"මල්සරාට වැරදිලා වගේ..
මට පේන්නෙ වැරදිලා වගේ...
වැරදිලා වගේ .."
නොදකින් ගස් හිවලා .. බෝතල් දෙක තුනකට කෙලවලා ඉවර උනාට පස්සෙවත් කට වහගන්න බෑ නෙ..
"ඔය කට වහගනින් දසුනො.. තොගෙ ඔය මලකඩ කාපු ලදරං වොයිස් එක අහන්න එකෙක් මෙතන නෑ .. තියෙන මල පෙරේතකමට බොනවා ඊට පස්සෙ කෙලින් ඉන්න පන නෑ හතරගාතෙන් යනවා ..ගියත් කමක් නෑ බල්ලා වගේ උඩුබුරලන් කෑගහන් නැතුව.. "
"අඩෝ කවීශ..
මගෙ බොක්ක
උබ කෝ ..."
ඉදකින් මල පෙරේතයා.. ගමටම ඇහෙන්න කෑගහවා ...වස නෝන්ඩිය... මූවත් අරුන් එක්කම හොටෙල් එකේ දාලා ආවනම් එකක්.. බෝඩිමට දාගෙන පලයන් කිව්වම දාලා එන්නත් බෑ .. මූව මෙතන දාලා යන්නත් බෑ .. දැන් ඉතින් කොහොමද මූව අරං යන්නෙ මෙතනින් .. මහසෝන ඇවිත් ගහලා යනවා දැන් මුගෙ කටේ සද්දෙට.. ඒ මදිවට බිම තියෙන තණකොළත් කටේ දාගෙන ... තව මෙතන හිටියොත් එහෙම හොටෙල් එකේ උන්ගෙනුත් ගුටි කාලා යන්න වෙන්නෙ.. මූව කොහොම හරි කුදලං ගිහින් බෝඩිමට දැම්මා නම් හරි..
"දසුනා නැගිට...."
"අඩෝ කවීශ ..
මාව මෙතන දාලා තෝ ගියාද යකෝ ..
කවීශ යකෝ තෝ කෝ ..."
"ඉන්නවා යකෝ මං... නැගිටපං බෝඩිමට යන්න "
"අඩේ උබ ඉන්නවද ..
ඒ මේ අහපංකො බං ..
කවිශ.."
"මොකද යකෝ මේ ගෑනි මැරිලා වගේ බෙරිහන් දෙන්නෙ.. හොටෙල් එක එහා පැත්තටත් ඇහෙනවා ඇති තොගෙ ටකරං වොයිස් එක.. "
"ඒ බං මාව මැරිලද බලපංකෝ .. නැගිටගන්නවත් බෑ නෙ.. අත පය හෙල්ලෙන්නෙත් නැද්ද මංදා ... මේ බලපංකෝ ... "
නොදකින් නොදෝමකින් මූ ඒක කියන කැත විතරක් .. දෙන්න හිතෙනවා හොම්බ කට සමතලා වෙන්න ..
"තෝ ඉතින් ඔහොම කනමදයා වගේ බිව්වම නැගිටගන්න බෑ තමා හු$%# .."
"ඒක තමා බං මාත් මේ බැලුවෙ .. අවුලක් නෑ බං මාව උබෙ ගෙදරින් දාලා උබ පලයං ... මං එහෙට වෙලා නිදාගන්නං .. හරිනෙ එහෙනම් ... උබට පස්නයක් නෑ නෙ දැන් .. පස්නෙ ඉවරයි උබ පලයන් වෙන කොහෙ හරි .. මං එහෙ නිදාගන්නං.. කිව්වම අහලා උබ පලයං ඉතින්.."
"ඔව් ඔව් උබ ඔහොම අපෙ ගෙදර ගිහින් නිදාගත්තොත් එහෙම අපෙ අම්මා මට කොස්සෙන් ගහලා තොට මෝල් ගහෙන් ගහලා එලවන්නෙ යකෝව් ... තොපි වගේ උන් එක්ක බිව්ව අපිට ගහන්න ඕනෙ ... තෝ කියන්නෙ මොනාද කියලා තෝවත් දන්නෑ .. ගල් මූසලයා ... "
"දසුනා නැගිටපං .. "
"පොඩ්ඩක් හිටපංකො කවීශයො ඔහොම වදදෙන් නැතුව ..."
මූ මේ අහවල් මගුලක් හොයනවද ඒපාර බිම බඩගාගෙන... ශුවර් එකටම බිම වට්ටගෙන ඇති ෆෝන් එක.. මූ ඕක හොයන විදියට හෙට උදේ වෙයි වගේ...
"කෝ දසුනා එහාට පලයන් බං .. මං හොයලා දෙන්නං ඕක.. උබ අයිනකට වෙලා හිටපං.. එහාට පලයන් ඉතින් කිව්වම අහලා ..
ඔය කණුව ළඟට වෙලා ඔහොම්ම ඉදපං .. මං හොයලා දෙන්නං.."
"හා හා ...උබ හොයලා ඉවර වෙලා ඇහැරවපං මාව .. මතක් කරලා ඇහැරවපං .."
"දැන් ඉතින් හොයපංකො මුගෙ ෆෝන් එක .. කොහෙ අටමගලෙක දාලාද දන්නෑ .. ඒ මදිවට ෆෝන් එක ඕෆුත් කරලා...ගස්වැද්දා "
........................................
"දසුනා ...නැගිටපං යකෝ...
හු$@# කිව්වම අහලා නැගිටපිය.."
"නිදාගන්න දියංකො බං පාඩුවෙ .. මගුල .. නිදාගන්නත් නෑ ..
උබටත් ඕනෙ නම් එහා පැත්තෙන් නිදාගනින් වද දෙන් නැතුව .. "
"මේ අහපං ප#% .. පැයක් විතර හෙව්වා මං දැන් .. තොගෙ රෙද්ද හම්බුනේ නෑ .. හොටෙල් එකෙත් නෑ .. උන් තිබ්බොත් කෝල් එකක් දෙයි මට.. මං උබට පණිවිඩේ දෙන්නං ... දැන් යමං ගෙදර .. මෙතන ඉන්න බෑ යකෝ මදුරුවො සිංදු කියනවා.. ඩෙංගුත් හදන් යන්න වෙන්නෙ මෙතන හිටියොත් ..."
"අපෝ මොකක්ද බං.. තාම හොයාගත්තෙ නැද්ද .. වැඩක් නෑ බං උබ නම් .. මං හිතුවෙ උබ හොයලත් ඇති කියලා .."
"ඒක නැත්තං මං කොහෙන් හොයන්නද හු#&;% .. දැන් යමං ගෙදර .. හෙට උදේට මොකක් හරි කරමු..
උබට දැනට ෆෝන් එකක් නැත්තං කොහෙන් හරි එකක් අරං යං.."
"ඇයි උබට කෝල් එකක් ගන්න ඕනෙද ... මගෙ සාක්කුවේ තියෙනවා ෆෝන් එක ගනිං .. උබ කෝල් එක අරං ඉවර වෙලාම මාව ඇහැරවපං .. වද දෙන්න එපා දැන් නම් මං නිදි.."
"මොකක් ... මොකක්ද කැ$&@ තෝ කිව්වේ .."
"ඇයි යකෝ මං කිව්වේ ෆෝන් එක සාක්කුවේ ඇති ගනින් කියලා .."
"ෆෝන් එක තොගෙ සාක්කුවේ නම් .. මං මොකක්ද යකෝ මෙච්චර වෙලා පන දාගෙන හෙව්වේ .. "
"උබ හොයපු එක මං කොහොමද යකෝ දන්නෙ .. ඒක දන්නෙ උබ නෙ.. "
"උබෙ ෆෝන් එක නැති උනේ නැද්ද යකෝ එතකොට .. ??තෝ අහවල් රෙද්දක් ද හෙව්වේ හු#$*% ඉස්සෙල්ලා ...?? "
"කවුද කිව්වේ ෆෝන් එක නැති උනා කියලා .. මං මේ පොඩ්ඩක් ඇලට් එකක් දාන්න කොට්ටයක් වගේ මොකක් හරි තියෙනවද කියලා බැලුවෙ .. "
"උබ මොකක්ද මෙච්චර වෙලා හෙව්වේ එතකොට ... මට පොඩ්ඩක් ඇලට් එකක් දාන්න ගැජට් එකක් නෙවේද .."
--------------------------------------------------
අම්මෝ ඒක..😂😂 කියන්න..මචන්ලා...
ඒකටනම් කූල් මචන් කූල් කියන්න බෑ බං..
පව් නේ බං..උබලගෙ සෙට් එකෙත් මේ වගේ බේබද්දො ඉන්නවන්ම් මෙන්ශන් කරනවා ඒම නෙමේ ඈ...පව්නේ😂😂..
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.