ඉතිං_මට_අවසරයි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#ඉතිං_මට_අවසරයි.....
තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම්......
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං.....
නුඹ මට ආදරේ කරා....... මං නුඹට දීපු ආදරේටත් වඩා මහා හුඟාරියක්...... ඒකයි මං නුඹේ ආදරේට මෙච්චර ලෝභකම් කළේ......... හැමෝම මට හිනා වුණා..... නුඹට මට ගැලපෙන්නේ නෑ කිව්වා....... ඒත් නුඹ දීපු ආදරේට ලෝභ වුණ මට නුඹව මහ මෙරක් වුණා...... ඔව්....... නුඹව මට මහ මෙරක් වුණා.........
නුඹ මාව රැක ගත්තා...... ඔව්..... නුඹ මාව රැක ගත්තා..... නුඹේ හුස්ම ටික තරමටම..... ඒ තරමටම මං නුඹට ආදරේ කළා........ මං දන්නවා නුඹේ හිතෙත් ඒ ආදරේ මහ මෙරක් තරමටම තිබුණා..... මං ඉන්නේ කොහෙද...., කරන්නේ මොනවද.., කතා කරන්නේ කවුද......., යන්නේ කොහෙද....? ඒ හැම දෙයක්ම නුඹ හොයලා බලපු කාලයක් තිබුණා........
මතකයි නුඹ මට කිව්වා නුඹේ මුළු ලෝකෙම මං බව.....
හ්ම්..... සත්තකින්ම මට ඒක දැනුනා......... මගේ හදවතේ ඇතුළාන්තයටම...... ගොඩාක් දැනුනා ඒක......
මට මතකයි නුඹ මාව පරිස්සම් කරපු තරම්.....
මගේ තාත්තගෙන් ලැබුණා වගේ රැකවරණයක් මට ලැබුණා....... මගේ සහෝදරයෙක්ගෙන් වගේ ආදරයක් ලැබුණා......... මගේ යාළුවෙක්ගෙන් වගේ දඟකාරකම් මට ලැබුණා....... ඉතිං නුඹ මගේ මුළු ලෝකයම වුන එක අහන්නත් දෙයක්ද කියලා හිතුන වාර ගණන අනන්තයි....
ඒත් අද......... අනේ මං ගොඩක් තනි වෙලා........ කාත් කවුරුවත් නැති තරමටම...... මං දන්නවා අද මගේ අම්මටයි, තාත්තටයි මාව බරක් වෙලා කියලා.......... මගේ අයියට, අක්කට, මල්ලිට මාව බරක් වෙලා කියලා...... ඔව්..... ඒ නුඹ නිසා තමයි.......... නුඹමයි මාව මේ තැනට දැම්මේ.........
නුඹ පැමිණී නුඹම ගියා........
නැවතුන තැන මා ඉන්නම්.......
මගේ සහයෝගය පතන වෙලාවට.........
කොහේ සිට හෝ යලි එන්නම්......
කොහේ සිට හෝ යලි එන්නම්......
හ්ම්........ මං කිව්ව විදියටම නුඹට ඕන කරන හැම වෙලාවකම මං නුඹ ළඟ රැඳුනා...... සතුටෙදී ළඟින් ඉන්න බැරි වුණත් අදටත් මං නුඹේ දුක බෙදා ගන්න ළඟින් ඉන්නවා........
ඒත් නුඹ........ නුඹෙන් ලැබුණු ආදරය.......... හීනයක්ම විතරයි මට....... ඔව්....... හීනයක්ම වෙලා නුඹ ඈතටම ඇදිලා ගිහිල්ලා.......... මාව නොපෙනෙන තරම් දුරකට.......
හිරුණි............
ඇයි අම්මා........?
මොනවද ළමයෝ උදේ ඉඳන් කාමරේට වෙලා කරන්නේ........ ගෙයින් එළියට බහින්න අදහසක් ඇත්තෙම නැද්ද........?
මොකුත් නෑ අම්මා........
හිරුණි සඳැස්නා............ ලිය ලිය හිටපු ඩයිරි එකත් පැත්තකට දාලා එළියට ගියේ නැත්නම් අම්මගෙන් කණක් ඇහිලා ඉන්න බැරිවෙන නිසාමයි........
අන්න තාත්තා කතා කරනවා........
ඇයි ඒ.......?
මං දන්නේ කොහොමද....? ගිහිල්ලා අහලා බලන්න.........
අනේ අම්මා........ අදත් බනින්නද.......?
මං දන්නේ කොහොමද දරුවෝ........ ගිහිල්ලා අහලා බලන්න...........
හ්ම්.........
මගේ හිත ගැහෙන්න ගත්තා........ අදත් බැනුම් කෝටියක් කියලා දන්නවා....... දැන් නම් ඇත්තටම මට මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ........ මොන දේ කරත් මට හැමෝගෙන්ම බැනුම් අහන්න විතරයි හැමදාම සිද්ද වුණේ......... මොකද්ද දෙයියනේ මං මේ මිනිස්සුන්ට කරපු වරද........? එහෙම හිතන ගමන් හිරුණි තාත්තා ඉන්න තැනට ගියේ.........
ඇයි තාත්තා මට කතා කළේ........?
මොකද කරන්නේ..........?
මොකුත් නෑ........
මොකුත් නෑ......... උඹට ඔය කාමරෙන් එළියට බහින්න හිතෙන්නෙම නැද්ද.........? ඕක ඇතුළේ උඹ බිත්තර රකිනවද........?
හිරුණි මොකුත් නොකිය බිම බලා ගත්තේ අහන ප්‍රශ්ණ වලට දෙන්න උත්තර නැති නිසාමයි........
කතා කරපන්.......
මොකුත් කරේ නෑ...... නිකන් හිටියේ........
උඹ වගේ මූසල කෙල්ලෙක් හදා ගත්තට වඩා හොඳයි ඉපදුන වෙලාවෙම බෙල්ල මිරිකලා දැම්මනම්..........
හිරැණිගේ ඇස්වල හැමදාම වගේ කඳුළු පිරුණත් අද ඒවා එළියට එන්න දුන්නේ නෑ,...... බොහොම අමාරුවෙන් හිරකරගෙන හිටියා......
උඹට වියදම් කරපු සල්ලි වලින් එළ හරකෙක් ගෙනල්ලා හදා ගත්තා නම් අඩුම කිරි ටිකක් හරි දොවා ගන්නවා........
හැමදාම වගේ අදත් හිරුණිට තාත්තා හොඳටම බැන්නේ කිසිම හේතුවක් නැතුව.... තාත්තගේ කතාව ඉවරවුණ නිසාම හිරුණි සද්දනැතුවම ආයේ කාමරේ ඇතුලට ගියේ ආයේ තාත්තා තමාව දැක්කොත් බනින බව දන්න නිසාමයි.....
ඇයි සසිඳු ඔයා මට මෙහෙම කළේ..........?
හිරුණි ආයෙම ඇඳට වැටුණේ තාත්තා ඉස්සරහා හිර කරන් හිටපු කඳුළු නිදහසේ ඔහේ ගලා යන්න ඉඩ දීලමයි..... හිරුණිටත් නොදැනම හිරුණි ආයෙම අතීතෙට දුවගෙන ගියා.......
හිරුණිට අයියා, අක්කා, මල්ලි හිටියට හිරුණි තමයි ගෙදර හුරුතලී වුණේ........ හිරුණිට කැම්පස් යන්න බැරි වුණාට හිරුණි හොඳට උසස්පෙළ පාස් වුණා....... කාලයත් එක්ක හිරුණී පුද්ගලික අංශයේ හොඳ රැකියවකුත් හොයා ගත්තේ හිරුණිගෙම මහන්සියෙන්...... හම්බ කරපු හැම දෙයක්ම ගෙදර වෙනුවෙන් වියදම් කළේ කිසිම ලෝභ කමක් නැතුවමයි.......
රැකියාව කරන අතරෙම තමයි හිරුණිට සසිඳු හමු වෙන්නේ......... සසිඳු නෙත්මිර....... රටේ තියෙන හැම බොරුවක්ම කියලා සසිඳු හිරුණිගේ ආදරේ ලබා ගත්තේ........ ඒත් කාලයත් එක්ක හිරුණි දැන ගන්නවා සසිඳු කියන්නේ ගොඩක් දුප්පත්, රස්තියාදුකාර කෙනෙක් කියලා....... ඒත් හිරුණි ඒ හැම දෙයක්ම අමතක කරලා සසිඳුට ආදරේ කරන්නේ සසිඳුගෙන් හිරුණිට ලොකු ආදරයක් ලැබුණ නිසාමයි.........
මැණික........
ම්........
හෙට මොකද කරන්නේ..........?
වැඩ බබා.......
නිවාඩුවක් දාමුකෝ........
අනේ......... බැරිවෙයි මහත්තයෝ......... දන්නවනේ බොස්ගේ තරම....... නිවාඩු දෙන එකක් නෑ........
අහලා බලන්නකෝ.............. ගොඩ දවසකින් හමු වුණෙත් නැහැ....... මට ඔයාව දකින්නේ නැතුව ඉන්න බැහැ මැණික.........
බලමුකෝ....... මං ටිකකින් කතා කරන්නම්.......... බලන්නම්කෝ නිවාඩුවක් ඉල්ලලා.........
ඔය විදියට ඔෆිස් එකටත් බොරු කිය කිය දෙන්නත් එක්ක ඇවිදින්න ගියේ.......... සසිඳුගේ මුළු ලෝකෙම හිරුණි කියලා දැනෙන තරමටම හිරුණිට ලොකු ආදරයක් ලැබුණා.........
මැණික්....... මං අද ඔයාව හුම වෙන්න ආවේ දෙයක් කියන්නත් එක්ක..........
මොකද්ද......?
හිරුණි ඇහුවේ සිනමාශාලාවේ පුටුවක වාඩි වෙලා තව තවත් සසිඳුට තුරුල්වෙන ගමන්මයි........
හැමදාම මට ඔයාගෙන් කාලා, ඇඳලා ඉන්න බැහැ මැණික........ මට රට යන්න පොඩි චාන්ස් එකක් ආවා......... මං යන්නද........?
පිස්සුද බබා......... මට බැහැ ඔයා නැතුව ඉන්න.......
ඉතිං හැමදාටම නෙමෙයිනේ මැණික........... ටික කාලෙකටනේ....... කීයක් හරි හම්බකරගෙන පොඩි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්නේ අපිට.........
එත් මහත්තයෝ........... එහෙනම් මාව මැරි කරලා යන්න........
පිස්සුද ඔයාට.......... ගහෙන් ගෙඩි එන්න වගේ වෙඩින් එකක් ගන්න පුළුවන්ද.........?
දැන් ඔයා අවුරුදු කීයකටද බබා යන්න හදන්නේ........?
පහකට.........
පහකට..........? අනේ මන්දා....... මට ගෙදරින් එච්චරකල් ඉන්න දෙන එකක් නෑ බබා....... චුට්ටක් මාව තේරුම් ගන්නකෝ........
ඇයි ඒ......? මොකද අම්මටයි, තාත්තටයි ඔයාව එච්චරටම බරක්ද......? ජොබ් එක කරනවා...... සල්ලි හම්බ කරනවනම් එයාලට බරක් වෙන්න විදියක් නැහැනේ.......
අනේ මාව තේතරුම් ගන්න මහත්තයෝ...... අඩුම එන්ගේජ්මන්ට් එකවත් අරගෙන යන්න.........
පිස්සුද හිරුණි......... පුලූවන්නම් මං එනකම් ඉන්නෝ....... නැත්නම් ගෙදරින් කියන කෙනෙක් බැඳගෙන යනවා....... ඒක ඔයාගේ කැමැත්තක්.......
ඔය විදියට රණ්ඩු වෙවී දෙන්නා ඉන්න අතරේ තමයි සසිඳු සයිප්‍රස් යන්නේ රැකියාවකට.......... ගිහිල්ලා මාස කීපයක් යනකම් හිරුණි ගැන පරණ පුරුදු විදියටම හොයලා බැලුවා....... ඒත් ටික කාලයක් යද්දී සසිඳු චුට්ට, චුට්ට වෙනස් වුණේ වැඩ වැඩි නිසා කියලා හිරුණී හිතුවට සිද්ද වුණෞ වෙන දෙයක්.........
සිසිඳුට සයිප්‍රස්වලම තව ගර්ල් කෙනෙක් හමු වෙලා තිබුණේ සසිඳු වැඩ කරන කිට්ටුවමයි........ දෙන්නත් එක්ක ටික ටික ලං වුනත් පස්සේ සසිඳුට කෙල්ලව නැතුවම බැරි වෙනවා......
ඔය විදියට හිරුණිගෙන් ඈත් වුණ සසිඳු නිමේෂගේ ලෝකේ තනි වෙනවා........ මේ කිසිම දෙයක් දන්නේ නැති හිරුණි අදත් සසිඳු එනකම් බලාගෙන ඉන්නේ සසිඳු තමන්ගේ මුළු ලෝකෙම නිසාමයි........
සසිඳු ගිහින් දැන් අවුරුදු හතරක් වෙනවා........ මාසෙකට දෙතුන් සැරයක්වත් සසිඳු හිරුණිට කතා කරන්නේ නෑ........ හිරුණිට ගෙදරින් ගේන කිසිම ප්‍රොපෝසල් එකකට හිරුණි කැමති වෙන්නෙත් නෑ......... හිරුණිගේ තාත්තා කොහොමත් නපුරු කෙනෙක්........ හිරුණිටත් දැන් අවුරුදු 32ක් වෙනවා........ අම්මටයි, තාත්තටයි ඇත්තටම එයාව ලොකු බරක්...... අම්මා හැමදේම ඉවසගෙන හිටියත් තාත්තා එහෙම කරන කෙනෙක් නෙමෙයි.......
පුංචි දේකත් අඩු පාඩු හොයාගෙන බනින තාත්තා හැම තිස්සෙම හිරුණිට කෑ ගහන්න ගත්තේ තේරුමක් නැතුව............. සිසඳු නිසා දුකින් හිටපු හිරුණිට ගෙදරින් වෙන වෙනස්කම් මහා ලොකුවට දැනෙනන්න පටන් ගත්තා......... හිරුණි නොදැනීමයි ටිකෙන් ටික පන්සල් යන්න, බණ අහන්න හුරු වුණේ.........
හිරුණිට අහම්බෙන් වගේ තමයි මෙහෙනින් වහන්සේලා ඉන්න ආරණ්‍යෙයකට යන්නේ......... ටික කාලයක් යද්දී හිරුණි හැමදාම ආරණ්‍යෙයට යන්න පුරුදු වුණා........ ආගමට, දහමට යොමු වුණ හිරුණි දවසෙන් වැඩි කොටසක් ආරණ්‍යෙය තුලම ගෙවන්න පුරුදු වුණේ ගෙදර ඉද්දී ගෙදර අය කියන දේවල් අහගෙන ඉන්න බැරි නිසාම තමයි.........
ලොකු මෑණියණී.........?
මට තේරෙනවා මේ දුව දැන් හිත ගොඩක් නිදහස් කරගෙන ඉන්නේ කියලා........
එහෙමයි මෑණියනී.....
තාමත් දුවට මේ ශාසනේට එන්න ඕන කියලා හිතෙනවද.......?
ඔව් මෑණීයණි........
මට මේ සසරෙන් ඉක්මණට එතෙර වෙන්න ඕන....... මං මේ දේ කරන්නේ කාත් එක්කවත් හිතේ තියෙන තරහකින්වත්, කළකිරීමකින්වත් නෙමෙයි මෑණියණි..........
හ්ම්...... හොඳයි දුව........ මං දුවට තව මාසයක් දෙන්නම්........ දුව හොඳට හිතලා බලලා තව මාසෙකින් හොඳම තීරණේ අරගෙන එන්න....... දුව ගන්න ඕනම තීරණේකට අපි එකඟ වෙනවා.......
එහෙමයි මෑණියණී....... අවසර....... මං ගිහින් එන්නම්.........
බිම ගෑවෙන දිගට සුදු සායක් ඇඳලා, අත් දිග සුදු බ්ලවුස් එක ඇඳලා, කොණ්ඩේ තනි කරලකට ගොතාගෙන හිටපු හිරුණි ගෙදරට ගියේ පන්සල් සුවඳ හිතේ පුරවගෙනමයි........ වෙනදා වගේම තාත්තගේ දෝශාරෝපණ ආවත් හිරුණි ඒ හැම දෙයක්ම දිහා හොඳ විදියට බලන්න වුණා....... වෙනදා වගේ තාත්තා ගැනවත්, අම්මා ගැනවත්, සසිඳු ගැනවත් හිතේ තරහක්, කළකිරීමක් ඇති වුණේ නෑ........ හිරුණි පුළුවන් හැම වෙලාවෙම කාමරේට වෙලා භාවනා කළා........ බණ ඇහුවා.......
හිරුණිගේ මේ වෙනස්වීම අම්මට ලොකු ප්‍රශ්ණයක් වුනත් තාත්තා නම් පරණ පුරුදු විදියටම ජීවත් වුණා.......
හිරුණි පහුවුණ මාසේ පුරාවටම ආරණ්‍යෙය පැත්තට ගියේ නැති වුණාට හැමදාම පන්සල් ගියා....... බුදුන් වැන්දා........ සමහර දවසට පැය ගාණක් පන්සලේ බෝ මළුවට වෙලා භාවනා කරා.........
හිරුණි ගෙදරින් පිටවුණේ අම්මලටවත් කියන්නේ නැතුව..........
****************
මාස හයකට පසු..........
***********************
උපාසක මාතාව........ ඔය මිදුල ඇමදලා ඉවර නම් භවනා කුටිය පැත්තට සැපත් වෙන්න........
ලොකු මෑණියන්ගේ ඉල්ලීමෙන් හිරුණි භාවනා කුටියට පැමිණියේ ශාන්ත ගමනින්...........
මට හිතෙන්නේ දැන් උපාසක මාතාව දසසිල් මෑණියෙක් වෙන්න තරමට මේ මාස හය පුරාවට සුදුසුකම් ලබාගෙන තියෙන්නේ........ අපි හෙට ඒ වැඩ කටයුත් අවසන් කරමු..........
ඒ වෙලාවෙම පසඟ පිහිටුවලා ලොකු මෑණියන්ට නමස්කාර කරපු හිරුණි තමන්ගේ සසර ගමන කෙටි කර ගන්න පළමු පියවර තැබුවා........
අවුරුදු පහකට පසු.........
සුවපත් වේවා.........
අනේ මෑණියණි මට සමා වෙන්න...........
මේ සසර ගොඩක් දිගයි උපාසක ඇත්තෝ.......... සමාව ඉල්ලන්න එපා......... වැරදි කරන එක නවත්තන්න......... පුලුවන් තරම් ආගමට, දහමට ලැදි වෙන්න........ අපිට මේ සසරේ දුක් විඳින්න වෙන්නේ නෑ එතකොට...........
කවුද සසිඳු............ ඔයා මේ මෑණියන්ව දන්නවද..........?
මේ.. මේ........
මේ උපාසක අම්මා සසිඳු මහත්තයගේ නෝනා වෙන්න ඇති........
එහෙමයි මෑණියණි........ මේ සසරේ කාලයකට කලින් මං සසිඳු මහත්තයව දැනගෙන හිටියා උපාසක අම්මේ....... දැන් මම මුළු ලෝකයම ගැන දැනගෙන ඉන්නේ උපාසක අම්මේ........ ඔය බැඳීම් සසර ගමන තවත් දික් කරනවා විතරයි......... මම දැන් ඒ හැම බැඳීමකින්ම ඈත් වෙලා ඉන්නේ....... දැන් මගේ සසර ටිකක් විතර කෙටි වෙලා තියෙන්නේ...........
කිසි දෙයක් නොදන්න නිමේෂයි, එයාලගේ දරුවයි දසසිල් මෑණියන්ට වැඳලා ආපසු යන්න ගියේ දසසිල් මෑණියෝ වදාරපු ලස්සන බණ පද ටිකත් අහගෙනමයි..........
පැත්තකට වෙලා මේ හැම දෙයක්ම දිහා බලාගෙන හිටපු හිරුණිගේ අම්මගෙයි, තාත්තගෙයි ඇස්වලින් කඳුළු පිට වුණේ ත කුසින්, ලෙයින් වදපු දරුවා ගැන ඇති වුණ කැක්කුම නිසාමයි..........
නිමි..........
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI