අපි මේක නවත්තමු

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කසුන් අනේ අපි මේක නවත්තමු මහත්තයෝ හසී. කිව්වනෙ එකපාරක්. මගෙන් බැනුම් අහගන්න එපා. අනේ කසුන්. තාත්තයි නැන්දයි කැමති නෑ නේ. අනික අපේ හඳහන් ගැලපෙන්නෙත් නෑලූ. හසී, මම හඳහන් විශ්වාස කරන්නේ නෑ. කවුද දන්නේ ඔයාගේ නැන්ද කියන්නෙ ඇත්තද බොරුද කියලා.එයාට ඕනේ අර බොරුකාරයට ඔයාව දෙන්නනේ.එයාට මොකද ඉතින්, හොඳ ගානක් ලැබෙනවනෙ. ඒත් කසුන් ඇති. දවස් දෙකයි දෙන්නේ. තීරණයක් ගන්න. මාව marry කරන්න. එච්චරයි. මම බලන් හිටිය හොඳටම ඇති. කසුන්, එය ගුරුවරයෙක්. පොඩි ළමයින්ට ගණිතය උගන්නන්නේ.කසුන් ගුරු ජීවිතේට ඇතුල් වෙලා සති 3කින් කසුන්ගේ අම්මායි තාත්තායි accident එකකින් කසුන්ව දාලා ගියා. කසුන්ගේ කියලා නෑදෑයෙක් නෑ.කසුන්ගේ අම්මාගේ හඳහනට අනුව අම්මා අවුරුදු 70කට වඩා ජීවත් වෙනවා ලූ.ඒත් අම්මා කසුන්ව දාලා යද්දි අම්මගේ වයස 51 සම්පූර්ණ උනා විතරයි. එදා ඉඳලා හඳහන් බොරු කියල මතයක් කසුන්ගේ හිතේ තදින්ම පැලපදියන් වෙලා තිබ්බා. ඔහොම ඉද්දි තමයි කසුන්ට හසිනිව ලැබෙන්නේ.හාසිනිගේ අම්මා හසිනිව දාලා ගිහින්.තාත්තා වෙන කසාදයක් කරගෙන. එයාට තමයි හසිනි නැන්දා කියන්නේ. නැන්දා හරී නපුරුයි. හසිනිට කරන තරමක් කරන්නෙම නපුරුකම්ම තමයි. නැන්දා නිසා හසිනිට එකම එක හොඳක් සිද්ද උනා. ඒ තමයි හසිනි තනියම උයන්න ඉගෙනගත්තා. කසුන් හසිනිව ගෙදරට ඇරලවලා ගියා. හසිනි තනියම කල්පනා කලා ගොඩාක් වෙලා. "මම ඔයාට ගොඩක් ආදරෙයි කසුන් අයියේ.හඳහන් ගැලපුනේ නෑ කියලා මම කොහොමද ඔයාව අමතක කරන්නේ. " හසිනි Call එකක් ගත්තා. -කියන්න සුදු මැණික. නැන්දා අවුලක් දැම්මද ආයිම? -නෑ සුදු මහත්තයෝ. අපි බඳිමු. -හසී. ඇත්තටමද? -හ්ම්ම්ම් -දුකින් ද? -මේ ගෙදර මට සතුටක් තිබිලම නෑ නේ මහත්තයෝ. ඔයා තමයි මගෙ එකම සතුට. -මේ අහන්න. මට ගෙයක්, වාහනයක්, රස්සාවක් තියනව හසී බබා.ඔයාව එක්කන් එනව මම.මගේ ගෙදරට. අනිද්දා උදේ. ලෑස්ති වෙන්න. -මම ලෑස්ති වෙන්නම් මහත්තයෝ. මට ගේන්න තියෙන්නේ මගේ ඇඳුම් ටිකයි, ම්ගෙ රත්තරං බඩු ටිකයි, බැංකු පොතයි විතරයි. -මං ඔය මුකුත් ඉල්ලුවේ නෑනේ. ඔයා එන්න. මට ලැබෙන ලොකුම දෑවැද්ද ඔයයි.අපි අපිව තේරුම් අරං සතුටින් ඉමු. -මම තියන්නම් මහත්තයෝ. -හරි මැණිකේ. තෙරුවන්සරණයි.අහ්හ් මේ. හඳහන අරං එන්න එහෙම එපා මැණික. ඒ දවස උදා උනා. හසිනිගෙ යාලුවෙක් හසිනිව saloon එකකට අරං ගියා.කසුන් ලස්සන සාරියක් අරං. හසිනිට ඒක ඇඳලා ලස්සන පුංචි මනමාලියක් වෙලා. Wedding photo එකක් ගන්නත් ලෑස්ති කරලා. Studio එකේ ඉඳලා දෙන්න ගෙදරට ආවේ යාලුවෙක්ගේ කාර් එකක. කසුන් ආදරණීය මනමාලිය දෙස බැලුවා. හසිනි කෝල ලෙස බිම බලන් ඉන්නවා. -මැණිකේ -අනේ අයියේ -ඔන්න ඔයා දැං මගේ හාමිනේ.... මට උයල දෙන්න වෙයි. -උයන්න විතරක් නෙමෙයි රත්තරනේ.ඔයා වෙනුවෙන් මන් හැම යුතුකමක් ම ඉටු කරනවා.. -හඳහන් කියන වචනෙ මේ ගේ ඇතුලෙ කතා වෙන්න බෑ මැණික. ඕව බොරු.අපේ දරුවන්ටවත් හඳහන් හදන්න බෑ. -හරි මහත්තයෝ. ඔන්න දෙන්න ගෙදරට ආවා. ලස්සන පොඩි party එකක් ගෙදර.. හසීට මේ මුකුත් හිතාගන්න බෑ. කසුන්ගේ යළුවන්ගේ වැඩක් මේක නම්. ලස්සන cake එකකුත් හදලා. කසුන්ගේ සහ හසිනිගේ යාළුවෝ ගොඩාක් ඇවිත්. හැමෝම කිව්වේ දෙන්නගෙ තීරණය හරි කියලා. කසුන්ගේ ගෙදර දෙන්න ආදරෙන් යුග දිවිය ආරම්භ කලා. ඔය අතර දවසක් හසිනිගේ තාත්තා මේ ගෙදරට ආවා. හොඳ වෙලාවට කසුන් ගෙදර එවෙලෙ. "මතක තියා ගනින්. මම හම්බ කරල ගොඩනගාගත්ත කිසි දෙයක් උඹට දෙන්නේ නෑ හසිනි.උඹ මගේ දුව නෙමෙයි." හසිනිට දුක නෑ. කොහෙන් ආද හයියක්ද මන්දා. හසිනි තාත්තා ඉන්න පැත්තට අඩියක් ආවා. "අම්මා මාව දාලා ගියේ ඔයාගෙ වරදින්.ඒකාලේ ඉඳලම ඔයයි නැන්දයි ගැන අම්ම දැනං හිටියා.මම ගත්ත තීරණය හරියටම හරි.අම්මා උනත් මම හරි කියල කියනවා. ඔයාගෙ මහලොකු ගෑණිට ඕන උනේ මාව කොහෙවත් ඉන්න සල්ලාලයෙක්ට පුදන්න.ඒවට මම ලෑස්ති නෑ.ඔයාගේ දේවල් වලින් මට වැඩක් නෑ.මෙහෙට ආයේ නාවට කමක් නෑ.මට රත්තරං වටින මහත්තයෙක් ඉන්නව.මට ඔයාව දාලා ආවට දුක නෑ.මොකද ඔයා හරි තාත්තෙක් උනේ නෑ කවදාවත්ම. දැං යන්න" දොර වැසූ හසිනි කෙලින්ම පැනගත්තේ කසුන්ගේ තුරුලට. -දන්නවද මැණික.මම එවෙලෙ කතා නොකලෙ ඇයි කියලා? මම කතා කලා නම් ප්‍රශ්නෙ වැඩිවෙනවා.තාත්තා නැන්දා එක්ක එකතු වෙලා ඔයාට කරපු දේවල් මතක් වෙද්දි මට ඉන්න බෑ.ඔයා ඒක දන්නවනේ. අනික ඔයා කියන්න ඕන හැම දෙයක්ම කිව්වනෙ.. -ඒකට කමක් නෑ මහත්තයෝ. මම දන්නවා මට ඔයා ඉන්නවා කියල. -ඔයාට මං විතරක් ඉඳල ඇතිද සුදු මැණික.. මට නම් තව ඕනේ.... ම්ම්ම්ම්ම් දෙන්නෙක්.... තුන් දෙනෙක්.... -කසුන් ඔයා.......ඉන්නව ඔහොම, කොහෙ දුවන්නෙ..... දෙන්න සතුටින්... නෑ නෑ හුඟක් සතුටින් ජීවත් උනා... ...... වසර 5කට පසු ..... -බයයිද සුදු මැණික... -නෑ මහත්තයෝ... මම චූටි දූ ව අරං එනකල් පුතු පැටියව බලාගන්න. -ඒවා හරි මැණිකෙ... තෙරුවන්සරණින් ඔයාට අමාරුවක් වෙන්නේ නෑ.... මගේ මැණිකයි දූ පැටික්කියි පරිස්සමෙන් මගේ තුරුලට ඉක්මනින්ම එන්න. -හරි මහත්තයෝ... පුතා ඉපදෙනකොට නම් හසිනි ගාව කසුන් හිටියා. ඒත් අද දුව ඉපදෙන්න යනකොට පුතා තියාගන්න කෙනෙක් නැති නිසා කසුන් පුතාව තියන් එලියට වෙලා හිටියා. පුදුම බයකින් කසුන් ඉන්නේ.පුතු ඉපදෙද්දි හසී වින්ඳ දුක දැක්කනේ. ඒත් කසුන්ට හරි සතුටුයි.. එදා හසිනිගෙ ගෙදරට හොරා හසිනිව තමන්ගේ කරගත්තත්, අද ඇය රැජිනකි. ඒ ලෝකේ රජු තමන්ය.ලස්සන පුත් කුමරෙක් තමන්ට දුන්නේ ඒ ආදරණීය රැජිණියයි. තව සුළු වේලාවකින් ලස්සන දූ කුමරියෙකුත් තම අතේය. සියල්ල සර්ව සම්පූර්යි.එදා හඳහනට මුල් තැන දුන්නා නම් මේ ලස්සන ලෝකේ අද තමාට අහිමිය.අදටත් පුතුට හඳහනක් නැත. දුවට හඳහනක් හදන්නේද නැත. හඳහනට පුළුවනිද ජීවිතයට බලපෑම් එල්ල කරන්න...??? 🖊හිතට ආ අදහසක් අකුරු කලා මිසක්,සමාජය හා සමාජයේ මුල් බැසගත් මතවාද විවේචනය නොකලෙමි.හුදෙක් ඔබගේ කියවීමේ පිපාසය සංසිඳුවාම පමණි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI