මරුනත් එයාගෙ ආදරේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඔන්න එහෙනම් පටන්ගමු...මගේ නම සමනලී අශ්නා.. තාම සූටි කෙල්ලෙක්.. මට 16යි.. අයියෝ වයස වයස... කෙල්ල ඉටිම් ලත්තනයිලු... චාම් අහින්සක ලස්සනක් මට තිබ්බ... බෝල ලොකු ඇස් දෙකක් තිබ්බ.. ඒ වගේම.. ඒ දකුනු ඇහැ යට තිබ්බ උපන් ලපෙ මට ගෙනාවෙ අමුතුම ලස්සනක් කියල හැමෝම කියනව.. මට ඉන්නව වසවර්ති අක්ක කෙනෙක්..එයාට 19යි... අපෙ අම්මට ඉතිං වලි බේරල ඉවරයක් නෑ කියල තමයි එයා කියන්නෙ... මටයි අක්කටයි අම්මයි තාත්තයි දෙන්නම උනේ අපේ රත්තරං අම්ම... නෑ තාත්ත මැරිල නෑ...අපේ තාත්ත අපිට කෙසේවෙතත් ගමේ ඉන්න අනිත් ගෑනුන්ට සලකනව.. අම්ම පොඩි කලෙ ඉදන් අපිව බලාගත්තෙ බොහොම අමරුවෙන්ලු.. මගේ ආච්චි..(අම්මගෙ අම්ම) තමයි අපිට ඇදුම් මහල අපි දෙන්නගෙ සබන් කැටේ පවා ගෙනත් දුන්නෙ... අපේ තාත්තගෙ අම්මත් තාත්ත වගේම තමයි කියල අම්ම කියනව.. තාත්ත මගේ අයියව අම්මටත් හොරෙන්ම අම්මගෙ බඩේ ඉන්නකොටම නැති කරල.. මාවයි අක්කවයිත් නැති කරන්න බෙහෙත් ගෙනත් දීලලු...ඒත් අපේ අම්ම තත්ත එක්ක රන්ඩු වෙලා..අම්ම ඒකට විරුද්ද වෙලා..අම්ම කෙනෙක්ට එහෙම කරන්න බෑ...

අපි ගොඩක් අමාරුවෙන් තමයි ජිවත් උනේ... තාත්තගෙ ආදරෙ ගොඩක්ම ඔනේ කෙල්ලන්ට කියන කතාව ඇත්ත කියල මට හොදටම තේරෙනව...
මට යාලුවො හිටිය ගොඩක්.. වාසියට.. එක්කෙනයි දෙන්නයි අවංකව හිටියෙ.. මට ඉගනගන්න එච්චරම බෑ... අක්කට පුලුවන්..

ඔන්න මගෙ ජීවිත කතාව... දිග වඩි තමයි.. ඔය උපරිම කොට කරල තියන්නෙ...

- - - - - - ------- - - - - - - - - ---------- - - - - - - - - -------- - - - - - - - - ---- - - - - --------- - - - - - - - - - ------ - - - - - - -------- - - - - - - -------- - - - - -------
අම්ම මාව කොහෙවත් යවන්නෑ... ඒක නිසා මං fb account එකක් හදා ගන්නව... හැබැයි 4tos දාන්නෙ නෑ.. නමත් වෙනස් කරල බොරු නමක් දාන්නෙ.. ඔහොම ඉන්නකොට ගමේ ගොඩක් අය මත් එක්ක ෆිට් උනා.. ගොඩක්ම කොල්ලො.. ඒ අතරින් ගොඩක්ම ෆිට් උනේ කොල්ලො දෙන්නයි(hansa & pahan)... පුලුව්ණ් හැම වෙලවෙම මන් එයලත් එක්ක chat කරනව... ඒත් එයාල දන්නෑ මන් කව්ද කියල..

ඒත් එක දවසක්.... nilakshana

"Ehh bn.. uba mee kellawa dannawada...
"
මල කෙලියයි මේ මමනෙ යකෝ.. ඒක මගෙ යාලුවෙක්ගෙ account එකක දාල තිබ්බා... දෙමු බයිටක්..

"Ah ow bn... mage hodama yaaluwane..."

"Ehemada... adoo marama lassanai ne bn... mata set karala diyanko.."
ඒ පාරනන් මාව ගැස්සිල ගියා...

"Mata bh bn... uba gihin ahapanko... ubalage gewal paththe neda inne.."

"Ow bn mn aduranawa.. lajjai wge bn"

"Uba monad eki gna dnne.."

"Man dannawa.. eya wena namakin account ekk hadagena math ekka chat krnwa kiyla"
අප්පට සිරි... මෙයා ඔක්කොම දන්නවද.. එයා කෙසේවෙතත්.. මං බයිට් වුනාදා මන්ද... සැක් . දැන් කෝමද මන් ලෝකයාට මූන දෙන්නෙ... වෙච්ච ලැජ්ජාව වහ ගන්නත් එපෑ...

" sirawata.. meki mata qwe nhne bn... mkkd nme eka"

" ha ha.. baba wennepa bn itin.. hora ahu wela thiynne mta"

"hri hri itin"

---------------------------------------------------------------------------------------

ටික දවසකින් ඔක්කොමල දැනගෙන තිබ්බා.. මොනා කරන්නද..නේ..
ඒක කියල මාව බයිට් කරපු අව්ස්තාද නැතුවාම නොවේ.ඉතිං...

ඔහොම යනකොට.. ටික දවසක ඉදන්.. හංස අමුතුයි... මට එයගේ වෙනස තේරුනා..මං දන්නෑ වවගේ හිටිය.... ඔහොම ඉන්නකොට දවසක් එයා..

"Mee podi deyak"

"Mkkda kiyapan"
මට තේරුනා.... මූ මොකාටද එන්න හදන්නෙ කියල..

"I love you bn"

"Sira"

"Mongalda ban... mn nikan qwe... mongal kellekta lv krnna mta pissu naa."

"Ahh eka thamai math baluwe"

" mmmm"

"Mmmmm"

"Meeee"

"Oooo kiyapan"

" ee wihiluwta nemei bn... siraawata"..

"Mkkda sirawata"

"I love youu mnika.."..

ඔන්න ඔහොමයි එයා ඒක කිව්වෙ.. මං එක පාරටම කැමති උනේ නෑ.... ටික දවසකින් කැමති උනා....

ටික දවසක් ගියාම මං chat කරපු යාලුවො කියල හිතපු අය.. හැම තැනම ගිහින් මං එයාල එක්ක යාලු වෙල හිටිය කියල කිය කිය යනවලු.. මට මන් ගැනම කලකිරීමක් ඇති උනා.. ඕක දැනගත්තම හංස ගොඩක් වෙනස් උනා... මන් එයාට ගොඩක් පැහැදිලි කරා... ඒත් එයාගේ යාලුවො කියන ඒවා එයා විශ්වාස කරා.. ඒත් පහන් මාව විශ්වාස කරා... මොකද එයා දන්නව මන් ගෙදරින් එලියටවත් බහින්නෙ නෑ කියල...
මං හැම කෙනා එක්කම cht කරේ එකම විදිහට...

"Mata aththama kiyanna... mawa pissek karanna efa.. plzz.."

"mn mechchra dawas qwe aththa thamai hansa"

"Mage hodama yaluwa ehema kiyanakota man ubawa wishwasa karanne kohomada ashna"

"Ewa man dannh oya kamathi kenekwa wishwasa kranna... oyaata barinm ynna... wena kellek hoyaagnna".

"mn oyata adreine "

"Deiyanee math oyata adrei hansa.. eth oyaata mawa wishwaasa nhh... ehema aadharayak wdk nh.. oyaa kamathi thiiranayak ganna"

හැමදාම වගේ ඔය සංවාදෙ යනව... මං හිතාගෙන හිටියෙ.. මන් mag කරපු විදිහ නිසා එහෙම උනේ කියල.. ඒත් මගේ තාත්ත නිසයි මාව ඒ වටේ යනව කියන තත්වෙට පත් වෙලා තියන්නෙ... මට විතරක් නෙමෙයි.. අක්කටත් ටික දවසක් යන්කොට ඒ තත්වෙට පත් වෙන්න උනා... ඇයි සමාජය මෙච්චර අපිට පහර දෙන්නෙ..
තාත්ත එහෙම උනාට අපි කවදාවත් එහෙම උනේ නෑ... එක දවසක්.. මට පොඩි සහනයක් දැනුන...ඒ හංස. මං ගැන තේරුම් අරන්...

" mn oyata adarei.. mata oyaawa one manika... man ewa okkoma amathaka karannam.."

"Amathaka karata wdk wennh hansa... oka aai mathak wei.. wishwaasayak nathuwa adrayak wdk nh"

"Man oyawa wishwaasa karanawa kelle... mata oyawa wishwsay...oya mata adrei neda..tharaha naa neda "

"Mmm nha nha"

"Nh qwe.. aadare nhd"

"Hee heee aadarei adrei .godk adrei mge panchoo."

එයා මට පනටත් වඩා ආදරේ කරනව... මාත් එහෙමයි... ඒත් මන් අවාසනාවත්න කෙල්ලෙක්.. ඔව් මට ලෙඩක් තියන්වලු... මොකක්ද කියල මන් දන්නෙ නෑ..ඒත් සැරින් සැරේ මගෙ බෙල්ල කවුරුහරි තද කරනව වගේ.. ලොකු වේදනව්ක් එනව.. හුස්මගන්න පවා අමාරු වෙනව.. මං දන්නෑ මං මැරෙයිද කියල.... ඒත් මට ගොඩක් අමාරු වෙනව... මන් හංසට කිවුවා.. මාව දාල යන්න.. වෙන ලස්සන කෙල්ලෙක් හොයාගන්න... කියල.. ඒත් එයා කිඋවෙ.. මං ඔයාව කවද කරි මගේ කරගෙන... සනීප කරනව කියල... ඒ වගේම මගේ මුලු ඇගම පන නැති උනත්... එයා මාව දාල යන්නෙ නෑලු.. ඒත් මට කවද හරි යන්න උනොත්.. මට බයයි..
මං ලෙඩකට කවදාවත් බෙහෙත් බීල නෑ... ඒත් මං එයා නිසා හැම බෙහෙතක්ම බොනව...

මේ ලෙඩේ නිසා.. මට ගොඩාක් දේවල් අතපසු වෙනව.. ඒත් ආදරේ තම එහෙම්මමයි... එයා හිතන්නෙ මං දැන් එයාට ආදරේ නෑකියල වෙන්නැති... ඒ හින්දද කොහෙද..එයා මට බනිනව...මට එයගෙන් වඩක් නෑලු.. මන් ආදරේ නෑලු...ගොඩක් දේවල් කියනව.. ඒත් එයා දන්නවනම් ඒ වචන මාව ගොඩක් රිද්දනව කියල.. ඒව අහල මට අමාරු වෙනව කියල... එයා කවදාවත් එහෙම කියන එකක් නෑ... මං ඒ හැම දේම ඉවසගෙන.. එයා වෙනුවෙන් පුලුවන් තරම් කාලයක් ජීවත් වෙනව.. එයා මට ගොඩාක් ආදරෙයි.. මාත් ආදරෙයි..මං හිතනව..මං මරුනත් එයාගෙ ආදරේ වෙනස් වෙන එකක් නෑ...
-------------- - - - - - - - - - - - ------------ - - - - - - - - -- - - - - - - -------------- - - - - - - - - - - - - - ----------------- - - - - - - - - - - - ---------------- - - - - - - - -

අම්බෝ.. පන දාගෙන typ කරේ.. මොනා හරි කියල යන්න අමතක කරන්න එපා.. කතාව හොදයිද නරකයිද කියල යන්න... හොද නරක කොටාගෙන යන්න..

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI