ලස්සන කෙල්ලෙක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ස්ථානය :-පේරාදෙණිය මල්වත්‍ත.
ඒ මචං රුවනා..අර බලපං මේ පැත්තට එන කෙල්ල....අර එන්නේ රෝස පැල තියන හරියේ....
ම්ම්ම්ම්....ලස්සන කෙල්ලෙක් නේද බං...
ලස්සන තමා..බලපංකෝ සායේ දිග...රතුපාටටම දාලා එන්නේ ලොවෙත් දෙදාහෙ කෑල්ලක් වෙන්න ඇති..
පිස්සුද බං උබට....
ඇයි දෙදහට වැඩි වගේද...
එහෙම කියන්න එපා බං...අහිංසක කෙල්ලෙක් වගේ...
අනේ උබේ රෙද්ද...කොටට ඇදගෙන පාරවල් වල ගිහින් අනිත් එවුන්ව ෆෝම් කරලා ඇග විකුනන් කන්න හොදයි...අපි කිව්වාම වැරදි....
උබ දැක්කද ඇග විකුණනවා....බොරුවට කියවන්න එපා යකෝ...අහිංසක කෙල්ලෙක්...
අනේ උබයි මමයි දන්න අහිංසකකම...උබටත් යමු කිව්වොත් බෑ කියයි...
ඕක නවත්තගනින් දිමල්කයා...නිකන් කතා හදන්නේ නැතුව...මටත් ඔය වගේම නංගි කෙනෙක් ඉන්නවා...ඇයි කෙල්ලෙක්ට කොටට අදින්න බැරිද...කොල්ලො රතුපාට ඇන්දොත් මොකක්ද තියන අව්ල...බලන එවුන් දැනගන්න ඕන ඒක...අනික ඔය ඇදුම් මහලා එවන්නේ අදින්ඩනේ...
හරි දැන් උබ කියන්නේ ඒකි සේල් කෑල්ලක් නෙවෙයි කියලානෙ...මම උබට ඔප්පු කරන්නම්...ඔහොම ඉදපං බලාගෙන...
ස්..ස්...නංගි....
ඒ කෙල්ල අපි ලගින් යනකොට දිමල්ක එයාට කතා කරද්දි එයා නැවතිලා අපි ඉදගෙන හිටපු දිහා බැලුවෙ පුදුම තරම් අහිංසක විදියට...
ඇයි අයියා....
පොඩ්ඩක් මෙහාට එනවද....
දිමල්ක එන්න කියද්දි ඒ කෙල්ල අපි ලගට් ආවෙ අපි දිහා බලපු හිනාව ඒ විදියටම මූනේ තියාගෙන...
ඒ කෙල්ලගෙ ඇස් වල හිනාව තොල් වලින් හැඩ උන හිනාවට වඩා අහිංසක විදියට පෙනුනා...
ඇයි අයියා කතා කරේ....
නම මොකක්ද... වයස කීයද...කීයද ගාන....අපි දෙන්නෙක් ඉන්නවා....අව්ලක් නෑනේ...
හ්ම්ම්ම්...
දිමල්ක එහෙම අහද්දි කෙල්ලට එක පාරටම දිග හුස්මක් පිට උනා.....ඒ්‍ත් එක්කම ඇස් රතුවෙලා කදුලු පිරෙන්න ගත්තා...
දිමල්කගේ ඒ වචන කෙල්ලගෙ හදවත හිල් කරගෙන ගිහින් ඇගේ දුවන ලේ කැට පිච්චෙන්න ඇති කියලා හිතෙද්දි රුවන්ගෙ ඇස් වලට ජීවිතේ පලවෙනි පාරට කදුළු පිරුනා....
වෙව්ලන වචන වලින් එයා දිමල්කට උත්තර දෙන්න ගත්තා....
මම උපේක්ෂා...වයස විස්සයි....මම තාම උදේට මොකුත් කාලා නෑ...උදේට ඕන නෑ දවල්ටයි රෑටයි හෙට උදේටයි කන්න දෙන්න...රෑට නැවතිලා හෙට උදේට යන්න පුලුවන් තැනකට මාව එක්කන් යන්න අයියා....ඒ හොදටම ඇති...ඔයාලා කියන ඔනම විදිහකට මම ඉන්නම්...
අනේ නංගි මේ..නිකම් බබා පාර්ට් දාන්න එපා හලො...තමුසෙට පාට පාට ඇදුම් ඇදලා ඇවිදින්න සල්ලි තියනවා....උදේට කන්න රුපියල් සීයක් නැ...ඒ රුවනා....මොකද කියන්නේ එලිවෙනකම්ම ඉදලා තුන්දාහෙන් ශේප් වෙන්න පුලුවන්..යමුද....ඒ රුවනා....
හදවතේ එක දිගට පිච්චෙන ලේ ඒ අහිංසකීගෙ පපුවට දාරා ගන්න බැරුව ඇස් වලින් කදුළු කරලා එක දිගට පිට කරද්දි තවත් එක මොහොතක්වත් රුවන්ට ඒ ඇස් දිහා බලාගෙන ඉන්න බැරි උනා.....දිමල්ක කියන කිසි දෙයක් රුවන්ට ඇහුනේ නැත්තේ රුවන් ඒ අහිංසකීගෙ හදවත ඇතුලෙ කදුළු නතර කරන්න විදියක් හොය හොය හිටපු හින්දා...
දිමල්ක රුවන්ගෙ අතට ගහලා කතා කරද්දි රුවන්ගෙ කල්පනා ලෝකෙ කැඩිලා ඉහිරිලා ගියේ ඇස් වල පුරවගෙන හිටපු කදුළු තාරපාරෙ වැටිලා චූටි චූටි කෑලි වලට කැඩිලා විසිවෙලා යද්දි...රුවන් අතේ තිබුන ලේන්සුවෙන් ඇස් දෙක පිහදාලා දිමල්ක දිහා බලාගෙන හිටියේ කිසිමදෙයක් ඇහුනේ නැති බීරෙක් වගේ....
මොකක්ද දිමල්කයා උබ කිව්වෙ...
උබ අහිංසකයි කීව මෙයා කියනවා උදේටවත් කාලා නෑලු..හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන් තැනකට එක්කන් ගිහින් එලිවෙනකම් මොනවාහරි කන්න දීලා තියාගන්නලු...උදේම යන්නම්ලු...ඕන දෙයක් දෙන්නම්ලු...මොකද කියන්නේ...මෙයාව එක්කන් ගිහින් එළිවෙනකම්ම කන්ඩ දෙමුද...
කටවහපං යකෝ තිරිසනෙක්නෙක්වගේ කියවන්නෙ නැතුව....ආ නංගි...මේ සල්ලි තියාගෙන කැමති දෙයක් ගන්න..මගෙ ලග මෙච්චරයි තියෙන්නේ....
රුවන් උපේක්ෂාගේ ලගට ගිහින් පර්ස් එකේ තිබුන හයදාහෙන් පන්දාහක් උපෙක්ෂාගෙ අතේ තිබ්බෙ එයාගෙ ඇස් වල කදුළු පිහදාන ගමන්...
එපා අයියා...මම යන්නම්...අපේ අම්මා කියලා තියෙන්නේ කිසිම දෙයක් නිකන් ගන්න එපා කියලා...ගොඩක් පිං ඔයාට...මට කවුරු හරි හම්බෙයි ඔයාලා වගේම...එයා එක්ක ගිහින් මම කීයක් හරි ඉල්ල ගන්නම්...බුදු සරණයි....
එහෙම කියපු උපේක්ෂා සල්ලි රුවන්ගෙ අතෙන් තියලා යන්න ගියා....
ශිට් දිමල්කයා අර අහිංසකී....
ඇයි දුකයිද....ඒකි එක්ක නිදා ගත්තෙ නැත්තං එකි සල්ලි ගන්නේ නෑ....ඇහුන්නැත්ද කියන....
ඔය තිරිසන් කතාව කියන්ඩ එපා බං..මම ඒ කෙල්ලට එහෙම වෙන්ඩ දෙන්නෙ නෑ....
රුවන් එහෙම කියලා උපේක්ෂා ලගට දුවගෙන ගිහින් උපේක්ෂාගේ අතින් අල්ලලා රුවන්ගෙ පැත්තට හරවගත්තා....
ඇයි අයියා....
හරි අපි යමු....ආ මෙන්න සල්ලි ඔයාට....
මම ඉස්සරලා ඉල්ලපු ටික මට දෙන්න අයියා...ඊට වඩා මොකුත් එපා....යමු....
රුවන් උපෙක්ෂාව දිමල්ක හිටපු තැනට එක්කන් ආවෙ කියාගන්න බැරි තරම් ආදරයක් හිතේ උතුරද්දි.....
දිමල්ක මෙන්න කාර් එකේ යතුර...අපි දෙන්නව චතුරයාගෙ හොටෙල් එකට දාලා උබ බෝඩිමට පලයං....හෙට උදේට අපිව ගන්න එතෙන්ට වරෙන්....මට ඕන මේ කෙල්ල එක්ක තනි වෙන්න....
ඒ යාලුවා...උබ මාර ලකී ආ...
ඇයි උබ එහෙම කියන්නේ....
සාමාන්‍යයෙන් මිනිස්සු හනිමුන් යන්නේ බැදලානේ....උබ යාලුවෙන්නත් කලින්ම යනවා...උබටනේ කාර් එක ඕන උබ වරෙන් ඒකේ....මම බස් එකේ බෝඩිමට යන්නම්....හෙට වැඩත් නෑනේ....බායි එහෙනම්....
දිමල්ක එතෛන් ගියාට පස්සෙ රුවන් ගාර්ඩ්න් එකෙන් එළියට ඇවිත් උපේක්ෂාවත් දාගෙන රුවන්ගේ හොදම යාලුවෙක් උන චතුරගේ හොටෙල් එකට ගියේ උපේක්ෂාගෙ අසර්ණකමෙන් කිසිම දෙයක් ගන්න බලාගෙන නෙවෙයි....
මචං රුවනා...ගොඩ කාලෙකින්....උබේ ගර්ල් ද....
ඔව් බං...අපිට හෙට උදේ වෙනකම් රූම් එකක් ඕන බං...කීටද කෑමටත් එක්ක....
මොන සල්ලිද බං...ආ උඩ කෙරවලේ කාමරේ යතුර...උබලා යන වෙලාවට පලයල්ලා...ඕඩ්ක් කරගෙන ඕන දෙයක් ගෙන්න ගනිල්ලා....
තෑන්ක්ස් මචං.......
රුවන් උපේක්ෂාවත් එක්කගෙන කාමරේට එක්කන් ඇවිත් වොශ් දාන්න යැව්වා....එයා ආවාට පස්සෙ රුවනුත් ගිහින් වොශ් එකක් දාගෙන ආවා...උපේක්ෂා ගුලිවෙලා ඇදේ ඉදගෙන ගැහි ගැහී ඉන්නවා දැකපු රුවන්ගෙ පපුව සීතල වෙලා ගියා....ඇදේ හාන්සි උන රුවන් උපේක්ෂාගේ ගැහෙන අත් දෙකෙන් අල්ල ගත්තා...
ඔයාට ඇත්තටම මොකද උනේ නංගි...
කියන්නම් අයියා...මගේ තාත්තා නෑ..අම්මා ඔත්පල වෙලා හිටියේ.අම්මා නැති උනාම නැන්දා එයාගෙ පුතාට මාව බලෙන්ම බන්දලා දුන්නා...ඒ කරලා එයාලා මගෙ නමට තිබුන හැමදේම බලෙන්ම ලියා ගත්තා...එදා ඉදන් මම මගේම ගෙදර වැඩකාරියක් උනා...මාව බැන්දා කියලා එයා හිටියේ වෙන කෙල්ලෙක් එක්ක...මම එයාලට නොකරපු දෙයක් නෑ අයියා...ඊයෙ උදේ මගෙ අතින් නැන්දාගෙ පුතාට ගෙනියපු කිරි වීදුරුව බිම වැටුනා...මට නැන්දයි එයාගෙ පුතයි මාමයි තුන්දෙනාම කාමරේක දාගෙන ලනුවකින් ගැහුවා....මේ මට ගහපු පාරවල් තාම කැක්කුමයි අයියා......
උපේක්ෂා අඩ අඩා එයා ඇදගෙන හිටපු බ්ලවුස් එක පිට පැත්තෙන් උස්සලා පිටේ රතුපාට වෙලා තිබුන ලනු පාරවල් රුවන්ට පෙන්නුවා...ඒ පාරවල් දකිද්දි රුවන් ඇස්වල හිරකරගෙන හිටපු කදුළු හෝ ගාලා ගලන්න ගත්තා...
අනේ දෙයියෝ ඕක වහ ගන්න.....
හ්ම්ම්....මට ගහලා ගහලා ඇදගෙන හිටපු ඇදුම පිටින්ම මාව එළියට ඇදලා දැම්මා...මඩුවෙ වැලේ හෝදලා වනලාදාලා තිබුන සුදු සායයි බ්ලවුස් එකයි ඇදගෙන හිටපු දෙක එතනම ගලවලා දාලා ඇදගත්තේ වෙන කරන්න දෙයක් නැති හින්දා...මගෙ අතේ සතයක්වත් තිබුනේ නෑ...
ෆෝන් එක විතරයි අතේ තිබුනේ....ඒක දීලා කොහෙහරි යනවා කියලා පාරෙ ගියපු වීල් එකකට අත දාලා ඒකට නැග්ගාම ඒ අයියා ඇහුවා කොහෙටද යන්නේ කියලා.....මට මොකුත් කියා ගන්න කටට ආවේ නෑ අයියා...මම කිව්වා කොහෙන් හරි මාව දාල යන්න කියලා....ඊට පස්සෙ එයා මගෙන් විස්තර අහද්දි මම එයාට උන හැමදේම කිව්වා අයියා...එයා මාව ඊට පස්සෙ කොහෙද මන්දා හොටෙල් එකකට එක්කන් ගියා....ඒ යන ගමන් තමා එයා මට මේ ඇදුම් අරන් දුන්නේ....හොටෙල් එකට ගිය වෙලේ ඉදන් එලිවෙනකම්ම එයා මාව එයාට ඕන ඕන විදියට පාවිච්චි කරා අයියා....මගෙ දේවල් හැමදේම එයාගෙ කරගත්තා....
උපේක්ෂා එහෙම කියලා මහ හයියෙන් අඩන්න ගත්තා.....ටිකක් වෙලා අඩලා ආයෙත් කතා කරන්න පටන් ගත්තා....
අද උදේ මට මේ ඇදුම් ටික අන්දලා මල්වත්තට යන්න ටිකටුත් අරන් දීලා කැන්ඩි ටවුන් එකට යන්න අතට රුපියල් පනහාකුත් දිලා කිව්වා ටිකක් අනිත් අයට හිනා වෙලා ලස්සනට ඇවිදින්න ඔයාට අදත් ඉන්න කෙනෙක් හම්බෙයි....හොදට සලකයි කියලා...ඒ කරලා එයා යන්න ගියා.....ඒත් මට තේරුනේ නෑ මම මොකක්ද කරන්න ඕන කියලා...ඔයාගෙ යාලුවා මගෙන් අර විදියට අහද්දි තමයි මට තේරුනේ එයා කීවදේ.....මම මීට කලින් එහෙම ඉදලා නෑ අයියා.....මම ඔයාලා අහද්දි කන්නයි ඉන්නයි දෙන්න කිව්වෙ මට දැන් ඕන ඒක හින්දා...
ඔයා දන්නවද නංගි ඔය වගේ ඇදුම් අදින්නේ කව්ද කියලා.....
නෑ අයියා මම දන්නේ නෑ...
මේවා ඇග විකුනන ගනිකාවො අදින ඇදුම්....මේ ඇදුම් ගලවලා දාලා ඔයා ඊයෙ ඇදන් ආව සුදු සායයි බ්ලවුස් එකයි ඇදන් එන්න....මම හෙට උදේ ඔයාව අපේ ගෙදර එක්කන් යන්නම්....ඔයා එහෙ ඉන්න...මගෙගෙදර ඉන්නෙ අම්මයි නංගි විතරයි...තාත්තා නැති වෙලා.....
ඔයාට පිං සිද්ධවෙයි අයියේ.....
එහෙම කියලා උපේක්ෂා අඩ අඩා රුවන්ගෙ කකුල්දෙක අල්ලලා වැන්දා.....ටිකක් වෙලා එහෙම ඉදලා වොශ් රූම් ගිහින් සායයි බ්ලවුස් එකයි ඇදගෙන ඇදට ආවා.....
සුදු පාටට එකතු උන කෙල්ලගෙ පුංචි මූන හදක් වගේ දිලිසෙනවා... රුවන්ගෙ හිතේ ඒ වෙනකොටත් උපේක්ෂා ගැන කියා ගන්න බැරි තරම් ආදරයක් ඉපදිලා දෝරෙ ගලනවා.....අඩලා අඩලා හෙම්බත් වෙලා තිබුන උපේක්ෂාගේ ඇස් හිනා වෙන්න හදනවා කියලා රුවන්ට දැනෙනකොට කීයා ගන්න බැරි තරම් සතුටක් රුවන්ට දැනුනා....
දැන් කෑම එයි නංගි....කාලා නිදාගමු...හෙට උදේම යමු අපි.....
හා අයියා....ඔයා දෙවි කෙනෙක්...පිං සිද්ධ වෙනවා ඔයාට....
පිස්සු කෙල්ල....ඔන්න කෑම ආවා....අර දොර ඇරලා කෑම දෙක ගන්න....
ඕඩර් කරලා කාමරේට ගෙන්න ගත්ත කෑම දෙකත් කාලා දෙන්නම නිදා ගත්තෙ උදේම යන්න නැගිටින්න ඕන හින්දා.....රුවන් එහෙම්ම ඇදේ අනිත් පැත්ත හැරුනා....ඇදේ පුංචි කෙරවලක හාන්සි උන උපෙක්ෂා ඇස් පියාගත්තේ හිතේ ඇති උන පුංචි බලාපොරොත්තුව අස්සෙ ඇස් වල තිබුන කදුළු හංගගන්න ගමන්.....
පහුවදා උදේම නැගිටලා දෙන්නම කුරුනෑගල රුවන්ලාගෙ ගෙදර යන්න ලෑස්ති උනා.... එලිවෙද්දි උපේක්ෂාගේ ඇස් වල කදුළු වෙනුවට සතුට දෝරෙ ගලන්න අරන් තිබුනා.....
රුවන් අයියා....
කියන්න නංගි....
අනේ අපි අර පහු කරපු පංසලට ගිහින් වැදලා යමු...මම පංසල් යන්න ආසයි....
ගැටඹෙ පංසලටද....
අනේ ඒක ගැටඹෙ පංසලද..මම අහලා තිබුනාට දැකලා නෑ....යමුද....
ඔව් ඒ ගැටඹෙ....යමූ...මම ඉස්සරහින් කාර් එක නවත්තලා එන්නම් ....
ඔයා බැහැලා ඉන්න මම එනකම්.....
මම එහා පැත්තට පනින්නම්....
හ්ම්ම්ම්....බලාගෙන පනින්න හොදද....වාහන වැඩී...
හා අයියා....පිං ඔයාට....
පිස්සු කෙල්ල....බහින්න....
කාර් එකෙන් බැස්ස ගමන් උපේක්ෂාට ඕන උනේ ඉක්මනට බුදුහාමුදුරුවෝ ලග වැදවැටිලා කරපු පව් හෝදගන්න....තිබුන හදිස්සියට පාර දෙපැත්තවත් බලන්නේ නැතුව උපෙක්ෂා පනිනකොටම ටිපර් එකක් එනවා දැකපු රුවන් මහ හයියෙන් කෑ ගැහුවා....
උපෙක්ෂා මැණික පනින්න එපා වාහනයක්.....
බුදුන් වදින්න තිබුන ආසාවට සිහිල අව්ල් කරගෙන පාර පනින්ම ගිය උපේක්ෂා රුවන්ගෙ කටහටඩ පාර මැදම නතර වෙලා රුවන් දිහා බැලුවා....ඒත් එක්කම නුවර පැත්තට වේගෙන් ආව තාර පටවපු ටිපර් එකක වැදුන උපේක්ෂා රුවන්ගේ ඇස් වලට පෙනිපෙනිම විසිවෙලා ගියා.......
ඒක මොහොතකින් පිස්සෙක් උන රුවන් කෑ ගහගෙන උපේක්ෂා ලගට උවගෙන ආවෙ අනිත් හැමදේම අමතක කරනගමන්....පිස්සෙක් වගේ පාර පැනපු රුවන්ගෙ ඇගේ නුවර ඉදන් වේගෙන් ආපු කොලඹ යන බස් එකක් වැදුනේ වට වෙලා හිටපු හැමෝම බලාගෙන ඉද්දි......
හිතේ හයියෙන් උපේක්ෂා ලගට බඩගාගෙන ආව රුවන් උපේක්ෂාගෙ කදුළු ගලන මූන වෙව්ලන ලේ ගලන අත් දෙකෙන් අල්ල ගද්දි අතේ තිබුන ලේ කදුළු එක්ක දිය වෙලා බිමට ඇදගෙන වැටුනා......
මට සමාවෙන්න මගෙ මහත්තයෝ.....මම මහා පවුකාරයි.....මම හින්ද ඔයාටත් තුවාල උනා නේද....ඔයාට ගොඩක් රිදෙනවා නේද....අනේ මට සමා වෙන්න මගෙ අප්පච්චි....මට සමා වෙන්න....
ඇති මගෙ අම්මා....නවත්තන්න...මම ඔයාට මහ හුගක් ආදරෙයි මගෙ අම්මා...මම ආදරෙයි....
මමත් ආදරෙයි මගෙ අප්පච්චි....පොඩ්ඩක් පාත් වෙන්නකෝ....මට මොකුත් වෙලා නෑ නෙද....අනේ මගෙ අත් උස්සන්න බෑනේ...කකුල් හෙලවෙනවද බලන්න මගෙ මහත්තයෝ....මට දැනෙන්නෑනේ....අනේ බලන්නකො.....මගෙ සාය ඉස්සිලා නෑ නේද....බලලා හදන්නකො....නැත්තං මම ගනිකාවක් කියලා හිතයි මිනිස්සු...
නෑ මගෙ අම්මා....ඔයාට මොකුත් වෙලා නෑ...ඔයා බය වෙලා හින්දයි ඔයාට එහෙම දැනෙන්නෙ....උම්ම්මා....බය වෙන්න එපා අප්පච්චි මගෙ අම්මාගෙ ලග ඉන්නවාගේ....බය වෙන්න එපා මැනික.....කොහෙවත් ඔයාට තනියම යන්න දෙන්නෙ නෑ....ඔයා එක්කම ඔයාගෙ ඉස්සරහින් මමත් එනවා මගෙ අම්මා....
ඔයාට අමාරු නෑ නේද මගෙ පන.....මට අමාරු නෑ....
නෑ අම්මා...මටත් අමාරු නෑ....අන්න බුදුහාමුදුරුවෝ ඉන්නවා....කෝ ඔයාගේ අත් දෙක දෙන්න...මම එකතු කරලා වන්දවන්නම්....
හා මගෙ මහත්තයො....අනේ එහෙම කරන්නකෝ....ආසයි....
ම්ම්ම්...හරි මගෙ අම්මා....සාධු කියන්න රත්තරනේ...සාධු කියන්න....
සාධු...සාධූ...සාධූ....
උපේක්ෂා එහෙම කියනකොටම රුවගෙ අත උපේක්ෂාගෙ අත අල්ලගෙනම කඩාගෙන වැටුනා....
බාගෙට පියවේගන එන උපේක්ෂාගෙ ඇස් රුවන් දිහා බලද්දි රුවන්ගෙ ඇස් සදහටම පියවෙලා තිබුනා....
රුවන් දිහා බලාගෙනම උපේක්ෂාගෙ ඇස් දෙකත් සදහටම පියවෙලා ගියා.....
......නිමි....
ජීවිතයම ආදරය විය
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI