මතක මන් පෙත

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

මතක මන් පෙත
--------------------

මැඩම් මෙන්න ෆයිල් එක..

දිමන්තගෙ කට හඩින් මන් පියවි සිහියට ආවා..

ම්ම් දෙන්න

මන් දිහා හොදට බලන් උන්නු දිමන්ත මට මෙහෙම කීවා..

මැඩම් ඔයා අඩලා..මෙ කදුලු..ඇයි

දිමන්ත වගේම මගෙ මුලු ස්ටාෆ් එකම මට ආදරෙයි..ඒත් ඒ අතරින් දිමන්ත විශෙශයි..

මුකුත් නෑ ඉට්ස් ඕකෙ

ටේබල් එක උඩ තිවුනු ටිශු පේපර් එකක් අරන් මන් මගෙ කදුලු පිහිද ගත්තා..

මුකුත් නැති වෙන්නෙ කොහොමද..ඇයි මැඩම් හන්ගන්නෙ..මන් මැඩම්ව අදුරන්නෙ අද ඊයෙ නෙමී

හරි ලමයො ..ඉට්ස් ඕකෙ..දැන් යන්න..මන් ෆයිල් එක චෙක් කරලා අඩගහන්නම්..යනගමන් ආනන්ද අන්කල්ට මට හොද ඉගුරු දාපු ප්ලේන්ටි එකක් එවන්න කීවා කියන්න..

හුම් අනෙ මන්දා..

තවත් ටිකක් වෙලා මන් දිහා බලන් උන්නු දිමන්ත යන්න ගියා..දිමන්ත ගියාට පස්සෙ මන් ඔෆිස් රූම් එක ඇතුලින් ලොක් කලා..ටිකක් තනියෙන් ඉන්න ඕනී..

මගෙ කදුලු වලට හේතු වුනු ඒ පොටෝ එක ආයෙම මන් ඕපන් කලා..

මේ පොටෝ එක මාව ආයෙම අතීතෙට අරන් ගියා..

දැහැමි චේතනා ඒ කියන්නෙ මේ මන් ගොඩක් සෙල්ලක්කාර කෙල්ලෙක්..මගෙ හොදම යාලූවා උනෙ නෙතුලි වාසනා..එක වසරෙ ඉදන්ම දොලහ පන්තියට යනකම්ම අපි දෙන්නා උන්නෙ එකට..ඒක වෙනස් උනෙ මන් කොමස් තෝර ගැනීමත්..එයා බයො තෝරගැනීමත් එක්ක..

පුන්චි කාලෙ ඉදන්ම හදාගෙන තිබ්බ පිලිවෙලට අපි කෑම කෑවෙ එකට..ඉතින් මන් ඉන්ටවල් එකට එයාගෙ පන්තියට යන එක පුරුද්දක් කර ගත්තා..

කොහොමත් මගෙ බත් එක සරුයි..අපෙ තාත්ති පලාතෙම ඉන්න ලොකුම ලෝයර් ඉතින් සල්ලි කියන එක මට කවදාවත් පර්ශ්නයක් නෙමි..ඒත් මන් ආස කලෙ ගමේ හැදඑන එලෝලු පිරුනු කෑම කන්න..නෙතුලි කියන්නෙ සාමන්‍ය පවුලක ලමෙක්..ඉතින් එයාගෙ බත් එක ගොඩක් රසයි..එයාගෙ අම්මා උඩරට පැත්තෙ කෙනෙක්..ඉතින් හැමදාම මස් මාලු කාලා කාලා එපා වෙලා උන්නු මට නෙතුලිගෙ බත් එක ඉස්තරම්..

ඒලෙවල් වලදි අලුතින් ලමයි ගන්නවා..ඉතින් අනුහස් ආවෙත් එහෙමයි..

දගකාර කෙල්ලෙක් වෙච්චි මන් ස්කෝලේම නම දරලා තිබ්බෙ මුරන්ඩු කෙල්ලෙක් විදියට..ඒ නිසා කිසිම කොල්ලෙක් මන් දිහාවත් මන් උන් දිහාවත් වෙනස් විදියට බැලුවෙ නෑ..

ඒත් අනුහස් ලග මගෙ හිත නතර උනා..වෙනදා නෙතූගෙ බත් එක කන්න ඒ පන්තියට ගිය මන් ඊලගට ගිය අනුහස් බලන්න..දවසින් දවස අනුහස්ගෙ පැත්තටම මගෙ හිත ඇදිලා යද්දි මට ඒ ගැන එයාට කියන්න බය හිතුනා..ඒත් මගෙ බොකූ නෙතූට මන් හැම දෙයක්ම කීවා..

අනුහස් කියන්නෙ ගොඩක් අමාරුවෙන් ඉගෙන ගන්න කොල්ලෙක්..අනුහස්ගෙ අම්මා විතරයි උන්නෙ..එයායි අම්මයි ජීවත් උනෙ ස්කෝලෙ අයිනෙ තිබ්බ පුන්චි කඩ පේලියෙ..අනුහස්ගෙ අම්මා රෑට ඉදිආප්ප හදලා එතන තියන් විකුනනවා..

කෙලින්ම මගෙ ආදරෙ එයාට කියන්න බය උනු මන් නෙතුලිගෙ මාර්ගෙන් එයාට උදව් කලා..එයාගෙ ක්ලාස් වලට,ඇදුම් පැලදුම්,,කොටින්ම මන් එයාට පෝන් එකකුත් අරන් දුන්නා..

එයායි මමයි රෑ එලිවෙනකම් මැසේජ් කරගත්තා..එයාට මගෙ කට හඩ අහන්න ඕන කියලා කොච්චර කීවත් කවදාවත ආදරෙ ගැන කොල්ලෙක් එක්ක කතා නොකරපු මම ඒ අදහස අත ඇරියා..ඒත් එයා මට ආදරෙ බව දැනුනා..

අපෙ හැම පනිවිඩයක්ම හුවමාරු උනෙ නෙතුලි හරහා..මටත් වඩා මන් නෙතූව විස්වාස කරා..

හැම දෙයක්ම ඉවර වෙලා එයාට මගෙ ආදරෙ කියනවා කියලා හිතා ගත්තෙ අනුහස් ගොඩක් දුක් විදන් ජීවීතෙ ජයගන්න උත්සහ දරන කොල්ලෙක් නිසයි..එයාගෙ හීනය උනෙ කවදා හරි ඩොක්ට කෙනෙක් වෙන එක..ඉතින් මන් ඒ හීනෙට යන්න එයාට උදව් කලා..

කොහොම හරි ඒ ලෙවල් ලියලා රිසාල්ට් ආවා..එදා මට දැනුනු සතුට වචනෙන් විස්තර කරන්න අමාරුයි..අනුහස් දිස්තික්කෙන්ම පලවෙනියා වෙලා..එදා මන් තීරනෙ කලා මගෙ ආදරෙ එයාට කියන්න..මන් කවුද කියලා එයාට පෙන්නන්න..

වෙනදටත් වඩා ලස්සනට ඇදගෙන එයාට ලස්සන වොච් එකක් අරන් මන් එයාලගෙ කඩේට ගියා..

ඒත් දෙයියනි මන් දැක්ක දේ..අනුහස්ගෙ තුරුලෙ නෙතුලි...

මන් යවපු හැම දෙයක්ම එයා කරපු විදියට එයා අනුහස්ට කියලා..හ්ම්ම් මන් පරක්කු වැඩී..

මගෙ ආදරෙ මිතුදමත් එක්කම මන් වැලලුවා..අනුහස්ට ඇත්ත කියලා මට ඒ ආදෙරෙ ලබා ගන්න තිබ්බත් නෙතූ කියන්නෙ මට මගෙ සහෝදරියක් වගෙ..

එයාලට සතුටින් ඉන්න ආශිර්වාද කරලා මන් තාත්තිට කියලා රට ගියා....දැන් ආයෙම ඇවිත් තාත්තිගෙ කම්පැනි එක බලා ගන්නවා..

අදටත් මගෙ හිතෙ ඉන්නෙ අනුහස් විතරයි..අද අනුහස් එයාගෙ පොපයිල් එකට පොටෝ එකක් දාලා..එයයි නෙතුලියි එයාලගෙ චූටී දෝනි පැටියයි ඉන්න..

හ්ම්ම්..

Wish u all the best.happy married life ..you..nethuli..and cute daugther..

මන් ඒ පොටෝ එකට කමෙන්ට් එකක් දැම්මා...

දැන් හරි..මට දැන් ඉගුරු ප්ලේන්ටි එක ඕනී.....

--නිමි---




 
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI