මචං මොකෝ මේ වරෙන් ඩ්‍රින්ක් එකක් දාන්න..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මචං මොකෝ මේ වරෙන් ඩ්‍රින්ක් එකක් දාන්න..

උඹ යමං.. දන්නවනෙ මං දැන් ඕවාට නෑ කියලා....

ඉස්සර මං කරටි කැඩෙන්න ගහලා බයික් එකේ ගෙදර ගියා. සල්ලි දීලා ගෑණු ගත්තා.
මට තිබුණෙ අයාලෙ ගිය ජීවිතයක්.

----------------------------------------

එදා තමයි දවස. ඔව් මං කැම්පස් එකට යනකොට අලුත් නැව ඇවිත්. ජැන්ඩියට ඇදන් ගියාට මං පරක්කුයි. කමක් නෑ. පොඩ්ඩක් අලුත් කෑලි ටික බලාගන්නත් පුළුවන්. මගෙ ඇස් නැවතුණා අමුතුවට මං දිහා බලන ඇස් දෙකක් ළඟ. මහ ලොකු ලස්සනක් නෑ. හැබැයි හොඳ කඳක්. මගේ කුපාඩි සිතුවිලි ටිකක් මතු උනත් මං හිත හංග ගත්තා.

නැව ඇවිත් දැන් හුඟක් කල්. මට ඕන උනේ ඒ කෙල්ලව රූම් එකකට අදින්න. ඒක හිතේ තියන් මං කෙල්ලට ළං උණා. අාද⁣රේ කීවා. ඒත් ඒ පුංචි එකී ගස්සලා පද්දලා මාව ප්‍රතික්ෂේප කළා. මගේ ප්‍රතිරූපයට ඒක හරි මදි. මගේ හිත කීවෙ එහෙමයි. මං පළිගන්නම හිතන් කෙල්ලව යාළු කරගත්තෙ ලොකු උත්සාහයක් දරලයි.

අයියෙ ඇයි මගෙ හිත උදුරගත්තෙ?

පුංචි ඇස් ලොකු කරලා එ්කි අහනකොට මගෙ හිතේ ඇති උණේ ලොකු ප්‍රශ්නාර්ථයක්. ඒ කෙල්ල මට ආදරේ කරන්න පටන් අරන්. ඒත් ඒ වෙනකොටත් මං නොදන්න කතාවක් තිබුණා . ඒකිට ගෙදරින් බලහත්කාරයෙන් කරලා දුන්න කසාදයක් තිබුණා.

මුළු ලෝකෙම වගේම උඹත් දැන් කියයි ඒකි මහ ජරා කෙල්ලෙක් කියලා. නෑ උඹ වැරදියි. එකිගේ සැමියාට තිබුණෙ තමන්ගෙ බිස්නස් ගැන උනන්දුව විතරයි. ඒකිට ආදරයක් ලැබුණෙ නෑ. මගෙ පුංචි කෙල්ල තනි වෙලයි හිටියෙ. ඒකි මට තුරුල් වෙලා වරු ගණන් ඇඬුවා. දුක, තනිකම කීවා. මමත් නොදැනම මාත් එ් පුංචි කෙල්ලට ආදරේ කරන්න පටන් අරන් තිබුණා.

අපේ ආදරේට සීමා මායිම් තිබුණෙ නෑ. උඹ හිතයි මගෙ කුපාඩි සිතුවිලි මං ඉටු කරගත්තා කියලා. නෑ.. මං ජීවිතේ පළමු වතාවට ආදරෙන් කෙල්ලෙක් යහනට ගත්තා.. ලෝකය මොන දේ කීවත් මං ඒ පුංචි එකීගෙ පිරුණු ළැම සිප ගනිද්දි ඊට යටින් තිබුණ ඒකීගෙ හදවත හඳුන ගත්තා. එ් සුන්දර වසර තුනක කාලය තුළ භදු යෞවනය ගත කරපු ඇයත් මමත් එතුවක් නොලැබිච්ච ආදරයක් රස වින්ඳා.

දැනගෙන හිටියත් මේ කරන්නෙ තහනම් ගහේ ගෙඩි කෑමක් කියලා ලෝකෙටම කෑ ගහලා කියන්න බැරි වේදනාවකින් එයත් මමත් පීඩා වින්ඳා. තමන්ට නොලැබෙන ආදරයක් එ් ආදරේ දෙන කෙනෙක්ගෙන් ලබාගන්න එක වරදක්ද. මේ ලෝකෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අසීමිත ආදරයක් ඕන. ලිංගිකත්වය හැංගිලා තියෙන්නේ ඒ ආදරේ ඇතුළෙ. මං ඒ දේ ඉගෙන ගත්තෙ ඒ පුංචි කෙල්ලගෙන්.

ඒත් මට ඒ පුංචි කෙල්ල ඒ නරකාදියෙන් අරන් එන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒකිගේ තාත්තා අම්මත් නැතුව තනියම කෙල්ලව හදාගෙන තිබුණෙ. ලෙඩ ගානෙ ඉන්න ඒ මනුස්සයට ගින්දරක් දෙන්න ඇයට වත් මට වත් පුළුවන්කමක් තිබුණෙ නෑ.

ඒත් මං රට අතෑරලා එද්දි මං ඇය වෙනුවෙනුත් ඇය මං වෙනුවෙනුත් කරපු දෙයක් තිබුණා.

ඔව් මං ගැන වටින් ගොඩින් දැනගත්තා ඇයගෙ සැමියා අැයව නැති වෙයි කියන බයටම ඇයට ළං වුණා. මං කියලා දුන්න ආදරේ ඇය ඔහුට කියලා දුන්නා. ඔව් දැන් දෙන්නා ආදරෙන් ඉන්නවා. පුංචි දරු පැටියෙකුත් එක්ක. ඒත් මං දන්නවා ඇයයි මමයි තරම් ආදරයක් ඒ දෙන්නා අතර නැතුව ඇති.

දැන් මං මේ සීතල රටට වෙලා අඩියක් ගහගෙන සල්ලි දීලා ගෑණියෙක්ගෙ පහසට නතු වෙලා නිදාගන්නවා. නෑ උඹට වැරදුණා.

ඇය යද්දී මගෙන් ඉල්ලුව ඉල්ලීම් දෙක අදටත් මං රකිනවා. ඒ ඇය මං වෙනුවෙන් කරපු දේ.

----------------------------------------

මචං වරෙන් වරෙන් මං අද සුපිරි කෑල්ලක් ගෙනාවා... උඹ ළඟ සල්ලි තියෙනවනේ ?

නුඹට පොරොන්දු දීලා දැනට වසර දහයක්. මගෙ යාළුවො මේ තනි වුණ රටේ කරටි කැඩෙන්න ගහලා ගෑණු එක්ක බාල් නටද්දි නුඹේ අහිංසක ඇස් දෙක සිහි කරලා මං කාමරේට යනවා...

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI