මහනෙළකි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
......මහනෙළකි නුඹ මට ...
උබට සිංහල තේරෙන්නෙ නැද්ද ...අත උස්සලද උබ කැම්පස් ආවේ,හසරැල් .
ඕ.. යස්...අපේ පිනා ආවා ඕෆ් පීරියඩ් එකක..එ
වෙලාවේ ඇට්ලස් චූටී පෑන් දෙකකින් ඩෙස් එකට තට්ටුව දදා ..එයා දිහා බලන් ..මෙහෙම කිය කිය හිටියෙ..ඔබට සිත ආදරේ කරයි.
දෙතොල ගොලුවී සිටී..නැගුනු සෙනෙහේ කියනු බැරිවී ,,, මගේ සිත වේදනා විදී...
පිනා ආවා..ඇවිත් ඇහුව කැම්පස් යන උන් අත උස්සපල්ලා..තරින්දි ඉස්සුව අත..ආයෙ කොහෙද ..ඒකි යන්නෙ අපායටද මමත් එසැනින් අපායට .. ..මමත් අත ඉස්සුව....
විහිලු නෙමේ බන් ,එපා උබේ හැම හුත්තම මගෙ ෆ්බ් එකට ටැග් කරන්න..තමන්ගෙ ජංගි තමන්ගෙ වැලේ වනාගනින් අනුන්ගෙ වැල් වල වනන්නෙ නැතිව..
එහෙම කියන්න එපා සහෝ...තමන්ගේ වැලේ අව්ව නැතිනම් අනුන්ගෙ වැලේ හරි වනාගන්න ඕනෙ..උබ දන්නවනෙ තරින්දි මගෙ ෆ්බ් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවුනට උබේ ෆ්‍රෙන්ඩ් ..ඉතින් මගෙ සුදු මැනිකෙට පේන්නයි උබේ එකට ටැග් කරන්නෙ..
අහපන් මෝඩ පකෝ...තෝ ඒලෙවල් කරන කාලෙ ඉදන් තරින්දිට ටෝක්ලුනෙ..
ඕ යර්ස් මගෙ වන් ඇන්ඩ් ඔන්ලි ආලය..
ඉතින් ගස් බල්ලො ,තො අවුරුදු දෙකක් ටෝක් කරලත් බැරි උනානෙ දැන් කැම්පස් එකේ කියල හා කියයිද ..
උබ දන්නවද මම මේක තොට කියන්නෙ එකසිය පනස් දෙවනි පාරට..මම ඕලෙවල් ගොඩදාගත්තෙ නිකන් චන්දිමාල් සීයක් ගහනව වගේ පට්ට අමාරුවෙන්..මොකද ඒ කාලෙ පට්ට ගොන්..
දැන් කියල වෙනසකුත් නැනෙ උබේ...
ඕ.යර්ස් උබ එක්ක ඉදල තවත් ගොන් උනා..මොකද උබ නාබර කේප්ප වස්සනෙ.
ඉතින් මගේ තරින්දි කෙල්ල කොහෙද ඉදල ඒලෙවල් ක්ලාස් එකට පතිත උනා ..ඒකි මගෙ මුලු ජීවිත චක්‍රයම වෙනස් කලා..මම දැනගත්ත කැම්පස් යන බව ,අතට ආපු එක කටට දාගන්න නැතිව අත අරින එකෙක් නෙමේ මම ..මමත් පාඩම් කලා කෙරිල්ලක් නිකන්.කාලෝස් බැඩ්වෙත්ස් ටී ටුවෙන්ටි පයිනල් එකේ පයිනල් ඕවරේ හයේ එවුව ගැහුව වහේ..යන්තන් කොහොම හරි සබරගමුවේ සරසවියේ ඇප්ලයිඩ් එකේ ස්පෝට්ස් සයන්ස් එකට ආව..
මොන පරිඇටේ උනත් තොට තව ඒකිගෙ ෆ්බී ප්‍රෙන්ඩ් කෙනෙක්ව‍ත් වෙන්න බැරි උනානෙ..
අහන්න මා ප්‍රිය මිත්‍රය...ඒකි මගෙ සංසාර පතන් ආපු ප්‍රියම්බිකාව..දෙයියො දෙනකොට දෙන්නෙ ඔතලා නමලා ලෙසටම..මට සබරගමුවේ ඇප්ලයිඩ් එක දෙනකොට දෙයියන්ට තිබ්බා ඒකිට කැලනිය දෙන්න ඒත් දුන්නෙ සබරගමුවේ මැනේජ්මන්ට් ..දැන් දෙන්න දෙමල්ලො එක පැත්තකින් ආදර කන්ද අනිත් පැත්තෙන් බෙලිහුල් ඔය අනිත් පසින් සමනල වැව පහස විදවිද ඉන්නව..
තෝ ඉදු පහස විද විද .වෙන එකෙක් කොක්ක ගැහුවාම හරි...
අඩෝ මගෙ තරින්දි දිහා බැලුවොත් ඇස් උගුල්ලනව උගෙ..මුලු ඇප්ලයිඩ් එක විතරක් නෙමේ මැනේජ්මන්ට් ,ඇග්‍රරි.මුලු සබරගමුවම දන්නව ඒකි මගෙ කියල...
මේ උබට කියන්න හිටියෙ ඊයේ අර කුප්පියක් දැම්මෙ අපිට ෆෝත් ඉයර් වල නිසාම් ..
ඔවු..අර මුස්ලිම් කොල්ල ..
හ්ම්ම් ...ඌ තරින්දිට ඇහැ දානව.
මම ඕකගෙ තුන්කාලෙ ජුන්ඩගෙ චූ කරන්න පොඩ්ඩක් තියල සේරම කපනව..
...................................
මට මුලු රෑම නින්දක් නොවීය.මුලු සබරගමු සරසවියම හොල්ලන් හිටි මේ දඩබ්බර කොල්ලා බැජ් ටොප් ඌ ඒ අහිංසක කෙල්ලට වශීවී සිටියහ...ඇත්තටම ඈ කාටවත් දෙන්න තියා හිතන්නටවත් බැරිය..
හසරැල් ..උබ නිදිනැද්ද..
නැ බන්...
තරින්දි නිදියන්න දෙන්නෙ නැ නේද ..
හ්ම්ම් ...ඇයි ඒකි මට කැමති නැත්තෙ
අහපන් .උබට මොනවද අඩු .උබේ තාත්තට පැලෙන්න සල්ලි ..තොට කෙල්ලො සීයක් ගන්න පුලුවන්නෙ..ඒකි ගම්පහ උනාට ගම කොලඹලු..නැන්දලාගේ ගෙදර ඉදන්ලු ඉස්කූල් ඇවිත් තියෙන්නෙ..මම හිතන්නෙ ඒකි දුප්පත් ගොඩක් ...
කොහොමද බන් ඕව දන්නෙ..යකෝ මම අවුරුදු තුනක් ටෝක් කරලත් ඕව දන්නෙ නැනෙ.
මම ඒකි එක්ක කතා කලා උබ ගැන...
සිරාද..
නැ දමනි...
මොකෝ කීවෙ..ඒකි නිකන් ප්‍රෙහේලිකාවක් වගේ බන්..නිකන් ප්‍රෙහේලිකාවක් නෙමේ හරස්පද ප්‍රෙහේලිකාවක් ..එකිට ආදරේ ගැන හිතන්න කලින් ගොඩක් දේ ගැන හිතන්න තියේලු...හැබයි උබට අකමැති බවක් පෙන්නුවෙ නැ..කැමතී කීවෙත් නැ
මම කීව උබ පිස්සෙක් වෙයි ඔයා නැති උනොත් කියල.
ඉතින් එතකොට මොකො ඒකී කීවෙ.
බිම බලාගන ඇබරි ඇබරි කකුලෙ මාපොට ඇගිල්ලෙන් හැරුව නිකන් මරියානා ආගාදේ වගේ වලක් ,ඒ අතරෙ හෙමීට කීව කොහොමත්, පිස්සෙක්නෙ කියල ..
සිරාවටම කීවද බන්..අම්මෝ..මොකක්ද උනා මට..උබ දෙයියෙක් බන්..උම්ම්ම්මා..උම්ම්ම්මා ..
මේ මොකො හුත්තො මම කොල්ලො කාරයෙක් නෙමේ,සමනලයෙක් නෙමේ..
උබ කොල්ලො කාරයෙක් නෙමේ මුහුදු කොල්ලකාරයෙක්..රොම්බ තෑන්ක්ස් .
........................................
උදේ පාන්දර අවදි වූයේ අමුතු ගටකිනි..ඇගේ හිතේ මා හඩ ඉඩක් නැතිවාම නොවේ.සමීරයා කීව ඒවා අනුවනම් එය එසේ විය යුතුය..ඩෙනිම හොයාගත් එකාට පිං පමුනවා ඊයේ ඇන්ද ඩෙනිමම ඇන්දෙමි..හොස්ටල් එකේ කාගෙත් සෙන්ට් එකෙන් බාගයක් පමන නාගන්න ගමන් උගේ මැරුනු ආච්චිට පිං පැමිනුවේය..
දකුන කකුල පෙරට තබා ඇය මූනට මුලිච්චි වෙන්නට පැතුවෙමි.ඈතට දිවෙන මාරගයේ සියගනන් කොල්ලො කෙල්ලො කැම්පස් එකට ඇදෙයි..ඒත් මගේ ප්‍රිය දසුන පෙනෙන මානයක නැත..පාරේ අයිනේ කඩයෙන් කිරි පැකට් එකක් හා බිත්තර බනිසයක් ගත්තෙමි..පාරේම අනුබවය සිදුකරමින් ඉදිරියට ඇදුනි.සූමෝ ක්‍රීඩකයෙකුට කූබියෙකු පෑගුනා තරම් වත් ගානක් බඩට නොවීය,සුරුස් සුරූස් හඩින් තුන්පාරක් බටෙන් බීම එක ඇද්දෙමි..ඇල කරත් ඇද්දෙමි ,දැන් නම් බිදක්වත් නැත..තවපාරක් උඩට ඇද අවසාන අන්ශුවත් ඇද..කුඩා සොපින් උරයත් බීම පැකට් එකත් කුනු උරයට ඈත සිට විසිකෙලෙමි..ඉලක්කය වැරදුනි..බදුනින් පිටය..යලිත් බදුන ලගට ගොස් දැමීමට කම්මැලි සිතුනි
හසරැල් ....
ආ....තරින්දි ...ගුඩ්මෝනින්
සුබ උදෑසනක් හසරැල් ..ඒත් ඔයා ඒ කරපු වැඩේ හින්ද කාගෙ හරි අහිංසක අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ දවසක් බෑඩ් වෙනව..බලන්න.ප්ලාස්ටික් දාන්න එක බාස්කට් එකයි කඩදාසි වලට එකයි,පොලිතින් වලට එකයි තියෙන්නෙ ..ඒත් ඔයා ඈත ඉදන් දැම්මෙ වැරදි එකට.ඒ මදිවට වැටුනෙ බිමට..එත් ඔයා යන්න ගියා..කොල්ලෙක් විදියට ලැජ්ජ වෙන්න ඕනෙ හසරැල් ..ඕව කලවමේ දැම්මම අහිංසක මනුස්සයො ඕව අතින් එහා මෙහා කර කර තෝරන්න ඕනෙ..කාගෙ හරි අම්මෙක් තාත්තෙක් ඒ..ඔයාලගෙ අම්මලට සල්ලි තියන හින්ද ඔයාට තේරෙන්නෙ නැ හසරැල් ..සමාවෙන්න ..නොකිය ඉන්න බැරි හින්ද කීවේ..
මට යට කලිසම මූනට දමා මූන වහන් දුවන්නට තරම් ලැජ්ජ සිතුනි.
............................
ඈ කැන්ටිම ඉදිරිපිට පාරේදී යලිත් මූනට මුලිච්චි විය..මට පොලවපලාගන යන්නට තරම් දුක සිතුනි..මම බිම බලාගත්තමි...
හසරැල් ...
ඇයි මේ...තරහද මම එක්ක.මේ බලන්න දරුවො ..කෝ
මගෙ පපුව කීරි ගැහිනි.ඇය මේ තරම් ලෙන්ගතු ඌ දිනක්නැත..
තරහද...
නෑ..
මම ආස නෑ ඔයා ඕක වෙන කොහෙ හරි කරල කාගෙන් හරි බැනුම් අහනවට.ඒකයි කීවෙ අනික ඒ දේ මගෙ ජීවිතේට ගොඩක් සමීපයි..කෝ නමේ හැටියට හිනාවෙන්න ..
ඒ කීවේ..
හසරැල් කියන්නෙ ලස්සන හිනාව කියන එකටනෙ..කෝ එහෙම ..
මම ලැජ්ජාවෙන් හිනාවුනෙමි..
ඇත්තමයි හසරැල් ඔයා හිනා වෙනකොට මාරම ලස්සනයි ..දැන් තරහ නැ නේද ..
නෑ..
මගෙ ඇස් වලට කදුලු පිරුනි..ඇ මෙතරම් සමීප වෙද්දී මගේ දඩබ්බර සිත වෙඩුරු මෙන් උනුවිය..
ඇයි මේ කදුලු හසරැල් .
ඔයා ගොඩක් හොදයි තරින්දි ..ඒකයි..ස්කෝලෙ යන කාලෙවත් ඔයාමට ලංවෙලා කතා කරල නැ..මට දුකක්ද සතුටක්ද කියල හිතාගන්න බෑ කදුලු ආවා...
අම්මේ....මේ දග හසරැල්මද...මෝඩයෝ ඔය තරම් අහිංසක වෙන්න එපා.මට මාව වලංගු නැතිවෙයි...
ඒ කීවෙ ..
ඒව ඕනෙ නැ...මම යන්නම් හසරැල් ලෙක්චර් එකට පරක්කු උනා...
තරින්දි ....
හ්ම්ම් ...
නිසාම් ඔයා පස්සෙන් එනවද...
ඔවු ..
මගෙ පපුව හිරවිය..
මම ඉස්සරහින් යන කොට සමහර වෙලාවට එයා පස්සෙන් එනව..එහෙම නම් පස්සෙන් එනවා.
ඈ මගෙ ලගය ආවේය හිතපු නැති විදියට ඔලුව අත ගා ..මම කා එක්කවත් කොකු ගහන්නෙ නෑ මෝඩයො..ගහනවනම් ගහන්නෙ එක කොල්ලෙක් එක්ක..ඒ කොල්ල මම ගොඩක් කල් ඉදන් දන්න එකෙක්...
කවුද ඒ....
ඈ සිනා සී ඈතට ඇදුනි...
.................................
අවුරුදු නිවාඩුව ලැබිනි..හොස්ටල් හිස්විය..මට කැම්පස් එක දමා යන්නට නොහැකිය..ඒ ඇය නිසයි..පබහින්න හන්දිය පිරී තිබිනි..ඈ ලොකු බෑගයක් කරේ එල්ලා එකක් අතින් ගෙන සිටියෙමි.ඈ ඈත සිටම මම දැක සිනාසුනිමි.
අතින් කටින් එල්ලන් ගමේ යන්නද..
හ්ම්ම්..
දෙන්න බැග් එකක් තරින්දි ...
බර නෑ...
මම හිතුවෙ ඔයා ගම්පහ කියලා..ඒත් කොලඹලු නේ..
හ්ම්ම්ම්..
නැන්දලාගේ ගෙදර ඉදන් ස්කූල් ගියෙ..කොලඹ කොහෙද ..
කොලඹ ..කොලඹ..
ඈ සිනාසුනි..
කොලඹ බසයක් පැමිනියේය..ඇයට ඉද ගන්නට සීට් එකක් ලැබිනි..මම සිට ගනය..ඇගේ ඇස් මගේ ඇස් පැටලුනු වාරගනන බොහෝය..ඇහැලියගොඩට පැමිනෙන විට ඈ අසල සිට් එක හිස් විය..ඇය මට හිසින් කතා කලාය.
ඉතින් කියන්නකො..
මොකක්ද ..
මොකක් හරි...
ඇයි තාම කොක්කක් ගැහුවෙ නැත්තෙ කැම්පස් එකේ..
ඈ අහන්නෙ පුදුම කතාය..
ඇයි ..කෝ උත්තර ,කොක්කක් කියන්නෙ කැම්පස් බාසාවෙන් ආදර සම්බන්දයක් දන්නවනෙ..
ඔවු ..මම කැමති කෙනා කැමති නැනෙ..එයා කොකු ගහන්නෙ නැලු එයාට ඊට වඩා දේ තියනවලුනෙ කරගන්න..
එහෙමද පවු නේද ..
කවුද ...
දෙන්නම..
බහින්න ලගයි තරින්දි ..කඩුවෙලින් බැස්සාම ගම්පහට ලගයි..
මම හිතුවෙ කොලඹටම එයි කියල ..
එන්නම් ..අනේ..
අනන්න දෙයක් නෑ ..බැහැපන් විහිලුවට කීවේ..
ආ....
මොකක්ද ...
මගෙ බෑග් එකේ කී ටැග් එක..ටෙඩියෙක් පොඩි..
අනේ කෙල්ලක් වගේ ටෙඩී දාගනද ඉන්නෙ .
මාව මතක් වෙන්න තියාගන්න ..
මට ඔයා අමතක වෙන්න නෑ හසරැල් ..
සිංහල අවුරුද්ද .උදාවිය..මගෙ සිත නැවුම් අවුරුදු සිතුවිලි වලින් පිරී තිබිනි..ෆ්බ් හා නෝමල් අවුරුදු සුබ පැතුම් වලින් ඉන්බොක්ස් පිරී තිබිනි..නොදන්නා නම්බර් දෙකකින් මැසේජ් තිබිනි..එකක තිබුනේ .ඩස්බින් කොල්ලො සුබ අලුත් අවුරුද්දක් කියාය..ඒ ඇය විය යුතුමය..මම රතිඤ්ඤා රෝලම මිදුලේ තාබා ගිනි තබා දිවුවෙමි..
උබට මොකක්වෙලාද..
නැ අම්මෙ නිකන්..අවුරුදුනෙ ඉතින් ..
යකෝ තව නැකත් තියනව පත්තුකරන්නෙ මොනවාද ..
.........................
මගේ දුරකතනය එක දිගට නාද විය...
සමීරයා ..සුබ අලුත් අවුරුද්දක් වේවා..
පයියක් කියනව..
එපා හුත්තො අලුත් අවුරුද්දෙ කුනුහරප..
යකෝ.මීතොට මුල්ලෙ කුනුකන්ද නාය ගිහින්
ඉතින් ..උබ දැන් මට කියන්නෙ කුනු ඇහිදින්නද....
හසරැල් විහිලු නෙමේ ..ගෙවල් ගොඩක් යට වෙලා මිනිස්සු මැරිල..
පව් තමා ඒත් ඇයි උබ මේතරම් සීරියස් වෙලා..මම තාත්තගෙ කාර් එකේ උබලේ දිහා එන ගමන් ලෑසති වෙලා හිටපන්..
ඇයි සමීරයා ..මේ..
මචන් ..තරින්දි ඉන්නෙ මීතොටමුල්ලෙ කුනුකන්ද ලග....
දෙයියනේ....මගෙ කෙල්ල...
මාව වෙවුලන්නට විය...මම කාමරයේ කොනක ඌ බුදු පිලිමය යට දෝත් මුදුන් දී වැද වැටුනි...අනේ මගෙ බුදුහාමුදුරුවනේ...මගෙ අහිංසකීට මොකුත් වෙන්න එපා...අනේ පිහිට වෙන්න..කුරාකූබුවෙකුටවත් වරදක් නැ එයාගෙන් ..අනේ පිහිට වෙන්න බුදු සාදූ..
මගෙ උරපත්තට අතක් තබනු දැනුනි..
සමීරයා අපි යන්..
.හිත තද කරගනින් වරදක් වෙලා නැතිව ඇති මචන් ...
කාරය ඉගිලෙන්නට විය.අවුරුදු නිසා ටැරපික් නැත...
තරින්දි ඔයා කොලඹ කොහෙද ...
කොලඹ ..කොලඹ ...
ඇයි රත්තරන් ඔයා ඇත්ත කීවනම් මට එපා වෙයි කියල හිතුවද...
සමීරයා ඇයි උබ මට ඇත්ත නොකිවුවෙ..
එප කීවා බන් තරින්දි කියන්න ...ඒකි බය උනා ඒකි මීතොටමුල්ලෙ කුනු කන්ද පාමුල කීවම උබ හිත වෙනස් කර ගනීකියල බන්..ඒකී උබට ආදරේයි බන්...ඒකිගෙ අම්ම තාත්තා කුනු කන්දෙ වැඩ ....අනේ මගෙ අහිංසකී.....
හසරැල් ....එපා එහෙම කරන්න.කාගෙ හරි අම්මෙක් තාත්තෙක් ඔය කුනු අතින් වෙන්කරන්නෙ..මගේ කන් පුරා ඇසුනි..රත්තරනේ උබ මට නැතිඋනොත් මැරෙනව මම ...
..............................................
කොලොන්නාවට යනවිට කඩිගුලක් මෙන් ඇවිස්සී තිබිනි. මීතොටමුල්ලෙට පැමිනියෙය..දකින දර්ශනයෙන් මම මැරී ගියෙමි...මගෙ පනට මොකුත් වෙන්න එපා...
අයියෙ ...අර කැම්පස් යන තරින්දිලගෙ ගේ තිබ්බෙ කොතනද...
ඉස්සරහ අර ලොකු කනුවක් තියෙන්නෙඊට එහා පැත්තේ ගේ...ගෙයක් කීවට දැන් තියෙන්නෙ දැන් බිත්ති දෙකක්විතරයි....
තරින්දී....
මට උන් තැන අමතක විය...සමීරයා මගෙ අත තදින් අල්ලා ගත්තේය..
මම අත ගසාදමා වේගයෙන් දීවෙමි..ගේ තිබ්බායයි කියූ ප්‍රදේශ සුන් බුන් අතින් ඇවිස්සීය...අතින් ලේ එන තුරු හෑරුවේය..
ඇති හසරැල් ඇති...නවත්තපන්...
ඔය ලමයි යන්න තාම අවදානම් මෙතන ...
බෑ රාලහාමි..බෑ..මගෙ කෙල්ල මෙතන...එයා ගොඩක් හොද කෙනෙක් ..එයාට මොකුත් වෙන්න විදියක් නෑ..මම යන්නෙ එයා අරන්...නැත්නම් මම යන්නෙ නෑ..යන්නෙ නෑ..
අස්සෙ තිබූ පරාල කෑල්ලක් මුලු වැර යොදා බිත්ති කැබැල්ලත් සමග එසවීය....
අනේ මගෙ රත්තරනේ ...කුඩා ටෙඩිබෙයකු තදින් මිට මොලවාගත් සියුමැලි අතක් මතුවිය...ඒ මම බස්එකෙන් බහිද්දී ඈට දුන් ටෙඩියාය...
මේක මාව මතක් වෙන්න තියාගන්න..මට ඔයා අමතක වෙන්නෙ නැ හසරැල් .එ ඇය කියූ අවසාන වැකියයි ...
මම සුන්බුන් ඉවත් කර න විට පිරිස විත් මට උදවු කලේය...මම දෑතට ඇගේ සියුමැලි සිරුර ඔසවාගත්තේය..මම ආවේශයෙන් මෙන් ඈ ඔසවා දීවේමි..සමීර කාරෙක ගනින්..ඉක්මනට..
වැඩක් නැ හසරැල් ..
හුත්තො යකා අවුස්සන්නෙ නැතිව කාර් එක ඉස්ටාර්ට් කරපන්..
මගෙ මැනික..අනේ රත්තරනේ නැගිටින්න.මාව දාලා යන්න බෑ..බෑ අම්මෙ බෑ ඔයාට....මම ඇගේ මුවට මුව තබා තුන් වරක් පිබිමින්...සිවුමැලි නොයිදුල් පපු පෙදෙසට අතින් පීඩන යොදා තද කෙරෙමි...ලෝකයේ සම්මත වාර ගාන ඉක්මුවා විය හැකිය..මා ඒ දුන්නෙ සාමාන්‍ය කෘතිම ස්වසන නොවේ.මගේ හදපතුලෙන්ම නැගුනු ආදරේ සුසුම්ය.මා දුන්නෙ මගේ පනයි...
සමීර ....සමීරයා. .
එයාගෙ හාට් එක වැඩ...
දෙයියනේ....ඒක එහෙම වෙන්න ඕනෙ බන්..ඒක එහෙම වෙන්න ඕනෙ...
තරින්දි ...තරින්දි ...
යලිත් මුවට මුව තාබා පිම්බෙමි...
හසරැල් ....මෝඩයෝ ඇයි ..ආදරේ කියන්නත් කලින් මාව ඉම්බෙ...
රත්තරනේ ..
මහත්තයො ...ඇත්තමයි..මාව ගේ කඩන් යට වෙනකොට ඔයාගෙ ටෙඩිය අතේ තියන් හිටියෙ..මට සිහිය නැති වෙනකම්ම ඔයා හිතේ හිටිය..මම කුනු කෙල්ලක් මහත්තයො ..කුනු ගද අස්සෙ ඉපදුනු කුනු කෙල්ලක්..නෑ ඒ කුනු අපේ...ඔයාලගෙ නෙමේ..කුනු අපේ නම් කුනු කෙල්ලත් අපේ...නෑ...මගෙ ...ආදරෙයි ද මට...
මේ කුනුගොඩටත් වැඩිය..
අනේ ....කුනුවලට ඇයි උපමාකලේ...ආදරේ ..ඒ තරම් අපේ ජීවිත වලට කුනු ලගයි
අනිත් මිනිස්සු ලස්සනට තියන්න ඔයාල අනුන්ගෙ කුනු බාර ගත්තා...
හ්ම්ම්.අද ඉදන් මේ කුනු ගොඩත් ඔයාට බාරයි හසරැල් ..
නැ මැනික් ගොඩක් උබ..
කෘතිම ස්වසනය පිටින් තොල් ඉම්බ නේද ..
හ්ම්ම් කුක්කුත් ඇල්ලුව..
අනේ ...ලැජ්ජයි..
හසරැල් ..අපි උපාධිය අරන්..කොහොම පරිසර අමාත්‍යාංශයේ ජොබ් එකකට යන්..
හ්ම්ම් ..ඔයාට පුලුවන් ..මම ස්පෝට්ස් සයන්ස්නෙ..මට බැරිවෙයි..බැරි නැ පුලුවන් ..අපි මෙ කුනු කන්දට මොකක් හරි කරමු..
ඔවු මැනික.
ඊට කලින් ඔයාව බැදල ඔයාට මොකුත් කරනව..
ආඅ...උබ ආදරේයි කියන්නත් කලින් තොල් ඉම්බ..කුක්කු ඇල්ලුව ..බදිනකන් ඉවසයිද..
බෑ..දැන් කාරෙකේ කරමු..
හෝවු..හෝවු...මට වාහනේ එලවන්න දීපන්..හැගීම් අවුස්සනව උබල..හැප්පෙන්න බැ ..(නිමි)
ජින්කානා ජින්ජබරස් නොහොත් හසරැල් රංගන විජේසුන්දර.
මචන් අද ඉදන් පොඩි ටොපි කොලෙත් අරන් ගිහින් පුච්චමු..තමන්ගෙ කුනු තමන්ම බාරගමු..
පේජ් එකටත් ලයික් එකක් දාලා චූට්ටක් හරි හිතට දැනුනනම් යාලුවෙක්ටත් බලන්න ශෙයාර් කරන්නකෝ..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI