හැරගියත් මා තුටින්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💞හැරගියත් මා තුටින්💞
"අනේ මෙි ගිමාෂ.....තමුසෙට මම කීසැරයක් නම් කියන්නද කියනවකො.....මොන විකාරයක්ද මෙි....."
"අනේහ්....අනේ.....ඇයි මෙි කියන්නකො....මොකද මෙි එකපාරටම වෙනස් උනේ විහගි....."
"මට බෑ හලෝ තමුසෙ එක්ක ජීවත් වෙන්ඩ.බලනවකො තමුසෙගෙ හැටි.....ලැජ්ජයි හලෝ....."
"ඔයාට ඉස්සර මාව කැතට පෙනුනෙ නෑ නේ....ඒත් ඇයි දැන් විතරක් කැතවෙලා....."
"ඒක මන් දන්නෑ.....අතාරිනවකො මාව.....මට යන්ඩ දෙනව......"
"හරි....සොරි....ඔයාවගෙ කෙනෙක්ට මම පිස්සෙක් වගෙ මහමෙරක් තරම් ආදරෙ දුන්නට....."
"අනේ යනව හලෝ යන්ඩ.....තමුසෙගෙ මහලොකු ආදරෙ.....මල විකාර....."
එදා විහගි මට එහෙම බැනල යන්න ගියෙ හරියට මගෙ ආදරෙ එයාට විහිලුවක් වගේ සලකලයි.මම එයා ගාව කොච්චර අඩ අඩා ආදරෙ ඉල්ලුවත් එයා මට හැමවෙලේම කීවෙි එයාට මාව ගැලපෙන්නැන්නැ කියලමයි......
මම ගිමාෂ සත්සර......සාමාන්‍ය පවුලක දෙවනි දරුවා උනේ මම.මට හිටියෙ තව අක්ක කෙනෙක්.ගෙදර හැමෝගෙම ආදරෙ කොච්චර නොඅඩුව හම්බුනත් මගෙ කරදඩු උස්මහත් විගෙන එනකොට යාලුවෝ හැමොටම වගේ ආදරෙ කරන්න කට්ටිය හිටපු නිසා මටත් ආදරෙ කරන්න ඕන උනේ ඇත්තටම ආදරයක් ඕන වෙලා නම් නෙවෙි.යාලුවො අතරෙ මටත් එයාල වගේම ඉන්න පුලුවන් කියල පෙන්නන්න මටත් ආද⁣රෙ කරන්න කෙනෙක්ව හොයාගන්නයි................ඉතින් ඔහොම පිස්සුවෙන් වගේ ආදරයක් හොන කාලෙදි තමා මට විහගිව හම්බ උනේ.....
විහගි.....විහගි කොෂිලා.....විහගි කියන්නෙ අපේ ඉස්කොලෙම අපේ පංති⁣යට එහා පංතියෙ හිටපු ලස්සන සුදු කෙල්ලක්.විහගිව දකින ඕනම කොල්ලෙක් විහගි දිහා එක පාරක් නෙවෙි ⁣කීපවතාවක්ම හැරිල බලන තරම් ලස්සන කෙල්ලක්.ඒ ලස්සන නිසාමදො කොහෙද විහගිට හැදුන කට කතා නම් ගොඩක් තිබුනා....මම විහගිට ආදරෙ කරනව කියල දැනගත්තම අපේ පංතියෙ කොල්ලො විතරක් නෙවෙි ⁣සමහර කෙල්ලොත් මට කිවෙි........
"අඩෝ මචං ඕකිව සෙට් කරගන්න එපා......"
"ඇයි බං.මොකද අවුල කියන්කො....."
"මචං උබ හොද එකා නිසා කියන්නෙ....ඕකිගෙ චරිතෙ එච්චර හොද නෑ බං....."
"ඒ උනාට බං එකි හෙන ලස්සනයිනෙ....එකි අහිංසක පාටයි බං...."
"අනේ උබෙි බයිල.....උබ මොනාද බං දන්නෙ ගිමාෂයා....."
යාලුවෛා කොච්චර එපා කීවත් කොච්චර අඩුපාඩු කිවත් මගෙ හිත නොවෙනස් වෙලා තිබුනෙ මම විහගිට අැත්තටම ආදරෙ කරපු නිසාමයි.කාලයක් තිස්සෙ පස්සෙන් ගිහින් ගිහින් මට ඇති උන නිසයි මම විහගිගෙන් ආදරෙ ගැන ඇහුවෙි.මුල් දවස් වලදි බෑ කියල අදි මදි කරත් පස්සෙ කාලයක් යනකොට විහගි මටකැමති උනා......
මගෙත් පලවෙනි ආදරෙ උනත් විහගිගෙ නම් මම නෙවෙි පලවෙනි ආදරෙ උනේ.මාත් ඉතින් මගෙ පලවෙනි ආදරෙ නිසාම එයාව සතුටු කරන්න හිතාගෙන ක්ලාස් යන්න දෙන සල්ලි පවා ක්ලාස් නොයා වියදම් කරෙ විහගිව සතුටින් තියන්නයි.....ඒත් ඉතින් අන්තිමටම එයාට මගෙ ආදරෙ මදි වෙන්න ගත්තෙ මම විභාගෙට පාඩම් කරන නිසා එයාට නිතරම මැසේජ් කොල් කරන් බැරි උන නිසාත් එයාත් එක්ක ක්ලාස් කට් කරන්න බැරි උන නිසාත් එයාට එන්න එන්නම මගෙ ආදරෙ මදි වෙලා මාව එයාට නොගැලපුනා.එයා ගැන කොච්චර හොයල බැලුවත් එයා මට බැනල මාව දාල යන්නම ගියා..........
**************************************************
"මචං ගිමාෂයා අර උබෙි කෑල්ල නේ බං....."
"නෑ බං.දැන් එයා මට අයිති නෑ....එයා දැන් වෙන කෙනෙක්ගෙනෙ...."
"අඩෝ්....සොරි මචං හිත රිදෙන දෙයක් කිවනමි....මම දන්නැ එක ඉවරයි කියල...."
"හරි හරි බං....එක අවුලක් නැ...."
යාලුවො හම්බුනාම ගොඩක් කට්ටිටිය විහගිව පෙන්නල එයා ගැන ඇහුවත් මම ඒ හැමදේකටම හිත හදාගෙන උත්තර දුන්නා.එ් කාලෙදිම තමා මට මගෙ සමහර යාාලුවොන්ගෙන් දැන ගන්න ලැබුනෙ විහගි වෙන කෙනෙක් එක්ක යාලු වෙලා කියල......
"මෙි මචං අර විහගි අන්න වෙන එකෙක්ට සෙට් වෙලා...."
"අඩෝ කවුද බං ඒ.....ඌ සිරාද ලව්කරන්නෙ...."
"පිස්සුද බං උබට....එකට හතරවටෙිම කෙල්ලොනෙ.....එකා ආතල් එකට ඒ දාගෙන ඉන්නෙ....."
"අඩෝ පවු බං එකි.....එකිට කිවනම් හොාදයි බං...."
"මෙි....මෙි....ගිමාෂයා.....උබ පාඩුවෙ හිටපන්කො.....එකි උබට කරපු දේට එකි විදවන්න ඕන....."
මම තව වචනයක්වත් යාලුවට කිවෙ නැත්තෙ මම කියන⁣ දේවල් වලට යාලුව උත්තර දෙනකොටමගෙ හිත තව තවත් රිදෙන නිසාමයි.....ඒ කාලෙදිම තමා දැනගත්තෙ විහගි විහගිගෙ අලුත් bf එක්ක room පවා යනව කියල.එ් දේවල් ඇහෙනකොට මම පිස්සෙක් වගෙයි හිටියෙ.මොනදේ උනත් ආදරෙ කරපු කෙනෙක්ට වරදිනව බලන්න බැරි නිසාමයි.සෙල්ලක්කාර ආදාර රූම් වල හුරතල් වෙද්දි අවංක ආදරෙ බාර් වල චාටර් වෙනව කිය කියා මම කවදාවත් නැතුව බොන්නත් පුරුදූ උනා.......
"අඩෝ මෙි ගිමාෂයා.....පිස්සුද බං උබට.....⁣මෙි කෙල්ලක් හින්දා නාස්්ති වෛන්නෙ....."
"වැඩක් නැ බං....වැඩක් නෑ.....මට මෙි ජිවිතේ හොදයි...."
"මෙි විකාර නොකර වරෙන් යන්ඩ....."
මම ඒ දවස් වල ආාදරෙ නිසා පිස්සෙක් වෙලයි හිටි⁣යෙ.ජිවිතේට අරක්කු නොබීව මම බෙිබද්දෙක් වගෙ බොන් පටන් ගත්ත.......ක්ලාස් පවා කට් කරා.....මම පලවෙනි පාර විභාග ලීවත් විභාගෙ ෆේල් වෙල් උනේ මම උනන්දුවකින් වැඩ නොකරපු නිසාමයි.....
කාලයත් එක්ක හැමදේම අඅමතක කරල මම දෙවනිපාර විභාගෙට ලියන්න ගියෙ මගෙ වැරදි හැම එකක්ම හදාගෙනයි.........
විභාතේ හොදට පාස් වෙලා කැම්පස් යන්න තරමි සුදුසු කමි මම හදා ගත්තත් විහගි නම් ඒ වෙනකොට අර යාලුවෙලා හිටපු කෙනාව කසාද බැදල කියලයි මගෙ යාලුවො නමි කිවෙි.....
**************************************************
(වසර 07 කට පසු)
කැම්පස් එකේ ඩිග්රි එක ඉවර වෙලා ජොබ් එකක් හම්බුන නිසා ගෙදරින් ගෙනත් තිිබුන යෝජනාවට කැමැති උනේ.එයා ඩොක්ට කෙනෙක්.හරිම අහිංසක ලසිසන චාම් කෙල්ලක් නිසයි මාත් කැමති උනේ......
"හෙලෝ.......ඔයා එනව නේද...."
"ඔවු ඔවු මැණික.....කිය⁣ටද ඔයා ක්ලීනික් ඉවර වෙන්නෙ....."
"8.00වෛනකොට ඉවරයි මහත්තයෝ....."
"හරි....මම එන්නම් වස්තු....."
මම එදා එයාව එක්කගෙන යන්න එයා බෙිත් දෙන තැනට ගියපු වෙලාවෙදි එයා ලෙඩ්ඩු බලල ඉවර වෙනකන් මම කාර් එකට වෙලා හිටියෙ.....එ් වෙලාවෙදි තමා මගෙ පරන ආදරෙ විහගි පොඩි ලමයෙක්වත් වඩාගෙන ඇතුලෙ ඉදල ආවෙි.....
"විහගි.....අදුරන්න පලුවන්ද....."
"ම්ම්ම්....බැහැ....."
"ගිමාෂ මතකද පිස්සෙක් වගෙ ආදරෙ කරපු කොල්ල....."
"ආ....ගිමාෂ ඇයි මෙතන....කාටද බෙිත් ගන්න ආවෙි...."
"මම නම් මගෙ වයිෆ්ව එක්කන් යන්න ආවෙි.මගෙ වයිෆ්⁣ නෙ මෙතන ඩොක්ට.....බබාට බෙිත් ගන්න ආවද...."
"හම්ම්ම්ම්....ඔවු අනේ...."
"කෝ මහත්තයා......ඔයයි බබයි විතරද ආවෙි...."
"එයා ගැන කතා කරල වැඩක් නැ....එයා කලින් බැදපු කොනෙක්....මාත් රැවටුනා......අපි යන්නද...."
"ආහ්....හරි....හරි...පරිස්සමින් යන්න....එහෙනමි....මගෙ වයිෆුත් දැන් එයි ලෙඩ්ඩු ඉවරනම්...."
එදා මගෙ ආදරෙට පයින් ගහල යන්න ගිය කෙනා අද දරුවෙකුත් එක්ක තනි වෙල.දෙයක් අහිමි වෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියන එක මට තේරුනෙත් විහගි මාව දාල ගියපු නිසයි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI