"මේඝනා.."
"මහත්තයෝ..
"අප්පච්චි තව මොනවද කිව්වේ.."
"බැදපු මිනිහෙක්ට එකම කෙල්ල දෙන්න බෑ කිව්වා.."
සාලිය දිගම දිග හුස්මක් අරන් පපුවට දැනෙන්නම පිටකලා.. කොල්ලට දුකයි.. අන්තිමට කොහෙන් ගියත් නැවතෙන්න උනේ මෙතනමයි.. "බැදපු මිනිහෙක්" පවුලේ කාටත් ඕනෑවට කරගත්තු තමන්ගේ කසාදේ හැමදාම සාලියට පිළිලයක් උනා.. එයා ටිෂානි.. ටිෂානි සාලියට ආදරේ කලේ නෑ.. සාලියගේ පවුලේ තිව් සල්ලි වලට ලෝබවෙලා සාලියව බැන්දා මිසක ටිෂානි හෙව්ව කොල්ලා සාලියවත් සාලිය හොයපු කෙල්ල ටිෂානිවත් උනේ නෑ.. ඉතිං බැදලා මාස හයක් යන්නත් කලියෙන් දෙන්නා වෙන්වුනා.. ඒ ගැන දෙන්නටම දුකක් තිබ්බෙ නෑ..
නොගැළපෙන බැදීමක එතෙනවට වඩා තනිකම හොදයි කියලා කොල්ලා දැනන් උන්නා..
මේඝනා කියන්නෙ කොල්ලගේ කම්පැනියේ මැනේජ්මන්ට් ඇසිස්ටන් කෙනෙක් විදියට වැඩට ආව කෙල්ලෙක්.. ගැණියෙකුගේ තියෙන්න ඕන අග පසග විතරක්ම නෙවේ කියලා සාලිය දන්නවා.. ටිෂානිගේ රූපේ කොයිතරම් ලස්සන උනත් ටිෂානි ලග නොතිබ්බ හැමදේම මේඝනා ළග තියෙනවා කියලා කොල්ලට දැනෙන්න මහ කාලයක් යන්නෙ නෑ.. කොල්ලා මේඝනාට ආදරේ කරන්න ගන්නවා.. තළෙලු හමක් දිලිසෙන ඇස් දෙකක් තිබ්බ මේඝනා මහා ගොඩක් ලස්සන කෙල්ලෙක් නෙවේ.. හැබැයි කොයි කවුරු ලගවත් නොනැවතිච්ච සාලියගේ හිත මේඝනා ළගදි හෙල්ලෙනවා..
දෙන්න අදුරගෙන අවුරුද්දක් ගෙවෙද්දි කොල්ලා කෙල්ලට යෝජනා කරනවා.. නමුත් ඒ වෙද්දිත් ටිෂානිගෙන් සාලියට ඩිවෝස් එක ලැබිලා තිබ්බෙ නෑ.. ඩිවෝස් එක නොදි උන්නෙත් සාලියගෙන් ලොකු වන්දියක් ගන්න කියලත් සාලිය දන්නවා.. සාලිය ඕන දෙයක් දෙන්න කැමති වෙනව. නමුත් ටිෂානි එකපාරින්ම කොල්ලට ඩීවොස් එක දෙන්නෙ නෑ..
මේඝනා ආදරේ කරන්නෙ කොල්ලගෙ සල්ලිවලට නෙව්රෙ.. ඒ ලස්සන පරිණත පිරිමියා ළගින් තමන්ගේ අප්පච්චිගෙ වගේම පරිස්සමක් කෙල්ලට දැනුණ නිසා.. දෙන්නටම නොතේරි දෙන්නා ආදරවන්තයෝ වෙනවා..
හරි ලස්සනට ගලා ගිය මේ ආදරේ තිවුණේ කාටත් හොරෙන්.. කොල්ලා මේක හැංගුවේ හිතේ වෙන දෙයක් තියාන නෙවේ. බැදපු මිනිහෙක් එක්ක යාලුවුනා කියලා කෙල්ලට එන නරක නාමේ නැතිකරගන්න නිසා විතරයි..
කාලයක්ම හංගන් ඉදපු මේ ආදරේ කෙල්ලගේ අප්පච්චි දැනගන්නෙ කෙල්ලගේ කටින්මයි..
බැදපු මිනිහෙක්ට දුව දෙන්නෙ නෑ කියලා අප්පච්චි කියන්නෙ ඒකයි.. කෙල්ලගෙ අප්පච්චි හැටියට ඔහුගේ වැරද්දක් නෑ කියලා කොල්ලා දන්නවා.. මොකද බැදපු මිනිහෙක්ට තමන්ගේ එකම දුවව දෙන්න අප්පච්චි කෙනෙකුට හිත හදාගන්න අමාරුවෙවී..
කොල්ලා යනවා කෙල්ලගේ අප්පච්චි හම්බෙන්න.. ඒ කෙල්ල කියල නෙවේ. .
"මහත්තයා හොද වෙන්නැති.. මහත්තයා මගේ දෝණිට අඩුවක් නොකරනවා වෙන්නැති.. නමුත් මහත්තයා අපි මේ ගම් වල නම්බුකාර විදියට ජීවත්වුණ මිනිස්සු.. වැඩිය සල්ලිබාගේ නෑ තමා.. ඒත් අපි තත්වේ තියන් ජීවත්වුනා.. මට කියලා ඉන්නෙ ඔච්චරයි.. මහත්තයට මගේ කෙල්ලව ඕන නම් ඔය කසාදේ කටුගාලා ඇවිත් ගෙනියන්න.." කෙල්ලගේ අප්පච්චි කිව්වෙ එච්චරයි.. ඒ කතාව සාධාරණයි කියලා කොල්ලා දන්නවා..
"ටිෂානි මොකද කියන්නෙ මහත්..තයෝ..?" කෙල්ල අහන්නෙ කැෆේ එකකදි ගත්තු ෆලූඩා මග් එකෙන් උගුරු දෙකක් බොන ගමන්මයි..
"ම්හූ.. තාම උත්තරයක් නෑ.. මං වද කලා.. මට ඩිවෝස් එක ඕනමයි කියල.."
කෙල්ල බලන් ඉදියේ කොල්ලගේ කට දිහා..
"මට වෙන සම්බන්ධයක් තියෙන නිසාලු මං ඩිවෝස් වෙන්න අහන්නෙ. ඒක නිසා බෑ කියනව " කොල්ලා කියන්නෙ කැෆේ එකෙ වීදුරුවෙන් එළිය බලාගෙන..
කොල්ලා කෙල්ලගේ අත තද කරලා අල්ලගන්නවා..
"මාව දාලා යන්නෙපා මේඝනා.." කොල්ලා කියපු විදියට කෙල්ලගේ හිත හීල්ලෙනව..
**
ටිෂානි හදිස්සියෙම කොල්ලගේ ගෙදර එන්නෙ මහ රෑක.. අවුරුද්දකට විතර පස්සෙ ගෑණි ගෙදර ආවේ හොදකට වෙන්න බෑ කියලා කොල්ලා දන්නවා.. තමන්ගේ කාමරේ තමන්ගේ ඇදේම උන්නත් කොල්ලා ගෑණි දිහා ඇහැ කොනකින්වත් බලන්නෙ නෑ.. රෑ ආපු ගෑණිව එලවලා දාන්න බැරුව කොල්ල ලතවෙනව..
උදේ නැගිටිද්දි ටිෂානි උන්නෙ කොල්ලගේ ඇදේ.. කොල්ලා ගාවම.. ඇහැරුණ ගමන් කොල්ලා විදුලි වැදුණ වගේ අහකට වෙනව.. ඔව් ඒ කසාද ගෑණි තමයි.. ඒත් කොල්ලට ඒ ගැන කිසිම හැගීමක් නෑ..
"මට ඩිවෝස් එක ඕන ටිෂානි..මං කිවවනෙ ඉල්ලන ගානක් දෙන්නම් කිය..ලා..." කොල්ලා බැගෑපත් වෙනව..
"මට මේ ගේ, ඔයාගේ බිස්නස් එක හැමදේම ඕන..දෙන්න පුලුවන්ද..?" කොල්ලා පුදුම වෙන්නෙ නෑ...මේ වගේ ගැණියෙක්ට එවැනි ඉල්ලීමක් ඉල්ලන එක අමාරුවක් නෙවේ කියල කොල්ලා දන්නව..
ඒත් එක පාරක් මේ දේවල් ටිෂානිට දෙන්න කලින් කොල්ලා මෙඝනාගෙන් අහනව..
"මහත්තයා ඉදියම ඇති..හැමදේම හිමිට හදාගමු.. කෙල්ල මූණ අත ගාලා කිව්ව විදියට කොල්ලට සතුටුයි.. ඒකමයි කෙල්ලට ඒතරම් ආදරේ ඒකා..
ඩිවෝස් පේපර්ස් වලට සයින් කරන්න කලින් කොල්ලට කියලා දේපළ සේරම තමන්ගේ නමට හරවගන්න සයින් කරගන්න ටිෂානි ඩිවෝස් එකට සයින් කරන්න බෑ කියනවා.. කොල්ලා කොච්චර කිවත් ඒ ගෑණිගේ අදහස වෙනසක් උනේ නෑ.. කොල්ලා නඩුවක් දාන්නෙ බැරිමතැන.. උසාවියෙදි ටිෂානි කියන්නෙ වෙනමම කතාවක්..
"මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.. මට මහත්තයව ඕන.." ටිෂානි කිව්ව දේ පිළිගන්න තරම් සාලිය පිස්සෙක් නෙවේ.. තමා අතකින් වත් නොඅල්ලපු ටිෂානිට තමන්ගෙන් දරුවෙක් ලැබෙන්නෙ කොහොමද කියල කොල්ලා පුන පුනා කියනව.. ඒත් ටිෂානිගේ කිඹුල් කදුළු වලටයි ලස්සන වචන වලිනුයි කිය වුනේ කොල්ලට ටිෂානිගෙන් ගැලවීමක් නෑ කියලමයි..
මේ අතරේ මේඝනා ට ගෙදරින් මගුල් හොයනව..
"මම මැරිලා යන්න කලින් උඹට පෙලවහක් කරලා පිළිවලක් කරලා දෙන්නොන.." අප්පච්චි හැමවෙලේම කියන්න ගන්නව.. කෙල්ල මාසයක් දෙකක් ඔය කතාව මගාරිනව.. ඒ කොල්ලා ඩිවෝස් එක ගන්නකම්..
"මට එපා වෙලා තියෙන්නෙ මේඝනා.. මැරෙන්න හිතයි.." සාලිය හැමවේලෙම කිව්වේ ඒක..
හැමදාම අප්පච්චිගෙන් හැංගෙන්න මේඝනාට පුලුවන් වෙන්නෙ නෑ..
"සිතුම්" මේඝනාට ගෙනාපු මංගල යෝජනාවක්.. මේඝනාගේ දුරින් නෑයෙක් වෙන මේ සිතුම් මේඝනා ගැන බලාපොරොත්තු තියාගන්නව.. සිතුම් කතා කරන්න එන හැමවෙලේම කෙල්ල මගාරිනව..
සාලිය ගෙදර උන්නට ඉන්නෙ හිතේ කලකිරීමෙන්.. ටිෂානි එක්ක රණ්ඩු කරන්නෙම ඩිවෝස් එක ඉල්ලලා.. ටිෂානි කොල්ලට ගෙදරින් යන්න කියනව. කොල්ලම මහන්සියෙන් හම්බ කරගත්තු හැමදේම දාල පාරට බහිනවා..
"මේඝනා ඔයා කැමතිනම් හෙට උනත් මට ඔයාව කසාද බදින්න පුලුවන්." සිතුම් කියන හැමවෙලේම මේඝනා ගොලුවෙලා උන්නා.. කෙල්ලට ඕන සාලියව..
සාලිය දවස් ගානක්ම කතා නොකර උන්නෙ හිතේ වේදනාවට.. දවස් ගානක්ම බාර් ගානේ රස්තියාදු වෙච්ච කොල්ලා උන්නෙ හරි වේදනාවෙන්..
කෙල්ල කොල්ලව සනසනව.. සැනසීමක් කොයින්ද..
ඔය අතරතුර කොල්ලගෙ අම්මා නැතිවෙනව.. ඒ අවුරුදු ගානක් පීඩා විදපු කැන්සර් එකකින්.. කොල්ලා තවත් ජීවිතේ වැටෙනව..
අද සාලියව හම්බෙලා තීරණයක් ගන්න කෙල්ල හිතනව.. කෙල්ලට තමන්ගේ අප්පච්චි අතාරින්නත් බෑ සාලිය අතාරින්නත් බෑ..
දිග සුදු පාට පසුබිමට රතු පාට මල් ඇප්ලයි කරපු ගවුමත් ඇදන් කෙල්ල ලෑස්තිවෙන්නෙ අප්පච්චිටත් කියලමයි..
"මං සාලියව හම්බෙලා එන්නම් අප්පච්චි " අප්පච්චි මුකුත් කිව්වෙ නෑ..
ගෙයින් එළියට බහින්න උනේ නෑ එකපාරට ක්ලන්තයක් වගේ ඇවිල්ලා කෙල්ල ඇදගෙන වැටෙනව..
"මගේ දූ.." කෙල්ලට වාරු වෙන්නෙ අප්පච්චි..
කෙල්ලගේ මුළු ලෝකේම නැවතෙන්නෙ ඩිස්පෙන්සරියේ ඩොක්ටර් කියපු දේ අහලා.. ඔව් කෙල්ල ප්රෙග්නට්.. කෙල්ලට දුකක් නෑ.. සතුටුයි.. සාලිය ජීවිතේට ආපු දා ඉදන් එහෙමයි..
අප්පච්චිලා අම්මලා මරලතෝනි තිය තිය ගෙදර කෑගැහුවත් කෙල්ල උන්නෙ සතුටෙන්.. මේක කියන්න කොල්ලට කෝල් ගත්තත් කොල්ලගේ ෆෝන් එක වැඩ නෑ..
"මං ගිහින් සාලියව හම්බෙලා එන්නම්.. " අප්පච්චි ගෙයින් එලියට බැස්සා..
"එයාට බනින්නෙපා අප්පච්චි " කෙල්ල කියන්නෙ එලිපත්තට ඇවිල්ලා.. මොකද මේක උනෙ තමන්ගෙත් කැමත්තෙන් කියල කෙල්ල දන්නව.. කොල්ලගේ ගෙදර ගිහින් සමහර දවස් වලට ඉව්වෙ කෙල්ල.. කොල්ලගේ කිලුටු රෙදි හේදුවෙ කෙල්ල... පොතේ නොලිව්වට දෙන්නා උන්නෙ බැදලා වගේ..
"අප්පච්චි ගියේ සාලියව ගෙදර එක්කන් එන්න.." අම්මා කියපු දේ අහපු කෙල්ලට සතුටුයි.. හරිම සතුටුයි.
ඉතිං කෙල්ල මිටින් හලපු කිරිල්ලියක් වගේ ගේ අතු ගානවා.. දොර රෙදි දානව.. දුවිලි පිහිනවා..
කෙල්ලො එහෙමයි.. සතුටු දවස් වලට ඒක ගේදොර තියෙන විදියෙනුත් දැනගන්න පුලුවන්..
කෙල්ල පාර දිහා බලානම උන්නා.. කොල්ලා අරන් දීපු සුදු පාට සායයි.. කහ පාට බ්ලවුස් එකයි ඇන්දා.. දහ දොලොස් වතාවක් පාර දිහා බැලුවත් තාම දෙන්න නෑ..
එකපාරට ආපු ත්රීවිලර් සද්දෙට කෙල්ල දූවලා යනව සාලෙට.. කෙල්ලට හරි සතුටුයි..
ඒත් වීල් එකෙන් බැස්සෙ අප්පච්චි විතරයි
කෙල්ල මගටම දුවලා අහනව
"සාලිය කෝ අප්පච්චි ?" අප්පච්චි උන්නෙ කැළබීමකින් වගේ..
'අපි ඉවරයි දූලෑ අම්මෙ..ඒක වස බීලා.." අප්පච්චි කිව්වෙ කෙල්ලට නෙවේ.. අම්මට..
කෙල්ල අඩියක් පස්සට විසි වෙනව..
"මට මෙ ජීවිතේ එපාවෙලා මේඝනා.. ඔයාටත් මං හින්ද සතුටක් නෑ.. සතුටක් තියෙන එකෙක් ගාවට යන්නත් නෑ මේ කාලකන්නි බැදපු මිනිහා නිසා.."
"මට මැරෙන්න හිතෙනව.." කොල්ලා පෙරේදා කියපු දේවල් කෙල්ලට ඇහෙනව ඇහෙනව වගේ..
කෙල්ල පිස්සියක් වගේ අප්පච්චි ආව වීල් එකටම නැග්ගා.. අප්පච්චි ත් ඒ එක්කම වාහනේට නැග්ගා..
කෙල්ලට ඕන උනෙ කොල්ලව බලාගන්න.. පිස්සියක් වගෙ අප්පච්චි ගේ උරෙස්සට හේත්තුවෙලා අඩපු කෙල්ල කොල්ලා උන්නු ගෙදරට දුවගෙන ගියේ අසිහියෙන් වගේ..
වට පිට උන්න අය දහසකුත් දේවල් කියන්න ඇති.. ඒත් කෙල්ලට ගානක් නෑ.. බැදපු ගෑණි පැත්තක ඉද්දි වෙන කොහෙන්දෝ කඩන් පාත් උන එකියක් වැලහින්නි වගේ අඩන්නෙ ඇයි කියලා එතන උන්නු සේරම බලන්නැති..
"කවදාවත් මාව දාලා යන්නෙපා මේඝනා කිව්ව නේද මහත්ත..යෝ.. ?" පිස්සියක් වගේ කොල්ලගේ මිනිය අල්ලගෙන අහන කෙල්ල දිහා ටිෂානි බලන් ඉදියේ සමච්චලේට වගේ.. කසාද ගෑණිවෙලත් ඒකිට මේ ගැන ගානක් තිබ්බෙ නෑ..
කිසිම බලාපොරොත්තුවක් නැතුව කෙල්ලගේ ජීවිතේ ඉස්සරහට යනවා.. ඉන්නවට ඉන්නවා මිසක් කෙල්ල කාත් එක්කවත් වචනයක් කතා කරන්නෙ නෑ..
කෙල්ලට ඕන මැරෙන්න.. ඒත් කොල්ලා දීලා ගිය බැදීම කෙල්ල කඩන්න කැමති උනේ නෑ.. දරුවා හදාගන්න එක කෙල්ලගේ අන්තිමම තීරණේ.. මේඝනාට ගෙදරින් බලකරන්නෙ නෑ දරුවා නැති කරන්න කියල.. ඒ දුප්පත් මිනිස්සුන්ගේ හිත් වල ඒතරම් කැතක් නෑ..
බඩට මාස හයක් ඇති.. අහල පහල මිනිස්සු නේක නේක කතා කියනව.. ඒත් අප්පච්චි කෙල්ලව ක්ලිනික් එක්කන් යනව.. පරිස්සම් කරනව.. අම්මා ආස හැමදේම හදලා දෙනව.. කෙල්ලට මේක හයියක්.. කවුරු නැතත් අම්ම අප්පච්චි කෙල්ලට ඉන්නව..
එක දවසක් ගෙදරට අමුත්තෙක් එනව..කවුරුත් නෙවේ.. "සිතුම්"කෙල්ල ගැන බලාපොරොත්තු තියාගත්තු කොල්ලා..
කොල්ලගේ මළගේ දවස් වලත් සිතුම් එනවා...ඒ අයුතු අදහසකින් නම් නෙවේ.. කෙල්ලව බලන්න..කෙල්ල නොදන්නව උනාට සිතුම් පුංචි කාලේ ඉදන් කෙල්ල ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව.. ඒක දන්නෙ සිතුම් විතරයි.. ඒක සිතුම් කාටවත් කියන්නෙ නෑ..
අදත් මේ ගෙදරට ආවේ කෙල්ල අසරණ වුණ වෙලාවේ බලලා යන්න මිසක් වෙන දේකට නෙවේ..
"මේඝනා.." කොල්ලගේ හඩට කෙල්ල හීමිට අඩිය තියලා සාලෙට එනව.. හිනාවක් වත් සිතුම්ට දෙන්න කෙල්ල කැමති නෑ..
"දැන් කොහොමද.." මේඝනා අමාරුවෙන් දෙතොල් එහෙට මෙහෙට කරලා හිනාවෙනව.. එච්චරයි
සතියකට සැරයක් සිතුම් ඇවිත් කෙල්ලව බලල යනව.. ඕන දේවල් ගෙනත් දෙනව.. කොල්ලට යමක් කමක් තියෙනව.. තමන්ගෙම කියල බිස්නස් එකක් කරගෙන ගියේ..
"සිතුම් පුතා තාම දූ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නෙ.." දවසක් අම්මා අප්පච්චිට කියනව කෙල්ල අහගෙන..
ඒක නොතේරෙන්න තරම් කෙල්ලත් බබෙක් නෙවේ..
කෙල්ල තීරණය කරනවා ආයේ සිතුම් ට එන්න එපා කියන්න.. ඔව් ආයේ ආවම ඒක කියනව.. කෙල්ල හිතනවා..
කෙල්ලට දැන් දරුවා ලැබෙන්නත් ලගයි.. කොල්ල එන්නෙ බරටම අවශ්ය දේවල් අරන්.. කෙල්ල හිතනවා අදනම් හිතපු දේ කියනව කියල.. සිතුම් ඒක තේරුම්ගනි කියල කෙල්ල දන්නව..
"ඔයා ආයේ මෙහේ එන්නෙපා සිතුම්.." කෙල්ල සරලව කියනවා.. ඒත් ඒකෙ ලොකු කතාවක් තියනව.. වෙන එකෙක්ට දාව දරුවෙක් වදන ගෑණියෙක් සහේට ගන්නවට සිතුම් ගේ අම්මලා කොහොමත්ම කැමතිවෙන්නෙ නෑ.. ඒවගේම තමන් අසරණ වෙලා නිසා සිතුම් ගේ කරේ එල්ලෙන්න කෙල්ල කැමති නෑ..
"මට අමාරුයි අම්මා" කෙල්ල කියන්නෙ සිතුම් යනවත් එක්කමයි.. අම්මා කෑගහලා කතා කරන්නෙ සිතුම්ටමයි.. කෙල්ලව හොස්පිටල් ගෙනියන්නෙ කොල්ලගේ වාහනේ..
කෙල්ල බිහිකරන්නෙ පුංචි පුතෙක්.. කෙල්ල වටේ ඉන්නෙ අම්මත් අප්පච්චිත් සිතුමුත් විතරයි.. කවුරුත් කෙල්ල බලන්න එන්නෙ නෑ..
දරුවා ගෙදර ගෙනවා.. සිතුම් දරුවව සිපගෙනම කෙල්ලට යන්නම් කියනව.. හේතුව සිතුම් එනවට කෙල්ල අකැමති කියලා සිතුම් දන්නව..
ආයේ මෙහෙ නෑවිත් ඉන්න සිතුම් කෙල්ලට පොරොන්දු වෙනව.. තරහකින් නෙවේ.. සිතුම් කෙල්ලව තේරුම් ගන්නව..
"දරුවා ගැන හිතපන් මේඝනා..තාත්තෙක් නැතුව ඉන්නවට වඩා ඒකට තාත්තෙක් ලැබෙන එක හොද නැද්ද කියලා උඹ චුට්ටක් හිතපන්.."
ගෙදරින් කෙල්ලට තේරුම් කරනව..
ජීවිතේම සාලියට විතරක් ලං වුණ කෙල්ලට තීරණයක් ගන්න බොහොම අමාරු වෙනව.. කෙල්ල තීරණයක් ගන්නව.. පැටිය ගැන හිතලා....
කාලයක් යනවා..
අද පැටියගේ අවුරුද්දෙ උපන්දිනෙ..
උදේම සිතුම් ආවේ කෙල්ලවයි දරුවයි පන්සලට එක්කන් යන්න..
කිරිබත් හදලා කාලා එහෙම තුන් දෙනා පුංචි කාර් එකේ පිටත් වෙනව..
අම්මයි අප්පච්චි ගේ දොරකඩ ඉදන් බලාන ඉන්නව..
පන්සල් ගිහින් එනකන්ම දරුවා වඩාන ඉන්නෙ සිතුම්..
එන ගමන් කොල්ලගේ සොහොනට ගිහින් එමු කියල මේඝනා කියනව..
සිතුම් එක්කම් යනවා දෙන්නව..
"සාලිය රන්දිලු වීරතුංග"
උපත - 1987.12.15 - විපත -2016.08.28
- නිවන් සැප ලැබේවා-
කෙල්ල සොහොන ලග බිම වාඩි වෙනව.. ඒ සොහොනේ තිව් අකුරු ඇගිලිවල්න් අතගානව.. කදුළු නවත්තගන්න අමාරුයි..
සිතුම් කෙල්ලව නවත්තන්නෙත් නෑ.. ආදරේ කරපු තමන්ගේ මිනිහා නැතිවෙන එක ගෑණියෙක්ට දරාගන්න අමාරුයි..
සිතුම් අතින් දරුවව අරං මේඝනා සොහොන ලගින් තියලා අත් එකතු කරල සොහොනට වන්දනවා...
පොඩි එකාට තේරෙන දෙයක් නෑ..
කෙල්ල නැගිටින්නෙ කදුළු පිහිදාන ගමන්..
"තාත්ති.." පොඩි එකා සිතුම් අතට පනින්නෙ එහෙම කියාගෙන.. මේඝනා මොහොතකට ගල්වෙනව.. සිතුම් පොඩි එකාව පපුවට තද කරගන්නව..
මේඝනා පැටියගේ පිට අතගානව..
කොල්ලගෙ සොහොන ලගම අරලිය ගහෙන් සුදු අරලිය මලක් මේ තුන් දෙනා පාමුලට වැටෙනව.. කෙල්ල ඒක ඇහිදලා පපුවට තුරුළු කරගන්නව..
සිතුම් කෙල්ලගේ අත තද කරලා අල්ලගන්නව.. කදුළු හෝ ගාල වැටෙද්දි කෙල්ලත් සිතුම් ගේ අත උඩින් තමන්ගේ අත තියනව...
අරලියා මල් පොකුරු අරගෙන නුඹේ පුතුත් එක්කලා මං
ඇවිත් යන්නම් නුඹේ සොහොනට හඩන නෙතු පිහිදලා දැං
මේ භවේ එක්වෙන්න බැරි වූව එකට උන් කාලේ මතිං..
නුඹේ වන්නට පතමි ආයෙත් සසරේ දිනකදි මං ඉතිං..
නිමි...

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.