අතිශයින්ම පෙම්වතුන්ට පමණය

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආදරය

හැමදාමත් මේ දේ ගැන කියනකොට වැඩියෙන්ම ඇහෙන්නෙ විරහව.
විවාහය දක්වා තමන්ගෙ පළවෙනි ආදරය ගෙනිහින් තියෙන පෙම්වතුන් ඉන්නෙ අතළොස්සක් වගේ, දෙතුන් දෙනෙක් එක්ක සම්බන්ධ වුනාට පස්සෙ තමන්ටම හිමි සහකාරයා හෝ සහකාරිය හම්බවෙන්නෙ හරියට විවාහය නිවැරදිව ගතකරන්න අත්දැකීම් ගොඩාක් ලබාදෙන්න වගේ. ඒත් එහෙම නිවැරදිව කෙනා හම්බවෙලත් තව තව අවස්ථාවන් හොයාගෙන අන්ධ ගමනක් යන තරුණ පිරිස් අනන්තවත් ඇති.

වපුරන තරමට තමයි බීජ ලැබෙන්නෙ කියලා කතාවක් අහල ඇතිනෙ, ඉතින් තමන් කරන දේ ප්‍රතිඵලය තමයි තමන්ට හම්බවෙන්නෙ,ඒක තමයි ඇත්ත.කාටවත් අහු නොවුනත්,හොර රහසෙම කළත් තමන්ගෙ හෘද සාක්ෂිය දන්නවනම් තමන් වරදක් කරන්නෙ කියලා ඒකට ඔයාට ප්‍රතිඵල හම්බ වෙනවාමයි.
පොඩ්ඩක් හිතල බලන්න තමන්ට අවංකවම ආදරය කරන කෙල්ලට හරි කොල්ලටහරි හොරෙන් තමන් වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වනව කියලා ,දැන් මේක බලන ඔයා එහෙම කෙනෙක්නම් පපුව රත් වෙයි,ඇත්තටම ඔයා කරන්නෙ කොච්චරනම් පව්කාර වැඩක්ද.... පොඩ්ඩක් කල්පනා කරල බලන්න , ඔයාට පණ වගේ ආදරේ කරන කෙනා ඔයාට එහෙම කලොත්... ඔයාට බොරු කිය කිය වෙන කෙනෙක් එක්ක එක එක තැන්වල යනවනම්.... කොහොමද හිතට දැනෙන දේ....

ඇත්තටම අපි මොනව පස්සෙද මේ යන්නෙ???
මොනවද අපිට ඒ වගේ සම්මතයට පටහැනි දේවල් කලාම ලැබෙන්නෙ??? ලැබෙනවා තාවකාලික සතුටක් වගේම සදාකාලික දුකක්...
අද ලංකාවේ 90%ක්ම වගේ තියෙන්නෙ විරහ ගීත,ඒක ගීත රචකයන්ගෙ වරදක්වත් ගායකයන්ගෙ වරදක්වත් නෙමෙයි , අද ආදර කතා වලින් 90%කම අවසානය " විවාහය " නෙමෙයි " විරහව". එකම අකුරකින් පටන් ගන්න වචන දෙකක් ආදරවන්තයන්ගේ ලෝකයේ මෙච්චර පෙරලියක් කරනවා කියලා මොහොතකටවත් හිතුවද???

මේවගෙන් 80%ක්ම වගේ වෙන් වෙන්නෙ අයුතු සම්බන්ධතා නිසා."අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී" හැමෝම මේ කතාව අහල තිබුණට නිකමටවත් ආදරය ගැන මෙහෙම හිතුවද?
එහෙනම් අද ඉදන්වත් හිතන්න... අවංකම ආදරයක් ලැබුණනම් ඒක රැකගන්න පණ වගේ... ලැබුණෙ නැත්තන් ඒ ඔයා අවංකවම ආදරේ කරපු කෙනෙක්ගෙ හදවතට දුන්නු ගින්දරේ ප්‍රතිඵලයක් .... සමාවෙන්න, ඒක තමයි ඇත්ත. කොහොම වුනත් රණ්ඩු වෙවී,සැක කර කර රැකවල් දාගෙනනම් ආදරේ කරන්නෙ ඒ ආදරෙන් ඇති වෙන්නෙ සතුටක් නෙමෙයි ,ඇත්තටම වෙන්නෙ ඔයාට විදවන්න, බදින්න කලින් මෙහෙම නම් බැන්දට පස්සෙ කොහොම වෙයිද? ඒ නිසා සැකයිනම්, නිතරම රණ්ඩු නම්,හැමදාම අඩන්නනම් මොකටද ආදරයක්???? ඒකට ආදරේ කියන්න ඇත්තටම පුලුවන්ද ???

ඉතින් .....

තමන්ට ආදරේ කරන කෙනාට නිදහස දෙන්න,හැබැයි අවදානයෙන් ඉන්න,එයා ගැන හොයල බලන්න, නීති දාලා හිරවෙලා ඉන්න, හැමදේටම බැනුම් අහන්න ඔයා කැමතිද? නෑ නේද? එහෙනම් එයත් එහෙමම තමයි.ආදරේ කරන කෙනාට ආදරේ කරන්න, පන්සල් පල්ලි යන්න, සුන්දර තැන් බලන්න එයාව එක්කන් යන්න, ජීවිතේ මෙතෙක් ලැබුණෙ නැති සතුටක් පුලුවන්නම් එයාට දෙන්න, විශේෂයෙන් රහසින්වත් එයාට වංචාවක් කරන්න එපා..... එතකොට ඔයාටත් ලැබෙයි ඔයාට පණ වගේ ආදරය කරන අවංකම ආදරයක්.....

ලස්සනට ජීවිතේ ගතකරන්න, ෆිල්ම් බලන්න,ට්‍රිප් යන්න, එයා එක්ක එක්ක එකතුවෙලා වරදින්න හරි කෑමක් හදන්න, ජීවිතේ ඔයාට වුන හිනා යන මතක එකක් දෙකක් දවසකට කියලා එයව හිනාගස්සන්න....
එතකොට ඔයාට දැනෙයි ආදරය කියන්නෙ ඇත්තටම මොකද්ද කියලා .....

බුදුසරණයි !

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI