දස අවුරුදු එපිට
මතකයි තවම
මංගල සිරින් ලෙළදුන්
ඒ අපෙ නිවස...
අන්දා මා උඩරට...
හත් මාලා දා මගෙ ගෙල වට...
නග්ගාලා මා පෝරුවට...
දුන්නා බන්ඳා මෙමා
හොඳ බර ඇති
මහතෙකුට...
අෂ්ඨක කියූ එවේලේ
බැන්ඳා රන් හුයෙන්
අපෙ සුළැඟිලි එදිනේ...
දුන්නා එදා
බරටම දෑවැදි එවෙලේ...
කැන්ඳා ගියා ඔහු මා
නිවසින් එලෙසේ...
දහසක් පැතුම් තවරා
සිටි ඒ මොහොතේ...
පෙරලා ඇඳට වූ දෙය
තවමත් මතකේ...
අවසන ගහපු හැටි මතකයි
පළමු දිනේ...
නොදනිමි හේතුව කුමදැයි
වරද මගේ...
පඳුරු පල්ලෙ ලැග ලැග
ආ අවලං ගැහැනී...
නැහැ ඉඩ ඉන්ට මෙහෙ
තොට නම් බැල්ලී...
අම්මා දන්නෙ නෑ මේ හරි
නැට්ටිච්චී...
ලේ බිඳු දැක්කෙ නෑ
මම රෑ දඟලද්දී...
මතකයි කියූ හැටි පසුදා
පාන්දර ...
සියළු දෙනා මට රැව්වා
එවෙලෙ සිට...
ගැරහුම්, නින්දා,අපහස
හරි හොඳට...
වින්දා මෙමා එවෙලේ සිට
එක දිගට...
වැටුණා වැඳ වැටී
දෙපතුල් ලඟ එවෙලේ...
නෑ මම අපිරිසිදු
මා නිකැලැල්ය අනේ...
කිසිදා නෑ මෙමා
වරදක බැඳුනෙ අනේ...
නැත මා කියන්නේ බොරුවක්
නොවේ අනේ...
නෑ පිළිගත්තෙ ඔබවත්
ඔබෙ මවත් එය...
පන්නා දැමූහැටි මතකයි
තවම මට...
ඇඬුවා නොවෙයි ඇඬුණා
මට නිතැතින්ම...
මා පිරිසිදුය හැකි
දිව්රන්නටද මට...
මා නෑ කිසිදිනකදි වත් වරදේ බැඳුනේ...
මා නෑ කිසි දිනකදි වත් අවලං වූයේ...
අසරණ මට ඒ මොහොතෙදි
සිහිවූයේ...
හරියට "සුජාතා" මෙනි මා
"දෙවෙනි ගමනෙ" වගේ...
කන්‍යාවි නොවේද මං
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.