නොදුටු_සිහිනය_නුඔ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#නොදුටු_සිහිනය_නුඔ

"හෙලෝ..කියන්න"

"නිමේෂ් අයියෙ..මම කෝල් කරේ හැපි නිවුස් එකක් කියන්න"

"කියන්න නෙත්මි. මොක්ද"

"මම ලබන සතියෙ කොළඹ එනව"

"එ් මොකද හදිස්සියෙ"

"අපේ මාමගෙ පුතාට මණමාලියෙක් බලන්න එනව ඉතින් මටත් එන්න කියල තියෙන්න "

"ඉතින් හලෝ ඕකෙ මොනාද අපිට සතුටු වෙන්න තියෙන්නෙ"

"අැයි මෝඩයො මම එන දාට විස්තර කියන්නම් එදාට මූණ ටිකක් හරි බලන්න බැරියෑ"

"මම කියල තියෙනවනෙ නෙත්මි...අපි දෙන්න කවද හරි හම්බ වෙනවනම් එ්ක විශේස දවසක් වෙන්න ඕනෙ අාවට ගියාට මම එන්නෙ නැහැ කියල"

"හරි හරි රණ්ඩු වෙන්න බැහැ මම තියනව බුදු සරණයි"

"බුදු සරණයි"

මම නෙත්මි. මම ඉන්නෙ රත්නපුරේ මගෙ අම්මයි තාත්තයි දෙන්න නැහැ.මම ඉන්නෙ මාම ලග. නිමේෂ් කියන්නෙ මට ජීවිතේට හමු උන අමුතු චරිතයක් facebook එකෙන් හිතවත් වෙලා කවදාවත් මුණ ගැහිල නැති මුණ ගැහෙන්න උත්සහවත් කරන්නෙ නැති කෙනෙක් අපි අාදරේ කරන්නෙ නැහැ. එ්ත් කතා නොකර ඉන්න බැරි තරමෙ බැදීමක් තියනව. මම වැඩ කරන්නෙ ලගම තියන පොත් කඩේක. මගෙ එකම හීනෙ ගායිකාවක් වෙන එක එ්ත් එ්ක හීනයක්ම වෙලා තියෙන්නෙ..මම සිංදු කිය කිය නිමේෂ්ට යවනව එයා යවන හැම එකටම ලස්සනයි කියනව එ්ක තමයි මට තියන සතුට
...............................

" මිස් මොනාද අලුත් නවල් තියෙන්නෙ"

"අලුතෙන් දෙක තුනමක්ම අාව ඉන්න මම පෙන්නන්ම් "

"මිස් ගිය සතියෙ පෙන්නපු එකත් ලස්සනයි"

"හැබැයි මේවනම් මම බැලුවෙ නැහැ"

"මට සතිය ගෙවාගන්න මොකක් හරි කමක් නැහැ මිස් හොද එකක් බලල දෙන්නකො"

මම හොදයි කියල හිතුන එකක් තෝරල දුන්න සල්ලි ගෙවල එයා යන්න යද්දි අායෙත් මට කතා කරා.

"මිස්...."

"කියන්න සර්"

"මිස්ට දෙයක් කියන්න වැරදියට හිතන්න එපා"

"නැහැ කියන්න.මොකක්ද"

"මිස් හුගක් ලස්සනයි හරියට සුරංගනාවියෙක් වගේ.......මම යන්නම් මිස්.."

එයා හැම ඉරිදම කඩේට අැවිත් මොනව හරි පොතක් අරන් යනව හැබයි මොකුත් කියන්නෙනම් නැහැ ඔය අද තමයි මෙහෙම දෙයක් හරි කිව්වෙ..කඩේ කට්ටියත් නැති නිසා මම නිමේෂ්ට කෝල් එකක් ගත්ත.

"කියන්න නෙත්මි"

"කොහෙද මෝඩයො ඉන්නෙ මම දැන් කීපාරක් ගත්තද"

"ඔයා දන්නවනෙ ඉරිද දවසෙ බාගයක්ම ඉතින් මට බස් එකටනෙ..මම අද කඩේට බඩු ගේන්න ඕනෙනෙ."

"ඉතින් ඕව එකපාර ගෙනත් තියා ගන්න බැරිද"

"ලමයො මම ටීවි හදන්නෙ අනුන්ගෙ කඩේක මම ටීවි රෙපයාර් කරන කඩයක් දාපු දවසකට ගෙනත් තියා ගන්නම්කො"

"මේ එ්ක නෙමෙ..අපේ කඩේට කොල්ලෙක් එනව. හැම ඉරිදම නවල් එකක් අරන් යනව අද යන්න ඉස්සෙල්ල මට දෙයක් කියන්න ඕනෙ කිව්ව"

"නෑ....ඉතින් මොනාද කිව්වෙ"

"ඔන්න විහිලු කරන්න බැහැ හරිද"

"හරි කියන්නකො බලන්න"

"මම සුරංගනාවියක් වගේලු ලස්සනයිලු"

"මිනිහ කණ්නාඩි දෙක අතේද තියන් හිටියෙ"

"මම කිව්වනෙ විහිලු කරන්න බෑ කියල මෝඩයො"

"හරි ඉතින් ඔයා ලස්සනයි නේන්නම් "

"මගෙ ලස්සනෙන් වැඩක් නැහැ අැයි ඔයා ඔයාගෙ පොටෝ එකක්වත් එවන්නැත්තෙ අැස්වහ වදියි කියලද"

"අපෝ මම ලස්සන නැති නිසානෙ පොටෝ දාන්නෙ නැත්තෙ"

"හරි ඉතින් මට බලන්නවත් එවන්නෙ නැත්තෙ අැයි"

"කවද හරි දවසක ඔයා මාව ඉස්සෙල්ලම දකිද්දි බලමුකො "

"දැන් කවදද එහෙම දවසක් එන්නෙ"

"මම කිව්වනෙ මම කොහොම හරි ඔයාව ගායිකාවක් කරනව කියල එදාට තමයි මම එන්නෙ"

"අනේ හා...ඕව වෙන වැඩද කියල කවුද දන්නෙ"

"එ්ක මම කරනව ඔයාගෙ වොයිස් එකක් මම යවල තියෙන්නෙ මම හිතන්නෙ එතනින් ප්‍රතිචාරයක් ලැබෙයි"

"එහෙමද මට කිව්වෙත් නැහැ මෝඩය"

"දැන් කිව්වනෙ...මේ මම හවස ගන්නම් හරිද"

"හා...බුදු සරණයි"

"බුදු සරණයි"

මගෙ හීනෙ හැබෑ කරන්න නිමේෂ් හුගක් මහන්සි වෙනව මට දවසක් නිමේෂ් අාදරෙයි කියල කියල කිව්ව එදා මම එයාට කිව්ව අපි ටික කාලයක් ගිහින් එ්ගැන හිතමු කියල එදා ඉදන් අායෙ කවදාවත් නිමේෂ් එ් ගැන අැහැව්වෙ නැහැ. මම දන්නව නිමේෂ් මට ගොඩක් අාදරෙයි මමත් නිමේෂ්ට අාදරෙයි එ්ත් මම කවද හරි අාදරෙයි කියන්නෙ එයා පුදුම හිතෙන විදිහට එ් එයාව දකින පළවෙනි දවසෙම. එතකම් ඉන්නව අැත්තටම මූණවත් දැකල නැති උනාට මම දන්නව නිමේෂ් කියන්නෙ දාහකින් හොයා ගන්න බැරි හොද කොල්ලෙක්.
......................................

"නෙත්මි සුභ අාරංචියක්"

"කියන්නකො මොනාද කියල"

"ඉස්සෙල්ල මට මොනවද දෙන්නෙ කියන්න"

"හරි අාරංචිය කියන්න ඊට පස්සෙ ඉල්ලන ඕන දෙයක් දෙනව"

"මට යාළුවෙක්ගෙ මාර්ගෙන් ඔයාට සින්දුවක් කියන්න චාන්ස් එකක් ගන්න පුලුවන් උනා"

"අනේ නිමේෂ් ඔයා විහිළු කරවනවද කොහෙද"

"නැහැ නෙත්මි අැත්මයි..අලුතින් සින්දුවක් කරනව එයාගෙත් පලවෙනි සින්දුව එ්ක යුග ගීතයක්ලු ඉතින් මම ඔයාට කිව්වෙ ඔයාගෙ වොයිස් එක යවල තිබ්බෙ කියල එ්කට එයාල කැමති වෙලා.ඔයාට යන්න වෙනව වොයිස් ටෙස්එකට.."

"මම කවදාවත් හිතුවෙ නැහැ නිමේෂ් මගෙ හීනෙ ඉස්ට වෙයි කියල...ඔයාට හුගක් ස්තූතියි නිමේෂ්"

"මම හරියටම යන්න ඕන දවසයි වෙලාවයි කියන්නම් මාමත් එක්ක යන්න"

"අැයි ඔයා එන්නෙ නැද්ද"

"මට එන්න වෙන්නෙ නැහැ..බාරගත්ත වැඩ ගොඩක් තියනව එ්කයි"

"මාව එ්කෙන් තේරෙයි නේද"

"ඔයාට ඔය සින්දුව හම්බ වෙනව මට විශ්වාසයි....ලමය ගායිකාවක් උනාම දුප්පත් මාව අමතක වෙයිද දන්නෙ නැහැ"

"අනේ ඔව්....හිතාගෙන ඉන්නෙ මම එ්වගෙ කෙනෙක් කියලද"

"නැහැ ඉතින් කිසිම කෙනෙක් නැති කිසිම දෙයක් නැති මම වගේ කෙනෙක්ගෙන් ලොකු ගායිකාවකට වැඩක් තියෙයිද"

"මේ මෝඩයො... මම හැමදාම කියනව ඔහොම ඉදල හරියන්නෙ නැහැ....ඔයාගෙ කියල මොනව හරි පටන් ගන්න..හැම දාම ඔහොම ඉදල බැහැනෙ"

"එ් කියන්නෙ මම එදා අහපු දේ ගැන සලකලබැලීමක් තියනව එහෙනම්"

"එ්ව වෙලාව අාවම කියන්නම් එතකම් මම කියපු විදිහට වැඩ කරන්න"

"හරි මැඩම්....එහෙනම් මම තියනව මට වැඩ වැඩියි අද බුදු සරණයි"

"බුදු සරණයි"

අැත්තටම මට හීනයක් වෙලා තිබුන මගෙ අාසාව ඉස්ට කරගන්න පුලුවන් කියල හිතෙන කොටත් මට එ්කත් හීනයක් වගේ.
..............................

නිමේෂ් කියපු විදිහට මට එ් අවස්ථාව ලැබුන. අැත්තටම මට හිතා ගන්නත් බැහැ එ් සින්දුව කරපු ගායකය මට අලුත් කෙනෙක් දෙන්නම අලුත් හින්ද එ්ක ජනප්‍රය වෙයි කියලනම් හිතුවෙ නැහැ. එ්ත් එ්ක සැරෙන් සැරේ චැනල්වල fm වල යන්න ගත්ත

" මිස් අලුත් නවල් අාවද "

" අලුතෙන්නම් අාවෙ නැහැ එ්ත් ඔයා ගත්තෙ නැති එ්වනම් තියනව"

"කමක් නැහැ මිස් හොද එකක් දෙන්නකො බලල"

"අා මේකනම් මම බැලුව ලස්සන අාදර කතාවක් තියෙන්නෙ"

"මිස් තව පොඩි ඉල්ලීමක් තියනව පුලුවන්ද"

"කියන්න"

"මට මේ පොතේ මිස්ගෙ අත්සන ගහල දෙනවද"

"පුලුවන් එ්ත් මගෙ අත්සන"

"මිස්ගෙ සින්දුව ලස්සනයි ටික කාලයක් යද්දි මිස් ගොඩක් ජනප්‍රය වෙයි එත කොට මට අත්සනක් වත් ගන්න බැරි වෙයි එ්කයි දැන්ම ගන්නෙ"

මම අත්සන ගහල දුන්න මට එ් වෙලාවෙ හිතට ලොකු සතුටක් දැනුන මගෙ පලවෙනි රසිකය මගෙ අත්සන ගන්න තරම් මට හීනෙ සැබෑවෙලා ඉවරයි එ්ක කියා ගන්න බැරි තරම් සතුටක්. පෝන් එක රිංග් වෙද්දි බැලුවෙ කවුද කියල නිමේෂ්

"නිමේෂ් මේ අහන්නකො.. අර මම කිව්වෙ දවසක් මට ලස්සනයි කියල කියපු කෙනා..අද මගෙ අත්සන ගත්ත එයා ගත්තු නවල් එහෙකට...මගෙ පලවෙනි රසිකය..සතුටුද දැන්.. ඔයා නිසා තමයි මේ හැම දේම"

"අප්පේ තියෙන සන්තෝසෙ..ඔයාගෙ සතුට වෙනුවෙන් තමයි මම මේ හැම දෙයක්ම කරේ නෙත්මි....රසිකයට හිත එහෙම ගියාද..."

"අපෝ ඔයාට පිස්සුද..මම ඉල්ලපු හින්ද දුන්නෙ අාඩම්බර වෙන්න බැරි නිසා..කඩේට එන කස්ටම කෙනෙක් නිසා කතා කරන්නෙ නැත්නම් මම කැමතිත් නැහැ කතාකරන්නවත්"

"එ් මොකද එ් අැයි මොකුත් එහෙම කිව්වද"

"එහෙම මොකුත් නම් කියල නැහැ..එ්ත් අැයි දන්නෙ නැහැ මම එ් කොල්ලගෙ විදිහට කමති නැහැ"

"හරි හරි එ්ක වැඩක් නැහැ මම කතා කරේ..මම දන්න කෙනෙක්ට කියල පත්තරේ අාටිකල් එකක් දාන්න ලෑස්ති කරා ඔයාට කෝල් කරල එයි..හැබැයි මගෙ ගැන මොකුත් කියන්න එපා.."

"එ් අැයි ඔයානෙ මට උදව් කරේ ඔයා ගැන නොකිය කොහොමද"

"එ්ව වෙන දවසක කියන්න පුලුවන් ඔයා අහන එ්වට කල්පණාවෙන් උත්තර දෙන්න මොකද මේක තමයි අවස්ථාව ඉහලට යන්නන"

"හරි දැන් ඔයා කවද්ද එන්නෙ මාව බලන්න"

"මම ඔයාව බලන්න එන්නෙ ඔයාව බලන්න තරම් ඔයා මට වටිනාකමක් දුන්න දවසට"

"එ්කනම් මට තේරැනේ නැහැ "

"හරි පස්සෙ තේරැම් කරන්නම්..මම තියනව..බඩු ගන්න අාපු ගමන්..බුදු සරණයි"

"බුදු සරණයි..."
.........................................

ටික කාලයක් යද්දි මගෙ ජීවිතේම වෙනස් උනා.මට හිතුවටත් වැඩි ජනප්‍රයත්වයක් ලැබුන මම තව සින්දු දෙක තුනකුත් කරා. මම හුගක් කාර්්‍යබහුල උනා. අැත්තම කිව්වොත් මගෙ හීනෙ සැබෑ උනා මට යෝජනා එන්න ගත්ත හුගක් එ්ත් මම එහෙකටවත් කැමති උනෛ නැහැ මොකද මම නිමේෂ්ට නොකීවට එයාට අාදරේ කරා එ්ත් නිමේෂ් ඉන්න තත්වෙ අපේ මාමලට කියන්න බැරි කමක් තිබුන මොකද දැන් ගෙදරටම එන යෝජනා නිසා මාම බලන්නෙ මාව ලොකු සල්ලිි තියන තැනකට කසාද බන්දන්න. මම නිමේෂ් ගැන කිව්ව එ්ත් එයාල කැමති නැහැ.නිමේෂ් දුප්පත් නිසා. මම කවුරැ මොනව කිව්වත් එයාව අමතක කරන්නෙ නැහැ බදිනවනම් එ් නිමේෂ්ම තමයි මොකද මම අද ඉන්න තැනට අාවනම් අාවෙ එ් නිමේෂ් නිසයි.එ්ත් මට ඕනෙ නිමේෂ් ලොකු තැනකට ගන්න මට එතකොට ගෙදර කියල හැම දෙයක්ම හදා ගන්න පුලුවන් එ්කයි මම ඔය ගැන කිහිප සැරයක්ම කිව්ව.

අද මට එච්චර වැඩක් නැහැ. මම නිමේෂ්ට කතාකරන්න කෝල් එකක් ගත්තෙ අපි ගැන කතාකරල මොනව හරි කරන්න ඕන නිසා.

"කියන්න නෙත්මි"

"මොකද කරන්නෙ...මට ටිකක් කතා කරන්න ඕනෙ"

"දැන් වෙලාවකුත් නැහැනෙ නේද..."

"එහෙම කියල මම කතා නොකර ඉදල නැහැනෙ පොඩ්ඩ පොඩ්ඩ හරි මම හැමදාම වෙලාවක් ලැබුන ගමන් කතා කරනවනෙ"

"හරි ලමයො විහිළුවට කිව්වෙ...මම හුගක් සතුටු වෙනව අැතමයි"

"දැන් මට ඔයා ගැන කියන්නම වෙනව ගෙදරට මම ඔයාව හම්බ වෙලාම කියන්න හිටියෙ එ්ත් දැන් කියනව මම ඔයාට අාදරෙයි නිමේෂ් ඔයා මගෙන් අහද්දි මම ඔයාට නොකිය හිටියෙ කවද හරි ඔයගෙ ලගට අැවිත් කියන්න ඕන නිසයි"

"දැන් ඔයා ලොකු කෙනෙක් නෙත්මි. මම දුප්පත් කෙනෙක් මම වගේ කෙනෙක් ඔයාට පෙන්නන්න බැරි වෙයි"

"මට දුප්පත් වැඩක් නැහැ...මට ඔයා හැම දේකටම වඩා වටිනව එ්ක ගෙදරට එන්න අපි ගෙදරට කියමු අනික මගෙ ගැන තීරණයක් ගන්න මට අයිතියක් තියනව"

"එ්ත් මම තාම තැනකට අැවිත් නැහැ මට දැන් ඔයා ගොඩක් දුරයි ලංවෙන්න බැරි තරම්"

"අනේ හා මගෙ තරහ අවුස්සන එපා...අර සින්දු කියන සමිත් දන්නව නේද"

"ඔව් දැකල තියනව"

"එයා මට යෝජනාවක් ගෙනව ගෙදරට අැවිත් මාමාගෙන් අැහැව්වෙ...මාම කියනව එයාට කැමති වෙන්නලු"

"ඉතින් එයාට කැමති වෙන්නකො...ඔයාගෙ ඉදිරි ගමනට අත්වැලක් වෙන්නෙ එ් වගෙ කෙනෙක් තමයි..."

"ඔයා ඔය විදිහට හිටියොත් මට එ්ක කරන්න වෙයි එ්කයි කියන්නෙ..ඉක්මනට තීරණයක් ගන්න කියල"

"මේ අහන්න මට ඕනෙ ඔයා සතුටින් ඉන්නව දකින්න එ්ක නිසා ඔයා එ්කට කැමති වෙන්න මාත් එක්ක අාවොත් ඔයාට ලස්සන ජීවිතයක් ගෙවන්න බැරි වෙයි"

"එ්ක එදාට බලමු.. මට ඕනෙ මේ හැමෝටම දවසක ඔයාව පෙන්නලම කියන්න ඔයා තමයි මාව මෙතනට ගෙනාවෙ කියල....එ් මම ඔයාගෙම වෙලා"

"මම දැන් වැඩ....මම ඔයාට ඉක්මනටම තීරණයක් දෙන්නම්...."

"ඉක්මනට එන්න මට දැන් ඔයාව බලන්න ඕනෙ මේ පාර අාවෙ නැත්නම් මම කොහොම හරි ඔයාව හොයා ගන්න"

"හා මම ඔයාට කියන්නම්කො...බුදු සරණයි"

"මම බලන් ඉන්නව...බුදු සරණයි"

මම අද මෙතන ඉන්

නෙ නිමේෂ් නිසා ඉතින් මට පුලුවන්ද එයාව අමතක කරන්න මම නිමේෂ්ව බැදල හැමෝටම පෙන්නනව එයා තමයි මගෙ වීරය කියල. එදාට එයා හුගක් සතුටු වෙයි...ඔව් මම දන්නව හැමදාම මගෙ සතුට ගැන හිතපු එයා. එයා සතුටුවෙනව බලන්න මට ඕනෙ එ්ක මම කරනව

"නෙත්මි දූවේ"

"අැයි මාමෙ"

"අර ලමය ගෙනාපු යෝජනවාට කැමති උනානම් හොදයි නේද"

"මම මාමට කියන්න හිටියෙ මම කෙනෙක්ට අාදරේ කරනව එයා හොද කෙනෙක්"

"කවුද මොනව කරන කෙනෙක්ද"

"එයා දුප්පත් කෙනෙක්..ටීවි රෙපයාර් කරන පොඩි කඩේක වැඩ කරන්නෙ"

"මේ අහන්න දුවේ ජනප්‍රය කම හැම දාම තියන දෙයක් නෙමෙයි එ්ක නිසා මේ වෙලාවෙ තමන්ගෙ ජීවිතේ අනාගතේ ගැන හිතල වැඩ කරන්න ඕනෙ"

"එයා තමයි මාමෙ මට මේ දේවල් වලට උදව් කරේ ඉතින් මට එයාට දෝහිවෙන්න බැහැ"

"හරි දුවගෙ කැමත්ත..මට එ් ලමය ඉන්න තැන කියන්න මම ටිකක් හොයල බලන්න ඕනෙ"

"මම මාමට නොම්බරේ දෙන්නම් මාම එයාට කතා කරල බලන්න එයා හරි හොදයි මාමෙ මට හැමදාම සතුටින් ඉන්න පුළුවන් එයා එක්ක"

"දුවගෙ සතුට එ්කනම් අපි එ්ක කරමු"

දැන් ඉතින් හැන්ගිලා ඉන්න වෙන්නෙ නැහැ.මාම හොයගනියි බලමුකො මාමත් කැමති නිසා දැන් එයාට කියන්න කිසිම දෙයක් නැහැනෙ
............................

අද මට ජීවිතේ ලැබුනු හැම සතුටක්ම නැති උනා වගෙ දැනුන නිමේෂ් මට කියපු දේ තාමත් මට හිතා ගන්න බැහැ..එයා කොහොමද එ්වගේ දෙයක් කරේ දැන් මට එයා කතා කරල කියපුව මට තාම හිතාගන්න බැහැ.

"නෙත්මි මට ඔයාට දෙයක් කියන්න ඕනෙ"

"කියන්න නිමේෂ් සුභ අාරංචියක්ද"

"ඔව් සුභ අාරංචියක්.....ඔයා දන්නව නේද අර මම ඔයාට කියල තිබුනෙ මගෙ යාලුව දිලිනි ගැන"

"ඔව් මට මතකයි එයාගෙ පොටෝ වගේකුත් ඔයා එ් දවස්වල මට එව්වෙ"

"එයා තමයි...මම එයාව බැන්ද මම එයාට හුගක් කල් ඉදල අාදරේ කරේ එ්කයි මම ඔයාට වචනයක් දුන්නෙ නැත්තෙ තව දුරටත් මට ඔයාව රවට්ටන්න බැහැ...ඔයාට වරදින්නෙ නැහැ හැමදාම සතුටින් ඉන්න...මට එක උදව්වක් කරන්න..කිසිම දවසක මම ඔයාගෙ ජීවිතේට උදව්වට ලග හිටිය කියල කොහෙවත් කියන්න එපා....මොකද එ්ක දිලිනට හොද නැහැ..මම අායෙ කවදාවත් ඔයාට කතා කරන්නෙ නැහැ බුදු සරණයි"

මට එ් වෙලාවෙ කියන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ මම අහගෙන හිටිය විතරයි කොහොමද මිනිස්සු එකපාරට මෙහෙම වෙනස් වෙන්නෙ...
...............................
(වසර දෙකකට පසු)

ජීවිතේ හුගක් දේවල් වෙනස් උනා මට නිමේෂ් කතා කරේම නැහැ මම සමිත්ව කසාද බැන්ද මම දැන් සතුටින් ජීවත් වෙනව අද මට අාරාධනාවක් තිබුන උත්සවයකට මම සමිත් එක්ක එතනට ගිහින් ඉවර වෙලා කාර් එකට නගින්න එද්දි රැවුල වවාගත්ත මනුස්සයෙක් මගෙ දිහෑ බලාගෙන ඉදල අපේ ලගට අාව.

"මිස්ට මාව මතක නැතුව අැති"

"නැහැ..කවුද ඔය"

"මිස්ට මතකද පොත් කඩේ වැඩ කරද්දි මම පොත් ගන්න එන්නෙ.. "

"හරි මට මතකයි දැන්"

"මට හරි සතුටුයි මිස්....මිස් ලොකු ගායිකාවක් වෙලා.මිස්ගෙ පලවෙනි අත්සන ගත්තෙ මමනෙ එ් පොත මගෙ ලග තාම තියනව..දැකල කතා තරේ ගිහින් එන්නම් මිස්"

"හොදයි මටත් සතුටුයි මගෙ පලවෙනි රසිකය දැක්ක එක ගැන"

අපි දෙන්න කාර් එකට නැගල වාඩි උනා එ් මනුස්සය යන්න ගියා..

"සමිත්ට මතකද මම නිව්වෙ දවසක් ඔයාට මගෙන් පොතකට අත්සන් කරගෙන ගියා කියල ඔය මනුස්සය තමයි"

"මට මතකයි..ඔයා කිව්ව..අපි යන ගමන් අපේ ගෙවල් පැත්තෙත් ගිහින් යමුද"

"ඔව් නේද අද අපිට වෙන වැඩකුත් නැහැනෙ"

"ඔව් හුග දවසකින් ගියෙත් නැහැනෙ"

"සමිත් කාර් එක ටිකක් නවත්තනන්කො"

"අැයි නෙත්මි "

"මම අදුරන කෙනෙක් ටිකක් ඉන්න"

මම දැක්කෙ දිලිනි ලමයෙකුත් වඩාගෙන කඩේක ඉදල එලියට එනව මට හොදට මතකයි නිමේෂ් එවපු පොටෝවල හිටියෙ මෙයා තමයි මම ගිහින් කතාකරා

"මේ දිලිනි නේද"

"අානේ මට හිතාගන්නත් බැහැ..නෙත්මි මම අාසම ගායිකාව.එ්ත් මාව අදුරන්නෙ කොහොමද"

"මට නිමේෂ් ඔයාගෙ පොටෝ එවල තිබුන එ්කයි අදර ගත්තෙ......මේ නිමේෂ්ගෙ බබාද"

"අනේ නැහැ...මේ අපේ පුතා"

"එ් කිව්වෙ ඔයා නිමේෂ්ව නේද බැන්දෙ"

"නැහැ නෙත්මි...නිමේෂ් මගෙ හොදම යාළුවෙක් විතරයි"

"එතකොට මට නිමේෂ් කිව්වනෙ"

"එ්ක ලොකු කතාවක් නෙත්මි"

"මට අැත්ත කියන්න මොකක්ද"

"එයා මට කිව්ව හැම දෙයක්ම නෙත්මිගෙ මාමා එයාට කතා කරල ඔයාගෙන් අයින් වෙන්න කියල ඉතින් ඔයාගෙ සතුට ගැන හිතල නිමේෂ් බොරැවක් කිව්වෙ මාව බැන්ද කියල එයා දුක් උනේ නැහැ හුගක් සතුටු උනා ඔයා ගැන හිතල...එයා මට කිව්ව ඔයා එයාට ගැලපෙන්නෙ නැහැ කියල ඔයාව සතුටින් තියන්න එයා එයාගෙ අාදරේ මරල දැම්ම....එ් කරල ඔයා ඉන්න විදිහ දැකල සතුටු උනා"

"අැයි මෙච්චර දෙයක් කරලත් එක පාරක්වත් අැවිත් මගෙත් එක්ක වචනයක්වත් කතා නොකරෙ දිලිනි"

"එයා ඔයා එක්ක කතා කරල තියනව නෙත්මි ඔයා එයාව දැකල නැති නිසා අදුරගන්න බැරැව අැති"

"එ් කොහොමද කොහෙදිද "

"හැම ඉරිදම ඔයාව බලන්න ඉස්සර එයා රත්නපුරේ යනව...ඔයා වැඩ කරන කඩෙන් නවල් එකක් අරන් එනව....ඔයාගෙ අත්සන තියන නවල් එකක් තියනව එ්ක එයා පණ වගේ රැක ගන්නව"

"එතකොට එ් නිමේෂ්ද මට මේ දැනුත් හම්බ උනානෙ එයා ඉන්නෙ කොහෙද දිලිනි මට කියන්න"

"එයාව හොයන්න එපා දිලිනි එයා ලබන සතියෙ රට යනව අද අන්තිම පාරට මාවත් හම්බ වෙලා ගියෙ මට මේ කිසිම දෙයක් කියන්න එපා කිව්ව...එයා සතුටින් ඉන්නෙ ඔයා සතුටින් ඉන්නව බලල"

නිමේෂ් ඔයා මට මෙච්චර අාදරේ කරා කියල දන්නවනම් මම කවදාවත් ඔයාව නැති කරගන්නෙ නැහැ...මගෙ ජීවිතේ වීරය ඔයා නිමේෂ් ඔව්..එ් ඔයා තමයි..ඔයා වගේ වෙන්න කාටවත් බැහැ මම මේ හැම දෙයක්ම මුලු ලෝකෙටම කියනව..ඔයා කොහෙ හිටියත් මගේ ලෝකෙ වීරය ඔයා කියල මම හැමෝටම කියල ඔයාව වීරයෙක් කරනව මට දැන් ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් එච්චරයි නිමේෂ් මට සමාවෙන්න
........නිමි.....

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI