අසරන කෙල්ලෙක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
අසරන කෙල්ලෙක්...
අඩෝ දිල් වරෙන් බං ඉක්මනට අර බස් එකටවත් නඟිමු ලෝර්ඩ් එක උනාට කරන්න දෙයක් නෑ ක්ලාස් එකට නැත්නම් ලේට් වෙනවා.
අපෝ ඉගෙනගෙන කාටද බං හරියන්නේ උඹට පොතෙන් තොර ලොවක් නෑනේ රෙද්ද.
අඩෝ ෆුල් ලෝර්ඩ් බං එපා වෙනවා මෙහෙමත් ලෝර්ඩ් කරනවද,,,
ඒ අර බලපන් මචං අර කෙල්ල ඇඹරෙන්නේ මොකද කියලා අර අර බලපන්.
කොයි කෙල්ලද මට පේන්නේ නෑනේ මොකී ගැනද තෝ ඔය කියන්නේ අහ්.
අහ් අර අර බලපන් අර තට්ටයා ජැක් ගහන් ඉන්නේ අර බලපන් ලස්සන සුදු කෙල්ල බං ඒ පව් බං ඒකි එතන ඉන්නේ අමාරුවෙන් වගේ නේද.
අමාරුවෙන් වගේ නම් ගිහින් හොද කරපන් තෝ යකෝ දැන් උඹ වගේම හිතන එකෙක් වෙන්න ඇති ඒ තට්ටයත්.
ඉදපන්කෝ මං කරන්නම් හොද වැඩක් ඕකාට.
දැන් ඇයි තෝ මොකක්ද කරන්න යන්නේ අහ්.
ඉදපන් ටිකක් බලාගෙන.
එහෙම කියලා සෙනඟ අතරින් මං ගියේ ඒ ලස්සන සුදු කෙල්ල ළඟට ගිහින් මං හිටගත්තා ඒ කෙල්ල පිටිපස්සෙන් එතකොට අරූට ජැක් ගහන්න වෙන්නේ මට තමයි. එහෙම ඉද්දි බස් එකේ බ්‍රේක් පාරට මං නිකංම හේත්තු උනේ එයාගේ උරහිසට. වාව් අපේ අයියගේ බබාගේ සුවද එයා ළඟින් ආවා.
බස් එකේ සෙනඟ ටිකෙන් ටික අඩු උනාම ඒ කෙල්ලත් කළුතර ස්ටෑන්ඩ් එකෙන් බහින්න බස් එකේ පිටිපස්සේ දොර ළඟට ආවා. මාත් ඉතිං ඒ පස්සෙන්ම ආවේ අපිත් කළුතරින් බහින නිසා.
ස්ටෑන්ඩ් එකෙන් බැස්සා විතරයි කන පුරාවට හොද කම්මුල් පාරක් මට වැදුනේ මං හිතුවේ වත් නැති වෙලාවක. ඔව් ඒ අර කෙල්ල.
හීන් දිගැටි ඒ ඇස් වල තරහා පිරිලා. තමුසෙට ඇත්තටම ලැජ්ජා නැද්ද කෙල්ලොන්ට පාඩුවේ බස් එකක යන්න දෙන්නේ නෑ මොකද ඔච්චර අසහනේද කියලා අහලා මට බැන්නා.
එතකොට තමයි මට තේරුණේ ඒ කෙල්ල හිතලා තියෙන්නේ ජැක් ගැහුවේ මං කියලා. ඒ වෙලාවේ කොච්චර ඒක එහෙම නෙවෙයි උනේ කියලා තේරුම් කරන්න මං උත්සහා කරත් ඒක එයා ටිකක්වත් ඇහුවේ නෑ. තේරුම් කරාට වැඩක් උනේම නෑ.
වරෙන් මචං යන්න මුන්ට හොඳක් කරත් වැරදි අපිමයි.
ටවුන් එක මැද දෙනෝ දාහක් දෙනා බලන් ඉද්දි උනේ මොකක්ද කියලා තේරුම් ගන්නවත් බැරි උන මං ඔහේ බලාගෙන ඉද්දි පිටිපස්සෙන් ආව දිල්මාව එතනින් එක්ක ආවා.
ක්ලාස් එකට ඇවිතුත් මට කා එක්කවත් කතා කරගන්න බැරි උනේ වෙච්ච ලැජ්ජාව නිසාද නැත්නම් ඒ කෙල්ල මගේ හිතේ අමුතු විදිහට හොල්මන් කරන්න ගත්තු නිසාද කියලා මට හිතාගන්න බැරිව හිටියේ.
මචං අනු ක්ලාස් ඉවරයි වරෙන් දැන්වත් වරෙන් බං යන්න නිකං මලමිණියක් වගේ නොඉද.
ඒ අර බලපන් අර කෙල්ල බං
දිල් ඈතට අත දික් කරලා මට පෙන්නුවේ උදේ මගේ කනට ගැහුව කෙල්ලව.
කවදාවත් කෙල්ලෙක්ගෙන් ගුටි කාලා නැති මට ඒකි දුන්නු කනේ පාර හොඳට මතක තිබුණා. දෙපාරක් නොහිතම ඒකි ළඟට ගිහින් කනේ පාරක් ගහලා මේ හලෝ තමුසෙට ජැක් ගහන්න ආවේ නෑ මං අර තට්ටයා එහෙම කරපු නිසා ගාර්ඩ් එකට තමුසෙගේ පිටිපස්සට මං ආවේ. දෙයක් කරන්න කලින් මීට වඩා හොයලා බලනවා. තමුසෙට ලැජ්ජයි නේද දැන් අහ් අන්න ඒ වගේ තමයි මටත් උදේ.
එහෙම කියලා ආව 3 වීල් එකට අත දාලා දිල් එක්ක ගෙදර එන්න ආවේ බස් එකක් එනකල් එතන තවත් රැදෙන්න මට උවමනාවක් නොතිබුණු නිසා. ඒ එන අතරෙදි මගේ කනේ පාරට හොල්මන් වෙලා බිම බලන් හිටිය ඒ ලස්සන අහිංසක මූණ මට මැවෙන්න ගත්තා. මං කරේ වැරැද්දක් ද කියලා හිතද්දි මං පරක්කු වැඩියි. ඒ කෙල්ල එතන තවම අඩනවා ඇති කියලා මට හිතුණා.
ඊළඟ සතියේ ක්ලාස් යනකල් මට ඉවසිල්ලක් තිබුණෙම නෑ ඒ කෙල්ල ආයෙමත් මුණ ගැහේවි කියලා මට හිතුණා.
...................................................................
ඊළඟ සතියේ ක්ලාස් යන්න බස් එකට නඟින්න හිටියේ මං විතරයි දිල් උගේ ආච්චිගේ ගෙදර ගිහින්.
මං එදා නැඟ්ග බස් එකේ පීර පීරා බැලුවේ මං ඒ ලස්සන මූණ. හිතුවේ නැති වෙලාවක ඒ ඇස් මගේ ඇස් වල ගැටිලා හිනාවුනේ උන දේවල් නිසා දෙන්නගෙම හිත් වල තරහක් නෑ කියලා කියන්න වගේ.
සෙනඟ අතරින් හෙමීට ගිහින් ඒ වත ළඟ නතර උනේ මං අදත් ගුටියක් කෑවත් සනීපයි කියලා හිතාගෙන. ඒත් ගුටි වෙනුවට එයා එදා මගෙන් සමාව ගත්තා. මමත් සමාව ගත්තා. එයාගේ නම දෙව්මි සංජනා වික්‍රමසිංහ.
ඔහොම කතා කර කර කර අපි ක්ලාස් එකට ආවා. එයා කරෙ ඒලෙවල් ආර්ට්ස්, ඒත් මං කරේ කොමස්. ඒ මොනවා උනත් එයත් ආර්ට්ස් වලට ආර්තික විද්‍යාව කරා. සෙනසුරාදා හවස 4-6 සමන්ත සර්ගේ ක්ලාස් එකට යන්නේ කියලා එයා කිව්වම ඊළඟ සතියේ ඉදන් ඒ ක්ලාස් එකටම යන්න මං අමතක කරේ නෑ. අපරාදේ කියන්න බෑ දිලුත් මගේ පස්සෙන්ම ආවා ඉතිං.
.........................................................................
දවසක් ආර්තික විද්‍යාව ක්ලාස් එක ඉවර වෙලා බස් එක එනකල් ඉන්නකොට දේව්ගේ ගමට යන අවසන් බස් එකත් ගිහින් තිබුණා. ඒ වෙද්දිත් අපි හොඳ යාලුවෝ උනත් මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති වෙලා කියලා මං එයාට කියලා තිබුණේ නෑ. පස්සේ අපේ ගමට යන බස් එකේ දිල්ව යැව්ව මං ත්‍රී වීල් එකකට අතදාලා ඒකේ දේව්වත් නඟ්ගගෙන ඇරලවන්න තීරණය කරේ ඒ වෙලාවේ කෙල්ලෙක් තනියෙන් යවන්න බැරි නිසාටත් වඩා මට ටිකක් දේව් එක්ක තනිවෙලා කතා කරන්න උවමනා උනු නිසයි.
දේව් කොයිහරියෙද ගෙවල් තියෙන්නේ
අලුත්ගම කෝච්චි ස්ටේෂන් එකට මෙහා පාරෙන් යන්න ඕනේ අනූ
හ්ම්ම්ම් මං ඇරලවන්නම් එතනට ඔයාව
ඒත් අනූ ගේ ළඟටම එපා මඟට ඇරලවන්න තාත්තා දැක්කොත් මට බනීවි
හරි හරි ළමයෝ බයවෙන්නෙපා ඒකට හොදද
හ්ම්ම්ම්...
දේව් මං ඔයාගෙන් දෙයක් අහන්නම්ද
මොකක්ද අනූ කියන්න
ඔයා මං ගැන මොකද හිතන්නේ දේව් ඇත්තමයි මං ඔයාට ආදරේ කරනවා පුළුවන් නම් ටිකක් හිතලා බලලා උත්තරයක් දෙන්න බලන්න මට.
අනේ අනූ එපා ඔයා මං ගැන හිතන්න ප්ලීස් ඒ අදහස අතෑර ගන්න රත්තරං.
එහෙම කිව්ව දේව් මගේ පපුවට ඒ වෙලාවේ තුරුළු වෙලා ඇඩුවේ මට ආදරෙයි උනත් ආදරෙයි කියන්න බැරිව ඉන්නවා වගේ කියලා මට දැනුනා. මං එහෙමම දේව්ගේ ඔලුව අතගෑවේ උතුරා යන අවංක ආදරයෙන්.
දේව් මේ අහන්න මගේ මැණික මට ආදරෙයි නම් කියන්න අපි ආදරේ කරමු ලස්සන පැටව් තුනක් හදන් ඉමු සතුටින්.
බෑ මහත්තයෝ බෑ ඉගෙනගන්න මං ගොඩක් ආසයි. මගේ අම්මා මහන්සි වෙලා මට උගන්වන්නේ. ඊටත් වඩා බාප්පා කියලා තියෙන්නේ මට කොල්ලෙක් එහෙම හිටියොත් එයාගේ අක්කගේ පුතාට මාව ඊලඟ තත්පරේම බන්දලා දෙනවා කියලා. ඒ කොල්ලා කුඩුත් ගහනවාලු. ආදරේ කරලා මට බෑ මගේ අම්මගේ මහන්සියත් අපතේ යවන්න. මට තාත්තා නෑ තාත්තා කියන්නේ බාප්පට ඔයා දන්නවනේ මහත්තයෝ බාප්පලාගේ හැටි.
හරි මේ අහන්න මැණික ඔයාට මාව විශ්වාසයි නේද ම්... මට ආදරෙයි ද කියන්න එතනින් එහාට ඔයාට මොකුත් ප්‍රශ්නයක් නොඑන්න ඔයාව මලක් වගේ රැකගන්න එක මගේ යුතුකමක් මගේ වගකීමක්.
හ්ම්ම්ම් ඔව් මගේ මහත්තයෝ මං ඔයාට ආදරේ කරන්න ගත්තේ එදා ඔයා මට කනට ගහපු දවසේමයි. ඒත් මට ආදරේ කරන්න සුදුසු වාතාවරණයක් නෑ මහත්තයෝ.
හරි මගේ මැණික ඉතිං හරි ඔයා මට ආදරෙයි නම් ඔයා දැන් මගේ මගේ විතරමයි. අපි අම්මට අපි ගැන ඉක්මනට කියලා තීරණයක් ගමු හොඳද.
හ්ම්ම්ම් හා මගේ මහත්තයෝ හා ඔයාට ගොඩක් පිං මට ආදරේ කරනවාට.
කතාවෙන් කතාව දේව්ගේ ගේ ළඟටම අපි ඇවිත් තිබුණා. මං දේව්ව තදින් බදාගෙන
ඔලුව අතගාලා ආදරෙන් පරිස්සමෙන් ගිහින් එන්න මැණික කියලා කිව්වා.
දේව් එයාගේ ලෑලි ගහපු ගෙදරට යන දිහා මං බලන් හිටියා. ඔව් ඒ යන්නේ මගේ දුප්පත් කෙල්ල තමයි. ඔව් ඒ මගේ පැටවුන්ගේ අම්මා.
................................................................................
එදා ගෙදර ඇවිත් මං එයා ගැන අපි ගැන ගොඩක් හීන මැව්වා. එයත් එහෙම තමයි ඒක මට ගොඩක් දැනුනා.
අපිට බදාදට එක්ස්ට්‍රා ක්ලාස් එකක් තිබුණේ එක්සෑම් ළඟ නිසා.
එදා එයා වෙනදටත් වඩා ගොඩක් ලස්සනට මට පෙනුනා. මං එයාට කතා කරා ගොඩක් ආදරයෙන්. ඔව් ඒ ඇස් වල වෙනදාටත් වඩා ලොකු ආදරයක් මං දැක්කා.
මැණික මට ඔයාගේ අම්මව හම්බෙන්න ඕනේ.
ඒත් ඇයි මහත්තයෝ මේ හදිස්සියෙම.
එහෙම තමයි මැණික ඔයා මට මේ 4න් එකෙන් මැසේජ් එකක් දාන්න බාප්පා ගෙදර නැති වෙලාවක. මං ඉක්මනටම එතකොට ඇවිත් අම්මව හම්බෙන්නම් මගේ මැණික.
එහෙම කියලා මං දේව්ගේ අතින් තිබ්බේ අලුත්ම අලුත් නොකියා 4න් එකක්.
දේව් ඒක අතට ගත්තේ ගොඩක් ලොකු ආසාවකින්.
එදා ගෙදර ඇවිත් දේව් ගැන මං අම්මා එක්ක කිව්වේ ජීවිතේ කිසිම දෙයක් හංගන්න මං අකමැති නිසා. එයා ගුරුවරියක් උනත් නංගිවයි මාවයි උස් මහත් කරන්න තාත්ති නැති උන දවසේ ඉදන් ගොඩක් කැප උනා.
අම්මට මං මගේ හැමදේම කිව්වා දේව්ගේ හැමදේම කිව්වම අම්මා මට කිව්වේ පුතේ ඒ දරුවාගේ අම්මාගෙන් අහලා මෙහෙ නවත්වන්න කියලා. ඒ දැන්ම අපිව කසාද බන්දවන්න නෙවෙයි දේව්ට හොද ඉගෙනුම් පරිසරයක් ඇති කරන්නයි.
කාලය එහෙම ටිකක් ගෙවිලා ගියා. දවසක් දේව්ගෙන් මට කෝල් එකක් ආවේ මහත්තයෝ බාප්පා රත්නපුර ගියා වැඩකට කියලා පුළුවන් නම් ඔයා අද මෙහෙ එන්න කියලා.
දේව් ඒ ඇමතුම කියන්නත් කලින් මං ලෑස්ති වෙන්න ගත්තේ ඉක්මනටම ගිහින් එන්න හිතාගෙන.
එදා මං ලෑස්ති වෙලා දේව්ගේ ගෙදර යන්න පාරට බැස්සේ අද මගේ කෙල්ලව ගෙදර ගේනවා කියලා හිතාගෙනමයි.
ඒත් ඒත් එක්කම ඉස්සරහින් ආව ටිපර් එකට මගේ බයික් එක හැප්පුනේ මං නොහිතුව විදිහට.
එදා ඒ සිද්දියෙන් පස්සේ දිල් මාව බලන්න හොස්පිටල් ආවම මං ඌට කිව්වේ මචං මගේ කෙල්ලව බලපන් ටිකක් කියලා. එදා මං ඌට මගේ මැණික ගැන හැමදේම කිව්වා.
මාස දෙකකට පස්සේ මං ගෙදර යද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා. මං අපේ ගිහින් පැය බාගෙකට විතර පස්සේ දේව් ආවා දිල්ගේ අතින් අල්ලගෙන. ඒක දැක්කම මගේ ඇඟ හිරි වැටිලා ගියේ අනේ මගේ දේව් දැන් මගේ හොඳම යාලුවාගෙද කියලා හිත හිතමයි. ඒ මාස දෙක පුරාවටම දේව් මාව බලන්න නාවේ මේ නිසාද කියලා මං හිතන්න ගත්තා.
ඈත තියාම මාව දැකලා ඒත් ඇයි දේව් මගේ දිහාට දුවන් එන්නේ මට හිතාගන්නම බැරි උනා.
අනේ මගේ සුදු මහත්තයා ඔයාට දැන් සනීපයි නේද දෙයියෝ ඔයාට සනීපයි නේද මේ මාස දෙකම මං හිටියේ ඔයාගේ ඇදේ මගේ මහත්තයෝ. ඔයා ඇක්සිඩන්ඩ් උනාම දිල් අයියා මාව මෙහෙ එක්ක ඇවිත් අම්මට බාරදුන්නා. අපේ අම්මා ඔයාට කියන්න කිව්වා මහත්තයෝ මාව හොඳට බලාගන්න කියලා. අනේ ඔයා ලෙඩ ඇඳේ ඉද්දි මේ කෙල්ලට බලන්න බෑ දෙයියෝ ඒකයි හොස්පිටල් නාවේ. ඒත් මේ කෙල්ල හැමදාම උදේ හවා කලුතර බෝධි ගිහින් බෝධිපූජා තියලා පැතුවේ මගේ මහත්තයා ඉක්මනට සනීප වෙන්න කියලා.
මං ගොඩාක් ආදරෙයි මගේ මැණික. අපි දෙන්නා සදහටම හොඳින් සතුටින් ඉමු හොදද මං ඔයාට ගොඩාක් ආදරෙයිනේ. අපි හොදින් ඉමු මගේ මැණික. එහෙම කියලා දේව්ව මගේ පපුවට තදින් තුරුළු කරගත්තේ මං ගොඩාක් ලොකු ආදරේකින්. සෙනෙහසකින්.
දෙවියනේ එතකොට මුන් දෙන්නා මට පේන්න බොරුවට අතින් අල්ලන් ඇවිත් තියෙන්නේ නේද අහ්. මොකද තෝ මාව ඔච්චර පුච්චන්නේ අහ්. බලපන් මගේ පපුව නැවතුනා වගේ තෝ එහෙම එද්දි.
එහෙම තමයි අපි ටිකක් පුච්චන්නත් ඕනේ තෝව. එදා පරිස්සමෙන් ගියා නම් හරිනේ නිකං බොරුවට අපිව පිච්චුවානේ තෝ බල්ලා.
දැන්වත් සතුටින් ඉදපන් බූරුවා. හරි හරි වරෙන් යන්න කාමරේට ඇරලවන්නම් මං තෝව.
එහෙම කියලා දිල් මාව ඇරලෙව්වේ මගේ කාමරේට. ඒ කාමරේ වෙනදාටත් වඩා පිළිවෙලයි කියලා මට පෙනුනා.
දෙන්නත් එක්ක කතා කර කර ඉදපන්.
එහෙම කියලා දිල් කාමරෙන් පිට උනා විතරයි මං දේව්ව මගේ ළඟට ඇදලා අරන් තදකරගත්තා.
අනේ මහත්තයෝ අම්මා එයිනේ කෝ අතාරින්නකෝ මාව.
පිස්සි ඔය දිල් ගියේ ඒකට තමයි ඌ දන්නවා අම්මව ශේප් කරගන්න. ඔයා එන්නකෝ ටිකක් ළඟට. ඌ නම් යාලුවෙක් නෙවෙයි සහෝදරයෙක්. මං බයේ හිටියේ ගිය මාසේ එක්සෑම් එකෙන් පස්සේ ඔයාව අරූට බන්දන්නවත් ඇති කියලා.
ඒවා ගැන දැන් කතා එපා මහත්තයෝ. අපි සතුටින් ඉමු දැන් හොඳද.
මගේ තුරුලට වෙලා අහිංසක හා පැටියෙක් වගේ හෙමීට ඇස් පියාගත්තේ දේව් ගොඩක් ලොකු ලැජ්ජාවකින්. එහෙම ටිකක් වෙලා තුරුළු වෙලා ඉදන් අපි ආයෙමත් පහළට ගියා.
...................................................................
ඒ අවුරුද්දේ අපි තුන් දෙනාම එක්සෑම් නොකරේ මං නිසා. ඊට පස්සේ අවුරුද්දේ එක්සෑම් කරලා මායි දිලුයි ජපුර කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි සිලෙක්ට් උනත් දේව් සිලෙක්ට් උනේ කොළඹ කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටි එකට.
ඔහොම කාලේ ගෙවිලා ගියා ආදරේ අඩුවක් උනේම නෑ. එක ගෙදර කොච්චර කොහොම අපි හිටියත් කසාද බදිනකල් මං මගේ මැණිකව ඉඳුල් කරේ නම් නෑ. ඒ දේව්ගේ අම්මා වගේම අපේ අම්මත් අපි ගැන තිබ්බ විශ්වාසය නිසයි.
කැම්පස් එකේම කෙල්ලෙක් එක්ක කොක්කක් ගැහුව දිලුත් ආදරේ කරේ පණ දෙවෙනි කරලා. කැම්පස් එකෙන් අවුට් වෙලා රජයේ පිළිගත්ත හොද ජොබ්ස් අපිට ලැබුණා.
ඊට අවුරුදු දෙකකට පස්සේ එකම විවාහ ශාලාවක පෝරු දෙකක ලස්සනට අපේ විවාහ දෙක සිද්ද උනේ දිල්ගෙයි මගෙයි යාලුකම ලබන ආත්මෙදිත් තවත් ශක්තිමත් වේවා යැයි ඇවිත් සිටිය හැමෝගෙම මුවින් පිට කරමින්. ඒ වගේමයි මගේ මැණික වගේම දිල්ගේ කෙල්ලත් ගොඩක් හොද කෙල්ලෙක්.
යාලුකම ඒක සල්ලි දීලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේමයි අවංක ආදරේකට සල්ලි අදාළම නෑ. අවස්තාව තිබිලත් තමන් ගැන කෙනෙක් තිබ්බ විශ්වාසය කඩ නොකරන්නෙත් නියමම පිරිමි විතරමයි.
ආදරේ කරපන් ජීවිත විනාශ කරගන්න නෙවෙයි ජීවිත ගොඩක් ලස්සන කරගන්න. ඒ වගේමයි යාලුකම රැකපන් අනිකා තියන විශ්වාසය පණ දෙවෙනි කර රකිමින්.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI