ආදරේට කවදාවත් බොරුවක් කරන්න එපා යාලුවනේ.. ඒ ගැන කවදම හරි අනිවාර්යයෙන් පසු තැවෙන්න වෙයි.. ඒ නිසා තමන්ව විශ්වාස කරලා ජීවිතේට ලං වෙන කෙනාගේ ඒ විශ්වාසය හැමදාම රකින්න..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
බන්..අර කෙල්ල බලපන්කෝ..
මං අද ඒකිව දැක්කේ..අලුත් කෙල්ලෙක්ද බන්..

පවන් ඇහුවේ කොල්ලගේ හොඳම යාලුවා වුනු චරිත්ගෙන්..

ඔව් බන්..අලුතෙන් ගර්ල් ස්කූල් එකට ආපු කෙල්ල ඔය..මාත් දැක්කේ ගිය සතියේ..උබ ආවේ නෑනේ ..

මාර ලස්සනක්නේ බන්..දැක්කහම පිස්සු හැදෙනවා..

ඔව් බන්..කෙල්ල පට්ට ලස්ස්නයි තමයි..

සංසලා ගර්ල් ස්කූල් එකට අලුතින් ආපු අහිංසක, යමක් කමක් තිබුනු පවුලක එකම ලමයා..
කෙල්ල කලින් හිටියේ නුවර..
හදිස්සියේම කොලබට ආවේ සංසලාගේ තාත්තගේ බිස්නස් වැඩ නිසා කියලයි හැමෝටම වගේ කිව්වේ..

පවන් කියන්නේ සල්ලිකාර පවුලක සෙල්ලක්කාරබෙකම පුතා..
පවන්ට කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ..

පවන්ට සංසලා දැකපු පලවෙනි දවසෙම කෙල්ල ගැන කැමත්තක් ඇති වුනා..

මට කොහොම හරි ඒ කෙල්ලව දා ගන්න ඕනේ බන්..

ඕන් ඕන්..උබ ඒ කෙල්ලටවත් පාඩුවේ ඉන්ඩ දෙන්නේ නැද්ද බන්...

පාඩුවේ ඉන්ඩ දෙන්න තිබ්බා බන් මෙලෝ රහක් නැති කෙල්ලෙක් උනා නම්..ඒත් බලපන්කෝ ඒකිගේ ලස්සන ..

පවන් කිව්වේ සංසලා දිහා බලන ගමන්...

මොනවද ඔට්ටු..උබට ඔය කෙල්ලව යාලු කර ගන්න බෑ..

චරිත් කිව්වේ සංසලා අහිංසක කෙල්ලෙක් කියලා දැනුනු නිසයි..

ඕන දෙයක් ඔට්ටුයි බන්..ඔන්න බලපන් තව සතියකින් ඒකි මගේ අතේ..

පවන් කිව්වේ හිනා වෙන ගමන්..

හරි ..බලමුකෝ..

--------------------------

සංසලා ..උබ අර පවන්ගෙන් ඈත් වෙලා හිටපන්..ඌ උබ දිහා බලනවා වැඩියී..

සංසලාගේ හොඳම යාලූවා දිනූ කිව්වේ පවන්ගේ හැටි දන්න නිසයි .

එ..එහෙම දෙයක් නෑ නිලූ..ඇයි එයා හොඳ කෙනෙක් නෙමෙයිද..

කියන්න තරම් හොඳක් නෑ බන්..

නිලූ එහෙම කිව්වට සංසලාගේ හිත පවන්ගේ දඟකාරකමට කැමති වුනා..

පවන් සංසලාගෙන් ආදරේ ඉල්ලපු දවසේ කෙල්ල ගොඩක් සතුටු වුනේ ඒ නිසාමයි..
හොඳම යාලුවා වුනු නිලුත් එපා කියද්දිම සංසලා පවන්ගේ පෙම්වතිය වුනා..

එයාගේ වරදි ඇති..ඒත් මට පුලුවන් ඒ දේවල් හදා ගන්න..

සංසලා නිලූට කිව්වේ ගොඩක් බලාපොරොත්තු හිතේ තියා ගෙන..

දැන් උබ ඔට්ටුව දින්නනේ බන්..ඔය අහිංසක කෙල්ලව අත ඇරලා දාපන් බන්..

චරිත් කිව්වේ යාලුවගේ හැටි දන්න නිසයි..

එහෙම බෑ බන්..හෙන ගේමක් දීලා යාලු කර ගත්තේ ලේසියෙන් අත අරින්න නෙමෙයි..

---------------------------

පවන්..ඔයා මට ඇත්තටම ආදරෙයි නේද..

සංසලා ඇහුවේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියා ගෙන ..

ඔව් බබා..ගොඩක් ආදරෙයි..

ඔය ඇත්තමද මහත්තයෝ ..

ඔව් මැනික ඇත්තම යි..

පවන් කිව්වේ කෙල්ලගේ අතකින් අල්ල ගන්න ගමන්..

පවන්..මං දැන් යන්න ඕනේ..

අනේ ඒ ඇයි දැන්ම..

අ..අම්මට බෙහෙත් ගේන්න යන්න ඕනේ පවන්..

බෙහෙත් ..ඒ ඇයි..

කොල්ලා ඇහුවේ සැකෙන්...

අ..අම්මට මේ..පො..පොඩි අසනීපයක් පවන්..මං දැන් යන්න ඕනේ..

හ්ම්..හරි..එහෙනම් හෙට දවසම මාත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙනවා නම් යන්න දෙනවා..

පවන් කෙල්ලගේ ඉන වටේ අත දාලා ලඟට ගත්තේ එහෙම කියන ගමන්..

හරී..හෙට දවසම මං මගේ මහත්තයා ලඟට වෙලා ඉන්නම්..දැන් මං යන්නද රත්තරන් ..අම්මා බලා ගෙන ඇති..

සංසලා පවන්ගේ නලලත මත් උනුසුම් හාදුවක් තියලා කොල්ලගෙන් සමු ගත්තේ ලොකු ආදරයක් හිතේ තියා ගෙන..

---------------------------

අපි කොහෙද පවන් යන්නේ..

පහුවදා පවන් සංසලත් එක්ක කාර් එකේ ඇවිත් හොටෙල් එකක් ලඟ නතර කරේ කෙල්ලව පුදුම කරමින්..

ටිකක් නිදහසේ කතා කරන්න ආවේ අනේ..බය වෙන්න එපා..මං ඔයාව කන්නේ නෑ..

ඒත් පවන්..අපිට වෙනදා වගේ පාර්ක් එකට යන්න තිබ්බනේ..

සංසලා කිව්වේ සැකෙන්..

හැමදාම පාර්ක් යනවනේ බබා..
ඔයාට මාව විශ්වාස නැද්ද රත්තරන් ..

විශ්වාස යි පවන්..

එහෙනම් එන්න මාත් එක්ක..

එහෙම කියලා පවන් සංසලත් එක්ක හෝටෙල් එකේ රූම් එකකට ආවා..

මට ඔයාව මගේම කර ගන්න ඕනේ පන..

පවන් කිව්වේ සංසලාට ලං වෙන ගමන්..

ඒත් පවන්..මේ දේවල් ...ඔයාට හිතෙන්නේ නැද්ද මේවා වැරදියි කියලා..

ඔයා මගේ නම්..ඇයි බය වෙන්නේ..

ඔව්..ඒත්..

ඒත්..ඒත් කියන්නේ ඇයි සංසලා..ඔයා මගේ නෙමෙයිද..

පවන් ඇහුවේ බොරුවට දුක හිතෙන මූනක් මවා ගන්න ගමන්..

මං ඔයාගේ විතරයි පවන්..ඒ ගැන ඔහොම සැක කරන්න එපා රත්තරන්..

සංසලා කිව්වේ පවන්ගේ උරහිසේ හිස තියා ගන්න ගමන්..

සංසලාගේ හිතේ පවන් ගැන් තියෙන අන්ධ ආදරෙන් ප්‍රයෝජන ගත්ත පවන් ඒ බිත්ති හතර ඇතුලේ සමනලීගේ වටිනම දේ තමන්ගේ කර ගත්තා..

මාව බඳිනවා නේද මහත්තයෝ ..

ඔව් පන..මං ඔයාගේ විතරමයි..

පවන් කිව්වේ සංසලාව තව තවත් තුරුල් කර ගන්න ගමන්..

---------------------------

පවන් ටික ටික වෙනස් වුනේ සංසලා හිතපුවත් නැති විදිහට..

මොන මඟුලක්ද ඕයී..9 නම් 9..කියපු වෙලාවට එන්න බැයිද..

සංසලා දවසක් පවන්ව හම්බ වෙන්න එන්න ටිකක් පරක්කු වුනා කියලා පවන් කෙල්ලට හොඳටම බැන්නා..
පවන් කවදාවත් සංසලාට එහෙම කතා කරලා තිබුනේ නෑ..

පවන්..මං අම්මත් එක්ක බෙහෙත් ගේන්න ගියා..ඒකයි පරක්කු උනේ රත්තරන්..

සංසලා කිව්වේ කඳුලු අතරින්..

තමුසෙගේ අම්මට කවදද බෙහෙත් ගන්නේ නැත්තේ කියනවකෝ..මේක නම් මගේම කාරුමේ..

පවන් එහෙම කියලා කෙල්ලව තනියම පාර්ක් එකේ දාලා යන්න ගියා..

සංසලාට අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ .
එදයින් පස්සේ පවන් සංසලාව මඟ ඇරියා..

කෙල්ලගේ කෝල් එකක්වත් පවන් ආන්ස්වර් කරේ නැහැ..

---------------------------

මං උබට කලින්ම කිව්වා සංසලා පවන්ගේ හැටි..අන්න දැන් ඌ අපේ ක්ලාස් එකේම ඉන්න මනීශාත් එක්ක සෙට් වෙලාලූ...

නිලූ කිව්වේ දවසින් දවස පවන් ගැනම හිත හිත දුක් වෙන සංසලා දිහා දුකින් බලන ගමන්..

කමක් නෑ නිලූ..පවන් සතුටු වෙන්නේ මගෙන් ඈත් වෙලා නම්..ඒක එහෙමම වුනු දෙන්..
මං පවන්ට කවදාවත් වෛර කරන්නේ නෑ..කොහොමත් මට තියෙන්නේ තව ටික කාලයයි..

මොකක්ද බන් ඒ ටික කාලයයි කියපු එකේ තේරුම..

ඒ..ඒක වැඩක් නෑ බන්..යමු ක්ලාස් එකට..පරක්කු වෙලා හොඳටම..

සංසලා කිව්වේ බොරු හිනාවක් මවා ගන්න ගමන්..

කාලය ගෙවිලා ගියේ පවන්ගේ මතකය සංසලාගේ හිතේ ම විතරක් ඉතිරි කරමින්..
පවන්ට සංසලාව තක්වත් වුනේ නැති තරම්..

---------------------------

අනේ ඩොක්ටර් මගේ දරුවට මොකද..ආපහු අසනීපේ වැඩි වෙලාද ඩොක්ටර් ..

සංසලාගේ අම්මා ඇහුවේ කඳුලු අතරින්..
කෙල්ලට හදිස්සියේම ගෙදරදි සිහිය නැති වුනු නිසා සංසලාගේ අම්මලා කෙල්ලව හොස්පිට්ල් ගෙනාවා..

නෑ මිසිස් උඩගෙදර..මේක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි..

එහෙනම් ඩොක්ටර් ..මොකද එක පාරටම වුනේ..

මේක අහලා කලබල වෙන්න එපා..සංසලා ප්‍රෙග්නට් ...

ඩොක්ටර් එහෙම කියද්දී සංසලාගේ අම්මා වගේම සංසලත් පුදුම වුනා..

දෙයියනේ...මගෙයි පවන්ගෙයි දරුවා..

සංසලා හිතුවේ කඳුලු අතරින්..

මොකක්ද දරුවෝ මේ කර ගත්තේ..තියන ප්‍රශ්න මදි ද..

සංසලාගේ අම්මගේ ප්‍රශ්න වලට කෙල්ල ලඟ උත්තර් තිබ්බේ නැහැ..

සංසලා දවසක් පවන්ව මුන ගැහෙන්න ගියේ දරුවගේ තාත්තගෙන් ඒ අයිතිය ඉල්ලන්න හිතා ගෙන..

පවන්..මට ටිකක් කතා කරන්න ඕනේ..

මාස ගානකට පස්සේ සංසලාව දැකලා පවන් පුදුම වුනා..
එදා තිබුනු ලස්සන අද සංසලාගේ වතේ නෑ කියලා පවන්ට හිතුනා..

මොකද..ඉකමනට කියනවා.මට තව වැඩ තියෙනවා..

පවන් කිව්වේ ඕනෑවට එපාවට..

පවන්..මං ඔයා නිසා අ..අම්මා කෙනෙක් වෙන්න යනවා..

සංසලා කිව්වේ ඉකි බිඳුම් අතරින්..

වට් නොන්සන්..තමුසෙට ඔලුව හොඳ නැද්ද..මොන දරුවෙක්දා..

පවන් ඇහුවේ තරහින්..

ඇයි පවන් ඔහොම කතා කරන්නේ ..

මං දන්න දරුවෙක් නෑ ඕයි..කාගෙද පව් මගේ ඇඟේ ගහන්න හදන්න එපා..

පවන්ගේ හැම වචනයක්ම සංසලාට දැනුනේ පිහි තුඩකින් අනිනවා වගෙයි..

ඒත් පවන්..මේ අපේ දරුවා ..ඒක මං වගේම ඔයත් දන්නවා .

නෑ මං දන්නේ නෑ..තමුසේ DNA එකක් අරන් එනවා..එතකොට මං විශ්වාස කරන්නම්..

පවන් කිව්වේ කිසිම හිතක් පපුවක් නැති ගානට..
ඒ වගේ කතාවක් කවදාවත් සංසලා පවන්ගෙන් බලාපොරොත්තු වුනේ නෑ..

මට මේ දරුවා ඔයාගේ කියලා ඔප්පු කරන්න සාක්ශි පෙන්නන්න ඕනේ නෑ පවන්..
ඒක අපි දෙන්නගේම හිත දන්නවා..ඒ ඇති..මංවත් අපේ දරුවවත් ඔයාට ආයේ කවදාවත් කරදරයක් වෙන්නේ නෑ ..

සංසලා එහෙම කියලා යන්න ගියේ ලොකු වේදනාවකින්..

එදායින් පස්සේ කිසිම දවසක පවන් සංසලාව දැක්කේ නැහැ..
සංසලා ගැනවත් දරුවා ගැනවත් හොයන්න වුවමනාවක් පවන්ට තිබුනෙත් නෑ..

---------------------------

අවුරුදු 2කට පසු...

එදා පවන්ගේ වෙඩින් එක දවස..
මනීශාව තමන්ගේ බිරිඳ විදිහට පවන් තෝර ගෙන තිබුනා..

පවන් හිටියේ ලෑස්ති වෙන ගමන්..
චරිත් පවන් හිටපු කාමරේට ආවේ ඇස් වල කඳුලු පුරව ගෙන..

ඇයි බන් මේ..උබට දුකයිද මං මැරි කරන්න යන එක ගැන..

පවන් ඇහුවේ හිනා වෙන ගමන්..

උබ දැන්ම මාත් එක්ක යන්න එන්න ඕනේ..

චරිත් ස්ථීර හඬින් එහෙම කිව්වේ කඳුලු අතරින්.

යන්න..ඒත් කොහෙද ..ඇයි මේ..

වරෙන්..ගිහින්ම බලපන්..

ඒත් බන් අද මගේ වෙඩින් එක..

මේක උබේ වෙඩින් එකටත් වඩා වටිනවා..යමන්..

චරිත් පවන්ව බලෙන්ම වගේ ඇද ගෙන ඇවිත් කාර් එකට නග්ග ගත්තා..
චරිත් වාහනේ නතර කරේ මහරගම පිලිකා රෝහල ඉස්සරහා..

ඇයි බන් මෙහෙට ආවේ..

මෙහෙට ආවේ උබේ හපන්කම් පෙන්නන්න..

චරිත් මේ තරම් තරහින් ඉන්නවා පවන් දැකලා තිබුනේ නෑ..

චරිත් එක්ක හොස්පිට්ල් එක ඇතුලට ගියපු පවන් දැක්කේ ඇඳක් උඩ අමාරුවෙන් මැශින් වලින් හුස්ම ගන්න සංසලාව..
කෙල්ලගේ දිග කොන්ඩේ සම්පූර්නෙන්ම ගිහින් තිබුනා..

කාලෙකට පස්සේ දැක්කත් සංසලාව අඳුන ගන්න පවන්ට අමාරු වුනේ නෑ..

අඳුන ගන්න පුලුවන්ද ..

චරිත් ඇහුවේ තරහින්..

ස..සංසලා..මේ..මේ මොකද බන් මේ සංසලාට වෙලා තියෙන්නේ ..

පවන් ඇහුවේ කඳුලු අතරින්..
පලවෙනි වතාවට පවන්ට සංසලා ගැන ලොකු ආදරයක් දැනුනා..

ඔව්..මේ සංසලා තමයි..ඒකි නුවර ඉඳලා කොලබ ඇවිත් තියෙන්නේ තාත්තගේ බිස්නස් නිසා නෙමෙයි..

එ..එහෙනම්..

පවන් ඇහුවේ මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි නිසයි..

සංසලාට කැන්සර් එකක් තිබිලා තියෙනවා..ඒකට ට්‍රීට්මන්ට් කරන්න ඕනේ නිසයි කෙල්ල කොලබ ඇවිල්ලා තියෙන්නේ..

පවන්ට දැනුනේ කියා ගන්න බැරි තරම් වේදනාවක්..

එතකොට හැමදාම අම්මට බෙහෙත් ගේන්න යනවා කිව්වේ බොරුවට ද..

ඔව් ..ඒකි උබේ හිත රිදෙයි කියලා උබට බොරු කියලා තියෙන්නේ..කෙල්ලට ඕන වෙලා තිබිලා තියෙන්නේ ඉක්මනට සනීප වෙලා උබේ ලඟට එන්න..ඒත් උබ ඒකිව රැවැට්ටුවා කියලා දැන ගත්තට පස්සේ කෙල්ල බෙහෙත් බොන එක නතර කරලා..

පවන්ට දැනුනේ මේ හැම දෙයක්ම හීනයක් වගේ..

එතකොටම වගේ සංසලාගේ අම්මා අවුරුද්දක විතර පුංචි දූ පැටියෙකුත් අරන් සංසලා හිටපු කාමරේට ආවා..

මේ දරුවා..

පවන්ට මතක් වුනේ සංසලා තමන් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා කියපු ඒ දවස..

ඔව්..මේ උබ අර DNA ඉල්ලපු උබේ දරුවා තමයි පවන්..දරුවා ලැබෙන්න හිටපු නිසා සංසලා තවත් දුර්වල වෙලා.ඩොක්ටස්ලා කියලා තියෙන්නේ කෙල්ලව පුලුවන් තරම් සතුටින් තියන්න කියලා..ඒත් මේ කෙල්ල උබේ පොටෝ එකක් අතේ තියා ගෙන හැමදාම හූල්ල හූල්ල ඉඳලා තියෙන්නේ..

අනේ චරිත්..ම..මගේ සංසලා ..

පවන් දූ පැටියව කොල්ලගේ අතට අර ගෙන ඉබගෙන ඉබගෙන ගියේ පුදුම සෙනහසකින්..

මට සමාවෙන්න දුවේ..

පවන් දූවත් වඩා ගෙන සංසලා ලඟට ඇවිත් කෙල්ලගේ ඔලුව අත ගෑවේ ලොකු වේදනාවකින්..

පවන්ගේ ස්පර්ශයට සංසලා අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා..
ඒ දිලිසුනු ඇස් අද කඳුලු වලින් පිරිලා තීයෙනවා දැකලා පවන්ගේ පපුව පුච්චිලා ගියා..

පවන්ගේ අතේ දූ ඉන්නවා දැකලා සංසලාට ලොකු සතුටක් හිතට දැනුනා..

මේ..මේ ඔයා..ඔයාගේ දූ පවන්..

සංසලා කිව්වේ අමාරුවෙන් ..

මං දන්නවා රත්තරන් ..මට සමාවෙන්න මැනික..

මගෙන් සමාව ඉල්ලන්න එපා මහත්තයෝ ..මගේ හිතේ තරහක් නෑ..ඔයාගේ ලඟින් ඉන්න ඕනේ උනත් මං ඒ තරම් පිං කරලා නෑ රත්තරන් ..

එහෙම කියන්න එපා මැනික..ඔයා ඉක්මනට සනීප වෙයි..ඊට පස්සේ ඉස්සර ඔයා කිව්වා වගේ අපි පුංචි ගෙදරක අපේ දූත් එක්ක ආදරෙන් ඉමු..

කෙල්ල ලාවට හිනා වුනේ පවන් එක්ක ගෙවුනු අතීතේ මතක් වුනු නිසයි..

මං මේ ආත්මේ ඒ තරම් පිං කරලා නෑ මහත්තයෝ ..ඒත් ලබන ආත්මෙ මං මගේ මහත්තයි දූයී ලඟට එනවා..එතකල් අ..අපේ දූ පැටියව ආදරෙන් බලා ගන්න..

සංසලා ඒ වචන ටික කියලා අවසන් හුස්ම ටික වා තලයට මුසු කරා..

පවන් දූවත් වඩා ගෙන සංසලාගේ නිසල දේහය ලඟ කෑ ගගහා ඇඬුවත් ඒ වෙද්දී සංසලා යන්නම ගිහින් ඉවරයි..

***************

ආදරේට කවදාවත් බොරුවක් කරන්න එපා යාලුවනේ..
ඒ ගැන කවදම හරි අනිවාර්යයෙන් පසු තැවෙන්න වෙයි..
ඒ නිසා තමන්ව විශ්වාස කරලා ජීවිතේට ලං වෙන කෙනාගේ ඒ විශ්වාසය හැමදාම රකින්න..

-නිමි-

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI