මග_බලන්_හිටියා_ඇති_දැන් #එන්න_වෙන්නෑ_මට_යලිත්
..අනේ මගෙ මැණික කතා කරන්නකො.. ඔච්චර නපුරු වෙන්න එපා රත්තරන්...මේ බලන්නකො
ඉතින් චුට්ටක්...මම පරක්කු වුණේ නෑනෙ...මගෙ සුදු නෝනා කියපු වෙලාවට විනාඩි
දෙකකට කලින් ආවනෙ මම..කො කො මගෙ නපුරු සුරම්ගනාවි ..ඔන්න දැන් හිනා
වෙනවා.ඔන්න ඔන්න.."
මම කොතරම් කීවත් ඇය මාව ගනන් ගත්තේවත් නැත...කොහොමත් ඇය නපුරු ය...මම ආදරේ
කලෙත් ඒ දගකාර නපුරුකමට ය....එහෙත් අද මගේ ආදරයට ද්‍රෝහි වී ඇත්තේත් ඒ
නපුරුකමමය.....
----------------------------------------
පවුලේ එකම දරුවා වූ මම රනුක හසරැල් නාරායන නම් වේ....රැකියාවෙන් ඩොක්ටර්
කෙනෙක් වූ මගේ අප්පච්චිද ඩොක්ටර් කෙනෙකි...අම්මා ලොව ඇති විවේක,නිවාඩු
නොමැති අමාරුම රැකියාවේ නිරත වූයේ මට ලොව හොදම අම්මා මෙන්ම අප්පච්චිට ලොව
හොදම භාර්යාව වෙන ගමනුයි.....
තව නොබෝ දිනකින් මගේ භාර්යාව ලෙසත් අම්මා අප්පච්චිගෙ ලේලි ලෙසත් අපේ ගෙදරට
එන්න මග බලන් ඉන්න ඇය අහිංසා නිල්නෙතු අමරතුංගය.....ඇයට කිසිසේත් එම නමනම්
ගැලපුනේම නැත....කටකාර නංගියෙකුට ලොකු අක්කා වන ඇය අහිංසක ගැමි යුවලකගේ
ප්‍රථම දුව යි....මම මිනිසුන්ගේ ජීවිත බේරගන්න වෙර දරද්දි ඇය පුංචි පුංචි
දග පැටවුන්ගේ නුවණ පාදන්නට වෙර දරන
ගුරුවරියක ලෙස රැකියාව කලාය.....
ඇය අසලින්ම වාඩි වී ඇයගේ හිස අතගාමින් ඇයව සනසන්නට වෙර දරන මාව ගණනකටවත්
නොගෙන ඇය ඔය ඉකිගසන්නේ මම ප්‍රමාද වී පැමිණි නිසාය...ඇය ජීවිතේ හැම
ක්‍රියාවක්ම වෙලාවට කලාවට කරනුයේ ගුරුවරියක් නිසාදෝ යැයි විටෙක මට
සිතේ...ඇය අසලටම වී සිටි මගේ හිත අතීතයට ඇදී ගියේ මට හිතන්නටවත් බැරි
වේගයකිනි...........
-----------------------------------
"..ඊලග පේෂන් එන්න ඇතුලට.."
"..අනේ අනේ ඩොක්ටර් ඉක්මනින් බෙහෙත් දාන්න.."
කියාගෙනම තවත් කෙනෙකුව ඇදන් ඇතුලට ආපු ඒ නුඹේ රුව දෙස මම මොහොතක් බලා සිටියේ මගේ ඇස් ඉවතට ගන්නට සිතුන ලෝබකම හින්දමයි....
"..අයියෝ මොනවද ඩොක්ටර් මගේ මූණ දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව වඩනව ද.."
උඹගෙ තර්ජනාත්මක ස්වරයෙන් පියවි සිහියට පැමිණි මම
"..ආ ආ ඉදගන්න මිස්...කො කොහෙද තුවාල වුණේ.." ඇසුවෙ අමාරුවෙන් මගේ ඇස් ඇයගෙන් ඉවතට ගනිමිනි........
"..නෑ ඩොක්ටර්.මගේ නෙවේ තුවාල වුණේ..මේන් මෙයාගෙ.."
පසුපසින් සිටි තරුණියව අදිමින් ඇයට රවන ගමන්ම උඹ කීවා....
"..අනේ ඩොක්ටර් මේන් මේ නිල්නෙතුට පිස්සු සර්..ලමයෙක්ගෙ පැන්සලක් උල් කරලා
දෙනකොට බ්ලේඩ් එකට පොඩ්ඩක් කැපුනා..මම බෑ කියද්දි මාව ඇදගෙන හොස්පිටල් ආවෙ
ඩොක්ටර්.."
ඇය මුහුණ පුළුටු කරගනිමින් කීවෙ උඹට ඔරවන ගමනුයි.....
"..මට පිස්සු නෑ ඩොක්ටර්..මේ බලන්න ගොඩක් කැපිලා..අනික ඒක මලකඩ කාලත් තිබ්බෙ...පිටගැස්මට බෙහෙත් විදලා ඇගිල්ලට මැහුම් දාන්න සර්.."
මගේ මුවගට නැගුණ සිනහව මම ආයාශයෙන්ම යටත් කර ගත්තේ උඹ දුටුවොත් මගේ දත්
සෙට් එක බඩට යවා කටට මැහුම් දාලා ඉන්ජෙක්ශන් දහයක් විතර විදී කියලා ඇති වුණ
සාදාරණ බිය හේතුකොට ගෙනයි........
"..ආ මේ නිල්නෙතු කියන කතාව ඇත්ත..කො කෝ එන්න බෙහෙත් දාන්න..මැහුම් දෙකකුත් දාමු අපි.."
මම අනෙක් තරුණියන්ට කීවෙ උඹට නොපෙනෙන ලෙස ඇයට ඉගි කරමිනි....
සර්චිකල් ටිකක් දමා පුළුන් කෑල්ලකින් තුවාලය පිස්දාපු මම ඇයගෙ ඇගිල්ල නිකම්
ගෝස් කෑල්ලකින් ගැට ගැහුවේ බෙහෙත් දාපු බවක් පෙන්වන්නටය....
මම පුළුන් කැබැල්ලට සර්චිකල් ගන්නා විට යටි තොල්පටත් සපාගෙන අත් දෙකෙන්
මූණත් වසාගත් උඹ දෙස බලා සිනහ වූයේ සිතට දැනුණ අමුතුම ආස්වාදය පෙරදැරි කොට
ගෙනය....
මමත් අනෙක් තරුණියත් උඹ දෙස බලා හඩ නොනැගෙන පරිදි සිනහ වූයේ තවමත් උඹ අත් දෙකෙන්ම මුහුණ වසාගෙන සිටි බැවිනුයි....
"..එහෙනම් දැන් හරි..ඉක්මනට සනීප වෙයි.."
"..අනේ බෙහෙත් දාලා ඉවරද..ගොඩක් රිදුනද ශානු.." උඹ මුහුණ තැලුන තක්කාලි ගෙඩියක් වගේ කරගනිමින් ඇසුවා ය..
"..හ්ම් හ්ම් ඔව්..ගොඩක් රිදුණා..දැන් ඉතින් හොද වෙයි..යමුද දැන්වත්.."
"..සර් එහෙනම් අපි ගිහින් එන්නම්..ගොඩක් ස්‍තූතියි.."
"..ඉට්ස් ඕකේ.."
මට සමු දී යන උඹ දෙස බලා සිටිද්දී හිතට අමුතුම පාලුවක් තනිකමක් දැනෙන්නට විය...
"..යකෝ යන්න එපා කියපන්..අඩුම නම්බර් එකවත් ඉල්ලපන්කො.."
මගේ හිත ඇතුලේ ඉන්න මනමාල භෘංග රාජයා කෑ ගසන්නට විය....
"..එපා එපා..උඹ උඹේ ගෞරවය තියන් ඩොක්ටර් කෙනෙක් විදිහට හිටපන්.."
මනමාල හිතට එරෙහිව අදත් මොළය නැගී සිටී...
"..ඇයි ඩොක්ටර්ස්ලට ආදරේ තහනම් ද.."
හිත අහයි...
"..නෑ නෑ ඒ උනාට නම්බුව රැකගන්න එපෙයි.."
"..අනේ උඹෙ නල්ල මලේ නම්බුව..තෝ නිසා තමා අවුරුදු 26ක් වෙලත් මූ තාම තනිකඩ.."
හිතයි මොලෙයි ශරීර කූඩුවෙන් එකියට පැන ගහගන්න වෙර දරද්දි උඹ යන්න ගිහින් හමාරය....
මේ පුංචි ශ්‍රී ලංකාවෙ කොහේ කොතනක කෙදිනක හෝ මුණ ගැහෙයි යන අහිංසක පුංචි සිතුවිල්ලෙන් මම සැනසුනෙමි...
ගෙදර ගියත් කිසිවක් කල්පනාවය නොයේ..කන්න බොන්න නාන්න නොසිතේ...හැම තැනකම
උඹම මැවේ..තනියෙන් හිනා වෙන්නෙ උඹට පිස්සුද යැයි කියා අම්මාගෙන් අහගත් වාර
පහ හයක් විණි..මම මගේ හිත උඹ සමග යැව්වාද නැතිනම් උඹ මගේ හිත රැගෙන
ගියාද...
රත්‍රීයේ නින්දක් නොඑයෙ...යාලුවෝ සමග සිටියදිද තනියෙන් සිනහ යයි...
".මොකද බන් රනුක හිනාවෙන්නෙ.."
"..නෑ පසන්..මොකුත් නෑ.."
"..හේතුවක් නැතිවම හිනායනවද දැන් උඹට...පුතේ ඕක ලව් ශික් එකේ ප්‍රධාන ලක්ෂන...සිරා විදලා වගේ ලොකුවටම.."
"..අනේ නිකම් ඉදපන් අහිංසක මට කතා හදන් නැතුව."
ඒ මගේ අතිජාත පජාත මිත්‍රයායි...මතක ඇති පාසල් කාලයේ සිට ඔහුත් මාත්
එකටය...එකම පාසලෙ එකම කැම්පස් එකේ ඉගෙනගෙන එකම හොස්පිටල් එකක වැඩ කරන්න
තරම් අපි පින් කර ඇත්තෙමු....
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් උඹ මුණ ගැහී සති දෙකකුත් අවසන් ය..එහෙත් තවම එක්වරක්වත් මම නුඹව දුටුවේ නැත...
යන එන හැම මග තොටකදීම මම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඒ නිල්නෙතුවම හොයයි...
සත්තකින්ම ඇගේ ඇස් ලා නිල් පාටට හුරුය..කොණ්ඩය බිම ගෑවෙන නොගෑවෙන තරම්
ය..ඇගේ ලා නිල් පාට ඇස්,දිගු වරලම,චූටි රවුම් මුහුණට එක් කලේ අමුතුම
සිරියාවකි.....
කල්පනා කරමින් කාර් එක ඩ්‍රයිව් කරපු මම තිගැස්මකින් කාර් එක නතර කරේ පාර හරස් කරමින් සිටගෙන ඉන්නා ජනකාය දැකීමෙනි...
වාහනයෙන් බැහැපු මම ඒ දෙසට පිය මැන්නේ කලබලය කුමක්දැයි දැනගැනීමය...
"..තමුසෙලා වගේ මිනිස්සු නිසා තමා කෙල්ලෙක්ට තියා බඩදරු අම්මා කෙනෙක්ටවත් පාරෙ බැහැලා යන්න බැරි..අද කරන්නම් උඹට හොද වැඩක්..."
ඒ සුපුරිදු කටහඩ ඇසීමෙන් ප්‍රීතියෙන් උද්දාමයට පත් මම අඩියට දෙකට සෙනග අස්සෙන් රිංගා දර්ශන පථයේ ඉදිරියටම ඇදුනෙමි......
"..බුදු අම්මෝ.." කීවා නොව කියවිණි..
අර කෙල්ල පාරෙ යද්දි අර නොසන්ඩාලයා කෙල්ලගෙ ඇගේ හැප්පිලා අහක බලන් යන්නෙ මොකද ඇයි මේ මම කලුද කිව්වලු...
අසල සිටි අයගේ දෙබස ලාවට මෙන් සවනත රැදිණි....
"..අම්මෝහ් මේකි යකෝ..කලු නෑ පුතී දැන් උඹ ඔය අපූරුවට නිල් වෙලා ඉන්නෙ..දෙන එකනම් දීලා තියනවා මදි නොකියන්න.." මම මටම මුමුණාගත්තෙමි...
එතනට මදක් එහායින් රතු වෙච්ච මුහුණකින් බිම බලන් ඉන්න ශානුව දැකපු ගමන් මට
බකස් ගාලා හිනා ගියෙ හැමදාම උඹේ බයිට් එකට ඇයව අහුවන බව සිහි වීමෙනි.......
"..ආ සර් වෙලාවට ආවෙ අනේ එන්නකො මෙන්න මූව පොලීසියට ගිහින් දාන්න.."
උඹ මං දිහා බලන් කියද්දි කාඩ් බෝඩ් වීරයෙක් වගේ මගේ කටු බොඩි එකත් අරන්
ඉතිරියට ගියෙ බෑ කිව්වනම් මටත් ඇගේ සුන්දර අතින් ඇගිලි පහ කනේ හිටින්න හෝ
සුමුදු දෙපාවෙ රැදි ඇති සෙරෙප්පුවෙන් හොද කෑමක් කන්නට වෙන බව දැනීමෙනි....
උඹ සමග පොලීසියට ගොස් ඇන්ට්‍රියකිත් දමා උඹවත් ශානුවත් බස් හෝල්ට් එකට දාපු මම ආපහු යන්න හදනකොටම උඹ කතා කලේ
"..ආ සඑ මේ නම්බර් එක මගේ.." කියමින් කොල කැබැල්ලකින් දික් කරමිනි.......
රටක් රාජ්‍යක් නෙවේ මුළු ලෝකයම මට ලැබුණා තරම් සතුටකින් මම එතනින් යන්නට ගියෙමි....
බොහෝ වේලා කල්පනා කරමු මම උඹේ අංකය ඩයක් කරේ හදවත ලබ් ඩම් ගාන වේගය දෙගුණ තෙගුණ වෙනකොටයි....
ඇමතුමක් ගන්නවා සිතා අංකය ඩයල් කරත් එක් වරක් රින්ග් වෙන විට අත ඉස්සර විණි...
ගත වූයේ නිමේෂයකි...
"..අප්පෝ මහලොකු දොස්තර මහත්තයා..ලැජ්ජා නැද්ද මිස් කෝල් ගහන්න.."
ඒ උඹෙන් ආපු පලවෙනි මැසේජ් එකයි...සියුම් සතුටක් හිතට දැනුනෙ උඹ මාව
අදුරගත්තු නිසයි.....එලෙස ඇරැඹුන අපේ හැදුනුම්කම අදවන විට බොහෝ දුර ගොස්
හමාරය...සිතින් බැදී ඇති අප නීතියෙන් අපගේම වන්නටද ඇත්තේ තව දින තුනකි....
තවමත් ඇය කතා නැත..ඇය ඉදිරියේ දණ ගසාගත් මම
"..අනේ මගෙ නපුරු කුමාරියේ..මතකද රත්තරන් ඔයාට ඒවා.." කියමින් නැවත කතාව ඇරඹිය.
"..හෝව් හෝව් හෝව්.."
"..මොකද ඉබ්බියේ බෙරිහන් දෙන්නෙ.."
"..අනේ ඔය වාහනේ පොඩ්ඩක් නවත්තපන්කො රිලා මොටෝ.."
"..හරි හරි..දැන් කියපන්කො ගෑනියෙ නිකම් අහවල් වේදනාවෙන් වගේ කෑ ගැහුවෙ මොකද කියලා.."
"..ඇත්තටම මනුස්සයො උඹ ඩොක්ටර් කෙනෙක්ද..බලකො කතා කරන කැත..නොදෝමකි.."
"..අනේ නිකම් ඉදපන් ඉදපන්..හරි හොදට කතා කරන ටීච මෙයා...හ්හ්හ්හ්හ්....මේ ඇයි කාර් එක නවත්තන්න කීවෙ.."
"..අනේ මේ මේ මේකයි..මගෙ හොද තණකොළ පෙත්තො..මේම මේම බැහැල ගිහින් අන්න අර වඩේ ආච්චිගෙන් රුපියල් සීයක පොඩි වඩේ අරන් එන්න.."
ඒ ඇයයි...ඇයගෙ ලෝකයේ පොඩි වඩේ,ටිපිටිප්,අයිස්ක්‍රීම් යනු දිව්‍ය
භෝජනයි..අවුරුදු 25 වෙලත් තවම පොඩි එකෙකු මෙන් ඇය ඉල්ලන්නේ ඒවමයි..වෙන
ආදරවන්තයො පීසා හට්,ෆයිව් ස්ටාර් හොටෙල් වල දහස් ගණන් වියදම් කරද්දි අපි
පුංචි පුංචි සයිබර් කඩ,වඩේ කඩ,අයිස්ක්‍රීම් වෙලදුන් ලග ගෙව්වෙ හරිම ආදරණිය
විදිහටයි...ඒ සැහැල්ලු ජීවිතයට මම මහගොඩක් ප්‍රේම කලෙමි...
-----------------------------------
"..සුදු මහත්තයො.."
"..ඈ,බුදු අම්මෝ මේ මොන නස්පෙත්තියක් ද.."
"..ඇයි යකෝ හිවලො.."
"..නෑ ඉතින් බටර් මොකෝ කියලා බැලුවෙ.."
සුදු මහත්තයො,පන,රත්තරන් මැණික යන වචන වලට වඩා ඇය ගොඩක් දුරට
හිවලා,රිලාමොටා,උනහපුලුවා,බලු නකුටා වගේ නම් වලින් මාව ආමන්ත්‍රණය කරන්න
පුරුදුව උන්නා..ඇය මැණික කියනවාට වඩා වැඩි සතුටක් රිලාමොටා,හිවලා යන වචන
කියද්දි හිතට දැනුනා....ඇය වෙනත් ආදර වචනයක් භාවිතා කරානම් ඒ අනිවාර්යයෙන්
මගෙන් මොනාහරි ඉල්ලා ගැනීම උදෙසාම පමණි.....
"..මේ මේ අහන්නකො බබා.."
"..මොනවද අප්පේ මගෙ මැනිකට අරන් ඕනි.."
"..හිහිහිහි..මට ඇඹුල් මොනා හරි කන්න ඕනි.."
"..ඈ මම මොකුත් කරේ නෑනෙ...මොකුත් නොකරම කොහොමද මම අප්පච්චියෙක් වෙන්නෙ.."
"..අනේහ් මේහ්..ගස් හිපාටුවො,මම මොකුත් කියන් නෑ ඉතිම්.."
"..ඇයි ඉතින්..ඇබුල් කන්න හිතෙන්නෙ එහෙම උනාමනෙ.."
"..ඔය ගල් හිපාටුවා මොකුත් කරේ නෑ කියලා දන්නවා නේද..එහෙනම් වෙන කවුරු හරි කරාද දන් නෑනෙ.."
"..ඕ ඕ ඒකනෙ ඉතින් මම මේ.."
"..උඹව කෑලි කෑලි කපලා කානුවකට දානවා දැනගම්.."
"..හම්මෝ හා හා ඉතින්..මම දන්නවනෙ මගෙ ආච්චි අම්මා කාට හරි මොනවා හරි කරත් වෙන කාටවත් මගෙ කෙල්ලට මොකුත් කරන්න බෑ කියලා.."
"..ආනේ ඉතින් ඒක නෙවේ මට ඇඹුල් කන්න ඕනිමයි.."
"..මම වෙරළු ටිකක්වත් ගෙනත් දෙන්නම්කො.."
"..මේ ඇත්තටම මට ඕනි ඔයා වගේ රිලා පැටියෙක්ව.."
"..බෑ බෑ.."
".. ඔයාට බැරිද..ඔයා එහෙම කෙනෙක්ද බබා..හයියෝ සංසාරෙ.."
"..පලයන් ගෑනියෙ යන්න..මට පුලුවන් කියලා ඔප්පු කරලම පෙන්නන්නඩ..මේ රිලා
පැටව් එපා මට ඕනි ඔයා වගේ කැරපොතු මූණක් තියෙන හා පැංචියෙක් වගේ සුදු කෙලි
පැටික්කියක්ව..ඕනිනම් දැන්ම එන්නම්.."
"..අප්පෝ නොසන්ඩාලයා..බෑ බෑ මට ඕනි පුතු පැටියෙක්ව..නැත්තම් ඔයා දුවට විතරක් ආදරේ කරයි.."
"..ශිකේ යකෝ මේකිගෙ තියෙන ඊරිසියාව..මැණික් කොටේ මේ අහන්න දූවරු එකක් නෙවේ සීයක් හැදුවත් මගේ පලවෙනි දුව ඔයා..තේරුනාද.."
"..හිහිහිහි තේරුනේ දැන් තමයි..මේ වෙරළු ගෙනත් දෙන්න හාද..තෙරුවන් සරණයි.."
සත්තකින්ම ඇය මට මගේ දුවයි .තාත්තෙක් තම දුවව ආරක්ෂා කරන්නාක් තරම් ආරක්ෂාවක් මම ඇයට ලබා දුනි....
ඔයාට මතකයි නේද රත්තරන් ඒ දවස්....එක පාරක් කතා කරන්නකො....හොරෙන් හොරෙන් ඉස්සරහට ඇදුන අපේ ආදරේ අපේ අම්මට අහු වුණ විදිහ මතකද...
"..හෙලෝ හාල්පාරුවො..ආ මේ අහනවා..කවුද අර හොස්පිටල් එක ලගදි ලගටම ඇවිත් කතා
කරපු නැට්ටුක්කාරි..නිකමට හරි කියන්න තිබ්බනෙ ටිකක් එහාට වෙලා කතා කරන්න
කියලා..නෑ ඉතින් උඹෙත් මනමාලකමනෙ...ආයෙනම් දැක්කත් නොදැක්කා වගේ
යන්නෑ..දෙන්නවම කීතු කීතු ඉරනවා දැනගනිම්..හිතන් ඉන්න ඇති මම ඕවා දකින එකක්
නෑ කියලා.."
කෝල් එක අරන් මම හෙලෝ කියන්නත් කලින් එක හුස්මට කියවන් ගියා නේද...
"..අම්මේ,කවුද කතා කරේ.."
"..චූටි පුතේ කවුද මේ ගැණු ලමයා .."
හෙමිම් සීරුවට ෆෝන් එක අරන් කනේ තියාගත්තා මම...
"..ඇයි දැන් කතා නොකර ඉන්නෙ..කෙල්ලෙක් ලගට ආවට පස්සෙ දැන් ගොළු වෙලාද උඹ.."
මටත් එතකොට තමා සීන් එක තේරුනේ.. දෙයියනේ අම්මා හිනාවෙනවා මං දිහා බලන් බඩත් අල්ලන්..
මම ඔලුවත් කස කස අම්මා දිහා බැලුවෙ කර කියාගන්න දෙයක් නැතුව..
නැවත් ෆෝන් එක ගත්තු අම්මා..
" .. මමයි හිටියෙ එයා එක්ක..පුතා මට බෙහෙත් ටිකක් අරන් දෙන්න එක්කන් ගියා." කියලා කිව්වෙ මගෙ දිහා බලන්.....
ඔව් ඒ විදිහට තමා අපේ ගෙදරින් ඔයාට කැමති වුණේ...ඔයාලගෙ ගෙදරින්නම් ඉතින්
අපිම ඇවිත් කතා කරානෙ..........ඔහොම ගලාගෙන ගිය අපේ ආදරේට දැන් අවුරුදු
දෙකක් පිරෙන්නත් ලගයි...ඒ දවසටම වෙඩින්ග් එක දාගත්තෙ අපිට ඒ දවස අමරණීය මතක
ගොඩක් එක් කරපු නිසයි ...ඒත් මගේනම් කැමැත්ත තිබ්බෙ අද ඔයාගෙ උපන්දිනේ
නිසා අද වෙඩින්ග් එක ගන්න..ඒත් කොහෙද ඉතින්..මේ පන්ඩිත ආච්චි එක්ක
බෑනෙ..."
"..හෙලෝ බබා.."
"..ඔව් කියන්න මැණික.."
"..අනේ හවස බර්ත්ඩේ පාටි එකට එනකොට හයට කලින් එන්න හොදද..අදවත් වෙලාවට වරෙන් හොදද ඔරන්හොටෝ.."
"..හා ඉතින් මගෙ බර්ත් ඩේ ගර්ල්.."
උදේ ඔයා කියපු විදිහට මම හයට කලින් ආවනෙ මැණික...ඒත් ඇයි තවම කතා නොකරන්නෙ...මේ බලන්නකො..........
මම එලෙස කියා නැගිටිනවත් එක්කම.........කාමරයේ දොර විවර කරන් ඇතුලට පැමිණියේ ශානුයි පසනුයි දෙන්නයි.........
"..නිල්නෙතු අපි යමු පහලට..රනුකගෙ බොඩි එක ගෙනාවා.." ශානු එහෙම කිව්වෙ මගේ කෙල්ලව ඇගට වත්තන් කරගෙන.....
"..අනේ මේ මං මෙතන ඉන්නවා,අනේ මේ උඹලා ලගම ඉන්න මගේ බොඩි එක පහල තියනවා කියන්නෙ උඹට පිස්සුද ශානු.."
"..අනේ පසන් උඹවත් කියපන්කො.."
"..අනේ මගෙ නෝනෙ මම මේ ඉන්නවා..අඩන්න එපා.."
මම පෝලිමට තුන්දෙනා ලගටම ගිහින් එහෙම කීවත් ඔවුන් තුන් දෙනාටන මාව ඇහුනේ නැත......
"..අනේ මගෙ මහත්තයො..නැගිටින්නකො රත්තරනේ..අනේ මේ පිස්සි කොහොමද මගෙ රන්කද
නැතුව ජීවත් වෙන්නෙ..මගේ හුස්ම උඹනෙ මගෙ මැණික..මං කොහොමද දැන් ජීවත්
වෙන්නෙ...ඇයි රත්තරන් මාව මෙහෙම තනිකරලා ගියෙ..නෑ නෑ මේ මගෙ බලු නකුටා
නෙවෙයි..මේ මිනිස්සුන්නට පිස්සු..මම දන්නවා මගේ මහත්තයා එනවා..හැමදාම
පරක්කු වෙලා එන්නෙ..ඉතින් අදත් එයි...මුන් ඔක්කොම බොරු කියන්නෙ..මාව
රවට්ටනවා..ඔයා එනවා නේද රිලා මොටෝ..අනිද්දට අපේ වෙඩින්ග් එක...ඔයාට යන්න බෑ
ඔහොම...ඉක්මනට එන්න වස්තුවේ....මට පුතු පැටියෙක් එපා..ඔයාට දූ පැටියෙක්
දෙන්නම් මම..අනේ මම ආයෙ එක එක ඒවා ඉල්ල ඉල්ල කරදර කරන් නෑ මහත්තයො..වෙලාවට
එන්න ඕනිත් නෑ..පරක්කු වෙලා ආවට මම බනින් නෑ රත්තරන්...එනවා නේද මැණික...
ඒ උනාට අද පරක්කු උනාටනම් මම උඹට හොද වැඩක් කරනවා මහත්තයො.....
"..අනේ මගෙ මැණික..මම පරක්කු උනේ නෑ..මම මේ ඉන්නවා..ඒත් සමාවෙන්න
රත්තරන්..මට ඔයාව පේනවා..ඔයාගෙ කදුලු පේනවා...ඒත් මං කියන කිසි දෙයක් මගෙ
මැණිකට ඇහෙන්නෙනෑ...ඔව් එනකොට මාව ඇක්සිඩට්න් උනා රත්තරන්...මගේ වරදින්
නෙවේ..බීලා ආපු ටිපර් කාරයෙක් මගේ වාහනේ යට කරා රත්තරන්...ඒත් මම මේ
ඉන්නවා.." මම කියන කිසි දෙයක් ඇයට ඇහෙන්නෙ නෑ කියලා දැන දැනත් මම දිගින්
දිගටම කීවෙමි......
"..ඇයි මේ ඔයාලා අඩන්නෙ..නෑ අම්මේ මේ ඔයාගෙ පුතා නෙවේ..එයා හැමදාම
ඔහොමයි..කියන වෙලාවට එන්නෙම නෑ..බලන්නකො තව ටිකකින් එයි එයා..එයාට එහෙම
යන්න බෑ අම්මෙ..මේ කෙල්ලව දාලා එයාට යන්න බෑ.."
"..ඔව් උඹ හරි නෝනෙ..මට යන්න බෑ මම මේ ඉන්නවා..ඒත් සමාවෙයන්
රත්තරන්......උඹ වගේම මමත් හීන දැක්කා මාල හතක් දාලා පෝරුවට නගින උඹේ අනිත්
පැත්තෙන් පෝරුවට නගින්න...උඹ වගේම චූටි කෙලි පැටියෙකුයි පුතු පැටියෙකුයි
හදන් සතුටින් ජීවත් වෙන්න..මට ඕනි උනේ නෑ රත්තරනේ උඹව දාලා යන්න..මම
යන්නෙත් නෑ..මේ උඹට නොදැනුනාට මම උඹ ලගම ඉන්නවා මගෙ මැණික...ඒත් ඔහොම කෑ
ගහන්න එපා..ඔච්චර අඩන්න එපා මගෙ දෙයියෝ..මේ මට උඹේ කදුලු බර වැඩි
ගොඩක්...ඔහොම දොර දිහා බලන් ඉන්න එපා මගෙ කෙල්ලෙ..එපා ඔහොම
කරන්න..පිලිගනින් සුදු නෝනෙ දැන්වත්..#මග_බලන්_හිටියා_ඇති_දැන්...#එන්න_වෙන්_නෑ_මට_යලිත්.............
නිමි...
Share this post :
--------------------------
---------------------------------
----------------------------------------------------------
--------------------------------------------------------
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.