සමාවෙන්න_ආදරය_නිහඬයි💙💙💙 💕💕කෙටිකතාවක්💕💕

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"බබා..."
"අනේ අයිය මම මේ එනගමන්...විනාඩි 5යි."
"හ්ම් පරිස්සමට එන්න"
කෙල්ල එන්කොට කොල්ල පාර්ක් එකේ බංකුවක් උඩ කල්පනාවක.
"අයියා..."
කොල්ල එතකොටම කෙල්ලගෙ අතින් ඇදල ඔඩොක්කුවෙ වාඩි කරගත්ත.
කෙල්ල කා උල් කරල මොනවද කියන්න හදනකොටම කොල්ල කරේ හෙමින් ඒ රෝස පාට කොපුලක් මත හාදුවක් තවරපු එක.
වෙනදට ඇඹරිලා කොල්ලට බනින කෙල්ල අද සද්ද නෑ.
"බබා..."
"ම්ම්ම්"
"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?"
"ම්හ්ම්..නෑ"
කෙල්ල කලබලෙන් එහෙම කීවට තිදෙස්ට දවස් ගානක ඉදන් තේරුණා කෙල්ලගෙ වෙනසක්.
"මට කියන්න බැරිද?"
ඒක ඇහුවෙ කෙල්ලගෙ මූණටම් එබිල.
"එහෙම මොකුත් නෑ අයිය. ඔලුව ටිකක් රිදෙනව"
"ඉතින් බබා ඔලුව රිදෙනවනම් ඇයි ආවෙ. කෝ නැගිටින්න අපි යමු"
"අනේ බෑ. ගොඩක් රිදෙන්නෙ නෑ"
"ම්ම්.. පොඩ්ඩක් ඉන්න"
නැගිටල යන කොල්ලගෙ අතින් ඇදල කෙල්ල ඇහුව.
"පොඩ්ඩක් ඉන්නකො මම පෙනඩෝල් එකක් අරන් එන්නම්."
"අනේ කොහෙවත් යන්න එපා. ළගින් ඉන්න"
"අනේ පිස්සි මම අර කඩේ ගාවට දුවල එන්නම්."
"බෑ බෑ.. 😔"
කොල්ල ආයෙම ඇවිත් ඉඳගත්තෙ තරහෙන්.
"අයිය..තරහද?"
කෙල්ල එහෙම ඇහුවම
"කෝ මෙහෙට එන්න"
කෙල්ලව ළගට අරන් අත තියල බැලුවෙ ඔලුව රස්නෙද කියල.
කොල්ලගෙ අත අරන් කෙල්ල ඒ රෝස තොල් වලින් හාද්දක් තිබ්බෙ උතුරා යන ආදරේකින්.
"අයිය .."
"ම්ම්ම්"
"අපි පළවෙනි දවසෙ ගිය හැමතැනකටම මට අද යන්න ඕනෙ."
කෙල්ල එහෙම කීවම කොල්ල ඇස් දෙක ලොකු කරල කෙල්ල දිහා බැලුව.
"ඒ ඇයි?"
"යන්න ඕනෙ ඉතින්. ඇයි අහන්නෙ😐 එක්කන් යන්න"
"අද මොකද මගෙ පිස්සිට වෙලා තියෙන්නෙ ම්ම්😁"
කොල්ල එහෙම කීවම කෙල්ල මොකුත්ම් නොකිය බිම බලාගත්ත.
"හරි ඉතින් මුණ එල්ලගන්න මම බෑ කීවෙ නෑනි..කෝ නැගිටින්න."
කොල්ල එහෙම කීවෙ නැගිටල කෙල්ලට අත දික් කරන ගමන්.
සිහින් සිනාවක් මුවගට නගාගත් කෙල්ල කොල්ලගෙ අතේ එල්ලුනා.
දෙන්නගෙම සුන්දර මතක අලුත් කරමින් එදා පළවෙනි දවසෙ දෙන්න ගිය හැමතැනකටම ගියා.
ගොඩක් සතුටින් දවස ගෙවිල ගියේ පරණ සුන්දර මතක අලුත් කරමින්.
වෙනදට විහිලු කරමින් කොල්ලට වද දිදී එහෙ මෙහෙ දුවන කෙල්ල අද හරිම නිහඩයි.
ඒ මූනෙ තිබුනෙ සිහින් හිනාවක් විතරමයි.
කෙල්ල හිටියෙ මොකක්ම හරි ප්‍රශ්නෙක කියල කොල්ලට තේරුණත් ඒක දිගින් දිගටම අහන්න ගියෙ නැත්තෙ කෙල්ලගෙ හිත රිදෙයි කියල.
වෙලාව 5 ත් පහු උනා.
"බබා.."
"ම්ම්"
"දැන් යමු නේද? ඔයාට රෑවෙනව."
"හ්ම්ම්"
එහෙම කියපු කෙල්ලගෙ දෙකොපුල් දිගේ කඳුලු පේලි එක දිගට වැටෙන්න ගත්තම කොල්ලට බය හිතුන.
"අනේ බබා මොකද ම්ම්?
මට කියන්නකො ප්‍රශ්නෙ."
කෙල්ලගෙ මූණ දෝතටම අරන් ඒ කඳුලු වැක්කෙරෙන ඇස් දෙකට එබිල කොල්ල ඇහුවම කෙල්ලගෙ ඇඬිල්ල තවත් වැඩි උනා.
කොල්ලගේ පපුවෙ මූණ හංගගෙන කෙල්ල හොදටම ඇඬුව.
කෙල්ලට ඇති වෙනකන් අඩන්න කියල කොල්ල ඉවසගෙන හිටිය.
ඒත් නවතින පාටක් නැති නිසා ඉවසල ඉවසල බැරිම තැන
"අමායා. දැන් ඕක නවත්තන්න. මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කියනවද දැන්වත් මොකද කියල"
කෙල්ලගෙ උරහිසෙන් අල්ලල මෑත් කරල ඇහුවෙ මූණටම එබිල.
කොල්ල තරහෙන් ඇහුවම කෙල්ල පස්සට වෙලා කඳුලු පිහදා ගත්ත.
"අයියා.. මට සමාවෙන්න"
කෙල්ල එහෙම කීවෙ අත් දෙකම අල්ලගෙන් කොල්ලගෙ පැත්තට හැරිල.
"මොකද බබා..ම්ම්?"
කොල්ල එහෙම ඇහුවෙ කෙල්ලගෙ අතකින් සියුම්ව අල්ලන ගමන්.
කොල්ලගෙ අතින් තම අත මුදවගත් කෙල්ල ආයෙම කඳුලු පිහදාගෙන හෙමීට ඔලුව උස්සල කොල්ල දිහා බැලුව.
"අපි මේ සම්බන්දෙ නවත්තමු"
කොල්ලට උන් හිටි තැන් අමතක උනේ කෙල්ලගෙ ඒ කතාවට.
"අමායා😡"
"ප්ලීස් අයිය. මට මේක නවත්තන්න ඕනෙ. හේතුව අහන්න එපා..මට සමාවෙන්න"
"ඔයා මොනවද මේ කියන්නෙ? "
"අදින් පස්සෙ මාව හම්බෙන්න එන්න එපා."
"මොනවද තමුසෙ මේ කියන්නෙ. ආහ් තමුසෙට මාව නැතුව ඉන්න පුලුවන්ද. ආහ් කියනව."
කෙල්ලගෙ උරහිස් දෙකෙන්ම අල්ලගෙන හොල්ලමින් කොල්ල ඇහුවෙ කේන්තිය දුක පිටවෙන ගිනි පිටවෙන දෑස් වලින්.
"ඔව් මට පුළුවන්. ප්ලීස් ආයෙ මට පේන්න ඉන්න එපා"
එහෙම කියල කෙල්ල යන්න හැරෙනකොටම කොල්ල කෙල්ලගෙ අතින් ඇදල ගත්ත.
"අමාය කියන්න මට ඇයි මේ?"
කොල්ල ඒ අහපු විදියට කෙල්ලගෙ මුළු සර්වාංගෙම දැවිල අලුවෙලා ගියා.
"මොකුත් නෑ. ඔයාගෙයි මගෙයි ආයෙම කිසිම සම්බන්ධයක් නෑ.ප්ලිස් මට පාඩුවෙ ඉන්න දෙන්න"
එහෙම කියල කටගන්නකොටම චටාස් ගා කෙල්ලගෙ කණ හරහ කොල්ලගෙ අත ගියේ කොල්ලත් නොදැනී.
ජීවිතේට කෙල්ලට අතක් උස්සල තිබ්බෙ නැති කොල්ලගෙ හදවතට ඉඳිකටු 1000ක් එක පාර අනිනව වගේ දැඩි වේදනාවක් ආවෙ කෙල්ලට දැනුන කම්මුලේ වේදනාව පරාද කරල.
කම්මුලත් අල්ලගෙන කෙල්ල ගියේ කොල්ල දිහා හැරිලවත් බලන්නෙ නැතුව.
සිදු වුණ දේ හිතාගන්න බැරුව කොල්ල එහෙමම බංකුවට වාරු උනා.
අවුරුදු දෙකක් පුරාවට තමන් පණවගේ ආදරේ කරපු තමන්ගෙ හැමදේම වුණ කෙල්ල මෙහෙම එකපාරම දාල ගියාම කොල්ලට හිතාගන්න බැරි උනා.
පැහෙන වතුර හැළියක් වගේ හදවත් ඇතුලෙ දුක තරහව කැළතෙන විට ඒ පිරිමි ඇහෙන් සීරුවට කදුලු බිදු කඩා හැලුන.
තමන්ගෙ මුළු ලෝකෙම නැති උනා වගේ හැගීමක් එක්ක කොල්ල එතනින් නැගිටල පිස්සෙක් වගේ පාර දිගේ පයින්ම ආව ගෙදරට.
එදා ඉදන් කොල්ල හරියට කෑමක් බිමක් නැතුව පිස්සෙක් වගේ හැසිරුනේ.
කොල්ලගෙ යාලුවො හිටියෙ නැත්ත මෙලහකටත් කොල්ලට මොකක් හරි වෙලා.
කොල්ලගෙ යාලුවො කතා කරල බනිනකොට කෙල්ල හැමදේම අහගෙන හිටිය කිසිම සද්දයක් නැතුව.
එකම හංදියෙ ලේන් දෙකක කෙල්ලගෙ ගෙදරත් කොල්ලගෙ බොඩිමත් තිබ්බෙ.
හැමදේම අමතක කරල අලුතෙන් ජීවිතේ පටන් ගන්නව කියල හිතාගෙන කොල්ල එදා උදේම වැඩට යන්න පිටත් උනේ.
කොල්ල හංදියට එනකොටම දැක්කෙ බස් හෝල්ට් එකේ ඉන්න කෙල්ල හදවත පුරා දුක තරහව දෝරෙ ගලාගෙන යනකොට කොල්ල කෙල්ල දිහාවත් නොබල ඈතට වෙන්න එහාපැත්තෙන් ඇවිත් හිටගත්ත.
කෙල්ල බිමට නමාගෙන හිටපු මූණ ඉස්සුවෙම නෑ.
කල්පනා ලෝකෙක අතරමන් වෙලා හිටපු දෙන්න්නම පියවි සිහියට ආවෙ ඉස්සරහින් නවත්තපු බෙන්ස් එකේ හෝන් එකට.
ඒකෙ හිටියෙ කඩවසම් තරුණයෙක්.කෙල්ල බිම බලාගෙනම ගිහින් ඉස්සරහ දොර ඇරගෙන කාරෙකට ගොඩ උනා.
අර කොල්ල කෙල්ලගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට නැවිල ශීට් බෙල්ට් එක දානකොට කොල්ලට උන් හිටි තැන් අමතක උනා.
මොහොතකින් ඉගිලිලා ගිය බෙන්ස් එක දිහා බලාගෙන හිටපු කොල්ල දත් මිටි කාගෙන මිට මොලවල අසල තිබූ කණුවකට ගැහුවෙ ඇතුලෙන් හිත දහස් වාරයක් වැලපෙනවිට.
කොල්ලට කෙල්ල ගැන ඇති වුනේ වෛරයක්. කොල්ලට ඕනෙ උනේ කෙල්ලගෙන් පළිගන්න.
දින දෙක තුනකින් පස්සෙ කෙල්ල වැඩට යන්න හිටගෙන ඉන්නකොටම කෙල්ල දැක්කෙ ඈතින් එන කොල්ලව.
කෙල්ල කැමතිම ලා නිල් පාට ස්ලිම් ෆිට් ශර්ට් එක ඇඳගෙන කොණ්ඩෙ ජෙල් කරල ලැප් බෑග් එකත් එල්ලගෙන කොල්ල එනව දැක්කම කෙල්ලට පරණ මතක අලුත් උනා.
කොල්ලව දකිනකොටම ලෝබ හිතුන.
ඇස් පිය නොහෙලා කොල්ල දිහා බලාගෙන ඉන්න කෙල්ල පියවි සිහියට ආවෙ
"තිදෙස් අයියා😍😍"
පාරෙන් එහාපැත්තෙ ඉදන් අත වනාගෙන කොල්ල ගාව්ට ආපු මිනෝලිගෙ කටහඬට.
දුවගෙන කොල්ල ළගටම ආපු මිනෝලි ඇවිත් කොල්ලගෙ අතේ එල්ලෙනකොටම කෙල්ලට දැනුන දුක කියල නිම කරන්න බෑ.
වෙනද තමන්ට හිමි වුණ ඒ බාහුවෙ අද මිනොලි එල්ලිලා ඉන්නව දැක්කම කෙල්ලට වාවන්නෙ නෑ.
කොල්ල මිනොලිගෙ අත තදින් අල්ලගෙන ඒ නලල මත හාදුවක් තවරනකොට කෙල්ලට දැනුනෙ මුලු ලෝකෙම කඩා වැටුන වගේ.
තවත් මොහොතක්වත් එතන ඉන්නෙ නැතුව පිස්සුවෙන් වගේ අඩ අඩා කෙල්ල පාර දිගේ දුවගෙන ආව.
💔💔💔💔
දෙන්න දෙපැත්තට වෙලා හූල්ලමින් කාලෙ ගත කරේ හිත ඇතුලෙන් වැලපෙමින්.
අෆෙයාර් එක නැවතිලා මාස 3කටත් ආසන්නයි.
ඒත් කොල්ලගෙ හිතේ තිබ්බ දුක තාම අඩුවෙලා නෑ.
දැන් මාස දෙකකින් විතර කෙල්ලව දැකල් නෑ කොල්ල.
දුරින් ඉදල හරි කෙල්ලව දැකගන්න කොල්ලට ඕනෙ උනා.
ඒත් විපර්ම් කරත් කෙල්ලගෙ කිසිම හෝඩුවාවක් නෑ. හොයල බැලුවම කෙල්ල ගෙදරත් නෑ.
එදා ඉරිද දවසක්.
කොල්ල බෝඩ් වෙලා හිටපු ඇනෙක්ස් එකේ බෙල් එක වදිනකොට කොල්ල ඇවිත් දොර ඇරිය.
දොරකඩ ඉස්සරහ හිටියෙ හැමදාම අමායව පික් කරන්න එන අමායගෙ අලුත් බොයිෆ්‍රෙන්ඩ්.
කොල්ල හිතේ නැගෙන කෝපය සගවගෙන මොකද කියල ඇහුවෙ ඕනෙවට එපාවට.
"පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද"
"හ්ම්ම්. එන්න ඉදගන්න"
ඔහු ඇවිත් තිදෙස්ට තමන්ව හදුන්වල දීල කතාව පටන් ගත්ත.
"අමාය"
"ප්ලීස් මිස්ටර් දිදුල්ක ඔයා ආවෙ අමාය ගැන කතා කරන්නනම් දැන්ම මෙතනින් යන්න. මොකද මගෙයි එයාගෙයි කිසිම සම්බන්ධයක් නෑ. එයාගෙන් මට වැඩක් නෑ"
එහෙම කීවම
"මිස්ටර් තිදෙස් ප්ලීස් මම කියන එක එක පාරක් අහන්න. මේක ඉල්ලීමක්."
දිදුල්ක එහෙම කීවම තිදෙස් නැගිටල
"අන්න දොර. ඇදල එළියට දාන්න කලින් යන්න"
තිදෙස් එහම කීවම දිදුල්කගෙ මූණ කෝපෙන් රතු උනා.
"හොදයි මම යන්නම් මිස්ටර්..තමුන් මේක එකපාරක් කියවල බලනව. ඕක කියෙව්වම තමුන්ට මාව ඕනෙ වෙයි.
අන්න එතකොට කතා කරනව."
එහෙම කියල එතන තිබ්බ ටීපෝ එක උඩට කහපාර ලියුම් කවරෙකුයි විසිටින් කාඩ් එකකුයි විසික්කල යන්න ගියේ තරහින්.
දිදුල්ක ගියාට පස්සෙ කොල්ල හෙමින් අර් ලියුම් කවරෙ ඇතුලෙ තිබ්බ ලියුම අරන් දිගඇරිය.
ඒ අත් අකුරු වෙන කාගෙවත් නෙමේ අමායගෙ.
"මගෙ ආදරණීය සුදු අයියා,
මගෙ අයියෙ මට සිය දහස් වාරයක් සමාවෙන්න. මම ඔයාගෙන් වෙන් උනේ මට් වෙන කරන්න දෙයක් නැති නිසා.
මාත් එක්ක දිගටම ඉදල ඔය ජීවිත කාලෙ පුරාවටම විදවනව බලන්න මම කැමති නෑ.
හැමදාම ඉන්නම් කියල ඔයාගෙ ජීවිතේට ආවට මට සමාවෙන්න.
ඔයාගෙන් තොර ජීවිතයක් මට නෑ. මම හැමදාම ආදරේ කරෙත් කරන්නෙත් ඔයාට විතරමයි.
හැමදාම ඔයාගෙ වෙලා ඉන්න විතරයි මට ඕනෙ උනේ.
ඒත් මට ඒකට පිණ නැ අයියෙ.
මට තව් වැඩි කාලයක් නෑ.
මීට මාස හතරකට විතර කලින් කලන්තයක් හැදිල මම හොස්පිටල් හිටිය මතකද.
එදා තමයි දැනගත්තෙ මගෙ අයිය ගාව ඉන්න මට ඒ හැටි කාලයක් නෑ කියල.
ඊට පස්සෙ තමයි මම ඔයාගෙන් වෙන් වුනේ.
මම ඔයත් එක්ක ඉදල එකපාරම වෙන් උනොත් ඔයාට දරාගන්න බෑ කියල මම දන්නව.
ඒකයි මම අයියව දාල ගියේ.
ඔයා නැතුව ඔයා තරමටම මාත් විදෙව්ව රත්තරං.
අෆෙයාර් එක නැව්තුනාට පස්සෙත් ඔයා පිස්සෙක් වගේ මගෙ ගැනම හිත හිත දුක් වෙන නිසා තමා මම ඔයාට පේන්න දිදුල්ක එක්ක හිටියෙ.
එයා මගෙ හොදම යාලුවෙක් විතරයි.
ඔයා මට වෛර කරල මාව අමතක කරයි කියල හිතුන නිසා තමයි එහෙම කරේ.
මම ඔයාට මේ ලෙඩේ ගැන කවදාව්ත් නොකිය ඉන්න හිතුවෙ.
ඒත් වෙනද ආදරේ පිරුණ ඔය ඇස් වල වෛරය පුරවගෙන මම දිහා බලකොට මට දරාගන්න බෑ අයියෙ.
ඒනිසා මට සමාවෙන්න මේ හැමදේම කියල ඔයාගෙ හිත් රිද්දුවට.
ඔයා සතුටින් ඉන්න අයියෙ. මා පොරොන්දු වෙන්න වෙන කෙනෙක්ව කසාද බැඳල සතුටින් ජීව්ත් වෙනව කියල.
මේක මගෙ අන්තිම ඉල්ලීම.
හැබැයි එයාට ඔයාව දෙන්නෙ මේ ආත්මෙදි විතරයි.
අනිත් හැම ආත්මෙකම ඔයාව් වෙන කාටවත්ම දෙන්න නෑ..
ඔයා මගෙ විතරමයි.
ඔයා මේක කියවනකොට සමහර විට මම මේ ලෝකේ නැතුව ඇති.
නොකියම යන්න උනාට මේ අසරණීට දස දහස් වාරයක් සමාව දෙන්න මගෙ රත්තරං අයියෙ.
ආදරෙයි
මීට අමායා"
ලියුම කියවල ඉවර උනාම කොල්ලට මොකුත්ම හිතාගන්න බෑ.
ලියුම පොඩි කරල පපුවට තද කරගෙන එහෙමම බිම වාඩි උන කොල්ල ඔහේ ඇස් වලින් කඳුලු ගලාගෙන යන්න දුන්න.
"නෑ නෑ අමාය. ඔයාට එහෙම මාව දාල යන්න බෑ. මේ අයිය නැතුව ඔයා කොහෙ යන්නද"
එහෙම කියපු කොල්ල පිස්සුවෙන් වගේ දිදුල්කගෙ විසිටින් කාර්ඩ් එක අරන් නම්බර් එක ඩයල් කරේ කඳුලු වැක්කෙරෙනකොට.
"හෙලෝ"
"හෙලෝ. දිදුල්ක.. ප්ලීස් කියපන් මගෙ කෙල්ල කෝ?"
කොල්ල එහෙම ඇහුවම දිදුල්ක එහා පසින් කියපු එඩ්‍රස් එක කොල්ල ලියාගත්තෙ පිස්සුවෙන් වගේ.
ඇඳන් හිටපු ඇඳුම පිටින්ම කාර් එකට නැගල පුලුවන් තරම් වේගෙන් කොල්ල ගියේ ඒ එඩ්‍රස් එක හොයාගෙන.
කාරෙක මිදුලෙ නවත්තල ගෙදර ගාවට දුවගෙන යනකොටම දිදුල්ක ඉස්සරහ දොර ඇරගෙන එළියට ආව.
දිදුල්කවත් තල්ලු කරගෙන කොල්ල ගේ ඇතුලට දිව්වෙ කෙල්ලව හොයාගෙන.
"බබා"
පල්ලැහැ පලවෙනි කාමරේම සයනය මත සුදුමැලි වෙලා වැතිරිලා හිටපු කෙල්ල අමාරුවෙන් ඇස් ඇරල බැලුවෙ කොල්ලගෙ කටහඩට.
මලානික වෙලා ඇදිල ගිය ඒ මුණ දැක්කම කොල්ලගෙ ආත්මයම කඩා වැටුන වගේ හැඟීමක් දැනුනෙ.
කොල්ලව දැක්ක ගමන් ඒ විඩාබර මුහුණෙ ඇඳුනෙ සියුම් හසරැල්ලක්.
කෙල්ලගෙ ඇඳ ගාව දණ ගහගෙන ඒ මූණ දෝතින්ම අරගෙ කොල්ල බැලුවෙ කදුළු වැක්කෙරෙන දෑසින්.
"මට සමාවෙන්න රත්තරනේ. ඔයාව මෙහෙම තනි කරාට."
කොල්ල කෙල්ලව තුරුළු කරන් එහෙම කීවෙ කඳුළු බේරෙද්දි.
"ම්. මට ස්..සමාවෙ..න් ..අයියේ. "
කෙල්ල අමාරුවෙන් වචන ගැටගහගත්තෙ ඒ කොපුල් මතින් සීරුවට කඳුළු බිදු රූරා වැටෙනකොට.
"ෂ්. ෂ්.. මොකුත් කියන්න එපා වස්තුව. මම ඉන්නවනි ඔයාට මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ."
කොල්ල එහෙම කීවෙ කෙල්ලට කතා කරන්න් අමාරු නිසා.
"අ.. ආ..ද.රෙ..යි"
කෙල්ල අමාරුවෙන් අකුරු ගැටගහගත්තම
කොල්ලට වාවන්නෙ නැතුව ගියා.
"මාත් ආදරෙයි මගෙ වස්තුව. හැමදාම ආදරේ මගෙ සුදුනෝනට විතරමයි."
එහෙම කියනකොට කෙල්ලගෙ මූනෙ ඇඳුණෙ වේදනාකාරී මදහසක්.
කොල්ල සීරුවට පාත් වෙලා ඒ දෙතොල් මත සියුම්ව දෙතොල් තියනකොටම කෙල්ල ඒ ආත්මීය උණුසුම විදගනිමින් ඇස් පියාගත්තෙ දෙකොපුල් දිගේ කඳුලක් රූරා වැටෙද්දිමයි.
ඒ පියාගත්ත ඇස් කොල්ල කොච්චර කෑ ගැහුවත් ආයෙම ඇරුණෙ නෑ.
මහමෙරක් තරම් වූ ඒ ආදරේ කොල්ලගෙ හිතේ තියල කෙල්ල නිහඬ වෙලා.
💔💔💔💔
කෙල්ලගෙ හත් දවසෙ දානෙන් පස්සෙ කොල්ල ආගිය අතක් නැති උනා.
ගෙදර මනුස්සයො යාලුවො ලංකාව පුරා පීර පීර හෙව්වත් කොල්ලව් හම්බුනේ නෑ.
කෙල්ල නැති වෙලා මාස තුනක් අදට.
කෙල්ලගෙ තුන් මාසෙ දානෙට කෙල්ලගෙ වගේම කොල්ලගෙ යාලුවො පවා ඇවිත් හිටියෙ කෙල්ල වගේම කොල්ල වෙනුවෙනුත් යුතුකම් ඉටු කරන්න.
දහවල් දානෙට හාමුදුරුවෝ හත් නමක් වැඩම කරා.
ඒ හත් නම අතරෙ හුරු පුරුදු මූණක් තියනව දුටු හැමෝම තිගැස්සුණා..
කසාවත පොරවගෙන හිස මුඩු කරගෙන සන්සුන් ගමනින් ඒ වැඩියෙ වෙන කවුරුත් නෙමේ තිදෙස්.
💗💗💗නිමි💗💗💗💗
තිදෙස්... ඔව් ආදරය නිසා ජීවිතය නැති කර ගන්න, බොලඳ පෙම්වතුන් හමුවේ... තිදෙස් කෙනෙක් වෙන්න.
ජීවිතයෙන් පලක් නෑ කියල හිතාවනම් සංසාරෙන් එතර වෙන්න උත්සහ දරන්න.
තමන්ට තමන්ගෙ ජීවිතය වැඩක් නෑ කියල හිතනවනම් අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න උත්සහ කරන්න.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI