ආදරේ.... ආදරය කියන්නේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආදරේ....
ආදරය කියන්නේ ,
දෙන්නා මුණගැහුන වෙලාවක ෆෝන් දෙක මාරු කරගෙන පරණ අලුත් sms අස්සේ තමන්ට නොකියපු රහස් තියනවද කියලා හොයන එකට නෙවෙයි.
ඒත්. ඒ ෆෝන් දෙකම පැත්තකින් තියලා ඇස් වලින් හුවමාරු කරගන්න හැඟීම් වල ආදරය තියනවා.
ආදරය කියන්නේ මුණ ගැහිලා වෙන්වෙන වෙලාවක, මට ඔයාව දාලා යන්න බෑ කියලා බොරුවට කියනවම නෙවෙයි.
ඒත්. සමුගන්න කලින් පපුවට තුරුල් කරන් නලලට දෙන හාදුවක ආදරේ තියනවා.
ආදරය කියන්නේ එක් පාර්ශවයක් කලබලකාරි දවසකට මුහුණ දෙද්දී, ආයේ කතා කරනකම් එවපු sms ගාණ, මිස්වුන calls ගණන කට පාඩම් කරන එක නෙවෙයි.
ඒත් , කාර්‍යබහුලම මහන්සිම මොහොතක ලෝකේ තියන හොඳම energy drink එකට බැරි තරම් ජවයක් දෙන්න, පුංචිම ආදරණීය වචන ටිකකට පුලුවන්.
ආදරේ කියන්නේ මීට දවසකට,මාසයකට, අවුරුද්දකට, කලින් වුන වැරදි කියවගෙන ආයෙ ආයේ රණ්ඩු හදාගන්නවට නෙවෙයි.
ඒත්, පරිපූර්ණ බව නොදැන ඒ වෙන වැරදි වලට සමාව ඉල්ලන, සමාව දෙන සුන්දර හිත් වල ආදරය තියනවා.
ආදරය කියන්නේ දෙන්නගේ ෆේස්බුක් පාස්වර්ඩ් මාරු කරගෙන, එහෙම නැත්නම් දෙන්නම එකම ෆේස්බුක් එකක් හදාගෙන එකිනෙකාගේ පෞද්ගලික ජීවිතයේ සීමාව පුංචි කොටුවකට රාමු කරගන්න එකට නෙවෙයි, ඒත් විශ්වාසය සහ විශ්වාසය නඩත්තු කිරීම ඇතුලේ අප්‍රමාණ ආදරයක් තියෙනවා.
ආදරය කියන්නේ සල්ලි බර ගානක් දීලා ලොකු ලොකු තෑගි ගෙනත් දෙනවට නෙවෙයි. ඒත් ආදරේ කරන කෙනා වෙනුවෙන් ලියන කවියක, ගෙනත් දෙන රෝස මලක සුන්දර ආදරයක් තියෙනවා.
ආදරේ කියන්නෙ viber , messenger,whatsapp වල එවන හුරු බුහුටි ස්ටිකර්ම නෙවෙයි, අජීවී ක්‍රම වල වගේම සජීවී හැඟීම් වලදිත් හදවතින් හදවතට හුවමාරුවන හැඟීම් වල ආදරය තියනවා.
ආදරය කියන්නේ
අම්මයි තාත්තයි හරි වැඩිහිටියෙක් හරි වචනයක් කියපු ගමන්, දෙන්නත් එක්ක ගිහින් මුහුදට පනින එකට නෙවෙයි , ඒත් ආදරය ලඟද ලෝකයක අවලාද, අපවාද අහගෙන ශක්තිමත්ව ඉන්න තරම් ධෛර්යය තියෙනවා.
ආදරය කියන්නේ, කාමර ගානේ හැංඟි හැංඟි ආතල් ගන්නවට නෙවෙයි, ඒත්, ආදරය ඇතුලේ සරාගී සිතුවිලි තියෙනවා, හික්මීමත් එක්කම.
ආදරය කියන්නේ, ආදරවන්තියට / ආදරවන්තයාට වෙන යාලුවෝ යෙහෙළියො ඉන්නවනම් ඒකට ඉරිසියාවේ මැරෙන එකට නෙවෙයි. ඒත්, ආදරය ඇතුලෙත් යාළුකම්වලට සුන්දර ඉඩක් තියෙනවා.
ආදරය කියන්නේ, පෙම්වතාට පෙම්වතියගෙන් ඔයාට මමද වටින්නේ පවුලේ අයද? යාලුවොද? වගේ මෝඩ ප්‍රශ්න අහනවට නෙවෙයි. ඒත්.ආදරය, ජීවිතයේ අනෙක් හැම බැඳීමකටම තවත් වටිනාකම එක් කරනවා.
ආදරය කියන්නෙ, තව කොල්ලෙක්/ කෙල්ලෙක් දිහා බැලුවොත් ඒකට ඔරවගෙන රවාගෙන ලේ ටික පුච්චගන්න එකට නෙවෙයි, ඒත්, ආදරය ඇතුලේ ඇතිවෙන පුංචි පුංචි ඉරිසියා සහගත හැඟීම් වල අවසානයේ තවත් වැඩි බැඳීමක් ඇතිවීමේ අවකාශය තියෙනවා.
ආදරය කියන්නෙ, දවස තිස්සේ දින චරියාව update කරන දින පොතකට නෙවෙයි. ඒත් ආදරය ලඟ, කියන නොකියන හැමදෙම සියුම්ව දැනෙන හැඟීමක් තියෙනවා.
ආදරය කියන්නෙ එක් අයෙක්ගේ ආශාවක් වෙනුවෙන් අනෙකාගේ ආශාවන් කැපකරන එකටම නෙවෙයි. ඒත්, ආදරය ලඟ එකිනෙකාගේ හැඟීම් දැනීම් වලට ගරු කිරීම තියෙනවා.
ආදරය කියන්නෙ, එක්කෙනෙක් ඉහලට යද්දී අනෙක් කෙනාව අවතක්සේරු කරන එක නෙවෙයි,ඒත්, දෙන්නෙක්ගේ ජීවිත ඇතුලේ එකිනෙකාගේ ජයග්‍රහන වෙනුවෙන් කරන නිහඬ කැපකිරීම් වගේම නිහඬ සතුටුවීම් ආදරය ඇතුලේ තියනවා.
ආදරය කියන්නෙ, සර්වසම්පූර්ණ මනුශ්‍ය ප්‍රාණීන් දෙදෙනෙක් අති උත්කර්ෂයෙන් ජීවත් වෙනවා කියන එක නෙවෙයි, ඒත්, එකිනෙකාගේ දුර්වලකම් සහ හැකියාවන් විඳදරා ගැනීමේ උත්සාහය ආදරය තුල තියෙනවා.
ආදරය කියන්නේ සර්ව සමාන පුද්ගල බැඳීමක් නෙවෙයි .ඒත් ආදරය ඇතුලේ අසමාන පුද්ගල පෞරුෂ ,එකිනෙකා ඉහලින්වත් පහලින්වත් නොතියා ආරක්ශා කරනවා. ආදරය කියන්නේ ,
ලඟ නැති වුනොත් හුස්ම වැටෙන්නෙ නෑ කියනවට නෙවෙයි. ආදරය කියන්නේ මැරෙන්න යන මොහොතෙත් හුස්ම ගන්න හිතෙන හැඟීමට.
ආදරය කියන්නේ සීනිබෝල සින්තටික් ලෝකවල ඉන්න ගමන්, ලුණුයි බතුයි කාලා ජීවත්වෙනවා කියනවට නෙවෙයි.ලුණුයි බතුයි නැති දවසක වුනත් ජීවිතේ දරාගන්න තියෙන හැකියාවට සහ සියලු සැප සම්පත් තිබියදීත් නොවෙනස් වන හැඟීමට.
ආදරය කියන්නේ, කතා නොකලොත් ,හිනා නොවුනොත්, මුණ නොගැසුනොත් අමතක වෙන දෙයකට නෙවෙයි..
ඒත්,..
කතා නොකර, හිනා නොවී,මුණ නොගැසි හරි ජීවිතේ ජීවත් කරන හැඟීමට..
ආදරය සාපේක්ශයි ..
අසාමාන්‍යයි..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI