හැම හමුවීමකටම වෙන්වීමක් තියෙනවා කියලා සර් කෙනෙක් කිව්වා මතකයි.ඔව් ඒක ඇත්ත

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හැම හමුවීමකටම වෙන්වීමක් තියෙනවා කියලා සර් කෙනෙක් කිව්වා මතකයි.ඔව් ඒක ඇත්ත.මේක ඒ වගේ කතාවක්නම් නෙවේ.කියවලම බලන්න.
........................................................

මේපාර තමයි මම මුලින්ම උසස්පෙළ ලියන්නෙ.මම හංසිනි තරුෂිකා..පවුලෙ ඉන්න බඩ පිස්සා.මට ගෙදර අය කතාකලේ චූටි කියලා.කවදාවත් ගෙදර අයට වැරද්දක් කරල නොතිබුණ මම ගෙදර අය එක්ක හිටියෙ හුඟාක් සතුටින්.අවංක පිරිමියෙක්ගෙ තුරුලට වෙලා ආදරෙ කරන්න මේ හිත කොයිතරම් ඉල්ලුවත් මගේ මෝඩ අයියා නිසා මට එහෙම කරන්න බැරි වුණා.මං කවදාවත් එයාලගෙ විස්වාසෙ කැඩුවෙනම් නෑ.

"චූටි මෙහෙ එනවා"

"ඇයි අයියේ?"

"දැන් ටීවි බැලුව ඇති යන්න ගිහින් යන්න පාඩම් කරන්න."

"හ්ම්ම්.හා හොඳමයි අයියෙ."

ඒ තමයි ඉතින් මගෙ අයියා.මොනදේ වුණත් මං ගැන හොඳට හොයලා බලනවා.අයිය මට හුඟාක් ආදරෙයි.අක්කනම් අපෝ.වැඩක් නෑ කතා කරලා.මගෙ අහිංසක කම් වලින් හැම වැඩක්ම ගන්නවා.අම්ම නම් ගෙදර තමා ඉන්නේ.තාත්තත් ඊළඟ අවුරුද්දෙ රිටායර් වෙනව.අයියයි අක්කයි තමා දැනට පවුලේ බර දරන්නෙ.මගෙ පංති වල ෆී එක ගෙවන්නෙ අයියා.මම නම් කරන්නෙ කලා අංශෙ.සාමන්‍ය පෙළට විශිෂ්ට සාමර්ථ 9 ක් ගත්තත් මගෙ ඇඟේම තිබුනේ සිංහලයි,ඉතිහාසයයි, සමාජ ක්ෂේත්‍ර දැනුමයි.මං ඒ නිසාමයි කලා අංශය තෝරගත්තේ.
..........

තව මාස පහයි විභාගෙට.අද සිංහල පංති.උදේම යන්න පිටත්වුණේ ජා - ඇල ගම් පහ බස් එකේ.මගේ යාළුවෝ දෙන්නෙක් ගේ ළඟම ඉන්න නිසා බස් එකේ යවන්න ගෙදර අය බය වුණෙත් නැහැ.

"ආ විශ්මි.කොහෙද බන් යන්නෙ?"

"මොන්ටානා එකට බන්.මං අද තමා අලුතින් යන්නෙ.ඔක්කොම යාලුවො ඒකෙ බන්.තව මාස පහයිනෙ.සිංහල ගොඩ දාගන්න ඕනි බන්."

"ආ නියමයි.ඔක්කොම ඉන්නවා.යමු මාත් ඒකෙ තමයි පංති යන්නෙ."

"ෂා මරුනේ."

"ආ බස් එක ආව මෙතනින් බහිමු.ස්ටේෂන් එකට යන්න බෑ.බහිමු."

"හ්ම් හ්ම්."

..............

"ඒ විශ්මි අර කොල්ලො ටික උඹ දිහා බලනවා බන්.මොකෝ දන්නෑ."

"අනේ පල.මම හෙනම කෑල්ලනෙ උන් මගෙ දිහා බලන්න."

"ඔව්නේ.ඒකනේ."

"ඒ හංසිනි .අන්න සපූගෙ අම්ම ඇවිත් උඹට කතා කරනවා."

"ආ සපූ මගෙ ටියුට් එකක් අරන් ගියා.අද එන්නෙ නෑ කිව්ව.මං අරන් එන්නම්."

මම ටියුට් එක අරන් දුවගෙන ආවා.ඉස්සරහ කොල්ලො ටිකක් ඉඳගෙන හිටියට මං ගණන් ගන්නෙ නැතුව එයාලව පාස් කරන් දුවන්නයි හැදුවෙ.ඒත් අවාසනාවකට කොල්ලෙක් මාව දකින්නෙ නැතුව නැගිටපු පාර මම එයාගෙ ඇඟේ වැදිලා බිම වැටුණා.

"මොන හු***.අහක බලන්ද ඕයි යන්නෙ."

"අනේ සොරි මම දැක්කෙ නෑ.අනේ සොරි."

"ඒ එපා බන් දිලා.පව් බන් පොඩි කෙල්ලෙක්නෙ.අහක බලන් තමයි බන් ආවෙ මාත් දැක්කා.මේ චූටි කෙල්ල ඔයාට කිසිම තුවාලයක් නෑ නේද.ඔයා යන්නකෝ මෙතනින් දැන්."

"නෑ මට කිසිම තුවාලයක් නෑ.ස්තූතියි ඔයාට."

"පව් බන්.පොඩි කෙල්ලෙක්.හෙන අහිංසක පාටයි බං."

"හ්ම් හ්ම් උඹ කියපු නිසා යන්න දුන්නෙ.නැත්තම් කීයක් හරි කඩාගන්න තිබ්බා."

"හ්ම් බන් දැන් සර් එන වෙලාව.යමු"

"එල යමු."

...........

"ඒ හංසිනි මොනාද බං කල්පනා කරන්නෙ.සර් උගන්නනවා උඹ මොනවද කල්පනා කරන්නෙ?"

"..."

"හංසිනී....????"

"ආ.ඇයි ඇයි මොකද මොකද.."

"මොනාද කල්පනා කරන්නෙ?"

"නෑ බන් මොකුත් නෑ.ඔලුව ටිකක් රිදෙනව.වැටුනත් එක්කනෙ..."

"උඹට තුවාල නෑනෙ.මොකුත් අවුලක් උනෙත් නෑනෙ.අසනීප වෙන්න වෙන්නැති බන්."

"හ්ම්.මාත් එහෙම හිතනවා."

"ක්ලාස් ඉවරයි.යමු දැන්"

"හ්ම් යමු"

අනේ අද මට ඒ ආදරෙන් වගේ කතා කරපු කොල්ලා කවුද.හරිම සංවර චරිතයක් වගේ.ඒත් අයිය කෙනෙක් වෙන්න ඕනි.මට චූටි කෙල්ල කියලත් කිව්වා.හ්ම්ම්.ඉක්මනට ගෙදර යන්න ඕනි.ඔලුව කැක්කුමයි පැලෙන්න.

.......

"අම්මා අදත් මට ක්ලාස්."

"දැන් ඔලුවෙ කැක්කුම අඩුයි නේද?"

"ඔව් අම්මෙ.මං යන්නම් බුදුසරණයි.අනිත් ඔක්කොම වැඩට ගිහින්නෙ ඉතිං."

"පරිස්සමින් ගිහින් එන්න.බුදුසරණයි."

......

මම බස් එකට නැගලා යාළුවොත් එක්ක කියව කියව ආවෙ විභාග භීතියගැන.බස් එකෙන් බැස්සම විශ්මි මගෙන් ටියුට් එකක් ඉල්ලගත්තා බලන්න.නැණිල එක ගාව එදා අර මට චූටි කෙල්ල කියපු අයියයි අනිත් කොල්ලො ටිකයි හිටියා.අර අයිය නම් මං දිහා බලලා අහිංසක හිනාවක් දැම්මා.

"ස් ස්..චූටි කෙල්ල ඔහොම පොඩ්ඩ ඉන්න."

"මම නැවතිලා ආපහු හැරුනා."

"මේ ඔයාගෙ බෑග් එකේ සිපර් එක ඇරිලා. ටියුට් වගයක් බිම වැටුණා.ආ මේ ටික ගන්න."

"අනේ තෑන්ක්ස් අයියේ.මං යනවා.."

"හ්ම්ම්.වෙල්කම්."
.............
අද පංතියෙ ඉන්නත් අමාරුයි අසනීප වුණෙත් නෑ ඉවර වෙනකල් හිටියා ඉවසගෙන.අද මාත් එක්ක යන යාළුවෝ දෙන්නයි විශ්මියි ගම්පහ ටවුන් එකට ගියා මොනවදෝ ගන්න.මට අමාරු නිසා මම ගෙදර යන්නම් කියලා බස් එකට නැග්ගා.අදනම් බස් එකේ ටිකක් ඉඩ තිබුණා.
මම ගිහින් ශීට් එකක ඉඳගෙන පාර බලාගෙන හිටියා.අපේ පංතියෙ කපල් දෙකකුත් බස් එක පිටිපස්සෙම ශීට් එකේ හිටියා.මගේ ලඟින් නිකන් නපුරු මූණක් තියෙන ඇස් රතු වෙච්ච කොන්ඩෙ වවාගත්තු පිරිමියෙක් වාඩි වුණා.මට ටිකක් බය හිතුණත් මම අහක බලන් හිටියා.ඒත් ටික වෙලාවක් යද්දි මට තේරුණා මගේ ඇඟ මේ මනුස්සයා අල්ලන්න එනවා වගෙ.මම නැගිටලා යන්න හදනකොට මේ මනුස්සයා අඟල් දෙකක විතර තලයක් තියන පිහියක් මට පෙන්නුවා.මට තිබුණ බය හින්දම කෑ ගහග්න්නත් බැරිවුණා.ඇන්නොත් එහෙම නිකමටවත්.

"ආ සූකිරියා වැඩ වගේ.කෙල්ලත් ඉන්නෙ මෙතන."

"ආ ඔව් ඔව් අන්න උඹෙ චූටි කෙල්ල ඉන්නව අතන ශීට් එකෙ.පොඩ්ඩක් කතා කරල වරෙන්."

"ආ එහෙමද.හිටපන් මම නැගලා පොඩ්ඩක් කතා කරලා එන්නම්."

"එල එල බන්."

මට ඇහුණා අර අයියා ඇවිත් ඉන්නවා කියලා.එයා ආවා මගෙ ඉස්සරහට.එයා දැක්ක මම හුඟාක් බයවෙලා ඉන්නව.මම මගේ ඇස් වලින් අර මිනිහගෙ අතේ පිහියක් තියෙන බව හැඟෙව්වා.

"අඩෝ බල්ලො.බැහැපිය පරයො බිමට.බැහපිය."

"ඇයි ඇයි ශෂේන්.මොකද මේ."

"බලපන් මූ කුඩ්ඩෙක්ද කොහෙද.මේ චූටි කෙල්ලට කරදර කරනවා ඇදල ගනින් මූව එලියට සලකන්නම් මම."

"හරි.බන්. ගනින් මූව."

මම දැක්කා අයියා අර මිනිහට බිම දාගෙන නහයෙන් කටින් ලේ වැක්කෙරෙන්න ගහනවා.

"අඩෝ තෝ වගේ පාහරයෙක් හින්දා තමයි යකෝ අද මං දුක් විඳින්නෙ.තොපි මේ රටට කැලලක් මිනිහෝ .ඉඳා තොට.අද උඹෙ අත් දෙක කඩනවා ."

"අයියේ අනේ ඇති අයියෙ අනේ ඇති."

"චූටි කෙල්ල උඹ පැත්තකට වෙයන්.මං වින්ද දුකට වග කියන්න ඕනි මේ වගෙ බල්ලො තමයි."

"අයියේ පොලීසියෙන්.."

"මොකද මොකද මේ මනුස්සයට ගහන්නෙ.උඹලා පංති යන උන් නේද.නැගපියව් ජීප් එකට."

"අනේ සර් අනේ මේ මනුස්සයා මට කරදර කලා සර්.මේ අයිය තමයි මාව බේරගත්තේ.මේ මනුස්සයගෙ අතේ පිහියකුත් තිබ්බා.අර බලන්න සර්."

"කෝ බලන්න.ආ මේ මූ.මූව නිදහස් කලෙත් ගිය සතියෙ.බීල බීල පිස්සු කෙලිනවා දාගනින් මූව.හොඳ වැඩක් කොල්ලනනේ."

"ස්තූතියි සර්.අනෙ අර අයියගෙ කිසිම වැරද්දක් නෑ."

මම දුවල ගිහින් අයියගෙ පපුවට තුරුල් වුණා.තුරුල් වෙලා ඇඬුවා.එතන සෙනගත් පිරිලා.

"චූටි කෙල්ල දැන් බයවෙන්න එපා මං ඉන්නවනේ.කොහෙටද යන්නෙ.යමු මං එන්නම් බස් එකේ."

"අනේ ගොඩාක් පිං අයියේ.මට ටිකක් අමාරුයි."

"අනේ ඉක්මනට අඩුවෙයි.බෙහෙත් ගත්තෙ නැද්ද? බැහැල බෙහෙත් ටිකක් අරන් දෙන්නම්.බහිමු."

"අනේ ඕනෙ නෑ අයියේ.මේ අසනීපෙට බෙහෙත් ඕනි නෑ.ඔයා දන්නවනෙ.අනේ ඒක නෙවෙයි ඇයි අර මනුස්සයට ගහද්දි ඔයා කිව්වෙ ඒ වගෙ එකෙක් හින්ද දුක් විඳිනවා කියලා?ඇයි එහෙම කිව්වෙ?"

"චූටි කෙල්ල.ඒක දිග කතාවක්.මං නිවාඩු දවසක කියන්නම්.ප්ලීස්"

"ආ හරි අයියෙ.මං ඉස්සරහින් බහිනවා.අයියට ගොඩාක් පින් මාව බේරගත්තට.අයිය නොහිටියනම් මට මොනව වෙයිද දන්නෙ නෑ."

"ඒක මං ඕනම කෙල්ලෙක් වෙනුවෙන් කරන යුතුකමක්.හ්ම්ම් පරිස්සමින් ගෙදර යන්න.බුදුසරණයි."

"ඔයත් පරිස්සමින් යන්න බුදුසරණයි.ආයෙ යන්න ඕනි නේද හැරිලා.මං හින්දා කරදරේ නෙද?"

"අනේ නෑ කෙල්ල.එහෙම නෑ.මේක මට ලොකු ගෞරවයක්."

"හ්ම්ම්.ගොඩාක් පිං අයියෙ.මං යනවා.බුදුසරණයි."

"බුදුසරණයි යි චූටි කෙල්ල."

...................
"අම්මේ අම්මේ.අනේ අම්මේ.අද මාව අයිය කෙනෙක් බේරුවා අම්මෙ නරක මිනිහෙක්ගෙන්"

"මොකද වුණේ දුවේ??"

මම සේරම විස්තරේ අම්මට කිව්වට පස්සෙ අම්ම හැමදාම එන්නම් කිව්වා මාව එක්කන් යන්න.එහෙම වුනොත් මට අර අයියගෙ කතාව අහන්න බැරිවෙන නිසා මගේ යාළුවන්ටත් කෝල් කරලා අමාරුවෙන් ශේප් කර ගත්තා

ජීවිතේ පළවෙනි පාරට තාත්තගෙ ඇරෙන්න අයියගෙවත් පපුවට තුරුලුවෙලා අඬපු නැති මම මාව බේරගත්තු අයියගෙ පපුවට තුරුලු වුනා.එයා මං ගැන වැරදියට හිතුවද දන්නෙ නෑ.නෑ නෑ එයා එහෙම වෙන්න බෑ.මොනදේ වුණත් එයා ලොකු වේදනාවකින් ඉන්නවා.ඒක ගැන පොඩ්ඩක් අහන්න ඕනි.පව් හරිම අසරණ වෙලා ඇත්තෙ.කොයි තරම් ලස්සන කොල්ලෙක්ද.හ්ම්ම්.
...."අම්මේ අම්මේ.අනේ අම්මේ.අද මාව අයිය කෙනෙක් බේරුවා අම්මෙ නරක මිනිහෙක්ගෙන්"

"මොකද වුණේ දුවේ??"

මම සේරම විස්තරේ අම්මට කිව්වට පස්සෙ අම්ම හැමදාම එන්නම් කිව්වා මාව එක්කන් යන්න.එහෙම වුනොත් මට අර අයියගෙ කතාව අහන්න බැරිවෙන නිසා මගේ යාළුවන්ටත් කෝල් කරලා අමාරුවෙන් ශේප් කර ගත්තා

ජීවිතේ පළවෙනි පාරට තාත්තගෙ ඇරෙන්න අයියගෙවත් පපුවට තුරුලුවෙලා අඬපු නැති මම මාව බේරගත්තු අයියගෙ පපුවට තුරුලු වුනා.එයා මං ගැන වැරදියට හිතුවද දන්නෙ නෑ.නෑ නෑ එයා එහෙම වෙන්න බෑ.මොනදේ වුණත් එයා ලොකු වේදනාවකින් ඉන්නවා.ඒක ගැන පොඩ්ඩක් අහන්න ඕනි.පව් හරිම අසරණ වෙලා ඇත්තෙ.කොයි තරම් ලස්සන කොල්ලෙක්ද.හ්ම්ම්.
............

"මේ හංසිනි අද ක්ලාස් එක ඇරිලා පැය දෙකක් තියෙනවනෙ ඊළඟ එකට.මට ඇඳුමක් ගන්න තියෙනව යමුද?"

"අනේ සොරි බන්.මට අර අයියට ස්තූති කරන්න තියෙනව බන් මාව බේරගත්තට .උඹලා ගිහින් වරෙන්කො."

"හ්ම් හ්ම්.අපි ඉක්මනට එන්නම් මොනවහරි කාපන්.විශ්මිටත් ඉන්න කියන්න්ම්"

"ඕනි නෑ බන් මෙතන තව කෙල්ලො ඉන්නව උඹල ගිහින් එන්නකො"

"හ්ම් හ්ම්..එහෙනම්"
........

පංතිය ඇරුනම මම අයියට කතා කලා.අනිත් යාළුවන්ට අයියා යන්න කියලා පංතිය කෙලවරේ බංකුවක් උඩ වාඩි වුණා.

"අයියෙ අනේ දැන්වත් මට කියන්න.ඔයා මොකක්ද මේ විඳින වේදනාව?මට කියන්න අයියේ.."

"ඒක ගොඩාක් දිග කතාවක් චූටි කෙල්ල.මම මේ තුන්වෙනි පාර ඒලෙවල් කරන්නෙ.මම හරිම අවාසනාවන්තයෙක්.මම මෙහෙම හිටියට ඕලෙවල් වලට A9යි.මං ආදරේ කරපු සුදු නංගිට රිසල්ට් මදිවුණ නිසාම මං ආර්ට් තෝරගත්තා.සුදු නංගි හරීම් ලස්සනයි.හුරතල්.සුදුම සුදුයි.මං කවමදාකවත් එයාගෙ ඇස් තෙමලා තිබ්බෙ නෑ.එයා කොයිතරම් ලස්සන වුනත් මං එයා ගැන වැරදි වැටහීම් ඇතිකරගත්තෙ නෑ.එයා මට වඩා මාස අටයි බාල.මං ගොඩාක් දුප්පත් කොල්ලෙක් .මගෙ සුදු නංගි තමයි මගේ දුප්පත් කම් අමතක කරලා මගෙ හැම දුකකටම ,සතුටකටම හිටියෙ.මීට අවුරුදු දෙකකට කලින් ඒලෙවල් වලට මාස දෙකක් විතර වෙනකල් අපේ ආදරේ ලස්සනට ගලාගෙන ගියා.ඒත් අවාසනාවකට...."

"අයියෙ ඇයි කතාව නැවැත්තුවෙ මට කියන්නකෝ."

"අවාසනාවකට මගෙ සුදුනංගි ලෙඩවෙලා නිදියන් ඉන්න වෙලාවක අර ඔයාට කරදර කරා වගේ අමනයෙක් මගේ නංගිව කෙලෙසලා මරලා දාලා තිබ්බා.මේ ඇස් වලින් සුදුනංගිව එහෙම කවදාවත් දකින්න හිතුවෙ නැහැ.අපි ඒක මීඩියා වලට දුන්නෙ නැහැ.ගොඩාක් වැඳ වැටීම් කරල ඒක වැලක්කුවා.ඒත් මේ පොලීසියට තාම ඒ පාහරයව හොයාගන්න බැරිවුණා.කොයිතරම් තාක්ෂණය තිබ්බත් වැඩක් වෙලා නෑ.මේ හදවත දෙකට පැලුනා වගේ වුණා එදා මම මගෙ සුදු නංගිව දැක්කම.අදටත් මම හැමරෑකම එයාව මතක් වෙලා අඬනවා."

"අයියේ අනේ මටත් ඇඬෙනවා අයියේ."

"අඬන්න එපා චූටි කෙල්ල.මං එකපාරින් කැම්පස් යන්න තමයි ආසවුනේ.සුදුනංගිත් එහෙමයි.ඒත් පහුගිය අවුරුදු දෙකේම මං වින්ද දුක නිසා මගේ ඉගෙනීම් වැඩ කරගන්න හම්බුණේ නෑ.මේ අවුරුද්දෙ තමයි කොහොමහරි කැම්පස් යනව කියලා හිතා ගත්තෙ.මගෙ දුක මං කිව්ව පලවෙනි කෙනා ඔයයි.මගෙ යාලුවො කවුරුවත් මට වෙච්ච දේවල් දන්නෙ නෑ.එයාලට කියන්නත් එපා.මං කාටවත් ආදරෙ කරේ නෑ සුදු නංගි නැතිවුණ දවසෙ ඉඳන්.මගෙ මේ දුක අහන් හිටියට ඔයාට හුඟාක් පිං."

මගේ කටින් වචනයක්වත් පිටවුණේ නෑ.මාරම දුකක් දැනුනේ.මට මේ අයියට ආදරේ කරන්න පුලුවන්.ඒත් කියන්න බෑ දැම්මමම.ගෙදර අයට දුක් දෙන්න බෑ මට.ඒත් මට මේ අයියට හොඳ යාලුවෙක් වෙන්න පුලුවන්.

"අයියේ දුක් වෙන්න එපා.මං අයියගෙ හොඳම යාලුවෙක් කියලා හිතන්න.ඕනම දුකක් මට කියන්න අයියේ."

"හ්ම්ම් කෙල්ල. ඔයාට ගොඩාක් පිං.මේ දුප්පත් කොල්ලගෙ මූනට අවන්ක හිනාවක් ආවා අද.හ්ම්ම්.මං හැමදාම හිනාවෙලා ඉන්නෙ බොරුවට.ඇත්තටම මං කරන්නෙ ගෙදර ගිහින් අඬන එක."

"අයියට ඕනම දුකක් මට කියන්න.ආ මගෙ නම්බර් එක කාටවත් දෙන්න එපා.මං ඔයාගෙ හොඳම යාළුවෙක් කියලා හිතන්න."

"හ්ම්ම් බොහොම ස්තූතියි නංගි."

එහෙම කියලා අයියගෙ සාක්කුවෙන් බටන් ගෙවිච්ච පරණ නොකියා පෝන් එකක් එලියට අරන් මගෙ නම්බරේ ගහගෙන නම අහලා සේව් කර ගත්තා.ඒ පෝන් එක දැක්කම මට හිතුන මට මොන අඩුපාඩුද කියලා

.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI