ආදරෙයි මා මියෙන තුරා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💞ආදරෙයි මා මියෙන තුරා💞
"ඔයා මාව බදිනවද කියන්නකො හසිත......"
"නෑ.....මට බෑ....මට බෑ ගෙදරට විරුද්ද වෙන්න....ඔයා අපේ ගෙදර කට්ටියව කැමති කරගන්න එදාට මාත් කැමති....ඒත් මම ඔයාව බැදින්නෑ කිවට ආදරෙයි මම.....අපි ආදරෙන් ඉමු...."
"අානේ මන්ද....මට නම් තේරෙන්නැ ඔයාව....ඔයා මොනව කියවනවද කියල....."
"ඇයි....මොකො අවුල....."
"ඔයාට මාව බදින්නත් බෑලු.ඒත් මාව ඕනලු.ගෙදර කට්ටිය⁣ට විරුද්ද වෙන්නත් බෑලු...."
"ඉතින් ඔවු....මට ඔයාව බදින්න බෑ....ඒත් ආදරෙයි මම....."
"අනේ මන්ද....ඔයා මාව පිස්සියක් කරවන හසිත......ඇයි මාව බදින්න බැරි....ඔයා එදා මගෙ හැමදේම ඔයාගෙ කරගත්තෙ මාව බදිනව කියල පොරොන්දු වෙලා.....ඒත්....දැන්....."
"මෙි....මේ....මට ගන්න කිසිම දෙයක් තිබුනෙ නෑ තමුසෙගෙ....තමුසෙ හැමදේම අරූට මල් වට්ටියෙ තියල වගෙ පුදල එනවද මගෙ ඇගේ එල්ලෙන්න....."
"අනේහ්....හසිත....ඇයි මෙි.....ඔයාට මොකද මෙි වෙලා තියෙන්නෙ....."
"ආමෙන්න තමුසෙ දිපු වොච් එක....මෙික තමුසෙම තියාගනින්.මට කරදර කරන්න එපා......
මම දිනුකි.පවුලෙ වැඩිමල්ම දරුවා උනේ මම.තාත්ත ෆ්‍රැට්‍රි එකේ වැඩ නිසා ගොඩක් බිසි වෙලයි හිටියෙ.අම්මත් ඉස්කොලෙක ගුරුවරියක්.අම්මගෙයි තාත්තගෙයි ආදරෙ ලැබුනත් මට ඒ ආදරෙ මදි කමක් දැනුනෙ මම දහය වසරෙදි විතර.ඒ වෙන මෙනෙවත් නිසා නෙවෙි මගෙ හොදම යලෙුවටත් bf කෙනෙක් හිටපු නිසාත් එයාට එයාගෙ bf ගෙන් එක එක තෑගි හම්බුන නිසාත්මයි.ආද⁣රෙ කියන වචනෙ තේරුමක්වත් නොතේරෙන කාලෙකදියි මම කසුන් එක්ක යාලු උනේ......කසුන්ගෙයි මගෙයි නම් වල මුල් අකුරු හයිලයිට් එකෙ පවා මම ටිපෙක්ස් වලින් ලියාන පිස්සුවෙන් වගෙයි හිටියෙ.ඒත් මාස තුනක් හතරක් යනකොට කසුන්ටයි මටයි දෙන්නටම එපා වෙලයි අපි ආදරෙ කරන එක නතර කරෙ.අපි දෙන්නම කතා වෙලා කිසිම තරහක් නැතුව දෙන්න දෙපැත්තකට උනේ අපට ආදරෙ කරන හැටි නොතේරුන නිසාමයි......
ඒ කාලෙදි තමා මගෙ පස්සෙන් පැතුම් එන්න පටන් ගන්නෙ.පැතුම් මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් කෙනෙක්.මම එයාට රුවටුනෙ එයාගෙ තිබුන ලොකු බයික් එකටයි එයා ෆැෂන් කරල එන විදිහටයි.එයා එන විදිහට ආස වෙලා එයා අහපු ගමන්ම කැමැත්ත දුන්නෙ.....මුලදි එයා මට හරිම ආදරෙන් හිටියා.ඒත් පස්සෙ එයාට මාව විස්වාස නැති උනා.....එ් දවස් වලදි තමා......
"දිනුකි.....ඇයි මම මැසේජ් කරාම රිප්ලයි කරන්න පරක්කු උනේ....කාටද මැසේජ් කරේ...."
"අනේහ්....පැතුම් අයියෙ....මොනාද වස්තු ඔයා මෙි කියවන්නෙ....මම කාටවත් මැසේජ් කරේ නෑ....මම ඒ වෙලාවෙ පාඩම් කර කර හිටියේ....."
"අනේ යනව හලෝ යන්න....නිකන් බොරු නොකර...."
හැමදාම වගේ පුංචි පුංචි රන්ඩු තිබුනත් මම ඒ හැම දුකක්ම ඉවසගෙන හිටියෙ මම හිතුවෙි පැතුම් කියන්නෙ මගෙ නියම උරුමක්කාරය කියල හිතපු නිසයි........ඒ කාලෙදි තමා එයා මට ක්ලාස් යන්න නොදි ක්ලාස් කට් කරවල එයා එක්ක පාර්ක් ගානෙ වැව රවුමෙි ෆිල්ම් හොල්වලට එක්කගෙන යන්න ගත්තෙ.කවදාවත් කිසිම මත්ද්‍රව්‍යක් පාවිච්චි නොකරපු මට එයා තමා මුලින්ම බියර් එකක් පෙවුවෙත්.ඒ එයාලගෙ ගෙදරදි.එයාලගෙ ගෙදර කවුරුත් නැ කියල අපිට නිදහසෙ කතා කරන්න පුලුවන් කියලයි එයා මාව එක්කගෙන ගියෙ.එදා තමා මගෙ ජිවිතේ වැරදුනේ.....
එදා ඉදල එයා ටවුන් එන හැම දවසකම මම ක්ලාස් කට් කරෙ එයාට ඕන නිසාමයි.එයා එක්ක තැන් තැන් වල ඇවිදින්න යන්නයි.දින සති මාස ගෙවිල අවුරුදු 4ක්ම මම එයාට ආදරෙ කරත් එයා නම් මට පොඩ්ඩක්වත් ආදරෙ කරෙ නෑ....එයාට ඕන වෙලා තිබුනෙ එයාගෙ එයාගෙ ඕන එපා කම් පිරිමහගන්න කෙනෙක් ⁣විතරයි......හැමදාම වගේ......
"දිනුකි.....උබට ආය කියන්නැ....මම කියන විදිහට හිටපන්.නැත්තන් පලයන්...."
"අනේ...ඇයි අයියෙ මෙි...."
"උබ මොකද මගෙ fb එකෙන් ලොක් වෙලා එකෙ මාත් එක්ක චැට් කරන කෙල්ලන්ට උබයි මායි ඉන්න ෆොටො යවන්නෙ කියපන්කො....."
"මට බයයි අයියෙ....මගෙ අයියව මට නැතිවෙයි කියල....."
"ඇයි උබ හිතුවද මම උන් එක්ක චැට් කරන්නෙ පැනල යන්න කියල.....අනෙ මෙි විකාර නොකර ඉන්නව....මට ලබන මාසෙ වෙඩින් එකක් තියෙනව.ඇදුමක් ගන්ඩත් ඕන.....සල්ලිත් නෑ...."
"මම අරන් දෙන්නම් ඔයාට.....කමක් නැ නේද...."
"හම්ම්ම්ම්....."
මට පොඩ්ඩක්වත් ආදරෙ නොකරන ඒ නපුරු හිතට මම ආදරෙ කරෙ පිස්සියක් වගෙ.මං ගෙදරින් සල්ලි පවා හොරකම්කරල ඒ හැම සතේම වියදම් කරෙ පැතුම් අයියා වෙනුවෙනුයි....ඒත් එයාව කිපවතාවක්ම වෙන කෙල්ලො එක්ක ඉදල මට හම්බුන නිසාම තමා මම එයාට බැනල එ් සම්බන්දෙ නවත්තල දාල හිටියෙ.........
**----*
ඒ කාලෙදිම තමා හසිත කියල කෙනෙක් මට මැසේජ් කරේ.....අපේ ඉස්කොලෙ කොල්ලෙක්ගෙන් මගෙ නම්බර් එක ඉල්ලගෙන මට මැසේජ් කරන්න ගත්තෙ.....පැතුම් අයියාගෙන් කරදර තිබුන නිසාම එයාගෙන් බෙිරෙන්න හිතාගෙනයි මම හසිත එක්ක යාලු උනේ.....පැතුම් අයිය⁣ට හසිත ගැන කිවම පැතුම් අයියා හසිතව හම්⁣බවෙන්න ඕන කියල අපේ පිසික්ස් ක්ලාස් එක ගාවට ආව.....එදා ආව ගමන්ම......
"මෙහෙ වර යන්ඩ....."
"අනේ මාව අතාරින්නකො ප්ලීස්....වදින්නම්....."
"අතාරින්න....අතාරින්න නෙවෙි යකො උබව මම අල්ල ගත්තෙ....උබට වෙන එකෙක් ගාවට යන්නත් බෑනෙ දැන්.....වරෙන් යන්ඩ අදත් මාත් එක්ක....."
"මෙි මචං උබට මම හොදින් කියන්නෙ අතැරපන් කෙල්ලව.....දැන් එකි මගේ...."
"හරි....හරි....මෙි...මෙි....අහපන්....උබට ඕන මගෙ ගෑණිද???....මෙිකි මගෙ ගෑණි....මමයි කැඩුවෙ මෙිකිගෙ....."
"මෙි මචං.....මට ඒව වැඩක් නැ....මම ආදරෙ දිනුකිට....අතෑරපන් කිවම......"
හසිත කොච්චර කීවත් පැතුම් අයියා මාව අතෑරියෙම නෑ.....මගෙ කොන්ඩෙන් අල්ලල ඇදගෙන ගියෙ හරියට මරන්ඩ ගෙනියන සතෙක්ව වගෙයි.ඒ වෙලාවෙදි හසිත පැතුමි අයියට එක දිගටම ගහසිතය හසිතය හසිතය ගහගෙන ගියෙ ආවෙිෂයකින් වගෙයි.හසිත කියන්නෙ රගර් කරන හොද උස මහත කොල්ලෙක්.ඉරට්ටක් වගෙ හිටපු පැතුම් අයිය බිම වැටෙනකන් ගහල මට බලන් ඉන්න බැරි නිසා නවත්තන්න යනකොටත් හසිත පැතුම් අයියගෙ ඔ⁣ලුව බිම ඇනල ඇනලම තුවාල කරලයි තිබුනෙ.එදා හසිතට මම හැමදේම කිවා.....
"මම මෙිම කිවට මන් ගැන වැරදියට හිතන්නෙපා......ප්ලීස්...."
"හම්ම්ම්ම්....අනේ නෑ මැණික....කියන්න...."
"මට සමාවෙන්න හසිත....මම ඔයාට දෙන්න තිබුන හැමදේම පැතුම් මගෙන් බලෙන් උදුරගත්තා.....මට සමාවෙන්න මහත්තයෝ....."
"අනේ....ඒ ගැන හිතන්න එපා පැටියෝ....මට එව වැඩක් නැ....මට ඕන ඔයාව විතරයි මගෙ පන......"
එදා එහෙම පනට පන දෙනව කියල ගන්න හුස්ම පොදට පවා ආදරෙ කරපු හසිතට ඕන උනෙත් මගෙ අසරන කමෙන් ප්‍රයෝජන ගන්නයි......
"මැණික අද ක්ලාස් යන්න බෑ වගෙ වස්තු....."
"එනම් කොහෙද යන්නෙ....""
"අපි ෆිල්මි එකක් බලන්න යමු...."
එදා ඉදල හැමදාම වගෙ හසිත මට බයෝ ක්ලාස් එකට යන්න නොදි ෆිල්ම් හොල් ගානෙ එක්කගෙන ගියා....ඒ විතරක් නෙවෙි එයා මගෙ අසරන කම පාවිච්චි කරෙ කැත විදිහට.....
"මට බබි එක්ක තනියම ඉන්න ඕන.....උම්මා ගොඩාරියක් දෙන්න...."
"අනේ....."
"ආ....අරු එක්ක ඉන්න පුලුවන්....මෙච්චර මෙි කසාද බදිනව කියල දිවුරන මං එක්ක ඉන්න බෑ නේ....."
හසිතගෙ ඒ වචන මගෙ පපුව කීරි ගැහිල ගියනිසාමයි මම හසිත ඉස්සරහ අකමැත්තෙන් හරි කැමතිි වෙලා ආදරෙ කියන අන්ධ මායාවෙන් හසිත ලග නිරුවත් උනේ.....හසිතටත් ඕන වෙලා තිබුුනෙ එයාගෙ ඕන එප කම් පිරිමහගන්න විතරයි.....එයා එන්න එන්නම වෙනස් උනා.....
"දිනුකි.....තමුසෙ ආයෙ පැතුමට මැසෙජ් කරනව නේ...."
"අනේ....නැ හසිත....මෙනවද මෙ කියවන්නෙ...."
"උබට මොකද ඉතින් මුහුදෙ නැවු ගියාට පාර හිටිනවැයි....තව මොකාා එක්ක ඉන්නවද කවුද දන්නෙ....."
මම හීනෙකින්වත් නොහිතපු විදිහෙ කතා කිය කිය ක්ලාස්ආවත් මාව මග ඇර ඇර ඉදල මට අන්තිමටම කිවෙි....
"මම උබව බදින්නැ....මු⁣හුදෙ ඕන තරම් නැවු යනව.ඒ ගියාට පාර හිටින්නෑනේ......ගිහින් වෙන එකෙක්ට අල්ලපන් උබ බඩුවනෙ කොමත්....."
හසිතගෙ කනට ගහන්න තරම් තරක් ආවත් බඩුවක් එක්ක හිටපු උබ හොද එකාද කියල අහන්න හිතුනත් කට පියාගෙන මම එන්න ආවෙි මගෙ අසරන කම ගැන තවත් අය දැන ගනිවි කියලමයි.......හසිත මාව දාල ගියෙ මගෙ උසස්පෙල විභාගෙට මාස 2ක් තියෙනකොටයි.එයා ගිය දුකට හිතින් දුක් වින්දත් එයාටනම් කිසි ගානක් තිබුනෙම නෑ............ඒත් මම වැලහින්නක් වගෙ අඩපු තරම දන්නෙ මගෙ ඇස් දෙක විතරයි.........
ජිවිතේම එපා වෙලා හිටපු නිසා මම exam කරන්න උනන්දුවක් තිබුනෙම නෑ........කොච්චර කට්ටිය යාලුවෙන්න අහගෙන ආවත් ඒ හැමොටම බෑ කියල මම එයාලව එලව ගත්තෙ ආදරෙ කියල මට පොඩ්ඩක්වත් ආදරෙ නැති තිරිසන්නු දෙන්නෙක්ට රැවටුන නිසා හැම පිරිමියෙක් දිහාම මම බැලුවෙ ලොකු පිලිකුලකිනුයි.කාලයත් එක්ක හැමදේම අමතක කරල විභාගෙ ලියල මෙඩිසින් යන්න තරම් බැරි උනත් බයෝ සයන්ස් වලට තේරිලා කැම්පස් ගියා.කැම්පස් එකේදිත් මගෙ පස්සෙන් ආදරෙ ඉල්ලගෙන කොච්චර අය ආවත් ඒ හැමොටම ලැබුන උත්රේ උන මම කැමති නෑ කියන එකමයි......
**************************************************
(වසර 7කට පසු)
"ලොකු දූ....හෙට එන මනමාලයවත් හරියයිද බලන්න ඔයාට...."
"මම තිනියම ඉන්නම් අම්මෙි...."
"ගෙදරට නාකි නොවී හොද කෙනෙක්ට කැමති වෙන්න.නැත්තන් ඔයාට කවුරු හරි ඉන්නව නම් කියන්ඩකො අපට...."
අම්මල කිවට මට කියන්ඩ ඉතුරු අර තිරිසන්නු දෙන්න විතරනෙ.....ඒ නිසා හිත හදාගෙන හිටියෙ හෙට එන කෙනාට ඇත්තම කියනව.එතකොට එයාටත් එපා වෙයිනෙ කියලයි.....
අම්මල කිවා වගෙම කොල්ල ආව.හරිම අහිංසක කොල්ලෙක් වගෙ.ලස්සනටඅත් දිග කමිසයක් ඇදගෙනය් ඇවිත් හිටියෙ......
"දූ කතා කරන්නකො එහෙනම් දෙන්න..."
*************
"නම මොකක්ද ඔයාගෙ..."
"දිනුකි....ඔයා...."
"දනුෂ්ක.....ඉතින් කොහොමද...."
"හොදයි....දෙයක් කියන්නම්.ඔයත් මාව එපා කියල යන්න....මම ජිවිතේ වරද්දගත්ත ගෑණියක්....ඔයත් මාව එපා කියන්න..."
මම තව වචනයක් වත් කතා කරන්න නොදි එතනින් ගෙට දුවල ගියෙ ලැජ්ජාවටමයි.ඒත් එයාල මට කැමති කියල තිබුනා.අපේ වෙඩින් එකත් ලොනුවටම ගත්ත.ඒත් මගෙ හිතට මහ දුකක් දැනුන නිසාම.....
"මට සමාවෙන්න මහත්තයො...."
"ශ්ශ්.....ඇති..."
තවත් වචනයක් වත් කියන්න නොදි එයා මගෙ තොල් වලට ඇගිල්ල තියල තද කරා.ජිවිතේ පලවෙනි වතාවට ආදරනියව ලැබුන හාදුවක් මගෙ නලලෙ තියෙනකොට මට මන් ගැනම දුක හිතුනා...මගෙ ඇස් වලින් කදුලු වැටෙන කොට....
"අඩන්නෙපා මැණික.....ඇයි මෙි....කො හොද ලමයනෙ....අඩන්න එපා....."
"අනේ සුදු මහත්තයෝ...මට ඔච්චර ආදරෙ කරන්න එපා....මට දරාගන්න බැ......මම කොමද ඔයිට වඩා ආදරයක් දෙන්නෙ ඔයාට...."
"මට මෙි වැඩිත් එක්ක ඔයාගෙ ආදරෙ මැණික..."
හැමදේම විසදන්න කාලයට බෑ....හරි කෙනා ලැබෙන්න නම් වැරදි අය ඇවිත් යන්නම ඕන.වැරදි කෙනෙක් ජිවිතේට ලන් උනාම තමා තෙරෙන්නෙ හරිම කෙ⁣නා කවුද කියල.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI