කලුතර පාලම වෙත ගොස් වචන හතරක් ලොවටම ඇසෙන්නට කෑ ගසා කියන්නට විය

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හිත සිත්තම්(කෙටි කතාවකි)
"සඳුන් මේ..... මන් තමුසෙට එදත් කිව්ව මන් කැමති නෑ තමුසෙට........"
"රශ්මි අපි යමු"
ඔහු දුන් පෙම් හසුන ගුලි කර විසි කර දැමූ මා ඔහුට තවත් යමක් නොකියා එතනින් පිට ඌයේ රශ්මිත් සමගය.
"ඇයි නෙතූ උඹ උට බැන්නෙ පව් බන්"
"බනින්න හිතාගෙන හිටියෙ නෑ බන්. එතන ගොඩක් කට්ටියත් හිටියනෙ. ලැජ්ජ නැද්ද බන් උට. ඌ එ වගේ වැඩක් කරේ. අනික කොහොමත් මන් උට කැමති නෑනෙ. ඒ බව දැන දැනත් අයි බන් ඌ මගේ පස්සින්ම එන්නෙ. ඌ මැරයෙක් නෙවෙයි පිස්සෙක් බන්..."
"හා හා ඇති ඇති. මන් නම් කියන්නෙ ඌ පව් බන් නෙතූ"
"අනේ මේ යමන් විශ්මි කට වහගෙන. ඌ ගැන කතා කරන්න වත් මන් කැමති නෑ බන්...."
"හා හා බන් අන්න ස්කෝලෙ ඇරුන. අපි යමු"
-------------------------------------------------------------------------
මගේ නම නෙතුසලා වික්රමසිංහ. මගෙ තාත්ත නම් නෑ අම්ම තමයි මායි නංගියි බලාගන්නෙ. අම්මගෙ ජොබ් එක ගාමට්. ඒකෙන් එන තුට්ටුවෙන් තමයි හැම දෙම කරගන්නෙ. මගේ අරමුන ඉංජිනියර් කෙනෙක් වෙන්න. ඒකට මන් ගොඩක්ම මහන්සි වෙනව. මන් කරන්නෙ උසස් පෙල. සාමාන්ය පෙල කරපු ස්කෝලෙම තමයි මන් යන ස්කෝලෙ ගොඩක් ලොකු එකක් නිසා තෝර ගන්න කැමති හැම සබ්ජෙක්ට් එකක්ම ස්කූල් එකේම තියනව. 12හ වසරෙ ඉන්නෙ. ටෙක්නොලජි කරන්නෙ. ඒ වෙනකන් ආවෙ ටාගට් එකක් අනුව ආපු නිසා. මට ලව් සීන් තිබ්බෙ නෑ මේ වෙනකන්ම. මගේ ඔක්කොම ගේ අම්මය් නන්ගියි. ඒ දෙන්නව කවද හරි රැජිනියො කරන්නයි මගේ අරමුන...
------------------------------------------------------------------------
"අම්ම අද කලින් ඇවිත් වගේ පොඩ්ඩී"
"ඔව් අක්කෙ අදනම් බත් ටිකක් කෑවකි නේද."
"ඇයි පොඩ්ඩි එහෙම කියන්නෙ"
"හැමදාම පාන් කාල එපා වෙලා අක්කෙ"
අම්ම අපිත් එක්කම වැඩට යන නිසා දවල්ට හැමදාම පාන් තමයි අපි කන්නෙ. අම්ම උදේ පරිප්පුවක් හදල යන නිසා ඒකත් එක්ක දවල්ට අපි පාන් කනව. අම්ම එන්නෙ රෑ බෝ උනාටත් පස්සෙනෙ.
"අම්ම ඇයි අද කලින්"
"ඔලුව පොඩ්ඩක් රිදෙන්න ගත්ත ලොකූ ඊට පස්සෙ සර්ට කියල ආව. ඔන්න බත් උයල තියනව නාගෙන ඇවිත් කන්න ලමයො මන් පොඩ්ඩක් ඇල වෙනව...."
"ඇයි අම්ම අමාරුද ගොඩක්."
"නෑ ලොකූ දැන් අඩුයි. පොඩ්ඩිගෙත් ඇඟ සෝදලා ගන්න දූ......"
"හා අම්ම. එන්න පොඩ්ඩි....."
----------------------------------------------------------------------
පහුවදා උදෙන්ම පෙර දින මෙන් පාසැල් ගිය මා හට ආරංචි ඌ සිදුවීම අසා කේන්තියක් මෙන්ම ලොකු දුකක්ද දැනෙන්නට විය. පාසලේ කාර්යාලය එකම ලේ විලකි. පැය බාගයක් පමන නඩුව විබහග කල ඇති බැවින් කාර්යාලයේ බිම ලේ ගඟක් කර ඇත්තේ ඔහුය.
"බලපන් නෙතූ ඊයෙ සිද්දිය නිසා දුකට වෙන්න ඇති ඌ ඔහොම කරගන්න ඇත්තෙ. හැබැයි ඌ මොකුත්ම කියල නෑ බන් ප්රින්සිබල්ට."
"අනේ මන්ද බන් විශ්මි. ඌ ස්කෝලෙ ඉන්න ලොකුම මැරය උනාට පොඩි ලමයෙක් වගේනෙ හැසිරෙන්නෙ. මේක ලොකු ප්රශ්නෙකින් බන් කවද හරි නතර වෙන්නෙ."
"ඔව් බන් නෙතූ මටත් එහෙම හිතෙනව. ඌ අත් දෙකම මැහුම් දාන්න කපාගෙනනෙ බන්. ශුවර් හොස්පිටල් එකෙන් ඌ මහන්නෙ රෙදි මහනව වගේ මේ පාරනම් ගිය පාර වගෙ නෙවෙයි. හී හී"
"යකෝ හිනා වෙන්න එපා විශ්මි. එක අතකට ඌ පව් බන්. ඒත් මොනා කරන්නද"
"අනේ නෙතූ මේ උබ නිසයි හැම දේම. හරි හරි දැන් ඕක ඇති යමන් කන්න. මන්නම් අද ගෙනාවෙ පැස්ට්ර බන්. යමන්කො බඩගිනියි"
--------------------------------------------------------------------
සඳුන් ස්කෝලෙ හොඳම ලොකුම මැරය. තාත්ත ඇමති. ඒකයි පුතා එච්චර චන්ඩි. මන් නම් කැමති නෑ ඔන්න චන්ඩි නිසාම නෙවෙයි මගේ අරමුන අම්මයි නංගියි නිසා. මගේ ටාගට් එකට ගිහින් තමයි අනිත් දේවල් ගැන හිතන්නෙ මන්. විශ්මි තමයි මගේ හොඳම යාලුව. අම්ම ටීච කෙනෙක් තත්ත අල්ලපු ස්කෝලෙ ප්රින්සිපල්. දුවයි පුතයි විතරයි මේ ඉස්කෝලෙ. අම්මයි තාත්තයි දෙන්නම අල්ලපු ස්කෝලෙ. ඒකිටනම් හැම දේම සම්පූර්නයි කිසි අඩුවක් නෑ. මටයි නංගිටයි ගොඩක් වෙලාවට උදව් කරන්නෙත් එයාල. ඒ යාලු කමට දැන් අව්රුදු 12යි. කවදාවත් වෙනස් නොවුන නොවෙන යාලු කමක් මේක. හිටපු ගමන් තරහ උනත් දවසයි දෙකයි. අපි එහෙමයි. ලොකු ලොකු දේවල් නෑ තරහ වෙන්න තරම්. ඒකිනම් කොල්ලො පිස්සෙක් ඒත් මට ඒව අල්ලන් නෑ එකයි හිටපු ගමන් තරහ වෙන්න හේතු උන දේ.....
--------------------------------------------------------------------
"අඩෝ නෙතූ... කිව්වත් වගේ රෙදි මහනව වගේ මහලලු බන් ඊයෙ. මැහුම් තිස් අටක් ගහලලු"
"මො.....ක..ක්..........ති..ස්....අට්..........."
" ආ බන් මේ වතුර ටික බීපන්. මොකද බන් උබට එක පාරම උනේ...."
"නෑ... බන් කලන්ති ගතියක් වගේ ආව විශ්මි..."
"යකෝ කලන්ති ගතියක් ආව නෙවෙයි උබ විනාඩි පහලොවක් තිස්සෙ කලන්ති හැදිල වැටිල හිටියෙ. ඇයි බන් මන් කියපු එකට උබට කලන්ති දැම්මෙ.."
"අ...අපෝ නෑ.... නෑ බන් ඒකට නෙවෙයි උදේ කන්න බැරි උනා ඒ නිසා වෙන්න ඇති..."
උදේ වෙනදටත් වඩා කෑම කෑ බව මා පමනක් දත් නිසා සිහින් සිනාවක්ද නැගුනි අමාරුවෙන් බොරුවක් කිව දැමූ මා එතනින් නැගිට්ටෙ පාසල් විවේක කාලය හැඟ උන සීනු හඬ නිසාවෙමි.
---------------------------------------------------------------------
සති තුන හතරකට පසු...
---------------------------------------------------------------------
"ප්ලීස් අද වත් නෙතූ...."
"සඳුන් තමුසෙට මන් හැමදාම කියන දේ ආයෙ අයෙ කියන්න බෑ තමුසෙ මැරයෙක්. මට බෑ තමුසෙට ආදරේ කරන්න. අනික ඔය මගුල් වලට වඩා මට කරන්න දේවල් ගොඩක් තියනව. තමුසෙල කව්ද අපි කව්ද අපි ගොඩක් දුප්පත් මිනිස්සු. අපියි තමුසෙලයි අහසයි පොලොවයි වගේ. ප්ලීස් සඳුන් තමුසෙ තේරුම් ගන්නව ඒක...."
"ඇයි මට අකමැති ඔයාට වෙන කව්රු හරි ඉන්නවද නෙතූ....???"
"ඔව් ඉන්නව"
"මොකක් ක..කව්ද ඒ ....."
"මගේ අම්මයි නංගියි... ගිහින් අත කපාගන්නව අදත්. මන් තමුසෙට කැමති නෑ. තමුසෙ බොලඳයි... වරෙන් විශ්මි යන්න...."
"පරිස්සමින් ඉන්නව නෙතූ...."
ඒකටනම් මා ටිකක් බිය ඌයේමි. පරිස්සමින් ඉන්නව කිව්වෙනම් හොඳකට නොවේ. මොකුත් නොකිය එතනින් පිටව ගියත් මා එතැන් සිට ලොකු බයකින් පෙලුනි. මැරයෙක් එක්ක හැප්පෙන්න ශක්තියක් මට ඇත්තෙන්ම නොව්නි. කටින් මෙතරම් දවසක් හැප්පුනද ඉදිරියට කුමක් සිදුවේදෝ මා නොදනී....
----------------------------------------------------------------------
එදින සිට දින කිහිපයක්ම ඔහු මා පසු පස පැමිනි මුත් මා කිසිම දිනක ඔහුට කැමැත්ත නොදුන්නේය. මගේ අරමුනට යාමට එය බාදාවකි. නැතිනම් ඇත්තටම ඔහුට අකමැති වීමට වෙන හේතුවක් නොවේ. මාද පෙරට වැඩිය දැන් ඔහු ගැන සිතන්නේය. ඔහු මා පසු පස පැමිනෙන විට මුලදි අකමැති උවද දැන් ඔහු නොදැක සිටීමට පවා මටද නොහැකිය. මා රෑ දවල් නොකඩවා ඔහු ගැන සිතීමට පටන්ගෙන ඇත. මට මාවද පාලනය කරගැනීමට නොහැකි බවක් මට දැනෙන්නට විය. මා ඔහුට කැමැත්තක් දක්වන මුත් එය ඔහු හට පැවසීමට මා අකමැත්තක් දැක්වූයේ වෙන කුමක් නිසා වත් නොවේ මා අරමුනට මට යාමට ඉඩ නොලැබෙන බැවිනි. අද සමාජයේ පාසැල් වල සිදු වන ප්රේම සම්බන්දතා තුල ඇත්තේ මට පිලිකුලකි. කොහේ හරි මුල්ලක ප්රේම කල ඇති අවස්තා වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවි වල පල කර ජීවිත විනාශ කරගත් අවස්තා ගැන ඕනි තරම් මා අසා තිබේ. මා කිසිත් එවැනි වැඩ වලට පෙලඹිය නොහැක. මා ඔහුට අකමැති වීමට වෙන හේතුවක් අවශ්ය නොවේ. ඔහු නොව වෙන යමෙකු මා පසු පස ආවත් මා ඔහුටද අකමැති වේ. සඳුන් මැරයෙක් උවත් නොවුවත් එය අකමැති වීමට ප්රදානම හේතුව නොවේ.....
------------------------------------------------------------------------
දෙසැම්බර් පස්වෙනිද.... තුන් වන වාර විභහහ ප්රතිපල අද ලැබෙන බැවින් බිය සුලු ගතියක් දැනේ.. කෙසේ උවත් නිවාඩුවට පෙර නම් කැමත්තක් දැක්වූ මා දැන් නිවාඩු මාසයක කාලයට අකමැත්තක් දැක්වූයේ ඇයි දැයි මා නොදනී. චන්ඩියාගේ මූන මාසයක් නොදැක සිටීමද ඉතා අමාරු කාරියකි. තවමත් මා ඔහුට කැමැත්ත දී නැති බැවින් ඔහු තාමත් මා පසු පස පැමිනේ. ඇත්තටම ඔහු දැන් මගේ ජීවිතේ චන්ඩියා විය. පාසැලේ චන්ඩියා පමනක් නොවේ. ඔහුට මා කැමැත්ත දීමට තීරනය කලෙමි... වෙන කල හැකි කිසිත් නොමැත.........
"ආ බන් නෙතූ උබේ රිපෝර්ට් එක මිස් උබට දෙන්න කිව්ව. අද රැස්වීම කැන්සල්ලු බන් නැත්තන් ස්ටේජ් එකේදිම උබට ඕක ගන්න තිබ්බ. ප්රින්සිපල් කලාප කාර්යාලයට ගිහින් හදිස්සි වැඩකට. ප්රින්සිපල් නැති නිසා රැස්වීමක් අද තියන් නැල්ලු. උබ මේ පාරත් පන්තියේ පලවෙනිය."
"ඉන්ජිනේරින්-89යි, අයි සී ටී- 98යි, සයන්ස් ෆෝ ටෙක්නොලජි- 99යි. ඉන්ග්ලිශ් නම් 70යි. ඒත් අව්ලක් නෑ නේද බන් විශ්මි. කොහොමද උබේ රිසාල්ට්...???"
"වැඩක් නෑ බන් ලකුණු 30ට වැඩිය එකකට වත් නෑ. අදත් ගෙදරින් බැනුම් තමයි..."
"මන් උබට ඒකනෙ කිව්වෙ ඔය හසිතය ගැන හිතන එක නතර කරල පාඩම් වැඩ කරපන් කියල. කොහෙද උබ අහන් නෑනෙ අපේ රැව්ල නෑනෙ නේද බන් විශ්මි..."
"අනේ නිකන් පල පල තෝ නම් හැම තිස්සෙම පොත් අස්සෙනෙ රිනංගන්නෙ මට බෑ බන් ඔහොම ඉන්න. ජීවිත් වෙනව කියල දැනෙන්න ආතල් එකකුත් එපැයි. හසිත ඒක ඔනිවටත් වඩා දෙනව. ගිය සතියෙත් පන්ති කට් කරල ගියා බන් ෆිල්ම් එකක් බලන්න..."
"ඔකනෙ කියන්නෙ බන්. උබ ඔය රිසාල්ට් එකත් ගත්තෙ කොහොමද කියල මට නම් තෙරෙන් නෑ විශ්මි. ඇත්තටම උබ කොහොමද බන් ඕලෙවල් ලිව්වෙ..."
"ඒ දවස් වල හිටියෙ කසුන්නෙ බන්. ඌ පාඩම් කරා විතරනෙ ලව් කරේ නෑනෙ. මාත් ඉතින් ඌ දිහා බලල පාඩම් කරා. ඌ නිසයි බන් මාත් පාස් උනේ..."
"ඒකනෙ බන් හසිත උඹව කනව. උබ කොහෙද ඒක තෙරුම් ගන්නෑනෙ. අපි කිව්වට අහන්නෙත් නෑනෙ..."
"ඇති බන් බන කිව්ව. මේ උඹ මේ නිවාඩුවෙ මොනාද කරන්න ඉන්නෙ බන නෙතූ..."
"මොනා කරන්නද ගෙදර...ට..............."
මගේ කතාව නතර කල විශ්මි මට අප දෙසට සඳුන් එන බව ඉඟි කලහ. අදනම් ගොඩක් කේන්තියෙන් එන බව මා දුර සිටම දැන ගත් අතර ඉක්මනින් උන් තැනින් නැගිට පිට වීමට තැත් කලෙමි.
"නෙතුසලා..................."
ආපසු හැරුනු මා වට පිට බැලූ අතර ක්රීඩා පිටියේ විශාල පිරිසක් සිටි බව දක්නට ලදී. ඒ බැවින් මා නැවතත් පිට වී යාමට තැත් කල නමුදු ඔහු මාගේ අතින් දැඩිව අල්ලාගන්නට විය...
"ආ..ආව්... අ.අත අරිනව මාව....."
"අල්ල ගත්තෙ අත අරින්න නෙවෙයි ඕයි.. අද මන් යන්නෙ මේක විසඳුමක් කරගෙන..."
"ත..ත.මුසෙට පිස්සුද... පේන් නැද්ද පිට්ටනියෙ ලමයි කී දෙනෙක් ඉන්නවද කියල. තමුසෙට ඇත්තටම ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද..."
"නෑ ඕයි නෑ. ලැජ්ජාවක් කියල දෙයක් තිබ්බනම් මන් තමුසෙගෙ පස්සින් මේ තරම් එන්නෑ. මට තමුසෙව යාලුවොත් එක්ක සෙට් වෙලා උස්සන්න බැරි කමට නෙවෙයි තමුසෙගෙ පස්සින් මෙහෙම එන්නෙ. ඒත් මන් තමුසෙට ඇත්තටම ආදරෙයි. ඒකයි තමුසෙගෙ පස්සින් මෙහෙම වැටෙන්නෙ. ලමයි නෙවෙයි කව්රු හිටියත් මට කමක් නෑ මන් බයත් නෑ..."
ඔහු කී දේ ඇත්තටම හරිය. ඔහුට මා බලෙන් උවද ලබා ගැනීමට හැකිය. මා ඔහුට අකමැති වීමට තවද හේතුවක් නැත. මා අසරන වී අවසන්ය. අද මා හට ආදරය පැවසීමට සිදු වනවාම ඇත. මමද විශ්මි මෙන් නොමග යාමට ඉඩ ඇත. එහෙත් වෙන කිරීමට කිසිම දෙයක් නොමැත. සමහර විට ඔහු මා පසු පස ඇවිත් මින් පසු වද නොදෙනු ඉඩ ඇත. කෙසේද මා ඔහුට කැමැත්ත දෙන්නෙ. මා හිතින් වචන ගැලපුවෙමි...
"නෙ.....තූ....... ම..න් ත....මු.....සෙ......ට...... ආ.....ද.....රෙ.......යි...."
ඔහු මගේ උරහිසින් අල්ලා සොලවමින් එක වරම ක්රීඩා පිටිය දෙදරන්න කෑ ගසා කියන්නට විය. ඒ හඬට අප අසලට ලමුන් ගොඩක් පැමිනෙන්නට විය. මා නැවතත් අසරන වන්නට විය....
"තමුසෙට පිස්සුද ඕයි. ලැජ්ජ නැද්ද තමුසෙට.."
මා කැමැත්ත දෙන්න සිතුවද ඔහු ඒ කල මෝඩ වැඩෙන් නැවතත් මා වචන සඟවා ගත්තේය. මෙතරම් පිරිසක් මැද ඔහුට ආදරේ දීමට මට කෙසේත් නොහැකිය. ඔහුට මේ දේවල් සුපුරුදු දේවල් නමුත් මා හට එසේ නොවේ....
"නෙතූ......... මට ඇත්තම කියනව මේ ඔයාගෙන් මන් ආදරේ අහන අන්තිම වතාව. මන් ඔයාට අපහු වද දෙන් නෑ.... තමුසෙ මට අද කැමැත්ත නොදුන්නොත් මන් මැරෙනව සත්තයි........"
"ම....න්...........මැ...රෙ...න...ව......... ස...ත්...ත...යි...."
ඔහු නැවතත් කෑ ගසා කියන්නට විය. ඔහු බිම දන ගසා බිමට මිට මොලවා පහර පිට පහර දෙයි. බිම තිබූ වැලි වලින් ඔහුගෙ අත තුවාල වී ලේ ගලන්නට විය. ඔහුගේ අත පුරා ලේ ගලන්නට විය. තවද මා මෙතන සිට මේ දේවල් දැකීමට තරම් හිත ශක්තිමත් නොවීය.... මා එතනින් නික්මුනේ මටද කඳුලු වැටීමට කලියෙනි. ඇස් නිලංකාර වී ඇත. කදුලු ඇස් පුරවාගෙන ඇත. පාසලේ සීනුව නාද විය මා කන්දුලු පිරෙන නෙතින් නිවසට පැමිනියහ. වෙන කිසිවක් මට නොතේරෙමි. මා වෙනදා මෙන් නොව අද නිල ඇඳුමෙන්ම ඇඳට වැටී දිගු කල්පනාවකට වැටුනෙමි. දවල්ට කෑමට වත් ප්රියක් නොවුනි. ඔහු අද එසේ නොකලනම් අද ඔහු හට මා කැමැත්ත දී ඇත. ඔහු කල දේ ගැන මා හට මහත් සේ කනගාටුවක් දැනේ දැන් ඔහුට මෙන් මා හටද මාසයක් ඉවසීමට සිදු වේ. ඔහු නම් අපසු මා හට ආදරය අයදිනු නොවන්නේය. ඔහු පැවසූයේ එසේය. කෙසේ උවත් මා හටද ඔහු පිලිබඳ ආදරයක් ඇති වී ඇති බැවින් මට හෝ ඔහුට එය කීමට සිදු වී තිබේ. මටත් නොදැනීම මන් ඔහුට ආදරේ කරයි.
-------------------------------------------------------------------------
පාසැල් ආරම්බයට තව එක් දිනකි. ගෙවා දැමූ කාලය ගෙවන ලද්දේ කෙසේදැයි මටද සිතා ගත නොහැකිය. චන්ඩියාව දැකීමට නොහැකිව මා ගෙවූ කාලය ගැන මා පමනක්ම දනී. ඔහු මා රැක ගනීවි. හැමදාම ඔහු මගේම ලඟ ඉඳන් මාව ඇස් දෙක වගේ බලාගනීවි. මන් ඔහුට කියා මගේ අද්යාපන කටයුතු වලට බාදාවක් නොවෙන්න ඔහුව හසුරුවා ගන්නම්. මන් ගොඩක් සිහින මැවූ අතර නිවාඩු කාලය තුල අනාගතය ගැන සිහින මැවුවා පමනි. චන්ඩි කොල්ලව බලන්න තව එක් දිනකි. මට ඉවසුම් නැති විය. ආදරය කියන විදිහ හොඳට ගොතා ගත් මා නින්දට ගියේ පසුදා පහන් වන තුරු ඉවසුම් නැතුවාමය....
පෙර දින මෙන් නොවේ. උදෑසනම අවදි ඌ මා වෙනදාට වඩා ඉක්මනින් පාසැල් යාමට ලෑස්ති උනි. පොඩ්ඩිද ඉක්මනින් ලෑස්ති කල මා ගෙදරින් පිට වීමට එලියට බැස්සේ බලාපොරොත්තු රාසියකිනි. එක වරම හූනෙකු මර ලතොනි දෙන්නට විය. අම්මා මට ටිකක් ඉඳ යාමට නියොග කලද මා එය කනට නොගෙන ඉක්මනින් පිටත්ව ගියෙමි. පාසල ලඟටම පැමිනි මා තුල ඇති ඌයේ ඉමහත් සතුටකි. අද වීරයා මගේම වෙනවනෙ...
"ඔයා එක්ක.... දුරක් යන්න...... හීන දැක්කා මෙමා......"
මා ගීයක්ද මුමුනමින් පාසැල වෙත පැමිනියහ. වෙනදා මෙන් මගේ පිස්සු චන්ඩියා ගේට්ටුව ගාව මා එනතුරු බලා නොසිටිය බැවින් මට ඔහු කී කතාවක් ආපසු මතක් විය. "මට ඇත්තම කියනව මේ ඔයාගෙන් මන් ආදරේ අහන අන්තිම වතාව. මන් ඔයාට අපහු වද දෙන් නෑ....". ඒ නිසා වෙන්න ඇති ඔහු ආපසු මට කරදර නොකරන බැව් ඔහු එදා මට පැවසුවහ. කමක් නෑ චන්ඩියව අද මන් සතුටු කරනව. ඉන්නකෝ....
මා තවද වට පිට බැලුවෙ පසු පස බැලුවෙ ඔහු මා පසු පස හෝ ඇති යැයි කියාමය. නැත ඔහු කිසිම තැනක නැත. මන් ඒ මොඩයාව බලන්න නැතුව මාසයක් දුක් වින්ද ඒත් මේ මොඩයටනම් ගානක් වත් නැද්ද කොහෙද දැන් මාව. ඉන්නවකො මන් හොඳ දෙකක් කතා කරන්න අද. එයා දන් නෑ මන් කව්ද කියල. මෝඩය. මන් ඔහුට හිතින් ගොඩක් බැන්නේය. එයා මන් ගැන හිතන එක නතර කරලද ඇත්තටම. ආයෙ මන් එයට කැමැත්ත දුන්නත් එයා මාව බාර ගන් නැති වෙයිද. අනේ එහෙමනම් වෙන්න එපා දෙයියනෙ. අපේ අනාගතේ අද ඉඳන් වෙනම පිටුවක් පෙරලයි. දැන්නම් හිතට ගොඩක්ම සතුටුයි. එක වරම දුටු දසුනෙන් මා මලානික වන්නට විය. මා එක වරම සිහිසුන්ව ඇද වැටුනහ. මට මතක එච්චරයි...
"මට මොකද උනේ ඇයි මාව එයා දාල ගියෙ විශ්මි. කියපන් මට. මට එයාව බලන්න ඔනි. අත ඇරපන් මාව..."
මගේ වටේ හිටපු අයගෙන් ගැලව මා දිව ගියේ පාසැල් ප්රදාන ශාලාවටයි. සුදු ඇදුමෙන් සැරසී ඔහු මා එන තුරු බලා සිටී. ඒ වෙනදා අඳින සුදු නිල ඇඳුමනම් නොවේ. සුදු පැහැයෙන් හැම තැනම සරසා තිබුනහ. සදහටම නිදා සිටි ඔහු දැක මා මලානිකව ඔහු ලඟට දිව ගියේ වෙනදා නොවුනු අනුකම්පාවකිනි. "මන් මැරෙනවා සත්තයි" මට එක වරම ඔහු කී දේ සිහි වින. ඒත් සමගම උදේ එලියට බැස්ස ගමන් හූනෙකු කෑ ගැසූ සිද්දියද මතක් උනි....
"අ.අනේ ම.මගෙ චන්ඩියා..........."
මට කියවුනේ එපමනකි. මා ඔහු අසල පැය ගනනක් හඬා වැලපුන අතර මට දැන් සිදු කල හැකි එකම දේ එපමනකි. ඔහු තව පොඩි කාලයක් මට දුන්නනම් අද මාව දාල මෙහෙම යන්නෑ. මෝඩය. මා ඔහුට හිතින් ගොඩක් බැන්නේය. මන් එදාම ඔහුට කැමැත්ත දුන්නනම් අද මෙහෙම දෙයක් වෙන්නෑ. මමයි වැරදි ඔව් මමයි හැම දේටම වැරදි. මන් මොහු නැතුව ජීවත් වී පලක් නැත. මගේ ජීවිතේ මා මොහු වෙනුවෙන් මැවූ හීන කෝටියකි.
"මගෙ රත්තරන්. මට සමා වෙන්න..." හිතින් සිතාගත් මා ඔහුගෙ නලල මත පලවෙනි මෙන්ම අවසන් හාදුවද තැබුවෙමි.............
පාසලෙන් හොරෙන් මෙතෙක් කල් පැන නොගිය මා පාසැලෙන් හොරෙන්ම අද පිට උනෙමි. ඒ කිසිවකටත් නොවේ සඳුන් ගිය තැනකින් එයාව හොයා ගැනීමටය. දෙකක් කීමට මා හට උවමනා විය. "මන් ඔයා ගිය තැනට එනව සඳුන්. ඔව් සඳුන් මන් එනව. අපි ලබන ආත්මෙදි වත් මේ වගේ ප්රමාද නොවී ඉමු." මා කලුතර පාලම වෙත ගොස් වචන හතරක් ලොවටම ඇසෙන්නට කෑ ගසා කියන්නට විය.
"ම...න්....ඔ..යා...ට......ආ.....ද......රෙ....
.යි......ස....ඳු....න්............."
කලුතර බෝ සමිදු අබියස කලුතර ඟගෙන් අවසන් සුසුම හිරකර ගත් ඇය හීන කලුතර ගඟේම පා කර හැරියහ. ඇය සහ ඔහු ආදරය නිසා හැමොටම දුන්න ගින්දරට ඔව්න් ඇයට සහ ඔහුට ශාප කරයි. ඒත් අදරේ අවසන් උනේ හරි පුදුම විදිහකට නේද. එයයි සැබෑ ආදරේ.…………………

<හිත සිත්තම් අහස උසට පුරෝගෙන හිත් අස්සේ>
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI