නුඹ_මගේ_වෙලා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#නුඹ_මගේ_වෙලා...
බෙල් එක ගහපන්... මනීයෝ... බෙල් එක ගහපන්...
හරි යකෝ... මෙතන ඩෙගා නටන්නැතුව ඉදහන්... බස් එක කොහොමත් ඉස්කොලේ ඉස්සරහ නවත්තනවා...
"ඉස්කෝලෙ ගාව බැහැගන්ඩ... ඉස්කෝලේ ගාව බැහැගන්ඩ..."
ඔන්න බැහැපන්... අද නම් පරක්කුයි බන් 7.25 වෙලාව දැන් ඉස්කොලේ බෙල් එක ගහල ඇති... මන් කියන්නද... ගථා කියල ඉවර උනාට පස්සෙම යමු...
"උබ එක්ක නම් බෑ මනීෂ... බලහන් අද අතූ ගාන්නත් තියෙනවා..."
අනේ හුකේ නන්නානේ.... මේන්න මෙයා අතු ගානවලූ... යකෝ අවුරුදු 13ක් තෝ එක්ක එකට ඉස්කෝලේ යනවා මන් දැකල නෑ එක කොහු පාරක්වත් ගහනවා පන්තියට....
"නෑ යකෝ... මන් අතු ගාන්නෙ නැ තමා ඒත් පියරත්නයා එක්ක බෑ බන්.. පන්තියේ දූවිලි චුට්ටක් තිබ්බොත් එදාට අතු ගාන්ඩ ඉන්න උන්ට අඹ සරණයී... උබ ඉතින් අතු ගාන්න තියෙන දවසට ඉස්කෝලේ එන්නෑනේ කවදාවත්..."
මන් ඉන්නෙ සිකුරාදා... හුකැස්... එදාට මට උදේ රිවිෂන්...
"ඒ යන්ද බන්... දැන්නන් මන් හිතන්නේ... පන්සිල් දීලා ඉවරයී... භාවනා කරනවද කොහෙද...."
ඉදහන් ඉදහන්... පාසල් ගීය කිව්ව ගමන් රැස්වීම ඉවරයි එතකොට ලමයි එහාට මෙහාට යනවනේ... ඒ වෙලාවේ සේපට ඇතුලට පැන ගම්මූ...
"සැරදේ...සැරදේ... විදුහල් මාතා...."
ඔන්න හරී දේව්.... වරෙන්... ගේට්ටුවෙන්ම යන්...ආයේ තාප්ප දිගේ බඩ ගාන්න ඕන නෑ...
"නැවතියව්... කොහෙද මේ උදේම ඈ... දෙන්නා බැහැරක්වත් යනවද...??"
නෑ සර්... අපී මේ නාගන්න කියල යනවා...
මනී කට වහපන් හුත්තෝ... දන්නවනේ කේවට්ටයගෙ හැටි... ඕකා නහර කාරයා... ඇට තලා ගන්න වෙන්නේ...
"මොකක්ද බොල තෝ කිව්වේ... පරක්කු වෙලා එනවා මදිවට මූ කට ගහගෙනත් එනවා..."
සර්... අපි පන්තියට යන්ඩද...
"උබල හිතන් ඉන්නේ මේක අම්බලමක් කියලද ඈ... හිතුනු හිතුනු වෙලවට එන්ඩ යන්ඩ... පලයව් දෙන්නම ගිහිල්ලා අර තණකොල ටික ගලෝපියව්... ඊට පස්සේ කුණු ගොඩ සුද්ද කරපියව්..."
"ඉල්ලන් පුකේ ටිං කිරි ගාගන්නවා කියන්නේ ඕකට තමයි... දැන් පලයන්කො ඉතින් කුණු ගොඩවල් අදින්න...."
දේව්... මන් කියන්නද.. ඉන්ටවල් එක වෙනකන් ඔතන ලොට ලොට ඉමු බන්... උබට අතූ ගෑවෙ නෑ කියල කන්න වෙන එකකුත් නෑ... අද පීරියඩ් හතරක් විතර ඔතන...
........................................................................
"චික්... බලපන්... ඇග හැමතැනම මල ජරාව.... "
එහෙම තමා යකෝ... අපී ඒ සී රූම් එකක නෙවේ මෙච්චර වෙලා හිටියේ...
"තොගෙ කට හින්දා තමා මේ ඔක්කොම..."
බලපන් දැන් වෙලාව 11.00 දවසෙම ආතල් එකේ එලියට වෙලා හිටියනේ... ඊලග පීරියඩ් එකේ මන් හිතන්නේ පුස්තකාලේ... ඒකට ගිහිල්ලා පොඩි ඇලට් එකක් දාමූ බන්...
"අඩේ මනීෂයා උබල ආවද බන්..."
ඇයි බන් කොටෝ මොකක් හරි අවුලක්ද...
"තොපි දෙන්නා උදේ ක්ලාස් එකේ හිටියේ නෑනේ..."
ඉතින්......
"උබලෑ නමට බින්දුව දැම්මා..."
නෙදකින් මේ පොන්නයා කියපු විදිහට මන් හිතුවේ මහ වැලි ගඟවත් හිදිලා වෙන්න ඇති කියල...
ඒක අවුලක් නෑ බන්... අද අපිට උසස් වීමක් ලැබුනනේ... මේ පත්වීමේ ලිපි භාර දෙන්න යන ගමන්...
අතේ තිබුනු උදලු කොටෙයි සවලයි පෙන්නලා මන් එහෙම කිව්වේ මූනට වැටිලා තිබුනු දාඩිය ලේන්සුවෙන් පිහ දාන ගමන්...
"අපොයී... ඒක පේනවා..."
මේ යමන් බන්... තවත් හැමිනෙනවා මෙතන ඉදන්...
ඉක්මන් කරල පුස්තකාලේ පැත්තට යන්ඩ පටන් ගත්තේ... ඒකේ තියෙන ෆෑන් එකක් යටට වෙලා සැප නින්දක් දාන්න කියල හිතාගෙන... පුස්තකාලේ ඇතුලට ගියාමයි දැක්කෙ අපේ පන්තියේ නසරානීයෝ ටික ඔක්කොම ඒක අස්සේ කියල...
"අප්පට මනියා.. දේවා... මොකද බන් මේ දාඩිය පෙරාගෙන..."
අපි දැන් සමාජ සේවෙට බැහැලා ඉන්නේ බන්...
"අපෝ මොකද බන් උබල දෙන්නා ලග ගඳ ඈ....."
ඇයි තෝ හිතන් ඉන්නෙ දාඩිය දැම්මාම මල් දහසක සුවද විදිදුවනවා කියලද.. අනේ මේ අහ ගන්නැතුව ඉදහන්...
"ඒක නෙවේ බන්... මොකුත් නැද්ද..."
නෑ බන්... අද නම් චාටර් දවසක්...මේ මන් පොඩි ඇලට් එකක් දානවා ඈ...
එහෙම කියල මන් ඩෙස් එකට ඔලුව තියාගෙන නිදා ගන්ඩ හැදුවේ... මොකෙක්ද මන්ද කනට රිංගනවා වගෙ දැනුන නිසා ආයේ ඇස් ඇරල බැලුවා... මොකෙක්වත් හිටියෙ නෑ... ආයේම පාරක් ඔලුව ගහන් ඇස් වහ ගත්තා... මොකෙක්ද මන්ද ආයේ කනට රිංගන්න හදනවා... මොන මලකරුමයක්ද මන්ද...
ආයෙ ඔලුව ගහගෙන ඇස් දෙක ඇරගෙන හිටියා... ආයේ එහා කනට මොකක්ද යනව...
අම්මට හුකනවද දේව්... හුත්ත... නිදා ගන්න දියන්කෝ... පකවල් දාන්නේ කන අස්සේ... ආයේ කියන්නෑ උබට ඇ...
"මොකද මොකද ඔය ලමයා කෑ ගහන්නේ.... මේක පුස්තකාලේ කියල අමතක උනාද...??"
ඒ අස්සෙන් පුස්තකාලායාධිපතිනිය පෝම් වෙලා... මන් ආයේ ඔලුව ගහන් නිදා ගත්තා.... විනාඩියක් ගියෙ නෑ දඩාංංං ගාලා පාරක් පිට මැද්දට වැදුනා...
මොකද හුකන්නෝ වෙලා තියෙන්නේ...
මට කියන්න පුලුවන් උනේ එච්චරයි... ඒ කියනවත් එක්කම තව හයේ පාරක් කන හරහ වැදුනා... මන් හිතුවා ආයේ පාරක් දේවා මට පුක දෙන්න හදනව කියල... මේ පාර කේවට්ටයා...
අනේ සර්...මන් හිතුවේ...මේ දෙව්මිණයා කියල සර්...ඒකයි කෑ ගැහුවේ
"තෝ කතා කරන්ඩ ඉගෙන ගනින්... පාහර බල්ලා..."
සිංහල සර් ආවේ මොකක් හරි කුණු වැඩක් භාර දෙන්න... මන් කිව්ව කතාව හින්දා මිනිහා ආපහු හැරිලා ගියා... කමක් නැ එකෙන් මේකෙන් ඉස්කොලෙ ඇරෙන්නත් වෙලාව ලගයි... මන් සේපට පන්තියෙ උන් පැත්තට හැරුනා... උන් ටික නිකන් සෝමාලියාවට පාන් වෙන්නලා වගේ මන් දිහා කන්ඩ වගේ බලාගෙන බඩ අල්ලන් හිනා වෙනවා... උන්ට මාර චූන් එකක් ඇවිල්ලා...
.........................................................................
දේව්... අද දවසටවම මොකුත් කරේ නෑ බන්... යමන්කො ආච්චිගෙ කඩේ පැත්තට...
"ඇත්තටම උබට ඕවා නවත්තන්න අදහසක් නැද්ද බන්..."
කොල්ලෙක් උනාම ආතල් එකේ ඉන්න ඕන දේවා උබ දන්නෑ මේවා...
ටව්මට චුට්ටක් මෙහායින් ආච්චි කෙනෙක් පොඩි සයිවර් කඩයක් දාගෙන හිටියා... ඕකෙන් තමා බුලත් විට අරගන්නේ... ගන්නේ බුලත් විටනේ කියල ආච්චියත් විකුණනවා... අපිනේ ඕවලින් තුල් අඹරන්නේ.... ටොයියෝ හදන්නේ...
ආච්චියෙ... විටක් දෙන්නකෝ...
බුලත් විටේ අරගෙන පාරට බැස්සා විතරයි... චටාස්ස්ස්ස්.... ගාලා කනේ පාරක් වැදුනා... අද නම් චාටර්ම දවසක්....
කෑල්ල මගෙ ඉස්සරහා...
මන් දැනන් හිටියා තමසේ මහ ජරා කොල්ලෙක් කියල... මට ආරංචි ආවා... හැබැයි මන් විශ්වාස කෙරුවේ නැ... හැබැයි තවත් නම් තමසෙගෙ බොරු වලට රැවටෙන්නේ නෑ... දෙව්මිණ තමසෙත් මේවට වග කියන්න ඕන...
"මොකද මොකද දැන් උබ කියන්නේ... අනේ මේ සසිනි උබ නොදන්න දේවල් කියවන්න එපා... මන් මොනාද කරේ උඹ මට බනින්න... මන් මූට කියන්නෑනේ ඕවා කරන්න කියල... උබ හරියට කතා කරන්නේ මන් මූට මේ ඔක්කොම පුරුදු කරල වගෙනේ..."
සසිනී මේ අහන්නකෝ... මේ බුලත් විටේ ගත්තේ අපේ සීයට... එද්දී අරගෙන එන්න කිව්වා ඒකයි ගත්තෙ...
අනේ මනීෂ මේ... මට තාම අං ඇවිල්ලා නෑනේ... කියන කියන එක පිලිගන්න..
"මාත් පුලුවන් තරම් කියන්නේ මූට ඕවා නවත්තන්න කියල..."
දේව් කට වහපන්... අතේ මාට්ටු කරන්නනේ හදන්නේ...
මොනාද.... ඈ.... මොනද නවත්තන්න කියන්නෙ...
මොකුත් නෑ සුදු... මේ මූට පිස්සූ...
අනේ මේ තමසෙලා දෙන්නම එකයී... බොරුකාරයෝ...අපි යන් දිල්මී යන්න ඔන නෑ කාවවත්....
'අඩේ මනී... අන්න අරකී යාලුවා එක්ක යනවා... ගිහින් නවත්තහම්..."
ඕන නෑ බන්... ඕකී හැමදාම ඔහොම තමා රණ්ඩූ වෙනව... හැබැයි ආයේ යාලු වෙනව බන්... ඕකිට මන් නැතුව ඉන්න බෑ බන්... උබටත් බැනුම් අහන්ඩ උනානේ මන් හින්දා...
"අනෙ නිකන් ඉදපන් හුත්තෝ... උබ නිසා කවදා හරි කෙලවෙනවා අපි දෙන්නාටම... ඔයිට වඩා බැනුම් අහන්නෙ උබ නිසා.. ඕක මොකක්ද බන්...."
මනීෂයී සසිනියී ගැන අපේ ස්කෝල දෙකේම ලමයි දැනගෙන හිටියා... ඕලෙවල් කාලේ සෙට් වෙච්ච ලව් හරියන්නෙ නෑ කියල කිව්වට මුන් දෙන්නගෙ ලව් එක නම් ඒ ලෙවල් වලට එනකම්ම තිබුනා... අපි දැන් 13 වසරේ තව මාස දෙකයි එක්සෑම් එකට තිබුනේ...
"මනී උබ ඕවා ගනම් ගන්ඩ එපා... ගෙදර ගිහින් කතා කරහන් ඒකී එක්ක... දැන්වත් හැදියන් බන්... උබට ඒකිව ඕන නම් ඔය දෙවල් නවත්තහන්..."
ඕවා ගැන කතා කරල වැඩක් නැ බන්... අපි යන්...
........................................................................
ගෙදර ආව ගමන් පෝන් එක අතට අර ගත්තේ සසිනිගෙන් මැසේජ් එකක් තියෙනවද බලන්න... වෙනදාටනම් එයාගෙන් මැසෙජ් එකක් වරදින්නෙ නෑ... හැබැයි අද එහෙම එකක් පේන්නවත් නෑ... කමක් නෑ මන් මැසෙජ් එකක් දාලා බලනවා...
"E..matti thama tharahida...?"
මේ හුත්තී මොනා කරනවද මන්ද... තාම රිප්ලයි නැ... ම්ම්ම් තව එකක් දාලා බලනවා...
"Haloo.... mee man... oya ko...??"
"Me thamase mata wada denna epa... thamase mage kauruth newe... harine aye mata katha nokeruwata kamak na... bye..."
ඒ මැසෙජ් එක කියවනකොට ඇස් වලින් ඉබේම කඳුලූ කැට බිම වැටෙන්න පටන් ගත්තා... මෙච්චරකල් දැකපූ හීන ඔක්කොම මෙතනින් ඉවරද... නැ නැ එහෙම වෙන්න දෙන්නෙ නැ.... මන් ඉක්මන් කරල සසිනිගෙ නම්බ එකට කෝල් එකක් ගත්තා...
"ඔබ ඇමතු දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. කරුණාකර පසුව අමතන්න..."
එහෙම වෙන්න විදිහක් නැනේ... එයා මට ආදරෙයිනේ... එක පාරටම මොකක්ද මෙ උනේ... ඔක්කොම මගෙ වැරදි...
"මන් කාමරෙ ඇතුලට වෙලා මටම බැන ගත්තා... ජීවිතේ පලවෙනි පාරට මන් මොන තරම් නරක කොල්ලෙක්ද කියල මට හිතෙනවා... මත් වෙන්න දුම්කොල කාලා කී පාරක් ඒකි ඉස්සරහට යන්න ඇත්ද... සිගරට් සුවඳ කී සැරයක් එයාට දැනෙන්න ඇතිද... ඒ හැමදේම දැනි දැනි ඒයා කොච්චර ඉවසන්න ඇතිද... කරන්නම දෙයක් නැති තැන... එයා මාව දාලා යන්න හිතන්න ඇති..."
දේවට කෝල් එකක් අරගන්න ඕන
දේව්... මට ජීවත් වෙලා වැඩක් නෑ බන්... ඇයි බන් සසිනි එහෙම කරේ... එකි මාව දාලා ගියා බන්...
"අඩන්නෙ නැතුව ඉදහන්... ඕවා හිතන්න එපා... මන් කලින්ම කිව්වනෙ උබට ඔය කරන වැඩ නවත්තලා හැදියන් කියල... දැක්කනේ දැන් උබට කෙල්ලත් නැති උනා... අම්මා ගැනවත් හිතලා ඔය කරන වැඩ නවත්තහන්... දැන්වත් හැදියන්...උබලැ අම්මා ඕවා දැන ගත්තාම ඒයාට කොච්චර දුක හිතෙයිද..."
මට තේරෙනවා බන් මනී... මන් මොනා කරන්නද බන්... මට මේක නවත්තගන්න අමාරුයි...
"නැ නැ උබට පුලුවන්... උබ කොහොම හරි ඒක කරන්න ඕන..."
හ්ම්ම්...හ්ම්ම්....
මන් කතා කරේ එච්චරයි... ලගම තිබුනු කවකටුව අරගෙන අත හූරගෙන හූරගෙන ගියා... ලේ ඇවිල්ලා බිමට බින්දු බින්දු වැටෙද්දීත් මට වේදනාවක් දැනුනේ නෑ... දුක නිසා මට ඔක්කොම විකාර වෙලා තිබුනේ...
.........................................................................
පහුවදා අතත් බැන්ඩේජ් කරගෙන කලින්ම ස්කෝලේ ගියා... මන් එක්ක යද්දී පරක්කු වෙන නිසා...මන් යනකොටත් දේවා ස්කොලෙට ගිහිල්ලා හිටියේ...
"මොකද යකෝ මෙ... අතට කරගෙන තියෙන්නේ..."
පොඩ්ඩක් තුවාල උනා බන්...
"පොඩ්ඩක් තුවාල වෙලානම් මොකද මේ අතට බැන්ඩේජ් එකක් ඔතාගෙන..."
තවත් දේවා ඉස්සරහ රගපාන එකෙන් වැඩක් නැ කියල මට තෙරුනා... අවුරුදු 13ක් එකට ඉන්න එකාට මගෙ පොඩි වෙනසක් උනත් ඉක්මනට තෙරුන් ගන්න පුලුවන්... කඳුලූ පුරෝ ගත්තු ඇස් වලින් මන් දේවා දිහා බැලුවා...
"තො අත කපා ගත්තද හුකන්නෝ... අපෝ උබ නම් කෙල්ලෙක් නිසා ඔහොම වෙනවද හුත්තෝ..."
උබ දන්නවනෙ මන් ඒකිය කොච්චර ආදරේයීද කියල... ඒකී එහෙම කියද්දී ඉවසන් ඉන්න පුලුවන්ද බන්...
"මනියා... තුල් පාරක් තියෙනව ඕනද..."
එපා බන් චමී... ඕන් නෑ...
අප්පද බොල මනියා සිල් අරගෙන... වෙනදා තුල් ඉල්ලලා මැරෙන්ඩ හදන එකාට අද දෙන්න හැදුවාම එපාලූ...
අනෙ චමී කට වහගෙන පලයන් බන්...
"නරි කවද්ද සිල් ගත්තේ..."
චාමික මේ උබට කියන දේ තේරෙන්නැද්ද මනීයා එක පාරක් කිව්වනේ එපා කියල උබ ආයෙ ඌට බලෙන් දෙන්න යන්න ඕන නෑ...
"මන් මනියට කතා කරේ උබ නයට කහින්න ඕන නෑ දෙව්මිණ..."
මොකක්ද උබ දැන් කියන්නෙ ඈ....
හෝව් හෝව්... නවත්තගනිල්ලා දෙන්නම... චමී උබ පලයන් පන්තියට දේවා අපි යන් කැන්ටිම පැත්තට...
"එදා වෙලාව ඉක්මනය ගියෙත් නෑ වෙනදාට වඩා හිමීට කාලේ ගෙවෙනව වගෙ මට දැනුනේ... කොහොම හරි ස්කොලෙ ඇරෙන්න වෙලාවත් ලං උනා.. ගථා කිව්වට පස්සෙ මායි දේවයි එලියට ආවා..."
"මනී.. ඇයි උබ අද බුලත් විට ගන්නෙ නැද්ද...?"
නැ බන් මන් ඒවා නවත්තන්න හිතුවා...
"ආයේ කියාන් බලන්න.."
මන් ආයෙ කවදාවත් බුලත් විට ගන්නෑ හුත්තෝ.. හරිද දැන්...
එකපාරටම කවුද පිටිපස්සෙන් ඇවිල්ලා මාව හයියෙන් බදා ගත්තා... දෙව්මිණයා හිනා වෙනවා සිද්ද වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරිව මන් දේවගෙ මූන දිහා බලන් හිටියා... මාව බදාගෙන ඉන්නේ සසිනි....
"මොකද මෝඩයෝ මේ අතට කරගත්තේ..."
"උබ බෑ කිව්වා කියල මූ අත කපාගෙන.."
දේව් හිනා වෙන ගමන් සසිනිට එහෙම කිව්වා...
මොනවා පිස්සුද... මොකද අනෙ මෙ... මට ඔයාව එපා උනෙ නෑ... මමයි දෙව්මිණයී කතා වෙලා තමා එහම කරේ..
මට තාමත් මෙ කිසි දෙයක් පැහැදිලි නෑ... මන් උඩ බිම බල බල හිටියා...
"මේකයි මනි... "
දේවා කතා කරන්න පටන් ගට්තා..
"උබ මෙ කරන වැඩ නවත්තගන්න ඕන කියල සසිනි මට කිව්වා... මන් කිව්වා ඔයා ඕන උදව්වක් ඉල්ලන්න මනියව හදාගන්න නම් මන් ඕන දෙයක් කරනව කියල... පස්සේ තමා මේ විදිහට කරමු කියල සසිනි කිව්වේ... එයා දැනන් හිටියා උබ එයාට ගොඩක් ආදරෙයි කියල... ඔන්න ඕකයි උනෙ... උබ ගොනා වෙලා ත කපා ගත්තු එක විතරයි නරකකට උනෙ අනික් හැමදේම අපි හිතපු විදිහට උනා.."
මට කතා කරන්න දෙයක් තිබුනේ නෑ සසිනි දිහා බලාගෙන අඩනව ඇරෙන්න මන් වෙන මොනවා කරන්නද...
"මොකද මැට්ටෝ අඩන්නේ... මේ පාරේ මිනිස්සුත් බලන් ඉන්නවා.. අඩන්න එපා දැන් හරිනෙ.. මන් කවදාවත් මගෙ පිස්සව දාලා යන්නෙ නෑ...
"හරි හරි මේ... මෙතන ලව් කරන්න ලෑස්ති වෙන්න එපා... ලැජ්ජයිනේ... අනික මන් තාම තනිකඩයා... මට අපහස කරන්නැතුව යන තැනක පලයල්ලා..."
උබටත් මේ වගේ ආදරයක් ලැබෙයී දේවා... ආදරේ හැටි මෙහෙම තමයි...
::::::::::: නිමී :::::::::::
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI