"ඒ මනමාළයත් බෑ කිව්වය කියන්නෙ කෙල්ල මහත වැඩී කියලා දැන් මනමාළයොනම්
කීයක් කියල බැළුවද අනේ මන්දා අතේ තියෙන තුට්ටු දෙක කපුවන්ට පුදලම ඉවරයි"
කාන්ති සුමනදාසගේ මූණ දිහා බලාගෙන කියද්දී සුමනදාස කලේ තවත් බීඩියක් පත්තුකර ගත්ත එක ඒ ඇස්වලත් ලියවිලා තිබුනෙ බලාපොරොත්තු කඩවුන බවක්
"ඔය කොයි තරම් මණමාලයො ආවත් වැඩක් නෑ කාන්තියො හරි ඉරණම්කාරය එනකම් අපි තව ටිකක් බලමු කෙල්ලට තාම විසි පහ ලැබුව විතරනෙ"
සුමනදාස දුම් රැල්ලක් පිටකරන ගමන් එහෙම කිව්වෙ කාන්තිගෙ හිත හදන්න
"කෙල්ලගෙන් බේරෙන්න බෑ අර ටීවී එකේ පෙන්නන ඇස්සයිස් මැසිමක්ද මොකක්ද එකක් ගෙනත් දෙන්න කියලා ඒකක් රු පනස්දාහකටත් වැඩියි මයෙ හිතේ කොහේ තියෙන සල්ලිද ඕවා ගන්න"
කාන්ති දිගු සුසුමක් පිටකලා සුමනදාස තවම බීඩිය උරන ගමන්
"මැසින් නම් එකට දෙකක් ගෙනත් දෙන්න බැරියැ කාන්තියො ඒත් මේකි ඒවගෙන් කිසි වැඩක් ගන්නෙ නෑනෙ අර පේන්නෙ නැද්ද දාස් ගානක් දීලා ගෙනත් දීපු බයිසිකලේ කුස්සිය මුල්ලෙ දිරන හැටි"
සුමනදාස ඈත පේන අහසයි ලඟතියෙන පොළවයි ඇස් දෙකෙන් යා කරන්න හදනවා කාටවත් නොකිව්වට වාසනාට මගුලක් හරි නොයන එක ගැන සුමනදාසත් ඉන්නෙ හුඟක් සිත් තැවුලෙන්
ඈත ගුරුපාර දිගේ වයින් කරපු බෝණික්කියක් වගේ වාසනා ගේ දිහාට එනව කියල සුමනදාස දැක්කෙ විට වට්ටිය ගන්න එළියට බහිද්දි ඇත්තටම වාසනා කොච්චර ලස්සන කෙල්ලෙක්ද ආපු මනමාලයන්ට ඇස් පේන්නෙ නැති නිසාද මන්දා මයෙ කෙල්ලට අකමැති වෙන්නෙ මහත කියන්නෙ කැතක්ද මේ ලෝකෙ කොයි තරම්නම් මහත කෙල්ලො ඉන්නවද සුමනදාස හිතින් එහෙම හිතන ගමන් කාන්ති දිහාවට හැරුනා
"කෙල්ලගෙ හිත රිදෙන්න හෙම මොනවත් කියනව නෙමෙයි "
කාන්ති හිනාඋනේ හිස් අවකාශෙත් එක්ක .
දීග දෙන වයසෙ දුවෙක් ඉන්න අම්මෙක්ගෙ හිතේ තියෙන බර කොයින්ද තාත්තෙක්ට දැනෙන්නෙ කාන්ති හිතුවෙ එහෙම...
"මොකෝ අද එන්න පරක්කු ?"
වාසනා ගෙට ගොඩ වෙනවත් එක්කම කාන්ති ඇහුවෙ ටිකක් සැරෙන් වාසන හිනාවෙලා ගෙට ගොඩවුනේ කොයි තරම් වේලසන ආවත් අම්ම පුරුද්දට වගේ ඔය ප්‍රශ්නෙ අහනව කියලා දන්න නිසා.
"මට මගදි කපු මහත්තය හම්බ උනානෙ ඒ මනමාලයත් බෑ කිව්වළු නේද?"
වාසනා එහෙම අහද්දී දෙන්න දෙමහල්ලො මූණට මූණ බලාගත්තා
"පහු ගිය සතියෙ පොලේදි නුගේ ලඟ ගෙදර රම්‍යලාතා අක්ක මුණ ගැහුනනෙව"
කාන්ති කතාව වෙන පැත්තකට හරවන්න හදනව කියලා සුමනදාසට තේරුම් ගන්න ඒ තරම් අමාරු උනේ නෑ
"ඉතින් මොනවද උන්දෑ කිව්වෙ ?"
"උන්ගෙ කුඹුරටත් වල් ඌරො පැනලය කිව්වෙ ලියදි දෙක තුනක්ම තලා දාලළු"
අම්මටයි තාත්තටයි කතා කරගන්න දීලා වාසනා කෙලින්ම ගියේ නාන ලිඳ ලඟට වාසනාටත් මේ මනමාලයො බලන්න එන එක එපා වෙලා තියෙන්නෙ අම්මලාට මනමාලයො හොයන්න එපා කියලා කොච්චර කිව්වත් අහන එකක්යැ මොන මිනිහද කැමති ගල් රෝලක් වගේ මහත කෙල්ලෙක්ව කසාද බඳින්න
ඉස්කෝලෙ යන කාලෙත් අනිත් ළමයි බතලි කිය කිය කොච්චර විහිළු කරාද ගල් රෝල ,ලොරි බාගෙ, ඩෝසරේ... හප්පේ වාහන කීයක නම් කියන්න ඇතිද එහෙව් මට කොයින්ද කොල්ලො කැමති වෙන්නෙ වාසනා හිතුවෙ එහෙම .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
#දවස් ගතවුනේ හී සැරයක වේගයෙන් පහු ගිය සති දෙකෙත් මනාමලයො දෙන්නෙක්ම ආවා වාසනාව බලන්න එක්කෙන් නම් නෝන්ජලයෙක් වගේ අනිත් කෙනා හරියට සල්මන් කාන් වගේ හැන්ඩියා වාසනාගෙ හිත නැවතුනේ එයා ලඟ ඒත් ජම්බෝලයක් වගේ මහත මේ කෙල්ලට කවදාවත් එච්චර කඩවසම් කොල්ලෙක් කැමති වෙයිද වාසනා හිතුවෙ එහෙම
මහත් වෙලා උපදින එක මාර කරුමයක් අනිත් කෙල්ලො වගේ ලස්සනට අඳින්න නෑ ආසකරන කෑමක් කන්න නෑ මීට වඩා හොඳයි උපදින කොටම මැරිලා ගියානම් වාසනාට අනන්ත වාරයක් එහෙම හිතිලා ඇති..
"දුවේ..... වාසනා..."
අම්මගෙ කටහඬ වාසනාගෙ හීනලෝකය සුණුවිසුණු කලා
"ඇයි අම්මේ..."
"පොඩ්ඩක් මෙහෙට ආවනම්"
වාසනා කාමරෙන් ඉස්තෝප්පුවට ගියේ අම්මගෙ සුපුරුදු පම්පෝරිය අහන්න හිත හදාගෙන අම්ම වචන දහයක් කතාකලොත් අටක්ම කියන්නෙ මනමාලයො ගැන කියලා වාසනා දැනගෙන හිටියා.
"ඇයි අම්මා...?"
"මෙන්න මේ ළමයට ඔයැයි එක්ක ටිකක් කතා කරන්න ඕනළු"
පුටුව උඩ වාඩිවෙලා ඉඳපු කෙනාව දැක්ක වාසනාව එකපාරට ගල්ගැහිලා ගියා..... සල්මන් කාන්......වාසනා හිතින් මිම්නුවා
කාන්ති සාලෙන් පිටවෙලා යද්දි වාසනායි ආගන්තුක තරුනයයි සාලෙ තනිවුනා වාසනාගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙලා
මම කැමතියි ඔය නංගිව කසාද බඳින්න මම මේ ආවෙ ඔය නංගිගෙ අදහස කෙලින්ම දැන්ගන්න
ඒ වචන වාසනාගෙ හදවත පතුලටම කිඳා බැස්සා ඇස්වල කඳුළු පිරුනා....
"මට ඔයාලගෙ අම්මා කිව්වා ඔයා මහතයි කියලා දුකින් ඉන්නව කියලා එහෙම වෙන්න එපා මහත කියන්නෙත් ලස්සනක් කෙනෙක්ට කලාතුරකින් පිහිටන අමුතුම ලස්සනක්..."
ඒ වචන ඇහෙද්දී වාසනාගේ මූණෙ මතුවුනේ ලස්සන හිනාවක්
මම හිතපු තරම් අවාසනාවන්ත නෑ දැන් මටත් ඉන්නවා පැලෙන්න ආදරේ කරන්න රටක් වටින මහත්තයෙක් ...
මේ මහත කෙල්ල හෙට අනිද්දට ලස්සන මනමාළියක් වේවි හැමෝගෙම හීන හැබෑ කරන වාසනා එහෙම හිතුවා..
සමාප්තයි

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.