මේ සසරෙ අපි කවද හරි, කොතැකදි හරි , කොයි වෙලාවක හරි හම්බෙයි..මම ඒ දවස එනකල් බලන් ඉන්නවා මගෙ සුදු අයියෙ..ඔයාට බුදු සරණයි..!

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ලස්සන කතාවක්..
..........
සජ්ජා කොහෙද බන් ඉන්නේ ?
හිටපං මේ මග එනවා..
හා හා ඉක්මන්ට වරෙන්..

පරක්කු උනා බන්..මග ට්‍රැෆික් ඒකයි..
එල එල යමං..

අපි 4 දෙනා හැමදාම පන්ති යන්නේ එකට..වෙනදා වගේම කට්ටිය සෙට් වෙලා ක්ලාස් ගියා..

රාජිත මට අයින දියන් බං අද..හැමදාම උබ අයිනෙනෙ ඉන්නෙ..

ඇයි උබට කෙල්ලො බලන්නද ??

අනේ මොන රෙද්දකට වත් නෙමේ බං ෆෑන් එක යට ඕනෙ මට..අද පයින් බන් බස් එකට නගිනකල් ආවෙ..දාඩියයි..අනික උබ දන්නවනෙ මට කෙල්ලොන්ව අල්ලන් නෑ කියලා..

අපේ පේලියෙ ඉඩ මදි වෙලා සජිත් හිටියේ අපිට පිටිපස්සේ පේලියෙ..මට පිටිපස්සෙ..

ඒ සංජු පෑන වැටුනා අරං දියන්කෝ..

මම පෑන ගන්න නැමිලා පිටිපස්ස හැරිලා පෑන සජිත්ට දෙද්දී එහා පැත්තේ පේලියේ හිටපු කෙල්ලව දැක්කා..

ඒක ලස්සන සුදු රවුම් මූනක්..සුදු පාට සායයි, සුදු පාට අත් දිග ෂර්ට් එකයි එයා ඇදලා හිටියේ..සුදු මූනත් එක්ක මට එයාව මාර ලස්සනට පෙනුනා..
මම කෙල්ලන්ව එච්චර ගනන් ගත්තේ නැති උනත් ඒ මූන ඒ ඇස් දෙක මාව පිස්සෙක් කලා..

ගම්පහ ගම්පහ නගින්න මල්ලෙ..ඔය පිටිපස්ස සල්ලි ගන්න..
කොහෙටද මල්ලෙ ??

ගම්පහ 1යි වැලිවේරිය 3යි..

ඒ රාජිත මට එහා පැත්තේ හිටපු කෙල්ල මාර ලස්සනයි නේ බං ??

මේං යකෝ වෙනදට කෙල්ලන්ට බනින එකා අද කෙල්ලෙක් ගැන කියවනවා..

මේ මේ ජෝගි එපා බං..සිරාවටම ඒකි පට්ට ලස්සනයි බං..අනික ඒක මේකප් දාපු ලස්සනක් නෙමේ බං..ඒක ස්වභාවික ලස්සනක්..

හම්මට යකෝ.මූ දෙන දාර්ශනික ටෝක්ස් බලපන්කෝ සජිත්..අනේ මේ සංජු බණ කියන් නැතුව ඉදපං..උබට ඔච්චරම ඕනෙ නම් ටෝක් කරලා දා ගම්මු..

එල එල බලමුකෝ..ඒ මන් බහිනවා බන්..ලබන සතියේ ටිකක් උදෙන් වරෙං..මට අරක බලන්න ඕනේ..

එල එල..
....................

මොන හේතුවක් හින්දද දන් නෑ මට ගෙදර ගිහින් එයාවමයි මතක් උනේ..වැඩක් කරන්න වත් හම්බුනේ නෑ...මට ඊලග සතිය එනකල් ඉවසිල්ලක් තිබුනේ නෑ ඒ ලස්සන සුදු මූන බලන්න...

ඊලග සතියෙත් අපි පංති ගියා..අර කෙල්ල හිටපු තැනට මෙහා පැත්තේ පේලියෙ අපි සෙට් එක වාඩි උනා..

වෙනදට පාඩම අහන් ඉන්න මම එදා හිටියෙ එයාගෙ සිහියෙන්..

එයා ලියද්දි මන් එයාගෙ අත දැක්කා..මූන වගෙ නෙමේ අත..හුගක් කලුයි..බැලූ බැල්මට හොදට තේරෙනව ඒ අතින් ගොඩක් වැඩ කරල තියනව කියල..එවෙලෙම මට තේරුනා එයා ගොඩක් දුක් විදින කෙල්ලෙක් කියලා..
මෙච්චර ලස්සන මූනක් තියාගෙන මොකටද මේ කෙල්ලෙ දුක් විදින්නෙ කියලා මට ලොකු ප්‍රශ්නයක් ඇති උනා..

ඒ රාජිත මට අර කෙල්ල එක්ක කතා කරන්න ඕනෙ බන්..

හරි බං..ඉන්ටවල් එකට කතා කරමු..නැත්තම් උබේ නම්බර් එක ලියලා චිට් එකක් යවමු..

එපා බන්..මට හම්බෙලා කතා කරන්න ඕනෙ..

එල..ඉන්ටවල් එකට කතා කරමු එහෙනම්..
.........................
සංජු කාලා ඇවිත් කතා කරනවද ?? දැන්ම කතා කරනවද ??

ඒ මට දැන්ම කතා කරන්න ඕනෙ බන්..

වෙන කෙල්ලො හිනාවෙවී බත් කද්දි අර කෙල්ල විතරක් පැත්තකට වෙලා පොතක් බලනවා...

සංජු උබේ කෑල්ල බත් ගෙනල්ල නෑ වගේ බං..අර පොතක් කියව කියව ඉන්නෙ..

කෑල්ල ?? පිස්සුද යකෝ ?? තාම කතා කලේ වත් නෑ..උබලා සෙට් කරලත් ඉවරයි..
ඒ කවුරු උනත් බඩගින්නෙ නෙ බන්..ඒකිට බත් එකක් ගෙනත් දෙමුද ??

පිස්සුද යකෝ..ඒකි ලේ චෙක් කරන්න නොකා ඉන්නවද කවුද දන්නෙ..තොට ගහල පන්නයි...

මොකක්හරි කමක් නෑ..හිටපන් මන් ගිහින් කතා කරල එන්නම්..

එල අපි දොර ගාව ඉන්නම්..මේ ඉක්මන්ට වරෙන් හරිද ??

හරි හරි බං...
.........................

*Excuse me...ඔයා බත් කන්නෙ නැද්ද ??
*මන් බත් ගෙනාවෙ නෑ අද..ඔයා මාව අදුරනවද ??
*නෑ..ඔයා කෑම කන් නැති හින්දා මන් නිකන් ඇහුවේ..ඇයි අද අම්ම නැගිටින්න පරක්කු උනා ද ??
*මොකද එහෙම අහන්නෙ??
*බත් ගෙනත් නැති හින්දා ඇහුවේ..

කෙල්ලගේ ඇස් දෙකේ කදුලු පිරුනා..

කදුලු පිහදාන ගමන් එයා කිව්වා ඔයාට ඒවා වැඩක් නෑ නෙ..මගෙන් ඒ ගැන අහන්න එපා කියලා..

අනේ සොරි...මම අඩන්න තරම් දෙයක් කිව්වෙ නෑ නෙ ඔයාට..එහෙනම් ඔයාට බත් එකක් ගෙනත් දෙන්නද ??

එපා මට බඩගින්නෙ ඉදල පුරුදුයි..ඔයාගෙ යාලුවො බලන් ඉන්නව ගිහින් කන්න...කියලා අපේ සෙට් එක පැත්තට අත දික් කරල කිව්ව..

එවෙලෙ කරන්න ඕනෙ මොකක්ද කියන්න ඕනෙ මොකක්ද කියල මට තේරුන් නෑ.."මන් යන්නම්" කියලා මන් යාලුවො ලගට ගියා...

සංජු ඇයි බන් අර අරකි අඩන්නෙ ?? උබ මොනව හරි කිව්වද ??

මන් යාලුවන්ටත් විස්තරේ කිව්වා..

හා හා මේ වරෙන් කන්න යන්න..

මට එපා බන් උබල කාල වරෙං..මන් පන්තියට වෙලා ඉන්නම්..

අනේ බං මේ කෙල්ලෙක් හින්දා නහින් නැතුව මෙන්න මෙහෙ වරෙන් යන්න..

එක සැරයක් කිව්වහම පලයන් බං..මං කන් නෑ අද..

ඒ රාජිත සංජුවටත් හරි වගේ බං..වරෙන් අපො කාල එමු..
.........................

මට අරයගෙ විස්තර දැන ගන්න පුදුම ආසාවක් තිබුනෙ..මොකද මම එයාගෙ නම වත් දැනන් හිටියේ නෑ නෙ..එයාගෙ අම්ම ගැන අහද්දී ඇඩුවෙ ඇයි..ඇයි එයා ගොඩක් දුක් විදින්නෙ කියල මට දැනගන්න ඕන උනා..

*මේ මට ඔයාගෙන් දෙයක් අහන්න අමතක උනා..
*මොකක්ද ??
*ඔයාගෙ නම මොකක්ද ??
*රශ්මි...ඇයි මගෙ නම ඇහුවෙ ??
*නිකන්..මේ ඇයි ඔයා ඉස්සේල්ල ඇඩුවේ ??
*අනේ ප්ලීස් මට පාඩුවෙ ඉන්න දෙන්න..ඇයි ඔයා මේ විදිහට මගෙන් එක එක ප්‍රශ්න අහන්නෙ? ප්ලීස් මට වද දෙන්න එපා..

එයාගෙන් ප්‍රශ්න අහන එක එයාට කරදරයක් කියලා හිතුන හින්දා මන් හ්ම්ම්..සොරි කියලා පොත පෙරල ගත්තා..

ආ මනමාලයා..මොකෝ සෙට් කර ගත්තද කෙල්ලව ?

නෑ බන්..නම නම් දැන ගත්තා..ඒකි මොකක් හරි දුකකින් බන් ඉන්නෙ..මට ඒක දැනගන්න ඕනෙ..

ඉතින් අහපන්කෝ..

බෑ බන්..මන් ඇහුවා..ඒ ගැන අහන්න එපා කිව්වා බන්..ඒත් මට ඒක කොහොමහරි දැනගන්න ඕනෙ බන්...

ලබන සතියෙ ඉන්ටවල් එකේ අහගම්මු බන් එහෙනම්..

අනේ මට එච්චර දවස් ඉවසන් ඉන්න බෑ බන්..අද යද්දී අහමු..

යකෝ අම්ම දැක්කොත් ඒකිගෙ උබල මල් කඩ කඩ ඉන්නව ??

ඒකි තනියෙන් බන් යන්නෙ මන් හිතන්නෙ...

පස්සෙන් ගිහින් බලමුකෝ..උබල එන්න එපා..මන් තනියෙන් යන්නම්..නැත්තම් කියන එකක් නෑ බං..
................

පන්ති ඇරුනා..මන් රශ්මි නැග්ග බස් එකටම නැග්ගා..කිරිදිවැලින් බහින්න එයා ටිකට් ගත්තා..මමත් ගත්තා..

එයා හිටපු එකටම මම ගියා..අනේ ප්ලීස් රශ්මි මට දැනගන්න ඕනෙ ඇයි ඔයා ඇඩුවේ කියලා..

ඔයාට පිස්සුද ?? අපි කතා කර කර ඉන්නවා කවුරු හරි දැක්කොත් එහෙම ??

බෑ බෑ මට දැන් කියන්න..කමක් නෑ ඕන කෙනෙක් දැකපුවාවෙ...

බෑ..මන් පන්තියෙදි කියන්නම් එහෙනම්..දැන් යන්න මන් ලගින් වෙන තැනකට...

හ්ම්..මන් බහිනව..බුදු සරණයි..

ඊලග සතියෙ මන් පන්ති ගියෙ ඉන්ටවල් එක එනකල් බලාගෙන..රශ්මිගෙන් කතාව අහ ගන්න..
................

කොහොමහරි ඉන්ටවල් එක දුන්නා...

හරි රශ්මි..දැන් කියන්න කතාව..
................
හ්ම්ම්...මම ඔයාට කියන්නම් හැබැයි මේ ගැන වෙන කාටවත් කියන්න එපා..හරිද ?? අපි මෙහෙ අය නෙමේ..අපි පොල්ගහවෙල...අපේ අම්මට කැන්සර් එකක්..අපි මෙහෙ ආවෙ එයාගෙ ලෙඩේට බෙහෙත් කරන්න..එහෙ හොස්පිට්ල් එච්චර දියුනු නෑ..ඒකයි..ඔයා එදා ඇහුවේ "ඇයි අම්ම නැගිටින්න පරක්කු උනාද" කියලා.. ඒක ඇහුවහම මට දුක හිතුනා..ඒකයි මන් ඇඩුවෙ...එහෙ තියන ඉඩම් සේරම විකුනලා අපි මෙහෙ ආවෙ..මෙහෙත් අපි කුලියට ඉන්නෙ..

එතකොට ඔයාගෙ තාත්තා ??

පොල්ගහවෙල නම් ගෙදරක් බලා ගත්තා..ඒත් මෙහෙ ආවහම එයා කුලී වැඩ කරන්න ගත්තා..අපි ජීවත් වෙන්නේ එයා හම්බකරන පොඩි ගානෙන්...මන් පන්ති ෆීස් ගෙවන්නෙත් බොහොම අමාරුවෙන්..අප්පච්චි හම්බ කරන ඒව අම්මගෙ බෙහෙත් වලට යනවා..සමහර දවස් වලට අපි බඩගින්නෙ ඉන්නෙ..ඒකයි මන් එදා කිව්වෙ මට බඩගින්න පුරුදුයි කියලා..මට තව නන්ගියෙකුත් ඉන්නව..දැන් හරිනේ..දැන් මට කරදර කරන්න් එපා..ප්ලීස් මට පාඩුවෙ ඉන්න දෙන්න...

සංජු මේ ඇයි ඔය ඔයාගෙ ඇස් දෙකේ කදුලු ??

රශ්මි..

ඇයි..?

එන්න යන්න..

කොහෙද ?

ඔයා බඩගින්නෙ ඉන්නෙ..අද ඔයා කන්නෙ අපිත් එක්ක..මේ ඉන්නෙ මගෙ යාලුවො ටික..එන්න අපි යමු..

පිස්සුද ?? ඔයා මට කියන්නෙ කොල්ලො ටිකක් එක්ක කන්න එන්න කියලද ? මට බෑ..

හරි එහෙනම් මාත් එක්ක යමු..යාලුවො වෙනම යයි..

අනේ මන් හින්දා ඔයා කරදර වෙන්න ඕනෙ නෑ..ඔයා ගිහින් කන්න..මන් එන්නෙ නෑ..

රශ්මි එක පාරක් කිව්වහම එන්න ඔහොම මුරණ්ඩු වෙන්න එපා..සංජු ඒක කිව්වෙ ඇස් දෙකේ කදුලු පිහදාන ගමන්..ටිකක් සැරෙන්..

කටේ සද්දෙටම ද කොහෙද එයා පලවෙනි පාරට සංජුත් එක්ක කන්න ආවා...එයා කන ගමන් මට එයාගෙ තව විස්තර කිව්වා..අම්ම ගැන එහෙම..ඒව අහන් ඉන්න බැරුව මන් ඒව කියන්න එපා කියලා එයාව නැවත්ත ගත්ත..
..................

සංජු..උබ නම් වැඩ්ඩෙක් අහ්..යකෝ දෙවෙනි දවසෙම කෙල්ලව කන්න එක්කන් ගියා අහ් එහෙනම් ??

අනේ මේ පලයන් රාජිත..ඒකි අහින්සක කෙල්ලක්..

පුහ්හ්හ්...අපි දැක්ක දෙන්නම කතා කර කර ඉන්නව කෑම කකා..

ඒකිගෙ විස්තර ටිකක් ඇහුව බන් මම..නැතුව එහෙම මගුලක් නෑ..මේ මට ආයි ඕව කියන්න එපා හරිද ?? උබලට බැරිනම් පලයල්ලා..මගුල..

සජ්ජො බලපන්කො කෙල්ලො හින්ද කොල්ලො වෙනස් වෙනව කියන්නෙ නිකන් ද..නේ බන්..

අනේ මේ පලයන් මගෙන් කුණුහරප අහ ගන් නැතුව..මේ දැන් ඕක නවත්තපන්..මන් යනවා බන්. ලබන සතියෙ සෙට් වෙමු...
..................

මං හැමදාම එයාට කන්න අරන් දුන්න...පන්ති ෆීස් දුන්නෙත් මම..ඒත් එයා දන් නෑ මට සතිය පුරාම කන්න දීපු සල්ලි එකතු කරල එයාට දුන්නෙ කියල..

කොහොම හරි අපි දෙන්න හොදම යාලුවො උනා..නොදැනුවත්වම ඒක ආදරයක් උනා..එහෙම වෙන එක අහන්න දෙයක් නෙමේ නෙ..

අයියේ..

ඇයි පණ..??

අපි ගමනක් යන් ද ??

ඔයා කියන ඕන තැනකට එනවා සුදූ..කොහෙද යන්නෙ ?

අපි යන් අපේ අම්ම බලන්න ??

අම්මෝ බෑ..එයා ඇහුවොත් මන් කවුද කියලා..??

එයාට කල්පනාව නෑ අයියේ..

අනේ සොරි පැටියෝ මන් දැනන් හිටිය නෑ... ඇයි ඔයා මට ඒක කිව්වෙ නැත්තෙ ? ඔයාමනෙ කිව්වෙ අපි දෙන්න අතරෙ රහස් නෑ කියල..

මට ඒක කියන්න හයියක් තිබුනෙ නෑ අයියෙ..ඒකට මට සමාවෙන්න..

අයියෝ මගෙ මැට්ටි..ඉන්න මන් අම්මට බත් එකකුයි යෝගට් එකකුයි අරන් එන්නම්..

එදා මන් පලවෙනි පාරට රශ්මිගෙ අම්මගෙ අතින් ඇල්ලුව..රශ්මිගෙ අතින්ම බත් එක අම්මට කවනකොට නිකන්ම මගෙ ඇස් දෙකට කදුලු ආවා...

අපි යමු අයියෙ..මන් අම්මට වැදල රශ්මි ලගට ආව..

රශ්මි මං ඔයාට පොරොන්දුවක් වෙනවා..

ඒ මොකක්ද අයියෙ ??

මන් අපේ තාත්තගෙන් කොහොම හරි කැමැත්ත අරන් ඔයාගෙ අම්මව හොද කරනවා..

හ්ම්ම්...

ඇයි හ්ම්ම් කියන්නෙ ?? ඔයාට සතුටු නැද්ද ??

දැන් මගෙ ජීවිතේ බලපොරොත්තු නෑ අයියෙ..මට මගෙම කියල ඉන්නෙ ඔයයි අප්පච්චියි විතරයි..කවදාවත් මන් හිතන දේවල් වෙන් නෑ අයියෙ.

මන් ඔයාට බලපොරොත්තුවක් දෙනවා සුදු මැණිකෙ..කියලා සංජු කිව්වෙ රශ්මිගෙ ඇස් දෙකේ කදුලු පිහදාන ගමන්...
.....................

පුතා ඇයි අද පරක්කු උනේ ?

යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් බලන්න ගියා තාත්තෙ..

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ ??

එයාගෙ අම්මට කැන්සර් එකක් තාත්තෙ..තාත්තෙ අපි ඇමෙරිකා අරන් ගිහින් එයාව හොද කරමුකෝ..අනික එයා දන්නව අපිට ගොඩක් සල්ලිත් තියනව කියල...

පුතාගෙ හොදම යාලුවෙක් ද ??

ඔව්..මගෙ 5 වසරෙ ඉදන් යාලුවෙක්..අනික එයා කෙල්ලෙක්..

මොකක් කෙල්ලෙක් ??

ඔ ඔ ඔ ඔව්..කෙ කෙ කෙ කෙල්ලෙක්..ඇයි තාත්තෙ ??

සංජු හිතුවෙ දැන් තාත්තා දිගට හරහට ප්‍රශ්න අහයි කියල..නිකන් නෙමේ බැණ බැණ..

අනේ පව්..එයාට කියන්න මන් එයාට උදව් කරන්න කැමති කිව්ව කියලා..

යේ....මගෙ හොද තාත්තා..

සංජුගෙ සතුට අප්‍රමාන උනත් ඒක එයාට පෙන්නන්න පුලුවන්කමක් තිබුනෙ නෑ..

රශ්මිට phone එකක් නැති හින්දා හෙටම එයාව හම්බෙල මේක කියන්න සංජු හිතා ගත්තා..
...................

රශ්මි කුලියට ඉන්න ගේ එහා පැත්තෙ මල්ලිට එන්න කියල රශ්මිට එලියට එන්න කියල සංජු පනිවිඩයක් ඇරියා මේ සුබ ආරන්චිය රශ්මිට කියන්න..

අයියෙ..

රශ්මි අපේ තාත්තා ඔයාලට උදව් කරන්න කැමති උනා..ඔන්න මන් ඔයාගෙ අම්මව හොද කරල දෙනවා...හෙටම යන්න ලෑස්ති වෙන්න..

අයියෙ..

අයියෙ නෙමෙයි ඔන්න කියපු විදිහටම පොරොන්දු උන දේ කලා..

අයියෙ..

ඇයි ළමයෝ අඩන්නෙ ?? ආහ් සතුටු කදුලු..මටත් සතුටුයි මගෙ මැනිකේ..

සංජු වැලද ගැනීමක් බලාපොරොත්තු උනත් ඒක එහෙම උනේ නෑ..

අයියෙ..

ඇයි පණ ??

අම්ම නැති උනා අයියෙ ඊයෙ රෑ 11ට විතර..

මො මො මො මොකක් ?? රශ්මි ඔයාට පිස්සුද ? කියල සංජු ඇහුවෙ රශ්මිගෙ උරහිස් දෙකෙන් අල්ලලා හොලවන ගමන්...

ඔව් අයියෙ..අම්ම නැති උනා..

සංජුට කර කියා ගන්න දෙයක් නැතුව පිස්සෙක් වගෙ මුකුත් කතා කරන් නැතුවම ආපහු ගෙදර ගියා..කවදාවත් බීපු නැති සංජු එදා හොදටම බිව්වා..

රශ්මිගෙ අම්මගෙ අවසන් කටයුතු වෙනකල් ම සංජු ගොඩක් මහන්සි වෙලා වැඩ කලා..අම්මගෙ හත්දවසෙ දානෙ කරන්න රශ්මිට සල්ලි දුන්නෙත් සංජු... එදා රෑ සේරම වැඩ ඉවර වෙලා සංජු ගෙදර ගියා.. ගෙදර යද්දි පාන්දර 2.30ට විතර..

ඊයේ හොදටම මන්සි හින්දා සංජු පහුවදා නැගිට්ටෙ දවල් 12ට විතර..අතපසු උන පංති වල වැඩ ටික යාලුවන්ගෙන් අහ ගන්න හින්දා රාජිතට කෝල් එකක් ගන්න සංජු phone එක අතට ගත්තා..

නාදුනන නම්බර් 3කින් සංජුට මැසේජ් තිබුණා..දෙකක් මිස් කෝලස්..අනික මොබිටෙල් නම්බර් එකකින්..ඒකෙ කියල තිබුනෙ මෙහෙමයි..

" අයියේ අපි ආපහු ගමට යනවා..දැන් අපිට මෙහෙ ඉදල වැඩක් නෑ.මොකද මට ඕන කෙනා මේ ලෝකෙ නෑ දැන්..මෙහෙ වියදනුත් ගොඩක් වැඩියි ..අපිට එච්චර ආදායමකුත් නෑ..අප්පච්චිට පරණ ජොබ් එකම ගන්න පුලුවන් වෙයි කියලා කිව්වා..අපි යනවා අයියෙ..මේක අප්පච්චිගෙ නම්බර් එක..මේකට මැසේජ් කරන්න එපා ආයිත්..මේ සසරෙ අපි කවද හරි, කොතැකදි හරි , කොයි වෙලාවක හරි හම්බෙයි..මම ඒ දවස එනකල් බලන් ඉන්නවා මගෙ සුදු අයියෙ..ඔයාට බුදු සරණයි..!
මං ඔයාගෙ රශ්මි..

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI