පසුතැවීම

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
පසුතැවීම
"මචන් මම එහෙනම් යන්නම්.."
"ඔව් මම දන්නවා උබ ආයිත් ගිහින් එන්නම් කියන්නෙ නෑ කියලා...ඒත් මචන් ඉන්න තැනක පරිස්සමින්.."
"මම කවුරු වෙනුවෙන් එන්නද බන්...මම මේ රටට ආදරෙයි.ඒත් මම කොහොම හිත හදා ගන්නද ආයිත් එන්න."
"ලංකාවෙ ඉන්න අන්තිම මොහොතෙ තෝ මගෙන් කුණුහර්ප අහාගන්න එපා බන්..."
"සුමියා...අපේ ගෙයි වැඩේ.."
"ඒක මම බලලා උබට විස්තර කියන්නම්..දැන් එහෙනම් පරිස්සමට...බුදු සරණයි මචන්.."
සුමාල්ගෙත්, ලශාන්ගෙත් දෙනෙත් බොඳව ගියේ මිත්‍රත්වයේ නාමයට...එක වසරෙ ඉදලා උසස්පෙළ වගේම වෛද්‍ය පීටයේ අවසන් වසර දක්වාමත් එකටම සිටි සුමාල් වගේම ලශාන් හොඳම යාලුවො..
"ඒ...ලසෝ...වෙච්ච දේවල් උනා..දැන්වත් ජීවිතේ හදා ගනින්.."
සුමාල් ලංකාවේදී දෙන අවසන් අවවාදයත් ලශාන්ගේ සවනතට ලගා උනේ ගොඩක් දේවල් සිහිපත් කරමින්..
......................................................
"අම්මා...මෙයාට තියෙන්නෙ ස්නායු රෝගයක්..මේකට ඔපරේශන් එකක් කරන්න ඕනි.බෙහෙත් වලෛන් සනීප කරන්න බෑ අම්මා.ඔයාලගෙ කැමැත්ත නැතුව අපිට ඕලුව ඔපරේශන් එකට ගන්න බෑ.."
අසනීපයෙන් හිටපු ඕලුව පරීක්ෂා කරපු වෛද්‍යවරයා පිට වෙලා ගියෙ ඕලුගෙ අම්මවත් තාත්තවත් අසරණ කරමින්...
"ඒත් නෝනෙ අපිට මේවට වියදම් කරන්න සල්ලිබාගෙ නෑනොවැ"
"ඒ ගැන බය වෙන්න එපා තාත්තා.දොස්තරමහත්තයා කියුවෙ ඔපරේශන් එක කරන්න කියලනෙ රජයේ රෝහල් නිසා ඒක නොමිලෙ කරනවා."
"ඒත් කෙලීගෙ ජීවිතේට අනතුරක්..."
"මෙහෙමයි තාත්තා...අපිට ඕලුට ඔපරේශන් එක නොකර ජීවත් කරන්න පුලුවන් අවුරුදු දෙකක්නම්, ඔපරේශන් එක සාර්ථක උනොත් අවුරුදු දහයක් පහළොවක් උනත්...."
අම්මත් තාත්තත් රෝහලෙන් පිටවෙලා ගියෙ තීරණයක් ගන්නබැරුව.
"ඩොක්ටර්"
"ඕලු"
"මට මේ ඔපරේශන් එකට කැමැත්ත දෙන්න බැරිද?"
"ඇයි...අම්මලා කරන්න අකමැති කියුවද?"
"එයාලා බයයි ඩොක්ටර් "
"ඕලුගෙ වයස කීයද?"
"දහනවය ලැබුවා විතරයි"
"මේකයි ඕලු..දහා අටට වැඩිනිසා ඕනිනම් ඕලුගෙ කැමැත්තෙන් අපිට මේ ඔපරේශන් එක කරන්න පුලුවන්.....ඒත් අම්මලා අකමැතිනම්..."
"මම අම්මලට කතා කරන්නම් ඩොක්ටර්"
..............
"ආ...පොඩ්ඩියේ...ඇයි හිතුවක්කාර වෙන්නෙ?දොස්තර මහත්තයා කියන්නෙ මේක සාර්ථක උනොත් හොදයි කියලා.ඒත් සාර්ථක නොවුනොත්"
"කොහොමත් මැරෙන එකනෙ අම්මෙ...අපි බලමු"
හිරිමල්වියේ ඉදපු ඕලු තනි තීරණයක් මත සැත්කමට කැමැත්ත දුන්නා..
............
"ඕලුලගෙ අම්මෙ...ඕලු ගොඩක් වාසනාවන්තයි.මොකද දන්නවද??මේ ඔපරේශන් එක කරපු සාර්ථකම පේශන් ඕලු...ඒත් එක දෙයක්.."
"ඔව් දොස්තරමහත්තයා "
"ඕලුට කිසිම දුකක් පීඩනයක් දෙන්න එපා...අනික ඕලු කසාද නොබදිනවනම් තමයි හොද...මොකද දරුවෙක් ලැබෙද්දි එහෙම ගොඩක් අමාරු වෙන්න පුලුවන්.."
"හරි මහත්තයෝ...පින් මයෙ කෙල්ල සනීප කලාට"
................
ගෙදර ආවත් ඕලුට මූණ දෙන්න උනේ සුපුරුදු අගහිගකම් වලට...දරුවො හය දෙනෙක් හිටපු පවුලක දෙවනියා වෙච්ච ඕලු අසනීපෙ නිසාම මග අධ්‍යාපනය නැවැත්තුවා.ගෙදර අගහිගකම් මදිවට ඕලුගෙ අසනීපෙට වියදම් නිසා ගෙදර ගොඩක් අඩුපාඩු තිබුනා.
ගෙදර ආවට පස්සෙ ඕලුගෙ අසනීපෙ ගොඩක් දුරට අඩු උනා.ඕලු කියන්නෙ කොහොමත් උපතින්ම හිතුවක්කාරකම අරගෙන ආපු කෙනෙක්.
"අම්මා...මම සුදු අක්කා එක්ක එයාගෙ ගාමන්ට් එකේ වැඩට යනවා.."
"මගෙන් ඕවා අහන්න එපා.තාත්තගෙන් අහපන්"
.......
"කරදඩු උස්මහත් වෙච්ච ලමිස්සියන්ට කන්න අදින්න දෙන එකත් ලේසි නෑ."
හවස ටිකක මත්වතුරෙන් පදම් වෙච්ච තාත්තාගෙන් කියවෙච්ච දේ නිසා ඕලු තීරණය කලා ගාමන්ට් එකට යන්න..
නමටම ගැලපෙන රූපයකුයි දණහිසින් ටිකක් පහලට වැටුන කෙස් කලඹයි කොළඹ අනංගයන් ඕලු පස්සෙන් එන්න පාර කැපුවා...
"නංගි අන්තිම වතාවට අහන්නෙ...මට උත්තරයක් නොදුන්නොත් මේ එන කෝච්චියට පැනලා මැරෙනවා.."
ඉරිදා නිවාඩුවට කෙල්ලො ටික ගෝල්ෆේස් ගිය වෙලාවෙ ජගත් පුරුදු විදිහටම පස්සෙන් එන්න ගත්තා..
"අයියෙ මම ලෙඩෙක්.මට කසාද බදින්න හොද නෑ.තේරුම් ගන්න.."
ඕලු ඇත්තම කියුවෙ හිතේ තෙරෙපෙන හැඟීම් වලට උපන්ගෙයිම මියදෙන්න ඇරලා.
"මම ඔයාව මලක් වගේ බලා ගන්නවා...දෙයියම්පල්ලා"
අන්තිමට කොහොමහරි ජගත් ජය ගත්තා..පොලිස් නිළධාරියෙක් වෙච්ච ජගත් ඕලුව ගෙදර එක්කන් ගොයෙ ඕලුගෙ ගෙදරටත් හොරා..කුරුණෑගල ගමක් වෙච්ච ජගත්ගෙ ගමේ දෙමව්පියො, නෑදෑයො ඕලුව හොදින් පිලි ගත්තා.
ගෙදරට හොරෙන් හිතුවක්කාර විවාහයක් කර ගත්ත ඕලුගෙ දෙමව්පියො සමාව දුන්නෙ අසනීපෙ නිසාමයි..
"ජගත්"
"ම්ම්ම්"
"අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙමුද??අම්මලා බබාලා ගැන අහනවා ජගත්..මම කොහොමද එයාලට මූණ දෙන්නෙ...එයාලා වැරදිත් නෑ ජගත්..අපි බැදලත් අවුරුදු දෙකක්නෙ.."
"හරි හරි යමුකො"
"යමු කියලා බෑ ජගත්...හවසට යමු..නිවාඩු ඉවර වෙන්න කලින්"
"හ්හ්හ්හ්ම්ම්ම්"
...............
"මේ මොන කාලකන්නි කමක්ද අම්මෙ?අපෙ අයියටත් ගෑණු හිටියෙ නෑ රටේ..එකක් ලෙඩෙක්...අනිත් අතට වඳ ගෑණියෙක්..."
ජගත්ගෙ නංගිගෙ ගෝරණාඩුව අතරෙ ඕලු වෙනදා වගේම ඉකි බින්දා..ඒත් වරද තමන්ගෙ නෙමෙයි..ජගත්ගෙ කියලා කාටවත් කියන්න ඕලු තියා ජගත්වත් කට ඇරියෙ නෑ.ඕලු හැම නෙමෙයි න්දාවක්ම විද ගත්තා..
"බැහැපන් එළියට...අපේ කොල්ලට වඳ ගෑණු ඕනි නෑ.."
"අනේ අම්මෙ...ජගත් කියන්නකො ..අම්මට අනේ මාව එලවන්න එපා ජගත්...අම්මට කියන්නකො.."
ඕලු කොච්චර ඇඩුවත් ජගත් කටක් ඇරියෙ නෑ..ඕලු ආයිත් ගමට ආවෙ හිස් අතින්..
"ආ...මේක අත්සන් කරලම යනවා..ඩොක්ටර් කියුවෙ බොරු.මගෙ කිසිම අඩුපාඩුවක් නෑ.තමුසෙගෙ ලෙඩේ හින්දා ඔක්කොම"
ඕලු ගෙදරින් පිට වෙන්න කලින් ජගත් දික්කසාදෙට අත්සන් ගත්තෙ එහෙම කියලා.
..................
"මේකනම් වදයක් අම්මෙ...මගුලක් කර ගත්තනම් ඉන්න ඕනි එහෙට වෙලා..ආයිත් ගෙදර ආවා අපිට ලැජ්ජා කරන්න.."
නංගි රණ්ඩුවෙන්න පටන් ගත්තෙ ඕලු හීනෙකින්වත් නොහිතපු විදිහට.ආයිත් ගාමන්ට් ජීවිතේට ඕලු හුරු උනේ ගෙදර ඉදීමෙන් තවත් ප්‍රශ්න ඇති වෙනනිසා.
.............
"අයියෙ මම බැදපු ගෑණියෙක්..පින් සිද්ද වෙයි.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න."
ලසන්ත ඕලුගෙ ආදරේ ඉල්ලලා වද දෙද්දි ඕලු කියුවා.
"මම ගෙදරට ඇවිත් අහන්නද..මට ඔයා බැන්ද කෙනෙක් උනාට කමක් නෑ..."
ඕලු නිහඩ උනේ කතා කරලා තේරුමක් නැති නිසා.ලසන්ත කියුවා වගේම ඇවිත් ගෙදරින් ඇහුවා.
"අනේ තාත්තෙ මගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ.මම හැදුනෙ ආච්චි ලග..මම දන්නවා ඕලු ගැන හැම දේම.මම එයාව බදින්න කැමති."
ලසන්ත ගෙදර අය ඉස්සරහා වීරයෙක් වෙද්දි පවුල්බරින් මිරිකුන ඕලුගෙ දෙමව්පියන්ටත් ඕනිඋනේ කසාදෙ ඇරිලා ආපු දියණියගෙන් ගැලවෙන්න..
ලසන්ත ඕලු එක්ක විවහා උනේ ඊට පස්සෙ.ලසන්ත කවදාවත් ඕලුගෙ හිත රිද්දුවෙ නෑ.ඕලු ගැබිනියක් උනේ මේ කාලෙ...ජගත්ගෙ බොරුව බොරුවක් කරලා.
............
"ලශාන් ඕලුක විජේමාන්න "
පුතුට අවුරුද්දක් ලබන උපන්දිනය..ඕලු පුන්චි කේක් එකක් ලෑස්ති කරලා බලන් හිටියෙ ලසන්ත ගෙදර එනකම්..රජයේ රැකියාවක් කරපු ලසන්ත ගෙදර ආවෙ මාසෙකට වතාවක්.දුෂ්කර රාජකාරි නිසා.
ඒත් ලසන්ත වෙනුවට ගෙදර ආවෙ දරුවො දෙන්නෙක් එක්ක කාන්තාවක්..
"ඔයාද ඕලු..?"
"ඔව්...ඔයා..."
"මම නිරූපා...ලසන්තගෙ වයිෆ්..මේ ඉන්නෙ එයාගෙ දරුවො දෙන්නා..."
"මොකක්...ඔයාට වැරදීමක් වෙලා..."
ඕලු කියුවෙ හදවත හත් අට පොලකින් බිඳිලා යද්දි.
"නෑ ඕලු...එයා ඔයාව බැන්දෙ බොරු රෙජිස්ට්‍රාර් කෙනෙක් ලග.මේ තියෙන්නෙ අපෙ කසාද සහතිගෙ.මගෙ ලසන්තගෙන් ඈත් වෙන්න."
ඇය දරුවො දෙන්නත් එක්ක බැහැලා ගියෙ ඕලුගෙ හිතේ සතුට අරගෙන.එදායින් පස්සෙ ලසන්ත කවදාවත් ගෙදර ආවෙ නෑ..
................
"අම්මා...තීත කූවා අම්මටයි තාත්තටයි හැමදාම වදින්න කීලා..මම කූවා මම තාත්තිගෙ පොටෝ එකට ඇමදාම වදිනවා කීලා...යාලුවො හිනා උනා අම්මි"
පෙරපාසල් ගිහින් ආපු ලශාන් ඕලු තුරුල් කරගත්තෙ ආදරෙන්..
"එයාලා දන්නෙ නෑනෙ පුතාගෙ තාත්තා සෙල්ලම්බඩු ගේන්න ඈත ගිහින් කියල...ඒකයි...මගෙ පුතා ඕවා හිතන්න එපා..
ලශාන්ගෙ පාසල් ගමනත් එක්ක වියදම් හොදටම වැඩි උනා..ඕලු කඩේක රස්සාවට ගියෙ ඒකයි..
"ජයේ මම කැමති නෑ මිනිහා නැති ගෑනු කඩේ වැඩ කරනවට.මිනිස්සු මොනා නොකියයිද"
කඩේ මුදලාලිගෙ බිරිද කියනවා ඇහුනම ඕලුට හිතුනෙ පොළව පලන් යන්න..ඇය ආයිත් කඩේ වැඩට ගියෙ නෑ..
රස්සාවක් හොයද්දි ගල් වැඩපොළක වැඩ අහන්න ඕලු ගියෙ කරන්න පුලුවන්කමකට නෙමෙයි.ලශාන්ගේ පාසල් වැඩ කටයුතු වගේම කෑම බීම වලට සල්ලි ඕනි නිසා.
ගල් වැඩපලේ අයිතිකාරයා ඕලුට හෙලුවෙ කෑදර බැල්මක්..
"දවසට දෙසිය පනහක් දෙන්නම්...උබට පුලුවන්ද මේ වැඩ"
"පුලුවන් මහත්තයා"
"පඩි වැඩි කරගන්න ක්‍රමත් තියනවා..ඒවට ඉතින් අපිට සලකන්න ඕනි.."
ඔහු පැවසුවෙ පලමු දවසෙ පඩිය ඕලු අතට දීලා අතත් මිරිකන ගමන්..
පිරිමි දෙන්නෙක්ගෙන්ම බැට කාපු ඕලු අත ගසලා දැම්මෙ තරහින්..
එදායින් පස්සෙ ඕලු දන්න කියන ගෙවල්වල ලමයි බලා ගත්ත..උයලා පිහලා දීල කීයක් හරි හොයා ගත්තා..ඒත් කවදාවත් ලශාන්ට අඩුවක් කලේ නෑ..
ලශාන් හොදට ඉගන ගත්තා.සාමාන්‍ය පෙළ සමත් වෙලා ටවුමෙ ඉස්කෝලෙටත් ගියා.
"අම්මා මට සල්ලි ටිකක් ඕනි.යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටියක්."
ඕලු දැන් මාස ගානක ඉදලා සල්ලි එකතු කලේ ආයිත් එන බෙල්ලෙ කැක්කුම පෙන්නන්න ඩොක්ටර් චැනල් කරන්න.ඕලු මුකුත් නොකියම ලශාන්ට සල්ලි දුන්නා.
....................
"අම්මගෙ වැරදි නිසා වෙන්න ඇති තාත්තා අපිව දාලා ගියෙත්..අම්ම කසාද දෙකකුත් බැන්දලුනෙ"
ලශාන්ට අවවාදයක් දෙන්න ගිය මොහොතක කිය වෙච්ච දේට ඕලුට සිහියක් නැතුව ගියා.කවදාවත් ලශාන්ගෙ කටින් එහෙම දෙයක් අහන්න ඕලු බලාපොරොත්තු උනේ නෑ..
"ඉරෝලගෙ අම්මලා අපේ සම්බන්දෙට කැමති නෑ මේක හින්දා.මේ ඔක්කොම අම්මා නිසා.එයාලා කියනවා ඉරෝව ඕනිනම් මට එහෙ එන්නලු.මම එහෙ යනවා"
ඕලුට වචනයක්වත් කියන්න ඉඩ නොතියා ලශාන් ගෙදරින් එළියට බැස්සා.එතකොට ලශාන්ට වෛද්‍යවරයෙක් විදිහට පත්වීම ගන්න තිබ්බෙ මාසයයි.
එදායින් පස්සෙ ලශාන් ගෙදර ආවෙ රටයන්න ඕනි සහතික වගයක් ගන්න.ඕලුට කියන්නෙවත් නැතුව ලශාන් රට ගියා..
......
"ඩොක්ටර් සුමාල් පන්සලේ වැටිලා ඉදලා අම්මා කෙනෙක් ගෙනාවා..ටිකක් අමාරුයි ..බලනවද.."
"අම්මෙ ඔයා..?"
"මේ...."
"මම සුමාල් අම්මෙ.ලශාන්ගෙ හොදම යාලුවා.ඌ අම්මව බලන්න ආවෙ නැද්ද?"
"මයෙ පුතේ...මම මැරෙන්න ලගයි.මගෙ පුතා හිතන් ඉන්නෙ මගෙ වැරැද්දෙන් එයාගෙ තාත්තාමාව දාලා ගියා කියලා.එයාට මගෙ කතාව කියන්න පුතේ...
එහෙම කියලා පටන් ගත්ත කතාව පන්සලේ වැටුන තැන වෙනකම්ම ඕලු සුමාල්ට කියුවා.කැමරාව ඔන් කරලා ඕලුගෙ හැම වචනයක්ම රෙකෝඩ් කරපු සුමාල් ඒක ලශාන්ට සෙන්ඩ් කලා.
ඒ අතර ඕලුගෙ අසනීප තත්වය දිගටම වැඩි උනා.වරින්වර සිහිසුන් උනේ ස්නායු රෝග තත්වෙ නිසා..
"සුමියා...මම ලංකාවට එනවා.."
සුමාල්ට ලැබුනෙ ලශාන්ගෙ මේල් එකේතිබුනෙ එච්චරයි..
"ඉක්මනට වරෙන්...උබට වැඩි වෙලාවක් නෑ.."
සුමාල් රිප්ලයි කලත් ඒක දකින්න ලශාන්ට ලැබුනෙ නැත්තෙ ඒ වෙනකොටත් ගුවනයානෙට නැගලා හිටපු නිසා..
................
"මිස්...අම්මගෙ බී.පී.ඩ්‍රොප් වෙනවා.ඉක්මනට ඩෝපමින් එකක් දාමු.."
සුමාල් කොච්චර උත්සහාකලත් ලශාන් ලංකාවටවට ගොඩබහිද්දිම ඕලු අවසන් සුසුම් හෙලුවෙ,
"පුතේ මගෙ පුතාට කියන්න මගේ වැරැද්දක් නිසා නෙමෙයි තාත්තා ගියෙ කියලා"
සුමාල්ට එහෙම කියලා..
.........
"මචන් මගෙ අම්මා"
ලශාන් කෙලිම නැවතුනෙ සුමාල් ලග...
"සොරි මචන්...අම්මා කියන්න කියුවා උබලගෙ තාත්තා ගියෙ අම්මගෙ වැරැද්දෙන් නෙමෙයි කියලා.."
"සුමියා...උබට මගෙ අම්මව බේරා ගන්න බැරි උනාද...අනේ මට මගෙ අම්මට කතා කරන්න ඕනි සුමියො...අම්මට වැදලා සමාව ගන්න ඕනි...උබට බැරි උනාද මගෙ අම්මව බේරා ගන්න.."
සුමාල්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ලශාන් කෑ ගහලා හැඩුවා..
ලශාන් පියවි සිහියට ආවෙ සුමාල්ගෙන් ලැබුන දැඩි අතුල් පහර නිසා..
"තෝ වගේ බල්ලෙක් මොකට මගෙ යාලුවෙක් කර ගත්තද කියලා හිතෙනවා මට..ගෙවල්වල දැලි කුණු අත ගාලා තෝ දොස්තර කරපු අම්මට වඩා තොට අර උඩැක්කි ලොකු උනා.උන්ගෙ අම්මා අප්පා ලොකු උනා.තොට දැන්ද අම්මව ඕනි උනේ...පල මගෙ දැහැට නොපෙනි.."
ඕලුගෙ ජීවිතේ බේරාගන්න බැරි උන සන්තාපෙන් හිටපු සුමාල් කේන්තිය පිට කලේ ලශාන්ගෙන්.
"මට සමා වෙයන් සුමියො...මට වැරදුනා බන්.මම මහා පව් කාරයෙක්..මගෙ අම්මව බලා ගන්න බැරි වෙච්ච පුතෙක් මම.උබ හරි.මම මහා බල්ලෙක් යකෝ..."
...........අවසානෙට like එකක් වත් දානවද.........
පවන....
ඕලුගෙ අවසන් කටයුතු චාමෙට සිද්ද උනේ ඕලුගෙ අවසන් කැමැත්ත විදිහට.
"මට තවත් දවසක්වත් ලන්කාවෙ ඉන්න බෑ බන්.අම්මගෙ කැමැත්ත විදිහට ගේයි ඉඩමයි වැඩිහිටි නිවාසෙට ලියලා මට ඩොකියුමන්ට් ටික එවපන්..."
අවසන් වරට ඕලුගෙ සොහොන්කොතේ මල්වඩමක් තිබ්බ ලශාන් පැවසුවෙ ගොඩක් පසුතැවීමෙන්..
...............................................
දුක් විදිමින් තමාව හදාවඩාගත් අම්ම්ව බලාගන්න, සලකන්න බැරි උන පශ්චප්තාවයත් සමගම ලශාන් ලංකාවට සමු දුන්නෙ තමාගෙන් වෙච්ච වැරැද්දට තමාටම සාප කර ගනිමින්...
ලංකාවෙන් ගොස් මිනිසුන්ගේ විවිද ඇනුම්පද නින්දා වලින් ගැලවුනත් ලශාන්ට කෙදිනකවත් තම හෘද සාක්ශියෙන් ගැළවිය නොහැකිවනු ඇත.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI