තේරුම්_ගන්න බැරිවුනු ඔබේ_ආදරේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මම කියන්න යන්නේ මගෙ මහත්තයා ගැන.මට තේරුම් ගන්න බැරිවුන, මම තේරුම් ගන්න උත්සාහ නොකළ මගෙම මහත්තයා ගැන.
මගෙ අකමැත්තෙන් ගෙදර අයගෙ කැමැත්තෙන් මගෙ මහත්තයා උනේ තෙනුර.
අවුරුදු 5ක් ආදරේ කළ සංජුට දුකක් දීලා මං තෙනුර බඳින්න හිත හදාගත්තේ පොඩි කාලේ ඉඳන් මාව බලාගත්ත අම්මටයි තාත්තටයි දුකක් දෙන්න බැරි නිසා මිසක් තෙනුරට තියන ආදරේකට නෙවෙයි.
ඒත් ඒ කියලා මං කවදාවත් තෙනුරට වෙනසක් කලේ නෑ.
ඒත් එයා කවදාවත් මට ආදරේ කලේ නෑ.ආදරේ කලේ නැද්ද? ආදරේ කලත් ඒ ආදරේ පෙන්නුවෙ නැද්ද? ඒ ප්‍රශ්නේ මගේ හිත පැටලුනේ බැඳලා මාස 3 විවාහ සංවත්සරය දවසෙ මට අරන් දුන්න ගෝල්ඩ් චේන් එක නිසයි.
"මංදු ඔයා එදා ජුවලරි ශොප් එකේදි ආසාවෙන් මේ වේන් එක අතගගා ඉන්නවා මං දැක්කා එදාමයි මං ඔයාට මේක ගත්තේ .."
එහෙම කියලා චේන් එක මගෙ අතට දීලා තෙනුර බාත්රූම් එකට ගියා.
"මට මේවා නෙවෙයි තෙනුර ඕනේ..මට ඕනේ ඔයාගෙ ආදරේ ..සංජුගෙන් මට ලැබුණු ආදරේ " මට කෑ ගහලා කියන්න හිතුනට ඒ හැඟිමක්වත් නැති තෙනුරගෙ මූණ දිහා බලාගෙන ආදරේ යදින්න මට හිතුනෙ නෑ..
අදත් වෙනදා වගේම උදේම ලෑස්ති වෙලා කන්නෙම නැතුව තෙනුර වැඩට යන්න ලෑස්තිවුනා...
"තෙනුර කෑම ටිකක් කාලා යන්නකො.ඊයෙත් මහ රෑ ගෙදර ආවේ.කීයට ආවද කීයට නිදාගත්තද කියල මංවත් දන්නෑ."
ඒත් තෙනුර මං කීව දේ ගනන් ගත්තෙ නෑ.එයා අමුතු විදියට හිනාවෙලා වැඩට යන්න පිටත් උනා..
එවෙලේ තෙනුරගෙ හිතේ තිබුන දේ දෙයියො තමයි දන්නේ..
මට හිතුනෙම තෙනුරට වෙන සම්බන්ධයක් තියනවා ඒ නිසා මාව මේ විදියට මග අරිනවා කියලයි..
ඒ නිසයි මේ විදියට හැමදාම රෑ වෙලා ගෙදර එන්නේ කියලයි මට හිතුනේ..
මට එහෙම හිතන්න ඕනෑ තරම් සාදාරණ හේතු තිබුණා..
එකක් අද මගෙ උපන් දිනේ.නෙතුරට ඒකවත් මතක නෑ.ඒ කියන්නේ එයාට මං ගැන කිසිම ගානක් නෑ කියන එකනෙ.
ඒ දේවල් මතක් වෙද්දිනම් මට මතක් උනේම සංජුගෙ ආදරේ .
"..happy birthday mandu..i lve u..."
යාලුවෙලා හිටිය අවුරුදු 5ම නොවැම්බර් 3 වෙන්දා උදේ නැගිටලා බැලුවම මේ මැසේජ් එක මේ විදියටම මගෙ ෆෝන් එකේ තිබුනා.
ඒ අවුරුදු 5ම එයා කිසි වෙනසක් නොකර මට ආදරේ දුන්නා.
ඒත් ඇයි දෙයියනේ අම්මා තාත්තා මේ වගේ මට ආදරේ කරන්නැති මිනිහෙක්ට මාව බන්දලා දුන්නේ..
සමහරවිට සංජුට තෙනුරට තරම් සල්ලි නැති නිසා වෙන්න ඇති..
සංජු තෙනුර තරම් ඉගෙනගෙන නැති නිසා වෙන්න ඇති.
මගේ දෙමව්පියෝ සල්ලි,ඉගෙනුමෙන් ආදරේ මැන්නට මං අද වන්දි ගෙවනවා කියලයි මට නම් හිතුනේ..
ඒවා දැන් හිතලා වැඩක් නෑ.මම හැමවෙලේම තෙනුරගෙන් හෙව්වේ තවත් එක සංජු කෙනෙක්.
සංජු මගෙ පළවෙනි ආදරේ .ඒ නිසාම වෙන්නැති බැඳලා මාස 6ක් ගිහිල්ලත් මට තාම සංජුව අමකත කර ගන්න බැරි වුනේ..
රෑ 10ත් උනා.තාම තෙනුර ගෙදර ආවෙ නෑ.අදත් හොර ගෑනියක් එක්ක මගුල් නටන්න ගිහිල්ලා ඇති..
අදනම් මං නොකා නොබී බලන් ඉන්නෙ නෑ.එහෙම හිතලා මං රෑට කාලා නිදාගත්තා.
"චූටි බේබි, චූටි බේබි. බේබිට කෝල් එකක් පොලීසියේ මහත්තයෙකුගෙන්"
"මේ මහ රෑ පොලීසියෙන්..තෙනුර තාම ඇවිල්ලත් නෑ නේද සෝමා"
එහෙම කියලා මං කෝකටත් කියලා කතා කරලා බැලුවා .
"හෙලෝ"
ඒ එක්කම එහා පැත්තෙන් කට හඬක් ඇහුනා.
"හෙලෝ මැඩම්.මැඩම් mr.thenura warnaweera ගෙ වයිෆ් නේද?"
" ඔව් ඇයි තෙනුරට මොකක්හරි කරදරයක්ද ඉන්ස්පෙක්ට"
දැන්නම් මගෙ හිත හොඳටම කලබල වෙලයි තිබුනේ..
"කලබල වෙන්න දෙයක් නෑ මැඩම්.මැඩම් පුලුවන් තරම් ඉක්මනට කැන්ඩි හොස්පිට්ල් එකට එන්නකො..මහත්තයගෙ car එක අද රෑ ඇක්සිඩන්ට් වෙලා"
දෙවියනේ මගෙ තෙනුර..
කොච්චර තෙනුර මට වෙනස්කම් කලත් ඒ වෙලාවෙ මගෙ පපුව පිච්චිලා ගියා..
මං ඉක්මනට ඩ්‍රයිවර් එක්ක හොස්පිට්ල් එකට යද්දි මං දැක්කේ ට්‍රොලියක් උඩ සුදු රෙද්දකින් වහලා තිබුන උදේ මට කවදාවත් නැති අමුතු විදියකට හිනාවෙලා ගිය තෙනුරගෙ මිනිය.
මට හිතුනේ එයා එයාගෙ මරණේ කලින් දැනගෙන ඒ විදියට හිනාවුනාද කියලයි...
තෙනුරගෙ හත් දවසේ දානෙත් ඉවර උනා.හැමදේම මට හීනයක් වගේ.
තෙනුරගෙ අම්මා තාත්තා මට කීවේ ආය කසාදයක් කරගන්න කියලයි.
ඒත් මේ වෙද්දි කසාද ජීවිතේ මට තිත්ත වෙලයි තිබුනේ..
"දූ, යන් දූ ගෙදර.දූට මේ ගෙදර තනියෙන් ඉන්න බෑ.දූට තව ටික කාලයක් ගියාම කසාදයක් කරගන්න පුලුවන් ."ඒ මගෙ අම්මා.
"මං මේ ගෙදරින් කොහෙවත් යන්නෑ.අනික අම්මට ආයෙ සැරයක් මගෙ ජීවිතේ විනාශ කරන්න මං ඉඩ දෙන්නෑ"
එහෙම කියාගෙනම මං මගෙ කාමරේට වැදුනේ තෙනුර නැතිවුන දුක, සංජුගෙ මතකයන් මේ හැම දෙයක්ම මට දරා ගන්න බැරි නිසයි..
අහම්බෙන් වගේ මට දැකුනේ මගෙ ෆෝන් එක.තෙනුරගෙ මළගෙදර නිසා මේ දවස් ටිකේම මට ෆෝන් එක දිහාවත් බලන්න බැරිවුනා.
දෙවියනේ මිස් කෝල්ස් 76ක්.තෙනුර මැරුණ දවසේ රෑ 10.30 ට.ඒ හැම එකක්ම තෙනුරගෙන්.ඒ අතරේ තෙනුරගෙන් එක පුංචි මැසේජ් එකකුත් තිබුණා.
"බබා කිචන් එක එහා පැත්තේ තියන රෑම් එකට ගිහිල්ලා බලන්න.කී එක මගෙ ටේබල් එකේ උඩ ලොකර් එකේ ඇති."
ඒ මැසේජ් එකේ තිබුණු විදියට මං ඉක්මනින් තෙනුරගෙ ලොකර් එකෙන් කී එක අරගෙන ඒ කාමරේ දොර ඇරියා.
මම මේ ගෙදර මාස 6ක් හිටියත් මීට කලින් මේ කාමරේ දැකලා තිබුණෙ නෑ.
දෙවියනේ, කාමරේ ලස්සනට සරසලා.බිම රෝස මල් වලින් ලොකු හාට් එකක් හදලා.ඒවගෙ ටිකක් දූවිලි තිබුණා..
ඒ හාට් එක මැද තිබුන ටේබල් එකේ පැත්තකින් අපි දෙන්නගෙ වෙඩින් ෆොටෝ එක තියලා ..
කොනකින් ගිනි පෙට්ටියකුත් තිබුනා.
කාමරේ බිම පුරාම එක එක පාටින් බැලුම්.ටේබල් එකේම කොනකට වෙන්න birthday card එකක් තිබුණා ...
දෙවියනේ මං හිතුවා වැරදී.
තෙනුරට මගෙ උපන්දිනේ මතක තිබිලා.
මට ඇඬුම් ආවා.
ඊට පස්සෙ මං දැක්කේ එතනම තිබුණු පොඩි කඩදාසියක මොනවාහරි ලියලා තියනවා.
"Happy birthday mandu.i love you sooo much..ආදරේ කියන්න මෙච්චර කාලයක් ගත්තට මට සමාවෙන්න වස්තු.අපි බඳින්න කලින් දවසේ සංජු කියලා කෙනෙක් මට කෝල් කළා.
එතකොටයි මං දන්නේ ඔයා සංජුට ආදරේ කරද්දි දෙමව්පියන්ගේ කැමැත්තටයි මාව බඳින්නේ කියලා.
මං ඒ වෙලාවෙම වෙඩින් එක කැන්සල් කරන්න හැදුවත් ඒකට මට සංජු ඉඩ දුන්නෑ.
එයා කීවා ඔයාව එයා බලාගත්තා වගේම බලාගන්න ඔයාට හිත හදාගන්න ටික කාලයක් දෙන්න කියලා.
ඒකයි මං මගෙ ආදරේ ගැන කියන්න මේ තරම් කාලයක් ගත්තේ.ඉතින් මට දැනුනා ඔයා තාම සංජු ගැන හිතනවා කියලා.
ඒකයි මං වැඩිය ඔයාට ළං වෙන්න උත්සහ කළේ නැත්තේ.නැතුව ආදරේ නැතිකමකට නෙවෙයි.
මට මහ ලොකු වැරදිකාර හැඟීමක් දැනුනා ඔයාල දෙන්න වෙන් කලා කියලා .
ඒත් මට තවත් මේ විදියට මගෙ ආදරේ ඔයාගෙන් හංගන් ඉන්න බෑ.මටත් ඕනෑ ලස්සන පවුලක් .
මට ආදරෙයි නේද?මට හිතුනා ඔයාගෙ උපන්දිනේ දවසෙම ඔයාට මගෙ ආදරේ ගැන කියලා ඔයාව පුදුම කරවන්න..
මට ආදරෙයි නේද? ඔයාට පුලුවන් නේද සංජුට දුන්න ඒ ආදරේ මට දෙන්න.
මට ආදරේ නම් මං දැන් ගෙදර එද්දි ඔතන කාමරේම තියන frige එකේ තියන birthday cake එක එලියට අරන් ඒකෙ ගහල තියන candles පත්තු කරලා තියන්න."
දෙවියනේ තෙනුර ඇයි මට මෙච්චර ආදරේ කරලත් ඒ දේවල් මගෙන් හැංගුවේ.
මං ඉක්මනට frige එක ඇරල බැලුවම ලස්සන කේක් එකක් ඒක ඇතුලේ තිබුණා .
මං ඒක එලියට අරන් අපේ වෙඩින් ෆොටෝ එක ඉස්සරහින් තියලා පත්තු කරාට මගේ ආදරේ අහන්න මං එයාට ආදරෙයිනම් candles පත්තු කරලද කියලා බලන්න කවදාවත්ම තෙනුර ආයෙ ගෙදර ආවෙ නෑ.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI