මධුසමය විඳවන කන්‍යාවියෝ නොවන කන්‍යාවියෝ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
පැරණි සිරිතට අනුව විවාහ වුණු යුවළ මධුසමය ගතකරන්නෙ යහන
 මත ඇතිරූ සුදු ඇඳ ඇතිරිල්ලක් මත. ලිංගික එක්වීමකදී ඒ සුදුපාට 
ඇතිරිල්ලට එකතු වෙන රතුපාට ලේ පැල්ලමක් මනාලියගේ පිරිසිදු බවේ 
සංකේතයක් වෙනවා. ඕක චෙක් කරලා බලලා මනමාලිට චරිත සහතිකේ 
දෙන්නෙ නැන්දම්මා. නැත්නම් මනමාල පාර්ශ්වයේ වැඩිහිටි කාන්තාවක්. 
දූගේ පිරිසිදු බව කියලා මනමාලිගෙ ගෙදරට යවනවා ලියුමක් ඇතුළෙ දාපු 
රතු මලක්. ඔන්න ඉතින් දුව නැත්තම් ලේලි මීට කලින් මිනිහෙක් එක්ක 
නිදියගෙන නෑයි කියලා රටට ලෝකෙට කියන්න, ගෙවල් දෙකේ ම 
රතිඤ්ඤාත් දානවා. එතනින් පස්සේ තමයි දෙවෙනි දවසට ලකලෑස්ති වෙන්නෙ.
හැබැයි ඉතින් කරුමෙටවත් මනමාල ජෝඩුව මංගල රෑ ගෙව්ව ඇඳ ඇතිරිල්ලෙ 
තිබිලා නැන්දම්මගෙ ඇහැට ලේ පැල්ලමක් අහුවුණේ නැත්නම් එදාට එතන 
මගුලක් නෙවෙයි අවමගුලක්. ඔන්න ඕකයි ඇත්ත කතාව.හැබැයි මේ විදිහට 
මනමාලියගේ පිරිසිදු බව මනින එක කොයිතරම් නම් වැරදි අදහසක්ද කියලා 
අපි දැනගත්තෙ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ එක්ක කතා කළායින් පස්සෙ.
ඇත්තට ම මං මුලින් ම කියන්න ඕනෙ මේ කන්‍යාභාවය (වර්ජිනිටි) කියන දේ 
කාන්තාවන්ට වගේ ම පිරිමින්ටත් තියෙන දෙයක්. කන්‍යාභාවය තියෙනවයි කියන 
එකෙන් අදහස් වෙන්නෙ කාන්තාවක් නැත්නම් පිරිමියෙක් කිසි ම දවසක තවත් 
කෙනෙක් එක්ක ලිංගිකව හැසිරිලා නැහැයි කියන එක. ඒ දේ මනින්න කිසි ම 
විදිහක 100%ක් සාර්ථක විද්‍යාත්මක පරීක්ෂණයක් නෑ. ඒ වුණත් මිනිස්සු හිතාගෙන 
ඉන්නවා ලිංගික එක්වීමකදී කාන්තාවකගේ කන්‍යා පටලය බිඳිලා, රුධිර වහනයක්
 සිදු වෙනවා නම් ඇය කන්‍යාවක් කියලා.ඒක ඇවිල්ලා දුර්මතයක්. කන්‍යාපටලය
 කියන්නේ කන්‍යාභාවය මනින දර්ශකයක් නෙවෙයි. කන්‍යා පටලය කියන්නේ 
කාන්තාවකගේ යෝනි මාර්ගය අවසාන වන සිදුර වටේ තියෙන හරි ම තුනී පටලයක්. 
මේ පටලයේ රැධිර නාලිකා නෑ. ඉතිං ලිංගික එක්වීමකදී මේ පටලය බිඳුණයි කියලා 
රුධිර වහනයක් හැමෝටම සිද්ධ වෙන්නේ නෑ. මේ පටලය එකිනෙකාගේ විවිධ හැඩයෙන්
 පිහිටන්න පුළුවන් වගේ ම කන්‍යා පටලය ගත්තම විවිධ වර්ගයේ හත අටක් ම තියෙනවා. 
සමහර අයගේ ලිංගික එකතු වීමකදී දැඩි තෙරපීමක් වගේ දෙයකින් කන්‍යා පටලයයි 
යෝනි මාර්ග බිත්තියයි සම්බන්ධ වෙන තැන තුවාල වීමකින් රුධිරය වහනය වීමක් වෙන්න
 පුළුවන්. 50%කට 60%කට විතර මේ රුධිර වහනය සිදු නොවෙන්නත් පුළුළුන්.ඒ වුණත්
 මිනිස්සු හිතනවා එහෙම රුධිරය වහනය වෙන එකෙන් තමයි කන්‍යාභාවය මනින්නෙ කියලා.
 ඒක විද්‍යාත්මකව ගත්තම කොහොමටවත් සාර්ථක පරීක්ෂණයක් නෙවෙයි
දැන් සමහර ගැහැනු ළමයි ගත්තම එයාලගේ කනයා පටලය ප්ලාස්ටික් වගේ ඇදෙනසුලුයි.
 කැඩෙන්නෙ නැහැ.එහෙම අයගේ පළවෙනි වතාවෙ ලිංගිකව එකතු වෙනකොට නැතුව
 දෙතුන් වතාවකින් පසුව රුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. තවත් සමහර ගෑනු ළමයි ඉන්නවා, 
ඒ අයගේ යෝනිකට සම්පූර්ණයෙන් ම වැහිලා. ඒ කියන්නෙ මැද සිදුරක් නැතිව. 
එතකොට වැඩිවියට පත්වෙලා, පළවෙනි වතාවට මාස්ශුද්ධිය හැදෙනකොට රුධිර වහනය 
සිද්ධ වෙන්න විදිහක් නෑ. ඒ වගේ අවස්ථාවලදී දරුණු විදිහට යටි බඩේ කැක්කුම් 
ඇතිවෙන්න පුළුවන්.එහෙම වුණාම පොඩි ඔපරේෂන් එකක් කරලා, යෝනි කට විවර කළාම හරි.
මේ වෙද්දි ප්ලාස්ටික් සැත්කමකින් පුළුවන් බිඳුණු කන්‍යාපටලයක් නැවත සකස් කරලා 
කන්‍යාභාවය තියෙන බව පෙන්වන්න. රජයේ රෝහල්වල නම් මේ සැත්කම කරන්නෙ නෑ.
සමහර ඩොක්ටර්ස්ලා මේ සැත්කම කළා වුණාට තාමත් තීරණය කරලා නෑ මේ දේ 
වෛද්‍ය ආචාර ධර්ම පද්ධතියට ගැලපෙනවද නැද්ද කියලා. මොකද සමහරු 
(කන්‍යාභාවය අහිමි කරගත්)මේ සැත්කම කරගෙන, ලිංගික එක්වීමකදී ඒ අයට රුධිර වහනයක් 
වෙනකොට සමාජය ඒ දේ හැම කන්‍යාවකගෙන් ම බලාපොරොත්තු වෙනවා. ඉතිං ඇත්තම 
කන්‍යාවකට ලිංගික එක්වීමකදී රුධිර වහනයක් සිදු වුණේ නැත්නම් ඇය අපිරිසිදුයි කියලයි 
මිනිස්සු හිතන්නෙ. එහෙම බැලුවම මේ සැත්කම මිත්‍යා මතයක් ප්‍රමෝට් කිරීමක් වගේ වෙනවා.
ඉතින් වර්ජිනිටි එහෙමත් නැත්නම් කන්‍යාභාවය මනින දර්ශකයක් නෙවෙයි මේ කන්‍යා පටලය. 
ඒ ගැන හැමෝම දැනුවත් වෙන්න ඕනෙ. එහෙම නොවුණොත් නිර්දෝෂී ගොඩදෙනෙකුට 
නිකරුණේ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.
කොහොමත් මිනිහා මැරුණම ඒ ගිනි සෑයට ම පැනලා සති පූජාව දෙන්න 
ගෑනුන්ට බලකරපු අතීත භාරත සමාජෙන් ගෑනි මැරුණම සතිපූජාව දෙන්නයි 
කියලා මිනිහට කිව්වෙ නෑ. රාවණා ළඟ හිරවෙලා හිටියට, අග්නි පරික්ෂාව 
දෙන්න වුණේ සීතාවට. එහෙම මිසක් සීතා ළඟ හිටියෙ නැති වකවානුවේ 
රාමගේ කල්කිරියාව මැන බලන්න කව්රුවත් ඉල්ලුවේ නෑ අග්නි පරීක්ෂාවක්. 
එහෙම එකේ පිරිමියෙක්ගෙ පිරිසිදුකම මැනලා බලන්න අබමල් රේණුවක 
තරම්වත් වුවමනාවක් නැතිවුන් ගෑනියෙක්ගෙ පිරිසිදුකම මනින්න මේ තරම් දතකන එකේ පුදුමෙකුත් නෑ.
දැන් ඉතින් ඇත්ත දැනගත්තනෙ. මීට පස්සෙවත් ටිකක් හිතන්න. තමන්ගෙ 
නොදැනුවත්කමයි, නූගත්කමයි නිසා අහිංසක, අසරණ, පිරිසිදු ගැහැනියෙක්ගෙ 
ජීවිතේ අපායක් කරන්න එපා. කොහොමටත් අපි අතමිට මොළවගෙන ඉස්සරහට 
අරන් යන්න ඕනෙ අතීතය අපිට දායාද කළ හැමදේම නෙවෙයි. අපිට ගැලපෙන 
වගේ ම නිවැරදි දේවල් විතරයි. මිත්‍යා මත වගේ ම හණමිටි අදහස් මඟින් ම 
හලලා යන එක අපි කාගෙ කාගෙත් ඇඟට ගුණ වෙයි. 
 
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI