පිස්සුද මැට්ටියේ්.....මම ඔයාට කැමති උනේ ඔයා මාව හම්බෙන්න ආව මුල්ම දවසෙ...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💞💕සසර බැමි💕💞

"අයියත් හිතුවක්කාර කමට කසාදයක් කරගෙන විදවන හැටි පේනවනෙ නේද????හරි හමන් රස්සාවක් නැ...."

"අනේ අම්මෙි....ඇයි මෙි කෑගහන්නෙ....."

"කෑගහන්නෙ කියන්නෙ....ඔය සම්බන්දෙ නවත්තපන් කෙල්ලෙ....."

"අයියෝ.....මොනාද අම්මෙ මෙි කියවන්නෙ....මගෙ සුදීර හොද කෙනෙක්...."

"ඒකා හොද උනාට උගෙ මහ එවුන් උබට කැමති නැ එලදෙනෙ...."

"එයාලගෙන් අපට වැඩක් නැනේ....මම බදින්නෙ සුදීරව මිසක් එයාගෙ අම්ම තාත්ත නෙවෙිනෙ...."

"උබට කියල වැඩක් නැ බං....ඕව කරුම තොපිලගෙ....කරුම දොස බොල...."

මම නිලුකා.මගෙ මම තමා පවුලෙ බාලයාටෙ හිටියෙ තව අයියා කෙනෙක්.එයාට හරිහමන් රස්සාවක් වත් නැ......එයා එයාගෙ හිතුමතේට කරගත්ත කසාදයක් නිසා අද විදවනව........

අම්මට තියන බය මාත් අයියා වගේම විදව විදව ඉදි කියල.....එකයි ඔච්චරටම කැගහන්නෙ...

සුදීර කියන්නෙ පොසත් සල්ලිකාර පවුලක දෙවනි පුතා.එයාට හිටියෙ තව අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිටියා......මම සුදීරත් එක්ක යාලු උනාට සුදීරලගෙ ගෙදරින් අකමැති උනේ අපට එයාලට තරම් සල්ලි නොතිබ්බ නිසාමයි......එත් මොන බාදක මැද්දෙ උනත් අපි දෙන්නා ආදරෙන් එකතු උනා....

අපි අපිටම ඉන්න කියල පුංචි ඉඩම් කෑල්ලකුත් අරගෙන ගෙයක් හදාගත්තෙ සතු‍ටින් ජිවත් වෙන්න හිතාගෙන.....

අපි මෙහෙම ආදරෙන් අවුරුද්දක් විතර ජිවත් වෙනකොට තමා අපිට ප්‍රශ්න එක දෙක එන්න පටන් ගත්තෙ.කවදාවත් සැරට කතා නොකරපු සුදීර එන්න එන්නම සැර උනා....එයා එයාලගෙ අම්මලගෙ ගෙදර ගිහින් ආව දවසට මට ගොඩක් හිරිහැර කරන්න ගත්ත.....හැමදාම වගෙ කිවෙි.....

"කෝ....කෝ උබෙි දෑවැද්ද....යකෝ උබ හිතුවද ගෑණු ගෙන්නෙ නිකන්ම කියල....දෑවැද්ද ඉල්ලපන් ගිහින්....උබෙි අයියට දෙයි උබෙි එවත්.."

"අනේ....එත් සුදීර....ඔයා කිවෙි ඔයාට ඕන මම විතරයි කියල....එත් .....එත්...ඇයි....ඇයි මෙහෙම...."

"කට වහපන් වඳ ගැණි....දරුවෙක් වදන්න බැරි එකියකගෙන් වැඩක් තියනවද බොල....තොපි බැදපු අපිට....අපිට හෙන ගහනිඩ ඕන...."

"මොනවද සුදීර මෙි කියවන්නෙ.....මම වඳ ගෑණියෙක්ද...."

"ඔව්....ඇයි....මොකද???....අම්මල කියන දේ අහනිනැතුව තොව බැවිදට මට හොද වැඩෙි...වඳ ගෑණි...."

ඉස්සර පනට පන දෙන්න වගෙ ආදරෙන් හිටපු මගෙ සුදීරට දැන් මාව පේන්න බැ....හැමදාම හවසට බීල ඇවිත් රන්ඩු කරනව......සුදීරගෙ ඔලුවට එක එක දේවල් දාන්නෙ සුදීරලගෙ අම්ම....මොකද එයා කැමති නැ අපි සතුටෙන් ඉන්නව දකින්න....ඒ නිසාම එය‍ා කරේ අපිව හැමදාම වගෙ ප්‍රශ්න ඇති කරවල අපිව ඈත් කරන්න..........

*-*

අවුරුදු 4ක්ම ඉවසලයි මම මෙි තිරනේ අද ගත්තේ....හැමදාමත් නිකන් නාතරුනේ බැනුම් අහ අහා ගුටි කන්න බැරි නිසාමයි මම සුදීරගෙන් වෙන් වෙන්න තීරනය කරේ......මෙි කාලෙදි තමා මට මතක් උනේ මගෙ අම්ම මට කියපු දේවල්.....සුදීරව බදින්න එපා කියල කොච්චර කිවත් මගෙ හිතුවක්කාර කමට ගත්ත තීරන නිසය මම අද විදවන්නෙ....

"සුදීර මට ඩිවොස් වෙන්න ඕන....ප්ලිස්...."

"ශා....මරුනෙ....ඇයි බං මෙචිචර පරක්කු උනේ....කලින්ම තිබ්බනෙ උබට ඩිවෝස් වෙන්න....වඳ ගැණි....."

"මෙි....සුදීර මම මෙච්චර කාලයක් ඉවසන් හිටියා......මට නිකන් නිකරුනේ බනින්න එපා හරිද....."

"බනින්ඩ....බනින්ඩ නෙවෙි ගහල පන්නන්න වටිනව....."

"පන්නන්න ඕන නැ....මම යන්නම්....මට යන්ඩ පුලුවන්....."

එහෙම කියල සුදීරත් එක්ත රන්ඩු වෙලා මම ගෙදරින් එලියට ආවෙි හිත හදාගෙ ආයෙත් අම්ම ලගට වෙලා ඉන්නව කියල හිතාගෙනයි....ගෙදර ගියපු ගමන්ම.....

"කෝ දුවෙි මගෙ බෑනා....කො සුදීර පුතා...."

"එයා ආයෙ අම්මගෙ බෑනා නෙවෙි.....මම එයාගෙන් වෙන් වෙන්න හිතානයි අවෙි...."

"පොඩ් පොඩි රන්ඩු තියනව දරැවෝ....එත් එවට දික්කසාද වෙන එක විසදුමක් නෙවෙි...."

"අම්මට මෙික කියල තේරුම් කරන්න බැ අම්මෙ....මට බැ මැරි මැරි ජිවත් වෙන්ඩ.....අම්ම දන්න හොද ලෝය කෙනෙක් නැද්ද...."

"හම්ම්ම්ම්.....බලමුකො.....අර රවීන් මහත්තයත් දස්සයා....කොහොම හරි නඩුව දිනවල දෙයි.එක සිකුරුයි...."

"එහෙනම් අම්මෙ හෙට උදේම යමු ඒ මහත්තයව හම්බෙන්න...."

පසු දින උදෑසනම අම්මත් මාත් ගියෙ සුදීරගෙන් වෙන් වෙන්ඩ දික්කසාද නඩුවක් දාන්න හිතාගෙනයි....ඒ ගිහින් මම ලෝය එක්ක ඇත්තම විසිතරේ කිවා.....

"සර්...මට මගෙ මහත්තය එක්ක ඉන්න බැ....මම බැන්දෙ ආදරෙ කරල....එත් සර්....එයා මට අභුද චෝදනා කර කර මට හැමදාම හවසට හොදටම කටගොන්නක් බිගෙන ඇවිත් ගහනව....බනිනව.....මට එයත් එක්ක ජිවත් වෙන්ඩ බැ සර්....මට මෙින විසදල දෙන්ඩ...."

"හරි....හරි නිලුකා.....ඔයා බය වෙන්ඩ එපා....මම ඔයාට වන්දි මුදලකුත් එක්කම නඩුව දිනවල දෙන්නම්....."

"අනේ ලොකු දෙයක් සර්....මාව නිදහස් කරල දෙන එක...."

---*-

අපිට උසාවි යන්න තිබුන දිනේ දවසෙදි මමත් සුදු සාරියක් ඇදගනෙ ලැස්ති වෙලා හිටියරෙ අපේ ලෝය ගැන ලොකු විශ්වාසෙකින්.....

"අවසරයි ගරු ස්වාමිනි....මෙි වික්ති කාරිය පවසන ආකාරයට මොහු විසින් දිනපතා දැඩි අමානුශික ලෙස පහර දෙනව.....කාන්තා හිංසනය පනත යටතේදි මෙි වික්ති කාරියට සිදුවු අපහසු තාව නිසා මාස් පාතා වන්දි මුදලක් ලබා දි මෙි විවාහය අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමි....අවසරයි..."

"චුදිතයා විසින් තම ආදායමෙන් 20%ක ප්‍රමානයක් මෙම වික්ති කාරිනියට මාස්පතා ලබාදෙන ලෙසත් එම වන්දි මුදල් ගෙව්ම් පැහැර හැර තිබුනොත් සිර දඩුම් දිමටත් මෙි විවාහය අවලංගු විවාහයක් ලෙසත් මා ප්‍රකාශ කරනව....."

----------***********-------------

"අනේ බොහොම ස්තුතියි සර්...."

"අයියෝ.....ඕක සරල දෙයක්නෙ..."

එදා මම ගෙදර ආ‍වෙ ලොකු සතුටකින්.මොකද මම කරදරෙකින් බෙිරුන නිසා....මන් වගේම මගෙ අම්මත් සතුටිනුයි එදා ආවෙි.......

************--------*********

(වසර 3කට පසු )

"අම්මි.....තාත්ති එනව....."

"අම්මෝ....මාර මහන්සි නිලු....අද ඩිවොස් කේස් 6ක් හැඩ්ල් කරල ආවෙි...."

"පේනව....පේනව.....මුනෙ තියන මහන්සි පාටින්ම....හැබැයි මහත්තයෝ.....එ් ගැණුන්ට එහෙම හිත දෙනව නෙවෙි...."

"පිස්සුද මැට්ටියේ්.....මම ඔයාට කැමති උනේ ඔයා මාව හම්බෙන්න ආව මුල්ම දවසෙ...."

"ස්තුතියි මගෙ මහත්තයෝ...."

"මොනවටද...."

"මාව නිර්දෝෂි කරාට....මම වඳ ගැණියක් කියලනෙ සමාජෙ හිතුවෙි....එත්....ඇත්ත එක නෙවේනේ....."

මම නඩුව ඉවර වෙලා පලවෙනි මාසෙ වනිදි මුදල ගන්න ගියපු දවසක තමා රවීන් අපේ ගෙදරට ඇවිත් අහල තිබුනේ....රවීනුත් මම වගේම ආදරෙන් පැරදිලා හිටපු කෙනෙක්....දැන් අපේ පුංචි පවුලෙ දුවෙකුයි පුතෙකුයි ඉන්නව.....සුදීර එයාගෙ අම්මල ගාවට වෙලා වෙන ගෑණු කෙනෙක්වත් බැදල ජිවත් වෙනව.හැබැයි එයාලට අපට තියන දරු සුරතල් බලන්න වාසනාවක් නැ......


*අපේ ජිවිතේට කොයි තරම් කට්ටිය ඇවිත් ගියත් අන්තිමට අපට නතර වෙන්න වෙන්නෙ සංසාරයෙ අපි කරපු පිං පවු අනුව අපිව පතාගෙන ආව කෙනා ලගයි...
සමහර විට ඒ ආදරේ පලවෙනි ආදරේම නොවෙන්නත් පුලුවන්.අද ඇවිත් හෙට යන කෙනෙක් වෙනුවෙන් අඩන්න දුක් වෙන්න එප‍ා.මොකද ඒ අය යන්නෙ එයාලට අපේ ආදරේ උරුමයක් නැති නිසා.....
නියම උරුමක්කාරයා ආව දවසට ඔයාගෙ මොන වැරැද්ද වෙලා තිබුනත් ඒ හැමදේම අමතක කරල සතුටින් ආදරෙන් ඉන්න පුලුවන්.වැරදි කෙනාව බලෙන් ලන් කරගෙන අඩා අඩා වැද වැද ආදරේ ඉල්ලන්න යව්න එපා....යන අයට යන්න දෙන්න.බලෙන් තියාගත්තට වැඩක් නැ.හැබැයි නියම කෙනා ආව දවසට එයාවයි එයාගෙ ආදරෙයි හරි පරිස්සමට බලාගන්න.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI