ආයෙමත් ආදරෙන්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආයෙමත් ආදරෙන්
..................................
තස්මි ටිකක් ඔහොම ඉන්නකො මන් කියන දේ අහලා..
තව මොනවා අහන්නද දුනී...ඇස් දෙකෙනුත් දැක්කට පස්සෙ..ඉහි.ඉහි..ඔයා රැවැට්ටුවා මාව
හැමදාමත් රැවට්ටුවා...
අනේ බබා...
තස්මි බස් එකට නැඟලා යන්න ගියා..
--------------------------------
මහත්තයා අපි යමුද
හුම්ම්
අවුරුදු පහකට පස්සෙ මන් ලන්කාවට ආවෙ..
මේ පාර නම් අම්මගෙන් බේරෙන්න බැරි වෙයි වගේ...
හැමදාමත් කසාදෙ කල් ඇර ඇර ඉඳලා මේ පාර මනමාලිව නොදැක කැමැත්ත දුන්නෙ තවත් අම්මලාව දුකට පත් කරන්න බැරි හින්දයී..
ඒ උනත් හිතෙ තවම තස්මිගෙ මතකයන් පිරිලා..
තස්මිත් මමත් කැම්පස් එකේ එකම බැච් එකේ උන්නේ..තස්මි මට වඩා අවුරුදු දෙකකට බාලයී...
තස්මි ඉපදුනෙ හැදුනෙ කොලඹ උනත් කොළබ කෙල්ලෙක් කියලා කියන්නත් බැරි තරම්..
එයා හරි සරළයි..ඩෙනිමත් කොටු වැටුනු ශර්ට් එකත් බාටා දෙකත් තස්මිගෙ සුපුරුදු ඇඳුමමොකක් හරි ෆන්ශන් එකකදි උනත් තස්මී කිසිම මේකප් එකක් නොදාපු කෙල්ලෙක්..මහා ලොකු ලස්සනක් නෑ..ඒත් කැතකුත් නෑ...
මම ගොඩක් උසයි..ඒ වගේම සුදුයි..තස්මි උන්නෙ මගෙ උර ඉහ ගාවට..කෙල්ල සි ලන්කන් තලෙලු පාට...එහෙන්එහෙන් මෙහෙන් මතු වෙලා පෙවුනු කුරුලෑ තිබ්බ දිගැටි මූණ..සිහින් ඇඟ..ඒත් ඒ කිසිම දෙයක් නෙවෙ..
තස්මිගෙ හිනාව..ඒ හිනාවටයි මන් ආදරෙ කරෙ..හිනාව හරිම විරල වුනත් හිනා වෙද්දි ඒ මූණෙ තියෙන ලස්සනට හැමදාම මන් ආදරෙකළා...
කෙල්ල ඇඟිලි තුඩු වලින් ඉස්සිලා මගේ නලලට දෙන හාදුව ගන්න මන් හැමදාම කිලොමීරයක් දෙකක් විතර පයින් ගෑටුවා..
අනිත් එවුන් සුදුම සුදු කිටි කිටියෙ ඇඟට තද වෙන ඇඳුම් අදින පොස් කියලා කියන කෙල්ලො හොයද්දි මම තස්මිට පිස්සුවෙන් ආදරෙ කරා..ඒ තස්මිගෙ ආදරෙ මාව පිස්සු වට්ටලයි තිබ්බෙ
තස්මි කියන්නෙ හොඳ සල්ලිකාර පවුලක කෙල්ලෙක්..ඒත් කෙල්ල ටිකක් රැඩිකල් වාදියි..
කැම්පස් අවුට් වෙලා කෙල්ල සොෆ්ට්වෙයා කම්පැණි එකක වැඩට ගියා...
මට මල්ලිලාම දෙන්නයී..අපේ තාත්තා උන්නෙ නෑ..අම්මා තමයී අපි තුන් දෙනාවම හදා ගත්තේ..
අමාරුවෙන් ඉගෙන ගත්තත් හරි හමන් රස්සාවක් සෙට් උන් නෑ.ඒත් තස්මි එයාගෙ අතේ වියදමට විතරක් සල්ලි තියාගෙන කෙල්ලගෙ සැලරි එක මට දුන්නා..සමහර විට ජොබ් එකක් කරන්න උවමනාම නැති උනත් කෙල්ල ජොබ් එක කරන්නත් ඇත්තෙ මන් හින්දම..
හැමදාම කෙල්ල වැඩ ඇරිලා එද්දි කෙල්ලම අරන් දුන්නු බයික් එකින් කෙල්ලව ගේ ලගට ඇරලවන එක මගේ රාජකාරිය...
ඔහොම ඉද්දි තමයි තස්මිගෙ කම්පැනි එකේ දෙවනියගෙ තැනට කෙනෙක් හෙව්වෙ..කෙල්ල මටත් හොරෙන් මගේ ඩීටෙල්ස් දීලා හරියටම මගේ උපන්දිනේ දවසෙ ගිෆ්ට් එකක් විදියට පත්වීමෙ ලිපිය මගෙ අතට දුන්නා
ඇත්තටම තස්මි කියන්නි පුදුම කෙල්ලෙක්..
හැමදාම මටත් එක්ක ලන්ච් අරන් ආව කෙල්ල ඒක කොහොම හරි බලෙන්ම හරි කවලා තමයි හිස් ලන්ච් ශීට් එක ඩස්පින් දාන්නේ..
වෙලාවකට ඔහෙ බලාගත්තු අතෙ බලන් ඉන්න කෙල්ල ආයෙම තොරතෝන්චියක් නැතුව කියවද්දි ආසාවෙ බෑ..
ඔය අස්සෙ තමයි කම්පැනි එකට අලුත් ලොක්කෙක් ආවෙ..
ලොක්කෙක් කීවට ලොක්කියෙක්..ඇන්ජී..ඇන්ජී කියන්නෙ අවුරුදු ගානක් යූ ස් ඒ වල ඉඳලා ආව කෙල්ලෙක්..
ලේ උරා බීවා වගේ තොල් පාට කරන් අත්නැති යන්තමට පස්ස විතරක් වැහෙන කොට ස්ක්‍ර්ට් ඇඳපු ඇන්ජි...ඔෆිස් එකෙ කොල්ලන්ගෙ සෙක්සි බොස් උනා..
වෙන කාටත් වඩා ඇන්ජි එක්ක ගැටෙන්න මට සිද්ද උනා..ඇන්ජි සමහර දවස් වලට ප්‍රොජෙක්ට් වලට මාව එයාගෙ කා එකෙන් දාන් යනවා..මාත් එක්කම බයික් එකෙ ගෙදර යන්න පුරුදු වෙලා උන්නු තස්මිට ඒ දවස්වල සිද්ද වුනෙ පාරෙ බස් එකෙ හිර වෙලා යන්න..
සමහර දවස් වලට ඇන්ජී අපේ බෝඩිමටම ඇවිත් මාව එක්කන් යනවා..ගොඩක් දවල් ට කොහෙ හරි රෙස්ටුරන්ට් එකකින් ලන්ච් ගත්තේ..මේ හින්දා මට කෙල්ලගෙ බත් එකත් මග ඇරුනා..ඒ වගේම කෙල්ලවත්..කෙල්ලම කෝල් ගත්තා මිසක් මට කෙල්ලට කෝල් ගන්න ටයිම් එකක් වත් ලැබුන් නෑ..
ඉඳලා හිටලා දවසක කෙල්ලව හම්බුනාම කෙල්ල කරෙ කඳුලු පුරවන් මන් දිහා ඔහෙ බලන් උන්නු එක...
දුනී...
ම්ම්
මට ආදරේද
ඔව්
මට ඔයා විස්වාසයි දුනී..ඒ ඇතී...ආදරෙයි මන්
කෙල්ල නිතරම කීවෙ ඒ වචන..
සමහර විට දුප්පත් මම ඇන්ජිගෙ සල්ලි ඉස්සරහා නැවුනද කියන්න දන්නෑ..මට බොහො වෙලාවට තස්මි මග ඇරුනා..ඒත් මගෙ ආදරෙ තස්මි විතරයී
එක දවසක් ඇන්ජි මට එයාගෙ ඔෆිස් එකට අඩ ගැහුවා..එදා ඇන්ජි උන්නෙ මොනවද සැර වයින් ජාතියක් බිබී..ඇන්ජි මටත් බොන්න අඩගැහුවත් මන් එපා කීවා...
ඇන්ජි උන්නෙ හොඳටම මත් වෙලා..ඇන්ජි මාව බදාගෙන මගේ මූණ පුරා රතු පාට තොල් සටහන් තිබ්බා..මන් ඇන්ජිව ඈත් කරත් ඇන්ජි මගෙ ඇඟේමයී..
ඒත් නොහිතුව වෙලේක තස්මී ෆයිල් එහෙකුත් උස්සන් ඇන්ජිගෙ ඔෆිස් රූම් එකට ආවෙ ඔය වෙලාවෙ..
කෙල්ල මාවත් මගේ මූණත් ඇන්ජිවත් දැකලා අඩාගෙන එලියට දිව්වා..
මම කොච්චර කීවත් තස්මි පිලිගත්තෙ නෑ..එදායින් පස්සෙ තස්මි ඔෆිස් ආවෙත් නෑ..
ගෙදර තත්වෙත් එක්ක මට ජොබ් එක අතාරින්න බෑ.
තස්මි නැති ජීවිතෙ පට්ට පාලුයී..ඒ නිසාමයි කම්පැනි එකෙන් දුන්නු ස්කෝලශිප් එකට සයින් කලේ..
මම තස්මිව කොච්චර හෙව්වත් තස්මි එයාගෙ පෝන් නම්බර් එක පවා වෙනස් කරලා තිබ්බා..
හිත හදාගන්න ජපන් ආවත් ආයෙමත් ඒ
හිතම අරන් මන් ලන්කාවට ආවා...
-----------------------------
පුතා නැකැතට වෙලාව හරී
හරි අම්මා මන් ලෑස්තියී
ඒ ලොකු අයියෙ නෑනා හරිම ලස්සනයි ...පරක්කු උනාට අවුලක් නෑ..ලස්සනයි සල්ලියි දෙකම..මනමාලිත් රටගිහින්ලු ඇවිත් තියෙන්නෙ..නෑනා රෝස මලක් වගෙ ..රෝසම රෝස පාටයී
හුම්ම්..ඔය මොනා තිබ්බත් මගේ තස්මිට සම කරන්න කෙනෙක් නෑ
ඔහෙ රූකඩයක් වගේ මම පෝරුවට නැග්ගා..මට ඇත්තටම මනමාලිගෙ මූණ දිහාවත් බලන්න උවමනාවක් තිබ්බෙ නෑ...
මනමාල මහත්තයා ඔය තැල්ල පැළදුවා නම්..
මනමාලිට තැල්ල පළන් දද්දි මොහොතකට මට මනමාලි දිහා බැලුනා...
ත ත තස්මී
මුකුත් නොකීවත් ඒ ඇසුත් පුදුමෙන් මන් දිහා බලන් උන්නා..
ඊටත් පස්සෙ අපි අපේම උනා නෑදෑයො ඉස්සරහා..
ලා සඳ කිරණ වැටිලා තස්මිගෙ මූණ දිලිසෙනවා..දිගැටි ඇස්..හීනි තොල් මාව මත් කරනවා
තස්මි එදා වෙච්චි දේවල්
තස්මි මගෙ තොල් මත දිග ඇඟිල්ලක් තිබ්බා
පරණ දේවල් එපා..මට ඔයා විස්වාසයි..මට ඒ ඇතීඅපි ## ආයෙමත් ආදරෙන්## ඉමු..
....නිමි....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI