මෙි ඉර හඳ යට

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💞මෙි ඉර හඳ යට💞
"දිනෙත්.....අනේ ප්ලීස් මට නිදහසෙ ඉන්න දෙන්න...."
"ඉතින් එක තමා මාත් කියන්නෙ දිලිනි.......අද අපි නිදහසෙ කතා කර කර ඉමු.අද ක්ලාස් යන්ඩ ඕන නෑ......."
"අනෙහ්....අතාරිනව මාව.....මට....මට...මට යන්නදෙනවා......"
"ආ.....එමද ආස.....උබ හිතුවද මම උබව අල්ලගත්තෙ නිකන්ම අතෑරල දාන්ඩ කියල.....එවා හරියන්නැ කෙල්ලෙ මං එක්ක නම්......"
"තමුසෙට....තමුසෙට මම කොච්චර නම් කිවද ඔය ජරා වැඩ නතර කරන්ඩ කියල....තමුසෙ එත් මට බොරු කර කර ඒ හැම දේම කරනව....."
"මොනවද....මොනවද දැන් මම කරන ජරා වැඩ කියනව බලන්ඩ....."
"තමුසෙ කරොත් කරන්නෙ ජරා වැඩක්මනෙ බෙිබද්දෙක් වගෙ බීගෙන එනව මාව හහ්බෙන්න......මාව අතාරින්න දිනෙත්....ප්ලීස්....."
"ඇයි....අතැරියෙ නැත්තන් මොකද කියන්නෙ....."
"අතැරියෙ නැත්තන් නෙ......ඉන්නවකො කරලම පෙන්නන්න...."
දිනෙත් කියන්නෙ අපේ ඉස්කොලෙ O/L පංති වලට ගනන් උගන්නන මැඩම් කෙනෙක්.දිනෙත්ගෙ තාත්ත ලොකු බිස්නස්මන් කෙනෙක්.සල්ලිකාර පවුලක දෙවනි ළමයා තමා දිනෙත් කියන්නෙ.කාලයක් තිස්සෙ මගෙ පස්සෙන් ආදරෙ ඉල්ලගෙන ඇවිත් මම කොච්චර බෑ කිවත් අඩ අඩා අපු නිසාමයි මම ඒ කරදරෙන් ගැලවෙන්න බැරිම තැන කැමති උනේ.....කොල්ලගෙත් කියන් තරම් ලොකු වරදක් නොතිබ්බ නිසාත් එයාගෙ පවුල් පසුබිමයි අපේ පවුල් පසුබිමයි හොදට ගැලපෙන නිසාත් මම ඒ තිරිසනාට ආදරෙ කරෙ.....කාලයක් යනකොට තමා දැනගත්තෙ දිනෙත් කියන්නෙ හරි අමුතුම චරිතයක් කියල.මාත් එක්ක යාලු උන මුල්ම දවස් වල හොදට හිටියත් සතියක් විතර යනකොට ඒ ඇග ඇතුලෙ හිටපු සතා එලියට ආව.දිනෙතුත් අපේ වයසෙම මම කරන සබ්ජෙක්ට්ම කරපු නිසා අපි දෙන්නම ගියෙ එකම ක්ලාස් වලට.මාව ක්ලාස් එක ගාවින් දාල එයා යාලුවො එක්ක රවුම් ගහන්න ගියපු එක තමා කරෙ.කොච්චර කිවත් වෙනස් උනෙම නැ....මම හැමදාමත් වගෙ ඉවසන් හිටියෙ දිනෙත් කියන්නෙ මගෙ පලවෙනි ආදරෙ නිසාමයි.හවසට ක්ලාස් ඉවර වෙන වෙලාවට එන්නෙ ඇස් රතු කරගෙන.ක්ලාස් වලට දෙන සල්ලි වලින් බොන එක තමා දිනෙත් කරෙ.
එහෙම කාලයක් යනකොට තමා දවසක් එයා මට එයාලගෙ ගෙදර කවුරුවත් නැ කියල එයාලගෙ ගෙදර එක්කන් යන්න හැදුවෙ.එකට අකමැති නිසා සෙනග පිරුනු ටවුන් එක මැද්දෙ මාව බලෙන් ඇදන් යන්න හදපු නිසා මම කෑලහපු නිසා ඒ ලග හිටපු කට්ටියක් දිනෙත්ට හොදටම ගහන්න ගත්තෙ.එදා ගෙදර ගියත් මට නිදහසක් නම් තිබුනෙම නැ....එයා අපේ ගෙදරට කොල් කරන්න ගත්ත...මගෙ යාලුවන්ට මන් ගැන බොරු කියල මගෙන් යාලුවොන්වත් ඈත් කරවල මාව තනි කරවන්න හැදුවෙ.....
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
"මෙි දිලිනි බලනවකො මෙි....දිනෙත්ට කෙල්ලෙක් සෙට්වෙලා....මු එකි එක්ක ෆොටොසුත් fb දාල බං....."
"අනේ මට ඕව පෙන්නන්න එපා චතු...."
"මොකද කෙල්ලට දුකද....ආ...."
"අපෝ....කිසිම දුකක් නැ....ඒ වදකයගෙන් බෙිරුන එක ලොකු දෙයක්...."
චතු එදා දිනෙත් ගැන කියපු නිසා වෙලිල තිබුන තුවාලයක් ආයෙත් පෑරුනා වගෙයි මට දැනුනෙ.වට්සැප් එකවුන්ට් එකක් විතරක් තිබුන මට ෆේස්බුක් එකවුන්ට් එකකුත් හදන්න හිතුනෙ දිනෙත් ගැන හොයල බලන්නමයි.....චතු කිවා වගේම දිනෙත් ලස්සන කෙල්ලෙක් එක්ක ෆොටො එකක් ෆේස්බුක් දාල තිබුන.මම ෆේස්බුක් එකවුන්ට් එක හැදුවෙත් ෆේක් එකක් විදිහට.මොකද කවුරු හරි දැනගත්තොත් මම ෆේස්බුක් ඉන්නව කියල එක දිනෙත්ට ආරංචි වෙලා ලොකු ප්‍රශ්නයක් වෙයි කියල තිබුන බයටමයි.
දවස ගානෙම ඔන්ලයින් ඇවිත් මම ගිහින් බැලුවෙ දිනෙත්ව.කොච්චර උනත් ආදරෙ කරපු කෙනා නෙ කියන හැගීම තිබුන නිසාමයි.....එහෙම කාලයක් යනකොට තමා මට රශ්මික මදුෂාන් කියල කෙනෙක්ගෙන් රික්වෙස්ට් එකක් එන්නෙ.එයත් දිනෙත්ලගෙ ඉස්කොලෙමයි.මම ගොඩක් කල්පනා කරල තමා ඒ රික්වෙස්ට් එක කන්ෆම් කරේ.එක දවසක් උදේ රශ්මිකගෙන් මට මැසෙජ් එකක් ඇවිත් තිබුන...
Rashmika : Hi nishi..!!
Me :hi...
Rashmika : khmd itn
Me : hndai
කාලයක් එහෙම මැසේජ් කරනකොට මට තේරුනා එයා හොද කෙනෙක් කියල.අපි හොදම යාලුවො උනා...හොදම යාලුවෙකුට බොරු කරන්න බැරි නිසාමයි මම එයාට කිවෙ මෙික ෆේක් එකවුව්ට් එකක්.මගෙ ඇත්ත නම නිෂි නෙවෙි.දිලිනි කියල.පස්සෙ ඉතින් අපේ යාලුකම තව තවත් වැඩි උනා.මට දුකක් දැනුනම මම ඒ හැමදේම කිවෙ රෂ්මිකට.එයාටෙ ෆේස්බුක් එකේ ඉන්න විදිහෙ ඉදල චැට් කරන විසිහ පවා මට කියල දුන්න.අපි හොදම යාලුවො නිසා එයා මගෙ වට්සැප් ඉන්න නම්බර් එක ඉල්ලපු ගමන් මම දුන්නෙ....අපි ඊට පස්සෙ චැට් කරේ වට්සැප් වලින් විතරමයි.කාලයක් යනකොට තමා මගෙ ජිවිතේ ආයෙත් වෙනස් වෙන්නෙ.ඒ රෂ්මික එයාගෙ යාලුවොන්වයි මාවයි දාල වට්සැප් ග්රෑප් එකක් හදපු නිසා.
¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥
පසිදු මතීෂ බංඩාර.....ඒ අපේ වට්සැප් ග්රෑප් එකේ හිටපු කොල්ලෙක්.අපෝ....කතා කරල වැඩක් නැ.....මහ කටකාර කොල්ලෙක්.කියවන්න ගත්තම බ්‍රෙික් නැ.....එයා මාත් එක්ක ෆිට් උනේ මට අක්කෙ කියල.මට අක්කෙ කිවට එයත් අපෙ වයෙසෙමයි.මම එයාට සැරෙන් කතා කරපු නිසා එයා මට ඉන්බොක්ස් ඇවිත් මැසෙජ් කරන්න ගත්තෙ....
Pasindu : ane sry hlo oyt wihiluwt mm akke qwe
Me : aiyo....ai me????
Pasindu : ne mm bya una.oya benpu nisa.
Me : ane bya wenna epa....mm bennw ne ni.chuttk ser kra wtrne....
එදා එහෙම පටන් ගත්ත චැට් එක නිසා අපි හොදම යාලුවො උනා.මුලදි මම එයාව බ්ලොක් කරල තිබුනත් පස්සෙ මම ආය අන්බිලොක් කරෙ එයා ගැන දුක හිතිලමයි.පසිදු මට කිවෙි කිවු කිවු කියල.
"මොකද මැට්ටො මට කිවු කිවු කියන්නෙ..."
"ඇයි බං මැට්ටියෙ.....උබට තියෙන්නෙ කුරුල්ලෙක්ගෙ වගෙ කිවු කිවු වොයිස් එකකනෙ....එකයි ඉතින්...."
"ආ....එහෙමද....එනම් ඔයා අලියා...."
"ඒ...ඒ මොකද..."
"ඇයි ඉතින් ඔයා අලියෙක් වගෙ බතලයිනෙ...."
"හිත රිදෙන කතා කියන්නෙපා බං.කොච්චර කල් ජිම් ගියාද.එත් මෙහෙමමයි...."
"හා....හා....සොරි...සොරි වදෙ....අඩන්න එපා ඉතින්...."
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
මෙහෙම අපේ යාලු කම තියෙනකොට තමා දවසක් එයා මගෙන් එයාට ආදරෙයිද ඇහුවෙි.එක පාරක් මනුස්සයෙක් කියල හිතල තිරිසනෙකුට ආදරෙ කරල ආදරෙන් පැරදිල හිටපු නිසා මම පසිදුට බෑ කිවෙ ආදරයක් නිසා යාලුකමත් නැතිවෙයි කියල බයටයි.....එහෙම කාලයක් යනකොට පසිදු මට එයාගෙ කතාව කියන්න ගත්ත.එයත් මන් වගේම කෙනෙක්ට මහගොඩක් ආදරෙ කරල ආදරෙන් පැරදිල ඉදල තියෙන්නෙ.කොල්ල ඒ ආදරේ ගැන කියනකොට මටත් පුංචිවට පසිදු ගැන ආදරයක් ඇති උනත් මම ආයෙත් ආදරෙ කරන්න බය උනෙ මගෙ පලවෙනි පාර විභාගෙත් හොදට පාස් වෙන්න බැරි උනෙ ආදරයක් නිසා කියල මතක් උන නිසාමයි......
"අඩෝ කිවු කිවු....ම‍ට දැන්වත් ආදරෙයිද බං මැට්ටියෙ...."
"අනේ අලියො....පිස්සුද ඔයාට.කවද්ද කුරුල්ලෙක් අලියෙක්ට ආදරෙ කරෙ....."
"හරි...හරි ඉතින් අපිත් සුදු වෙලා කෙට්ටුවට හිටියනමි අපිටත් අහන්න කලින් කෙල්ලො ඇවිත් අපෙන් අහයිනෙ.....කොහෙද කරුමෙටම කලුයි තඩිනෙ....."
"අනේ එහෙම දෙයක් නෙවෙි පසි.....දැන් ආදරෙ කරල ජියිතෙ ආයෙත් පාරක් මට වරද්දගන්න බැ....."
"ඇයි මොකක්ද ඒ කතාව...."
පසිදු එදා අහපු නිසා මම මගෙ ජිවිත කතාව සම්පුරයෛන්ම කිවා....පසිදු ඒ සේරම අහගෙ ඉදල කිවෙි
"හරි කෙනා එනකන් ඉන්ඩ.එයා ඔාව රැජිනක් කරයි.....ඒ කෙනා මම වෙන්න පුලුවන්....මගඇරගන්න එම එපා....."
"අනෙ යනව යන්න....ඉස්සර exam කරගෙන ඉන්නව මැට්ට...."
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
අපේ exam එකේ රිසල්ට් ආවත් මට කැම්පස් යන්න රිසල්ට් මදි නිසා මම ප්‍රයිවට් කැම්පස් එකක ඉන්ජිනේරින් කරන්න ගියෙ.පසිදුටත් කැම්පස් එකක පොඩි කොස් එකක් ඇවිත් තිබුනත් එයා ගියෙ නැත්තෙ එයාගෙ ටාගට් එක ඒක නොවෙන නිසාමයි.එයත් වෙන ප්‍රයිවට් කැම්පස් එකක මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරා.....එ් කාලෙදිත් පසිදු මගෙන් යාලු වෙන්න ඇහුවත් මම හිතේ ආදරෙ තියාගෙන බැ කිවෙි එයා ආදරයක් නිසා එයාගෙ ජිවිතෙ වරද්දගනි කියල තිබුන බයටයි.මම කොළඹ ගියපු නිසා එයා මන් ගැන වෙනදටත් වැඩිය හොයන්න බලන්න ගත්ත.දවසක් හවස 4ට ලෙක්චස් ඉවර උන නිසා මම තනියම බස් එකේ ගෙදර එනව කියල දැනගෙන මට හොදටම බැන්න....
"මෙි පිස්සුද මැට්ටි....ගෙදර යන්නෙ....දැන් කිය වෙනවද බලනව ගෙදරට යනකොට...."
"අනේ....බනින්න එපා ගෙම්බො....මම වැරදි වැඩක්ද කරන්නෙ...."
"ඔව් වැරදි තමා....කෙල්ලෙක් තනියම රෑ වෙලා බස් වල යන්නැ මොඩියෙ...."
"හරි....හරි....සොරි ඉතින්.....ආය එහෙම කරන්නෑ....."
"දැන් ටවුන් එකේ ඉදල ගෙදරට යන්නෙ කොහොමද ....."
"බස් එකේම තමා...."
"බස් තිබුනෙ නැත්තන්...."
"විල් එකක් අරන් යනව......හි..."
"නැ...නැ...එපා....මට කියනවකො පොල්ගහවෙල හරයෙන්.....මම එන්නම්...."
"අපෝ....ඔයා එන්ඩ එපා...."
"පැහෙන්නැතුව මම කියපු දේ කරනව ගෙම්බි...."
පසිදු මං ගැන ගොඩක් හොයන්න ගත්ත.එදත් මම යනකොට එයා ටවුන් එකට එයාගෙ බයික් එකෙ ඇවිත් හිටියා.එයා කිව වගෙම බස් තිබුනෙත් නැ....ස්ටෑන්ඩ් එකෙ හිටපු කොල්ලො වගයක් මට අනම් මනම් කිවෙ මම තනියම ගියපු නිසයි.පසිදු එතන්ට දුවගෙන ඇවිත් මගෙ අතින් අල්ලගත්තෙ මගෙ ආරක්ෂාවට.එදා එයා මගෙ අතින් අල්ලුවත්
"අනේ සොරි ඇ....අරුන් එක එක එවා කිව නිසයි මම එහෙම කරෙ...."
"හම්ම්ම්ම්......කමක්නැ අනේ...."
එදා පසිදු මගෙ අතින් අල්ලගන්නකොට මට අමුතුම හැගිමක් දැනුනෙ.පසිදු මාව පරිස්සමට ගෙදරටත් ගෙනත් දැම්ම.එත් අපි අතරෙ තිබුනෙ යාලුකමක් විතරමයි.....
**************************************************
"අඩෝ මෙි කිවු කිවු මම ආය වද දෙන්නැ....මගෙ ඩිග්රි එකත් ඉවර වෙන්න ගලයි.දැන්වත් කියනවකො කැමතිද කියල....."
"පිස්සුද....අපි හොදම යාලුවො..... එච්චරයි...."
"හම්ම්ම්ම්....එහෙමද....මම යන්නම්.සොරි මෙච්චර කාලයක් හිතින් ආදරෙ කරාට.....ඔයා එනම් හොද කෙනෙක් හොයාගෙන මැරි කරල සතුටින් ඉන්න.මෙි අලියව මතක් උනොත් කතා කරන්න.....බායි...."
පසිදු එහෙම කියල යන්න හදනකොටම මගෙ හිත කිවෙම මෙච්චර කාලයක් හිතේ තියන් හිටපු ආදරෙ එයාට කියන්න කියලමයි.පසිදු බිම බලාගෙනම දුකෙන් යන දිහා මොහොතක් බලන් හිටපු මම....
"අලියො.....ගෙම්බො....අනෙ ඔහොම ඉන්නවකො තඩියො...."
"ඇයි බං කිවු කිවු කැගහන්නෙ...."
"මම ආදරෙයි මැට්ටො ඔයාට.මෙච්චර කාලයක් මාත් ඔයාට ආදරෙ කලා...."
"මට හරියට ඇහුන්නැ....ඔයා මට ආදරෙයි කියනව වගෙ තමා ඇහුනෙ...."
"ඔව්..ඔව්....එක තමා කිවෙි......මම ආදරෙයි....ඔයා තමා මගෙ පන....."
"අම්මො.....ඇති යන්තන් දැන්වත් මැට්ටි මට ආදරෙ කිවා.මාත් ගොඩාක්...ගොඩාක්....ගොඩාක් ආදරෙයි වස්තු ඔයාට....."
ගෙවල් දෙකේම ආශිර්වාදය මැද මම පසිදුගෙ මනමාලි වෙලා එයා ගාවට ගියෙ හරිම සතුටින්.මොකද අපි ආදරෙ කරන්න කලින් හොදම යාලුවො නිසා අපි දෙන්නට දෙන්න හොදටම අදුරන නිසයි.....
ලියන්නෙ : දුෂාන්
#Dushan
#ආදරෙ කරන්න කලින් හොදම යාලුවො වෙලා හිටියම ඒ ආදරෙ හරි අමුතුම ලස්සනක් තියනව.මොකද දෙන්නට දෙන්න හොදින්ම අදුරන නිසා.එක පාරක් දෙපාරක් හරි කිප වතාවක් හරි කට්ටිය ඇවිත් ගියොත් ගිය අය ගැන දුක්වෙන්ඩ එපා.....මොකද ඒ නියම කෙනා නෙවෙි.නියම කෙනා එනකන් ඉවසන් ඉන්ඩ.හරි කෙනා ආවම මුලු ජිවිතේම ලස්සන වෙනව.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI