ෆර්දාවෙන සැගවුනු ආදර කදුලු

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
" ගුඩ් මොර්න් "
" ගුඩ් මෝනින් හෂී " ෂියානා හෂිනිගේ මූණවත් නොබලා තව තවත් පොත් ටික අතින් තදකරල අල්ලගත්තෙ හිතේ තියන දුක දරාගන්න පුංචි හරි ශක්තියක් ගන්න වගේ.
" මොකද බං කෙල්ලෙ උදේ පාන්දර මූණ එල්ලන්? කෝ....මෙහෙ බලපන් " හෂිනි අහක බලාගෙන හිටපු ෂියානගෙ මූණ එයාගෙ පැත්තට හරවගත්තත් කදුලු පිරුණු ඇස් තිබුණෙ බිමට හැරිලා.
" මොකද උනේ කියපංකො, සිනෙත් උඹට මොනවහරි කිව්වද?ම්ම්ම්....?"
" නෑ ... ඒම නෑ හෂී... එයා.... එයා ගොඩාක් ඔද බෝයි කෙනෙක් ... හ්ම්ම්ම්.... "
" හයියෝ බං, ඔක්කොටම කලින් උඹේ ඔය ඇඩිල්ල නවත්තගනින්,මං හැමදාම කියනවා ඔහොම අඩන්න එපා කියලා, අනික බලපන් මේ ගහ යටින් කී දෙනෙක් එහා මෙහා යනවද කියලා " හෂී වටපිට බලලා ෂියානට හිමින් කිව්වා.
කැම්පස් එකේ ඊලඟ ක්ලාස් එක පටන් ගන්න තව පැයක් විතර තියනවා.නමක් හරියට දන්නෙ නැති ලස්සනට වැවුණු ලොකූ ගහක් යටින් තමයි පඩිපෙළ කෙලවරේ ඉදන් හදපු හෂිනියි ෂියානයි ඉදගෙන ඉන්න සිමෙන්ති බැම්ම තියෙන්නෙ.හරිම නිදහස් සුන්දර තැනක් උනාට ෂියානගෙ හිතනම් අවුලෙන් පිරිලා.
" උඹට මං කිව්වනෙ බං ඔය රෙද්ද පටන් ගන්නකොටම හරියන්නෙ නෑ කියලා , ඒත්... හ්ම්ම්..... " බිමට හැරිල තිබුණ ෂියානගෙ කදුලු පිරුණු ඇස් එකපාරටම තමන්ගෙ ඇස් දිහාට හැරුණම හෂිනි කියන්න ආපු වචන ටික එහෙමම ගිලගත්තා.
" එයි හෂී ඒම කියන්නෙ ? සිනෙත් මට ආදරේ නැද්ද? ආ....?"
" ම.... මං දන්නෙ නෑ බං " ඒ පාර අහක බලාගත්තෙ හෂිනි.
" ඒ වගේ බෝයි මට ආයෙ අම්බෙන්නෙ නෑ හෂී... කවදාවත් නෑ , හී ඊස් ග්‍රේට් බෝයි " ෂියානා දිග හුස්මක් පිටකරලා ෆර්දාවෙ කොනකින් හිමීට කදුලු පිහිදාගත්තා.
" දැන් මොකද උනේ කියපංකො බං දත් අස්සෙන් අදින්නෙ නැතුව " ඇහිබැමි දෙකත් ලංකරගෙන හෂී ෂියානට තව ටිකක් ලංවෙලා මූණට එබුණා.
" දත් හස්සෙන් අදින් නැතු...ව ?" ඒ පාර ඇහිබැමි ලංවුනේ ෂියානගෙ.
" හයියෝ බං කෙල්ලෙ, මේ වගේ වෙලාවක උඹට සිංහල උපහැරන කියල දෙන්න මට බෑ, උඹ අවුලෙන් ඉන්න ප්‍රශ්නෙට විසදුමක් හොයමු, අනික මං කැමති නෑ උඹ ඔහොම කොයිවෙලෙත් මූණ එල්ලන් ඉන්නවට " හෂිනි ඔඩොක්කුවේ තිබුණ දුඹුරු පාට පුංචි බෑග් එක සිමෙන්ති බැම්ම උඩින් තියල ඉදගෙන ඉන්න විදිහ ටිකක් වෙනස් කලේ එක විදිහටම ඉන්න අමාරුයි වගේ දැනුන නිසා.
" මට එයාට ලංවෙන්න බෑ හෂී "
" ඇයි?"
" එයාගෙ මමී ඩැඩා සිනෙත් මුස්ලිම් කෙනෙක් එක්ක එෆෙයාර් එකක් තීනවා කියල දැන්නගත්තත් අරි ඔදටෝම බැනල "
" සිනෙත්ද කිව්වෙ?"
" ෂ්... හෂී... ඒ..... " ෂියානා කදුලු පිහිදාගත්තෙ කලඹල වෙලා. එයා ඇස් වලින් පෙන්නපු දිහා හෂිනි හැරිල බැලුවා. සිනෙත්.....
සිනෙත් සයුරංග,
මහා ධන පැලැන්තියක නොවුනත් මිනිස්සු කියන විදිහට යමක් කමක් තියන කට්ටිය.තළෙලු පැහැයක් තියන ටිකක් උස මහත කොල්ලෙක් උනත් යාලුවො සෙට් එකේ ඉන්න අහිංසකයා.
" අන්න උඹේ කලිසමේ ෂිපර් එක ඉන්නවා " හැමදාම මෝඩ ආතල් දෙන සාරංගයා ෂියානව පෙන්නුවේ මුහුදු වෙරළෙ ඉදන් ඈත පේන නැවක් පෙන්නනව වගේ කරටත් අතක් දාගෙන.
" ගැලපෙන්නෙ නැති ගොන් ජෝර්ක් දාන්න එපා කොටෝ, ඇරත් සිනෙතයා අවුලෙන් ඉන්න වෙලාවෙ " හැමදාම සීරියස් විදිහට ඉන්න දසුනා කණ්නාඩි දෙකත් පිහිදලා ආපහු දාගත්තෙ සාරංගට රවලා.
" ආ.... ඕකේ ඕකේ.... "
" මොකෝ නිකං උඹ "
" අනේ මේ කණ්නාඩි පොළගො, නිකං පල රෙද්ද අස්සෙ නයි දාගන් නැතුව "
" උඹට මම.... "
" ආහ්... ඒ... ඒ..... ජෝර්ක් බං... අඩෝ දසුනා එපා බං " සාරංග සිනෙත් වටේ කැරකිලා දසුන්ගෙ නිල ප්‍රහාර වලින් බේරෙන්න ට්‍රයි කලා.
" අනේ පාඩුවේ හිටපංකො බං,අර....අර බලපන් අර කෙල්ලොත් බලාගෙන, ෂිට් " සිනෙත් මූඩ් අප්සට් කියල අමතක උන දෙන්න එකපාරටම සයිලන්ට් උනා.
" මොනව වුනත් මොන ආගමේ වුනත් ෂියානා පට්ට කෑල්ල බං,සිරා " සිනෙත් සාරංගට රැව්වත් පපුව පිච්චිලා ගියා ඒ වචන ටිකට.
" ආගම නෙමෙයි බං බලපංකො ඒකිගෙ ගතිගුණ , ෂිට්. උඹලගෙ තාත්තල හොයන්නෙ හයිබ්‍රීඩ් එකෙන් බහින කොටට අදින පොෂ් කෑල්ලක්ද? අර පෝයට ෆේස්බුක් පෝස්ට් දාන්න නිසාම විලුඹ ගාවට සුදු ඇදන් පොටෝ ගහන්න විතරක් පන්සල් යන ගාථාවක්වත් කියන්නෙ නැතුව ෆේස්බුක් එකේ පොටෝ පුරවන එකියක්ද,නදකිං " දසුන්ගෙ හිතේ කේන්තියට කියවුන වචන ටිකට කොටාගෙත් කට වැහුනා.
" හ්ම්... මට තෙරෙන් නෑ බං දසුනා " කෙල්ලො දෙන්නා ලංවෙන කොල්ලො තුන්දෙනා දිහා බලලා හිනාවුනත් ෂියානගෙ ඇස් වල තිබුණ වේදනාව වහන්න අහිංසක හිනාවට බැරිවුනා.
" කතා කරන්න ප්ලෑන් කරන්න දෙයක් නෑ හෂියො සනිකව බැම්මෙන් බැහැල වරෙන් අපි එක්ක "
" මොකක් මොකක්...?" හෂීනි ඇස් ලොකු කරන් සාරංග දිහා බැලුවෙ ඇත්තටම කියපු හරුපෙ තේරුනේ නැතිනිසා.
" සිංහලෙන්ම කියනවනම් මුන් දෙන්නට තනියෙන් ඉන්න දීල වරෙන් යන්න " සාරංග විහිළුවට වගේ කිව්වත් හෂිනි බැම්මෙන් බැහැලා ෂියානා දිහා බැලුවා.
" කතා කරල කැන්ටින් එකට වරෙන් කෙල්ලෙ "
" හා "
" බායි "
" බායි හෂී " දෙන්න ඉන්න තත්වෙ දන්න නිසා කවුරුවත් වෙනද වගේ වැඩිය විහිලු කරන්න ගියේ නෑ.
" එහෙනම් බ්‍රෝ අපි යන්නම්.. "
" ඕකේ බං,එල " දෙන්නටම පහක් දාලා සිනෙත් බැම්මට ගොඩවුනා. තුන්දෙනා පිස්සු නට නට යන දිහා ඇස් පුංචි කරල බලන් හිටපු සිනෙත් ෂියානගෙ මූණට එබුණා.එතකොටම ෂියානා ෆර්දාව ටිකක් ඉස්සරහට ගත්තෙ ඇස් වල තියෙන කදුලු සිනෙත්ගෙන් හංගන්න වගේ.
" නංගි "
" ම්ම්...? "
" මං ඔයාට මුකුත්ම කිව්වෙ නෑනෙ සුදූ " ෂියානා මුස්ලිම් වුනත් සිනෙත්ගෙ ආදර වදන් වලට හුරුවෙලයි හිටියෙ, එයා හරිම ආසයි සුදූ කියනවට.පපුව පිච්චෙද්දී දැනෙන වේදනාව නිවාගන්න මහමෙරක් වගේ තියන ආදරේ බදාගන්න තියන පුංචිම උවමනාවටත් තහනම් දාලා.ගහ යට උනත් අව්වෙ සැරට ඔලුවෙ ඉදන්ම ගලන දාඩියට සහනයක් දෙන්න ෆර්දාව ටිකකටවත් පහළට ගන්න බැරි නිසා ෂියානා ඇස් පියාගෙන ඒ කරදරකාරී අව්වෙන් දැනෙන පීඩනයත් අමාරුවෙන් විදගත්තා.
" ඒත්... ඒත් අපිට ආයෙමත් එකතුවෙන්න බෑ නේද සිනෙත් අයියා?" ෂියානගෙ පළවෙනි ප්‍රශ්නයෙන්ම සිනෙත් ගොලුවුනා.කැම්පස් එන්නත් අවසර ගත්තෙ අම්මටයි තාත්තටයි කොච්චරනම් කියවලා,පොරොන්දු දීලද කියලා දන්නෙ සිනෙත්ම විතරයි.
" ප්ලීස් ටෙල් මී සිනෙත් අයියා... ප්ලීස් " ෂියානා වටපිට බලලා සිනෙත්ගෙ කමිස අතින් අල්ලලා හෙලෙව්වා.
" මං... මං ඔයාට කිව්වෙ, මට ඔයාව ඕනි.. ඒත්... අම්මල ... හ්ම්... "
" මං මොකද්ද කරන්න ඕනි අයියා... අපේ ඩැඩා කීයටවත් මට බුද්ධාගමට ඇරෙන්න දෙන්නෙ නෑ , ඒම ඇරුනත් ඔයාගෙ මමා ඩැඩා මට කැමති වෙන එකක් නෑ " ෂියානාගෙ ඇස් වලින් කදුලු වැටුනෙ වේගයෙන්,කටහඩත් අමුතුවෙලා.සිනෙත් ආයෙමත් වටපිට බැලුවා,ගොඩාක් ක්ලාස් පටන් අරන් නිසා එලියෙ වැඩිය කට්ටිය හිටියෙ නෑ.
" හ්ම්.... මං කියපු දේ කරමු " සිනෙත් හිත තදකරගෙන කිව්වා, ඒත් පපුව රිදුනෙ තමන්ව හදාගත්ත අම්මව තාත්තව මතක්වෙලා.
" කොහෙ කියල යන්නද අයියා, ඒත් ඒම ගිහින් කොහෙ ඉන්නද ඇන්ගිලා, අපේ මමා ඩැඩා... හ්ම්... ඇයි සිනෙත් අයියා අපි ආදරේ කලේ? ඇයි.. ? හ්හ..... හ්ම්.... ඇයි සින්ගල මුස්ලිම් අයට ආදරේ කරන්න බැරිද? ආදරේ කියන්නෙ ඉත... ඉතේ ඇතිවෙන ආදරේට.... ඇයි ආගම්... හ්හ.... හ.. " ෂියානගෙ ඇස්වලින් ගලපු කදුලු සිනෙත්ගෙ පපුව තව තවත් රිදෙව්වා, මෙච්චර දුරක් ඇවිත් ආදරේ කරපු අහිංසක කෙල්ලව අමතක කරල දාල අම්මල කියන කෙනෙක් බදින්නත් බෑ , කෙල්ලව බැදල තමන්ව හදාවඩා ගත්ත අම්ම තාත්තට දුකක් දෙන්නත් බෑ.පිරිමියෙක් වුනත් දැඩි තීරණයක් ගන්න තරම් සිනෙත්ගෙ හිත හයිය වුනේ නෑ.
එදා ඒ විදිහට කදුලු වලින් ගෙවුණු දවසෙ අමිහිරි අත්දැකීම රෝසපාට කොට්ටෙ බදන් ඉන්න ෂියානගෙ අහිංසක හදවත තව තවත් රිදෙව්වා.එදා තරම් නොවුනත් දුර්වල විදිහට ගලාගෙන ගිය කදුලු කොට්ටෙට වැටිල හැංගිලා ගියේ ඒ අතීත කටුක මතකයන් වගේමයි.
එකපාරටම කැම්පස් එකෙන් නැවතුන ෂියානගෙ ෆෝන් නම්බර් එකත් වැඩ කලේ නැතුවම සිනෙත් කොච්චරනම් දුක්වෙන්න ඇතිද කියලා ෂියානට හිතාගන්නවත් බැරිතරම් , මොනදේ වුනත් ජීවිතේ නැතිකරගන්න තරම් සිනෙත් අයියා මෝඩ නෑ කියලා ෂියානා දැනගෙන හිටියා.ඒ නිසා තමයි කෑගහල අඩල අඩල තනියම දුක විද දරාගෙන සිනෙත්ගෙ අනාගතේ වෙනුවෙන් ෂියාන තමන්ගෙ පිවිතුරු ආදරය කැප කලේ.
" ෂියානා... කෙල්ලෙ.... " එහා පැත්තෙ ඇදේ හිටපු වාසනා කෙදිරිගානවා ඇහුනම ෂියානා ඉක්මනට අනිත් පැත්ත හැරුණා.
" එයි? මොකද්ද ප්‍රශ්න ?" ෂියානගෙ ඇස්වල කදුලු වාසනාට නොපෙනුනේ ඒ ඇස්වලත් කදුලු පිරිලා තිබුණ නිසා.
" අර ගෙදර මිනිහ මාව මරන් කන්න හදනව බං... හ්ම්.... එපාවෙලා මට ජීවිතෙත් එක්ක, ඔක්කොම දමල ගහල ලංකාවට යන්න හිතෙනවා කෙල්ලෙ, හ්ම්.... " වාසනා ඇදෙන් පොඩ්ඩක් ඉස්සිලා කඩා දාල තිබුණ කොණ්ඩෙ අරන් ගැටගහ ගත්තත් ආයෙමත් ඇදේ ඇලවුනේ දැනෙන වේදනාව ඒ තරම් වැඩි නිසා.
" හ්ම්... " දිග හුස්මක් පිටකරල ෂියානා ඇස් දෙක පියාගත්තෙ වාසනාට වඩා සිරුරෙනුත් හදවතිනුත් එයා ගොඩාක් විදවන නිසා. ඒත් කිසිම දවසක ෂියානා ඒව කාටවත් කියන්න ගියේ නෑ , වාසනාගෙ වැඩ කරන ගෙදරට වඩා නරුමයෙක් තමන් පොඩි එකෙක්ව බලාගන්න ගෙදර ඉන්නව කියලා කියන්න ෂියානා කැමති වුනේ නෑ , ගෙදරට කතා කරන්නෙත් මවා ගත්ත සතුටකින්. කොච්චර මොනව වුනත් ආයෙමත් සිනෙත් අයියගෙ ඇස් වලට පෙන්න ගිහින් එයාගෙ හිතට දුකක් දෙන්නෙ නෑ කියලා හිතාගත්ත ෂියානා නැගිටල කොණ්ඩෙ ගැටගහගත්තෙ හැමදාමත් වගේ වාසනාගෙ කොන්දෙ තෙල් ටිකක් ගාන්න හිතාගෙන.
අවසානයි
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI