ඔයාට ලියුමක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ඔයාට ලියුමක්.......❤️❤️
ඒ කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්ද.අයියේ බඩගිනියි කිව්වම කන්න අරන් දීලා බඩ පුරවලා කැම්පස් එකේදි තාත්තාගේ චරිතෙ කලා.මට මතකයි දවසක්,කැම්පස් එකේ පාටි එකක්.කන්න බලද්දි කෑම ඉවරවෙලා.අතේ සතේ නැති දවසක්.⁣බඩගින්නක් තිබ්බත් ඔයාට දැනෙන්න ඇරියෙ නැත්තෙ සල්ලි නෑ කියලා දන්න හන්දමයි.ඒත් අන්තිමටම බැරිම තැන කියවුන වෙලේ,කොහෙන්දෝ රුපියල් 200ක් හොයාගෙන ඇවිත් කඩ වහලා හන්දා කොටුවටම ගිහින් කන්න අරන් දීලා බඩ පිරෙව්වා...කීයක් හරි හොයාගත්තම හිරු ආසයිනේ කියලා ජීවිතේට kfcඑකකට නොගිය මාව kfc එක්කන් ගියේ,pizza අරන් දුන්නෙ ඔයා.
මං තමයි හිරු fm එක.කොයිම මොහොතකවත් නොනවතින කතාව.ඔයා මගේ එකම අසන්නා.
හිරු ⁣කතා කරද්දි එක හුස්මට කතා කරන්නැතිව පොඩි තිතක්,කොමාවක් තියලා කතා කරන්න....
එහෙම කියන්නෙ කේන්තියෙන් නෙමේ ගොඩක් ආදරෙන් කියලා මං දන්නවා....
ඔයත් එක්ක ලොකූ කතාවක්.ඉතින් පුංචි දේ වුනත් මට ලොකුයි.ඒක කියන්නම ඕනි.වෙලාව වැදගත් නැ මට ඉතිං.ඒත් කිසිම දවසක කතා කරන්නෙ නම් නැ.⁣ෆෝන් එකේ එහා පැත්තෙ ඔයා ඉන්නේ කියලා මං දන්නෙ හ්ම්...හ්ම්....බකුසු හඩින්....
හෙලෝ....හෙලෝ.අයියේ....
හැමවෙලේම හෙලෝ ගාන්නෙපා හිරු.ඒ ඔයාට කේන්ති ගිහින්.ඒ ඔයාගේ හැටි.මාත් මොකුත්ම නොකිව්වොත් මොනවත් නැද්ද අද කියන්න...ඒ ඔයා ...හ්ම්...මටත් ඒ ඇති වරුවකට කියවන්න...
හිරු අයියා බිව්වා...අයියා බිව්වා...අයියා ආදරෙයි..හිරුට....
හැමදාම කියවන්නෙ මං.අද ඔයා කතා කරන්නේ.ඔයා බීලා.කිසිම දවසක කටකින් ආදරෙයි නොකියන,හිතට දැනෙන කිසිම දෙයක් ,දුකක් නොකියන ඔයාගේ හිතේ පිරිලා තියන ආදරේ මං දැනගන්නේ එදාට.බොන්නෙ නැති කොල්ලෙක් හොයපු මං අයිය බොනවට කැමති එදාට අයි⁣යගේ හිතේ තියන පුංචි දුකත් දැනගන්න පුලුවන් හන්දා..
කැම්පස් එකේ අපේ බැජ් එකේ ඉදපු ⁣වැඩ වලට ගිහින් ගොඩක් සල්ලි හම්බකරපු,ඉදපු යාලුවෝ හැමෝ⁣ටම සල්ලි බෙදපු,කරන්න පුලුවන් හැම විදිහටම කොන්ඩේ හදලා,එකේක කාලෙට එකේක විදිහට,හාවා හද දකින්න වගේ කැම්පස් ආව අයියා,කියක් හරි අතට ආව ගමන් හිරුට මොනාහරි අරන් දීලා හැඩ බලලා සතුටු වුනේ ඔයාගේ හීන....ආස දේ පැත්තකට දාලා...
මං සුරන්ගනා කතා බලනකොට ඔයා බලන්නේ ටී වී සීරිස්...මං ආසම නෑ.අයියා හන්දා ආස වුනා.ඒත් මට කාටුන් චිත්‍රපටි ගෙනත් දෙන්නෙ ඔයා.
චිත්‍රපටිය රස වෙන්න කන්න බයිට් එක්ක,spritඑකක් ගෙනත් දීලාඒ දිහා ආදරෙන් බලන් ඉන්නෙ ඔයා.
අයියේ මේ ඇයි,අර මොකෝ..ඒ මම.හිරු මං පස්සෙ ගන්නම්.ඔයාට කේන්ති ගිහින්.පොඩ්ඩක් වරදින්න බැරුව කේන්ති යන ඔයා මං හන්දම කේන්තිය පාලනේ වුනාලු.මං කරන්නෙම කේන්තියන වැඩ.ඒත් පුංචි දේටත් කේ්න්තිගන්න මං..
ඔයා ඉස්සරහ විතරක්ම නිවුන කෙනෙක් වෙලා...
ඇවිදින්න කිවුවොත් ඊට වඩා දෙයක් නැති මට ලෝකෙ පෙන්නුවේ ඔයා..ඉස්කෝලෙ යන කාලෙවත් trip වැඩිය නොගිය මාව බයික් එකේ පිටිපස්සෙ තියාගෙන ඇවිදින්න එක්කන් ගියා.මහන්සි වුනාම තැනක් නොතැනක් නැතිව නිදියන මම ⁣බයික් එකේ ගෙදර එද්දි ,බයික් එක පිටිපස්සෙ නිදියද්දි කොන්දට හේත්තුකරන්,අතකින් බයික් එකයි.අනිත් අතින් මං වැටෙයි කියලා මගේ අතයි අල්ලන් කී පාරක් යන්න ඇතිද...වෙලාවකට ඇහැරුනාට පස්සෙත් ඒ ආදරේ විදින්න ලෝබ කමට පොඩිවුන් වගේ හොරට නිදාගෙන ගිය දවසුත් නැතුවම නෙමේ...එහෙම නිදා ගද්දි පොඩි උන්ට වගේ මාව නිදි නැතිව තියාගනන්න මං ආසම දෙලුම් ගෙඩියක්,රටකජු මල්ලක් අරන් දුන්න දවසුත් ඒ අතර තියේ..
මං ආදරෙයි පණ කියන දහසක් දෙනා අතරෙ ඔයාගෙන් කටින් ආදරෙයි කියාගන්න ඇගෙන් කෑල්ලක් ගන්නවටත් වඩා අන්ත වුනත් ඔයාගේ ආදරේ මහමෙරකටත් වඩා බව මං දන්නවා .....
හැමදාමත් ආදරෙන් හිරු ..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI