අදත් බැන්නාද

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
සිහින
"අදත් බැන්නාද?"
මා කදුලු පිසදමමින් රාවණා ගේ කැබින් එකේ සිට එලියට එනු දුටු අනූ මගෙන් ඇසීය.
"අනේ ඔව් අනූ..මේ රාවණා මගෙන් මොන තරහකට පලිගන්නවද මංදා..හැමදාම පොඩි දේකටත් බනිනවා.අර අවුරුදු 5 ඇග්‍රිමන්ට් එක නොවෙන්න මම් මේ ජොබ් එකෙන් අයින් වෙලා ගොඩාක් කල්.
"එයා ඔයාට විතරක් නෙමිනෙ ඔය තරම් නපුරු.මේ ඔෆිස් එකේ හැමෝටම එහෙම තමයි.දැන් අඩන්නැතුව ඉන්න..."
"හ්ම්..."
මා කදුලු පිසදාගෙන නැවතත් කැබින් එක තුලට ගියෙමි.
මම මයුමි තරුශිකා මහානාම.
විජේවර්ධන ඇන්ඩ් සන්ස් කියන මහා දැවැන්ත අවන්හල් ජාලයේ අධිපති විජේවර්ධන මහත්තයාගේ තුන්වෙනි පුතා..,ඒ කියන්නේ මිස්ටර් සනුක අභිසෙස් විජේවර්ධන ගෙ ලේකම්.මම් දැනට මේ ජොබ් එකට ඇවිත් අවුරුදු 2කටත් වැඩියි.ඒ අවුරුදු 2ට බැනුම් නොඅහපු එක දවසක්වත් නැති තරම්.මිස්ටර් සනුක ..මහාම මහා නපුරෙක්.ඒත් දෙපාරක් බලන්න හිතෙනතරම් තේජාන්විත පෙනුමක් ඔහුට තියෙනවා.මට වැඩ කරන්න උනෙත් එයාගෙ කැබින් එකේමයි.නපුරුකම නිසාම මම් එයාට කිව්වෙ රාවණා කියලා.
"මයුමි...ගෙදරට කෝල් කරලා කියන්න අද එන්න ටිකක් පරක්කු වෙනවා කියලා.ටිකකට එලියට යන්න ඕනෙ අපි.ඕකේ..ඊස් දැට් ක්ලියර්.."
"යස් මිස්ටර් සනුක."
දැනටම වේලාව සවස 6ය..
මම් එවෙලේම අම්මාට දුරකතන ඇමතුමක් ගත්තේ මා පරක්කු උවහොත් ඇය බිය වන නිසාය.
"හෙලෝ..අම්මා..මම්.."
"කියන්න මැණික."
"අම්මා..මම් එන්න ටිකක් පරක්කු වේවි අද.පොඩි වැඩකට එලියට යන්න වෙලා."
"හා..පරිස්සමෙන් ගිහින් එන්න.රෑ වෙනකොට බස් නැතිඋනොත් වීල් එකකවත් එන්න එහෙනම්."
"හරි අම්මා.මම් වීල් එකක එන්නම්..තියන්නම් අම්මා.බුදුසරණයි.බෙහෙත් ටික බොන්න වෙලාවට."
"හා මැණික .බුදුසරණයි"
මා මාගේ ජංගන දුරකතනය බෑගයේ දමා ඔලුව උස්සනවිට මිස්ටර් සනුක මා දිහා බලාගෙනම සිටියේය.මා ඔහුගේ බැල්මට බියවී බිම බලාගත්තාය.
"පුදුම නපුරෙක්..හිනා පොදක් මූනෙ නැහැ."
මා සිතීය..
වැඩ නිමවූපසු රාවණා සමග මා කාර්‍යාලයෙන් පිටතට පැමිනියේ දැන් කොහේ යාමට සිදුවේදැයි සිතමිනි.
"ඉස්සරහින් නගිනවා.ඇයි මම් තමුසෙගෙ ඩ්‍රයිවර්ද පිටිපස්සෙන් නගින්නේ?"
මා කාරයේ පසුපස දොර හැරිය විට ඔහු පැවසුවේ මහා හයියෙනි.ඇස් කදුලින් තෙත්විය.පසුව මා ඉදිරිපස අසුනෙන් වාඩිවිය.
ගමනාන්තට යනතෙක්ම ඔහු මා හා වචනයකුදු කතා නොකලේය.
"බහිනවා"
මා ඔහු පසුපස රූකඩයක් මෙන් ඇවිද ගියෙමි.ඔහු මා හා පැමිනියේ ඔඩෙල් එකටය.
"මෙතනින් වාඩිවෙලා ඉන්නවා."
ඔහු මා හට වාඩිවන ලෙස පවසා ඇතුලට ගියේය.පැය 1 1/2පමන පසු මහා විසාල මලු 3,4ක් රැගෙන ඔහු සමගින් එහි සේවකයකු පැමිනියේය.
"යමු.."
නැවත මා ඔහු පසුපසින් ගියමි...
පසුව අප ගියේ ලොකු අවන්හලකටය.කවදාවත් දැක නොතිබූ කෑම රැසක් ඕඩර් කලඔහු ඒවා පැක් කර දෙන ලෙස පැවසීය.
පසුව මාව ගේ අසලින්ම ගෙනවිත් බැස්සවීය.
"තෑන්ක්ස් මිස්ටර් සනුක."
"ටිකක් ඉන්න."
මා යාමට සැරසෙන විට ඔහු පැවසීය.ඔහු ඔඩෙල් එකෙන් ගත් විශාල මලු2ක්ද කෑම බෑග් දෙකක්ද මා අත තැබීය.
"ඇස් ලොකු කරන් ඔහොම බලන් ඉන්න දෙයක් නෑ.හෙට මල්ලි එනවා us වල ඉදලා.එයාට අපි පාටියක් දෙනවා ගලධාරි එකෙ.මම් රෑ 7ට කාර් එක එවනවා.ලේස්තිවෙලා ඉන්නවා ඒ වෙනකොට.එතන්ට එන්නෙ ලොකු සල්ලිකාරයෝ.ඒකයි මේවා අරන්දුන්නෙ.."
මට පැවසීමට කිසිවක් නොමැත.ඔහු පවසනා දෙයට මා එකග විය යුතුය.ඔහු යන්නට ගියේය.මට තරහාය.දුකය.මා මෙලෙස කිසිවෙකුට අවනත වූ එකියක නොවෙමි.මගේ මතයට අනුව ක්‍රියා කල ආත්මාර්ථකාමී නපුරු චරිතයකි.එහෙත් සනුක යටතට පත් වූ දින සිට ඔහු මගේ චරිතය රගපායි.මා දැන් නොදැනුවත්වම අහින්සක එකියක වී හමාරය .
පසුදා සෙනසුරාදා වූ බැවින් මා 9පමන වනතුරු නිදාගත්තෙමි.මා ඇහැරී සාලයට යනවිට මල්ලී රූපවාහිනිය මහා සද්දෙන් දමාගෙන මැච් එක බලයි.
"ඕක ටිකක් අඩුකරනවකො මැට්ටෝ.තමුසෙ බීරි වෙලාද?"
මා ඔහුගේ ඔලුවට ගසා පැවසීය.
"ඌයි .රිදුනා.ගෙම්බි."
ඔහු මට ඇදකර කීවේය.
මා කෙලින්ම ගියේ කුස්සියටය.
අම්මා රොටි පුච්චමින් සිටියාය.
"නැගිට්ටාද?"
"හ්ම්.."
"කොහෙද ඊයෙ රෑ ගියේ?"
"අර රාවණා මව එක්කගෙන ඔඩෙල් එකට ගියානෙ."
එහෙම කියනකොටයි මට මතක් උනේ ඊයේ මාහට දුන් ඇදුම් බෑග් දෙක තරහට මා ඇද යටට විසිකලා කියලා.මම් ආපසු කාමරයට දිවගියෙ අඩියට දෙකටය.
කලු පාට වෙල්වට් රෙද්දේරතුපාට රෝසමල් 🌹 වැටුනු ඕෆ් ශෝල්ඩර් ගවුමක් එක් බෑගයක තිබුනි.එය ඉදිරියෙන් කොටය.පසුපසින් දිගය.ඇගටම ටයිට් වී තිබෙයි.මා කන්නාඩිය අසලට ගොස් එය ඇගට තබා කැරකී හැඩ බැලුවාය.
"ලස්සනයි.."
කන්නාඩියට හිනාවී මා පැවසීය.
"ලස්සනයි ලස්සනයි බටකොල ආච්චි වගේ..හී හී හී..
"මුහුණ පමනක් පෙනෙන සේ දොර රෙද්ද ඔතාගෙන සිටි මල්ලි එසේ පවසා නැවත ගෙතුලට දිවගියේය. ගවුම ඇද උඩින් තබා මා අනෙක් බෑගය විවෘත කර බැලීය.
"දෙයියනේ.."
ගවුමටම ගැලපෙන හයි හීල්ස් දෙකක්,ජුවලරි බොක්ස් එකක් මේකප් සෙට් එකක් හා පර්ස් එකක් එය තුල විය.
"රාවණාට පිස්සු හැදිලද මංදා"
මා එම හීල්ස් දෙකෙහි බිල බැලීය.
"මගෙ අම්මෝ.....
3850/=ක්.ගවුම...22000/=ක්..
මගේ පපුවද මොහොතකට නතරවිය.මාවත් එච්චර වටින්නේ නැත.
රාත්‍රි 7වනවිට මම සූදානම් වී සිටියෙමි.
"සුරංගනාවියක් වගේ..."
අම්මා මගේ මුහුන සිඹ පැවසුවය.
"ඇත්තටම ලස්සනයි ඕයි.අදනෙ තමුසෙගෙ ලස්සන දැක්කෙ.."මල්ලී පැවසුවේ ආඩම්බරයෙනි.
කාරය පැමිනි නිසා මා අම්මාටද වැද පිටත්විය.
ගලධාරි එක ලගට යනවිට මගේ පපුව ඕනවටත් වඩා ගැහෙන්නට පටන්ගත්තේ ඇයිදැයි මට නොතේරුනි.මා කාරයෙන් බැස යනවිට රාවණා දොර අසල සිටගෙන සිටියේය.
රන් වන් පැහැ කෝට් කිට් එකට ඔහු කුමාරයෙක් වාගේය..
"ලස්සනයි."
ඔහු පැවසීය.ඔහු වෙනස් වී ඇත.පුදුමය....
"ඇතුලට යමු නංගී"
මා මේ සිටින්නේ සිහින ලෝකයකදැයි සිතුනු නිසා මගේ අතම මා කොනිත්තාගත්තෙමි.
"ඌයි"
"ඇයි?"
ඔහු එක වරම පසුපස බලා සිනාසී ඇසීය.දොරෙන් ඇතුල් වන විටම මගේ අත ඔහු අතේ පටලවාගත්තේය.මා ගල්වී බලා සිටිමි.මට මෙය තේරුම්ගත නොහැකිය.ඇතුලෙහි සිටි සියලුම දෙනා අප දෙස බලයි .මගේ කකුල්ද පැටලෙයි.හිතාගන්නත් බැරිතරම් අපහසුතාවකට මා පත්විය.මා ඔහුගේ ලේකම් ය.මෙතරම් දෙයක් ඔහු කරන්නේ කුමක් නිසාද?මට බියය.කලන්තෙ වාගේය.මා ඔහුගේ අතටම බරවිය.මේ දැන් ඇදගෙන වැටේ යැයි මට බියය.
"තාත්තා..."
දෙයියනේ.මිස්ටර් විජේවර්ධන ..
කිහිපදෙනෙකු සමග කතාකරමින් සිටි ඔහු රාවණා ගේ හඩට අප දෙසට හැරිනි.
"මෙයාද..?"
"හ්ම්.."
"එන්න දුව.."
රාවණා ඔහුගේ අතින් මා අත මුදාලීය.මිස්ටර් විජේවර්ධන නැවතත් මා අත පටලවාගෙන ඉදිරියට ඇදුනි....
"සිහින..."
මේ කුමන සිහිනයක්ද..
සිහින......
වසර ගණනක් මා පසුපසින් ආ අහිංසකයා ..
මගේ ආදරය ඉල්ලා මහපාර මැද මා ඉදිරියේ දනින් වැටුනු අහිංසකයා ..
මගේ නපුරුකම් ඉදිරියේ හඩාවැටුනු ආදරවන්තයා..
මගේ කම්මුල්පාරවල් දහසක් පමන ඉවසූ ප්‍රේමවන්තයා..
සිහින...
ඔහු මිස්ටර් විජේවර්ධනගේ බාල පුත්‍රයාය.
අලු පැහැ කෝට් කිට් එකක් හැද රැවුලද ටිකක් වවාගෙන සිටි සිහින හදුනාගැනීමට මට මොහොතකුදු ගතනොවීය...
"මෙන්න ඔයාගෙ ප්‍රින්සස්.."
විජේවර්ධන මහතා මගේ අත සිහිනගේ අත උඩින් තබා යන්නට ගියේය.
මට එකවරම ක්ලාන්තය ඇතිවිය.සිහිය එනවිට මා සිටියේ බැල්කනියෙහි මල් ගවසා ඇති ලස්සන පුටුවක් මතය.සිහින බිම දනගසාගෙන මා දෙස බලා සිටිය්.
"හිතාගන්න බෑනේද මේ දේවල්..ම්ම්.."
ඔහු මා හා තරහා නැත...වෙනදාටත් වඩා ආදරනීය ලෙස කතාකරන්නේ ඒ නිසාය..
"සි..හි..න..ම..ට...සමා..වෙන්න්..."
ඔහු සිනාසුනේය....
"පිස්සි....සමාව ඉල්ලන්නෙ මොකටද..ම්ම්.."
"මම් ඔයාට කොච්චර දුක් දුන්නද..හිත රිද්දුවාද..මට සමාවෙන්න සිහින..ඒත්...ඒත් මේ දේවල්....මට තේරෙන්නැහැ.."
"මම් කියන්නම්...
ඔයාට මතකද අන්තිමට අපි මුණගැහුනු දවස...?"
"හ්ම්...මට මතකයි...එදා තරම් මම් කේන්ති ගත්තු දවසක් නැති තරම්.."
"එදා ඔයා මට පාර මැදදි කම්මුලට ගහලා තෝ මැරියං මට තවත් වද නොදී කිව්වා මතකද..?"
"හ්ම්...අනේ මට...."
"ඉන්න මම් කියනකම්.."
මගේ තොලට ඇගිල්ලක් තබා ඔහු පැවසීය..
"දන්නවද එදා මම් ගෙදර ඇවිත් වහ බිව්වා කියලා..."
"අනේ...."
"ඔව් මයුමි..මම් වහ බිව්වා.මොකද ඔයා නැති ජීවිතයක්,ඔයා නැති අනාගතයක් මට ඕන නැතිනිසා.මම් ඒ තරමටම ඔයාට ආදරේ කලා..ඒ වෙනකොට මම් ඔයා ගැන හැමදේම දැනගෙන හිටියේ.ඔයාගෙ පවුල ගැන.ඔයාගෙ මුරන්ඩුකම් ගැන...
ඒත් ඔයාව මට ලබාගන්නම බෑ කියලා හිතුනම මම් මැරෙන්න තිරනය කලා.ඒත්...මගේ තුන්වෙනි අයියා..ඒකියන්නෙ ඔයාගෙ බොස් මාව හොස්පිටල් එක්කගිහින්බොහොම අමරුවෙන් බේරගත්තා.එයා මට ජීවිතේ වටිනාකම තේරුම් කලා.මම් එයාට ඔයා ගැන සේරම කිව්වා.ඔයා අඩුගානෙ අම්මා කියන දේවත් අහන්නෙ නැති මුරන්ඩු ලමයෙක් කියලා මම් කිව්වා.එයා තමයි කිව්වේ ඔයාව මේ තත්වෙට..ඒ කියන්නෙ අහින්සක කෙල්ලෙක් කරලා දෙන්නම් කියලා බාරගත්තෙ.
පස්සෙ අපි හොදට ප්ලෑන් කරලා ඔයාව ජොබ් එකකට සෙට් කරගත්තා..
මගේ සනුක අයියා නරක නපුරු කෙනෙක් නෙමෙයි.එත් එයා මම් වෙනුවෙන් නපුරු උනා.."
"ඒත්...එයා මුලු ඔෆිස් එකේ අයටම බනිනවනෙ."
"ඔව් ඉතින් එයා නපුරුයි කියලා පෙන්නන්න මුලු ඔෆිස් එකටම බැනුම් අහ අහ රගපාන්න සිද්දවුනා...😃😃"
"මොනවා...එතකොට මිස්ටර් විජේවර්ධන ?"
"තාත්ති අපේ කැමැත්තට පිටින් දෙයක් කරන්නෙ නැහැ මයුමි ..එයා දැනට මෙහෙම සල්ලිකාරයෙක් වෙලා හිටියාට ඉස්සට ගොඩාක් දුප්පත් කෙනෙක්..එයා දන්නවා මිනිස්සු ගැන..එයා පෝසත් කියලා ඔලුව උදුම්මගෙන නෑ.."
"අම්මෝ....මට පිස්සු වගේ..."
"පිස්සු ඔයාට නෙමෙයි මට..ඇයි ඉතින් මේ කෙල්ලෙක්ව ලබාගන්න මම් කරපු කැපකිරීම් ගොඩා.ක්.."
"ඉතින් ඔයා රට ගියේ ඊටපස්සෙද?"
"ඔව්..ඔයාට ජොබ් එක සෙට් කරලා මම් රට ගියා මගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා එන්න.අද තමා ඉතින් ආවෙ..."
"මම් කොච්චර නරක කෙල්ලෙක්ද..මට සමාවෙන්න.."
"සමාව ඉල්ලන්න ඕනෙ නෑ..කෙල්ලො එහෙම තමයි.ඔයාගෙ නපුරු ගති අරින්න තමයි අයියා ඔයාට ගොඩාක් සැර උනේ.."
"ඔන්න ඉතින් අපේ වැඩේ සාර්තක උනා.."
ඒ රාවණා ..අහ්..නෑ නෑ..මිස්ටර් සනුක ..😃
"සොරි නංගි .ඔයාට මම් ගොඩාක් නපුරු උනා නේද.."
"මිස්ටර් සනුක නිසා තමයි මම් හැදුනෙ.මගෙ තාත්තා නැතිඋනාට පස්සෙ තමයි මම් එහෙම මුරන්ඩු උනෙ.."
"අපි සේරම දන්නවා..නේද අම්මා.."
"අම්මා..මල්ලී.."
අම්මයි මල්ලියිත් ඇවිත් තිබුනා.එයාලත් අද හරි ලස්සනයි .
"ඔයාලත් මේකට හවුල්ද.."
"නැතුව.පුතා රට ඉදලා එනකම් ඇහැක් වගේ ඔයාව බලාගන්න කියලා තමයි මට බාරදීලා ගියේ.එයා ඔයාව අයිතිකරගෙන ගොඩාක් කල් මැණික.."
ඇත්තටම සිහින මට මේ පෙන්වන්නේ ලස්සනම සිහිනයකි.....
"ඔන්න අම්මා..දැන් ඉතින් මෙයා මගේ..."
සිහින මගේ අතින් අල්ලාගෙන සෙනග නැති තැනකට එක්කගෙන ගියේය.
"මේ අහන්න..මම් දන්නවා තාමත් ඔයාට මේවා හීනයක් වගේ.නමුත් මම් ඔයාට අවන්කවම ගොඩාක් ආදරේ කරනවා.ඒත් මට ඔයාගෙ හිතේ තියෙන දේවල් දැනගන්න ඕන.ඔයා අදටත් මාව ප්‍රතික්ෂේප කරනවානම් මම් ඔයාට යන්න දෙන්න ලේස්තියි.තේරුනාද.."
මම් ඔහුගේ දෙපාමුල වැටී වැන්දාය.
"මට සමාවෙන්න රත්තරං සිහින අයියේ..ඔයා මාව අන්තිමට හම්බුනු දවසෙ මාව දාලා ගිය වෙලාවෙ ඉදලා මම් හිටියෙ ගොඩාක් නොසන්සුන් වෙලා.ඊට පස්සෙ ඔයා මාව බලන්න ආවෙ නැතිවෙනකොට මට ලොකූ පාලුවක් දැනුනා..මට තේරුනා මම් ඔයාට ආදරේ කරලා කියලා.මගේ තියෙන ආඩම්බර කමට ඔයාව ප්‍රතික්ෂේප කලාට මගේ හිත ඔයාට ගොඩාක් ආදරේ කරලා.මම් කවදාවත් බදින්නෙ නෑ කියලා තමයි හිතාගෙන හිටියේ.."
"ඒ කියන්නෙ....ඒකියන්නෙ ඔයාත් මට ආදරෙයිද?"
"ඔව් මගෙ අයියේ..මමත් ඔයාට ගොඩාක් ආදරෙයි...."
"මගෙ සුරංගනාවි අද හරි ලස්සනයි....මම් ආදරෙයි....ගොඩාක්..."

උණුසුම් හාදුවකින් මගේ නලල සැරසූ සිහින මාගේ අත පටලාගෙන ඇතුලට ගියේය..
එදින අපගේ ගිවිසගැනීම සිදුවූයේ තව මාස 3කින් විවාහා මංගල්‍යය සිදුකරන බවට නිවේදනයද කරමිනි....
සිහිනය සැබෑ විය ....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI