සුදූ කෝ හොඳට කොණ්ඩෙ පිහදාගත්තද?
ඔව්නේ........
බොරු නේද කියන්නෙ කම්මැලි කෙල්ල. කෝ එනවා මං පිහදාන්න තුරුල් කරන්. ගන්න ගන්න වීඩියෝ කෝල් එකක්. මං බලන් ඉද්දි පිහදාගන්න ඕනි........
ඒ මගෙ අප්පච්චි. අප්පච්චි කීවට තාත්තා නම් නෙවේ. මගෙ ආදරේ...... ඒත් ඒ වෙද්දි මං එයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණෙ නෑ..... තාත්තාගෙන් පස්සෙ මට හමුවුණු ආදරණීයම මිනිසා.......
.......................... .......................... .......................... ...............
නංගි ඔයා හරි ලස්සනට කෑ ගහලා හිනා වෙලා දඟ කරලා ඉන්නවා. ඒත් මං එකක් කියන්නම්. ඔයා පෙන්නන්නෙ මවාගත්ත හිනාවක්...
අනේ නෑ අයියෙ. මං මේ හොඳට ඉන්නෙ.
අපි අතරෙ වුණ මුල්ම කතා බහේ අදටත් හිත කීරිගැහෙන කොටසක්.
ඔයාගෙ හුස්ම හරි බරයි නංගි. ඔයා කැමති නම් මට කියන්න. ඔය හුස්ම සැහැල්ලු වෙයි. ඔයා කීවෙ එහෙම. පැය ගානක කතා බහෙන් හැම දුකක්ම කියන තරමට ඔයා මගෙ විශ්වාසය දිනාගත්තෙ හරි අපූරු විදියට.
මං හිටියෙ ජීවිතේ එපා වෙලා. කොටින්ම හැගීම් දැනීම් නැතිව මළ මිනියක් ගානට. ඇස් වලින් එකම එක කඳුලක් වත් හෙලන්නේ නැතිව මං ඔයාට හැම දෙයක්ම කියනකොට ඔයා පුදුම වුණා මගෙ හිතේ හයිය ගැන. මං විතරයි දැනගෙන හිටියෙ ආදරයක් ළඟ වත් අවදි නොවෙන තරමට මගෙ හිත හැඟීම් විරහිත වෙලා කියලා.
ආදරේ කළ යුතු නැති වයසෙදි ආදරේ කරන්න පටන් ගත්ත මං ඒ හැම දෙයකින්ම හෙම්බත් වෙලා ආදරය කළ යුතු වයසට එද්දී කිසිම කෙනෙක් ළඟ හිත අවදි නොවෙන තැනට පත් වෙලායි හිටියෙ. මට ළං වුණ හැම පිරිමියම මගේ ඉතිරි විය යුතු එකම දේ තියලා මගේ සුන්දර ශරීරය පාවිච්චි කරලා මාව දාලා ගිය හැටි කියද්දී ඔයා හරි අනුකම්පාවෙන් මං දිහා බලන් හිටියේ. ඒ වෙද්දිත් මගෙ හිත කාටවත්ම ආදරේ කරන්න බැරි තැනට පත්වෙලයි තිබුණෙ.
ඔයාගෙ නවාතැනට ඔයා එක්ක එන තරමට ඔයා මගෙ විශ්වාසය දිනාගත්තා. එතැනදි මගෙ උරහිසට වාරු වෙලා ඔයාගෙ දුක ඔයා මට කීවා. ඔයාට පණ වගේ ආදරේ කරන ගෑණු ළමයෙක් හිටියත් දෙමව්පියන් නිසා එක් වෙන්න බැරි නිසා ඈතින් ඉන්න බව ඔයා මට කීවෙ හරි වේදනාවෙන්. මං ළඟ ඉද්දිම ඔයා දුරකථනයෙන් ඒ ගෑණු ළමයා එක්ක කතා කළා. සත්තයි මට ඊර්ෂ්‍යාවක් හිතුණෙ නෑ.
අපි දෙන්නා හඳුනගෙන ටික කාලයක් වුණත් මේ හැම දේම වුණේ අපි මුලින්ම හමු වුණ දවසේ. එදා ඔයා මාව අත් දෙකින් වඩාගෙන මාව තුරුල් කරගෙන මට හාදු දීලා වචනයෙන් නොකීව ආදරයක් මට දැනෙන්න දුන්නා. ඒත් මියැදුණ හිතත් එක්ක කිසිදු හැඟීමක් නැතිව හිටිය මගෙ දෙතොලට ඔය දෙතොල ළං කරද්දී මං මුහුණ හංගගන්නකොට දැක්කත් ඔය ඇස් වල කඳුලක් නොදුටුව ගානට හිටියෙ කිසි දෙයක් මට තේරුම් ගන්න බැරි නිසා.
දවස් කීයද ගෙවිලා ගියේ. හරියටම අපි හමු වුණ තුන්වෙනි දවස. මං මුලින්ම ඔයා හමු වෙලා දවස් දොළහකට පස්සෙ දවස. ඔයා ඒ වෙද්දිත් මට පුදුම තරම් අාදරයක් දීලා තිබුණත් මගේ හිත හැඟීම් විරහිතයි. ඒත් පුංචි වෙනසක් නොතිබුණාමත් නොවේ. ඔයා හැම තත්පරයකම මං ගැන හොයලා බලනකොට මගේ හිතට තුරුල් වෙනකොට මට පුංචි ලෝබකමක් දැනුනා ඔයාගෙ හිත හොරාගත්ත ගෑණු ළමයා ගැන. වචනයෙන් මට ආදරෙයි කියලා නොකීවට ඔයා මාව ගෙදර ගෙනියන්න ඕනි කීවා. ක්‍රියාවෙන් ආදරේ පෙන්නලා දුන්නා.
අහලා තියෙනවද කොල්ලෙක්ගෙ හිතේ ආදරේ ඇති වෙන්න තත්පර ගානක් ඇතිලු. ඒත් කෙල්ලෙක්ට අවම දවස් 15ක් ඕනිලු. දොලොස් වෙනි දවස වෙනකොට යම් වෙනසක් තිබුණත් ඔයා මගෙ පහස හොයද්දී මං අඬා වැටුණෙ හිතට දැනුණ අසරණකමට. ජීවිතේ වැරදුණ මගෙ හැඟීම් තේරුම් නොගත්ත ඔයා හිටියෙ කලකිරීමෙන්.
කොහොම වුණත් ඔයා පහුවෙනිදා නුවර ගියා. යාළුවො එක්ක. ඒ ගමනට අර ගෑණු ළමයාත් එන බව කියලා කෝල් එකක් වත් ගන්න එපා කියලයි ඔයා ගියේ. ඔයා ගිහින් ඒ ගෑණු ළමයා එක්ක ෆේස් බුක් ෆොටෝ අප්ලෝඩ් කරන්න ගත්තමයි මං දැනගත්තෙ මං ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියලා. එදා ඉදන් මං පිස්සියක් වුණා. මියැදුණ හිත ආයෙ පණ ලබලා. මං දැනන් හිටියෙ නෑ මං ඒ තරමටම ආදරේ කරන්න දන්නවා කියලා.
ඔයා ගමන ඉවර වෙලා ඇවිත් මාව මුණගැහෙනකල් මං බලන් හිටියෙ මං ආදරෙයි කියලා කියන්න. ඒත් ඔයා ආවෙ නෑ. මගේ කෝල් වලට,කෙටි පණිවිඩ වලට ඔයා උත්තර දුන්නෙ නෑ. ඉතින් මං හැසිරුණේ හරි දරුණු විදියට. මං රණ්ඩු කළා. මගෙ හිතේ හැඟීමක් ඇති කරලා ඔය විදියට නිහඬ වීම මට ලොකු ප්‍රශ්නයක් වුණා. හැමදාම උදේට කිසිම දුකක් වත් සතුටක් වත් නැතිව අවදි වුණ මං දැන් අවදි වෙන්නෙ ඔයා ගැන පපුවෙ දැවිල්ලක් එක්ක.
අපි හමුවෙලා හරියටම දවස් 31ක් වුණ දවස අපි ආයෙ හමුවුණා. අවසන් වරට. මං වැරදි කියලා ඔයා කියනවා. මං රණ්ඩු කළා තමයි. ඒ ඔයා මට නැති වෙයි කියන බයටමයි. ඒත් ඔයා කියන නිසාම මං වරද මගේ කියලා පිළිගත්තා. ඒත් ඔයා මට නැති වෙයි කියන බයටම.
එදා මගෙන් ඈත් වෙලා ගිය ඔයා තවමත් ආවෙ නෑ. එක පාරටම අකුණක් ගහලා හැම දේම පිච්චිලා අළු වුණා වගේ. වුණේ මොකක්ද එහෙම වුණේ ඇයි කියලා තාමත් මට හිතාගන්න බෑ. කෑ ගහලා අඬනවා හැරෙන්නට මට කරකියාගත හැකි කිසිවක් නෑ. නුඹ කියයි ආදරයක් ඇති වෙන්න බෑ මේ විදියට මේ තරම් ඉක්මනින් කියලා. ඒත් ඒ දේ ඇති වුණා. ජීවිතේ කවදාවත්ම ආදරේ නොලබපු තැළුණු පොඩි වුණ හිතකට අසීමිත ආදරයක් දැනුණම එහෙම වෙන්න පුළුවන්. ඔයා කියන්නෙ ඔයාට අාදරේ කරන්න මට අවස්ථාවක් දුන්නාලු. මං ඒක නිසි කාලෙදි ගත්තෙ නැතිලු.
මාව ඒ තරමට හෑල්ලු කරද්දිත් මං තවමත් ආදරේ ඇයි කියලා මං දන්නෙ නෑ. ඔයා හමුවෙන්න කලින් බොරුවට හරි හිනා වුණ මං දැන් බොරුවට වත් හිනාවෙන්නෙ නෑ. මගේ හුස්ම දැන් ඉස්සරටත් වඩා හුඟක් බර
ඔව්නේ........
බොරු නේද කියන්නෙ කම්මැලි කෙල්ල. කෝ එනවා මං පිහදාන්න තුරුල් කරන්. ගන්න ගන්න වීඩියෝ කෝල් එකක්. මං බලන් ඉද්දි පිහදාගන්න ඕනි........
ඒ මගෙ අප්පච්චි. අප්පච්චි කීවට තාත්තා නම් නෙවේ. මගෙ ආදරේ...... ඒත් ඒ වෙද්දි මං එයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණෙ නෑ..... තාත්තාගෙන් පස්සෙ මට හමුවුණු ආදරණීයම මිනිසා.......
..........................

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.