"කීයද වෙලාව"
මා එසේ ඇසුවේ මාත් එක්ක උදේට ඉස්කෝලේ යන මගේ අතිජාත මිත්‍රයා දහම්සිගෙනි..
ඇය "7 යි" කිවූ සැනින් මං මහත් කලබලයට පත්විය...
අද උදේ පොලිටිකල් ක්ලාස් මට එය මත්ක් වූයේ පසුවය...
උදේ 7 වෙද්දී ඉස්කෝලේ ඉන්න ඕනි.. නැත්නම් බැනුම් තමයි..
දැං ඉතිම් මොනව කරන්නද??
මා වෙනදා වගේම පාසලට යන විට මගේ ගොං යාලුවෝ ඔක්කොම දත් තිස් දෙකම එලියට දාගෙන ඉන්නවා මා ඈත තියාම දුටුවෙමි...
"ඒ කියන්නෙ අද පොලිටිකල් ක්ලාස් තිබිලා නෑ"
මට ඉබේ කියවුනි..
"ආ ලමයා ගුඩ් මෝනිම්"
මගේ ගොං යාලුවො එසේ කියද්දි මං ඔවුන්ට පැවසූවේ
"සුභ උදෑසනක්" යනුවෙනි..
"ආහ් මෙයා සිංහලෙන්ම වැඩ වගේ.." එසේ පැවසූවේ නෙසදිය..
"මට ඉතිම් කොහොමත් ඉංග්‍රීසි බෑනේ" යනුවෙන් පවසන විට මාගේ ගොං යාලුවො ඔක්කොම මට සිනාසීය.. එසේ සිනාසුනද අපේ සෙට් එකේ ඉංග්‍රීසි පුලුවන් එකෙක්වත් නැති බව මා හොදින්ම දනිමි...
මා පන්ති කාමරේට ගොස් බෑග් එක ඩෙස් එක උඩින් තබා පැමිණ මගේ අතිජාත මිත්‍රයන්ට එකතු වූයේ ඕපයක් කතා කිරීමටය...
"ඒ බන් අර අලුත් කොල්ලා කීය පන්තියටද ආවේ" එසේ මා විමසන විට
"ඌ 11 පන්තියේ බන්"
නෙසදි එයට පිලිතුරු දුනි...
මා හට ඔහු පිලිබදව තව දුරටත් දැන ගැනීමට අවශ්‍ය නොවුනි...
ට්‍රීං........ ට්‍රීං......
බෙල් එක වදින විට අපි පන්සිල් ගැනීමට සූදානම් වූයෙමු...
පන්සිල් ගත් පසු සියලු දෙනාම පංති කාමරයට පැමිණ වාඩි වූහ...
උදේම පීරියඩ් එකේ තියෙන්නෙ සිංහල... සිංහල උගන්වන ටීච ඇවිත්දැයි අපි සෝදිසි කල බැලුවෙමු...
"අද සිංහල ටීච ඇවිත් නෑ" එසේ පවසමින් අප අතරට අතරට දුවගෙන ආවෙ නෙසදිය... අපිටත් ඉතිම් මොකද පීරියඩ් දෙකක්ම මොනව හරි කතා කරන්ඩ පුලුවන්නෙ...
අපේ සෙට් එකේ යාලුවො මහ ගොඩක් නෑ හිටියෙ 8 දෙනයි... ඒ අතරින් මං හිටියෙ අවසාන පෝලිමේ....
ඕපයක් කතා කිරීමට ඉස්සරහ පෝලිමේ උන් 4 දෙනා අපේ පැත්තට පුටු හරවාගෙන වෙනදා වගේ සුහද සාකච්ඡාව ඇරඹීය...
අපි 8 දෙනාගෙන් තනිකඩව හිටියෙ මායි නෙතුකියි පමණි.. අනිත් උන් 6 දෙනාම තනිකඩ නොවුනි...
"ආං ආං අර අලුත් කොල්ලා.." නෙසදි එසේ පවසන විට අපි ඔහු දෙස බැලුවෙමු... ඔහු ලැජ්ජාවෙන් මෙන් බිම බලාගන්නවා දුටු අප මහත් සේ සිනාසුනෙමු...
"ඌ හෙන ලැජ්ජාකාරයා වගේ නේද බන්"
"කවුද දන්නෙ බං තාම ඉස්කෝලෙට අලුත්නෙ බලපන්කො තව මාසයක් විතර ගියහම"
නෙසදි එසේ පැවසූවද ඔහු අහිංසකයෙක් යැයි මම සිතුවෙමි...
* * * * * * * * * * * * * *
කාලය ගතවිය.. මාස දෙකක් ගතව ගියත් පාසලට අලුතින් පැමිණි සිසුවාගේ කිසිදු වෙනසක් නොවීය... ඔහු ඇත්තෙන්ම අහිංසකයෙකි..
එදින සෙනසුරාදා දිනයක් විය... සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකෙහිම මට ටියුෂන් පන්තිය. මා උදෑසනම ලෑස්ති වී පන්ති යාමට පාර ගාවට ගියෙමි.. ටික වේලාවක් ගියපසු ඈතින් බසයක් එනු දුටු මාඑයට අත අල්ලා බසයට ගොඩ වූයෙමි..
"අම්මෝ ඇති යාන්තම් අද නම් ඉදගෙන යන්ඩ පුලුවන්"
එක හිස් ආසනයක් දුටු මට යාන්තමට කියවුනි... එහි ගොස් ඉදගත්තද අසල සිටි පුද්ගලයා දෙස මා නොබැලීය...
"ගුඩ් මෝනිම් අක්කෙ"
නුපුරුදු කටහඩකි... මා විස්මයෙන් මෙන් බැලීය...
අම්මෝ මූනෙ තිබුන හිනාව... ඒ අපේ ඉස්කෝලෙට පැමිණි අලුත් පිරිමි ලමයාය.. මාත් කිසි වෙනසක් නොපෙන්වා
"ගුඩ් මෝනිම් මල්ලි අද ක්ලාස්ද" යනුවෙන් විමසීය...
"ඔව් අක්කෙ" ඔහු අහිංසක ලෙස පැවසීය...
අප දෙදෙනා බසයේ යන විට බොහෝ දේ කතා කලහ... අප දෙදෙනා සුහද විය... මා බසයෙන් බැසීමට යන විට
"අක්කගෙ නම"
"මං නදෙව්ලි.. මල්ලි??"
"මං ආලෝකිත"
"හ්ම්ම්ම්"
මා බසයෙන් බැස පන්තියට යන විට මාගේ අතිජාත මිතුරිය නෙසදි මා එනතුරු මග බලා සිටිනවා මා ඈත තියා දුටුවෙමි....
"ඒ මට අර ලමයා කතා කරානෙ බං"
"කවුද බං"
"අපේ ඉස්කෝලෙට අලුතින් ආපු මල්ලි"
"ආහ් මොකෝ කීවෙ"
"ඌත් ක්ලාස් ආවෙ නම ආලෝකිතලු"
"ලස්සන නමක්" නෙසදි එසේ පැවසීය....
එදින පන්තියට ගිය පසුද කුමක් හෝ නුපුරුදු හැගීමක් සිතෙහි තිබුනි.. මාගේ මතකයට නිතරම පැමිනෙන්නේ ආලෝකිතය...
* * * * * * * * * * * * * *
සදුදා දිනය උදාවිය.. මා එදින උදෑසනින්ම පාසලට ගියෙමි... පාසලෙහි ලමුන් 10ක් පමණවත් සිටියේ නැත.. මා පන්ති කාමරයට ගොස් බෑගය තබා නැවත එලියට පැමිනෙන විට දුටුවේ 11-C පන්තියේ දොර ගාව සිට මා දෙස බලා සිටින ආලෝකිතය... මා ඔහු අසලට ගියෙමි....
"ගුඩ් මෝනිම් මල්ලි මොකෝ අද කලින්ම"
"මෝනිම් අක්කෙ විශේෂයක් නෑ"
අප විනාඩි 15ක් පමණ කතා කරමින් සිටියහ.. පාසලෙහි ලමුන් වැඩිවන විට මා ඔහුට සමු දී මගේ පන්ති කාමරය දෙසට ඇදුනෙමි... ඇත්තෙන්ම දැන් අපි හොද මිතුරන් ය..
* * * * * * * * * * * * * *
එදින සිකුරාදා දිනයකි.. මා එදිනත් උදෑසනින්ම පාසල් ගියෙමි... ආලෝකිතද උදෑසනම පාසල් පැමිණ සිටිනවා මම දුටුවෙමි.. මා ඔහු අසලට ගොස් වෙනදා මෙන්ම කතා කරමින් සිටියහ....
"හෙට ක්ලාස් යනවද මල්ලි"
"ඔව් අක්කෙ ඔයා යනවද"
"හ්ම්... මං එදා නැගපු බස් එකට නගින්නම් මට සීට් එකක් අල්ල ගන්ඩ"
"හ්ම්ම්ම්" ඔහු හිස වැනීය...
ගිය සතියේ මෙන්ම ඔහු අසල ඉඩක් තිබුනි.. අප දෙදෙනාගේ සුපුරුදු සාකච්ඡාව ඇරඹුණි...
බසයෙන් බැසීමට සැරසෙත්ම ඔහු කුඩා කොල කැබැල්ලක් මා අත තැබීය... මා එයද රැගෙන පන්තියට පැමිණ එය කුමක්දැයි බලන විට එහි සදහන් වූයේ දුරකථන අංකයකි... එය ඔහුගේ විය යුතුය....
මා එදින රාත්‍රියේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යැවීය....
"Hi"
"Hi akke"
ඔහු මා හදුනාගෙනය.. අප බොහෝ වේලා කෙටි පණිවිඩ හුවමාරු කරමින් උන්හ..
"Mata oyt kynda dyk thynwa"
"Mokkda??"
"I lv u"
ඈහ් එය දුටු මා අදහාගත නොහැකිව ඇස් දෙක පිසදා නැවත බැලුවෙමි...
මා ඔහුට ආදරය කරන්නේ කෙසේද?? ඔහු මට වඩා අවුරුදු දෙකකින් බාල කෙනෙකි.. මා ඔහුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වූයේ නැත... නමුත් ඒ අහින්සකයාට දුකක් දීමට නොහැකි නිසා මාගේ කැමැත්ත ඔහුට පැවසීය...
* * * * * * * * * * * * * * **
කාලය ගෙවුනි.. අපගේ සම්බන්ධය දැන සිටින්නේ අප දෙදෙනා පමණය... අප දෙදෙනා පිලිබදව කිසිදු අයෙකුට සැකයක් නැත....
මා ඔහුට පන සේ ආදරය කලෙමි.. ඔහුද එසේමය... එදින සෙනසුරාදා දිනයකි.. මා සුපුරුදු පරිදී බසයට ගොඩවී ඔහු අසලින් වාඩි වූයෙමි...
"වස්තූ...."
"ම්ම්ම්ම්..."
"කවදාහරි අපි දෙන්නට වෙන් වෙන්ඩ උනොත්...."
ඔහු එසේ පවසන විට මට දැඩි තරහක් සේම දුකක්ද දැණිනි...
"අපි මේ ආදරේ කරන්නේ කවදාහරි වෙන් වෙන්නද ආලෝකිත???"
"එහෙම නෙවේ මං මොනවා හරි වෙලා මැරුනොත් ඔයාට තනි වෙන්ඩ වෙනවා...."
"නෑ මාත් එනවා ඔයා ඉන්න තැනට ආලෝකිත"
* * * * * * * * * * * * * * *
ගත වූයේ ටික දවසක් වුවද අප දෙදෙනා මහත් සේ ආදරය කලාය....
එදින බදාදා දිනයකි මා ආලෝකිත හට උදෑසනම පාසලට පැමිනෙන ලෙස කෙටි පණිවිඩයක් යවා මාද පාසලට උදෑසනින්ම පිටත් වූයෙමි... නමුත් ඔහු එදින උදෑසන පැමිණ සිටියේ නැත... "ආවදෙන්කො මං අල්ල ගන්නම්" කෙතරම් බලා සිටියද ඔහු එදින පාසල් පැමිනියේ නැත... ඔහු පාසල් නොපැමිනෙනවා නම් මට කලින් දන්වයි නමුත් එදා එසේ වූයේ නැත.... මා එදින පාසලේ සිටියේ ගෙදර යන්නේ කොයි වේලාවේදැයි සිතමිනි... පාසල අවසන් වන සීනුව නාද විය.. පාසල අවසන් වී මිතුරියන් සමග මා බස් හෝල්ට් එකට පැමිනෙන විට
"නදෙව්ලි..." යනුවෙන් යමෙකු මා ඇමතීය... මා හැරී බැලුවද ඔහු කවුරුන්දැයි නොදනිමි.. ඔහු මා හට පැත්තකට කතා කතා කලේය... පසුව මා මිතුරියන්ගෙන් වෙන්ව ඔහු වෙත ගිය විට ඔහු පැවසූ දෙයින් මාගේ ශරීරයම පන නැතිව යන්නාක් සේ දැනිනි...
මා වහාම නිවසට පැමින ඉක්මනින් ලෑස්ති වී පිටත් වූවෙමි.. ඒ ආලෝකිත බැලීම සදහාය... මා තනිව රෝහලට ගියද ආලෝකිත අසල මා හට පණිවිඩය දැන්වූ මිතුරාද සිටියහ....
දෙයියනේ ආලෝකිත..මොකද උනේ රත්තරනෙ ඔයාට..
කියන්න තැත්කලත් මගේ කටින් වචන පිට නොවූයේ ඇයිදැයි නොදනිමී..ඒත් වචන පිට නොව්නි..
මට කිසිත් කතා කරගත නොහැකි විය.... ආලෝකිත අසලට ගොස් හැඩුවෙමි....
"යන්න එපා ආලෝකිත ඔයා නැතුව කොහොමද මං ඉන්නෙ යනව නම් මාවත් එක්කන් යන්න..."
ආලෝකිතගේ ඇස් වලින් කදුලු වැටෙයි... මාගේද එසේමය... එකවරම ආලෝකිත මාගේ අතින් දැඩිසේ අල්ලා ගෙන මා දෙස විනාඩි දෙකක් පමණ බලා සිටි ඔහු දෑස් පියා ගන්නා ලදී......
"ආලෝකිත.... යන්න එපා..."
කෑගසමින් මා ඔහු සෙලවූවද ඔහු මා තනිකර දමා අවසන් ගමන් ගොස් හමාරය...
ඔහු මා හට ලං වූයේ අතරමගදී මා තනිකර දමා යන්නනම් මා ඔහුට කෙදිනකවත් ලං වන්නේ නැත.. ඔහු ඔහුගේ අසනීපය මා හට නොපවසා මාගෙන් එය වසන් කර ඇත්තේ මා හට දුකක් දීමට නොහැකි නිසා බව මා පසුව වටහා ගතිමි.... මා අදටත් ජීවත් වන්නේ හැඩූ කදුලෙනි...
මගේ කතාවේ අඩුපාඩු නම් ගොඩක් ඇති... කියවපු අය හොදයි නම් like එකක් comment එකක් දාන්ඩ අමතක කරන්ඩ එපා....
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.