හැමාදාමත්_ආදරෙයි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
හැමාදාමත්_ආදරෙයි
මොකද මහා රෑ ඔන්ලයින් ඉදන් කරන්නේ?
නිදාගන්නැද්ද?මාව මතක් වෙනවද මැනික?
විකාරද?මොලේ හොද නැද්ද අප්පා රෑ වෙනකල් ඔයා ගැන හිත හිත ඉන්න.මන් මේ කම්මැලිකමට fb ආවෙ.
හ්ම්ම්ම් ඇයි එක පාරටම මෙහෙම වෙනස් උනේ සුදු නෝනා?මට ආසයි ඉස්සර වගේ ඔයාත් එක්ක හුඟාක් ආදරෙන් ඉන්න.මට ආසයි ඉස්සර වගේ ඔයාගේ අතින් අල්ලන් කොටුවේ ඉස්ටේසමේ,විහාරමහදේවි පාර්ක් එකේ ඇවිදින්න.අනේ ඇයි මේ වෙනස් වෙලා දෙයියනේ..
ඒත් ඇයි දෙයියනේ මෙහෙම?
ඔයාගේ ඔයා මල ඇඬියාව නවත්තගන්නවද?මට නම් දැන් අප්පිරිය වෙල අප්පා ඔයාව.දැන් වත් මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.
අම්මෝ මගේ කෙල්ල දැම් හරි කඩලආච්චියෙක් වෙලා නෙ.මොකද මොකද මේ කේන්ති අරන්.. දැන් මන් කියන දේවල් වැරදියටමයි පේන්නේ.කෝ මට ඉස්සර වගේ රස් බබා කියලා කතා කරන්නකෝ.
ඔව් ඔව් තමුසේ කොහොමත් හෙන විකාරයක්.තමුසෙගෙ හීන ලෝක වල තියෙන්නෙ dj පාර්ටියි සිගරටුයි අරවයි මේවයි විතර නෙ ලක්ශිත.මට මගේ ආනගතේ හදාගන්න දෙනවා.තමුසේ පැත්තකට වෙනවා.අනික බලනවා මගේ කලින් කොල්ල එක්ක බලද්දි තමුසේ මොකෙක්ද?එයා දැන් හොඳ company එකක CEO කෙනෙක්.තමුසේ එහෙම වෙනවා නම් ඉතින් ඒක හීනයක්ම තමා..
දැන් එතකොට ඒකද හේතුව මෙහෙම වෙනස් වෙන්න.කියන්න මැනික ඔයා එයාට ආදරෙයිද???
ආදරෙයි තමයි.අනික මන් එයා එක්ක යාලු වෙලා දැනට මාස දෙකක්.අනික මට එයාව හොදයි.කවදා හරි එයා එක්ක හිටියොත් මට කාල ඇඳලා ඉන්න හරි පුළුවන් වෙයි.ඒත් තමුසෙ හැමදාම ගෙදරින් කකා බිබී නිකමෙක් වගේම ඉදිය්.අනික තමුසෙට එච්චර දෙයක් කරන්න පුළුවන් නම් ඉතින්..
+ + + + + + + + + + + + + + + + + + + + + + + +
සය වසරකට පසු
මචන් ලක්ශිත් මෙහෙ මරු ප්ලේස් එකක් තියනවා ලන්ච් ගන්න.උබලා මේ පැත්තට වැඩිය එවෙන්නේ නෑ නේ දැන්.මන් උබට පෙන්නන්නම්ම්කො ප්ලේස් එක.
කවුද බන් මේ පැත්තට අර එන්නේ.වාහනයක් එනවා කියල පෙනි පෙනි..
අඩෝ හැප්පුනා නේද?කවුද බන් ඒ?ලස්සන කෙල්ලෙක් නේ..
ඔව් බන් දැන් අවුරුදු එක හමාරක් විතර ඇති මේකි මේ පාරවල් දිගේ ඔහේ ඇවිදිනවා.පිස්සු හැදිල බන්.දන්නැද්ද ඉතින් ලව් සීන්.
අඩෝ බැහැල ඒකිව හොස්පිටල් අරන් යමු බන් නැත්තන් හෙට පත්තරෙ යයි සුප්‍රසිද්ද ව්‍යාපාරික දේවනාරායනගෙ වාහනයක හැපී බාගෙට පිස්සු හැදුනු තරුනියක මිය යයි කියලා.
නෑ නෑ බන් එච්චර අමාරුවක් නෑ වගේ ඔය කෑගගහා ඉන්නෙ.අපි යන් බන්.උබගේ වයිෆ් මට කිවුවා උබව රෑ වෙන්න කලින් ගෙදර එවන්න කියලා.ඔය පිස්සු හෝන්තුව කෙඳිරි ගගා ඉද්දි කවුරු හරි එක්කන් ගිහින් බේත් දායි බන්.අපි යන්
කෝකටත් අපි එක්කන් ගිහින් බේත් දාමු බන්.
මගේ රස් බබා කවුදෝ මාව හැප්පුවා දෙයියෝ.කකුල රිදෙනවා ගොඩාක්.මගෙ රස් බබා හිටියා නම් මාව වඩගෙන බෙයි දාන්න යනවා නේ.කෝ මගේ රස් බබා
අඩෝ ඒ කටහඬ පුරුදුයි වගේ බන්.
විකාර දොඩවන්නැතුව මේ ගෑනිව වාහනේට දාගෙන අරන් යමන් බන්.මිනිස්සු දැක්කොත් උබේ නමටමයි හරි නැත්තෙ.හප්පුනු වෙලාවෙම යන් කිවුවට උබ ඇහුවෙත් නෑ නේ.වැඩේ සීරියස් වගේ බන්.කෙල්ලගෙ ඔලුවෙන් ලේ එනවා.
කෝ ඔය කෙල්ලගෙ මූනට වැටිච්ච කොන්ඩේ හදපන්කෝ.මූන පේන්නෙත් නෑ
එදා මන් ආදරේ කරපු ඒ මූන..
#ශානූ
ඒ ඇස් පියවිලා තිබ්බ.
දෙයියනේ ශානූ
උබ දන්නවද ලක්ශිත් මේ කෙල්ලව?
මොකද බන් මන් නොදන්නෙ.අඩෝ ඇයි බන් මෙහෙම උනේ ඒකිට?
මුලින්ම මේකිව හොස්පිට්ල් එකට දාල ඉමුකෝ.මන් උබට කියන්නම්.
කාලයක් මගේ අහින්සකී වෙලා හිටපු කෙල්ලව ට්‍රොලියට දාලා ලේ පෙරි පෙරි අරන් යද්දි මට ලඟින් හෙල්ලෙන්න හිතුනු නැති තරම්..
සොරි මිස්ටර් ඔයාට මෙතනින් එහාට යන්න බෑ.අපි මෙයාව දැන් ඔපරේශන් එකට ගන්නවා.
එදා මගේ ලඟ හිටපු මගේ බෝනික්කි අද මගේ වාහනේටම යට උනා කියලා හිතෙද්දි
අඩෝ මොනාද බන් කල්පනා කරන්නෙ?
මුකුත් නෑ බන්.
අන්න ඩොක්ටර් ආවා
මිස්ටර් ඔයාගේ පේශන්ට ටිකක් අමාරුයි ගිහින් බලන්න පුළුවන්
එතකොටත් සිහිය ඇවිත් තිබුනු මගේ සුරන්ගවි ලඟට දුවගෙන ගියේ එයාගෙන් සමාව ගන්න හිතගෙන.කොච්චර අමාරුවක් තිබුනත් තොරතෝන්චියක් නැතුව මගෙ පලවෙනි ආදරෙ උනු මගේ පුන්චි සුරන්ගනාවි කියව කියව හිටියා.
මන් ලගට ගිය ගමන් මගේ අතින් අල්ලගත්තු එයා
අනේ බුදු මහත්ත්යෝ මන් මැරෙයි දැන් මට මගේ රස් බබාව බලන්න ඕනි.එදා බොරුවක් කිවුවට එයාගෙන් සමාව ගන්න ඕනි.සිගරට් වලටයි පාර්ටි වලටයි යට වෙලා රස්සාවක් නොකරපු එයාගේ ජීව්තෙ හදන්න ඕනි උනා.ගෙදරට වෙලා ඔහේ හිටපු එයාගේ ජීවිතෙ හදන්න මන් ගොඩාක් බොරු කිව්ව.ඒ පවටද මන්ද මගේ අම්මයි තාත්තයිත් මේ ලෝකේ මාව තනිකරල යන්න ගියා.මට ආරන්චි උනා එයා දැන් ලොකු මහත්තයෙක්ලු...
ලොකු කම්පැනි ගොඩක් අයිතියිලු.එයාට මේ මෝඩ කෙල්ලව මතකද දන්නේ නෑ.අමතකයි නම් පොඩ්ඩක් කියන්න මත්තයෝ.. අර කොටුවෙ ඉස්ටේශමේ ඉදන් එයාගේ අතෙ එල්ලිලා ගිය,අර එයාගේ මෝඩ කතා වලට හයියෙන් හිනා උනු,අර විහරමහදේවි පාර්ක් ගිය අර ඒ කෙල්ල කියලා කියන්න.එහෙමත් නැත්තන් එයාගෙ සුදු නෝනා එයා එනකල් බලන් ඉන්නවා කියන්න.හුස්ම නවතින්න කලින් එන්න කියන්න මහත්ත්යෝ...මට එයාගේ මූන බලන්න ඕනි මහත් ..
නීක් නීක් නීක් නීක්
අඩෝ සදීප මේ මේක මොකද්ද වෙනව බන් අනේ ශනූ කතා කරන්නෙත් නෑ.
ඩොක්ටර් ඩොක්ටර්
එදා ඔයා කිව්වාම මන් නිකමෙක් කියලා මට ඕනි උනේ ඔයාට පේන්න ඉස්සරහට යන්න.ඔයා ආදරෙයි කියපු යාළු උනා කියපු කොල්ලට වඩා ඉස්සරහට යන්න.ඒත් ඇයි දෙයියනේ මට ඔයාගෙ ආදරේ පෙනුනේ නැත්තෙ?මගේ ආදරේ මට ඔයාට කියාගන්න බැරි උනා මැනික.මාත් කෙනෙක් එක්ක ඉන්න තීරනය කලා තමයි.ඒත් අද වෙනකල්ම ආදරේ කලේ ඔයාට.අද මන් ඉන්න තැන හදල දුන්නේ ඔයා.එහෙනම් මගේ ජීවිතේ හදන්නයි ඔයා මාව දාල ගියේ.දෙයියනේ මෙච්චර ආදරෙ කරපු ඔයාගෙ ආදරෙ තේරුම් ගන්න බැරි උනා මට.ඇස් අරින්න මැනික මන් ඔයාව කොටුවේ ඇවිදින්න එක්ක යන්නම්.අනේ ඇස් අරින්න සුදු නෝනා..
කොච්චර හයියෙන් මන් මගේ සුරන්ගනාවිට කතා කලත් එයා ආයෙ ඇස් ඇරියේ නෑ..
#ඔයලගෙ_අදහස්_පහලින්_දම්_යන්න_අමතක_කරන්න_එපා_
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI