අන්ධ නොවූ ගොළු හදවත

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
අන්ධ නොවූ ගොළු හදවත
"Good morning බබාලගෙ තාත්තා ..."
"Good morning ,ආහ් මෙන්න වැඩක්.... කෝ දැන් බබාල ....."
"බබා කියන්න පුළුවන් යැ ඔච්චර ලොකු අයියා බබෙක් ට...ඒ නිසා බබාලගෙ තාත්තා කිව්ව ඉතින් ..."
"හාකො හාකෝ..."
"ඇයි ඔයා කවදාවත් ආදරේ හිතෙන විදියේ දේවල් කියන්නෙ නැත්තෙ ? අර නවල් වල තියනව වගේ....නපුරුම නපුරා... ඔයා මට ආදරේ නෑ නේද ...."
"අපොයි ආයෙමත් විකාර කියවන්න පටන් ගත්තා...මං කියල තියනව ද ආදරේ නෑ කියල කවදාවත්...."
"ඔයාට තියෙන්නේ ගොළුම ගොළු හදවතක්.. මට තේරෙන් නෑ මොනා කරන්න ද කියල .... ගොම්බෙල්ලා... මං තරහයි....."
"තරහකට නෙවෙයි අනේ කියන්නේ....දුරින් ඉඳන් ආදරේ කරනකොට ඔය වගෙ දේවල් නිතර නිතර කියවන්න,කතාබහ කරන්න ගියාම කාලයක් යනකොට එපා වෙනව අනේ...අත්දැකීමෙන් කියන්නෙ ඔයාට තේරෙන් නෑ...නැතුව ඉතින් ලව් පාට් දදා කතා කරන එක නම් කාට බැරිද...."
"අපෝ එහෙම ද එහෙනම් මාත් ආයෙ ඔයාට ආදරෙන් කතා කරන් නෑ නෑමයි..."
"ඔන්න ඉතින් කිව්ව එකක් එහෙම වෙන්න එපා අනේ ..."
මටම හරියන පිස්සෙක්ට කියල මේ ලෝකෙ ඉන්න හරියනම කෙනා එයා කියල තමයි හිතන් ඉන්නෙ..ඒත් ඉතින් එයාගෙ ආදරෙත් අර කොන්දගෙ ඉතුරු රුපියල වගේ තමයි... තියනව කියල දන්නව ඒත් පෙන්නන් නෑ නම් නෙවෙයි .....
හතරක් දුන්නොත් පහක් විදියට ඉතුරු රුපියල දෙන්නම් වගේ ටයිප් පිස්සු කෝච්චියක්..ඒ කියන්නෙ මං පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එයාට ආදරේ කරන්න ඕනි.....නිකම්ම නිකන් ගුඩ් මෝනින් කියල යැව්වොත් එහෙම අගට මොනා හරි කෝලම් කෑල්ලක් නොදා එදාට ඉතින් පොඩ්ඩක් වෙලා බුම්මගෙන ඉන්නවා....
.එක්කො අර චාජ් වෙලා නැති බැට්‍රි එකකට කරන්ට් එකට ගහල පණ දෙනවා වගේ එයාට පණ වගේ ආදරේ කරල ගොළු හදවතට පණ දෙන්න ඕනිද දන්නෙත් නෑ.........
ඔහොම කෝලං කර කර කාලෙ ගෙවිල ගියත් කවදාවත් අපි තරහ වුණේ නම් නෑ...
" හිතුවද මං තරහ වෙලා යයි කියල ඈ....එතකොට බටකොළ ආච්චියෙක් හරි සක්කරවට්ටමක් හරි ශුඩු අයිය බබාව කසාද බැඳලා උස්සන් ගිහින් නපුරුකම් කරොත් එහෙම ......"
"මොකක්ද සක්කරවට්ටම කිව්වේ "
"ආ ඒක මේ පිට්ටු බම්බුව වගේ මුළුතැන්ගෙයි තියන අයිටම් එකක්..වැඩක් නෑ ඔච්චර ලොකු වෙලත් ඔයා ඒව දන් නෑ.... මගෙ වයසට ආවම තේරෙයි ඔයාට ..."
"හාකො හාකො මං මොනවත් දන් නෑ මං බබා"
"බබා තමයි තේරුම් ගත්ත එක ලොකූ දෙයක්.."
වෙලාවකට හිතෙනව මේ වගේ ජෝක් එකක් continue කරන් යන්න පුළුවන් කොල්ලොත් මේ ලෝකෙ ඉන්නවද කියල ....
***************************************
"ඒහ් මේ...ඔයා දොයි ද.."
"නෑ....,ඒ පාර මොකද ....."
"මේ... මං පොඩි එකෙක් වගේ එල්ලි එල්ලි දවස තිස්සෙම කතා කරනකොට ඔයාට තරහ යන් නැද්ද ...ඔෆිස් ගිහින් වැඩක් කර ගන්න නෑ නේ..."
"එහෙම එකක් නෑ අනේ එහෙම හිතන්න එපා..."
" එතකොට ඔයාට බෝරින් නැද්ද මෙහෙම මාස ගාණක් එක දිගට චැට් කරාම මාත් එක්ක...අනික තව කොච්චර කල් මෙහෙම දුරින් ඉන්න ද..."
"එහෙම නෑ ළමයෝ...එකම දේවල් කතා කරන් නෑ නෙ එතකොට එපා වෙන් නෑ..."
"ඒ උනාට මට නම් හෙන මහන්සී අප්පා හැමදාම එකම වචන කියල දැන් අලුතෙන් වචන කියන්න මං මේ මලලසේකර එකක් හොයන ගමන්..."
"ආහ් තේරුණාද ඒක තමයි කිව්වෙ එකම වචන ටික කිය කිය ලව් පාට් දාන්න ගියා නම් ඒවත් ටිකක් කල් යනකොට සාමාන්‍ය වෙනවා...ඒවත් බෝරින් වෙලා යනව..මෙලෝ දෙයක් ෆීල් වෙන්නෙ නෑ..හම්බෙලා කතා කරනව වගේ නෙවෙයි නේ....
එතකොට ඉතින් මලලසේකර එකේ තියන සංස්කෘත වචනත් එක්ක කිය කිය තමයි ලව් කරන්න වෙන්නෙ ... මැට්ටි..."
සැබෑවකි... ඔහුගේ හදවත ගොලු යැයි සිතා සිටි නමුත් එය අන්ධ නැත..ඒ හදවත අනාගතය දැක්කේය..මා කියූ සියලු දේ සාවධානව අසා සිටි බැවින් ඒ හදවත බීරි ද නැත....
ඒ ගොලු හදවත කතා කරන දවසක් පැමිණේවි..
එදාට ඒ වචන ටිකත් ඇහිඳගෙන කිසිදා කෙළවර නොවෙන නවකතාවකට මුල පුරන්නට මඟ බලා සිටිමි...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI