්ඳා.. අද ඒ දෙපැත්තෙම අය එපා කියද්දි හසලගේ ඉල්ලීමට මං දික්කසාදේ දීලා යන්න යනවා.. මට දුක හිතුනේ නැහැ.. මං යන්න දුන්නේ මට ආදරේ නොකරන කෙනෙක්ටනේ කියන හැඟීම මාව ශක්තිමත් කලා..
"අරුන්දතී"
මං ඔළුව ඉස්සුවේ ඒ හඬට.. හසලගේ අම්මයි තාත්තායි ඇවිත්.. අම්මා දුවන් ඇවිත් මාව බදා ගත්තා..
"ඇයි රත්තරං අපිට මේ දේවල් නොකිව්වේ.. අර මිනිස්සු අර රටක ඉඳන් හූල්ලනවා.. ඔයාගේ අම්මගෙන් මං ඔයාව බාර ගත්තේ ලේලි කරන් නෙමෙයි.. මගේ දුව කරන්..මේ අම්මට මුකුත්ම කියන්න මතක් වුනේ නැද්ද.."
හසලගේ අම්මා කියවන් යද්දී මං තද කරන් හිටපු දුක තව දුරටත් දරාගෙන ඉන්න මට ඕනී වුනේ නැහැ..මං අම්මව බදාගෙන ඇඬුවා.. හසලයි මායි අවුරුදු පහක් යාළු වෙලා ඉඳලා කසාද බැන්ඳා.. ඒ අවුරුදු එකහාමාරකට කලින්.. එයයි මායි තනියම ගෙදරක ජීවත් වුනේත් එයාගේම ඕනීකමට.. අද මාව තනියම ඒ ගෙදර දාලා එයා ගිහින්.. මං දැන් දික්කසාද වෙච්චි ගෑනියෙක්.. තව මාස හයකින් මං දික්කසාද වෙච්චි අම්මා කෙනෙක්.. හැම දේම හීනයක් වගේ මැවෙද්දි මට මාව පාලනයක් නැති වුනා.. මගේ ඇස් නිලංකාර වෙලා යද්දී හසලගේ අම්මා කතා කරන හඬ මගේ හදවතේ තැන්පත් වුනා..
*******************************************
මට සිහිය එද්දී මං හිටියේ ඇඳ උඩ.. හසලගේ අම්මා මගේ ඔළුව අත ගානවා.. මං යන්තමින් එයා එක්ක හිනහා වුනා.
"අරුන්දතී"
"මං...මං හොඳින් අම්මා"
"හසල මේ දේවල් දැන දැනමද දික්කසාදේ ඉල්ලුවේ.."
අම්මා අහද්දි මං ඇස්වල කඳුළු පුරෝගෙන එයා දිහා බැලුවා..
"අඬන්නෙපා වස්තූවේ.. හොඳ නැහැ ඔයාට"
අම්මා කියනවා.. මං ඉකි ගගහා වචන ඇහුලුවා..
"මං හසලට කිව්වේ නැහැ.. එයාගේ සතුට තිබ්බේ මං ගාව නෙමෙයිනේ අම්මා. මං එයාට යන්න දුන්නා.. දරුවා මට බරක් නෙමෙයි.. එයා දැන ගන්න ඕනීත් නැහැ මේ ගැන.. දරුවා නිසා හරි එයා මං ගාව හිටියත් ඒ ඉන්නේ අකමැත්තෙන් නේ අම්මා.. එහෙම එයාව මං ගාව නතර කරගෙන එයාටවත් මටවත් සතුටක් නැහැ.."
"ඇයි පුතේ ඔයා මගේ කුසින් වදන්න බැරි වුනේ මට.."
අම්මා ඇස්වල කඳුළු පුරවන් කතා කලා..
**************************************************
දවස් සති මාස ගෙවුනා හසල නර්මදාව කසාඳ බැඳලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා..මං හසලගේ අම්මයි තාත්තායි එක්ක මගේ පුතාවත් හදාගෙන ජීවත් වුනා..අවුරුදු පහක් ගෙවුනේ හරිම ඉක්මනට.. හසල අම්මලාට කතා කරන කොයිම වෙලාවකවත් මං ෆෝන් ආන්සවර් නොකර ඉන්න පුරුදු වුනා.. අම්මලා වුනත් මං කියන නිසා මිසක් හසලට කතා කරන්න විශේෂ වුවමනාවක් පෙන්නුවේ නැහැ.. ගෙවුනු අවුරුදු පහටම මං අම්මගෙන්වත් තාත්තාගෙන්වත් හසල ගැන අැහුවෙ නැහැ.. ඒ දෙන්නා මට එයා ගැන කිව්වෙත් නැහැ.. මගේ පුතා මගේ ඇස් දෙක එක්ක හසලගේ හැඩරුව ගත්තේ හැමෝටම හසලව අමතක කරන්න ඉඩක් නොතියමයි.. හසල වගේ දඟකාරකම් ගොඩාක් එක්ක එයා වැඩුණත් එයාගේ ගොඩාක් ගති ගුණ මගේ වගේ වෙච්චි එක ගැන හසලගේ වගේම මගේ අම්මලත් හිටියේ සතුටින්.. ඒත් තවමත් ජීවිතේ කොටසක් වෙච්චි හසලගේ දඟකාර හිනහව පුතාගෙන් දකිද්දී මට හසල ලඟින් ඉන්නවා කියන හැඟීම දැනෙන්න වුනා..
"අම්මා.."
ඒ මගේ පුතා.. අරුනෝද... අරුනෝද හසරැල්"
"අම්මා.. කෝල්"
එයා ආයේ කතා කරනවා.. මං එතනට දුවන් ගිහින් ෆෝන් එක අතට ගත්තේ එයාගේ කම්මුලට කිස් එකක් දෙන ගමන්..
"හලෝ"
එහෙම කියන ගමන් මං ෆෝන් එකට එබුනා.. මට අදහාගන්න බැරි වුනේ නම්බර් එක දකිද්දී.. වෙනදට ආන්සවර් නොකරන කෝල් එක අවුරුදු පහකට පස්සේ අහම්බෙන් ආන්සවර් වෙලා.. මගේ හුස්ම හිරවෙනවා වගේ මට දැනුනා.. පුතා ඈතට ගිහින් සෙල්ලම් කරන ගමන් මගේ පැත්තට හැරිලා ෆ්ලයින් කිස් එවනවා..
"අරුන්දතී"
අවුරුදු පහකට පස්සේ හසල මගේ එක වචනනෙන් මාව අඳුර ගද්දි මට පුදුම හිතුනා.. ඒත් මට ඕනී වුනේ නැහැ එයා එක්ක කතා කරන්න..මං එයාව නාඳුනන ගානට දාලා කතා කලා.
"අම්මලා නැහැ. මං ආවාම කියන්නම් ඔයාට කතා කරන්න කියලා"
"ෆෝන් එක තියන්න එපා.. අරූන්.. ඉන්න ප්ලීස්"
එයා කියද්දි මං හැමදාම වගේ නතර වුනා..
"මං අවුරුදු හතරක ඉඳන් ඔයාව හොයනවා..ඔයා මගේ ගෙදරම ඉඳලා.. මං මං.. මෝඩයෙක්.. මට අම්මගෙන් ඔයා ගැන අහන්න හයියක් තිබ්බේ නැහැ. දෙයියනේ මට එක පාරක් අහන්න තිබ්බා.."
එයා කියවන් යනවා.. මං මුකුත් නොකියා අහන් හිටියා..
"මට සමාවෙන්න අරුන්දතී.. ඔයාට මං දුන්නේ ලොකු දුකක්.. ඒත් ඔයා වචනයක් කිව්වේ නැහැ... මට සමාවෙන්න.."
"අම්මලා ආවම කතා කරන්න හසල"
මං එහෙම කියද්දි.. පුතා මං ලඟ.. එයාට හසලගේ නම ඇහෙන්න ඇති..
"අම්මා.. අප්පච්චි ද"
පුතා අහද්දි මගේ පපුවම පිච්චිලා ගියා..
"නැහැ වස්තූවේ.."
මං පුතාට කියද්දි ඒ මුහුණ හැකුළුනා..
"මට ඇහුනේ අම්මා අප්පච්චිගේ නම කියනවා..අප්පච්චි නෙමෙයිනේ"
පුතා එහෙම කියන් එතන තිබ්බ බෝලෙත් අරන් යන්න ගියා.. මං එහෙම කලේ ඇයි කියන්න මං දන්නේ නැහැ..
"පුතා ඔයාගෙද"
"ඔව්"
"හ්ම්.. ඔයා බැන්ඳද.. හ්ම්ම්.."
හසල දුකින් කතා කරනවා.. මං මුකුත් කිව්වේ නැහැ..
"මගේ වැරදි වලින් මට ඔයාව නැති වුනේ"
මට තවත් කඳුළු නවත්ත ගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ..
"මං තියන්නම් හසල"
මං ආයේ එහෙම කියද්දි පුතා මං ලඟින්ම බෝලේ ගන්න පාත් වෙනවා.. එයාට හසලගේ නම ඇහුනා..එයා මං දිහා බැලුවා.. මට තවත් එයාට බොරු කරන්න පුළුවන් වුනේ නැහැ..
"අප්පච්චි කතා කරනවා වස්තූවේ.. කතා කරනවද"
මං පුතාගෙන් එහෙම ඇහුවේ ෆෝන් එක අහකට නොකර.... හසල තත්පර ගානකට ගොලු වුනා.. පුතා උඩ පැන පැන මං ඉස්සරහා දඟලනවා.. මගේ ඇස්වලින් අවුරුදු ගානක් හිර කරන් හිටපු දුක ගාලාගෙන යද්දී මං හසලට කතා කලා..
"පුතාට කතා කරන්න අප්පච්චි"
මං එහෙම කියද්දි.. හසලට ඉකි ගැහුනා..
"අපේ පුතා"
"ඔව්.. අපේ පුතා.. ඔයා යද්දී එයාට මාස තුනයි.."
"අනේ මගේ කෙල්ලේ.. ඇයි මට නොකිව්වේ.. මට මට සමාවෙන්න රත්තරං"
"වෙච්චි දේ උනා.. පුතා බලන් ඉන්නවා.. කතා කරන්න.."
මං කඳුළු පිහින ගමන් හසලට කිව්වා..
"ඔයා යශෝදරාවක් අරුන්දතී"
හසල එහෙම කියද්දි මං පුතාට ෆෝන් එක දුන්නා..
"අප්පචී.. මගේ අප්පච්චි"
පුතා හරිම සතුටින් කතා කරනවා.. අවුරුදු ගානක දේවල් ඇති නේ.. පුංචිකමට හුරතල් වෙවි එයා හසල එක්ක කතා කරනවා.. මං එයා දිහා බලාගෙන පිටි අල්ලෙන් මගේ කඳුළු පිහිඳ ගත්තා.. ඒ කඳුළු දුකට වැටුණු ඒවා නෙමෙයි.. සතුටට ආව ඒවා.. අවුරුදු ගානකට පස්සේ මට ජීවත් වෙනවා කියලා දැනුනා.

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.