අනේ මගෙ රත්තරනේ ඇයි මෙහෙම මාව දාල ගියේ.......මං උඹට ගොඩාක් වැරදි කරා මගෙ පන.මං ඒ වැරදි හදාගෙන එනකොට උඹ මට දඬුවම් දුන්නද රත්තරං......

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#කෙටිකතාව
"අද නින්ද යන්නෙ නැද්ද මැනික??"
"මොන නින්දක්ද මහත්තයෝ.....මට තාම හීනයක් වගේ.අනේ මට කල්පනා කර කර තව ටිකක් හීන බලන්න දෙන්නකෝ..."
ශානුකගේ පපුවට තව ටිකක් තුරුල් වෙන ගමන් දුලානි එහෙම කිව්වෙ බලාපොරොත්තු ගොන්නක් හිතේ පූදින්න ඉඩ දෙන ගමන්.
ශානුකයි දුලානියි අවුරුදු අටක් ආදරේ කරලා තමයි කසාද බැන්දෙ.ඒ කාලෙ ඉඳලම දෙන්නට දුලානිගෙ ගෙදරින් කැමැත්තක් නොලැබුන නිසා අන්තිමට බලෙන්ම වගේ ඒ කසාදෙ සිද්ද උනේ.
අද වෙනකොට දුලානියි ශානුකයි කසාද බැඳලා අවුරුදු 5ක් වෙනවා.ඒත් දුලානිගෙ ගෙදර අය නම් නිකමට වත් එයාලා ගැන බැලුවෙ නෑ.මොකද ඒ අය දුලානි ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියෙ.දුලානි කලා උපාධියක් කරේ ටීචින් කරන්න ආසාවෙන්.දෙමවුපියන්ටත් ඕන උනේ හොඳ වැදගත් රස්සාවක් කරන කෙනෙක්ට දුලානිව බන්දලා දෙන්න.
ඒත් දුලානි ශානුකව අත අරින්න කැමති උනේ නෑ.ඒ වෙනකොට ශානුක පොඩි බිස්නස් එකක් පටන් අරන් තිබුනෙ.ඒක දුලානිගෙ අම්මලට මදි උනා.ඒත් දැන් ශානුක ගොඩක් දියුනුයි.දුලානිත් ශානුකගෙ බිස්නස් දියුනු කරන්න ගොඩාක් උදවු කලා.ඒ වෙනුවෙන් තමන්ගෙ හීන කැප කලා.දුලානි ටීචින් වලට නොගිහින් ශානුකගෙ බිස්නස් වලට උදවු කලේ ශානුක එක්ක දවස තිස්සෙම ලඟම ඉන්න පුලුවන් නිසා.
දුලානිව කසාද බඳිනකොට ශානුක බිස්කට් ඒජන්සි එකක් විතරයි කලේ.ඒත් දැන් එයාලට ඒජන්සි හතරක් තියනව.මාසෙකට සැලකිය යුතු ආදායමක් තියනව ඒ නිසා.
ඕනම දෙන්නෙක් අතරෙ වගේ මේ දෙන්නගෙ අතරෙත් පොඩි පොඩි රන්ඩු සරුවල් නොතිබුනාම නෙවෙයි.ඒත් ඒවා පොඩි වෙලාවක් විතරයි.ආයෙ දෙන්නා යාලු වෙනවා.යාලු වෙනව කිව්වට ඉතිං දුලානි ගනං උස්සල ඉන්නකොට ශානුක තමයි ඇවිත් හුරතල් වෙලා කොහොමහරි යාලු කර ගන්නෙ.
මේ දෙන්න කසාද බඳින්න කලින් කේන්දර බලද්දි කිව්වා පිරිමි කේන්දරේ දරු පල නෑ කියලා.ඒක කියපු ගමන් ශානුක හැදුවෙ දුලානිගෙන් ඈත් වෙන්න.මොකද එයා කැමති උනේ නෑ තමන්ගෙ වැරද්ද නිසා දුලානි ජීවිත කාලෙම දුකෙන් ඉන්නව දකින්න.
ඒත් දුලානි ඒකට කැමති උනේ නෑ.එයා කිව්වෙ ඉන්න පුලුවන් කාලයක් දෙන්නා එකට ඉඳලා දෙන්නම එකට මැරෙමු කියලා.බොහොම අමාරුවෙන් තමයි දුලානි ශානුකව ඒ තීරනේට කැමති කර ගත්තෙ.අන්තිමට දෙන්නම දිනුවා.කසාදෙන් අවුරුදු පහකට පස්සෙ දුලානි ප්‍රෙග්නන්ට් උනේ දෙන්නගෙම බලාපොරොත්තු වලට අලුත් පනක් එකතු කරන ගමන්.
ඒක දැනගත්ත දවසෙ දුලානි ශානුකගෙ පපුවෙන් ඔලුව ගත්තෙම නෑ.ශානුකත් දරා ගන්න බැරි තරම් සතුටෙන් දුලානිව පපුවට තුරුල් කරන් හිටියා.
එදා ඉඳන් මේ දෙන්නගෙ පුංචි පුංචි රන්ඩු ගොඩක් දුරට අඩු උනා.දුලානි කන්න ආස කරන හැම දේම ශානුක කොහොමහරි ගෙනත් දුන්නා.ශානුකගෙ අම්මත් නිතරම වගේ දුලානි බලන්න ආවා.ඒත් ටික දවසකින් ආපහු යන්නෙ ශානුකගෙ අක්කට තුන්වෙනි බබා ලැබිලා තාම සතියක් නිසා එයාට උදවු කරන්න.
දුලානිටත් බබා ලැබෙන්න ලං වෙද්දි ශානුකගෙ අම්මා එනවා කියල පොරොන්දු උනා.ඒ නිසා මේ දෙන්නටම අත්දැකීම් නැතත් බයක් දැනුනෙ නෑ.
හැමදේම හොඳින් සිද්ද උනේ දුලානිගෙ බඩට යන්තම් මාස පහක් පිරෙනකන් විතරයි.දුලානිට ටික ටික ශානුකගෙ වෙනසක් දැනෙන්න ගත්තා.වෙනදා උදේ පාන්දරම නැගිටලා දුලානිගෙ ඔලුව අත ගගා ටිකක් කතා කර කර ඉන්න පුරුද්දක් ශානුකට තිබුනත් ලඟක ඉඳන් ඒ පුරුද්ද ශානුකගෙන් මග ඇරුනා.
ඒ විතරක් නෙවෙයි.....දුලානිගෙ බඩ ටික ටික මෝරද්දි බඩට කන තියාගෙන තමන්ගෙ දරුවත් එක්ක කතා කරපු ශානුක දැන් දැන් ඒ දේවල් අමතක කරලා.සතියක් විතර ඉවසන් ඉඳලා බැරිම තැන දුලානි ශානුක එක්ක මේ ගැන කතා කරන්න හිතුවා.
"ඇයි මහත්තයෝ ඔයා දැන් මට එච්චර මූන නොදී ඉන්නෙ ? වෙනදා වගේ ආදරෙත් නෑ දැන් ඔයා මට."
" විකාර කියවන්නෙපා දුලා.මට මේ ඒජන්සි වල වැඩ හිර වෙලා.ඔයා මේ කෙහෙල්මල් ආදරයක් ගැන කියවනවා. "
" දැන්ද ඔයාට මේක කෙහෙල්මල් ආදරයක් උනේ ? ඔයාට තනියම වැඩ කර ගන්න බැරි නම් එකවුන්ට්ස් වැඩ වලට කාවහරි ගන්න පුලුවන් නේ. "
" ඔයා කියන්න ඕන නෑ.මං ඒකට ලමයෙක් ගත්තා දැන් ටික දවසකට කලින්. මට මේ වැඩ අස්සෙ කියන්න බැරි උනා. මොන දේ තිබුනත් මං ඔයාට අඩුපාඩුවක් කරේ නෑනේ. "
"මොකද නැත්තෙ...මං කවදා ඉඳන්ද කියන්නෙ මට නෙල්ලි කන්න ආසයි කියලා.ඔයා ගෙනත් දුන්නද? "
" හරි හරි ඉතිං ගෙනත් දෙන්නම්.ඕක ටිකක් පරක්කු උනා කියල මැරෙන්නෙ නෑනේ. "
දුලානිගෙ ඇස් වල කඳුලු පිරුනෙ ශානුක බලාගෙන ඉන්නකොටමයි.ඒත් ශානුකගෙ හිත නම් උනු උන බවක් පේන්න තිබුනෙ නෑ.
" ගෙදරින් එලියට බහින්න හදනකොටම පටන් ගත්තද අඬෝවැඩියාව ? මොන කරුමයක්ද මන්දා මට නම්. "
ශානුක ලඟ තිබුන පුටුවකටත් පයින් ගහගෙන තරහෙන් පුපුර පුපුර යන්න ගියා.ශානුක ගියපු වෙලේ ඉඳන් දුලානි වැලහින්නක් වගේ දවස පුරාම ඇඬුවා.කෑවෙත් නෑ.කියන්න කෙනෙකුත් නෑ.තනියම හැම දුකක්ම දරාගෙන දරුවා වෙනුවෙන් ජීවත් උනා.
මෙහෙම ටික දවසක් යනකන් දුලානි ඇඬූ කඳුලෙන්ම හිටියෙ වෙන කර කියාගන්න දෙයක් නැතිකමට.ශානුකට නම් දැන් දුලානි ගැන ගානක් වත් නෑ.උදේම යනවා.මහ රෑ වෙලා ගෙදර එනවා.හදිස්සියෙන් හරි ගෙදර ඉන්න දවසටත් ෆෝන් එකෙන් තොර ලෝකයක් තිබුනෙ නෑ.
" යමු කන්න..... " දුලානි බොහොම ආදරෙන් තමන්ගෙ ස්වාමියව ඇමතුවෙ කිසි වරදක් නැති ගානට.
" මට දැන් කන්න බෑ.තව ටිකකින් ඔෆිස් එක පැත්තට යන්නත් ඕන.මං කඩෙන් මොනව හරි කන්නම්. "
"අද මොකටද ඔෆිස් එකට යන්නෙ.එතන වැඩ බලා ගන්න කෙනෙක් ඉන්නව නම් ඔයා උදේ ඉඳන් රෑ වෙනකන් එතන ඉන්න ඕන නෑනෙ දැන්."
" නොදන්න දේවල් කතා කරන්නෙපා හරිද.... දැන් බිස්නස් නැගල යනවා.වැඩ වැඩි ඒකයි. "
" එතකොට ගෙදර කෑම හදලා තියෙද්දි මොකටද කඩෙන් කන්නෙ ? "
" කඩෙන් කන්නෙ තමුසෙගෙ ඇල් හොදි හැමදාම කන්න බැරි නිසා."
දුලානි ඉකි ගහ ගහ අඬන්න ගත්තා.මේ වෙන්නෙ මොකද්ද කියලා දුලානිට හිතා ගන්න බෑ.මෙච්චර කල් කිරියි පැනියි වගේ හිටපු තමන්ගෙ මහත්තයා දැන් මෙහෙම වෙනස් වෙලා තියෙන්නෙ මොකද කියල හොයා ගන්න දුලානි හිතට ගත්තා.ශානුක ආවම හොරෙන් ෆෝන් එක බලන්න දුලානි හිතුවා.
එදා ශානුකට නම් බොහොම කරදරකාරී දවසක් උනා.මීට මාසෙකට කලින් වැඩට ගත්ත ගෑනු ලමයත් එක්ක ශානුක සම්බන්දයක් පටන් ගෙන දැන් සති තුනක් වගේ වෙනවා.ඒ දේවල් එහෙම වෙද්දි තමුන් කසාද බැඳපු පිරිමියෙක් කියලා ශානුක අමතක කරා.තමන්ගෙ ආදරනීය බිරිඳ බඩදරු අම්ම කෙනෙක් කියලත් ශානුක හිතුවෙ නෑ.
දුර දිග නොබල තමන් පටන් ගත්තු වැඩේ දැන් දැන් ශානුකට වදයක්.නිතරම ඒ කෙල්ල ශානුකගෙන් සල්ලි ඉල්ල ගත්තා.ඒ විතරක් නෙවෙයි දැන් බයික් එකකුත් ඉල්ලනවා.මේ සති තුනට ශානුක ඒකිට බර ගානක් වියදම් කරලා තිබුනේ.
ඔක්කොටම වැඩිය දැන් බිස්නස් වල පොඩි අවුලක් තියන බවත් ශානුකට දැනුනා.ඒත් වැඩ කරන කෙල්ල කිව්වෙ අකවුන්ට්ස් අපිලිවෙලයි එයා ඒව ටික ටික සෙට්ල් කරලා ගන්නම් කියලා.
ශානුක ඒ වචන විස්වාස කරන්න ටිකක් අකමැති උනේ කෙල්ලගෙ වැඩ වල වෙනසක් තේරුන නිසයි.දවසක් ශානුක තනියම ඔෆිස් එකේ අකවුන්ට්ස් සේරම චෙක් කලේ මේ කෙල්ල නැති වෙනකන් ඉඳලා.
එදා තමයි ශානුකට එලොව පොල් පෙනුනෙ.ඒ වෙනකොටත් ශානුක හොඳටම රැවටිලා ඉවරයි.ශානුකට ලක්ශ පහලවකට වැඩිය පොල්ලක් තියලා කෙල්ල ඒ වෙනකොටත් මාරුවෙලා. ශානුක ඒකිගෙ බෝඩිමට ගිහින් බැලුවා ඒත් එහෙනුත් ගිහින්.එයාගෙ උපන් ගම කොහේද කියල වත් ශානුක දැනන් හිටියෙ නෑ.
ශානුකට දුලානිගෙ අහිංසක මූන මැවිලා පෙනුනා. තමන් කරපු වරදට තමන්ට දඬුවම් ලැබුනා කියලා හිත හදාගෙන ආයෙත් දුලානිට කිසිම වැරැද්දක් නොකර ඉස්සර වගේ ලස්සනට ජීවත් වෙන්න හිතාගෙන ශානුක ගෙදර ගියා.
ඒත් ගෙට ගොඩඋන ගමන් ශානුක දැක්කෙ දුලානි ගේ ඇතුලෙ පඩිපෙළ මුල වැටිල ඉන්න විදිය.ශානුක හනිකට ගිහින් දුලානිව අල්ලගෙන හෙලෙව්වා.ඒත් කිසි සද්දයක් නෑ.දුලානිගෙ ඇඟ සීතල වෙලා.
"අනේ මගෙ රත්තරනේ ඇයි මෙහෙම මාව දාල ගියේ.......මං උඹට ගොඩාක් වැරදි කරා මගෙ පන.මං ඒ වැරදි හදාගෙන එනකොට උඹ මට දඬුවම් දුන්නද රත්තරං......"
ශානුක විලාප දිදී ඇඬුවත් වැඩක් උනේ නෑ.ඒ වෙනකොට දුලානි ශානුකව දාලා යන්නම ගිහින්.දුලානිගෙ ලඟම ඩයරියක් වැටිල තියනව දැකල ශානුක හනිකට පෙරලුවා.ශානුක හිතුවෙ දුලානි වස බීල ඒ ගැන ඩයරියේ ලියල ඇති කියල.
ඒකෙ අන්තිමටම ඊට පැය 4කට කලින් ලියල තිබුන දේ දැකල ශානුක තමන්ගෙ ඔලුව බිත්තියේ හප්පගෙන හප්පගෙන ගියා.
මාර්තු 2.
අදත් ඊයෙ වගේමයි.මට කන්න හාල් ඇටයක් වත් නෑ.දැන් නම් කැරකිල්ල වගේ.හොඳටම බඩගිනියි.මහත්තයා නම් අදත් කඩෙන් කන්න ඇති.
මරන පරීක්ෂණයෙන් හෙලි උනා කුසගින්න වැඩි කමට කලන්තයක් හැදිල පඩිපෙලෙන් වැටුන නිසා අම්මත් දරුවත් දෙන්නම මිය ගිහින් කියලා.
දුලානිගෙත් නූපන් දරුවගෙත් තුන් මාසෙ දානෙ දවසෙ ශානුක කෝච්චියට බෙල්ල තියල තමන්ගෙ ආදරනීය බිරිඳයි දරුවයි ඉන්න ලෝකෙටම ගියා.

සමාප්තයි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI