හිමි නැති නුබේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හිමි නැති නුබේ
හිමි වූ දෙහදකට ලැබෙන ආදරේ ...
*******. .**********
ආදරෙයි ආදරෙයි කිව්වට .... , ඒක ආදරේමත් නෙමේ ...
ඒත් ආදරේ නෑ කියන්නත් බෑ ඒ හිතේ ....
මොනා උනත් කියන්න තේරෙන්නෙ නෑ ... පනට පන දෙන්න වෙලාවකට
ගොඩක් ආදරෙන් ඉන්නවා මාත් එක්ක ... ආයෙමත් හිටි හැටියෙම වෙනස් වෙනවා
යකා වගේ ඇගට කඩා පැනලා පිහියෙන් අනිනවා වගේ වචන එකක් දෙකක්
කියලා ෆෝන් 1 ක cut කරනවා ... දවස තිස්සෙම මේ ගැන හිතලා හොටු පෙරන් අඩන්න
මමත් දක්ෂ නැතුවමත් නෙමේ ... හී හී ... මටත් ඉතින් ලැජ්ජ නෑනේ ... ටික වෙලාවක් තරහයි
ඊටත් වඩා දුකයි දෙකම තියෙන නිසා ටිකක් වෙලා ඉදලා ආයේම මන් Call කරනවා ...
ඔන්න අර කලින් රකුසු මූන පොඩ්ඩක් විතර හිනාවක් දාලා ... මූණ දිහා බලන් ඉන්නවා හරී
අහිංසක විදිහට ... හැබැයි කපටියා ... ඒත් එක්කම දුකක් හිතුනත් දුකක් හිතුනෙ නැති ගානට ... , ඇයි ... ?? මොකෝ ... ??? ගත්තේ අහ් ... : ? කියලත් අහනවා .... මාත් ඉතින්
කදුලු උල්පතනේ ... ඇස් වල කදුලු කැට පුරෝගෙන බලන් ඉන්නවා පොඩ්ඩක් වෙලා ...
ඔන්න ඉතින් එහෙන් ආයේම කියනවා "සද්දෙ නැති වෙලා මොකෝ කතා පෙට්ටියේ "... ??
ඒයි පිස්සු හොල්මන කෝ .. " කතා කරන්න ... : කතන්දරයක් කියන්න මට අහන් ඉන්න
කියලා ... හාහාහා ... මං ඉතින් මුකුත්ම නොකිය හිතින් හිතා ගන්නවා
' කොහෙන් ආව පිස්සෙක්ද .. ? " මේ ... ??? මුකුත් නොවුනා වගේ හිනා වෙලා කතා කරනවා ...
ඔන්න ඒ අතරේ ' ඒකට පලි අල්ලන්න ඉතින් "මමත් හීනියට " වගේ පටන් ගන්නවා ...
හී .... ඇනුම් පද එකක් දෙකක් විතර කියලා ... එතකොට හිතේ කලින් තිබ්බ තරහා
නැති වෙලා යනවා ... ඒත් මං හොඳටම දන්නවා ඒ හිතේ නම් තරහා පොඩ්ඩක් වත් නෑ දැං ...
' මාත් ඉතින් ' චූටියට බටු ඇටේ වගේ හිටියට ' රන්ඩු කෙක්කක්නේ ... හැමදාම අපි රණ්ඩු වෙනවා ... , තරහා වෙනවා ... , හැබැයි ඒ ... ; සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුවම ...
හරියට නිකන් රන්ඩු නොව්න දාට කෑවේ නෑ වගේ ... පුරුද්දටද මංදා දවසට එක පාරක් ,
දෙපාරක් රන්ඩුනම් වෙනවාමයි ... මොනා උනත් ඒ ඇස් දෙක දැක්ක ගමන් මගෙ හිතේ ආදරේ නම් පිරිලා ඉතිරිලා යනවා .... ඒත් මන් දන්න එක දෙයක් තමයි ; කොච්චර පන දෙන්න ආදරේ කලත් ... ඒ ලස්සන අහිංසක .., මනමාල .. , කපටි කමත් ටිකක් තියෙන හීනි ඇස් දෙක කවදාවත් මගේම වෙන්නේ නෑ කියන දේ ...
ඒ උනත් ඒ ඉන්නෙ මගෙ පන ... හරියටම
කිව්වොත් ඒ තමයි මාව එක තප්පරයක් හරි ජීවත් කරවන මගේ ලෝකේ මගෙ ජීවිතය ...
කවදාවත් ඒ ඇස් දෙක අමතක කරගන්න බැරි තරම් මං ගොඩා ....ක් ... ගොඩා .... ..... ක් .... ආදරෙයි ....
කවදාවත් ලඟකට මූණට මූණ හම්බ වෙලා ඒ ඇස් දැකලා නැති උනාට .. ;
එන Video Call එකෙන් නම් දැකලම ඒ අහිංසක ඇස් දෙක මගේ හිතේ ගැබුරේ අඩියටම තැන් පත් වෙලා ඉවරයි ... අහම්බෙන් කතා කරලා ... අහම්බෙන් ලං උනු අපේ ආදරේ වගේම එයත් හරි පුදුම චරිතයක් ... වෙලාවකට මටම තේරුම් ගන්න බෑ ... මාව මටත් වඩා හොඳට තේරුම් අරන් මටත් වඩා හොදට මන් ගැන දන්නෙ එයා ... ඒ ආදරේට වෙලාවකට ලොකු
ලෝබ කමක් ඇති වෙනවා මට ... ඒත් ... ; ඒ මට අයිති නැති මේ ආත්මෙ අපිට අපේ වෙලා එකතු වෙන්න බැරි වස්තුවක් ... මන් ඉතින් ඒක මුල ඉදන්ම දන්නවනේ ....
ඔන්න ආයෙත් මගේ පිස්සූ මැට්ටා අහනවා ... " මොනාද කල්පනා කරන්නෙ ඔය තරම් ... " ??
ඇයි ආයෙම රන්ඩු වෙලා මගෙන් බැනුම් අහන්නද හදන්නේ ... ??? උබට ඉතින් රන්ඩු නොවී
ඉන්නත් බෑනේ මාත් එක්ක ... මොනාම හරි අල්ලන් කියව ගන්නම එපැයි ... :
අනේ මේ ..!!
කට වහන් ඉන්න ... කව්ද දන්නෑ දැන් වෙනස් වෙලා තියෙන්නෙ ... හැම වෙලේම මට බනිනවා ... මාත් එක්ක කතා කරන්නේ නෑ ... , කොයි වෙලාවෙ බැලුවත් Room එකේ නෑ .. කොහේ හරි මඟුලක යනවා ... කතා කරන්න වෙලාවක් ඇත්තෙම නෑ ... ඉන්න වෙලාවට මාව මරන් කන්න හදනවා ... මෝඩයා ... !
මේ පාරනම් ආයේ මට බනින්නෙ නෑ කියලා දන්න නිසා මගෙ කටට
ටිකක් පන එනවා මොනාම හරි කියලා බනින්න ... හී හී ... දැං සද්ද නැතුව ඔක්කොම අහන් ඉදලා ...
හරි හරී ; " සුදු මැණික " මං විහිලුවක් අනේ කලේ "... 'කේන්ති ගන්න එපා ' ...
පව් මොනා උනත් මට ආදරෙයි ඒ මැට්ටා ... අනික දන්නවනේ තව ටිකක් එයා කියෙව්වොත්
වැස්සක් වහිනවා වගේ සට සට ගාලා කදුලු බේරෙනවා කියලා මගෙ ඇස් වලින් ... මාත් කෙක්ක වගේ එල්ලි එල්ලි කියෙව්වට හරි බයයි මේ මෝඩයට .. " ඇයි ඉතින් කේන්ති ගිහාම යක්කු පරාදයිනේ ... '
අයියේ...." " මේ "
ම්ම්ම්ම් " .... ඇයි ???
නෑ අනේ නිකන් ... " ආ ... " මේ : ඒක නේමේ ... "
" එහෙනම් කෝකද බං "
ඔන්න ඉතින් බූරුවා කට ඇරියොත් වල් ... ;
මමද යකෝ වල් .. ??? කව්ද දන්නෑ දැං හොද ගානට වල් වෙලා ඉන්නේ ... ??
අනේ නංගි මේ " අපි වල් නෑ හරිද ... ඔයා තමා මාවත්වල් කරලා තියෙන්නේ ... "
ආආආ ... " ඇත්තද " චූ කොල්ලො .. " වල් බල්ලා .. "
උබත් ' ඉතින් " වල් බැල්ලි " ... හී හී හී ...
මෝඩයා "
" කෑවද සුදූ ඔයා ... " ??
ඔන්න දැන් තමා දෙන්නා එක්ක කියෝලා කියෝලා මගේ හැමදාම වගේ සුපුරුදු
මාතෘකාවට ආවේ ... ;
ඔව් දැං කාලා ආවේ ..." හලෝ "
අදත් කොහේ හරි යනවද අනේ ඔයා ... ??? අද " කොහෙද " යන්නේ ???
" හ්ම් " .... ඔව් ... අද පොඩ්ඩක් සමීරයගේ කාමරේට යන්න ඕනේ ... "
ඔව් ... ඔව් ඉතින් ඔයාට රවුම් ගහනවා ඇරෙන්න වෙන වැඩක් නෑනේ හැමදාම ... '
" නැතුව අනේ ... " අපිට ඉතින් " එක තැනකට වෙලා ඉදලා පුරුද්දක් නෑනේ නංගී " ...
අනේ " මේ ... " මගෙන් මුකුත් ' අහගන්නෙ නැතුව " පලයන් .. ;
ඇයි යකෝ ... :
එයා ඉතින් හිනා වෙවී ඉන්නවා .. දන්නවා මේ ටික ඇහුන ගමන් මට තද වෙනවා කියලා ...
" ඔයා දන්නවනේ සුදු මැණික " මගෙ හැටී ...
හරි හරි ඔයා මේ බයෙන් දගලන්නෙ අද බොයි කියලනේ .. ??
අද බොන්නේ නෑ බං .. ; බොන්න නෙමේ කඩේට පොඩ්ඩක් ගිහින් එන්න යන්න ඕනේ
සමීරයා එක්ක .. " ඌටත් මොනාද ගන්න ඕනේ කිව්වා .. "
ඒ ඇවිත් ඉතින් එක " සෝජූ බෝතලයක් වගේනම් ඉතින් බොනවා "
" අනේ මගෙ කට " .. : ඔයාට කියනවට වඩා හොදයි පහල තියෙන
කලු ගලක කට අතුල්ල ගන්නවා ගිහින් මන් "
" ඉතින් අතුල්ල ගන්නකෝ ගිහින් " හැමදාම කිය කිය ඉන්නේ .. ?
හී .... හී .... හී ....
තව හිනා වෙන්නත් එනවා මෙතන ; " චූ කොල්ලා "
උබව හදන්න බෑ කවදාවත් .. :
" අපිව හදන්න දෙයක් නෑ නංගී " අපි කාලා බීලා ජොලියෙ ඉන්න ;
හොදට හැදුනු කොල්ලෝ ... "
අනේ ඔව් මං දන්නවනේ ඉතින් " ඔය ඉන්න දෙන්නා තුන් දෙනා ගැන "
මොනා උනත් ; සමීර . , අවිශ්ක ., බන්ඩා ., කියන්නෙ නම් ඕන දේකට මෙයා
එක්ක එකට ... සමීර අයිය නම් බොන්නෙ නෑ ... : හැබැයි අනිත් දෙන්නා තුන් දෙනා නම් " ...
කතා කරලා වැඩක් නෑ ... " එතනින් බන්ඩා අයියනම් හරි අහිංසකයි ... මූණ දැක්කත් මගෙ ඇස්වලට කදුලක් එන සයිස් එකේ අහිංසක චරිතයක් ... ඒකටත් එක්ක
" අවිශ්ක අයියා " මේ මැට්ටා , අයියෝ බොන්න දන්නෙම නෑ ... හී ... කට ඇරියොත් සුද්ද සිංහල භාෂාවෙන් පොත් දහයක් විතර ලියන්න කියන්න තරම් අති දක්ශයො දෙන්නෙක් ...
ඒ උනාට හිත හොදයි ... ඒකනේ මං ගොඩක් ආදරේ මෙයාලට ..
අපේ අම්මනම් මගෙ මැට්ටට කියන්නෙ " අං කූරා " කියලා ... හා හා හා ...
අවිශ්ක අයියට නම් " සුදු කොල්ලා " , " සුදු බෝලේ " වගේ නම් තමා ...
පව් නේද මොනා උනත් ... ?? " අං කූරා ... " 😂😂😋😁
ඒකනේ ... " සුදූ " ඔයා දන්නවනේ මං හොදයි කියලා ..
ම්ම් .. ම්ම්ම් ... ඔව් ඔව් දන්නවා දන්නවා ...
අයියේ මේ .. " අනේ රත්තරං බොන්න එපා සුදූ ඔහොම හැමදාම "
දැං ඒක පුරුද්දට ගිහින් ඔයාට " වරෙන්කෝ ඊට පස්සෙ අරහේ කැක්කුමයි ..,
මෙහෙ කැක්කුමයි කියන්න ..., අනේ මන් නම් ඇහැක් ඇරලා බලන්නෙ නෑ ආයෙනම් "
" ඕන මඟුලක් කර ගන්න ... " ඇයි අනේ
" මං ආයේ කියන්නෙත් නෑ හොයන්නෙත් නෑ "
මේ කී වෙනි පාරද ඔයා කියන්නේ ??? හේ හේ හේ
හැමදාම ඉතින් ඔයා ඕක කියලා ; ඔයාම හොයලා බලනවනේ ...
ඔයා ඔහොම කිව්වට ඔයාට එහෙම ඉන්න බෑ කියලා " මං දන්නවනේ සුදු මැණික "
" කපටියා ... නරියා ... මෝඩයා ..."
" උම්ම්මා ... "
ආහ් ... හා ... එනවා දැං මෙතන බොරුවට " උම්මා " දෙන්න
හරි අනේ බය වෙන්න එපා ; " අද බොන්නේ නෑ වස්තූ "
හා එහෙනම්ම්ම්ම් .... කමක් නෑ , හොද ලමයා ... " උම්ම්ම්ම්මා ....
( අම්මා එහාට මෙහාට වෙනකන් ඉදලා මාත් ඉතින් පොඩි Kiss 1ක් දෙනවා )
අම්මෝ කපටි කම " මේකිගේ ... අම්මා යනවද , එනවද බල බල
උම්මා දෙනවා ... " උබද ... උබනම් මහා ........ ;
හී ... හී .... හී ....
එහෙම තමා .. අපි " හොඳට ලැජ්ජ බයට " හැදුනු කෙල්ලොනේ ..
ඔව් ඔව් ... කොහෙද දන්නෑ හොඳ ... ?? අනේ උබේ ලැජ්ජාව ..
" හිටපන්කෝ මං අල්ල ගන්න " වෙලාවක ...
අනේ දණ්ඩෝ ....
මං ගිහින් එන්නම් වස්තූ ... !
අනේ දැන්ම යනවද සුදූ ... ???
ඔව් යන්න ඕනේ .. ගිහින් ගන්නම් ඔයාට මං ... ,
අනේ ................
අනේ කියන්නෙ අනේ .... ගිහින් ඇවිත් ගන්නම් මැණික ....
හ්ම්ම් ...
හ්ම්ම් ... කියන්නෙ මං එයා යනවා කියන එකට කැමැත්තකින් නම් නෙමේ .. එහෙම නොකිය
කියවන් ගියානම් ඒ පිස්සට තරහා යන්නෙ හරියට නිකන් වලිගෙ පෑගුන බලු පැටියෙක්ට වගේ .. එතකොට මං බැනුම් ගොඩාක් අහලා එයත් තරහින් මූන එල්ලගෙන යන ගමන යන්නේ .. ඒ නිසා එයාගෙ යන ගමන මස්ත බාල්දු කරලා යවන්න බෑනේ මොනා උනත් .. ඉතින් හිතේ දහයක් දේ හිර කරන් තමා මම ලා හිනාවක් දාලා හ්ම්ම් .. කියන්නෙ ...
බුදුසරණයි ... ඡේසු පිහිටයි ... !
ආදරෙයි ... උම්මා ... උම්මා .... උම්ම්ම්මා ....
" මං ගිහින් එන්නම් සුදූ ... "
හා වස්තූ පරිස්සමින් ගිහින් එන්නකෝ ...
" පරිස්සමින් අහ් " ... !
බුදුසරණයි ... ඡේසු පිහිටයි ... !! රත්තරං ...
බුදුසරණයි ... ඡේසු පිහිටයි ... ! කියන දෙකම කියන්නෙ එයා බෞද්ධ .. මන් කතෝලික
නිසයි ... දැං එයාටත් ඒක කියලා පුරුදු වෙලා ...
ගිහින් ගන්න සුදූ මට හරිද ... ??
හරි හරි .. හා අනේ ... ගන්නම් ගන්නම් ...
ම්ම්ම් ..." ගනී කියලා බයයි ... " මැට්ටා ... උම්ම්මා ....
ඔන්න ඉතින් ගියා රව්මේ ... අයියෝ දැන් නම් වස කම්මැලියි මට ...
එයාගෙ හැටි ඔහොම්මමයි ... ගෙදර ඉන්න වෙලාවක් අල්ල ගන්නම බෑ ... හිටියත්
ඉතින් " කකුල් දෙකම රිදෙනවා " පපුව රිදෙනවා " ඔලුව රිදෙනවා " එහෙමත් නැත්තන්
බොරු තරහක් අරන් මාත් එක්ක රන්ඩු වෙලා හරි " දොයි බබා තමා "
අපේ ආදරේ මේ ගෙව්න දවස් , මාසත් එක්ක අව්රුද්දක් වෙන්නත් ලඟයි ... හැමදාම
මේ විඳිහ තමා ... මොනා කරන්නද මාත් ඉතින් ගොඩක් ආදරෙයිනේ ... ඒ නිසා නැතුව ඉන්නත් බෑ ...
" මට අයිති නෑ රත්තරං ඔයාව " මං වගේම ඔයත් මට ගොඩක් ආදරේ කලාට
ඔයාව ලැබෙන්නෙ වෙන කෙනෙකුට ... මං එතනින් උදුරන් ඔයාව මගේ කර ගන්න
කැමති නෑ .. ඒත් මං මේ ආදරේට ගොඩක් ලෝබයි .. ඔයා මට ආදරේ කලාට ඔයාගෙ හීන
ඔක්කොම ඇත්තෙ එතන ... මට ඔයාව ඒ හීන අතරින් මගේ ලෝකෙට ගෙනාවොත් ගොඩක්
පව් පිරෙයි ... කවදාවත් ගෙවලා නම් ඉවරයක් කර ගන්න බැරි වෙයි ඒ පව ...
අපි නොදැක ගොඩක් ලං උනා .. ගොඩක් ආදරේ කලා ... දවසක අපිට අපි අයිති නෑ කියලා දැන දැනම ... ඒත් ඒකට කාලය දැං ටික ටික ලං වෙනවා ... ඔයා එයාගේ අත අරන් පෝරුවෙ
නැගලා හිනා වෙලා ඔයාගෙ හීන වලට ලස්සනට යන දවස වැඩි ඈතක නෙමේ කියලා මට දැනෙනවා වස්තු ... හිත නම් පිලිගන්නම කැමති නෑ ... ඒත් ඇත්ත ඒකයි .. යථාර්තයට මූණ
දෙන්න ඕනෙනේ ... වෙලාවකට හිතෙනවා ඔයාගෙන් ඈත් වෙලා ගිහින් පාඩුවෙ ඉන්න .. ඒත් එහෙම කරන්නෙත් කොහොමද රත්තරනේ මං ..
ඔයාට ඕන දවසක යන්න .. මගෙන් කිසිම බාදාවක් නෑ .. හැබැයි ඒ වෙනකන් , " ඒ අන්තිම තප්පරේ වෙනකන් හරි " මාත් එක්ක ආදරෙන් ඉදලා යන්න සුදූ .. " ඔයා මගෙ පන " ... ඔයා
නැතුව කොහොම ඉන්නද ... ? කොහොම හිත හදාගන්නද ... ? මාව මැරිලා යයි ... ඇයි
රත්තරනෙ වෙන කෙනෙක්ගෙ වෙලා ඔයා මගේ ආදරෙත් මේ තරම් ලබා ගන්නෙ ... කලින් ආත්මෙක ඔයා මගේම වෙලා ඉන්න ඇති .. ඒත් මං ඔයාව දාලා යන්න ඇති ... ඒ හිංදා වෙන්න ඇති මේ ආත්මෙත් මට ඔයාගෙ ආදරේ ලැබුනට හිතින් ගොඩක් තනියම විඳවන්න ඔයා මගේ නොවී ඉපදුනේ ...
හැමදාම ඉතින් තනියම හිතේ දුක හිර කරන් මං කල්පනා ලෝකේ අතරමං වෙන්නේ
මේ ටික හිත හිත තමයි ... වෙලාවකට ඉවසන් ඉන්න බැරිම උනාම Fb පැත්තෙ වගේ රව්මක් දාලා හිත පොඩ්ඩක් විතර හදා ගන්නවා .. අපේ ආදරෙත් වෙලාවකට
ඉස්සර කාලේ අපි අහලා තියෙන සුරංඟනා කතා වගේ .. වෙලාවකට නම් මහා බොළඳ
ආදරයක් ... ලබන ආත්මෙක වත් අර අං කූරා මගේම වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ... !
එහෙම වෙයි නේද ... ?? මගේම මගෙ විතරක්ම .... ! අං කූරා කියලා කිව්වෙ ආදරේට ඉතින් ..
ඒ මගෙ සුදු බෝලෙනේ ... මගෙ ජීවිතේ කොටස් කරුවා ...
ට්රීංං ... ට්රීංං ....
හෙලෝ " ආ ." .. ඇයි ... ඇවිත් ගන්නම් ... පස්සෙ ගන්නම්කෝ ...
ඉන්නකො " සුදු මැණික ."..
මං හෙලෝ කියන්නත් කලින් Call 1 ක Answer වෙද්දිම ඉතින් ඇහෙන්නෙ ඒ ටික තමා ..
හ්ම් .. හා .. හා ... ජේසූ පිහිටයි ... ! බුදු සරනයි ... ! පරිස්සමින් වස්තූ ..
" හා බුදු සරනයි ... ! ජේසූ පිහිටයි ... ! උම්මා .. තියනවා මං "..
" හ්ම්ම්ම් ...."
පාලුයි ......
ආදරේ දුකක්ද සතුටක්ද ... ?? අනේ මන්දා නේහ් ...
අන්සතු ඔයා ...
හිමි නෑ කියා ...
බොලඳ හිත මගේ
හඩා වැලපිලා ...
හිමි වෙයි කියා ...
හදනු බෑ හිත මගේ
දන්නා නිසා ...
දවසක ඔයා ...
යනවා දමා ..
බලා ඉන්නම්
නිහඩව පපුවේ
දුක හිර කර තබා ...

යාලුවනේ මේක සත්ය ආදර කතාවක් ඇසුරෙන් ලියපු එකක් ...
නිකමට වගේ ඒ ගැන ලියලා දාන්න හිතුනා ... අඩු පාඩු නම් ගොඩාක් ඇති ...
ඒකට මේක කියවන හැමොගෙන්ම සමාව ඉල්ලනවා ...
ඉතුරු ටික ආයෙම දවසක ලියලා දාන්නම්කෝ .. අවසානය තාම හිතා ගන්න බෑ ...
වෙන කෙනෙක්ට අයිති කෙනෙක්ට අහම්බෙන් ලං වෙලා ... ගොඩක් ආදරේ කරලා
දවසක වෙන් වෙනවා කියලා දැන දැනම ආදරේ දුක පපුවට තුරුලු කරගෙන ඒ ආදරේට
ගොඩක් ලෝබ කමින් ... විඳින විඳවන ... කටකාර දඟකාර ඊටත් වඩා බොළඳ කෙල්ලෙක්ගෙ ආදර කතාවක් ... හරියටම කියනවා නම් ... "තව මහා කදුලු වැස්සක් අත ලග තියාගෙන පීනන්නවත් දන්නෙ නැතුව මහා ගඟක ගිලි ගිලි ගොඩට එන්න ගානක් වත් නැතුව නොහිතන වෙලාවක ගිලෙනවනම් ගිලුනාවේ " කියලා හිතන " මෝඩ කෙල්ලෙක් ... "
හී හී හී ....
ඉතුරු ටික පස්සේ ... 😉
ඔයාගෙ ආදර කතවෙත් මේ වගෙ ලස්සන ලස්සන දෙබස් තියෙනවනම් එයාට පේන්නයි පරන අතීතේ මතක් වෙන්නත් එක්ක ශෙයාර් කරන්නකෝ..
තව ඔයාගෙ අදහස කියලා තව ලස්සන කත ටිකක් ඇති යට ඒ ටිකත් කියවන්නකෝ..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI