ඔබත් ආදරෙන් පැරදුනාද ?එහෙනම් මේක අනිවාර්යයෙන්ම බලන්න

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
" වස්තූ... "
" ආ...?"
" ආදරෙයිනෙ ඉතින් "
" දන්නවා "
" එහෙනම් එන්න "
" කොහෙටද,ඔඩොක්කුවට ?"
" හ්ම්.. "
" පිස්සු " කෙල්ල හිනාවෙලා වටපිට බලලා කොල්ලගෙ ලගම වාඩිවෙලා පපුවට අතක් තියෙනවා.
" ඇයි මේ...?"
" ගැහෙනවද බලන්න "
" ඉතින් හරිද?"
" ඔව්... ආදරෙයි කිය කිය ගැහෙනවා.. " ඇස් දෙක චූටි කරල බලපු කෙල්ල ලස්සනට හිනාවුනා.
" මැට්ටි " පුංචි කෙල්ලගෙ ඉන වටේට අත දාලා තදකරගත්ත කොල්ලා ඒ ලස්සන මූණට හරි ආදරෙන් කිස් එකක් දුන්නෙ ඇස් දෙක පියවෙන්න....
ජීවිතේ හරිම පුදුමයි........
අම්මා තාත්තා ගාව හැදිලා... ටිකක් උස් මහත් වෙනකොට එයාලව ටිකෙන් ටික ඈත් කරලා.... පෙම්වතුන් පෙම්වතියන්ගෙ උණුසුම හොයාගෙන යනවා.
ජීවිතේ එයාම වෙනවා.... අම්මගෙ උකුලෙ නැළවිලි ගීත මැද්දෙන් ඇස් දෙක හෙමින් පියාගත්ත පුංචි දරුවො අද ලොකු මහත්වෙලා....
පෙම්වතාගෙ උකුලෙ.....
ඇස් දෙක පියන් පෙම් සුව විදිනවා....
තත්පරය.....
විනාඩිය....
දවස.....
සතිය....
මාසය...
අවුරුද්ද ....
ගෙවිලා යනව දන්නෙම නැතුව....
" මේ... තමුසෙත් එක්ක රන්ඩු වෙවී මෙහෙම හැමදාම ලේ රත් කරගන්න මට බෑ " කොල්ලා වෙව්ලනවා...
" මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ ?" කෙල්ලගෙ ඇස් වල කදුලු.
" වෙලාද? වෙලා නෑ ,වෙන්න යන්නෙ... "
" ඔහොම කතාකරන්න එපා අයියෙ "
" අනේ මේ... තමුසෙගෙ ඔය බොරු නැලවිල්ල නවත්ත ගන්නවා....රෙද්ද " කොල්ලා කෙල්ලත් එක්ක හොඳටම රණ්ඩුවෙලා යනවා....
කෙල්ල අඩනවා....
හිමින් නෙමෙයි හයියෙන්....
පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් .....
බැටරි බහිනකං චාජ් වෙනකං හැමදාමත් කෑගහපු ෆෝන් එකට චාජරෙත් අමතක වෙලා...
මූණ එල්ලගෙන නොකා නොබී ඒක ගැනම හිත හිත විදවනවා.... වෙච්ච දේවල් මතක් කර කර කදුලු බේරෙනකං අඩනවා...
මැරෙන්නත් හිතෙනවා....
බයත් හිතෙනවා ....
තනියම හැමදාම ඉන්නවා කියල හිතෙනවා....
ඒ........
ආදරෙන් පැරදුන දුකට
මේ ලෝකෙ කිසිම කෙනෙක්ට තමන් හිතන පතන හැමදෙයක්ම කිසිම අමාරුවක් නැතුව ලගට ගන්න පුලුවන් වෙලා නෑ .....
සමහරවිට පුලුවන් .....
හැබැයි ඒ ලොකු කට්ටක් කාලා...
ඉතින් හැමදාමත් ලග ඉදියි කියලා හිතන් ආදරේ කරන කෙනා එකපාරටම දාලා ගියාම දුකක් දැනෙයි.... කදුලු වැටෙයි.....
මතක තියාගන්න... ඒ හැමදෙයක්ම තාවකාලිකයි
ආදරයක් නැති වුනා කියලා ජීවිත කාලෙම අඩ අඩ ඉන්න අපි කාටවත් බෑ ..... ඒත්.... ආදරේ කරපු කෙනාව මතක් වෙයි... ඇඩෙයි....
එයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා හිතෙයි.... කොටින්ම මැරෙන්න හිතෙයි...
ඒ තමයි ආදරේ බලය......
ඒත්......
පොඩ්ඩක් හිතන්න ....
ලෝක ස්වභාවය අනුව අපිට වෙන්වුන කෙනෙක් ඇති....
ජීවිත කාලෙම එකට ජීවත් වෙන්න....
ආදරෙන් ලග ඉන්න....
දුක සැප බෙදාගන්න....
එතකොට ඔයාගෙන් වෙන්වෙලා ඔයාව දාල ගිය කෙනා ගැනම හිත හිත ජීවිත කාලෙම ඔයා අඩ අඩ ඉන්නවද....???
ඔව්.... ඇස් වලින් නැතත් ගොඩාක් අය හදවතින් අඩයි....
ඒත්..... ලෝක ස්වභාවය වෙනස් කරන්න අපිට බෑ .... ඔයාටම වෙන්වුන පෙම්වතා ඔයාගෙන් වෙන්වෙලා යනවා.... ඒ එයා ඔයාගෙ සැමියා, බිරිද උන දවසට....
ඉතින්..... පොඩ්ඩක් හිතන්න.........ඔබම තීරණය කරන්න....
වෙන්වෙලා තමන්ව තනිකරලා ගිය කෙනෙක් ගැන හිතලා ජීවිතේ නැතිකරගන්නවද.....???
තමන් වෙනුවෙන් ඉන්න කෙනා නිසා ජීවත් වෙනවද ???
මං මෙහෙම කිව්වම ගොඩාක් අය මට බනියි...
ඒත් ඒක තමයි ඇත්ත....
ගොඩාක් දෙනෙක් අපේ ජීවිතයට ඇවිත් ටික කාලයක් අපි එක්ක ජීවිතය කියන රග මඩලෙ රගපාලා අත්දැකීම් ගොඩාක් ජීවිතයට දීලා යන්න යනවා.....
ඒවා හරිම වේදනාකාරී උනත් අපිට ගොඩාක් වටිනවා.....
 මොකද.... අහිමි උන ආදරේ අත්දැකීමෙන් ලැබෙන ආදරේ රැකගන්න.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI