පවන්_රොදකට_සවන්_දොර_ඇරුනා
කියවලා බලන්න.ආදරය නොලබා දුක් විඳ පසුව සෙනෙහසේ නවාතැනකට යාමට පින පහළ වූ යුවතියකගේ කතාව.
.......................... .......
"අදත් මෙයා පරක්කුයි.දැන් රෑ වෙලා වැඩියි.කෑමත් සීතල වෙලා.වැඩක් නෑ.අදත් කන එකක් නෑ.මං කොයි තරම් ආදරය කළත් මට සෙනෙහස ආදරය නෑ.මට පින නෑ."
හැමදාම ඔය ටික මං හිතන්නෙ මගෙ සැමියා ගෙදර එනකල්.හැමදාම වගෙ වෙන ගෑණු ළඟ දැවටිලා හොඳට කාලා බීලා ගෙදර ආවත් මං ආදරෙන් හදපු කෑම වල රහවත් බලන්න ඔහුට ඕන කමක්වත් තිබුණෙ නෑ.මං අනෙක් තරුණියන් වගේ සුරූපී සරාගීනම් නෑ.තළෙලු හමකට උරුමකම් කියපු මගෙ අමුතු ලස්සනක් තියෙන බව මම දැනන් හිටියත් මගෙ සැමියටනම් ඒසේ පෙනිලා නම් නෑ.
වෙලාව 11.20යි.දොරට ඔහු තට්ටු කරන හඬ ඇසුනම මම දුවලා ගිහින් දොර ඇරියෙමි.
"ආ සුනේත්‍රා.මොකද මේ ඇහරන්.නිදාගන්න."
ඔහු හැමදාම වගේ එය කියයි.වෙන බිරඳවල් තමන්ගෙ සැමියගෙන් ආදරය සෙනෙහස ලබද්දි මට ඒ සෙනෙහස ලබන්න පින තිබුණෙ නෑ.අදත් ඔහු සුරා පානය කර වෙන කාන්තාවක් ළඟ ඔහුගේ අවශ්‍යතා ඉටුකරගෙන නිවසට පැමිණි බව මට වැටහුනෙමි.වෙනදා වගේම අදත් මා සමඟ ඔහු රණ්ඩු වී නිදන්නට ගියේය.මේ ජීවිතය මට කොයි තරම් සරදම් කරනවද...
මවත් පියත් නොහිටපු මට මගේ අත්තම්මා මොහු සමඟ දීග යන ලෙස බල කරේ ඇයද ටික කලකින් මෙලොව හැර යන නිසාමය.
වෙලාව 11.50යි.මම මුහුණ කට සෝදන් යහන වෙත ගියෙමි.ඔහු යහනේ කෙළවරකට වී සුවසේ සැතපී සිටියේය.
කසාදෙන් පසු දිවි ගෙවන මමත් ගැහැණියක්.මටත් හැඟීම් දැනීම් කියලා දෙයක් ඇත.අඩුම ගානෙ පුංචි දරුවෙක් ගෙදරට ගේන්නවත් මොහුට කිසිදු වුවමනාවක් නැත.
"පියල්.සීතල නැද්ද .ඇයි හැමදාම ඇඳ අයිනෙ ඔයා නිදියන්නෙ.දරුවෙක්ගෙ ආදරේ ලබන්න ඔයා කැමති නැද්ද.?"
"දරුවො හරිම කරදරයි.මට බෑ.මට නිදා ගන්න දෙන්න."
"හැමදාම මට ඔය ටික අහගන්න වෙනවා.ඔව් ඉතින් වෙන ගෑනු ළඟ දැවටිලා ඇවිත් මගෙන් මොනව ගන්නද.මං මහ පව් කාරියක්.ඇයි මට සැමියගෙ ආදරේ ලැබෙන්නෙ නැත්තෙ.කරුමය මය හොඳට දඬුවම් දෙනව."මට සිතුනි.
සතියේ දිනවල ඔහු වැඩ රාජ කාරි වලට යන අතර ඉරිදා සහ සෙනසුරාදා නිවසේ රැඳෙයි.ඒ දවස් වලටද උදේ සිට රූපවාහිණිය නරඹන ඔහු සවස් කාලයේ මිතුරන් සමඟ විනෝදවීමට ඔහු යන අතර මා ගැන කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් සිදු නොකරයි.
හැමදාම ඔහු එනකල් මං මග බලන් සිටිමි.පාරෙ කොලු ගැටවුන් දිව ගියද හිතේ හැඟීම් පාලනය කර මා සිටියේ මගේ සැමියා හැරුණු විට කිසිදු පිරිමි ආත්මයකට මේ ශරීරයට අත නොතබන්නට ඉඩ නොදෙන අදිටනෙනි.නමුත් විවාහ මාස තුනක් ගියද ඔහු කිසි දිනක මට ආදරයෙන් කතා කර නැත.සෙනෙහස ලබා දී නැත.මෙය ඔහුගේත් අකමැත්තෙන් සිදුවූ විවාහයකි.
ගමේ සිටින විට කිසිදු පිරිමියෙක් මට විහිළු තහළු නොකලේ ,මා ගැන වැරදි වැටහීම් ඇති කර නොගත්තේ මා හැමට උදව් කර දුන් මුවැත්තියක් වූ නිසාමය.
නිවසේ අවශ්‍ය තාවන් සඳහා දිනක් නගරයට පිය මැන්නෙමි.එළවලු සැලට පැමිනි මා එළවළු තෝරන විට සෙනෙහෙ බර යුවල් පැමිණ උකුළු මුකුළු කරමින් එළවලු තෝරන අයුරු මගේ නෙත ගැටුණි .නෙත් කොණින් මෝරා පැමිණි කඳුළු සඟවා ගත් මා එතනින් පිටව ගියෙමි...
ටික දුරක් යන විට තරමක් පාළු තැනක් හමුවිය.මෝටර් සයිකලයෙන් පැමිණි පිරිමින් දෙදෙනෙකු මා පසු පස ආවේය.ඔවුන් මා ඉදිරෙන් නැවැත්වුවේය.
"ආ නංගී එළවලු ගන්න ඇවිත් වගේ.උදව්වක් ඕනිද.අපි ඉතින් මෙහෙ ගැන දන්නවා.හස්බනුත් නැති එකේ අපිට ඕන්නම් ඔයාගෙ දුක නිවන්න ගෙදර එහෙම එන්න පුළුවන් මොකද කියන්නෙ."
මොවුන් කෙසේ එය දැනගත්තාදැයි මම නොදනිමි.දැණුනෙ භයකි.ඔවුන් මා අසලටම ආහ.
"නංගි ඔයාගෙ හස්බන් මගෙ හොඳ යාලුවෙක්.අපිත් තනිකඩයො තමයි.අපිත් ආසයි ඉතින්.ඔයා කියනවනම් දැන් වුණත් එන්නම්."
ඔවුන් තවත් මට ළංවිය.
දුටුවේ එකකු බිම පතිත වන අයුරුය.හැඩිදැඩි පිරිමි පුද්ගලයෙක් පොල්ලක් අතැතිව දෙදෙනාටම පහර දුන්නේය.ඔවුන් ක්ෂණිකව එතැනින් පිටව ගියහ.
"නංගි මම නිසල්.ඔයා බයවෙන්න එපා.මෙහෙ තනිපංගලමෙ එන්න එපා ආරක්ෂිත නැහැ.යමු මං ගිහින් දාන්නම්."
"ඕනෙ නෑ අයියා.මට තනියම ගියහැකි."
"ඔයා බයවෙන්න එපා නංගා.මම ගමේ ඔක්කොම අඳුරනවා.ඔයාගේ මහත්තයවත්.මම තමයි ගම කෙලවරේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ පුතා.මාව දැකලත් නැතුව ඇති.."
ගුරු පුතෙකු වුවද ඔහුගේ කිසිදු සැරපරුෂ බවක් පෙන්න්නට නොතිබිණි.
ඔහුගේ රථයෙන් මා නිවස අසලට ගෙන ආවේය.ඔහුට ආචාර කර නිවසට ගියෙමි.කල් ගත වෙත්ම ඔහු මාගෙ මිතුරෙකු විය.සැමදා මගේ සැමියා එනතුරු බලන් සිටි මම ඔහු සමඟ රණ්ඩු කලේ මා ආදරයෙන් පිසූ ආහාර ඔහු නොගන්නා නිසාත්,ඔහු ගේ පුරුද්දක් ලෙස ආහාර වලට අගුණ කියන නිසාත් ය.
මගේ හැඟීම් සැමදා පාලනය කිරීමට අසීරු වුයේ පුන්චි දරුවෙකුගේ උණුහුම ලැබේමටත් උතුම් මව් පදවිය දැරීමටත් මගේ සිත වෙහෙසුනු නිසාමය.නමුත් කිසිදු දිනක කිසිවෙකුත් සමඟ එවැනි සම්බන්ධකම් නොපැවැත්වුවෙමි.
නිතර නගරයට යන විට නිසල් මුණ ගැසුණු අතර ඔහු ගැන මගේ සිතේ ආදරයක් කෙමෙන් දළු දැම්මේ ඔහුගේ කරුණාවන්ත බස් නිසාමය.එහෙත් මම වැනි ගැහැණියක් ඔහුට නොගැලපෙන බව මට සිතුනි.කිසිදු ආදරයක් සෙනෙහසක් නොලබන මා හට කවදා ආදරය ලැබේදැයි මට සිතුන වාර අපමණය.
දිනක් නිසල් මා හමුවිය.
"සුනේත්‍රා.මම තාම මැරි කරලා නෑ.මම දන්නවා ඔයා ගොඩාක් අවන්කයි කියලා.මට සමාවෙන්න මෙහෙම කියනවට.මට පුළුවන් ඔයාව බලාගන්න.ආදරේ සෙනෙහස හැමදේම දෙන්න.මම කවදාවත් කෙල්ලෙක්ට වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි.ඔයා වගෙ පොඩි කෙල්ලෙක් මෙහෙම දුක් විඳිනවට මම කැමති නෑ.මම සල්ලාලයෙක් නම් නෙවෙයි.මං හැන්සම් තමයි.එහෙම කියල මං කවදාවත් කෙල්ලො අනාත කරලා නෑ.කෙල්ලො ඇවිත් ඇති මගෙ පස්සෙන්.මං උන්ව යාලු කරගෙන නෑ කවදාවත්.මට ඕනි සල්ලි වලට වහ නොවැටිච්ච,හැමදාම ආදරෙන් ඉන්න පුලුවන් කෙල්ලෙක්ව.හරියට ඔයා වගේ."
"නිසල් අනේ එත්"
"මං කියන්නෙ ඔයාට දැන් මගේ ළඟට එන්න කියලා නෙවෙයි.ඒක වැරදියි.ඔයා මහත්තයගෙන් ඩිවෝස් අරන් මගේ ළඟට එන්න.එතකොට පුළුවන් අපිට මැරි කරන්න.මට ඉන්නෙ තාත්ත විතරයි.එයා ඔයාට විරුද්ධ වෙන්නෙ නෑ."
"හ්ම්ම්.මං කවදාවත් ආදරය ලබලා නැහැ.සෙනෙහස ලබලා නැහැ.දුක විතරයි.මම පියල්ට කියලා බලන්නම්.එයා ඩිවෝස් වෙන්න කැමති වුණොත් මම එන්නම්.මම වැරැදදක් කරනවා නෙවෙයි.මම ඒක දන්නවා."
"ඔව්.ඒකයි ඩිවෝස් වෙන්න කිව්වෙ.ඔයාට කවදාවත් දුකක් දෙන්නෙ නෑ මං."
"ඔයාට පිං නිසල්.මං ගිහින් එන්නම්.බුදුසරණයි."
"ඉන්න මං ගිහින් දාන්නම්."
ඔහු මාව පෙරදා ලෙසම නිවස් වෙත ගෙනැවිත් දැමුවේය."අද පියල් එක්ක කතා කරනවා"එලෙස මම සිතා ගතිමි.
වෙලාව රාත්‍රි 9.00 විය.පියල් වේලාසනම නිවසට පැමිණියේය.අද දින ඔහු බීමත්ව නොසිටි නමුත් හොඳින් ආහර ගෙන ඇති අව දුටු විටම මට වැටහුණි.
"මේ කෑම හැදුවනම් මට එපා.කන්න බෑ මං කාලා ආවෙ."
"අද කෑම හැදුවෙ නෑ.මට කියන්න තියෙනව දෙයක්."
"කියන්න."
"මට ඩිවෝස් වෙන්න ඕනි.දුක් විඳිනව කියලා මෙහෙම දුක් විඳින්න බෑ.මාත් ගෑනියෙක්.දෙයියන්ගෙ නාමෙන් අපි වෙන්වෙමු."
"ආ ඇත්තමද.අම්මෝ ඇතියන්තම්.හෙටම ඩිවෝස් වෙමු.මට එයා ළඟට නිදහසේ ගියෑකි.තමුසෙ වගේ නෙවෙයි.කිරි බෝලයක් එයා.හෙට ඩිවෝස් වෙමු."
ඔහුගේ වදන් මා හද පතුලටම වැදුණද ඇසෙන් වෙනදාමෙන් කඳුළක් නොවැටුනේ නිසල් යන සුන්දර පිරිමි රුව මගේ සිතේ ඇඳුන නිසාමය.
පසුව ඔහුගෙන් මම වෙන් වී නිසල් ගේ ආදර ලෝකයට පා තැබුවෙමි.සැබැවින්ම ඔහු සැමියෙකි.කිසිදා නොලැබූ ආදරය,සෙනෙහස ,ආදර බස් මට ලැබුණි.සැමදා මා ආදරයෙන් පිසින ආහාර ඔහු රස වින්දේ ඒ ආහාර තරම් වෙන කිසිවක් ඔහුට රස නැති බව කියමින්ය.වසර දෙකක් පමණ ගත විය.පුන්චි දූ පැටියෙක් අපේ කැදැල්ලට ආ දවස අපටම විශේෂ විය.කිසි දිනක එවැනි සතුටක් ලබයි කියා සිතුවේ නැත.දරුවන් නැති ලොවක සතුට කොයින්ද?
සැබැවින්ම ආදරය විඳිමි.සෙනෙහස ලබමි.
සැබෑ සැමියෙක් ලැබීමට කල් ගතවුණද එලෙස වීමට පින තිබූ බව මට සිහි වුණෙමි.
ආදරයට ගරු කරමි.ආරක්ෂිත ආදරණීය සැමියෙකු ළඟ දිවි ගෙවමි.සතුට නම් එයයි.
සැමියෙකු සිටියදී තවත් පිරිමියෙකුට පෙම් කිරීම වරදක් වන්නේ තමාට නියම සැමියෙකු සිටින්නේ නම් පමණි.
කියවලා බලන්න.ආදරය නොලබා දුක් විඳ පසුව සෙනෙහසේ නවාතැනකට යාමට පින පහළ වූ යුවතියකගේ කතාව.
..........................

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.