දුක නැති කතාවක්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙටි කතාවකී (දුක කතා දානවා වැඩී ලූ. ඔන්න එහෙනම් දැම්මා😂😂) නෙතුකී.... "මිතුන්, තුන හතර වෙනි පීරියඩ් දෙක වැඩද?" "ම්ම්ම් ඉන්න බලන්න... නෑ, නෑ හර්ශි , මොකද්ද වෙන්න ඕනේ" "මට පොඩ්ඩකට එලියට යන්න වෙනවා, මගේ පංතියට උගන්නන්නකෝ" "ප්‍රශ්නයක් නෑ. ඔයා වැඩේ කරන් එන්නකෝ. මොකද්ද පංතිය?" "12-B සයන්ස් එක, උගන්නන්න තියෙන්නේ ඕගනික්. පරිවර්තන ටිකක් කරන්නකෝ. ඒ ඇති. නැත්තන් ඔය කම්මැලි කෙල්ලො ටික පීරියඩ් දෙකම නිකන් ඉඳී. " හර්ශි සහ මිතුන් කුඩා කල සිටම මිතුරන් වූ අතර උසස් පෙලද සමත්ව ව්ද්‍යා පීඨයේ ඉගෙන ගත්තේද එකටය. අවසානයේදී ගුරු පුහුණුව ලැබුවේද එකම පාසලේය. මේ වන විට හර්ශි පෙම්වතියකි. නමුත් මිතුන් උසස් පෙල අවදියේ තිබූ, ඒ කාලයේදීම බිඳී ගිය ප්‍රථම ප්‍රේමය නිසා යලි ගැහැණු ලමයෙක් ගැන නම් සිතුවේම නැත.. ################################ "ලමයි, අද මට හදිස්සි ගමනක් යන්න තියනවා, මේ මිතුන් සර් ඔයාලට උගන්නයි.මම ඕගනික් ටික කලා නේ. සර් පරිවර්තන කරයි අද, තේරෙන්නෙ නැති දෙයක් අහ ගන්න," එහෙම කියල හර්ශි පිටත් උන අතර මිතුන් පංතිය පුරාවට නෙත් යැව්වේ මේ අලුත් පංතිය තරමක් දෑසට හුරු කරගැනීමටයි. "හරි, මිස් හෝම් වර්ක් දුන්න කිව්වා, තේරෙන්නෙ නැති එකක් තිබ්බොත් අහන්න, මේ මම බෝඩ් එකේ දාන එක හදන්න.," එහෙම කියල මිතුන් පංතිය වටේ ගියා,, "ළමායී......., මොකද බං ලමයි උඹලට වෙලා තියෙන්නේ, කවදාවත් නැතුව මොකෝ හිමිජ්ජො වගේ වැඩ කරන්නේ. අද ටීච නෑ කිව්ව නේ.," ඒ නෙතූ, පංතියේ හිටපු දඟකාරම කෙල්ල. කොන්ඩ කරල් දෙක පද්ද පද්ද කෑ ගහගෙන පංතියට ආව නෙතූ සර් ව දැක්කෙ නෑ. සර් පංතියේ අන්තිම පෝලිමේ ලමයෙක්ට පරිවර්තනයක් කියල දෙනව. පංතියම එකවරම මහ හයියෙන් හිනාවෙවී බැලුවේ සර් දිහා, අලුත් ගුරුවරය දැක්ක නෙතූට කරකියාගන්න දෙයක් නෑ. තාමත් යොවුන් වියේම සිටින ගුරුවරයාටත් සිනහව නවත්තන්න බැරි උනා. "ඔය ලමයගෙ නම " සිනහව ආයාසයෙන් යටපත් කරගත් මිතුන් ඇසුවේ නෙතූ දෙස හොඳින් බලමිනි. "සර්, සොරි" "ශා, සොරි, ලස්සන නමක් නේ." එවර නම් නෙතූටද සිනහ නොවී සිටීමට නොහැකි විය. "නෑ සර් මම නෙතුකි නිම්සරා" "හරි, ඇතුලට එන්න නෙතුකි, අද මිස් නෑ. මම උගන්නන්නේ.කෝ නෙතුකි ගේන්න බලන්න හෝම් වර්ක් ටික" පිලිවෙලට බෝල අකුරෙන් පරිවර්තන 5ක් කරල තිබ්බ පොත අලුත් ගුරුවරයා වෙත නෙතුකි ගෙන ගියේ ගැහෙන හදිනි. මේ වගේ ලමයෙක් ඉගෙනගන්න දක්ශ වෙන්න බෑ. දඟ ලමයෙක්. එහෙම හිතල පොත අතට ගත්‍ මිතුන් පුදුම වූයේ ඒ පරිවර්තන ටික සිදු කර තිබූ පිලිවෙල සහ ඒවායේ නිරවද්‍යතාව දැක ය. "පීරියඩ් එකේ පංතියේ ඉන්නෙනැතුව කොහේ ගිහින්ද බෙරිහන් දීගෙන පංතියට ආවේ." මුවග රැඳුණු සිනහවත් සමග මිතුන් ප්‍රශ්නයක් ඉදිරිපත් කලේ නෙතූටය. "මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝල අතර තිබ්බ විවාද තරඟෙන් දෙවනි ස්ථානය අපේ ඉස්කෝලේ. ඒ විවාද කණ්ඩායමේ මම ඉන්නවා, මැඩම් එන්න කියල තිබ්බ සුබ පතන්න." හහ්, ඒක තමා ඔච්චර කටකාර. මිතුන් තනිව සිතුවේ ය. නොදැනිම විවේක කාලය පැමිණියේ මිතුන් ගේ සිත දුකින් පුරවා ය. ආයේ කවද මේ පංතියට උගන්නන්නද.පංතිය දාලා යන්න බැරි අමුතුම ලෝබකමක් තමාට දැනෙන්නේ ඇයි කියාවත් මිතුන්ට තේරෙන්නේ නැත... ඒ සිතුවිල්ලෙන් පංතියෙන් පිටවූයේ සියල්ලටම ආයුබෝවන් කියාය. ################################ "Thank you මිතුන්, මට වඩා කෙල්ලො ටිකට ඔයාව අල්ලල ගිහින්." පසු දින 12-B පංතියට උගන්වා විවේකාගාරයට පැමිනි හර්ශි මිතුන් ඇමතුවේ සතුටිනි. "අපි වැඩක් කලොත් එහෙමයි." "මිතුන්," ඔහු බර කල්පනාවක ය. "මොකෝ මිතුන්, ගෙදර ප්‍රශ්නයක්ද. හොඳට හිටියනෙ ඊයෙත්." "එක්ස්කියුස්මී ටීච....." ඒ නෙතූ ය. විවේකාගාරයේ සිටි මිතුන් ව නොදුටු කෙල්ල පුරුදු ලෙසම ගුරුවරිය වෙත පැමිණියේ ප්‍රශ්නයක් ඇසීමටය. "මිතුන් සර්, මේ පරිවර්තන කරල තියන විදිය හරිද?" නෙතූ දෙස මද සිනහවක් පෑ මිතුන් ප්‍රශ්නය සහිත කොලය අතට ගෙන කල්පනා කර, "මේ විදිය හරි, වරදක් නෑ.ඒත් විභාගය ට ලියන්න තරම් දිග වැඩී, මේ විදිය බලන්න, මෙතනින් පියවර 4ක්ම අඩු කරගන්න පුලුවනි." "තැන්කිව් සර්... මිස් මම යන්නම්" ඳඟකාර යුවතිය දිව ගිය දිහාවම බලා සිටි මිතුන් දෙස හර්ශි බැලුවේ පුදුමෙනි. "මොකෝ මිතුන් වෙලා තියෙන්නේ. කෙල්ලො ටික මට කිව්ව ඊයේ වෙච්ච සිද්දිය. ඔයා තමයි මුකුත් නොකීවේ.නෙතූ ඔයා දිහා බලං හිටියෙ ලැජ්ජාවෙන්. ඔය කෙල්ල ඔහොම්මමයි මිතුන්.පුදුම දාංගලයක් තියෙන්නේ. හැබැයි දවසක හොඳ තැනකට ගිහින් තමා නතර වෙන්නේ. " කල්පනා ලොවින් නික්මුනු මිතුන් තම මිතුරිය දෙස හිස් බැල්මකින් බලා සිටියේය "ඔයාට නොකියන දෙයක් නෑ නේ හර්ශි, ඔය නෙතුකි කියන කෙනා දැක්ක ගමන් මට මහ අමුත්තක් දැනුනා. ඒ මූණට හරී ලෝබ කමක් හිතුනා, මට ගුරුවරයෙක් කියන දේ අමතකම උනා. අනේ මංදා හර්ශි." දෝතින්ම ඔලුව අල්ලන් මේසයට ඔලුව තියාගෙත් තම ප්‍රාණසම මිතුරා දෙස සිනා සී බැල්මක් හෙලූ හර්ශි "මම මීට කලින් ඔය කෙල්ල ගැන කියල තියනව මිතුන් ඔයාට.තාත්ත දාලා ගිහින්, අම්ම ගාමන්ට් එකක තේ හදනවා.කන්නවත් සල්ලි නෑ සමහර දවස් වලට.මම බොහෝ දුරට වැඩිපුර කෑම එකක් ගේන්නේ මෙයාට තමයි. අමතර පංති යන්නෙත් නෑ.හරි දක්ශයි.." "හර්ශියෝ, ඔයාට බැරිද කෙල්ලට කෙමිස්ට්‍රි ක්ලාස් එකක් කරන්න. මම බයෝ ෆිසික්ස් දෙක කරන්නම්. හැබැයි ඔයාලගෙ ගෙදර." "ඔයාට හරි පිං මිතුන්. මම කෙල්ලට කතා කරන්නම්, හැබැයි මේක රහසක්." සතියකට පසු නෙතුකිට අමතර පංති තුනක් විශයයන් තුනටම ලැබුනා. ඉස්කෝලේ ඇරිලා හැමදාම නෙතූ ආවේ හර්ශි මිස් ගේ ගෙදර. හැමදාම දවල්ට කන්න දුන්නෙත් මිස් ගෙ ගෙදරින්.මේ හැම අදහසක්ම මිතුන් ගෙන්. 12 වසරේ අවසන් වාර විභාගයෙන් කෙල්ල මුලු සයන්ස් එකේම දෙවනිය උනේ මේ ගුරුවරු දෙපලට පින් සිද්ද වෙන්නයි.. "මේවයේ අවසාන අරමුණ මොකද්ද මිතුන්??" නෙතූට උගන්නලා අවසන් වෙලා නෙතූ ගෙදරට ගියාට පස්සේ මිතුන් හර්ශිට සමු දී නිවෙස බලා යාමට සූදානම් වන විට හර්ශි ඇසුවේ මිතුන් බලාපොරොත්තු වූ පැනයමයි. "කෙල්ල ආසයි කිව්වේ පේරෙ යන්න. ඒ අරමුණට උදවු කරනවා.මම නෙතූගේ අම්මගෙන් ඇහුව. අම්ම කැමති කිව්වා.අම්ම නම් හරි පුදුමෙන්.ඊට වඩා සතුටින්.නෙතූ මට කැමති නම් මම කෙල්ලව කසාද බඳිනවා. " එක දිගටම කියාගෙන යද්දි හර්ශි බැලුවේ අටවෙනි පුදුමෙ දැක්ක වගේ "මම නෙතූට කොයි තරම් සමීපද කියල ඔයා දන්නවනේ මිතුන්. කෙල්ලගෙ හිතේ ඔයා ගැන තියනවා.මම ඒක දන්නවා. අපි කෙල්ලව ගොඩදාල ඉමුකෝ" ................ වසර 1.5කට පසු .................. "සර්, මිස්," නෙතුකිට කතා කරගන්න බෑ. දුවලා ඇවිත් දෙදෙනාගේම දෙපා පාමුල වැඳ වැටී අඬනවා. "කෝ කෝ නැගිටින්න, සුබ ආරංචිය කියන්න අපිට." සිද්දිය පෙර දින දන්නා ගුරු දෙපල සිනාමුසු මුහුණින් පැවසීය. "මම අද දන්නේ සර් ඉන්ටනෙට් නෑ නේ අපිට. මම ලංකාවෙන් තිස් හයවෙනිය සර්, කොලඹින් එකොලොස්වෙනියා. ඉස්කෝලෙන් පලවෙනියා." කෙල්ල සර් දිහාම බලං අඬනවා. තාම අඬනවා. සර්ගෙ ඇස් වල කඳුලු. හර්ශිත් අඬනවා. "අහ්හ් ඇත්තද කෙල්ලේ, සර්ට විතරමයි නේ කිව්වේ." නෙතුකිගේ දැහැන බිඳුණේ ඒ හඬටයි. "ඉපදෙන ඉපදෙන හැම ආත්මෙකම සර්ටයි මිස්ටයි මම ණයයි. අම්මගේ කිරි වලට හා සමව මම ඔය දෙන්නට ණයයි.." "මගේ ණය නම් ජොබ් එකක් කරල ගෙවන්නකෝ නෙතූ පස්සෙ කාලෙක., සර් අහන්න කිව්වා සර්ගෙ ණය අද ඉඳල ගෙවන්න පටං ගන්න බැරිද කියල" මිතුන් නෙතූ දිහා තියුණු බැල්මෙන්ම බලන් ඉද්දි නෙතූ බිම බලාගත්තේ ලැජ්ජාවෙන්... "හරි හරි. අද අපි නෙතූගෙ ගෙදර එන්නම්කො හවසට." මිතුන් කීවේ නෙතූ අපහසුවෙන් සිටි නිසාමයි. "මම තාම මැඩම්ට කීවෙත් නෑ. කියල එන්නම්." ගුරුදෙපලට වැඳ කෙල්ල දිව ගියේ දඟකාරියක සේ... ################### "අනේ හර්ශි,මම තෝරන්න දන්නෙ නෑ. එයාට හරියන මුද්දක් ගන්නකෝ." කුඩාකල සිටම එක පැමිණි ප්‍රාණසම මිතුරා හට උදව් කිරීම හර්ශිගේ හිතට ගෙනාවේ සතුටකි. හර්ශිගේ උදව්වෙන් කුඩා රන් මුදුවක් මිතුන් මිලදීගත්තේ අදින් මතු තම ජීවන සහකාරියට පැලඳීමටය. හර්ශිද කෙල්ලට ඕන කරන එක එක දේවල් තෑගි වශයෙන් ගත්තේ ඉමහත් සතුටිනි. "අහ්හ් සර්, මිස් එන්න ඇතුලට,..... අම්මා, මේ සර් ඇවිත් වාඩිවෙන්න සර්, මිස්" කුඩා නමුත් ඉතාම අලංකාරව පිලිවෙලට නඩත්තු කරගෙන යන නිවස පුරා බැල්මක් හෙලූ හර්ශි මිතුන් දෙස බැලුවේ අනාගත වගකීම් මතක් කරන්නාක් මෙනි. "අනේ මහත්තයා අදත් ඇවිත්. මේ අනිත් නෝන වෙන්නෝනේ.," වයසට වඩා වියපත් පෙනුමැති නෙතුකිගේ මව ආචාරශීලීව ගුරු දෙපල පිලිගත්තේය. "මහත්තයලට කොහොම පිං දෙන්නද හිතාගන්න බෑ." නෙතූගේ මවට කතාකරගත නොහැක. "මම තේ මේසෙ ලෑස්ති කරනකල් කට්ටිය කතා කරකර ඉන්නකෝ" මව නිවසට ගියේ ඔවුනට නිදහසේ කතාකරන්නට ඉඩ දී ය. "ඉතින් නෙතුකි මම කිව්ව දේ ගැන කල්පනා කලාද??" හර්ශි හඬ අවදි කලේ මිතුන්ගේ දැහැන බිඳීමටයි. "සර් ගැන නේද මිස් අහන්නේ. සර් ව ඉස්කෝලේ දැක්ක දවසෙ ඉඳලමයි මගෙ හිත සර් ට ලෙන්ගතු උනේ. ඒත් මේ දුප්පත් මං සර් ගේ ලෝකෙට දුර වැඩී නේ මිස්." කඳුලින් කතාව අවසන් කල නෙතුකි බැලුවේ මිතුන් දෙසය. "නෙතූ, ඉක්මනින්ම දවසක ඔයා මේ ජීවිතෙන් ගොඩ එනව, ඒ ගමන මා එක්ක ඔයා එනව නම්, මගේ ලෝකෙ එලිය වෙයි නෙතූ, මම ඔයාව බඳින්න කැමතියි. ඔයාගෙ තීරණය කියන්න." ආයාසයකින් තෙපලූ මිතුන් නෙතුකි දෙසම බලා සිටියේ ඇගේ පිලිතුර ඉක්මනින් ලබා ගැනීමටය. "කැමතී සර්,තාත්තා නැති මේ ජීවිතේ මට ලං උන එකම පිරිමියා සර් තමයි. අම්මත් මට විස්තරේ කීවා. මම සර්ට ණයගැතී, ඒ ණය ගෙවන්න හැම ආත්මෙකදීම මම සර්ගේම වෙනවා. මම ආදරේ කරන පලවෙනි සහ අන්තිම කෙනා, ඔයයි සර්." කඳුලු රැඳි නෙතුකිගේ ලඟට පැමිණි මිතුන් ඉමහත් සෙනෙහසින් මුදුවක් නෙතූගේ ඇඟිල්ලේ පැලඳුවේ දිගු ගමනක ප්‍රථම පියවර තබනිනි. අවසන් දුක නෑ නේද යලුවනේ..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI