නත්තල් තෑග්ග

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
නත්තල් තෑග්ග💞
"අම්මෙි අදත් බංගලාවෙ වැඩට යනවද......"
"හම්ම්ම්ම්ම්....
ඔව් මයෙ පුතේ.......ඊයෙ බංගලාවෙි බෙිබි හාමුගෙ යාලුවො වගයක් ආවලු.......බංගලාව අස් කරන්නත් තියෙනවනෙ......"
"අනේ අම්මෙි.....නත්තලත් ලග එනව......තවම මට ලස්සන ඇදුමක්වත් ගත්තෙ නෑ.....දුප්පත් අපට නත්තල් සමරන්න තහනම්ද අම්මෙි....."
මම මයිකල්.දුප්පත් පුංචි පවුලක ඉපදුන ලමයෙක්.තාත්ත නැති උන දවසෙ ඉදල ගෙදර බර කරට අරගෙන අම්මා බංගලාවෙි වැඩට ගියෙ බංගලාවෙි දැලි කුණු අතගාලා හම්බෙන සොච්චම් පඩියෙන් එදා වෙිල පිරිමහගෙන කාල කීයක් හරි මගෙ අනාගතතේ වෙනුවෙන් ඉතුරු කරන්නයි.මම අම්මගෙන් නත්තල් දුප්පත් අපට නත්තල් සමරන්න තහනම්ද කියල අහපු ගමන්ම අම්ම මාව අම්මගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අත ගගා මට කීවෙි............
"නෑ මගෙ පුතේ.....උබලගේ.....තාත්ත හිටියනම් අපටත් නත්තල් තියෙනව මයෙ රත්තරනේ.......උන්දැ මලාට පස්සෙ තමා මෙි ගෙදර අගහිගකම් වැඩි උනේ......"
අම්මා මාව තුරුල් කරගෙන එහෙම කියකොට අම්මගෙ නෙතගින් රූරා වැටුන කදුලු බිංදුවක් මගෙ අතට වැටුන නිසා මම අම්ම දිහා බලනකොට......
"අම්මෙි.....අඩනවද......"
"ම්ම්ම්.....නෑ....නෑ පුතේ.මෙි ඇහැට රොඩ්ඩක් ගියා...."
අම්ම ඒනෙතගින් වැටුන කදුලු බිංදුවත් හැංගුවෙි මට අම්ම විදින දුක පේනවට අම්ම අකමැති උන නිසාමයි......
අම්මගෙ තුරුලට වෙලා ඉන්න ආස උනත් ඒකට පිං මදි උනේ අපේ දුප්පත් කමයි.අම්මට බංගලාවෙ වැඩට යන්න තිබුන නිසාම........
"කො.....කො....නැගිටින්න මගෙ පුතේ.....අද ඉස්කොලෙ යන්න ඕන හරිද......."
"ම්ම්ම්ම්ම්......අනේ......තව චුට්ටක් වෙලා ඉන්නම්......"
"බංගලාවෙි ලොකු හාමු අම්මට බනි පුතේ.....නැගිටින්නකො මගෙ හොද පුතානේ......"
"හම්ම්ම්ම්......එහෙනම් යන්ඩකො.....මොනව කරන්නද.....හවස මාත් එන්නද බංගලාවට......"
"ආ.....හා....හා....පුතේ....බත් ටික කාල පලයන් මගෙ රත්තරන්......"
අම්ම උදේ පාන්දරම නැගිටල උයල තිබුන බත් ටිකත් කාල හැමදාටම අදින්න තියෙන එකම නිල් පාට කොට කලිසමයි අන්ඩ දාල මහපු අත් කොට සුදු කමිසෙයි ඇදගන්න බැලුවත් අම්ම ගෙදර ⁣එන්ඩ පරක්කු උන නිසා රෙදි හේදුවෙත් හවස් වෙලයි.ඒ නිසා වෙිලිල තිබුනෙත් නැ.....ඉස්කොලෙට යන්න ඕන නිසාම පොල් අතු දෙකක් විතර පත්තු කරල ඒ ගින්දර සැරෙන් මම කලිසමයි කමිසෙයි වෙිලගත්තත් ඇදුමෙි තිබුන දුම් ගද නමි අඩුවක් නොදැනිම දැනුන.......රුපියල් දෙකේ කාසියෙ ගනකමට ගෙවිච්ච කලු පාට රබර් සෙරෙප්පු දෙකයි හිල් වෙච්ච පොත් බෑග් එකයි මට ලැජ්ජාවක් නොවුනට අනිත් ලමයි නම් මාව විහිලුවට අරගෙනයි තිබුනෙ........
**************************************************
ඉස්කොලෙදි ලැජ්ජා වෙලා ලැජ්ජා වෙලා ගෙදරට ගියත් දුප්පත්කම නිසා හැමදේම ඉවසන් හිටියා......මම එදා හවස බංගලාවට ගියෙ බංගලාවෙි නත්තල් බලන්නමයි.....
"අම්මෙි.....බඩගිනි නේ...."
"ආ....ඉන්ඩකො පුතේ.....ලොකු හාමුල තවම කනව.....කාල ඉවර උනාම බත් ටිකක් දෙන්නමි....."
මම බංගලාව වටෙි ඇවිදින්න ගියෙ බංගලාවෙි නත්තල් බලන්නමයි.ඒත් නත්තලට බංගලාවෙි කිසිම දෙයක් කරල තිබුනෙ නමි නෑ......මම ඇවිත් ඉන්නව දැකපු ලොකු හාමු......
"මයිකල්.....මෙහෙ එනවකො....."
"හාමු මහත්තයෝ......"
"තමුසෙ බෙිබි හාමු එක්ක එකතු වෙලා ගවලෙනයි නත්තල් ගහයි හදන්න පුලුවන්ද ...."
"හා.....පුලුවන් හාමු මහත්තයො....."
හාමු මහත්තයා කීව නිසාම මම බෙිබි හාමුත් එක්ක එකතු වෙලා නත්තල් ගහ සරසන්න පටන් ගත්තා....නත්තල් ගහේ වැඩඉවර උනත් ගව ලෙන හදන්න පිදුරු ගේන ඕන උන නිසාම මම.......
"බෙිබි හාමු.....පිදුරු ටිකක් ගේන්න ඔින....."
"බෙිබි හාමු කියන්න එපා මයිකල්.මාත් ඔයාගෙ වයසෙ.අපි යාලුවොනෙ.....ඔයා මට ජූඩ් කියල කතා කරන්න....."
"හා......ලොකු හාමු බනිද දන්නෑ...."
"නෑ....ඩැඩි හොදයි......"
අපි එදා බංගලාවෙි ගවලෙන හදල එක ලස්සනට සරසන වෙලාවෙදි තමා......
"මයිකල්.....ඔයා ගවලෙනක් හැදුවද....නත්තල් ගහක් එහෙම හැදුවෙි නැද්ද තවම....."
"අපට සල්ලි නෑ නෙ බෙිබි හාමු......දුප්පත් අපට නත්තල සමරන්න තහනම්ලු......"
බෙිබිහාමු මන් දිහා බලාන ඉදල මොකුත්ම නොකියා එතනින් යන්න ගියා.ඒත් එක්කම ලොකු හාමු ඇවිත් මට රුපිල් 500ක් දිලා කිවෙි ගෙදර නත්තල් ගහක් හදාගන්න කියලයි.ඒ රුපියල් 500ත් අරගෙන මම දිව්වෙි කූඩුවෙන් එලියට දාපු කුරුල්ලෙක් වගෙයි.මම ගෙදරට ගිහින් පොඩි උණ ගහක් කපාගෙන ඇවිත් මිදුලෙ හිටවල එකේ පොඩි පොඩි සෙල්ලම් බඩු ටිකක් එල්ලුවෙි ලොකු හාමු දුන්න සල්ලි වලිනුයි.
**************************************************
බංගලාවෙ වැඩ කරල ඉවර වෙලා අම්ම හවස එනකොට දැකපු දේ නිසා අම්මා පුදුම උනා......
"පුතේ....මයිකල්.....පුතේ......"
"ඇයි අම්මෙි......"
"කොහෙන්ද පුතේ මෙි නත්තල්ගස් හදන්න මගෙ පුතාට සල්ලි....."
"බෙිබි හාමු එක්ක එකතු වෙලා ගවලෙනක් හැදුවනෙ අම්මෙි මමත්.බංගලාවෙි මහත්තයා මට රුපියල් 500ක් දුන්නා.ඒ සල්ලි වලිනුයි අම්මෙි මම මෙි නත්තල් ගහ හැදුවෙි.නැත්තන් මෙි දුප්පත් අපට නත්තල් කොහෙන්ද අම්මෙි......."
මම එහෙම කිය⁣නකොට අම්ම⁣ගෙ ඇස් රතුවෙලා කදුලු බිංදු එක දෙක වැටුනා....ඒත් එක්කම අම්මා බංගලාවෙන් ඔතාන ආව කැවිලි ට්කක් මට ගෙනත් දුන්නෙ හරිම ආදරෙන්.පහුවදා නත්තල් නිසාම එදා මට නින්දක් තිබුනෙම නෑ....
ගමගෙ හැමතැනම වගෙ රෑට අහස්කූරු මල්වෙඩි පත්තුවෙනකොට මම ඒ දිහා බලාන ඉදල සතුටු උනේ අම්මට තියෙන ප්‍රශ්න මදිවට මම ඒදේවලුත් ඉල්ල කරදර කරන්න තිබුන දුකටමයි........ගමෙි හැමතැනම පත්තු උන අහස්කූරු මල්වෙඩි දිහා බලල මම නිදාගත්තෙ මෙදා පාර නත්තලට නත්තල් සීයවත් මන් දිහා නොබලපු නිසයි.ඒත් උදේ ඇහැරෙනකොට මගෙ කොට්ටෙ ලග තිබුන දේ නිසා මම පුදුම උනා.......
"අම්මෙි......අම්මෙි....එන්ඩකො...."
"මෙි.....නත්තල් සීයා ඇවිත්......"
"මොනවද මගෙ පුතේ තියෙන්නෙ...."
"ලස්සන කමිසයක් අම්මෙි.....මෙි එන්නකෝ......"
"කො....කො....කො බලන්න පුතේ...."
බ්‍රවුන්පේපර් එකක හරි ලස්සනට ඔතල මගෙ ඇද ගාව තිබුනෙ බෙිබි හාමුගෙ ඇදුමක්.මම ඒ බව දැනගත්තත් අම්මට නොකීවෙි අම්මට දුක හිතෙයි කියලමයි.....
**************************************************
එදා උදේ අම්මයි මමයි තනියම කඩෙන් ගෙනාව පුංචි බටර් කේක් කෑල්ලක් පොඩි කෑලි වලට කපල නත්තල සැමරන වෙලාවෙදි වාහනයක් එන සද්දෙයක් නිසා අම්මයි මායි පුදුම උනා.....ඒ වෙලාවෙිදිම......
"මයිකල්.......මයිල්....."
"අම්මෙි බෙිබිහාමුගෙ කටහඩ නේද.....??"
"එකතමා පුතේ.....ඒත් බෙිබිහාමු මොකද මෙහෙ....."
අම්මයි මායි එහෙම කතා වෙන ගමන් ඉස්සරහට ගියෙ බෙිබි හාමුලව බලන්නයි.ඒ යනකොටම......
"සුභ නත්තල් මයිකල්....."
"බෙිබි හාමු....ලොකු හාමු.....මෙි.....මෙි...මෙි මොනවද......"
"අපි අද නත්තල් සමරන්නෙ ඔයාල එක්ක....."
බෙිබි හාමුලු ලොකු හාමුල ලොකු තෑගි පෙට්ටියි කෑමයි අරගෙන අපේ ගෙදරට ඇවිත් තිබුනෙ අපිත් එක්ක නත්තල් සමරන්නමයි....මගෙ ජිවිතේ සමරපු හොදම නත්තල තමයි මෙික....දුප්පත් අපිත් එදා නත්තල් සැමරුවා.
ලියන්නෙ : දුෂාන්
නත්තල් සමරනකොට සල්ලි තියෙන කට්ටිය එකතු වෙලා ලොකුව⁣ට පාටි දාල නත්තල් සමරනවට වඩා නත්තල් තිබුනත් ඒක සමරන්න ආසා උනත් එකට සල්ලි නැතුව දුපත් නැතිබැරි කෙනෙක් එක්ක එකතු වෙලා නත්තල සමරන්න.පුලුවන්නම් මෙිපාර නත්තලට නැතිබැරි කෙනෙක්ට උදවුවක් කරන්න.එයාල එකෙන් ගොඩක් සතුටුවෙයි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI