නංගී ඔයා ඇයි මට මේච්චර ආදරේ කරන්නේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
....නොමියන ආදරය....
"නංගී ඔයා ඇයි මට මේච්චර ආදරේ කරන්නේ" මට මතකයි අයියේ අපි හම්බුන හැමපාරකම වගේ ඔයා මගෙන් මෙහෙම ඇහුවා. මට ඒ වෙලාවේ කියන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. මං හිතුව ඒක අයියට තේරේවි දැනේවී කියලා...
අයියාව මං දන්නේ මට නොතේරෙන කාලේ ඉඳලා. එයා මගේ නැන්දාගේ පුතාගේ පුතා. මට වෙන්නෙත් පුතා. ඒත් එයා මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. අයියා හරි ආසයි මාව කොනිත්තලා අඬවන්න මං පොඩි කාලේ. ඒත් එයා මට හරිම ආදරෙයි. එයා පොඩි කාලේ හරිම අහිංසකයි. ලස්සන අහිංසක මූණක් එයාට තිබ්බේ. එයාට මල්ලියෙක් හිටියා. මල්ලි නම් ටිකක් වසයි පොඩි කාලේ. මල්ලිට වඩා අයියා ලඟ තමයි මං හිටියේ. අයියත් එහෙමයි. මල්ලිට වඩා මට ආදරෙයි. එතකොට අයියා 6 වසරෙ මං 4 වසරේ මගේ 9 වෙනි Birthday එකට අයියයි මල්ලී අයිගේ අම්මයි(මගේ අක්කා) අපේ ගෙදර ආවා. අපි විහාරමහාදේවී පාර්ක් එකට ගියා. අයියා මං මල්ලි ඉබ්බෙක් හිටියා ලොකු උගේ පිටේ නැගලා සෙල්ලම් කලා( සෙල්ලම් ඉබ්බෙක්) අයියා මැද්දේ මං ඉසාසරහා මල්ලි ඉබ්බගේ නැට්ටේ ඒ තමයි මායි අයියයි හම්බ වුන අන්තිම පාර මට අවුරුදු 13ක් වෙන කල්. අයේ අපි හම්බුනේ තාත්තගේ අම්මා නැති වුන වෙලාවේ. මලගෙදරදි එතකොට අයියට 15ක් වගේ අයියා මාත් එක්ක කතා කලේ නෑ වැඩිය. අාච්චිව කනත්තට ගෙනියද්දි තමයි අපි ආයෙම කතා කලේ. මං සොහොන් දැකලා අඬද්දි අයියා තමයි මාව හිනැස්සුවේ. දවස් තුනයි අයියා මට දකින්න පුළුවන් වුනේ. ඊට පස්සේ මට අවුරුදු 20ක් වෙනකල්ම මං එයාලව හෙව්වා හම්බුනේ නැ. පස්සේ මං මගේ අයියා කෙනෙක්කේ මාර්ගෙන් facebook එකෙන් අයියාව හොයා ගන්නවා.
මම- අයියේ මං ඔයාගේ නංගි බබා මාව මතකද?
අයියා- ඔව් නංගි මට මතකයි....
මෙතන ඉදලා හැමදාම මං අයියට msg call කලා. අයියත් එහෙමයි. මගේ හොදම යාළුවට මං අයියාව හම්බුනා කියලා කිව්වා. මගේ යාළුවායි මායි අයියව විහාරමහාදේවී පාර්ක් එකේදි හම්බුනා.අයියා එයාගෙත් හොද යාළුවෙක් වුනා.අයියාගේ හොදම යාළුවත් අපිට අදුන්නලා දුන්නා. අපි එහේ මෙහේ ගියා. හරි සතුටින් හිටියේ.2016 October. 19 වෙනිදා මං අයියට ආදරෙයි කියලා මගේ යාළුවයි අයියගේ යාළුවයි මාර්ගෙන් කිව්වා. එදා අපි හිටියේ පානදුර බීච් එකේ.
මං දැනන් හිටියා අයියත් මට ආදරෙයි කියලා. අපි ගොඩක් ආදරේ කලා. ඒක පුදුම ආදරයක්. මං ඇහුවා අයියේ ඔයා මාව දාලා යන්නේ නෑ නේද කියලා. (මොකද අපේ පවුල් දෙක හිත් අමනාපෙන් හිටියේ) අයියා කිව්වා කවදාවත් දාලා යන්නේ නෑ ඔයත් එක්කම ඉන්නවා කියලා. දාලා යන්න වුනොත් මොකදද කරන්නේ මගේ අයියේ කියලා මං ඇහුවා. එතාකොට කිවුවා ඒක ඒ වෙලාවට බලමු මං ඔයාව දාලා යන්නෑ. අම්මලා ඔයාට කැමති වෙයි කියලා. මම ආදරෙන් එයාට තුරුල් වෙලා මගේ සුදු අයියා කියලා කිස් එක්ක දුන්නා. කාලය මෙහෙම ගෙවිලා ගියා. අයියගේ නැන්දට මේක ආරංචි වෙලා තිබ්බා. අයියා කිව්වා අපි මේක නවත්තමු කියලා. එක msg එකයි දාලා තිබ්බේ. මට මැරෙන්න තරම් වෙදනාවක් ආවා. මං ටග්ගාලා මගේ යාළුවට කිව්වා. එයා කතා කරලා තිබ්බා. ඒත් වැඩක් වුනේ නෑ. මාසයක් විතර පිස්සුවෙන් වගේ හිටියා. මගේ msg එකක් නැතුව නිදා ගන්නේ නැති,මගේ msg එකක් නැතුව උදේට නැගිටින්නේ නැති මගේ අයියා මාස දෙකක් විතර සද්දයක් නැතුව හිටියා. එ් අතරේ මං එයාගේ යාළුවට කිව්වා අයියේ මගේ අයියා කතා කරන්නේ නෑ. එයා හොදින් නේද මට එයා නැතුව බෑ කියලා. එයා කිව්වා එයා ආයේ එන්නේ නෑ ඔයා හිත හදාගෙන ඉන්න කියලා. එතනින් එහාට මං ආයේ කතා කරන්න ගියේ නෑ. කාලයක් ගියාට පසසේ ආයෙ අපි කතා කලා. ඒත් එතන වෙනදා වගේ ආදරයක් තිබ්බේ නෑ. පොඩ්ඩක් වත් ආදරේ තිබ්බේ නැ. ඒත් දවස ගානේ කතා කලා. දවසක් අයියා කිව්වා. නංගි මං ඔයාව suprise කරනවා කියලා. මං කිව්වා ඒ ⁣කො⁣⁣හොමද කියලා. ඒත් අයියා කිව්වේ ටික දවසක් ඉන්න කියලා විතරයි.අපේ ආදරේට අවුරුද්දක් වුනා. එදා මං අයියට gift එකක් අරන් පන්සල් ගිහිල්ලා පිරිත් නූලකුත් අරං ගියා අයියා ලගට. එයා එක ගත්තේ නෑ. අදටත් පිරිත් නූල මගේ hand bag එකේ තියනවා. Gift එක මගේ අල්මාරියේ තියෙනවා. මං එදා msg ගොඩක් දාලා නිදා ගන්න ගියා. ඒත් මං දැනන් හිටියේ නෑ ඒ තමයි මට suprise එක ලැබෙන දවස කියලා. මං උදේ නැගිටින කොට අයියා numbers, facebook, instagram , whatsapp, viber ඔක්කෝම අයින් කරලා. සතියක් යනකල් පිස්සියක් වගේ මං එයාව හෙව්වා. නොකා නොබි ඇඩුවා. දන්න කියන අයගෙන් අහලා බැලුවා. කිසිම ආරංචියක් ලැබුනේ නෑ. මං අඬ අඬා එයාගේ් යාළුවගෙන් ඇහුවා. අයියේ මගේ අයියා කතා කරාද කියලා. එයා මගෙන් අහනවා මුහුදේ ඉන්නේ එක මාළුවද බන් වුවම හොයන්නේ පාඩුවේ හිටපන් හූ එන්නේ නැ කියලා.( එයාගේ යාළුවා මේ කතාව කියවනවා නම් G අයියේ ඔයා මට කියන්න ඕනේ නැ ඒක. මුහුදේ එක මාළුවනම් නෙමේ ඉන්නේ මාළු ගොඩක් ඉන්නවා. උන් ඔක්කෝම එක්ක යන්න නම් අවංකව ආදරේ කරන්න ඕනේ නෑනේ. ⁣එහෙනම් ඔයා වගේ කෙල්ලෙක් ඉන්දැද්දි තවා කෙල්ලෙක්ට love කරනවා වගේ මටත් කරන්න පුළුවන්. මොකටද ඉතින් එහෙම කරන්⁣නෙ මං මං ආදරේ කරන කෙනා ඉන්න කොට. ඔයාට පුරුදු දේ තමයි ඔයා මට කිව්වේ.විනෝදෙට love කලාම ඇත්ත ආදරේ පෙන්නෑ) ආයෙම මගේ අයියා කතා කලා මට සාමාන්‍ය මනුෂ්‍යයක් වගේ. දැන් එයාට girlfriend කෙනෙක් ඉන්නවා. ඔයාගේ ජිවිතය එ් අක්කා හදනවා. අයියත් හැදෙනවා කිව්වනේ. මට සතුටුයි මට මගේ ජීවිතේ නැති කරලා ඔයා ඔයාගේ ජීවිතේ හදා ගත්ත එකට. Congratulations අයියාගේ අලුත් ජීවිතයට. මං මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා අද මගේ ඇස් පනාපිටම වෙන කෙනෙක්ගේ වෙනවා.තරහක් නැ,වෛරයක් නැ. මගෙන් ඇහුවා නේද ඇයි මෙච්චර ආදරේ කරන්නේ කියලා ඒ "ඔයා මගේ තාත්තා කියලා හිතපු නිසා". හදවතින්ම සුභ පතනවා.
අන්තිම ගමන් ගිය
නුබේ සෙනෙහේ ලඟ
කඳුළු වගුරුවා
අහස උසට මම
පින් දිදි යදිනවා තවම...
නුබේ ඒ සෙනේහේ
මතු මතුත් ඉපදෙන්නට
මා ගැනම...
දනිමි මම නුඔ
නොදන්නා වඟ
මෙතුවක් කල් මා
ගෙත්තම් කල
හැම හීනයේම
නුඹ ඉන්නා වග
තවද දනිමි මම...
නුඹ මැවූ එකඳු හීනයක වත්
අග්ගිස්සකවත්
මා හට ඉඩක් නොමැති බව..
නුඹ සිටිය තප්පරෙත්
කල්පයක් තරම්
වටී ම⁣ට....
...නික්ම යාමට පෙර ආදරයෙන් අයියා බබාට...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI