අහැක් වගේ බලාගත් දියණියව ගබ්සාකර ගර්භාෂය අයින් කරනවා වැදූ අම්මාටම බලන්නට වුනු සංවේදී කථාව

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

අහැක් වගේ බලාගත් දියණියව ගබ්සාකර ගර්භාෂය අයින් කරනවා 

වැදූ අම්මාටම බලන්නට වුනු සංවේදී කථාව  සිතුවිලිවලට සීමාවක් නෑ.

හිතන්න ගත්තොත් කොතනින් නතර වෙයිද අපි ඉන්නේ කොහෙද කරන්නේ මොකක්ද කියලවත් 
දැනෙන්නේ නැති තරමට සිතුවිලිවලට 
ලොකු දුරක් යන්න පුළුවන්.
ඒවිදිහට එළියට ආපු ලස්සන සිතුවිල්ලක් ගැනයි වෙබ් ගොසිප් අපි මේ කියන්න යන්නේ.
බස් එකේ යද්දි පිටිපස්සේ සීට් එක මුල්ලේ නංගී කෙනෙක් තරුණයෙක් සමඟ පෙමින් වැලුටු 
හැටි දැකලා එළියට ආපු අපූරු 
සිතුවිල්ලක් තමයි මේ.
සමහර තැන්වලට රිදෙයි, ටිකක් කැතයි කියලත් හිතෙයි. ඒත් තිත්ත වුණත් ඇත්ත මේකයි.
නංගි…
කෙල්ලෙක් අවුරුදු දොළහක් දහතුනක් වෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹ තැඹිලි 
ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.
වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන්ට කතා කරන්න උඹ ගැන.ඒ ඇරෙන්න වෙන 
මාතෘකාවක් හොයා ගන්නම බෑ.
ඒ කෙල්ල ඒ කියන්නෙ උඹ ලොකු ළමයෙක් වෙච්ච දවසට අදුරන නෑදෑ කොල්ලෙක් 
එක්ක සෙට් වෙලා උන් උඹගෙ 
පාටියෙනුත් කනවා.
ඊට පස්සෙ ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ..පාරෙ යන්නෙ බිම බලාගෙන.
“ලස්සනයි..”
ඒකි ළගින් යනකොට කාටත් නෑහෙන්න ඒකිට විතරක් ඇහෙන්න මුමුනන්න කොල්ලන්ට 
තියෙන්නෙ මාර හැකියාවක්.
අපි ඒකට පට්ටයි කියමු.
ඊට පස්සෙ හොටු පෙරාගෙන කෙල්ල පස්සෙ වැටෙනවා කොල්ලො…පෝලිමේ..උදේට එකෙක් පස්සෙන් එනවා..
හවසට තව එකෙක්
කෙල්ලටත් ඊට වඩා දෙයක් නෑ..මම තමයි ලස්සනම…
ඊට පස්සෙ කෙල්ල කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ 
කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච 
ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ
 එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ 
ගන්නවා..
ඊට පස්සෙ නංගි වටේ කොල්ලො උඹ දැක්කම කියන්නෙ “පට්ට කෑල්ලක්..” කියලා..
එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ 
ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්
ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ,
“ඔයාට මාව විස්වාස නැද්ද..??හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද්..??පොඩ්ඩක් 
නිදහසෙ කතා කරන්න නැද්ද්..?”
ඊට පස්සෙ බස් එකේ මුල්ලට උනාම උඹලා උඹලගෙම ලෝකෙ..උස ශීට් බස් එකට
නැගලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ.
අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් 
ගැලවෙලා බස් එකේ කොන්දොස්තර වගේම නගින බහින හැම කොල්ලෙක්ම උඹේ පීදෙන පපුව 
දිහා බලනවා කියලා උඹ දන්නෙ නෑ..අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..
ඊටත් පස්සෙ,
ඒ පහස එක වරක් දැනුනම…පිස්සු වගේ..
කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..කියපු ගමන් හා..
ඒ පහසට ඒ තරම් කැමති..
ඊටත් පස්සෙ,
පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව
ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..
ටිකදවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ..අවශ්‍යතාව විතරමයි…
රණ්ඩු වෙනවා බැන ගන්නවා..
ඒ අතර මාස දෙකක් යද්දි දෙළොව රත්වෙනවා..අරූට කියන්නත් බයයි…ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..
යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.උඹලගෙ වයසෙ උන් 
මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් චෙක් කරනවා..උබලා ඒ තරම් ශුවර් 
කියලා ඩොක්ටර් දන්නවා..
ඊටත් පස්සෙ,
ප්‍රෙග්නන්ට් ..
කොහොමද ගෙදරට කියන්නෙ..
“අයියෙ මම ප්‍රෙග්නන්ට් ..
“මම කොහොමද දන්නෙ මගේ කියලා.මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක
 යන්න ඇතිද..?අර රමේශයත් පස්සෙන් ආවෙ..ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට 
නොගිහින් බේරිලා නෑ..”
අනේ ඇයි ඔහොම..??”
මේ වදයක් වෙන්න එපා..”
“කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්..”
ඒ යාළුවො ..
දරුවා නැති කරන්න යනවා..ඒක කුකුල් ෆාම් එක වගේ…දොර ගාවදි වමනෙ යන්න එනවා..
ඒ තරම් පිරිසිදුයි…
අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..
ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.දවස් ගානක් යනකොට උණ..බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි..
අනේ අම්මා බය වෙලා..එක්කන් යනවා බෙහෙත් ගන්න..
“මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්…ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි..”
“ඒත්…”
අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න..
“හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න…”
“හැබැයි ලක්ෂ පහළවක් යනවා..”
“කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම උකස් කලා..”
අන්න..ඒකයි නංගියෝ කියන්නෙ…දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න..
අද බස් එකෙ මුල්ලක ආපු පොඩි නංගි කෙනෙක් දැකලා ලියන්න හිතුනෙ..ඒ තරම්
 අශෝබනයි…අනේ වදින්නම්….මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා…පව් 
උන්…
(යාලුවන්ටත් බලන්න share කරන්න )
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI