සත්‍ය කතාවක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
සත්‍ය කතාවක් ඇසුරෙන්..
මං අම්මිගේ බඩට ආවේ අහම්බෙන් නේද අම්මී..
මං අම්මගේ බඩට එනකොට තාත්තී අම්මිව දාලා වෙන ඇන්ටි කෙනෙක් එක්ක යන්න ගිහින්..
මං අම්මිගේ බඩට අවා කියලා දැන් ගත්ත දවසේ අම්මි තනියම ඉකි ගගහා අඬනවා මං අහගෙන හිටියේ අම්මී..
මාත් ඇඬුවා අම්මි අඬද්දී..

අම්මි තාත්තිට මං ගැන කියපු දවසේ මං හිතුවේ මං ගැන අහලා තාත්තී ගොඩක් සතුටු වෙයි කියලා..ඒත් තාත්ති අම්මිට ඒ වෙලාවේ කෑ ගහපු සද්දෙට අම්මිගේ බන්ඩියේ හිටපු මං ගොඩක් බය වුනා අම්මී..
තාත්ති කිව්වේ මාව තාත්තිට එපා කියලා.අම්මි එදා හොඳටම ඇඬුවා..
මට අම්මි ගැන දුක හිතුනත් චූටි මං මොනා කලන්නද අම්මි..
අම්මිට මාව ඕනේ උනත් තාත්තිට ඕන උනේ අලුත් ඇන්ටිව විතරයි නේද අම්මී..
මාව මරලා දාන්න ඩොක්ටර් අන්කල් කෙනෙක් ලඟට යමු කියලා තාත්ති කියපු දවසේ අම්මී බෑ කිව්වා කියලා තාත්තී අම්මිට ගැහුවහම මටත් සිදුනා අම්මී..
මං තාත්තිගේ බබා නෙමෙයි කියලා තාත්ති අම්මිට බනිනකොට අම්මි වගේම මාත් ඇඬුවා..
මාව මරන්න එපා කියලා තාත්තිගේ කකුල් දෙක අල්ලලා අම්මි අඬනකොට මට දැනුනා අම්මි ඔයා මට කොයි තලම් නම් ආදලෙයිද කියලා..
ඒත් අම්මිගේ කඳුලු වලට තාත්තිගේ හිත උණු උනේ නෑ නේද අම්මී..
තාත්තිගේ ලෙයින් හැදුනු මාව මරන්න එපා කියලා අම්මි කියද්දී තාත්තී කිව්වේ මං තාම පන නැති සෛල ගොඩක් විතරයි කියලා..
ඒත් අම්මි...අම්මි කිව්වා වගේම එතකොටත් මට පන තිබුනා අම්මී..
අන්තීමේට අම්මිට තාත්තිගේ බල කිරීමට ඩොක්ටර් අන්කල් ලඟට යන්න සිද්ද වුනා නේද..
ඒත් ඊට කලින් දවසේ අම්මි අඬ අඬ අම්මිගේ බන්ඩියට අත තියලා 'මට සමාවෙන්න රත්තරන් ..'කියලා කියනවා මං අහගෙන හිටියේ අම්මී..
ඩොක්ටර් අන්කල් අඬු වලින් මාව කෑලි කෑලි වලට කඩලා දාන්කොට අම්මි වගේම මාත් ඇඬුවා අම්මී..
මට ගොඩක් සිදුනා..
ඒත් තාත්තී මාව කෑලි කෑලි වෙලට වෙන් කරනවා දැකලා යාන්තම් හිනා වෙනවා මං දැක්කා අම්මී..
ඒ මාව තාත්තිට වදයක් වුන නිසා වෙන්න ඇති..
ඒත් මං තාත්තිත් එක්ක තලහා නෑ කියලා තාත්තිට කියන්න අම්මී..
මං අම්මිට වගේම තාත්තිටත් මහා ගොඩාලියක් ආදලෙයි කියලා තාත්තිට කියන්න..
මාව ආදරෙන් රැක බලා ගෙන මේ ලෝකෙට බිහි කරන්න තාත්තී අම්මිට උදව් කරා නම් අම්මී කවදාවත් මාව ඩොක්ටර් අන්කල් කෑලි වලට ඉරලා දානකල් බලා ගෙන ඉන්නේ නෑ කියලා මං දන්නවා අම්මී..
මං වගේම අම්මිත් ගොඩක් අසරනයි..
අම්මිගේ චූටි දූ වෙලා කවදා හරි ආපහු අම්මිගේ බඩට එන්න මං බලන් ඉන්නවා අම්මී..
------------
මේ නිර්මාණයට ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙන්නේ නෑ..ශෙයාර් කරලා එක දරුවෙක්ගේ හරි ජීවිතයක් බේර ගන්න උත්සාහ කරමු..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI